යෙදුමෙන් කියවන්න

2. සඞ‍්ගාමාවචරජාතකවණ‍්ණනා 182 අට‍්ඨකථා

2. සඞ‍්ගාමාවචරජාතකවණ‍්ණනා (182)

2. සංගාමාවචර ජාතකය (182)

සඞ‍්ගාමාවචරො සූරොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො නන්‍දත්‍ථෙරං ආරබ‍්භ කථෙසි. සත්‍ථරි හි පඨමගමනෙන කපිලපුරං ගන‍්ත්‍වා කනිට‍්ඨභාතිකං නන්‍දරාජකුමාරං පබ‍්බාජෙත්‍වා කපිලපුරා නික‍්ඛම‍්ම අනුපුබ‍්බෙන සාවත්‍ථිං ගන‍්ත්‍වා විහරන‍්තෙ ආයස‍්මා නන්‍දො භගවතො පත‍්තං ආදාය තථාගතෙන සද‍්ධිං ගෙහා නික‍්ඛමනකාලෙ “නන්‍දකුමාරො කිර සත්‍ථාරා සද‍්ධිං ගච‍්ඡතී”ති සුත්‍වා අඩ‍්ඪුල‍්ලිඛිතෙහි කෙසෙහි වාතපානන‍්තරෙන ඔලොකෙත්‍වා “තුවටං ඛො, අය්‍යපුත‍්ත, ආගච‍්ඡෙය්‍යාසී”ති ඉදං ජනපදකල්‍යාණියා වුත‍්තවචනං අනුස‍්සරන‍්තො උක‍්කණ‍්ඨිතො අනභිරතො උප‍්පණ‍්ඩුප‍්පණ‍්ඩුකජාතො ධමනිසන්‍ථතගත‍්තො අහොසි. සත්‍ථා තස‍්ස තං පවත‍්තිං ඤත්‍වා “යංනූනාහං නන්‍දං අරහත‍්තෙ පතිට‍්ඨාපෙය්‍ය”න‍්ති චින‍්තෙත්‍වා තස‍්ස වසනපරිවෙණං ගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසින‍්නො “කච‍්චි, නන්‍ද, ඉමස‍්මිං සාසනෙ අභිරමසී”ති පුච‍්ඡි. “භන‍්තෙ, ජනපදකල්‍යාණියා පටිබද‍්ධචිත‍්තො හුත්‍වා නාභිරමාමී”ති. “හිමවන‍්තචාරිකං ගතපුබ‍්බොසි නන්‍දා”ති? “න ගතපුබ‍්බො, භන‍්තෙ”ති. “තෙන හි ගච‍්ඡාමා”ති. “නත්‍ථි මෙ, භන‍්තෙ, ඉද‍්ධි, කතාහං ගමිස‍්සාමී”ති. සත්‍ථා “අහං තං, නන්‍ද, මම ඉද‍්ධිබලෙන නෙස‍්සාමී”ති ථෙරං හත්‍ථෙ ගහෙත්‍වා ආකාසං පක‍්ඛන්‍දන‍්තො අන‍්තරාමග‍්ගෙ එකස‍්මිං ඣාමඛෙත‍්තෙ ඣාමඛාණුකෙ නිසින‍්නං ඡින‍්නකණ‍්ණනාසනඞ‍්ගුට‍්ඨං ඣාමලොමං ඡින‍්නඡවිං චම‍්මමත‍්තං ලොහිතපලිගුණ‍්ඨිතං එකං පලුට‍්ඨමක‍්කටිං දස‍්සෙසි – “පස‍්සසි, නන්‍ද, එතං මක‍්කටි”න‍්ති. “ආම, භන‍්තෙ”ති. “සුට‍්ඨු පච‍්චක‍්ඛං කරොහී”ති.

