යෙදුමෙන් කියවන්න

6. දධිවාහනජාතකවණ‍්ණනා 186 අට‍්ඨකථා

6. දධිවාහනජාතකවණ‍්ණනා (186)

6. දධිවාහන ජාතකය (186)

වණ‍්ණගන්‍ධරසූපෙතොති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො විපක‍්ඛසෙවිං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි. වත්‍ථු හෙට‍්ඨා කථිතමෙව. සත්‍ථා පන “භික‍්ඛවෙ, අසාධුසන‍්නිවාසො නාම පාපො අනත්‍ථකරො, තත්‍ථ මනුස‍්සභූතානං තාව පාපසන‍්නිවාසස‍්ස අනත්‍ථකරතාය කිං වත‍්තබ‍්බං, පුබ‍්බෙ පන අසාතෙන අමධුරෙන නිම‍්බරුක‍්ඛෙන සද‍්ධිං සන‍්නිවාසමාගම‍්ම මධුරරසො දිබ‍්බරසපටිභාගො අචෙතනො අම‍්බරුක‍්ඛොපි අමධුරො තිත‍්තකො ජාතො”ති වත්‍වා අතීතං ආහරි.

වණ්ණගන්‍ධ රසූපෙතො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක් විපක්‍ෂය ඇසුරු කළ භික්‍ෂු කෙනෙකුන් මුල් කරගෙන දේශනා කළ සේක. මෙහි වර්තමාන කථාව යට (මුලින්) සඳහන් කළ කථාව හා සමානය. ශාස්තෲන් වහන්සේ වනාහි මහණෙනි! පවිටන් සමග වාසය නම් ලාමකය. අනර්ථකාරීය. එහි මිනිසුන්ට පවිටන්ගේ ආශ්‍රය අනතුරුදායක බව කියනුම කවරේද? පෙර තිත්ත, අමිහිරි කොහොඹ ගස සමග වාසයට පැමිණ, මිහිරි රස ඇති දිව්‍ය රසය හා සමාන වූ සිත් නැති මිහිරි අඹ ගස පවා අමිහිරි තිත්ත එකක් බවට පත්වූයේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ කාසිරට‍්ඨෙ චත‍්තාරො භාතරො බ්‍රාහ‍්මණා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා හිමවන‍්තපදෙසෙ පටිපාටියා පණ‍්ණසාලා කත්‍වා වාසං කප‍්පෙසුං. තෙසං ජෙට‍්ඨකභාතා කාලං කත්‍වා සක‍්කත‍්තං පාපුණි. සො තං කාරණං ඤත්‍වා අන‍්තරන‍්තරා සත‍්තට‍්ඨදිවසච‍්චයෙන තෙසං උපට‍්ඨානං ගච‍්ඡන‍්තො එකදිවසං ජෙට‍්ඨකතාපසං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිත්‍වා – “භන‍්තෙ, කෙන තෙ අත්‍ථො”ති පුච‍්ඡි. පණ‍්ඩුරොගො තාපසො “අග‍්ගිනා මෙ අත්‍ථො”ති ආහ. සො තං සුත්‍වා තස‍්ස වාසිඵරසුකං අදාසි. වාසිඵරසුකො නාම දණ‍්ඩෙ පවෙසනවසෙන වාසිපි හොති ඵරසුපි. තාපසො “කො මෙ ඉමං ආදාය දාරූනි ආහරිස‍්සතී”ති ආහ. අථ නං සක‍්කො එවමාහ – “යදා තෙ, භන‍්තෙ, දාරූහි අත්‍ථො, ඉමං ඵරසුං හත්‍ථෙන පහරිත්‍වා ‘දාරූනි මෙ ආහරිත්‍වා අග‍්ගිං කරොහී’ති වදෙය්‍යාසි, දාරූනි ආහරිත්‍වා අග‍්ගිං කත්‍වා දස‍්සතී”ති. තස‍්ස වාසිඵරසුකං දත්‍වා දුතියම‍්පි උපසඞ‍්කමිත්‍වා “භන‍්තෙ, කෙන තෙ අත්‍ථො”ති පුච‍්ඡි. තස‍්ස පණ‍්ණසාලාය හත්‍ථිමග‍්ගො හොති, සො හත්‍ථීහි උපද‍්දුතො “හත්‍ථීනං මෙ වසෙන දුක‍්ඛං උප‍්පජ‍්ජති, තෙ පලාපෙහී”ති ආහ. සක‍්කො තස‍්ස එකං භෙරිං උපනාමෙත්‍වා “භන‍්තෙ, ඉමස‍්මිං තලෙ පහටෙ තුම‍්හාකං පච‍්චාමිත‍්තා පලායිස‍්සන‍්ති, ඉමස‍්මිං තලෙ පහටෙ මෙත‍්තචිත‍්තා හුත්‍වා චතුරඞ‍්ගිනියා සෙනාය පරිවාරෙස‍්සන‍්තී”ති වත්‍වා තං භෙරිං දත්‍වා කනිට‍්ඨස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “භන‍්තෙ, කෙන තෙ අත්‍ථො”ති පුච‍්ඡි. සොපි පණ‍්ඩුරොගධාතුකොව, තස‍්මා “දධිනා මෙ අත්‍ථො”ති ආහ. සක‍්කො තස‍්ස එකං දධිඝටං දත්‍වා “සචෙ තුම‍්හෙ ඉච‍්ඡමානා ඉමං ආසිඤ‍්චෙය්‍යාථ, මහානදී හුත්‍වා මහොඝං පවත‍්තෙත්‍වා තුම‍්හාකං රජ‍්ජං ගහෙත්‍වා දාතුං සමත්‍ථොපි භවිස‍්සතී”ති වත්‍වා පක‍්කාමි. තතො පට‍්ඨාය වාසිඵරසුකො ජෙට‍්ඨභාතිකස‍්ස අග‍්ගිං කරොති, ඉතරෙන භෙරිතලෙ පහටෙ හත්‍ථී පලායන‍්ති, කනිට‍්ඨො දධිං පරිභුඤ‍්ජති.

