යෙදුමෙන් කියවන්න

3. වාලොදකජාතකවණ‍්ණනා 183 අට‍්ඨකථා

3. වාලොදකජාතකවණ‍්ණනා (183)

3. වාලෝදක ජාතකය (183)

වාලොදකං අප‍්පරසං නිහීනන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පඤ‍්චසතෙ විඝාසාදෙ ආරබ‍්භ කථෙසි. සාවත්‍ථියං කිර පඤ‍්චසතා උපාසකා ඝරාවාසපලිබොධං පුත‍්තදාරස‍්ස නිය්‍යාදෙත්‍වා සත්‍ථු ධම‍්මදෙසනං සුණන‍්තා එකතොව විචරන‍්ති. තෙසු කෙචි සොතාපන‍්නා, කෙචි සකදාගාමිනො, කෙචි අනාගාමිනො, එකොපි පුථුජ‍්ජනො නාම නත්‍ථි, සත්‍ථාරං නිමන‍්තෙන‍්තාපි තෙ උපාසකෙ අන‍්තොකරිත්‍වාව නිමන‍්තෙන‍්ති. තෙසං පන දන‍්තකට‍්ඨමුඛොදකවත්‍ථගන්‍ධමාලදායකා පඤ‍්චසතා චූළුපට‍්ඨාකා විඝාසාදා හුත්‍වා වසන‍්ති. තෙ භුත‍්තපාතරාසා නිද‍්දායිත්‍වා උට‍්ඨාය අචිරවතිං ගන‍්ත්‍වා නදීතීරෙ උන‍්නදන‍්තා මල‍්ලයුද‍්ධං යුජ‍්ඣන‍්ති. තෙ පන පඤ‍්චසතා උපාසකා අප‍්පසද‍්දා අප‍්පනිග‍්ඝොසා පටිසල‍්ලානමනුයුඤ‍්ජන‍්ති. සත්‍ථා තෙසං විඝාසාදානං උච‍්චාසද‍්දං සුත්‍වා “කිං එසො, ආනන්‍ද, සද‍්දො”ති ථෙරං පුච‍්ඡිත්‍වා “විඝාසාදසද‍්දො, භන‍්තෙ”ති වුත‍්තෙ “න ඛො, ආනන්‍ද, ඉමෙ විඝාසාදා ඉදානෙව විඝාසං ඛාදිත්‍වා උන‍්නදන‍්ති, පුබ‍්බෙපි උන‍්නදන‍්තියෙව, ඉමෙපි උපාසකා න ඉදානෙව සන‍්නිසින‍්නා, පුබ‍්බෙපි සන‍්නිසින‍්නායෙවා”ති වත්‍වා ථෙරෙන යාචිතො අතීතං ආහරි.

