8. සීහකොත්ථුජාතකවණ්ණනා 188 අට්ඨකථා
8. සීහකොත්ථුජාතකවණ්ණනා (188)
8. සීහකොත්ථුක ජාතකය (188)
සීහඞ්ගුලී සීහනඛොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො කොකාලිකං ආරබ්භ කථෙසි. එකදිවසං කිර කොකාලිකො අඤ්ඤෙසු බහුස්සුතෙසු ධම්මං කථෙන්තෙසු සයම්පි කථෙතුකාමො අහොසීති සබ්බං හෙට්ඨා වුත්තනයෙනෙව විත්ථාරෙතබ්බං. තං පන පවත්තිං සුත්වා සත්ථා “න, භික්ඛවෙ, කොකාලිකො ඉදානෙව අත්තනො සද්දෙන පාකටො ජාතො, පුබ්බෙපි පාකටො අහොසී”ති වත්වා අතීතං ආහරි.
සීහංගුලී සීහනඛො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් කෝකාලික තෙරුන් අරබයා වදාළ සේක. එක් දවසක් වනාහි කෝකාලික භික්ෂුව අන්‍ය බහුශ්‍රැත ධර්මකථිකයන් වහන්සේලා ධර්මය දේශනා කරන කල්හි තමනුත් ධර්මය කියනු කැමැත්තේ විය යනාදිය සියල්ල යට (මුලින්) කියන ලද අන්දමට විස්තර කළයුතුය. ඒ ප්‍රවෘත්තිය අසා බුදුරජාණන් වහන්සේ මහණෙනි, කෝකාලික භික්ෂුව තමන්ගේ හඬින් ප්‍රකට වූයේ දැන් පමණක් නොවෙයි. පෙරත් එසේ ප්රකටවීයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො හිමවන්තපදෙසෙ සීහො හුත්වා එකාය සිඞ්ගාලියා සද්ධිං සංවාසමන්වාය පුත්තං පටිලභි. සො අඞ්ගුලීහි නඛෙහි කෙසරෙන වණ්ණෙන සණ්ඨානෙනාති ඉමෙහි ආකාරෙහි පිතුසදිසො අහොසි, සද්දෙන මාතුසදිසො. අථෙකදිවසං දෙවෙ වස්සිත්වා විගතෙ සීහෙසු නදිත්වා සීහකීළං කීළන්තෙසු සොපි තෙසං අන්තරෙ නදිතුකාමො හුත්වා සිඞ්ගාලිකං නාදං නදි. අථස්ස සද්දං සුත්වා සීහා තුණ්හී අහෙසුං. තස්ස සද්දං සුත්වා අපරො බොධිසත්තස්ස සජාතිපුත්තො “තාත, අයං සීහො වණ්ණාදීහි අම්හෙහි සමානො, සද්දො පනස්ස අඤ්ඤාදිසො, කො නාමෙසො”ති පුච්ඡන්තො පඨමං ගාථමාහ –
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහා බෝසතාණන් වහන්සේ හිමාලය වන පෙදෙසෙහි සිංහයෙක් වී ඉපිද එක් හිවලියක සමග සංවාසයේ යෙදීමෙන් පුතෙකු ලැබූහ. ඒ සිංහ පැටියා ඇඟිලිවලින්, නියවලින්, කෙසරුවලින්, පැහැයෙන්, හැඩරුවෙන් මේ ආකාරවලින් පියා හා සමාන විය. කටහඬින් මව හා සමාන විය. ඉක්බිති එක් දිනක් වැස්ස වැස පහවූ කල්හි (නතර වූ විට) සිංහයෝ නාද කර කර ක්‍රීඩා කරන කල්හි ඒ සිංහ පැටවාද සිංහයන් අතරෙහි නාදකරනු කැමතිව හිවල් හඬින් නාද කෙළේය. ඉක්බිති මොහුගේ ශබ්දය අසා සිංහයෝ නිහඬ වූහ. ඔහුගේ හඬ අසා බෝසතාණන් වහන්සේගේ ස්වකීය වර්ගයට අයත් වෙනත් සිංහ පුත්‍රයෙක් පියාණෙනි, මේ සිංහයා පැහැයෙන් හැඩරුවින් අප හා සමානයි. නමුත් මොහුගේ ශබ්දය වනාහි වෙනස්ය. මේ කවරෙක්දැයි විමසමින්
“සීහඞ්ගුලී සීහනඛො, සීහපාදපතිට්ඨිතො; සො සීහො සීහසඞ්ඝම්හි, එකො නදති අඤ්ඤථා”ති.
