5. අනභිරතිජාතකවණ්ණනා 185 අට්ඨකථා
5. අනභිරතිජාතකවණ්ණනා (185)
5. අනභිරති ජාතකය (185)
යථොදකෙ ආවිලෙ අප්පසන්නෙති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං බ්රාහ්මණකුමාරං ආරබ්භ කථෙසි. සාවත්ථියං කිර එකො බ්රාහ්මණකුමාරො තිණ්ණං වෙදානං පාරගූ බහූ ඛත්තියකුමාරෙ ච බ්රාහ්මණකුමාරෙ ච මන්තෙ වාචෙසි. සො අපරභාගෙ ඝරාවාසං සණ්ඨපෙත්වා වත්ථාලඞ්කාරදාසදාසිඛෙත්තවත්ථුගොමහිංසපුත්තදාරාදීනං අත්ථාය චින්තයමානො රාගදොසමොහවසිකො හුත්වා ආවිලචිත්තො අහොසි, මන්තෙ පටිපාටියා පරිවත්තෙතුං නාසක්ඛි, ඉතො චිතො ච මන්තා න පටිභංසු. සො එකදිවසං බහුං ගන්ධමාලාදිං ගහෙත්වා ජෙතවනං ගන්ත්වා සත්ථාරං පූජෙත්වා වන්දිත්වා එකමන්තං නිසීදි . සත්ථා තෙන සද්ධිං පටිසන්ථාරං කත්වා “කිං, මාණව, මන්තෙ වාචෙසි, පගුණා තෙ මන්තා”ති පුච්ඡි. “පුබ්බෙ මෙ, භන්තෙ, මන්තා පගුණා අහෙසුං, ඝරාවාසස්ස පන ගහිතකාලතො පට්ඨාය චිත්තං මෙ ආවිලං ජාතං, තෙන මෙ මන්තා න පගුණා”ති. අථ නං සත්ථා “න ඛො, මාණව, ඉදානෙව, පුබ්බෙපි තෙ චිත්තස්ස අනාවිලකාලෙ තව මන්තා පගුණා අහෙසුං, රාගාදීහි පන ආවිලකාලෙ තව මන්තා න පටිභංසූ”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
යථොදකෙ ආවිලෙ අප්පනෙන යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි වැඩවාසය කරන සේක් එක්තරා බමුණු කුමාරයෙකු අරබයා දේශනා කළ සේක. සැවැත් නුවර එක්තරා බමුණු කුමාරයෙක් ත්‍රිවේදයෙහි පරතෙරට ගොස් බොහෝ ක්ෂත්රිය කුමාරවරුන්ටද බමුණු කුමාරවරුන්ටද මන්ත්‍ර ඉගැන්වීය. ඔහු පසුකලෙක ගිහිජීවිතය අරඹා වස්ත්රාභරණ ද දැසිදස්, කෙත්වතු, ගව මහිස, අඹුදරු ආදීන්ගේ ප්‍රයෝජනය සිතමින් රාග, ද්වේශ, මෝහයන්ට වසඟ වී කැළඹුණු සිත් ඇත්තේ විය. මන්ත්‍ර පිළිවෙලින් කියන්නට නොහැකි විය. අතරින් පතර මන්ත්රවල අරුත් නොවැටහේ. ඔහු එක්දිනක් බොහෝ සුවඳ, මල් ආදිය රැගෙන දෙව්රම් වෙහෙරට ගොස් බුදුරජාණන් වහන්සේට පූජාකොට වැඳ එකත්පසෙක හිඳ ගත්තේය. බුදුරජාණන් වහන්සේ ඔහු සමග පිළිසඳර පවත්වා මානවකය! කෙසේද? මන්ත්‍ර උගන්වන්නෙහිද? ඔබට මන්ත්‍ර ප්රගුණදැයි විමසූහ. ස්වාමීනි! පෙර සිට මන්ත්‍ර ප්රගුණයි. ගිහිගෙයි කටයුතුවලට අවධානය යොමුවූ කාලයේ සිට මාගේ සිත කැළඹුණු ස්වභාවයෙන් යුක්තය. ඒ නිසා මට