වාළොදකං අප්පරසං නිහීනං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරනසේක් පන්සියයක් ඉඳුල් කන්නන් මුල්කරගෙන වදාළ සේක. සැවැත්නුවර වනාහි පන්සියයක් උපාසකවරු සිය ගේදොර කටයුතු අඹුදරුවන්ට පවරා දී බුදුබණ අසමින් එක්වම හැසිරෙත්. ඔවුන් අතුරෙන් සමහරෙක් සෝවාන් වූවෝය. සමහරෙක් සකෘදාගාමි වූවෝය. සමහරෙක් අනාගාමී වූවෝය. පුහුදුන් එකෙක්ද නැත. බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරනවිට උපාසකවරුන් ඇතුළත්කොට ආරාධනා කෙරෙති. ඔවුන්ට වනාහි දැහැටිදඬු, මුහුණ සෝදන දිය, සුවඳ මල් ආදිය දෙන පන්සියයක් උපස්ථායකයෝ (ඔවුන්ගේ) ඉඳුල් බත් අනුභව කරන්නන් බවට පත්ව වාසය කරති. ඔවුහු උදේ බත් අනුභවකොට නිදා නැගිට අචිරවතී ගංතෙරට ගොස් ගං ඉවුරෙහි කෑගසමින් මල්ලවපොර අල්ලත්. ඒ පන්සියයක් උපාසකවරු නිහඬව ඝෝෂා නැතිව භාවනාවෙහි (විවේකයෙහි) යෙදෙත්. බුදුරජාණන් වහන්සේ ඒ ඉඳුල් බත් කන්නන්ගේ උස්හඬ අසා ආනන්දය! මේ කිනම් ශබ්දයක්දැයි තෙරුන්ගෙන් විමසා ස්වාමීනි! ඉඳුල් බත් කන්නන්ගේ ශබ්දයයි කී කල්හි, ආනන්දය! මේ ඉඳුල් කන්නෝ දැන් පමණක් ඉඳුල් කා කෑගසන්නෝ නොවෙති. පෙරත් කෑගැසූහ. මේ උපාසකවරුද නිහඬව තැන්පත්ව සිටියෝ පෙරත් එසේ සිටියෝ යයි වදාරා තෙරුන් වහන්සේ විසින් ඉල්ලන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො අමච‍්චකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො රඤ‍්ඤො අත්‍ථධම‍්මානුසාසකො අහොසි. අථෙකස‍්මිං කාලෙ සො රාජා “පච‍්චන‍්තො කුපිතො”ති සුත්‍වා පඤ‍්චසතෙ සින්‍ධවෙ කප‍්පාපෙත්‍වා චතුරඞ‍්ගිනියා සෙනාය ගන‍්ත්‍වා පච‍්චන‍්තං වූපසමෙත්‍වා බාරාණසිමෙව පච‍්චාගන‍්ත්‍වා “සින්‍ධවා කිලන‍්තා අල‍්ලරසමෙව නෙසං මුද‍්දිකපානං දෙථා”ති ආණාපෙසි. සින්‍ධවා ගන්‍ධපානං පිවිත්‍වා අස‍්සසාලං ගන‍්ත්‍වා අත‍්තනො අත‍්තනො ඨානෙසු අට‍්ඨංසු. තෙසං පන දින‍්නාවසිට‍්ඨකං අප‍්පරසං බහුකසටං අහොසි. මනුස‍්සා “ඉදං කිං කරොමා”ති රාජානං පුච‍්ඡිංසු. රාජා උදකෙන මද‍්දිත්‍වා මකචිපිලොතිකාහි පරිස‍්සාවෙත්‍වා “යෙ ගද්‍රභා සින්‍ධවානං නිවාපං පහිංසු, තෙසං දාපෙථා”ති දාපෙසි. ගද්‍රභා කසටඋදකං පිවිත්‍වා මත‍්තා හුත්‍වා විරවන‍්තා රාජඞ‍්ගණෙ විචරිංසු. රාජා මහාවාතපානං විවරිත්‍වා රාජඞ‍්ගණං ඔලොකයමානො සමීපෙ ඨිතං බොධිසත‍්තං ආමන‍්තෙත්‍වා “පස‍්ස, ඉමෙ ගද්‍රභා කසටොදකං පිවිත්‍වා මත‍්තා හුත්‍වා විරවන‍්තා උප‍්පතන‍්තා විචරන‍්ති, සින්‍ධවකුලෙ ජාතසින්‍ධවා පන ගන්‍ධපානං පිවිත්‍වා නිස‍්සද‍්දා සන‍්නිසින‍්නා න උප‍්පිලවන‍්ති, කිං නු ඛො කාරණ”න‍්ති පුච‍්ඡන‍්තො පඨමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ඇමති කුලයේ ඉපදී වැඩිවියට පත්වූවාහු රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූහ. ඉක්බිති එක් කලෙක ඒ රජතුමා පසල් දනව්වක කැළඹීමක් අසා පන්සීයක් සින්ධව අසුන් සූදානම් කරගෙන සිව්රඟ සෙනඟ පිරිවරා ගොස් පසල් දනව්වේ කැළඹීම සංසිඳුවා බරණැසටම ආපසු ඇවිත් අසුන් ක්ලාන්ත වී ඇති බැවින් සිසිල් බීමක් වශයෙන් ඔවුන්ට මිදියුෂ දෙවයි අණ කෙළේය. අසුන් සුවඳ මිදි යුෂ පානය කොට අස්හලට ගොස් තම තමන්ගේ තැන්වල සිටියාහුය. ඔවුන්ට දී ඉතිරි වූ රසවත් මිදි කසට ඉතිරි විය. මිනිස්සු මේවාට කුමක් කළ යුතුදැයි රජතුමාගෙන් විචාළහ. වතුරෙන් (මිදි රොඩු) පොඩිකර පරන රෙදිවලින් පෙරා අශ්වයන්ට කෑම ගෙනයන කොටළුවන්ට දෙව්යයි දෙවීය. රජතුමා මහ ජනේලය විවෘතකොට රජමිදුල දෙස බලමින් ළඟ සිටි බෝසතුන් අමතා යහලුව! කොටළුවෝ කසට වතුර බී මත්වී කෑගසමින් උඩ පාවෙමින් හැසිරෙත්. සෛන්ධව කුලයෙහි උපන් අශ්වයෝ වනාහි සුවඳ පානය බී නිහඬව සිටින්නෝ උඩ නොපනිති. කුමක් නිසාදැයි විමසමින්,

“වාලොදකං අප‍්පරසං නිහීනං, පිත්‍වා මදො ජායති ගද්‍රභානං; ඉමඤ‍්ච පිත්‍වාන රසං පණීතං, මදො න සඤ‍්ජායති සින්‍ධවාන”න‍්ති.

වාළොදකං අප්පරසං නිහීනං, පීත්‍වා චදො ජායති ගද්‍රභානං, ඉමඤ්ච පීත්‍වාන රසං පණීතං, මදො න සඤ්ජායති සින්‍ධවානං.

යන පළමු ගාථාව කීවේය.