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී කසීරට බමුණු සහෝදරයෝ හතරදෙනෙක් තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවත් පෙදෙසෙහි පිළිවෙලින් පන්සල් තනාගෙන වාසය කළාහුය. ඔවුන්ගේ වැඩිමල් සහෝදරයා කලුරියකොට ශක්‍ර පදවියට පත්විය. හෙතෙම ඒ කාරණය දැන අතරින් පතර සත්අට දවසක් ගිය තැන සහෝදරයන් තුන්දෙනාට උපස්ථාන කිරීම පිණිස එන්නේ එක් දවසක් වැඩිමල් තවුසා වැඳ එකත්පසෙක හිඳ ස්වාමීනි! ඔබවහන්සේට කිනම් දෙයක් අවශ්‍යදැයි විචාළේය. පාණ්ඩු රෝගයෙන් පෙළෙන තාපසයා මට ගින්නෙන් ප්‍රයෝජන ඇතැයි කීවේය. ශක්‍රයා ඔහුට වෑ පොරවක් දුන්නේය. වාසි ඵරසුව නම් මිටට ඇතුල් කිරීම් වශයෙන් වෑයත් වේ පොරවත් වේ. එවිට තවුසා කවරෙක් මේ පොරොව ගෙන දර ගෙන එන්නේදැයි කීහ. ඉක්බිති ශක්‍රයා ඔහුට ස්වාමීනි! ඔබට දර අවශ්‍ය වූ විට අත පිසදමා මේ පොරොව මට දර ගෙනවිත් ගිනි දල්වන්නයි කියන්න. දර ඉබේම ඇවිත් ගිනි දල්වන්නේ යයි කීවේය. මෙසේ කියා ඔහුට වෑ පොරොව දී දෙවැන්නා ළඟට ගොස් ස්වාමීනි! ඔබවහන්සේ කුමකින් ප්‍රයෝජන ඇත්දැයි විචාළේය. ඔහුගේ පන්සල අසලින් ඇතුන් යන මාර්ගයක් ඇත. තවුසා මම ඇතුන්ගෙන් පීඩාවට පත්වීමි. ඇතුන් නිසා මට දුකක් උපදියි. ඔවුන් පලවා හරින්නැයි කීවේය. ශක්‍රයා ඔහුට එක් බෙරයක් ගෙනවිත් දී ස්වාමීනි, මේ බෙර ඇසට ගැසූවිට තොපගේ සතුරෝ පලා යන්නෝය. මේ පැත්තට ගැසූ විට මෙත් සිත් ඇතිව සිව්රඟ සේනාවෙන් පිරිවරා ගන්නේ යයි කියා ඒ බෙරය දී, බාල සහෝදරයා සමීපයට ගොස්, ස්වාමීනි! ඔබ වහන්සේට කවර දෙයකින් ප්‍රයෝජනදැයි විචාළේය. ඔහුද පාණ්ඩු රෝගියෙකි. එහෙයින් මට දීකිරිවලින් ප්‍රයෝජන ඇතැයි කීවේය. ශක්‍රයා ඔහුට එක් මිදුණු කිරි කලයක් දී ඉදින් ඔබ කැමති වන්නේ නම් මෙසේ ආවර්ජනා කරන්න. මහ ගඟක් වී මහා සැඩ පහරක් ඇතිවී නුඹ වහන්සේට රාජ්‍යය ගෙන දෙන්නට පවා සමත් වන්නේ යයි කියා ගියේය. එතැන් පටන් වෑ පොරොව වැඩිමල් සහෝදරයාට ගිනි සපයයි. අනිකා විසින් බෙර ඇසට පහර දුන්විට ඇත්තු පලා යත්. බාල සහෝදරයා දීකිරි අනුභව කරයි.