සංගාමාවචරො සූරො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් නන්‍ද තෙරුන් වහන්සේ අරබයා වදාළ සේක. බුදුරජාණන් වහන්සේ කපිලවත්‍ථු පුරයට ප්‍රථමවරට වැඩිය ගමනේදී කණිටු සොයුරු නන්‍ද කුමරු පැවිදි කරවා කපිල වස්තු පුරයෙන් නික්මී පිළිවෙලින් සැවැත්නුවරට වැඩම කර වසන සමයෙහි ආයුෂ්මත් නන්‍ද තෙරුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය ගෙන තථාගතයන් වහන්සේ සමග රජ මාලිගයෙන් නික්මෙන අවස්ථාවෙහි නන්‍ද කුමාරයා බුදුරජාණන් වහන්සේ සමග යන්නේ යයි අසා අඩක් පීරූ කෙස් ඇතිව ජනේලය අතරින් බලා “ස්වාමීනි! වහාම එනු මැනවයි” යන ජනපද කල්‍යාණිය කියන ලද වචන සිහිකරමින්, කලකිරුණාහු ඇල්මක් නැතිව සුදුමැලි පඬුවන් පැහැ ඇතිව නහර ඉල්පී ගිය සිරුර ඇත්තෝ වූහ. බුදුරජාණන් වහන්සේ නන්‍ද තෙරුන් වහන්සේගේ ඒ තත්ත්වය දැන මම නන්‍ද තෙරුන් වහන්සේ රහත් ඵලයෙහි පිහිටුවන්නේ නම් ඉතා යෙහෙකැයි සිතා උන්වහන්සේ වසන පන්සලට වැඩමකොට පනවන ලද අසුනෙහි වැඩහුන් සේක් නන්‍දයෙනි! කෙසේද? ඔබ මේ ශාසනයෙහි සිත් අලවන්නෙහිදැයි විචාළ සේක. එවිට නන්‍ද තෙරුන් වහන්සේ ස්වාමීනි! ජනපදකල්‍යාණිය පිළිබඳ සිත් ඇති බැවින් සසුනෙහි සිත් නොඅලවමියි කීහ. නන්‍ද! හිමාල වනයෙහි චාරිකා කර ඇද්ද? ස්වාමීනි! එහි ගොස් නැත. එසේනම් එහි යමුයි වදාළහ. එවිට ස්වාමීනි! මට සෘද්ධිය නැත. මම කෙසේ යන්නෙම්ද? එවිට බුදුරජාණන් වහ්නසේ නන්‍ද! ඔබව මාගේ සෘද්ධි බලයෙන් ගෙන යන්නෙමියි තෙරුන් අතින් අල්ලාගෙන අහසට පැන නැගී ගමන් කරමින් අතර මගදී එක් දැවුණු හේනක් පෙන්වා එහි දැවුණු කණුවක හුන් දැවී ගිය කන් නාසා වලිගය ඇති, දැවී ගිය ලොම් ඇති, කැඩුණු හම ඇති, හම පමණක් ඇති ලෙයින් වැසුණු එක් වැඳිරියක් දැක්වූ සේක. නන්‍ද! මේ වැඳිරිය දුටුවෙහිද? එසේය ස්වාමීනි. එසේනම් මෙය හොඳින් බලන්නැයි වදාළහ.

