යෙදුමෙන් කියවන්න

7. චතුමට‍්ඨජාතකවණ‍්ණනා 187 අට‍්ඨකථා

7. චතුමට‍්ඨජාතකවණ‍්ණනා (187)

7. චතුමට්ඨ ජාතකය (187)

උච‍්චෙ විටභිමාරුය‍්හාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං මහල‍්ලකභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. එකදිවසං කිර ද‍්වීසු අග‍්ගසාවකෙසු අඤ‍්ඤමඤ‍්ඤං පඤ‍්හපුච‍්ඡනවිස‍්සජ‍්ජනකථාය නිසින‍්නෙසු එකො මහල‍්ලකො භික‍්ඛු තෙසං සන‍්තිකං ගන‍්ත්‍වා තතියො හුත්‍වා නිසීදිත්‍වා “භන‍්තෙ, මයම‍්පි තුම‍්හෙ පඤ‍්හං පුච‍්ඡිස‍්සාම, තුම‍්හෙපි අත‍්තනො කඞ‍්ඛං අම‍්හෙ පුච‍්ඡථා”ති ආහ. ථෙරා තං ජිගුච‍්ඡිත්‍වා උට‍්ඨාය පක‍්කමිංසු. ථෙරානං ධම‍්මං සොතුං නිසින‍්නපරිසා සමාගමස‍්ස භින‍්නකාලෙ සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා “කිං අකාලෙ ආගතත්‍ථා”ති වුත‍්තෙ තං කාරණං ආරොචයිංසු. සත්‍ථා “න, භික‍්ඛවෙ, ඉදානෙව සාරිපුත‍්තමොග‍්ගල‍්ලානා එතං ජිගුච‍්ඡිත්‍වා අකථෙත්‍වා පක‍්කමන‍්ති, පුබ‍්බෙපි පක‍්කමිංසූ”ති වත්‍වා අතීතං ආහරි.

උච්චෙ විටභිමාරායහ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරනසේක් එක්තරා මහලු භික්‍ෂුවක මුල්කර ගෙන දේශනා කළ සේක. එක්දිනක් අගසව් දෙදෙනා වහන්සේ ඔවුනොවුන් ප්‍රශ්න අසා විසඳමින් සිටින අවස්ථාවක එක්තරා මහලු භික්‍ෂුවක් අගසව් දෙදෙනා වහන්සේ ළඟට ගොස් තුන්වැන්නෙකු වී හිඳගෙන ස්වාමීනි, අපිද නුඹ වහන්සේලාගෙන් ප්‍රශ්න විචාරන්නෙමු. නුඹවහන්සේලාත් තමන්ගේ සැක කරුණු ඇතොත් අපෙන් විමසුව මැනවයි කීවේය. දෑගසව්වන් වහන්සේලා ඒ භික්‍ෂුව පිළිකුල් කොට නැගිට වැඩියහ. තෙරුන් වහන්සේලාගෙන් බණ ඇසීමට සූදානම්ව සිටි පිරිස රැස්වීම විසිරී ගිය අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ වෙත ගොස් සිටිනවිට අවේලාවේ කුමක් නිසා ආවහුදැයි වදාළ කල්හි ඒ සිද්ධිය දන්වා සිටියහ. එවිට බුදුහු මහණෙනි, සැරියුත් මුගලන් දෙදෙනා මේ භික්‍ෂුව පිළිකුල්කොට කථා නොකර ඉවත්ව ගියේ, දැන් පමණක් නොවේ. පෙරත් මෙසේ ඉවත්ව ගියාහුයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො අරඤ‍්ඤායතනෙ රුක‍්ඛදෙවතා අහොසි. අථ ද‍්වෙ හංසපොතකා චිත‍්තකූටපබ‍්බතා නික‍්ඛමිත්‍වා තස‍්මිං රුක‍්ඛෙ නිසීදිත්‍වා ගොචරාය ගන‍්ත්‍වා නිවත‍්තන‍්තාපි තස‍්මිංයෙව විස‍්සමිත්‍වා චිත‍්තකූටං ගච‍්ඡන‍්ති. ගච‍්ඡන‍්තෙ ගච‍්ඡන‍්තෙ කාලෙ තෙසං බොධිසත‍්තෙන සද‍්ධිං විස‍්සාසො අහොසි. ගච‍්ඡන‍්තා ච ආගච‍්ඡන‍්තා ච අඤ‍්ඤමඤ‍්ඤං සම‍්මොදිත්‍වා ධම‍්මකථං කථෙත්‍වා පක‍්කමිංසු. අථෙකදිවසං තෙසු රුක‍්ඛග‍්ගෙ නිසීදිත්‍වා බොධිසත‍්තෙන සද‍්ධිං කථෙන‍්තෙසු එකො සිඞ‍්ගාලො තස‍්ස රුක‍්ඛස‍්ස හෙට‍්ඨා ඨත්‍වා තෙහි හංසපොතකෙහි සද‍්ධිං මන‍්තෙන‍්තො පඨමං ගාථමාහ –

