යෙදුමෙන් කියවන්න

10. සීලානිසංසජාතකවණ‍්ණනා 190 අට‍්ඨකථා

10. සීලානිසංසජාතකවණ‍්ණනා (190)

10. සීලානිසංස ජාතකය (190)

පස‍්ස සද‍්ධාය සීලස‍්සාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං සද‍්ධං උපාසකං ආරබ‍්භ කථෙසි. සො කිර සද‍්ධො පසන‍්නො අරියසාවකො එකදිවසං ජෙතවනං ගච‍්ඡන‍්තො සායං අචිරවතිනදීතීරං ගන‍්ත්‍වා නාවිකෙ නාවං තීරෙ ඨපෙත්‍වා ධම‍්මස‍්සවනත්‍ථාය ගතෙ තිත්‍ථෙ නාවං අදිස‍්වා බුද‍්ධාරම‍්මණං පීතිං ගහෙත්‍වා නදිං ඔතරි, පාදා උදකම‍්හි න ඔසීදිංසු. සො පථවීතලෙ ගච‍්ඡන‍්තො විය වෙමජ‍්ඣං ගතකාලෙ වීචිං පස‍්සි. අථස‍්ස බුද‍්ධාරම‍්මණා පීති මන්‍දා ජාතා, පාදා ඔසීදිතුං ආරභිංසු, සො පුන බුද‍්ධාරම‍්මණං පීතිං දළ‍්හං කත්‍වා උදකපිට‍්ඨෙනෙව ගන‍්ත්‍වා ජෙතවනං පවිසිත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. සත්‍ථා තෙන සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා “උපාසක, කච‍්චි මග‍්ගං ආගච‍්ඡන‍්තො අප‍්පකිලමථෙන ආගතොසී”ති පුච‍්ඡිත්‍වා “භන‍්තෙ, බුද‍්ධාරම‍්මණං පීතිං ගහෙත්‍වා උදකපිට‍්ඨෙ පතිට‍්ඨං ලභිත්‍වා පථවිං මද‍්දන‍්තො විය ආගතොම‍්හී”ති වුත‍්තෙ “න ඛො පන, උපාසක, ත්‍වඤ‍්ඤෙව බුද‍්ධගුණෙ අනුස‍්සරිත්‍වා පතිට‍්ඨං ලද‍්ධො, පුබ‍්බෙපි උපාසකා සමුද‍්දමජ‍්ඣෙ නාවාය භින‍්නාය බුද‍්ධගුණෙ අනුස‍්සරන‍්තා පතිට‍්ඨං ලභිංසූ”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

පස්ස සද්ධාය සීලස්ස යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක්තරා සැදැහැති උවසුවෙකු මුල්කරගෙන දේශනා කළ සේක. ඒ උපාසකයා වනාහි සැදැහැ ඇත්තේය. ප්‍රසන්න ආර්ය ශ්‍රාවකයෙකි. එක්දිනක් දෙව්රම් වෙහෙරට යන්නේ සවස අචිරවතී ගංතෙරට ගොස් නැවියන් නැව ඉවුරෙහි තබා බණ ඇසීමට ගියකල්හි තොටෙහි නැව නොදැක බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිකරගෙන ගඟට බැස්සේය. පා ජලයෙහි ගිලා නොබැස්සේය. ඔහු පොළෝ තලයෙහි යන්නාක් මෙන් ගඟ මැදට ගියකල්හි රළ පහර දුටුවේය. ඉක්බිති ඔහුගේ බුද්ධාලම්භන ප්‍රීතිය මද වූයේ පා ගිලෙන්නට පටන් ගත්තේය. ඔහු බුද්ධාලම්භන ප්‍රීතිය දැඩිකොට ජලය මතුපිටින්ම ගොස් දෙව්රමට පිවිස බුදුරජාණන් වහන්සේට වැඳ එකත්පසෙක හිඳ ගත්තේය. බුදුරජාණන් වහන්සේ ඔහු සමග පිළිසඳර කථාකොට උපාසකය! කෙසේද? වැඩි අපහසුවක් නැතිව ආවෙහිදැයි විචාරා? ස්වාමීනි! බුද්ධාලම්භන ප්‍රීතිය උපදවාගෙන ජල මතුපිට පිහිට ලබාගෙන පොළොව පාගාගෙන එන්නාක් මෙන් ආවෙමියි කී කල්හි උපාසකය! නුඹ පමණක් බුදුගුණ මෙනෙහිකොට පිහිට ලැබුවේ නොවේ. පෙරත් උපාසකවරු මුහුද මැද නැව කැඩුණුවිට බුදුගුණ සිහිකිරීමෙන් පිහිට ලැබුවාහුයයි වදාරා ඔහු විසින් ඉල්ලන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූහ සේක.