අථ නං ගහෙත්‍වා සට‍්ඨියොජනිකං මනොසිලාතලං, අනොතත‍්තදහාදයො සත‍්ත මහාසරෙ, පඤ‍්ච මහානදියො, සුවණ‍්ණපබ‍්බතරජතපබ‍්බතමණිපබ‍්බතපටිමණ‍්ඩිතං අනෙකසතරාමණෙය්‍යකං හිමවන‍්තපබ‍්බතඤ‍්ච දස‍්සෙත්‍වා “තාවතිංසභවනං තෙ, නන්‍ද, දිට‍්ඨපුබ‍්බ”න‍්ති පුච‍්ඡිත්‍වා “න , දිට‍්ඨපුබ‍්බං, භන‍්තෙ”ති වුත‍්තෙ “එහි, නන්‍ද, තාවතිංසභවනං තෙ දස‍්සයිස‍්සාමී”ති තත්‍ථ නෙත්‍වා පණ‍්ඩුකම‍්බලසිලාසනෙ නිසීදි. සක‍්කො දෙවරාජා ද‍්වීසු දෙවලොකෙසු දෙවසඞ‍්ඝෙන සද‍්ධිං ආගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. අඩ‍්ඪතියකොටිසඞ‍්ඛා තස‍්ස පරිචාරිකා පඤ‍්චසතා කකුටපාදා දෙවච‍්ඡරායොපි ආගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිංසු. සත්‍ථා ආයස‍්මන‍්තං නන්‍දං තා පඤ‍්චසතා අච‍්ඡරා කිලෙසවසෙන පුනප‍්පුනං ඔලොකාපෙසි. “පස‍්සසි, නන්‍ද, ඉමා කකුටපාදිනියො අච‍්ඡරායො”ති? “ආම, භන‍්තෙ”ති. “කිං නු ඛො එතා සොභන‍්ති, උදාහු ජනපදකල්‍යාණී”ති. “සෙය්‍යථාපි, භන‍්තෙ, ජනපදකල්‍යාණිං උපනිධාය සා පලුට‍්ඨමක‍්කටී, එවමෙව ඉමා උපනිධාය ජනපදකල්‍යාණී”ති. “ඉදානි කිං කරිස‍්සසි නන්‍දා”ති? “කිං කම‍්මං කත්‍වා, භන‍්තෙ, ඉමා අච‍්ඡරා ලභන‍්තී”ති? “සමණධම‍්මං කත්‍වා”ති. “සචෙ මෙ, භන‍්තෙ, ඉමාසං පටිලාභත්‍ථාය භගවා පාටිභොගො හොති, අහං සමණධම‍්මං කරිස‍්සාමී”ති. “කරොහි, නන්‍ද, අහං තෙ පාටිභොගො”ති. එවං ථෙරො දෙවසඞ‍්ඝස‍්ස මජ‍්ඣෙ තථාගතං පාටිභොගං ගහෙත්‍වා “මා, භන‍්තෙ, අතිපපඤ‍්චං කරොථ, එථ ගච‍්ඡාම, අහං සමණධම‍්මං කරිස‍්සාමී”ති ආහ. සත්‍ථා තං ආදාය ජෙතවනමෙව පච‍්චාගමි. ථෙරො සමණධම‍්මං කාතුං ආරභි.