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ වනාන්තරයක රුක් දෙවියෙකු වී සිටි සේක. ඉක්බිති හංසපැටව් දෙදෙනෙක් චිත්‍රකූට පර්වතයෙන් නික්මී ඒ ගසෙහි හිඳ ගොදුරු පිණිස ගොස් ආපසු එමින් ද ඒ බෝසතාණන් වහන්සේ සමග හංස පෝතකයන්ගේ විශ්වාසයක් ඇතිවිය. යන එන ගමන්වලදී ඔවුනොවුන් සතුටු වී දැහැමි කථා කියා යන්නාහුය. ඉක්බිති එක්දිනක් ඔවුන් ගස මුදුනේ සිට බෝසතාණන් වහන්සේ සමග කථාකරන කල්හි එක් හිවලෙක් ඒ ගස යට සිට ඒ හංසපැටව් සමග කථා කරමින්,

“උච‍්චෙ විටභිමාරුය‍්හ, මන‍්තයව‍්හො රහොගතා; නීචෙ ඔරුය‍්හ මන‍්තව‍්හො, මිගරාජාපි සොස‍්සතී”ති.

උච්චෙ විටභිමාරුය්හ මන්තයව්හො රහොගතා, නීචෙ ඔරුය්හ මන්තව්හො මිගරාජාපි සොස්සති

යන පළමු ගාථාව කීවේය.

“උස් ගසක අත්තකට නැගී රහසිගතව මන්ත්‍රණය කරන්නාහුය. බිමට බැස කථා කරව් මෘගරාජයා ද අසන්නේය.”

තත්‍ථ උච‍්චෙ විටභිමාරුය‍්හාති පකතියා ච උච‍්චෙ ඉමස‍්මිං රුක‍්ඛෙ උච‍්චතරං එකං විටපං අභිරුහිත්‍වා. මන‍්තයව‍්හොති මන‍්තෙථ කථෙථ. නීචෙ ඔරුය‍්හාති ඔතරිත්‍වා නීචෙ ඨානෙ ඨත්‍වා මන‍්තෙථ. මිගරාජාපි සොස‍්සතීති අත‍්තානං මිගරාජානං කත්‍වා ආහ. හංසපොතකා ජිගුච‍්ඡිත්‍වා උට‍්ඨාය චිත‍්තකූටමෙව ගතා.

එහි, උච්චෙ විටභිමාරුය්හ යනු ස්වභාවයෙන්ම උස මේ ගසෙහි වඩා උස දෙබලකට නැගී, මන්තයව්හො යනු මන්ත්‍රණය කරව්. කථා කරව්. නීචෙ ඔරුය්හ යනු ගසින් බැස පහත් තැන සිට මන්ත්‍රණය (කතා) කරව්. මිගරාජාපි සොස්ස ති යනු තමා මෘගරාජයෙකු (සිංහයෙකු) කොට කීවේය. හංස පැටව් පිළිකුල්කොට නැගිට චිත්‍රකූටයටම ගියෝය.