තස‍්මිං කාලෙ එකො සූකරො එකස‍්මිං පුරාණගාමට‍්ඨානෙ චරන‍්තො ආනුභාවසම‍්පන‍්නං එකං මණික‍්ඛන්‍ධං අද‍්දස. සො තං මණික‍්ඛන්‍ධං මුඛෙන ඩංසිත්‍වා තස‍්සානුභාවෙන ආකාසෙ උප‍්පතිත්‍වා සමුද‍්දස‍්ස මජ‍්ඣෙ එකං දීපකං ගන‍්ත්‍වා “එත්‍ථ දානි මයා වසිතුං වට‍්ටතී”ති ඔතරිත්‍වා ඵාසුකට‍්ඨානෙ එකස‍්ස උදුම‍්බරරුක‍්ඛස‍්ස හෙට‍්ඨා වාසං කප‍්පෙසි. සො එකදිවසං තස‍්මිං රුක‍්ඛමූලෙ මණික‍්ඛන්‍ධං පුරතො ඨපෙත්‍වා නිද‍්දං ඔක‍්කමි. අථෙකො කාසිරට‍්ඨවාසී මනුස‍්සො “නිරුපකාරො එස අම‍්හාක”න‍්ති මාතාපිතූහි ගෙහා නික‍්කඩ‍්ඪිතො එකං පට‍්ටනගාමං ගන‍්ත්‍වා නාවිකානං කම‍්මකාරො හුත්‍වා නාවං ආරුය‍්හ සමුද‍්දමජ‍්ඣෙ භින‍්නාය නාවාය ඵලකෙ නිපන‍්නො තං දීපකං පත්‍වා ඵලාඵලානි පරියෙසන‍්තො තං සූකරං නිද‍්දායන‍්තං දිස‍්වා සණිකං ගන‍්ත්‍වා මණික‍්ඛන්‍ධං ගණ‍්හිත්‍වා තස‍්ස ආනුභාවෙන ආකාසෙ උප‍්පතිත්‍වා උදුම‍්බරරුක‍්ඛෙ නිසීදිත්‍වා චින‍්තෙසි – “අයං සූකරො ඉමස‍්ස මණික‍්ඛන්‍ධස‍්ස ආනුභාවෙන ආකාසචාරිකො හුත්‍වා ඉධ වසති මඤ‍්ඤෙ, මයා පඨමමෙව ඉමං සූකරං මාරෙත්‍වා මංසං ඛාදිත්‍වා පච‍්ඡා ගන‍්තුං වට‍්ටතී”ති. සො එකං දණ‍්ඩකං භඤ‍්ජිත්‍වා තස‍්ස සීසෙ පාතෙති. සූකරො පබුජ‍්ඣිත්‍වා මණිං අපස‍්සන‍්තො ඉතො චිතො ච කම‍්පමානො විධාවති, රුක‍්ඛෙ නිසින‍්නපුරිසො හසි. සූකරො ඔලොකෙන‍්තො තං දිස‍්වා තං රුක‍්ඛං සීසෙන පහරිත්‍වා තත්‍ථෙව මතො.

එකල එක්තරා ඌරෙක් පැරණි ගමක් තිබුණු තැනක හැසිරෙන්නේ බලසම්පන්න එක් විශාල මැණිකක් දුටුවේය. ඒ ඌරා ඒ ලොකු මැණික කටින් ඩැහැගෙන එහි බලයෙන් අහසට පැන නැගී මුහුද මැද එක් දිවයිනකට ගොස් මෙහි දැන් මා විසින් වාසය කිරීමට වටින්නේ යයි එහි බැස පහසු තැනක එක් තිඹිරි ගසක් මුල වාසය කෙළේය. ඌරා දිනක් ඒ ගස මුල මැණික තමා ඉදිරියෙහි තබා නින්දට ගියේය. ඉක්බිති කසීරට වැසි එක්තරා මිනිසෙක් මොහු අපට නොගැළපෙන්නේ යයි මව්පියන් විසින් ගෙදරින් නෙරපන ලද්දේ වරායක් සහිත වූ ගමකට ගොස් නැවියන්ගේ කම්කරුවෙක් වී නැවකට නැගී යන්නේ මුහුද මැදදී නැව කැඩුණු නිසා ලෑල්ලක් පිහිට කරගෙන ඒ දිවයිනටම පැමිණ ලොකු කුඩා පළතුරු සොයන්නේ ඒ ඌරා නිදන අයුරු දැක සෙමින් ගොස් ලොකු මැණික ගෙන එහි අනුහසින් අහසට පැන නැගී දිඹුල්ගසේ හිඳගෙන මෙසේ සිතුවේය. මේ ඌරා මේ මැණිකේ ආනුභාවයෙන් අහසින් සැරිසරන්නෙකු වී මෙහි වාසය කරන්නේ යයි හඟිමි. මා විසින් වනාහි පළමුවෙන්ම මූ මරා මස් කා පසුව යන්නට වටී යයි සිතුවේය. හෙතෙම එක් දණ්ඩක් කරා ඌරාගේ හිසට හෙළුවේය. ඌරා නැගිට මැණික නොදැක වෙව්ලමින් ඒ මේ අත දුවයි. ගස උඩ සිටි පුරුෂයා සිනාසුනේය. ඌරා වටපිට බලන්නේ ඒ පුරුෂයා දැක ඒ ගසට හිසෙහි පහරදී එහිම මළේය.