ඉක්බිති නන්‍ද තෙරුන් රැගෙන සැටයොදුන් රත් සිරියල් තලාව, අනෝතත්ත විල ආදි සත්මහා විල්, පස්මහා ගංගා, රන් පර්වත, රිදී පර්වත, මැණික් පර්වතවලින් සැරසුණු නොයෙක් සියගණන් වස්තූන්ගෙන් රමණීය වූ හිමාල පර්වතයද පෙන්වා, නන්‍ද, තව්තිසාව දැක තිබේදැයි විමසා දැක නැතැයි ස්වාමීනියි කී කල්හි එන්න නන්ද! ඔබට තව්තිසා භවනය පෙන්වන්නෙමියි එහි රැගෙන ගොස් පඬුපුල් සලස්නෙහි වැඩසිටි සේක. සක්දෙවිඳු දෙදෙව්ලොව දේව සමූහයා සමග අවුත් වැඳ එකත් පසෙක හුන්නේය. කෝටි දෙකහමාරක් පමණ ඔහුගේ භාර්යාවරුද, පරෙවි පා මෙන් රතු පා ඇති දෙවඟනන් පන්සියයක්ද අවුත් වැඳ එකත්පසෙක හුන්නාහුය. බුදුරජාණන් වහන්සේ ආයුෂ්මත් නන්‍ද තෙරුන් ලවා ඒ පන්සියයක් අප්සරාවන් දෙස කෙළෙස් අදහසින් නැවත නැවතත් බැලෙව්වාහුය. නන්ද! මේ පරෙවි පා මෙන් රතු අප්සරාවන් දකිහිද? එසේය ස්වාමිනි. මේ අප්සරාවෝ ශෝභමාන වෙත්ද? නැතිනම් ජනපද කල්‍යාණිය ශෝභාමත්ද? ස්වාමීනි! ජනපද කල්‍යාණියට ගලපන විට ඒ වැඳිරිය ශෝභාවත් නොවේ. මේ අප්සරාවන්ට ගලපනවිට ජනපද කල්‍යාණිය ශෝභාවත් නොවේයයි කීහ. දැන් කුමක් කරන්නෙහිද? කිනම් කර්මයක් කොට ස්වාමීනි! මේ දෙවඟනන් ලබත්ද? පැවිද්දෙකුට අයත් ධර්ම අනුගමනය කොට ලබතියි වදාළහ. ස්වාමීනි! ඉදින් මට මොවුන් ලබාදීමට භාග්‍යවතුන් වහන්සේ අප වන්නාහු නම් මම මහණදම් රකින්නෙමියි කීහ. නන්ද, මහණදම් සම්පූර්ණ කරන්න. මම ඔබට ඇප වන්නෙමියි වදාළහ. මෙසේ තෙරුන් වහන්සේ දිව්‍ය සමූහයා මැද බුදුරජුන්ගෙන් පොරොන්දුවක් (ඇපවීම) ලබාගෙන ස්වාමීනි! වැඩිපුර පමා නොකරන සේක්වා. එනු මැනවි. වඩිමු. මම මහණදම් පුරන්නෙමියි කීහ. බුදුරජාණන් වහන්සේ නන්ද රැගෙන දෙව්රම් වෙහෙරටම ආපසු වැඩි සේක. නන්ද තෙරුන් වහන්සේද හොඳින් මහණදම් පුරන්නට පටන් ගත් සේක.

සත්‍ථා ධම‍්මසෙනාපතිං ආමන‍්තෙත්‍වා “සාරිපුත‍්ත, මය‍්හං කනිට‍්ඨභාතා නන්‍දො තාවතිංසදෙවලොකෙ දෙවසඞ‍්ඝස‍්ස මජ‍්ඣෙ දෙවච‍්ඡරානං කාරණා මං පාටිභොගං අග‍්ගහෙසී”ති තස‍්ස ආචික‍්ඛි. එතෙනුපායෙන මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස මහාකස‍්සපත්‍ථෙරස‍්ස අනුරුද‍්ධත්‍ථෙරස‍්ස ධම‍්මභණ‍්ඩාගාරිකආනන්‍දත්‍ථෙරස‍්සාති අසීතියා මහාසාවකානං යෙභුය්‍යෙන ච සෙසභික‍්ඛූනං ආචික‍්ඛි. ධම‍්මසෙනාපති සාරිපුත‍්තත්‍ථෙරො නන්‍දත්‍ථෙරං උපසඞ‍්කමිත්‍වා “සච‍්චං කිර ත්‍වං, ආවුසො නන්‍ද, තාවතිංසදෙවලොකෙ දෙවසඞ‍්ඝස‍්ස මජ‍්ඣෙ ‘දෙවච‍්ඡරා ලභන‍්තො සමණධම‍්මං කරිස‍්සාමී’ති දසබලං පාටිභොගං ගණ‍්හී”ති වත්‍වා “නනු එවං සන‍්තෙ තව බ්‍රහ‍්මචරියවාසො මාතුගාමසන‍්නිස‍්සිතො කිලෙසසන‍්නිස‍්සිතො, තස‍්ස තෙ ඉත්‍ථීනං අත්‍ථාය සමණධම‍්මං කරොන‍්තස‍්ස භතියා කම‍්මං කරොන‍්තෙන කම‍්මකාරකෙන සද‍්ධිං කිං නානාකරණ”න‍්ති ථෙරං ලජ‍්ජාපෙසි නිත‍්තෙජං අකාසි. එතෙනුපායෙන සබ‍්බෙපි අසීතිමහාසාවකා අවසෙසභික‍්ඛූ ච තං ආයස‍්මන‍්තං නන්‍දං ලජ‍්ජාපයිංසු.

