4. ගිරිදත‍්තජාතකවණ‍්ණනා 184 අට‍්ඨකථා
4. ගිරිදත‍්තජාතකවණ‍්ණනා (184)
4. ගිරිදත්ත ජාතකය (184)
දූසිතො ගිරිදත‍්තෙනාති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො එකං විපක‍්ඛසෙවිං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි. වත්‍ථු හෙට‍්ඨා මහිළාමුඛජාතකෙ (ජා· 1.1.26) කථිතමෙව. සත්‍ථා පන “න, භික‍්ඛවෙ, අයං භික‍්ඛු ඉදානෙව විපක‍්ඛං සෙවති, පුබ‍්බෙපෙස විපක‍්ඛසෙවකොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.
දූසිනො ගිරිදෙත්තෙන යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක් විපක්‍ෂය ඇසුරු කරන එක් භික්‍ෂු කෙනෙකුන් මුල්කරගෙන දේශනා කළ සේක. මෙහි වර්තමාන කථාව යට (මුලින් ඇති) මහිලාමුඛ ජාතකයෙහි කියන ලද්දේමය. ශාස්තෲන් වහන්සේ මහණෙනි! මේ භික්‍ෂුව දැන් පමණක් විරුද්ධ පක්‍ෂය ඇසුරු නොකරයි. පෙරත් මේ තෙමේ විරුද්ධ පක්‍ෂය ඇසුරු කළ කෙනෙකියි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං සාමරාජා රජ‍්ජං කාරෙසි. තදා බොධිසත‍්තො අමච‍්චකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තස‍්ස අත්‍ථධම‍්මානුසාසකො අහොසි. රඤ‍්ඤො පන පණ‍්ඩවො නාම මඞ‍්ගලස‍්සො, තස‍්ස ගිරිදත‍්තො නාම අස‍්සබන්‍ධො, සො ඛඤ‍්ජො අහොසි. අස‍්සො මුඛරජ‍්ජුකෙ ගහෙත්‍වා තං පුරතො පුරතො ගච‍්ඡන‍්තං දිස‍්වා “මං එස සික‍්ඛාපෙතී”ති සඤ‍්ඤාය තස‍්ස අනුසික‍්ඛන‍්තො ඛඤ‍්ජො අහොසි. තස‍්ස අස‍්සස‍්ස ඛඤ‍්ජභාවං රඤ‍්ඤො ආරොචෙසුං, රාජා වෙජ‍්ජෙ පෙසෙසි. තෙ ගන‍්ත්‍වා අස‍්සස‍්ස සරීරෙ රොගං අපස‍්සන‍්තා “රොගමස‍්ස න පස‍්සාමා”ති රඤ‍්ඤො කථයිංසු. රාජා බොධිසත‍්තං පෙසෙසි – “ගච‍්ඡ වයස‍්ස, එත්‍ථ කාරණං ජානාහී”ති. සො ගන‍්ත්‍වා ඛඤ‍්ජඅස‍්සබන්‍ධසංසග‍්ගෙන තස‍්ස ඛඤ‍්ජභූතභාවං ඤත්‍වා රඤ‍්ඤො තමත්‍ථං ආරොචෙත්‍වා “සංසග‍්ගදොසෙන නාම එවං හොතී”ති දස‍්සෙන‍්තො පඨමං ගාථමාහ –-
පෙර බරණැස් නුවර සාම නම් රජ රජ කෙළේය. ඒ කාලයේ බෝසතාණන් වහන්සේ ඇමති කුලයක ඉපදී වැඩිවියට පත්වූවාහු ඒ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූහ. ඒ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූහ. මංගල අශ්වයා පණ්ඩව නම් වේ. ගිරිදත්ත යනු ඔහුගේ අශ්වයා පුහුණු කරන්නාය. ඔහු කොර ගසන්නෙකි. අශ්වයා කට කලියා ලනුව ගෙන ඉදිරියෙන් යන ඒ කොරා දැක මොහු මාව හික්මවන්නේය. යන හැඟීමෙන් ඔහු අනුගමනය කරමින් කොරෙක් විය. අශ්වයාගේ කොර බව රජුට දැන්වූහ. රජතුමා වෙදුන් යැව්වේය. ඔවුහු ගොස් අශ්වයාගේ සිරුරෙහි රෝගයක් නොදැක මොහුගේ රෝගයක් නොදකිමුයි රජුට කීහ. රජතුමා යහලුව! යව මෙහි හේතුව දැනගන්නයි කියා බෝසතුන් යැවීය. හෙතෙම ගොස් අශ්වයා පුහුණුකරන කොර මිනිසා සමග එක්වීම නිසා කොරවූ බව දැන රජුට ඒ බව දන්වා එක්වීම් දෝෂයෙන් මෙසේ වන්නේ යයි දක්වමින්,
“දූසිතො ගිරිදත්තෙන, හයො සාමස්ස පණ්ඩවො; පොරාණං පකතිං හිත්‍වා, තස‍්සෙවානුවිධිය්‍යතී”ති.