සො පුරිසො ඔතරිත්‍වා අග‍්ගිං කත්‍වා තස‍්ස මංසං පචිත්‍වා ඛාදිත්‍වා ආකාසෙ උප‍්පතිත්‍වා හිමවන‍්තමත්‍ථකෙන ගච‍්ඡන‍්තො අස‍්සමපදං දිස‍්වා ජෙට‍්ඨභාතිකස‍්ස තාපසස‍්ස අස‍්සමෙ ඔතරිත්‍වා ද‍්වීහතීහං වසිත්‍වා තාපසස‍්ස වත‍්තපටිවත‍්තං අකාසි, වාසිඵරසුකස‍්ස ආනුභාවඤ‍්ච පස‍්සි. සො “ඉමං මයා ගහෙතුං වට‍්ටතී”ති මණික‍්ඛන්‍ධස‍්ස ආනුභාවං තාපසස‍්ස දස‍්සෙත්‍වා “භන‍්තෙ, ඉමං මණිං ගහෙත්‍වා වාසිඵරසුකං දෙථා”ති ආහ. තාපසො ආකාසෙන චරිතුකාමො තං ගහෙත්‍වා වාසිඵරසුකං අදාසි. සො තං ගහෙත්‍වා ථොකං ගන‍්ත්‍වා වාසිඵරසුකං පහරිත්‍වා “වාසිඵරසුක තාපසස‍්ස සීසං ඡින්‍දිත්‍වා මණික‍්ඛන්‍ධං මෙ ආහරා”ති ආහ. සො ගන‍්ත්‍වා තාපසස‍්ස සීසං ඡින්‍දිත්‍වා මණික‍්ඛන්‍ධං ආහරි. සො වාසිඵරසුකං පටිච‍්ඡන‍්නට‍්ඨානෙ ඨපෙත්‍වා මජ‍්ඣිමතාපසස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා කතිපාහං වසිත්‍වා භෙරියා ආනුභාවං දිස‍්වා මණික‍්ඛන්‍ධං දත්‍වා භෙරිං ගණ‍්හිත්‍වා පුරිමනයෙනෙව තස‍්සපි සීසං ඡින්‍දාපෙත්‍වා කනිට‍්ඨං උපසඞ‍්කමිත්‍වා දධිඝටස‍්ස ආනුභාවං දිස‍්වා මණික‍්ඛන්‍ධං දත්‍වා දධිඝටං ගහෙත්‍වා පුරිමනයෙනෙව තස‍්ස සීසං ඡින්‍දාපෙත්‍වා මණික‍්ඛන්‍ධඤ‍්ච වාසිඵරසුකඤ‍්ච භෙරිඤ‍්ච දධිඝටඤ‍්ච ගහෙත්‍වා ආකාසෙ උප‍්පතිත්‍වා බාරාණසියා අවිදූරෙ ඨත්‍වා බාරාණසිරඤ‍්ඤො “යුද‍්ධං වා මෙ දෙතු රජ‍්ජං වා”ති එකස‍්ස පුරිසස‍්ස හත්‍ථෙ පණ‍්ණං පාහෙසි.