බුදුරජාණන් වහන්සේ දම්සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේ අමතා, සාරිපුත්‍රයෙනි! මාගේ කණිටු සොයුරා වන නන්ද තව්තිසා දෙව්ලොවදී දිව්‍ය සමූහයා මධ්‍යයේදී දිව්‍ය අප්සරාවන් සඳහා මා ඇපයක් ලෙස ගන්නේ යයි සැරියුත් තෙරුන් වහන්සේට දැන්වූ සේක. මේ අන්දමින් මහ මුගලන් තෙරුන් වහන්සේට, මහා කාශ්‍යප තෙරුන් වහන්සේට අනුරුද්ධ තෙරුන් වහන්සේට, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේට, අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාට, බහුල වශයෙන් සෙසු භික්‍ෂූන් හටද මේ කරුණ දැන්වූ සේක. දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ නන්ද තෙරුන් වෙත එළඹ, ඇත්තද ඇවැත්නි? නන්ද තව්තිසා දෙව්ලොවදී දිව්‍ය සමූහයා මැදදී දිව්‍ය අප්සරාවන් ලැබීමට මහණදම් පුරන්නෙමියි, බුදුරජාණන් වහන්සේව ඇපයක් ලෙස ගත්තේයයි වදාරා මෙසේ ඇතිකල්හි නුඹගේ බඹසර විසීම ස්ත්‍රීන් මුල්කොට පවතී. කෙලෙස් ඇසුරුකොට පවතී. කුලියට වැඩකරන කම්කරුවෙකු සමග ස්ත්‍රීන් සඳහා මහණදම් පුරන ඔබගේ ඇති වෙනස කුමක්දැයි නන්ද තෙරුන් ලජ්ජා කරවූ සේක. තේජස නැති කළ සේක. මේ ක්‍රමයට සියලු අසූමහා ශ්‍රාවකයෝද සෙසු භික්‍ෂූහු ද ඒ තෙරුන්ට ලජ්ජා ඇති කරවූහ.

සො “අයුත‍්තං වත මෙ කත”න‍්ති හිරියා ච ඔත‍්තප‍්පෙන ච වීරියං දළ‍්හං පග‍්ගණ‍්හිත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා “අහං, භන‍්තෙ, භගවතො පටිස‍්සවං මුඤ‍්චාමී”ති ආහ. සත්‍ථාපි “යදා ත්‍වං, නන්‍ද, අරහත‍්තං පත‍්තො, තදායෙවාහං පටිස‍්සවා මුත‍්තො”ති ආහ. එතමත්‍ථං විදිත්‍වා ධම‍්මසභායං භික‍්ඛූ කථං සමුට‍්ඨාපෙසුං – “යාව ඔවාදක‍්ඛමො චායං, ආවුසො, නන්‍දත්‍ථෙරො එකොවාදෙනෙව හිරොත‍්තප‍්පං පච‍්චුපට‍්ඨපෙත්‍වා සමණධම‍්මං කත්‍වා අරහත‍්තං පත‍්තො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි නන්‍දො ඔවාදක‍්ඛමොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