සීහංගුලී සීහ නඛො සීහපාද පතිට්ඨිතො, සො සීහො සීහ සංගම්හි එකො නදති අඤ්ඤථා
යන පළමු ගාථාව කීවේය.
“සිංහයන්ට බඳු ඇඟිලි ඇති, සිංහයන්ට බඳු නිය ඇති, සිංහ පාදයන්ගෙන් පිහිටි මේ සිංහ තෙමේ සිංහ රංචුවෙහි හුදකලාව අනෙක් පරිද්දෙකින් (හිවල් හඬින්) නාද කෙරේ.”
තත්ථ සීහපාදපතිට්ඨිතොති සීහපාදෙහෙව පතිට්ඨිතො. එකො නදති අඤ්ඤථාති එකොව අවසෙසසීහෙහි අසදිසෙන සිඞ්ගාලසද්දෙන නදන්තො අඤ්ඤථා නදති.
එහි, සීහපාද පතිට්ඨිතො යනු සිංහ පාදයන්ගේම පිහිටියේ (සිංහ පාද ඇති) එකො නදති අඤ්ඤථා යනු තනිව සෙසු සිංහයන්ට අසමානව හිවල් හඬින් නාදකරමින් අන් අයුරින් නාද කරයි.
තං සුත්වා බොධිසත්තො “තාත, එස තව භාතා සිඞ්ගාලියා පුත්තො, රූපෙන මයා සදිසො, සද්දෙන මාතරා සදිසො”ති වත්වා සිඞ්ගාලිපුත්තං ආමන්තෙත්වා “තාත, ත්වං ඉතො පට්ඨාය ඉධ වසන්තො අප්පසද්දො වස, සචෙ පුන නදිස්සසි, සිඞ්ගාලභාවං තෙ ජානිස්සන්තී”ති ඔවදන්තො දුතියං ගාථමාහ –
ඒ අසා බෝසතාණන් වහන්සේ දරුව! මේ ඔබේ සහෝදරයාය. හිවලියගේ පුත්‍රයාය. රූපයෙන් මා හා සමානය. හඬින් මව හා සමානයයි කියා හිවලියගේ පුතා අමතා දරුව! නුඹ මෙතැන් පටන් මෙහි වාසය කරමින් ශබ්ද නොකර වාසය කරන්න. ඉදින් යළිත් නාද කළොත් ඔබේ හිවල් බව ඔවුහු දැනගන්නාහු යයි අවවාද දෙමින්
“මා ත්වං නදි රාජපුත්ත, අප්පසද්දො වනෙ වස; සරෙන ඛො තං ජානෙය්යුං, න හි තෙ පෙත්තිකො සරො”ති.
මා ත්වං නදි රාජ පුත්ත! අප්ප සද්දො වනෙ වස, සරෙන ඛො තං ජානෙය්යුං නහි තෙ පෙත්තිකො සරො.
යන දෙවන ගාථාව කීවේය.
“සිංහ රාජයාගේ පුත්‍රයාණෙනි! ඔබ නාද නොකරන්න. නිහඬව වනයෙහි වාසය කරන්න. ඔබ ඔබේ ස්වරයෙන් (හඬින්) හැඳින ගනී. ඔබට පියාගේ කටහඬ නැත්තේය.”
තත්ථ රාජපුත්තාති සීහස්ස මිගරඤ්ඤො පුත්ත. ඉමඤ්ච පන ඔවාදං සුත්වා පුන සො නදිතුං නාම න උස්සහි.
එහි, රාජ පුත්ත යනු මෘගරාජ වූ සිංහයාගේ පුත්‍රයාණෙනි! මේ අවවාදය අසා නැවත සිංහපැටියා නාද කරන්නට උත්සාහ නොගත්තේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා සිඞ්ගාලො කොකාලිකො අහොසි, සජාතිපුත්තො රාහුලො, මිගරාජා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල හිවලා කෝකාලික භික්ෂුව විය. සහජාතික පුත්‍රයා රාහුල කුමාරයාය. මෘගරාජයා (සිංහයා) වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
සීහකොත්ථුජාතකවණ්ණනා අට්ඨමා.