ඒ පුරුෂයා බැස ගිනි ගසා ඌරාගේ මස් පුළුස්සා කා අහසට පැන නැගී හිමාල වනය උඩින් යන්නේ අසපුව දැක දෙටු තවුසාගේ අසපුව ළඟ බැස දෙතුන් දිනක් වාසයකොට තවුසාට වත් පිළිවෙත් කෙළේය. වෑ පොරවේ බලමහිමයද දුටුවේය. ඔහු මෙය මා විසින් ගැනීමට වටනේ යයි සිතා මැණිකේ බලයද තාපසයාට දක්වා, ස්වාමීනි! මාගේ මේ මැණික ගෙන වෑපොරව මට දෙවයි කීවේය. තාපසයා අහසින් හැසිරෙනු කැමැත්තේ ඒ මැණික ගෙන වෑපොරව ඔහුට දුන්නේය. ඔහු එය ගෙන ටික දුරක් ගොස් වෑපොරව පිරිමැද වෑපොරව! තවුසාගේ හිස සිඳ ලොකු මැණික මට ගෙන එවයි කීවේය. වෑපොරව ගොස් තවුසාගේ හිස සිඳ මැණික් ගල ගෙනාවේය. හෙතෙම වෑපොරව සැඟවුණු තැනක තබා මද්දුම තවුසා ළඟට ගොස් කීපදිනක් වාසය කොට බෙරයෙහි බලය දැක ලොකු මැණික දී බෙරය ගෙන පෙර පරිද්දෙන්ම ඔහුගේද හිස ගස්වා, කණිටු තවුසා වෙත එළඹ දී කලයේ බලමහිමය අසා ලොකු මැණික දී දීකළයද ගෙන පෙර පරිද්දෙන්ම ඔහුගේ හිස සිඳුවා ලොකු මැණිකද, වෑපොරවද, බෙරයද, දීකළයද රැගෙන අහසට පැන නැගී බරණැසට නුදුරෙහි සිට බරණැස් රජුට රාජ්‍යය දෙව, නැතිනම් යුද්ධ කරවයි එක් පුරුෂයෙකු අත ලිපියක් යැවීය.

රාජා සාසනං සුත්‍වාව “චොරං ගණ‍්හිස‍්සාමී”ති නික‍්ඛමි. සො එකං භෙරිතලං පහරි, චතුරඞ‍්ගිනී සෙනා පරිවාරෙසි. රඤ‍්ඤො අවත්‍ථරණභාවං ඤත්‍වා දධිඝටං විස‍්සජ‍්ජෙසි, මහානදී පවත‍්ති. මහාජනො දධිම‍්හි ඔසීදිත්‍වා නික‍්ඛමිතුං නාසක‍්ඛි. වාසිඵරසුකං පහරිත්‍වා “රඤ‍්ඤො සීසං ආහරා”ති ආහ, වාසිඵරසුකො ගන‍්ත්‍වා රඤ‍්ඤො සීසං ආහරිත්‍වා පාදමූලෙ නික‍්ඛිපි. එකොපි ආවුධං උක‍්ඛිපිතුං නාසක‍්ඛි. සො මහන‍්තෙන බලෙන පරිවුතො නගරං පවිසිත්‍වා අභිසෙකං කාරෙත්‍වා දධිවාහනො නාම රාජා හුත්‍වා ධම‍්මෙන සමෙන රජ‍්ජං කාරෙසි.

රජතුමා ලියමන අසාම සොරා ගන්නෙමියි නික්මුනේය. අර පුරුෂයා එක් බෙර පලුවකට පහර දුන්නේය. එවිට සිවුරඟ සෙනඟ ඔහු වටා පිරිවරා ගත්තේය. රජතුමා පසුබසින බව දැන දී කලය විසිරෙව්වේය. එවිට මහ ගඟක් ඇතිවිය. මහජනයා කිරිවල එරී (ගිලී) නික්මෙන්නට නොහැකි වූහ. වෑපොරව පිරිමැද රජුගේ හිස සිඳ රැගෙන එවයි කීවේය. වෑපොරව ගොස් ඔහුගේ හිස රැගෙන විත් ඔහුගේ පාමුල දැම්මේය. එකෙකුත් ආයුධ ඔසවන්නට සමත් නොවීය. ඔහු මහත් බලයෙන් පිරිවරන ලද්දේ නගරයට පිවිස අභිෂේක කරවා ‘දධිවාහන’ නම් රජවී දැහැමින් රජ කරවීය.

තස‍්සෙකදිවසං මහානදියං ජාලකරණ‍්ඩකෙ කීළන‍්තස‍්ස කණ‍්ණමුණ‍්ඩදහතො දෙවපරිභොගං එකං අම‍්බපක‍්කං ආගන‍්ත්‍වා ජාලෙ ලග‍්ගි, ජාලං උක‍්ඛිපන‍්තා තං දිස‍්වා රඤ‍්ඤො අදංසු. තං මහන‍්තං ඝටප‍්පමාණං පරිමණ‍්ඩලං සුවණ‍්ණවණ‍්ණං අහොසි. රාජා “කිස‍්ස ඵලං නාමෙත”න‍්ති වනචරකෙ පුච‍්ඡිත්‍වා “අම‍්බඵල”න‍්ති සුත්‍වා පරිභුඤ‍්ජිත්‍වා තස‍්ස අට‍්ඨිං අත‍්තනො උය්‍යානෙ රොපාපෙත්‍වා ඛීරොදකෙන සිඤ‍්චාපෙසි. රුක‍්ඛො නිබ‍්බත‍්තිත්‍වා තතියෙ සංවච‍්ඡරෙ ඵලං අදාසි. අම‍්බස‍්ස සක‍්කාරො මහා අහොසි, ඛීරොදකෙන සිඤ‍්චන‍්ති, ගන්‍ධපඤ‍්චඞ‍්ගුලිකං දෙන‍්ති, මාලාදාමානි පරික‍්ඛිපන‍්ති, ගන්‍ධතෙලෙන දීපං ජාලෙන‍්ති, පරික‍්ඛෙපො පනස‍්ස පටසාණියා අහොසි. ඵලානි මධුරානි සුවණ‍්ණවණ‍්ණානි අහෙසුං. දධිවාහනරාජා අඤ‍්ඤෙසං රාජූනං අම‍්බඵලං පෙසෙන‍්තො අට‍්ඨිතො රුක‍්ඛනිබ‍්බත‍්තනභයෙන අඞ‍්කුරනිබ‍්බත‍්තනට‍්ඨානං මණ‍්ඩූකකණ‍්ටකෙන විජ‍්ඣිත්‍වා පෙසෙසි. තෙසං අම‍්බං ඛාදිත්‍වා අට‍්ඨි රොපිතං න සම‍්පජ‍්ජති. තෙ “කිං නු ඛො එත්‍ථ කාරණ”න‍්ති පුච‍්ඡන‍්තා තං කාරණං ජානිංසු.