නන්ද තෙරුන් වහන්සේ මවිසින් ඒකාන්තයෙන්ම අයුතු දෙයක් කරන ලද්දේයයි ලජ්ජාවෙන්ද බියෙන්ද දැඩිව වීර්යය උපදවාගෙන විදර්ශනා වඩමින් රහත් වී බුදුරජාණන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි! මම ඔබවහන්සේගේ පොරොන්දුව නිදහස් කරන්නෙමියි කී සේක. එවිට බුදුරජාණන් වහන්සේ නන්ද! යම් දවසක ඔබ රහත් බවට පැමිණියේද එකල්හි ඒ ඇපයෙන් මම මිදුනෙමැයි වදාළ සේක. මෙය මුල් කරගෙන දම් සභාවෙහි භික්‍ෂූහු අවවාද පිළිගන්නා මේ නන්ද තෙරුන් වහන්සේ එක අවවාදයෙන්ම ලජ්ජා භය උපදවාගෙන මහණදම් පුරා රහත්භාවයට පත්වූ සේක යනුවෙන් කථාවක් මතු කළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මෙහි දැන් කවර කථාවකින් යුක්තව උන්නාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! නන්ද අවවාද පිළිගත් කෙනෙකැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො හත්‍ථාචරියකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො හත්‍ථාචරියසිප‍්පෙ නිප‍්ඵත‍්තිං පත‍්තො එකං බාරාණසිරඤ‍්ඤො සපත‍්තරාජානං උපට‍්ඨාසි. සො තස‍්ස මඞ‍්ගලහත්‍ථිං සුසික‍්ඛිතං කත්‍වා සික‍්ඛාපෙසි. සො රාජා “බාරාණසිරජ‍්ජං ගණ‍්හිස‍්සාමී”ති බොධිසත‍්තං ගහෙත්‍වා මඞ‍්ගලහත්‍ථිං ආරුය‍්හ මහතියා සෙනාය බාරාණසිං ගන‍්ත්‍වා පරිවාරෙත්‍වා “රජ‍්ජං වා දෙතු යුද‍්ධං වා”ති රඤ‍්ඤො පණ‍්ණං පෙසෙසි. බ්‍රහ‍්මදත‍්තො “යුද‍්ධං දස‍්සාමී”ති පාකාරද‍්වාරට‍්ටාලකගොපුරෙසු බලකායං ආරොපෙත්‍වා යුද‍්ධං අදාසි. සපත‍්තරාජා මඞ‍්ගලහත්‍ථිං වම‍්මෙන ඡාදෙත්‍වා සයම‍්පි වම‍්මං පටිමුඤ‍්චිත්‍වා හත‍්තික‍්ඛන්‍ධවරගතො තිඛිණං අඞ‍්කුසං ආදාය “නගරං භින්‍දිත්‍වා පච‍්චාමිත‍්තං ජීවිතක‍්ඛයං පාපෙත්‍වා රජ‍්ජං හත්‍ථගතං කරිස‍්සාමී”ති හත්‍ථිං නගරාභිමුඛං පෙසෙසි. සො උණ‍්හකලලානි චෙව යන‍්තපාසාණෙ ච නානප‍්පකාරානි ච පහරණානි විස‍්සජ‍්ජෙන‍්තෙ දිස‍්වා මරණභයභීතො උපසඞ‍්කමිතුං අසක‍්කොන‍්තො පටික‍්කමි. අථ නං හත්‍ථාචරියො උපසඞ‍්කමිත්‍වා “තාත, ත්‍වං සූරො සඞ‍්ගාමාවචරො, එවරූපෙ ඨානෙ පටික‍්කමනං නාම තුය‍්හං නානුච‍්ඡවික”න‍්ති වත්‍වා හත්‍ථිං ඔවදන‍්තො ඉමා ගාථා අවොච –