තෙසං ගතකාලෙ බොධිසත‍්තො සිඞ‍්ගාලස‍්ස දුතියං ගාථමාහ –

ඔවුන් ගියකල්හි බෝසතාණන් වහන්සේ හිවලාට

“යං සුවණ‍්ණො සුවණ‍්ණෙන, දෙවො දෙවෙන මන‍්තයෙ; කිං තෙත්‍ථ චතුමට‍්ඨස‍්ස, බිලං පවිස ජම‍්බුකා”ති.

යං සුපණ්ණො සුපණ්ණො න දෙවො දෙවෙන මන්තයෙ, කිං තෙත්‍ථ චතුමට්ඨස්ස බිලං පවිස ජම්බුකා

යන දෙවන ගාථාව කී සේක.

“යම් කරුණකින් හංසයා හංසයා සමගද දෙවියා දෙවියා සමගද මන්ත්‍රණය කෙරේද? ඒ මන්ත්‍රණයෙහි (කතාවෙහි) ශරීරය, ජාතිය, ස්වරය, ගුණය යන සතර කරුණකින් හීන වූ තට කවර නම් ප්‍රයෝජනයෙක්ද? සිගාලය! බිලයට පිවිසෙව.”

තත්‍ථ සුවණ‍්ණොති සුන්‍දරවණ‍්ණො. සුවණ‍්ණෙනාති දුතියෙන හංසපොතකෙන. දෙවො දෙවෙනාති තෙයෙව ද‍්වෙ දෙවෙ කත්‍වා කථෙති. චතුමට‍්ඨස‍්සාති සරීරෙන ජාතියා සරෙන ගුණෙනාති ඉමෙහි චතූහි මට‍්ඨස‍්ස සුද‍්ධස‍්සාති අක‍්ඛරත්‍ථො. අසුද‍්ධංයෙව පන තං පසංසාවචනෙන නින්‍දන‍්තො එවමාහ, චතූහි ලාමකස‍්ස කිං තෙ එත්‍ථ සිඞ‍්ගාලස‍්සාති අයමෙත්‍ථ අධිප‍්පායො. “බිලං පවිසා”ති ඉදං බොධිසත‍්තො භෙරවාරම‍්මණං දස‍්සෙත්‍වා තං පලාපෙන‍්තො ආහ.

එහි, සුපණ්ණො යනු යහපත් පියාපත් ඇති හංසයා සුපණ්ණෙන යනු දෙවන හංස පෝතකයා සමග, දෙවො දෙවෙන යනු ඒ දෙදෙනාම දෙවියන් කොට (සලකා දෙවියා දෙවියන් සමග යනුවෙන්) කියයි. චතුමට්ඨස්ස යනු සිරුරෙන්, ජාතියෙන්, හඬින් (ස්වරය) ගුණයෙන් යන මේ කරුණු හතරින් ඔපමට්ටම් වූ පිරිසිදු වූ ඔබට යන වචනාර්ථයයි. අපිරිසිදු වුව හිවලාට ප්‍රශංසා කරන වචනයෙන් නින්දා කරමින් මෙසේ කීය. මේ කරුණු හතරින් ලාමක වූ පහත් වූ හිවලාට ඔබට මෙහි කවර ප්‍රයෝජනයක්ද යන මෙය මෙහිදීත් අදහස් කරන ලදි. බිලං පවිස යන මෙය බෝසතාණන් වහන්සේ බියජනක අරමුණු පෙන්වා හිවලා පලා යවමින් කීහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සිඞ‍්ගාලො මහල‍්ලකො අහොසි, ද‍්වෙ හංසපොතකා සාරිපුත‍්තමොග‍්ගල‍්ලානා, රුක‍්ඛදෙවතා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල මේ මහලු පැවිද්දා හිවලා විය. හංස පෝතකයෝ දෙදෙනා සැරියුත් මුගලන් දෙදෙනාය. රුක් දෙවියා වනාහි මම ම වෙමි යි වදාළ සේක.

චතුමට‍්ඨජාතකවණ‍්ණනා සත‍්තමා.