දිනක් ඔහු මහ ගඟෙහි දැල් කොටුවක ජලක්‍රීඩා කරද්දී කර්ණ මුණ්ඩ නම් පොකුණෙන් දෙවියන් විසින් පරිභෝග කරන ලද එක් අඹ ගෙඩියක් ගඟෙහි ගසාගෙන අවුත් දැලෙහි රැඳුනේය. දැළ ඔසවන්නෝ එය දැක රජුට දුන්නාහුය. එය ලොකු කලයක් පමණ රවුම් රන්වන් එකක් විය. රජතුමා මේ කිනම් ගෙඩියක්දැයි වැද්දන්ගෙන් විචාරා අඹ ගෙඩියක් යයි අසා අඹරස විඳ ඒ ඇටය තම රජ උයනේ සිටුවා කිරිදිය ඉස්සවාපීය. ගස හැදී තුන්වන අවුරුද්දේ ගෙඩි හට ගත්තේය. අඹ ගසට සත්කාර වැඩිවිය. කිරි දියර ඉසිත්. සුවඳ පසඟුල් දෙත්. මල්දම්වලින් වටකරත්. සුවඳ තෙලින් පහන් දල්වත්. ඒ අඹගසට පටසළුවෙන් කළ වැටක් විය. මිහිරි අඹගෙඩි රන්වන් විය. දධිවාහන රජතුමා සෙසු රජවරුන්ටත් අඹඵල යවන්නේ අඹඇට සිටුවා අඹගස් රෝපණය කරාවි යන බියෙන් අංකුර හටගන්නා තැන වඩු කටුවලින් විද යැව්වේය. ඔවුන්ගේ අඹ අනුභවකොට සිටුවන ලද ඇට පැල නොවෙයි. ඔවුහු මීට හේතු කවරේදැයි විමසමින් ඒ රහස දැන ගත්තාහුය.

අථෙකො රාජා උය්‍යානපාලං පක‍්කොසිත්‍වා “දධිවාහනස‍්ස අම‍්බඵලානං රසං නාසෙත්‍වා තිත‍්තකභාවං කාතුං සක‍්ඛිස‍්සසී”ති පුච‍්ඡිත්‍වා “ආම, දෙවා”ති වුත‍්තෙ “තෙන හි ගච‍්ඡාහී”ති සහස‍්සං දත්‍වා පෙසෙසි. සො බාරාණසිං ගන‍්ත්‍වා “එකො උය්‍යානපාලො ආගතො”ති රඤ‍්ඤො ආරොචාපෙත්‍වා තෙන පක‍්කොසාපිතො පවිසිත්‍වා රාජානං වන්‍දිත්‍වා “ත්‍වං උය්‍යානපාලො”ති පුට‍්ඨො “ආම, දෙවා”ති වත්‍වා අත‍්තනො ආනුභාවං වණ‍්ණෙසි. රාජා “ගච‍්ඡ අම‍්හාකං උය්‍යානපාලස‍්ස සන‍්තිකෙ හොහී”ති ආහ. තෙ තතො පට‍්ඨාය ද‍්වෙ ජනා උය්‍යානං පටිජග‍්ගන‍්ති. අධුනාගතො උය්‍යානපාලො අකාලපුප‍්ඵානි සුට‍්ඨු පුප‍්ඵාපෙන‍්තො අකාලඵලානි ගණ‍්හාපෙන‍්තො උය්‍යානං රමණීයං අකාසි. රාජා තස‍්ස පසීදිත්‍වා පොරාණකඋය්‍යානපාලං නීහරිත්‍වා තස‍්සෙව උය්‍යානං අදාසි. සො උය්‍යානස‍්ස අත‍්තනො හත්‍ථගතභාවං ඤත්‍වා අම‍්බරුක‍්ඛං පරිවාරෙත්‍වා නිම‍්බෙ ච ඵග‍්ගවවල‍්ලියො ච රොපෙසි, අනුපුබ‍්බෙන නිම‍්බා වඩ‍්ඪිංසු, මූලෙහි මූලානි, සාඛාහි ච සාඛා සංසට‍්ඨා ඔනද‍්ධවිනද‍්ධා අහෙසුං. තෙන අසාතඅමධුරසංසග‍්ගෙන තාවමධුරඵලො අම‍්බො තිත‍්තකො ජාතො නිම‍්බපණ‍්ණසදිසරසො, අම‍්බඵලානං තිත‍්තකභාවං ඤත්‍වා උය්‍යානපාලො පලායි.