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ඇතුන් පුහුණු කරන කුලයෙහි ඉපදී වැඩිවියට පැමිණියාහු ඇතුන් පුහුණු කිරීමේ ශිල්පයෙහි නිමාවට පැමිණියාහු බරණැස් රජුගේ එක් විරුද්ධ රජෙකුට උපස්ථාන කෙළේය. ඔහු ඒ රජුගේ මඟුල් ඇතා මනාකොට හික්මවීය. රජතුමා බරණැස් රාජ්‍යය අල්ලා ගන්නෙමියි බෝසතාණන් වහන්සේ කැටුව මඟුල් ඇතුපිට නැග මහාසේනාව සමග බරණැසට ගොස් නුවර වට කරගෙන, රාජ්‍යය දෙනු. නැතිනම් යුද්ධ කරවයි ලියා රජුට හසුනක් යැවීය. බඹදත් රජුද යුද දක්වමියි පවුරු, දොරටු, අට්ටාල, දොර කොටුවල ආරක්‍ෂක භටයන් රඳවා යුද්ධයට අවස්ථාව දුන්නේය. සතුරු රජතුමා මඟුල් ඇතාට යුද ඇඳුම් අන්දවා තෙමේත් යුද ඇඳුම් පැළඳගෙන ඇතුපිටට නැගුනේ තියුණු හෙණ්ඩුව ගෙන නගරය බිඳ සතුරා මරා රාජ්‍යය අත්පත් කරගන්නෙමියි ඇතා නගරය දෙසට යැවීය. ඒ ඇතා උණු මඩ ආදියද ගල් පෙරළීම්ද නොයෙක් පහරදීම් මුදාහරින බව දැක මරණ බියෙන් තැතිගෙන ඉදිරියට යාමට නොහැකි වන්නේ ආපසු ආවේය. ඉක්බිති ඇත් ශිල්පියා ඇතා ළඟට එළඹ දරුව! නුඹ ශූරයෙකි. යුද්ධයෙහි හැසිර පුරුදුය. මෙබඳු අවස්ථාවක පසුබැසීම නම් නුඹට නුසුදුසුයයි කියා ඇතාට ඔවදන් දෙන්නේ,

“සඞ‍්ගාමාවචරො සූරො, බලවා ඉති විස‍්සුතො; කිං නු තොරණමාසජ‍්ජ, පටික‍්කමසි කුඤ‍්ජර.

සංගාමාවචරො සූරො බලවා ඉති විස්සුතො, කින්නු තොරණමාසජ්ජ පටික්කමසි කුඤ්ජර.

“ඔමද‍්ද ඛිප‍්පං පලිඝං, එසිකානි ච අබ‍්බහ; තොරණානි ච මද‍්දිත්‍වා, ඛිප‍්පං පවිස කුඤ‍්ජරා”ති.

ඔමද්ද ඛිප්පං පළිඝං එසිකානිච අබ්බහ, තොරණානි පවදදිත්‍වා ඛිප්පං පවිස කුඤ්ජර

යන මේ ගාථා කීවේය.

යුද්ධයෙහි හැසිර පළපුරුදු බලවත් ශූරයෙක් යයි ප්‍රසිද්ධය. ඇතුනි! තොරණ (වාසල් දොරටුව) ළඟට පැමිණ කුමක් නිසා පසුබසිහිද?

දොරගුළු විනාශකොට ඉන්ද්‍රඛීලද (අගුළුකණු) උදුරා දමන්න. තොරණද (වාසල් දොරටුව) මැඩපවත්වා ඇතුනි! වහා නගරයට පිවිසෙන්න.