අතීතෙ කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ සොතාපන‍්නො අරියසාවකො එකෙන න‍්හාපිතකුටුම‍්බිකෙන සද‍්ධිං නාවං අභිරුහි, තස‍්ස න‍්හාපිතස‍්ස භරියා “අය්‍ය, ඉමස‍්ස සුඛදුක‍්ඛං තව භාරො”ති න‍්හාපිතං තස‍්ස උපාසකස‍්ස හත්‍ථෙ නික‍්ඛිපි. අථ සා නාවා සත‍්තමෙ දිවසෙ සමුද‍්දමජ‍්ඣෙ භින‍්නා, තෙපි ද‍්වෙ ජනා එකස‍්මිං ඵලකෙ නිපන‍්නා එකං දීපකං පාපුණිංසු. තත්‍ථ සො න‍්හාපිතො සකුණෙ මාරෙත්‍වා පචිත්‍වා ඛාදන‍්තො උපාසකස‍්සපි දෙති. උපාසකො “අලං මය‍්හ”න‍්ති න ඛාදති. සො චින‍්තෙසි – “ඉමස‍්මිං ඨානෙ අම‍්හාකං ඨපෙත්‍වා තීණි සරණානි අඤ‍්ඤා පතිට‍්ඨා නත්‍ථී”ති. සො තිණ‍්ණං රතනානං ගුණෙ අනුස‍්සරි. අථස‍්සානුසරන‍්තස‍්ස තස‍්මිං දීපකෙ නිබ‍්බත‍්තො නාගරාජා අත‍්තනො සරීරං මහානාවං කත්‍වා මාපෙසි, සමුද‍්දදෙවතා නියාමකො අහොසි, නාවා සත‍්තහි රතනෙහි පූරයිත්‍ථ, තයො කූපකා ඉන්‍දනීලමණිමයා අහෙසුං, සුවණ‍්ණමයො ලඞ‍්කාරො, රජතමයානි යොත‍්තානි, සුවණ‍්ණමයානි යට‍්ඨිඵියානි.

යටගිය දවස කසුප් සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයෙක් කරණවෑමි කෙළෙඹි පුත්‍රයෙකු සමග නැවකට නැංගේය. ඒ කරණවෑමියාගේ බිරිඳ ආර්යයෙනි! මොහුගේ සැපදුක් නුඹට බාරයි කියා කරණවෑමියා ඒ උපාසකයා අතට පත් කළාය. ඉක්බිති ඒ නැව හත්වෙනි දින මුහුද මැදදී කැඩුනේය. ඒ දෙදෙනා එක් ලෑල්ලක වැතිරී එක් දූපතකට පැමිණියාහුය. එහිදී ඒ කරණවෑමියා කුරුල්ලන් මරා පිස කන්නේ උපාසකයාටද දෙයි. උපාසකයා මට අවශ්‍ය නැතැයි කියා අනුභව කරයි. ඔහු “අපට මේ ස්ථානයේ තුන් සරණේ හැර වෙනත් පිහිටක් නැතැයි” සිතුවේය. ඔහු තෙරුවන් ගුණ සිහි කෙළේය. ඉක්බිති මොහු තෙරුවන් ගුණ සිහිකරත් සිහිකරත්ම ඒ දිවයිනේ උපන් නාරජ තමන්ගේ සිරුර මහ නැවක්කොට මැව්වෝය. මුහුදු දෙවියා නැව පදවන්නා (නියාමකයා) විය. නැව රන් රුවණින් පිරෙව්වේය. කුඹ ගස් තුනකි. ඉඳුනිල් මැණික්මය යොත් (ලණු) විය. රණින් කළ ලෑලිය.