මන්ත්‍ර ප්‍රගුණ නොවෙයි. මතක නැත. ඉක්බිති ඔහුට බුදුරජාණන් වහන්සේ මානවකය! දැන් පමණක් නොවෙයි. පෙරත් සිත නොකැළඹී සිටි කාලයෙහි මන්ත්‍ර ප්‍රගුණ විය. රාගාදියෙන් සිත කැළඹුණු කාලයෙහි නුඹේ මන්ත්‍ර සිහිපත් කරගැනීමට නොහැකි වූයේයයි වදාරා ඔහු විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො බ්රාහ්මණමහාසාලකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො තක්කසිලායං මන්තෙ උග්ගණ්හිත්වා දිසාපාමොක්ඛො ආචරියො හුත්වා බාරාණසියං බහූ ඛත්තියකුමාරෙ ච බ්රාහ්මණකුමාරෙ ච මන්තෙ වාචෙසි. තස්ස සන්තිකෙ එකො බ්‍රාහ්මණමාණවො තයො වෙදෙ පගුණෙ අකාසි, එකපදෙපි නික්කඞ්ඛො පිට්ඨිආචරියො හුත්වා මන්තෙ වාචෙසි. සො අපරෙන සමයෙන ඝරාවාසං ගහෙත්වා ඝරාවාසචින්තාය ආවිලචිත්තො මන්තෙ පරිවත්තෙතුං නාසක්ඛි. අථ නං ආචරියො අත්තනො සන්තිකං ආගතං “කිං, මාණව, පගුණා තෙ මන්තා”ති පුච්ඡිත්වා “ඝරාවාසගහිතකාලතො පට්ඨාය මෙ චිත්තං ආවිලං ජාතං, මන්තෙ පරිවත්තෙතුං න සක්කොමී”ති වුත්තෙ “තාත, ආවිලෙ චිත්තම්හි පගුණාපි මන්තා න පටිභන්ති, අනාවිලෙ පන චිත්තෙ අප්පටිභාණං නාම නත්ථී”ති වත්වා ඉමා ගාථා ආහ –
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජකරන කල්හි බෝසතාණන් වහන්සේ බමුණු මහසල් කුලයෙහි ඉපදී වැඩිවියට පත්වූවාහු තක්සලා නුවරින් මන්ත්‍ර ඉගෙනගෙන දිසාපාමොක් ගුරුතුමා වී බරණැස් නුවර බොහෝ ක්ෂත්රිය බ්‍රාහ්මණ කුමාරවරුන්ට මන්ත්‍ර ඉගැන්වූහ. ඔහු සමීපයෙහි එක් බමුණු මානවකයෙක් ත්රිවේදය ප්‍රගුණ කළේය. එක පදයකවත් සැකයක් නොමැතිව කීමෙහි දෙවන ගුරුවරයා වී මන්ත්‍ර ඉගැන්වීය. හෙතෙම පසුකලෙක ගෘහවාසයට පත්ව, ගෘහ සැප පිළිබඳ සිතිවිල්ලෙන් යුතුව කැළඹුණු සිත් ඇතිව මන්ත්‍ර කියන්නට නොහැකිවිය. ඉක්බිති ගුරුවරයා තමන් සමීපයට පැමිණි ඔහුගෙන් මානවකය! කෙසේද? මන්ත්‍ර ප්රගුණදැයි විචාරා ගෘහවාසය හා සම්බන්ධ වූ කාලයේ පටන් මගේ සිත කැළඹුණේය. මන්ත්‍ර කියන්නට නොහැක්කෙමියි කී කල්හි, දරුව! සිත කැලඹුණු කල ප්‍රගුණ කළ මන්ත්‍ර වුවද නොවැටහේ. නොකැළඹුණු කල්හි වනාහි නොවැටහීමක් නම් නැතැයි කියා
“යථොදකෙ ආවිලෙ අප්පසන්නෙ, න පස්සති සිප්පිකසම්බුකඤ්ච; සක්ඛරං වාලුකං මච්ඡගුම්බං, එවං ආවිලම්හි චිත්තෙ; න සො පස්සති අත්තදත්ථං පරත්ථං.