මේ අතර එක්තරා රජෙක් උයන්පල්ලා කැඳවා දධිවාහන රජුගේ අඹවල රස නසා තිත්ත භාවයට පත්කළ හැකි වන්නෙහිදැයි විචාරා, එසේය මහරජතුමනියි කී කල්හි එසේනම් යවයි දහසක් දී යැව්වේය. හෙතෙම බරණැසට ගොස්, එක් උයන්පල්ලෙකු පැමිණියේ යයි රජුට දන්වා රජු විසින් කැඳවන ලද්දේ, රජු වෙත පිවිස රජුට වැඳ නුඹ උයන්පල්ලෙක්දැයි විචාළේය. එසේය දේවයන් වහන්සයයි කියා තමන්ගේ හැකියාවන් බලමහිමය වර්ණනා කෙළේය. රජතුමා යව, අපගේ උයන්පල්ලා සමීපයේ හිඳුවයි කීවේය. ඔවුන් දෙදෙනා එතැන් පටන් උයන සංරක්‍ෂණය කරති. අළුතින් පැමිණි උයන්පල්ලා අකාලයෙහි මල්, ගෙඩි ඇති කරමින් උයන සිත්කලු කෙළේය. රජතුමා ඔහුට පැහැදී පැරණි උයන්පල්ලා ඉවත්කොට අළුත් උයන්පල්ලාට උයන බාර කෙළේය. හෙතෙම උයනේ පාලනය තමන් අතට පත්වූ බව දැන අඹගස වටකොට කොහොඹ ගස්ද අඟුල් වැල් හෙවත් අඟුන වැල් රෝපණය කෙළේය. පිළිවෙලින් කොහොම ගස් වැඩුනේය. මුලෙන් මුල ද අත්තෙන් අත්තද ගැටී එකිනෙක වෙලී බැඳුනේ විය. ඒ නිසා කටුක අමිහිරි රස එක්වීමෙන් එතෙක් මිහිරි අඹඵල තිත්ත රස විය. කොහොඹ කොළ රස සමාන විය. අඹඵල තිත්ත බව දැන උයන්පල්ලා පලා ගියේය.

දධිවාහනො උය්‍යානං ගන‍්ත්‍වා අම‍්බඵලං ඛාදන‍්තො මුඛෙ පවිට‍්ඨං අම‍්බරසං නිම‍්බකසටං විය අජ‍්ඣොහරිතුං අසක‍්කොන‍්තො කක‍්කාරෙත්‍වා නිට‍්ඨුභි. තදා බොධිසත‍්තො තස‍්ස අත්‍ථධම‍්මානුසාසකො අමච‍්චො අහොසි. රාජා බොධිසත‍්තං ආමන‍්තෙත්‍වා “පණ‍්ඩිත, ඉමස‍්ස රුක‍්ඛස‍්ස පොරාණකපරිහාරතො පරිහීනං නත්‍ථි, එවං සන‍්තෙපිස‍්ස ඵලං තිත‍්තකං ජාතං, කිං නු ඛො කාරණ”න‍්ති පුච‍්ඡන‍්තො පඨමං ගාථමාහ –

දධිවාහන රජතුමා උයනට ගොස් අඹගෙඩි කන්නේ කටට ගත් අඹරසය කොහොඹ කහට මෙන් ගිලින්නට නොහැක්කේ කාරා බිම හෙලීය. එකල බෝසතාණන් වහන්සේ ඒ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නෙකු වූ සේක. රජතුමා බෝසතාණන් වහන්සේ අමතා, පඬිතුමනි, මේ අඹගසට කළමනා ප්‍රතිකාරයෙන් අඩුවක් නැත. එසේ තිබියදීත් අඹගෙඩි තිත්ත විය. ඒ කුමක් නිසාදැයි විමසන්නේ,

“වණ‍්ණගන්‍ධරසූපෙතො , අම‍්බොයං අහුවා පුරෙ; තමෙව පූජං ලභමානො, කෙනම‍්බො කටුකප‍්ඵලො”ති.

වණ්ණ ගන්‍ධ රසුපෙතො අම්බායං අහුවා පුරෙ, තමෙව පූජං ලභමානො කෙනම්බො කටුකප්පලො.