සමුද‍්දදෙවතා නාවාය ඨත්‍වා “අත්‍ථි ජම‍්බුදීපගමිකා”ති ඝොසෙසි. උපාසකො “මයං ගමිස‍්සාමා”ති ආහ. තෙන හි එහි, නාවං අභිරුහාති. සො නාවං අභිරුහිත්‍වා න‍්හාපිතං පක‍්කොසි, සමුද‍්දදෙවතා – “තුය‍්හඤ‍්ඤෙව ලබ‍්භති, න එතස‍්සා”ති ආහ. “කිංකාරණා”ති? “එතස‍්ස සීලගුණාචාරො නත්‍ථි, තං කාරණං. අහඤ‍්හි තුය‍්හං නාවං ආහරිං, න එතස‍්සා”ති. “හොතු, අහං අත‍්තනා දින‍්නදානෙන රක‍්ඛිතසීලෙන භාවිතභාවනාය එතස‍්ස පත‍්තිං දම‍්මී”ති. න‍්හාපිතො “අනුමොදාමි, සාමී”ති ආහ. දෙවතා “ඉදානි ගණ‍්හිස‍්සාමී”ති තම‍්පි ආරොපෙත්‍වා උභොපි ජනෙ සමුද‍්දා නික‍්ඛාමෙත්‍වා නදියා බාරාණසිං ගන‍්ත්‍වා අත‍්තනො ආනුභාවෙන ද‍්වින‍්නම‍්පි තෙසං ගෙහෙ ධනං පතිට‍්ඨපෙත්‍වා “පණ‍්ඩිතෙහෙව සද‍්ධිං සංසග‍්ගො නාම කාතබ‍්බො. සචෙ හි ඉමස‍්ස න‍්හාපිතස‍්ස ඉමිනා උපාසකෙන සද‍්ධිං සංසග‍්ගො නාභවිස‍්ස, සමුද‍්දමජ‍්ඣෙයෙව නස‍්සිස‍්සා”ති පණ‍්ඩිතසංසග‍්ගගුණං කථයමානා ඉමා ගාථා අවොච –

මුහුදු දේවතාවා නැවේ සිට ජම්බු ද්වීපයට (බරණැසට) යනු කැමැත්තෝ ඇත්දැයි ඝෝෂා කෙළේය. උපාසකයා අපි යන්නෙමුයි කීවේය. එසේනම් එන්න. නැවට නගින්නයි කීය. හෙතෙම නැවට නැග කරණවෑමියා කැඳවීය. මුහුදු දේවතාවා ඔබට යන්නට ලැබෙයි. මොහුට යන්නට ලැබෙන්නේ නැතැයි කීවේය. ඒ කුමක් නිසාදැයි ඇසීය. මොහුට සිල්ගුණ හා යහපත් පැවැත්මක් නැත. එයයි කාරණය. මම නුඹ සඳහා නැව ගෙනාවෙමි. මොහු සඳහා නොගෙනාවෙමියි කීහ. එසේ වේවා! මම තමා විසින් දුන් දානයේ රකින ලද සීලයේ, වඩන ලද භාවනාවේ අනුසස් මොහුටද අනුමෝදන් කරමියි අනුමෝදනා කරවීය. කරණවෑමියා අනුමෝදන් වෙමියි ස්වාමීනියි කීය. දේවතාවා දැන් ගන්නෙමියි, ඔහුද නංවාගෙන ඒ දෙදෙනා මුහුදෙන් එතෙර කරවා ගඟ දිගේ බරණැස් නුවරට ගොස් තමන්ගේ ආනුභාවයෙන් දෙදෙනාට ඔවුන්ගේ නිවෙස්වල ධනය පිහිටුවා නුවණ ඇති අය සමගම ආශ්‍රය කළයුතුයි. ඉදින් මේ කරණවෑමියා මේ උපාසකයා සමග ආශ්‍රය නොකළානම් මුහුද මැදදීම නැසෙන්නට තිබුණි යනුවෙන් නුවණැතියන්ගේ ආශ්‍රයෙහි ගුණ කියමින්

“පස‍්ස සද‍්ධාය සීලස‍්ස, චාගස‍්ස ච අයං ඵලං; නාගො නාවාය වණ‍්ණෙන, සද‍්ධං වහතුපාසකං.

පස්ස සද්ධාය සීලස්ස චාගස්ස ච අයං ඵලං, නාගො නාගාය වණ්ණෙන සද්ධං වහති උපාසකං.

“සබ‍්භිරෙව සමාසෙථ, සබ‍්භි කුබ‍්බෙථ සන්‍ථවං; සතඤ‍්හි සන‍්නිවාසෙන, සොත්‍ථිං ගච‍්ඡති න‍්හාපිතො”ති.

සබ්බිරෙව සමාසෙථ සබ්බි කුබ්බෙථ සන්‍ථවං, සතංහි සන්නිවාසෙන සොත්‍ථිං ගච්ඡති නහාපිතොනි.

යන ගාථා කීවේය.

ශ්‍රද්ධාවෙහි ද, සීලයෙහි ද, පරිත්‍යාගයෙහි ද ප්‍රතිඵලය බලන්න. නාගයා නැවක හැඩයෙන් යුක්තව උපාසකයා ජලයේ උසුලාගෙන යයි.

සත්පුරුෂයන් ඇසුරු කරන්න. සත්පුරුෂයන් සමගම මිතුරුකම් පවත්වන්න. සත්පුරුෂයන්ගේ ඇසුර නිසා කරණවෑමියා සුවසේ යයි.

