9. සීහචම්මජාතකවණ්ණනා 189 අට්ඨකථා
9. සීහචම්මජාතකවණ්ණනා (189)
9. සීහචම්ම ජාතකය (189)
නෙතං සීහස්ස නදිතන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො කොකාලිකඤ්ඤෙව ආරබ්භ කථෙසි. සො ඉමස්මිං කාලෙ සරභඤ්ඤං භණිතුකාමො අහොසි. සත්ථා තං පවත්තිං සුත්වා අතීතං ආහරි.
නෙතං සීහස්ස නදිතං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් කෝකාලික තෙරුන් මුල් කරගෙනම දේශනා කළ සේක. ඒ තෙරුන් වහන්සේ එකල ධර්මය හඬ නගා කියනු කැමැත්තේ විය. බුදුරජාණන් වහන්සේ ඒ පුවත අසා අතීත සිද්ධිය ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො කස්සකකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො කසිකම්මෙන ජීවිකං කප්පෙසි. තස්මිං කාලෙ එකො වාණිජො ගද්රභභාරකෙන වොහාරං කරොන්තො විචරති. සො ගතගතට්ඨානෙ ගද්රභස්ස පිට්ඨිතො භණ්ඩිකං ඔතාරෙත්වා ගද්රභං සීහචම්මෙන පාරුපිත්වා සාලියවඛෙත්තෙසු විස්සජ්ජෙති. ඛෙත්තරක්ඛකා තං දිස්වා “සීහො”ති සඤ්ඤාය උපසඞ්කමිතුං න සක්කොන්ති. අථෙකදිවසං සො වාණිජො එකස්මිං ගාමද්වාරෙ නිවාසං ගහෙත්වා පාතරාසං පචාපෙන්තො තතො ගද්රභං සීහචම්මං පාරුපිත්වා යවඛෙත්තෙ විස්සජ්ජෙසි. ඛෙත්තරක්ඛකා “සීහො”ති සඤ්ඤාය තං උපසඞ්කමිතුං අසක්කොන්තා ගෙහං ගන්ත්වා ආරොචෙසුං. සකලගාමවාසිනො ආවුධානි ගහෙත්වා සඞ්ඛෙ ධමෙන්තා භෙරියො වාදෙන්තා ඛෙත්තසමීපං ගන්ත්වා උන්නදිංසු, ගද්රභො මරණභයභීතො ගද්රභරවං රවි. අථස්ස ගද්රභභාවං ඤත්වා බොධිසත්තො පඨමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරනු ලබන කල්හි බෝසතාණන් වහන්සේ ගොවි කුලයෙහි ඉපිද වැඩිවියට පැමිණ ගොවිතැනින් දිවි ගෙවූ සේක. එකල එක් වෙළෙන්දෙක් කොටළුවන් පිට බඩු ගෙනයමින් වෙළඳාම් කරමින් හැසිරෙයි. ඔහු ගිය ගිය තැන්වලදී කොටළුවාගේ පිටින් බඩු බා කොටළුවාට සිංහ සමක් පොරවා ඇල් හා බාර්ලි (යව) කුඹුරුවලට මුදාහරියි. කෙත් රකින්නෝ කොටළුවා දැක සිංහයෙකු යන හැඟීමෙන් ළංවීමට නොහැකි වෙත්. ඉක්බිති දිනක් ඒ වෙළෙන්දා එක්තරා ගම් දොරටුවක (ගමක) ගෙයක් කුලියට ගෙන උදේ බත උයවන අතරේ කොටළුවාට සිංහ හම පොරවා බාර්ලි (යව) කුඹුරකට මුදා හැරියේය. කුඹුර රකින්නෝ සිංහයෙකු යන හැඟීමෙන් ළඟට යාමට නොහැකි වන්නේ ගෙට ගොස් දැන්වූහ. එවිට සියලු ගම්වැසියෝ ආයුධ රැගෙන හක් පිඹිමින්, බෙර ගසමින් කුඹුර ළඟට ගොස් මහත් නාද කළහ. කොටළුවා මරබියෙන් බියපත්ව කොටළු හඬින් නාද කෙළේය. ඉක්බිති මොහුගේ කොටළු බව දැන බෝසතාණන් වහන්සේ
“නෙතං සීහස්ස නදිතං, න බ්යග්ඝස්ස න දීපිනො; පාරුතො සීහචම්මෙන, ජම්මො නදති ගද්රභො”ති.