තත්‍ථ ඉති විස‍්සුතොති, තාත, ත්‍වං පවත‍්තසම‍්පහාරං සඞ‍්ගාමං මද‍්දිත්‍වා අවචරණතො සඞ‍්ගාමාවචරො, ථිරහදයතාය සූරො, ථාමසම‍්පත‍්තියා බලවාති එවං විස‍්සුතො පඤ‍්ඤාතො පාකටො. තොරණමාසජ‍්ජාති නගරද‍්වාරසඞ‍්ඛාතං තොරණං පත්‍වා. පටික‍්කමසීති කිං නු ඛො ඔසක‍්කසි, කෙන කාරණෙන නිවත‍්තසීති වදති. ඔමද‍්දාති අවමද‍්ද අධො පාතය. එසිකානි ච අබ‍්බහාති නගරද‍්වාරෙ සොළසරතනං අට‍්ඨරතනං භූමියං පවෙසෙත්‍වා නිච‍්චලං කත්‍වා නිඛාතා එසිකත්‍ථම‍්භා හොන‍්ති, තෙ ඛිප‍්පං උද‍්ධර ලුඤ‍්චාහීති ආණාපෙති. තොරණානි ච මද‍්දිත්‍වාති නගරද‍්වාරස‍්ස පිට‍්ඨසඞ‍්ඝාටෙ මද‍්දිත්‍වා. ඛිප‍්පං පවිසාති සීඝං නගරං පවිස. කුඤ‍්ජරාති නාගං ආලපති.

එහි, ඉති විස්සුතො යනු දරුව! නුඹ පැවති ප්‍රහාර ඇති යුද්ධය මර්දනය කොට හැසිරෙන බැවින්, සංගාමාවචරො යනුවෙන්ද ස්ථිර දැඩි සිතක් ඇති බැවින්, සූරො යනුවෙන්ද ශක්ති සම්පන්න බැවින් බලවා යනුවෙන්ද මෙසේ ප්‍රසිද්ධ වූ බොහෝදෙනා දැනගන්නා ලද්දේ ප්‍රකට වූයෙහිය. තොරණ වාසජ්ජා යනු නුවර වාසල් දොරටුවට පැමිණ, පටික්කමසි යනු කුමක් නිසා පසුබසිහිද? කුමන කරුණක් නිසා නවතිහිදැයි කියයි. ඔමද්ද යනු විනාශ කරන්න. පහතට හෙළන්න. එසිකානිච අබ්බහා යනු නුවර දොරටුවෙහි සොළොස් රියනක් හෝ අටරියනක් පොළොවෙහි ප්‍රවේශකොට නිසලකොට පිහිටුවන ලද ඉන්‍දඛීල වේ. ඒවා වහා උදුරන්න. උගුලා දමන්නැයි අණ කරයි. තොරණානි පමද්දිත්‍වා යනු නගර දොරටුවේ පිට තාප්පය මර්දනය කොට (කඩා) ඛිප්පං පවිස යනු වහා නගරයට පිවිසෙන්න. කුඤ්ජර යනු ඇතා අමතයි.

තං සුත්‍වා නාගො බොධිසත‍්තස‍්ස එකොවාදෙනෙව නිවත‍්තිත්‍වා එසිකත්‍ථම‍්භෙ සොණ‍්ඩාය පලිවෙඨෙත්‍වා අහිච‍්ඡත‍්තකානි විය ලුඤ‍්චිත්‍වා තොරණං මද‍්දිත්‍වා පලිඝං ඔතාරෙත්‍වා නගරද‍්වාරං භින්‍දිත්‍වා නගරං පවිසිත්‍වා රජ‍්ජං ගහෙත්‍වා අදාසි.

ඒ අසා ඇතා බෝධිසත්ත්වයන් වහන්සේගේ එකම අවවාදයෙන් නැවතී නුවර මැද කණුව හොඬවැලින් පටලවා ‘බිම්මලක්’ (හත්තක්) මෙන් සිඳ තොරණ මැඩ පවත්වා දොරපොල්ල මැඩ නුවර දොර කඩා නගරයට පිවිස රාජ්‍යය ගෙන දුන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා හත්‍ථී නන්‍දො අහොසි, රාජා ආනන්‍දො, හත්‍ථාචරියො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල ඇතා නන්දය. රජ ආනන්දය. ඇත් ශිල්පියා මම ම වූවෙමි යි වදාළ සේක.

සඞ‍්ගාමාවචරජාතකවණ‍්ණනා දුතියා.