හණ නූල් පෙරහණින් පෙරණ ලද අල්ප වූ නීරස වූ දිය බී කොටළුවන්ට මදය ඇතිවෙයි. ප්‍රණීත රසයෙන් යුත් මිදි යුෂ බිව් අශ්වයන්ට මද ඇති නොවෙයි.

තත්‍ථ වාලොදකන‍්ති මකචිවාලෙහි පරිස‍්සාවිතඋදකං. “වාලුදක”න‍්තිපි පාඨො. නිහීනන‍්ති නිහීනරසභාවෙන නිහීනං. න සඤ‍්ජායතීති සින්‍ධවානං මදො න ජායති, කිං නු ඛො කාරණන‍්ති පුච‍්ඡි.

එහි, වාළොදකං යනු හණ (නියඳ) නූලින් කළ පෙරහණින් පෙරූ (මිදි) ජලය, වාඵෑදකං යනුද පදයකි. නිහීනං නීරස බැවින් නිහීනයි. නසඤ්ජායති යනු සෛන්‍ධව අසුන්ට මත නූපදී. කාරණය කුමක්දැයි විචාළේය.

අථස‍්ස කාරණං ආචික‍්ඛන‍්තො බොධිසත‍්තො දුතියං ගාථමාහ –

ඉක්බිති රජුට කරුණු කියන බෝසතාණන් වහන්සේ,

“අප‍්පං පිවිත්‍වාන නිහීනජච‍්චො, සො මජ‍්ජතී තෙන ජනින්‍ද පුට‍්ඨො; ධොරය‍්හසීලී ච කුලම‍්හි ජාතො, න මජ‍්ජතී අග‍්ගරසං පිවිත්‍වා”ති.

අප්පං පිවිත්‍වාන නිහීන ජච්චො, සො මජ්ජති තෙන ජනින්‍ද පුට්ඨො, ධොරය්හසීලො ච කුලම්හි ජාතො, නමජ්ජති අග්ගරසං පිවිත්‍වා.

යන දෙවන ගාථාව කී සේක.

රජතුමනි! පහත් ජාති ඇති ඒ පහත් වූ බීමෙහි පහස ලැබූ ඔහු (කොටළුවා) රසය අඩු ජලය බී මත් වෙයි. වියගස උසුලන ස්වභාව ඇති උසස් කුලයෙහි උපන් නිසා සෛන්‍ධව අශ්වයා අග්‍ර වූ මිදිරසය බීවත් මත් නොවේ.

තත්‍ථ තෙන ජනින්‍ද පුට‍්ඨොති ජනින්‍ද උත‍්තමරාජ යො නිහීනජච‍්චො, තෙන නිහීනජච‍්චභාවෙන පුට‍්ඨො මජ‍්ජති පමජ‍්ජති. ධොරය‍්හසීලීති ධොරය‍්හසීලො ධුරවහනකආචාරෙන සම‍්පන‍්නො ජාතිසින්‍ධවො. අග‍්ගරසන‍්ති සබ‍්බපඨමං ගහිතං මුද‍්දිකරසං පිවිත්‍වාපි න මජ‍්ජති.

එහි, තෙන ජනින්‍ද! ඵුට්ඨො යනු ජනපතිතුමනි! උතුම් රජතුමනි, හෙතෙම පහත් ජන්ම ඇත්තේ ඒ පහත් ජන්ම භාවයෙන් ස්පර්ශ කරන ලද්දේ. මජ්ජති ප්‍රමාද වෙයි. ධොරය්හසීලි යනු ධුරය උසුලන සුලු, වියගස උසුලා හැසිරෙන ගතියෙන් යුක්ත වූ උපතින් සෛන්ධව වූ අශ්වයෝ අග්ගරසං යනු සියලුම මුලින් ගත් මිදි යුෂ. පිවිත්‍වා න මජ්ජති යනු බී මත් නොවේ.

රාජා බොධිසත‍්තස‍්ස වචනං සුත්‍වා ගද්‍රභෙ රාජඞ‍්ගණා නීහරාපෙත්‍වා තස‍්සෙව ඔවාදෙ ඨිතො දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා යථාකම‍්මං ගතො.

රජතුමා බෝසතාණන් වහන්සේගේ වචන අසා කොටළුවන් රජමිදුලෙන් පන්නා දමා, බෝසතාණන් වහන්සේගේ අවවාදයෙහි පිහිටියේ දානාදී පිංකම්කොට කම් වූ පරිද්දෙන් මියපරළොව ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා පඤ‍්චසතා ගද්‍රභා ඉමෙ විඝාසාදා අහෙසුං, පඤ‍්චසතා සින්‍ධවා ඉමෙ උපාසකා, රාජා ආනන්‍දො, පණ‍්ඩිතාමච‍්චො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල කොටළුවෝ පන්සියය මේ ඉඳුල් කෑ පිරිස වූහ. පන්සියයක් උතුම් අශ්වයෝ මේ උපාසක පිරිසයි. රජතුමා ආනන්දය, නුවණ ඇති ඇමතියා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.

වාලොදකජාතකවණ‍්ණනා තතියා.