දූසිතො ගිරිදත්තෙන හයො සාමස්ස පණ්ඩවො, පොරාණං පකතිං හිත්‍වා තස්සෙව අනුවිධීයති.
යන පළමු ගාථාව කීහ.
සාම රජුගේ පණ්ඩව නම් මංගල අශ්වයා කොර ගසන ගිරිදත්ත විසින් දූෂණය කරන ලදි. පැරණි ස්වභාවය හැර ඔහු අනුකරණය කරයි.
තත්‍ථ හයො සාමස‍්සාති සාමස‍්ස රඤ‍්ඤො මඞ‍්ගලස‍්සො. පොරාණං පකතිං හිත්‍වාති අත‍්තනො පොරාණපකතිං සිඞ‍්ගාරභාවං පහාය. අනුවිධිය්‍යතීති අනුසික‍්ඛති.
එහි, හයො සාමස්ස යනු සාමරාජ රජුගේ මංගල අශ්වයා, පොරාණ පකතිං හිත්‍වා යනු තමන්ගේ පැරණි ස්වභාවය වූ ප්‍රියමනාප භාවය හැර, අනුවිධීයති යනු අනුව හික්මෙයි, හෙවත් අනුකරණය කරයි.
අථ නං රාජා “ඉදානි වයස‍්ස කිං කත‍්තබ‍්බ”න‍්ති පුච‍්ඡි. බොධිසත‍්තො “සුන්‍දරං අස‍්සබන්‍ධං ලභිත්‍වා යථා පොරාණො භවිස‍්සතී”ති වත්‍වා දුතියං ගාථමාහ –
ඉක්බිති රජතුමා බෝසතුන් යහලුව! දැන් කුමක් කළ යුතුදැයි ඔහුගෙන් විචාළේය. එවිට බෝසතාණන් වහන්සේ කොර නොවූ යහපත් අසුන් බඳින්නෙකු යෙදෙව් විට අශ්වයා පෙර තත්ත්වයට පත්වන්නේ යයි කියා
“සචෙ ච තනුජො පොසො, සිඛරාකාරකප‍්පිතො; ආනනෙ නං ගහෙත්‍වාන, මණ‍්ඩලෙ පරිවත‍්තයෙ; ඛිප‍්පමෙව පහන‍්ත්‍වාන, තස‍්සෙවානුවිධිය්‍යතී”ති.
සච්චෙ තනුජො පොසො සිඛරාකාර කප්පිතො, ආනනෙ තං ගහෙත්‍වාන මණ්ඩලෙ පරිවත්තයේ, ඛිප්පමෙව පහත්‍වාන තස්සෙව අනුවිධීයති.
යන දෙවන ගාථාව කීවේය.
“ඉදින් ඕ හට අනුරූපව, උපන් සොඳුරු බැවින් සැදුම් ලත් පුරුෂයෙක් මුව ලනුව ගෙන අසු මණ්ඩලයෙහි ඇවිද්ද වී නම් කොර බව හැර වහාම අශ්වයාගේ උතුම් ස්වභාවය අනුව හික්මේ.”