යන පළමු ගාථාව කීවේය.

මේ අඹ පෙර වර්ණයෙන්, සුවඳින්, රසයෙන් යුක්ත වූයේ විය. ඒ පුද සැලකිලිම ලබන්නේ කුමක් නිසා අඹ දැන් අමිහිරි තිත්ත රස වූයේද?

අථස‍්ස කාරණං ආචික‍්ඛන‍්තො බොධිසත‍්තො දුතියං ගාථමාහ –

ඉක්බිති අඹ නීරස වීමට කරුණු කියන්නා වූ බෝසතාණන් වහන්සේ,

“පුචිමන්‍දපරිවාරො, අම‍්බො තෙ දධිවාහන; මූලං මූලෙන සංසට‍්ඨං, සාඛා සාඛා නිසෙවරෙ; අසාතසන‍්නිවාසෙන, තෙනම‍්බො කටුකප‍්ඵලො”ති.

පුචිමන්‍දපරිවාරො අම්බො තෙ දධිවාහන! මූලං මූලෙන සංඝට්ඨං සාඛා සාඛා නිසෙවරෙ, අසාත සන්නිවාසෙන තෙනම්බො කටුකප්පලො.

යන දෙවන ගාථාව කී සේක.

“දධිවාහන රජතුමනි, ඒ අඹ ගස කොහොඹ ගස් පිරිවරකොට ඇත්තේ මුලෙන් මුල බැඳී, අත්තෙන් අත්ත ගැටී සිටියි. අමිහිරි කොහොඹ සමග එක්වීමෙන් මිහිරි අඹ ගස තිත්ත ඵල ඇත්තේ විය.”

තත්‍ථ පුචිමන්‍දපරිවාරොති නිම‍්බරුක‍්ඛපරිවාරො. සාඛා සාඛා නිසෙවරෙති පුචිමන්‍දස‍්ස සාඛායො අම‍්බරුක‍්ඛස‍්ස සාඛායො නිසෙවන‍්ති. අසාතසන‍්නිවාසෙනාති අමධුරෙහි පුචිමන්‍දෙහි සද‍්ධිං සන‍්නිවාසෙන. තෙනාති තෙන කාරණෙන අයං අම‍්බො කටුකප‍්ඵලො අසාතඵලො තිත‍්තකඵලො ජාතොති.

එහි, පුචිමන්‍ද පරිවාරො යනු කොහොඹ ගස් පිරිවරකොට ඇත්තේ, සාඛා සාඛා නිසෙවරෙ යනු කොහොඹ අතු හා අඹ අතු එකට ඇසුරු කිරීමෙන් ගැටීමෙන්, අසාත සන්නිවා සෙන යනු අමිහිරි කොහොඹ සමග ඇසුරු කිරීමෙන්, තෙන යනු ඒ කාරණයෙන් අයං අම්බො කටුකප්ඵලො මේ අඹගස අමිහිරි තිත්ත ඇත්තේ විය.

රාජා තස‍්ස වචනං සුත්‍වා සබ‍්බෙපි පුචිමන්‍දෙ ච ඵග‍්ගවවල‍්ලියො ච ඡින්‍දාපෙත්‍වා මූලානි උද‍්ධරාපෙත්‍වා සමන‍්තා අමධුරපංසුං හරාපෙත්‍වා මධුරපංසුං පක‍්ඛිපාපෙත්‍වා ඛීරොදකසක‍්ඛරොදකගන්‍ධොදකෙහි අම‍්බං පටිජග‍්ගාපෙසි. සො මධුරසංසග‍්ගෙන පුන මධුරොව අහොසි. රාජා පකතිඋය්‍යානපාලස‍්සෙව උය්‍යානං නිය්‍යාදෙත්‍වා යාවතායුකං ඨත්‍වා යථාකම‍්මං ගතො.

රජතුමා ඔහුගේ කීම අසා සියලුම කොහොඹ ද අඟුනවැල් ද කපා දමවා මුල් උදුරා දමවා වටේට අමිහිරි රස උපදවන පස් ඉවත්කොට මිහිරි බව ඇතිකරන පස් දම්මවා කිරිවතුර, හකුරු, සුවඳ දියෙන් අඹගස සංරක්‍ෂණය කරවීය. ඒ අඹ මිහිරි රස සංයෝගයෙන් නැවත මිහිරි රස විය. රජතුමා මුල් උයන්පල්ලාටම උයන පවරා දී දිවි ඇතිතෙක් වාසය කොට කම්වූ පරිද්දෙන් මියපරළොව ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා අහමෙව පණ‍්ඩිතාමච‍්චො අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල මම ම නුවණ ඇති ඇමතියා වූයෙමි.

දධිවාහනජාතකවණ‍්ණනා ඡට‍්ඨා.