යථොදකෙ ආවිලෙ අප්පසන්නෙ, නපස්සති සිප්පික සම්බුකඤ්ච, සක්ඛරං වාළුකං මච්ඡගුම්බං, එවං ආවිලෙහි චිත්තෙ, නපස්සති අත්තදත්ථං පරත්ථං.
“යථොදකෙ අච්ඡෙ විප්පසන්නෙ, සො පස්සති සිප්පිකසම්බුකඤ්ච; සක්ඛරං වාලුකං මච්ඡගුම්බං, එවං අනාවිලම්හි චිත්තෙ; සො පස්සති අත්ථදත්ථං පරත්ථ”න්ති.
යථොදකෙ අච්ඡෙ විප්පසන්නෙ, සො පස්සති සිප්පික සම්බුකඤ්ච, සක්ඛරං වාළුකං මච්ඡගුම්බං, එවං අනාවිලෙ හි චිත්තෙ, සො පස්සති අත්ථදත්ථං පරත්ථං.
යන මේ ගාථා කීවේය.
යම්සේ මඩ මිශ්‍ර වූ නොපෑහුනු ජලයෙහි රන්වන් බෙල්ලන් ද, වට බෙල්ලන් ද, ගල්කැට, වැලි, මත්ස්‍යයන් නොදකියි. එසේම සිත කැළඹුණු කල්හි තමන්ගේ යහපත හෝ අනුන්ගේ යහපත නොදකියි.
යම්සේ නො කැළඹුණු පෑදුනු ජලයෙහි රන්වන් බෙල්ලන්ද, වට බෙල්ලන් ද, ගල්කැට, වැලි, මාලුන් ද ඔහු දකියි. එසේම සිත රාගාදී කෙලෙස්වලින් නොකැළඹුණු කල ඔහු තම යහපතත් අනුන්ගේ යහපතත් දකියි.
තත්ථ ආවිලෙති කද්දමාලුළිතෙ. අප්පසන්නෙති තායෙව ආවිලතාය අවිප්පසන්නෙ. සිප්පිකසම්බුකඤ්චාති සිප්පිකඤ්ච සම්බුකඤ්ච. මච්ඡගුම්බන්ති මච්ඡඝටං. එවං ආවිලම්හීති එවමෙව රාගාදීහි ආවිලෙ චිත්තෙ. අත්තදත්ථං පරත්ථන්ති නෙව අත්තදත්ථං න පරත්ථං පස්සතීති අත්ථො. සො පස්සතීති එවමෙව අනාවිලෙ චිත්තෙ සො පුරිසො අත්තදත්ථං පරත්ථඤ්ච පස්සතීති.
එහි, ආවිලෙ යනු කැළඹුණු මඩ ඇති, අප්පසන්නෙ යනු ඒ කැළඹීම නිසාම අප්‍රසන්න වූ (නොපෑදුනු) සිප්පික සම්බුකං යනු රන්වන් බෙල්ලන්ද වට බෙල්ලන්ද මුතු බෙල්ලන්ද මච්ඡගුම්බං යනු මාලු සමූහයා, එවං ආවිලෙ යනු මෙසේම රාගාදී කෙළෙස්වලින් කැළඹුණු සිතෙහි, අත්ථදත්ථං පරත්ථං යනු තමාගේ යහපතත් අනුන්ගේ යහපතත් නොදක්නේය යන අර්ථයි. සො පස්සති යනු එසේම සිත නොකැළඹුණු කල ඒ පුරුෂයා තම යහපතත් අන් යහපතත් දකියි.
සත්ථා ඉමං අතීතං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ බ්රාහ්මණකුමාරො සොතාපත්තිඵලෙ පතිට්ඨහි. “තදා මාණවො අයමෙව මාණවො අහොසි, ආචරියො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මෙම ධර්මදේශනාව ගෙනහැර දක්වා සිව්සස් වදාරා, ජාතක කථාව නිමවා වදාළ සේක. චතුරාර්ය සත්‍යය දේශනාවගේ කෙළවර බමුණු කුමරා සෝවාන් ඵලයෙහි පිහිටියේය. එදා මානවකයා මේ මානවකයාම විය. ගුරුවරයා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
අනභිරතිජාතකවණ්ණනා පඤ්චමා.