තත්‍ථ තනුජොති තස‍්ස අනුජො. අනුරූපං ජාතො හි අනුජො, තස‍්ස අනුජො තනුජො. ඉදං වුත‍්තං හොති – සචෙ හි, මහාරාජ, තස‍්ස සිඞ‍්ගාරස‍්ස ආචාරසම‍්පන‍්නස‍්ස අස‍්සස‍්ස අනුරූපං ජාතො සිඞ‍්ගාරො ආචාරසම‍්පන‍්නො පොසො. සිඛරාකාරකප‍්පිතොති සිඛරෙන සුන්‍දරෙන ආකාරෙන කප‍්පිතකෙසමස‍්සු තං අස‍්සං ආනනෙ ගහෙත්‍වා අස‍්සමණ‍්ඩලෙ පරිවත‍්තෙය්‍ය, ඛිප‍්පමෙවෙස තං ඛඤ‍්ජභාවං පහාය “අයං සිඞ‍්ගාරො ආචාරසම‍්පන‍්නො අස‍්සගොපකො මං සික‍්ඛාපෙතී”ති සඤ‍්ඤාය ඛිප‍්පමෙව තස‍්ස අනුවිධිය්‍යති අනුසික‍්ඛිස‍්සති, පකතිභාවෙයෙව ඨස‍්සතීති අත්‍ථො. රාජා තථා කාරෙසි, අස‍්සො පකතිභාවෙ පතිට‍්ඨාසි. රාජා “තිරච‍්ඡානානම‍්පි නාම ආසයං ජානිස‍්සතී”ති තුට‍්ඨචිත‍්තො බොධිසත‍්තස‍්ස මහන‍්තං යසං අදාසි.
එහි, තනුජො යනු ඔහුගේ බාල සහෝදරයා යෝග්‍ය පරිදි උපන් නිසාද, අනුජ නමි. ඒ බාල සොහොයුරාගේ වැඩිමලා තනුජයි. මෙය කියන ලද්දේ වෙයි. ඉදින් මහරජ! ඒ ප්‍රියමනාප ආචාර සම්පන්න අශ්වයාට සුදුසු වූ (ගැළපෙන) යහපත් පෙනුමෙන් යුතු පොසො මිනිසෙක් සිඛරාකාර කප්පිතො යනු යහපත් අයුරින් කපන ලද කෙස් රැවුල් ඇති. තං අශ්වයා, ආනනෙ ගහෙත්‍වා නාස් ලනුව ගෙන අශ්ව මණ්ඩලයෙහි හික්මවන්නේය. වහාම මේ තෙමේ ඒ කොර ගතිය හැර මේ සුදුසු ආචාර සම්පන්න අසුන් බලන්නා මා හික්මවයි යන හැඟීමෙන් වහාම ඔහු අනුව යයි. අනුව හික්මෙයි. ප්‍රකෘති භාවයෙන්ම සිටියි. රජතුමා එසේ කෙළේය. අශ්වයා ප්‍රකෘති තත්ත්වයේ පිහිටියේය. රජතුමා තිරිසන්ගත සතුන්ගේ පවා අදහස් දන්නේ යයි සතුටු සිත් ඇත්තේ බෝසතාණන් වහන්සේට මහත් කීර්තියක් ගෙන දුන්නේය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා ගිරිදත‍්තො දෙවදත‍්තො අහොසි, අස‍්සො විපක‍්ඛසෙවකො භික‍්ඛු, රාජා ආනන්‍දො, අමච‍්චපණ‍්ඩිතො පන අහමෙව අහොසි”න‍්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල ගිරිදත්ත (කොරා) දෙව්දත්ය. අශ්වයා විරුද්ධ පක්‍ෂය ඇසුරු කළ භික්‍ෂුවයි. රජ ආනන්දය. පණ්ඩිත ඇමතියා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
ගිරිදත‍්තජාතකවණ‍්ණනා චතුත්‍ථා.