තත්‍ථ පස‍්සාති කඤ‍්චි අනියමෙත්‍වා පස‍්සථාති ආලපති. සද‍්ධායාති ලොකියලොකුත‍්තරාය සද‍්ධාය. සීලෙපි එසෙව නයො. චාගස‍්සාති දෙය්‍යධම‍්මපරිච‍්චාගස‍්ස චෙව කිලෙසපරිච‍්චාගස‍්ස ච. අයං ඵලන‍්ති ඉදං ඵලං, ගුණං ආනිසංසන‍්ති අත්‍ථො. අථ වා චාගස‍්ස ච ඵලං පස‍්ස, අයං නාගො නාවාය වණ‍්ණෙනාති එවම‍්පෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. නාවාය වණ‍්ණෙනාති නාවාය සණ‍්ඨානෙන. සද‍්ධන‍්ති තීසු රතනෙසු පතිට‍්ඨිතසද‍්ධං. සබ‍්භිරෙවාති පණ‍්ඩිතෙහියෙව . සමාසෙථාති එකතො ආවසෙය්‍ය, උපවසෙය්‍යාති අත්‍ථො. කුබ‍්බෙථාති කරෙය්‍ය. සන්‍ථවන‍්ති මිත‍්තසන්‍ථවං. තණ‍්හාසන්‍ථවො පන කෙනචිපි සද‍්ධිං න කාතබ‍්බො. න‍්හාපිතොති න‍්හාපිතකුටුම‍්බිකො. “නහාපිතො”තිපි පාඨො.

එහි, පස්ස යනු කිසිවෙකු නියම නොකොට බලව් යනුවෙන් අමතයි. සද්ධායා යනු ලෞකික ලෝකෝත්තර ශ්‍රද්ධාවෙන් සීලයෙහිද මේ ක්‍රමයමයි. චාගස්සා යනු දානවස්තු පරිත්‍යාගයේද කෙලෙස් පරිත්‍යාගයේද, අයං ඵලං යනු මේ ඵලයයි. ගුණය ආනිසංසය යන අර්ථයි. නැතහොත් පරිත්‍යාගයෙහි ප්‍රතිඵලයද බලව. මේ නාගයා නැවක හැඩයෙන් යුතුව යනුවෙන් මෙසේ මෙහි අර්ථය දතයුතුයි. නාවාය වණ්ණෙන යනු නැවක හැඩයෙන්, සද්ධං යනු රත්නත්‍රය කෙරෙහි පිහිටි ශ්‍රද්ධාවයි. සබ්භිරෙව යනු නුවණ ඇත්තන් සමගම, සමාසෙථා යනු එක්ව වසන්නේය යන අර්ථයි. කුබ්බෙථ යනු කරන්නේය. සන්‍ථවං යු මිතුරුව විසීමයි. තෘෂ්ණා වශයෙන් ඇසුරු කිරීම වනාහි කිසිවෙකු සමගත් නොකළ යුතුයි. නහාපිතො යනු කරණවෑමි කෙළෙඹි පුත්‍රයා. නහාපිතො පාඨයකි.

එවං සමුද‍්දදෙවතා ආකාසෙ ඨත්‍වා ධම‍්මං දෙසෙත්‍වා ඔවදිත්‍වා නාගරාජානං ගණ‍්හිත්‍වා අත‍්තනො විමානමෙව අගමාසි.

මෙසේ මුහුදට අරක් ගත් දේවතාවා අහසෙහි සිට දහම් දෙසා අවවාද දී නාගරාජයා ගෙන තමන්ගේ විමානයටම ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි – සච‍්චපරියොසානෙ උපාසකො සකදාගාමිඵලෙ පතිට‍්ඨහි. “තදා සොතාපන‍්නඋපාසකො පරිනිබ‍්බායි, නාගරාජා සාරිපුත‍්තො අහොසි, සමුද‍්දදෙවතා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය දේශනාවකොට ජාතක කථාව නිමවා වදාළ සේක. චතුරාර්ය සත්‍යය දේශනාවගේ කෙළවර උපාසකයා සකෘදාගාමි ඵලයෙහි පිහිටියේය. එකල සෝවාන් වූ උපාසකයා පිරිනිවීය. එකල නාරජු සැරියුත් තෙරුන්ය. මුහුදට අරක් ගත් දේවතාවා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.

සීලානිසංසජාතකවණ‍්ණනා දසමා.

අසදිසවග‍්ගො චතුත්‍ථො.

සිව්වැනි අසදිස වර්ගය නිමියේය.

තස‍්සුද‍්දානං –

අසදිසඤ‍්ච සඞ‍්ගාමං, වාලොදකං ගිරිදත‍්තං; නභිරති දධිවාහං, චතුමට‍්ඨං සීහකොට‍්ඨං; සීහචම‍්මං සීලානිසංසං.