නෙතං සීහස්ස නදිතං න ව්යග්ඝස්ස න දීපිනො, පාරුතො සීහ චම්මෙන ජම්මො නදති ගද්රභො
යන පළමු ගාථාව කී සේක.
“මෙය සිංහයෙකුගේ නාදය නොවේ. ව්යාඝ්රයෙකුගේවත්, දිවියෙකුගේවත් නාදය නොවේ. සිංහ හමක් පොරවාගත් පහත් කොටළුවා නාද කරයි.”
තත්ථ ජම්මොති ලාමකො. ගාමවාසිනොපි තස්ස ගද්රභභාවං ඤත්වා තං අට්ඨීනි භඤ්ජන්තා පොථෙත්වා සීහචම්මං ආදාය අගමංසු.
එහි, ජම්මො යනු ලාමක (පහත්) ගම්වැසියෝ ද ඌගේ කොටළු බව දැන ඇට කඩමින් තලා සිංහ හම රැගෙන ගියාහුය.
අථ සො වාණිජො ආගන්ත්වා තං බ්යසනභාවප්පත්තං ගද්රභං දිස්වා දුතියං ගාථමාහ –
ඉක්බිති ඒ වෙළෙන්දා අවුත් ඒ ව්‍යසනයට (විපතට) පත් කොටළුවා දැක
“චිරම්පි ඛො තං ඛාදෙය්ය, ගද්රභො හරිතං යවං; පාරුතො සීහචම්මෙන, රවමානොව දූසයී”ති.
චිරම්පි ඛො තං ඛාදෙය්ය ගද්රභො හරිතං යවං, පාරුතො සීහ චම්මෙන රවමානොව දූසයි.
යන දෙවන ගාථාව කීවේය.
“කොටළුවා සිංහහම් පොරවන ලදුව බොහෝ කාලයක් කොළ පැහැති යව කෑවේය. කොටළු හඬින් හඬමින් විනාශයට පත්විය.”
තත්ථ තන්ති නිපාතමත්තං, අයං ගද්රභො අත්තනො ගද්රභභාවං අජානාපෙත්වා සීහචම්මෙන පාරුතො චිරම්පි කාලං හරිතං යවං ඛාදෙය්යාති අත්ථො. රවමානොව දූසයීති අත්තනො පන ගද්රභරවං රවමානොවෙස අත්තානං දූසයි, නත්ථෙත්ථ සීහචම්මස්ස දොසොති. තස්මිං එවං කථෙන්තෙයෙව ගද්රභො තත්ථෙව නිපන්නො මරි, වාණිජොපි තං පහාය පක්කාමි.
එහි, තං යනු නිපාත මාත්‍රයකි. මේ ගද්රභො කොටළුවා තමන්ගේ කොටළු බව නොපෙන්වා, සීහ චම්මෙන පාරුතො චිරම්පි සිංහ හම පොරවන ලදුව කලක්, හරිතං යවං කාදෙය්යා නිල්වන් යව කෑවේය යන අර්ථයි. රවමානොව දූසයි යනු තමාගේ කොටළු හඬ හඬමින් තමා විනාශ විය. මෙහි සිංහ හමේ දෝෂයක් නැත. ඔහු මෙසේ කියද්දීම කොටළුවා එහිම වැතිරී මළේය. වෙළෙන්දාද ඌ හැරදමා ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා වාණිජො දෙවදත්තො අහොසි, ගද්රභො කොකාලිකො, පණ්ඩිතකස්සකො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල කොටළුවා මේ කෝකාලිකය. නුවණ ඇති ගොවියා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
සීහචම්මජාතකවණ්ණනා නවමා.