යෙදුමෙන් කියවන්න

4. අසදිසවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

4. අසදිස වර්‍ගය

213. ධනුග‍්ගහො අසදිසො රාජපුත‍්තො මහබ‍්බලො, දූරෙපාතී අක‍්ඛණවෙධී මහාකායප‍්පදාලනො.

213. මහත් වූ බල ඇති සර (ඊතල) දුරට විදිනා වූ ඉලක්ක නො වරදවා විදින මහාකායයන් පළන්නා වූ අසදෘශ නමැති රාජ පුත්‍ර ධනුර්ධර තෙමේ;

214. සබ‍්බාමිත‍්තෙ රණං කත්‍වා න ච කිඤ‍්චි විහෙඨයි, භාතරං සොත්‍ථිං කත්‍වාන සඤ‍්ඤ මං අජ‍්ඣුපාගමී’ති.

214. සියලු සතුරන් යුද කොට පලවා හැරැ කිසිවක්හු නො පෙළී ය. මලණුවන් සුවපත් කොට ශීලසංයමයට හෙවත් පැවිද්දට පැමිණියේ යි.

1. අසදිසජාතකං.

1. අසදිස ජාතක යි.

215. සඞ‍්ගාමාවචරො සූරො බලවා ඉති විස‍්සුතො, කින‍්නු තොරණමාසජ‍්ජ පටික‍්කමසි තුඤ‍්ජර.

215. යුද මැඩ හැසිරෙන ශූර වූ එඩි ඇති බලවතැ යි කියා ප්‍රසිද්ධයෙහි ය. හස්තිය, වාසල් දොරටුවට පැමිණ කවර හෙයින් පසුබසිහි ද?

216. ඔමද‍්ද ඛිප‍්පං පළිඝං ඵසිකානි ච අබ‍්බ, තොරණානි පමද‍්දිත්‍වා ඛිප‍්පං පවිස කුඤ‍්ජරාති.

216. යතුරු අගුල වහා මඩිනු, එසිකාස්තම්භයන් ද (අගුලුකණුව) වහා උදුරව. හස්තිරජාය, වාසල් දොරටුව මැඩැ වහා (නුවරට) පිවිසෙව.

2. සඞ‍්ගාමාවචරජාතකං.

2. සඞ්ගාමාවචර ජාතක යි.

217. වාළොදකං අප‍්පරසං නිහීනං පීත්‍වා මදො ජායති ගද්‍රභානං, ඉමඤ‍්ච පීත්‍වාන රසං පණීතං මදො න සඤ‍්ජායති සින්‍ධවානං.

217. (නියඳ කඩින් පෙරූ) අල්ප වූ හීන වූ රස ඇති ජලය බී කොටළුවනට මද හටගනී. ප්‍රණීත වූ මේ රසය බී සෛන්‍ධවයනට මද නො හටගනී. (මීට කාරණා කිම් දැ යි විචාළේ ය.)

218. අප‍්පං පිවිත්‍වාන නිභිනජච‍්චො සො මජ‍්ජති තෙන ජනින්‍ද ඵුට‍්ඨො, ධොරය‍්හසීලො ච කුලම‍්භි ජාතො න මජ‍්ජති අග‍්ගරසං පිවිත්‍වා’ති.

218. ජනෙන්‍ද්‍රය, හීනජාති ඇති ඒ හීනභාවයෙන් පහස ලැබූ හෙතෙමේ රසමඳ ජලය බී මත් වෙයි. ධුරවහනසුලු උසස් කුලයෙහි උපන් (හෙයින්) සෛන්‍ධවයා අග්‍ර වූ මිදිරස බී ද මත් නො වේ.

3. වාළොදකජාතකං.

3. වාලෝදක ජාතක යි.

219. දූසිතො ගිරිත‍්තෙන හයො සාමස‍්ස පණ‍්ඩවො, පොරාණං ව පකතිං හිත්‍වා තස‍්සෙව අනුවිඨියති.

219. සාම රජුගේ පණ්ඩව නම් අශ්වයා ගිරිදත්ත නම් කොර අස්පලුවා විසින් දූෂණය කැරිණ. පුරාණ (නො කොර) ස්වභාවය හැරැ අස්පලුගේ කොරය අනු වැ හික්මේ.

220. සචෙ ව තනුජො පොසො සිඛරාකාරකප‍්පිතො, ආනනෙ තං ගහෙත්‍වාන මණ‍්ඩලෙ පරිවත‍්තයෙ ඛිප‍්පමෙව පහත්‍වාන තස‍්සෙව අනුවිධීයතීති.

220. ඉදින් ඕහට අනුරූප වැ උපන් සොඳුරු බැවින් කල්පිත වූ (සැදුම් ලත්) පුරුෂයෙක් මුවලනුව ගෙනැ අසු අශ්වමණ්ඩලයෙහි ඇවිද්ද වී නම් කොරබව හැරැ වහා මැ අශ්වයාගේ උතුම් ස්වභාවය අනු වැ හික්මේ.

4. ගිරිදත‍්තජාතකං.

4. ගිරිදත්ත ජාතක යි.

221. යථොදකෙ ආවිලෙ අප‍්පසන‍්නෙ න පසස‍්ති සිප‍්පිසම‍්බුකං මච‍්ඡගුම‍්බං එවං ආවිලෙ හි චිත‍්තෙ න පස‍්සති අත‍්තදත්‍ථං පරත්‍ථං.

221. යම්සේ මඬින් මිශ්‍ර වූ නො පැහැදුණු ජලයෙහි රන්වන් බෙල්ලන් ද වටබෙල්ලන් ද මසුන් ද (බලන්නේ නමුදු) නො දකී. එමෙන් මැ සිත කැලැඹුණු කල්හි ද ආත්මාර්‍ත්‍ථ පරාර්‍ත්‍ථයන් නො දකී. (නො පෙනේ).

222. යථොදකෙ අච‍්ඡෙ විප‍්පසන‍්නෙ සො පස‍්සති සිප‍්පිසම‍්බුකං මච‍්ඡගුම‍්බං එවං අනාවිලෙ හි චිත‍්තෙ සො පස‍්සති අත‍්තදත්‍ථං පරත්‍ථන‍්ති.

222. යම්සේ නො කැලැඹුණු පැහැදුණු දියෙහි රන්වන් බෙල්ලන් ද මසුන් ද හේ (බලන පුරුෂයා) දකී ද එමෙන් මැ හිත (ලෝහාදියෙන්) නො කැලඹුණු කල්හි ආත්මාර්‍ත්‍ථය ද පරාර්‍ත්‍ථය ද හේ (රාගාදීන් දුරු කළ සිතැති පුරුෂ) දකී.

5. අනභිරතිජාතකං.

5. අනභිරති ජාතක යි.

223. වණ‍්ණගන්‍ධරසූපෙතො අම‍්බායං අහුවා පුරෙ, තමෙව පූජං ලභමානො කෙනම‍්බො කටුකප‍්ඵලො.

223. මේ අඹරුක පූර්‍වයෙහි වර්‍ණයෙන් ද සුවඳින් ද රසයෙන් ද යුක්ත වූයේ වී ය. පූර්‍වයෙහි කළ සැලැකිලි දැනුදු ලබමින් මේ අඹ රුක කවර හෙයින් තිත්ත වූ ඵල ඇත්තේ වී ද?

224. පුචිමන්‍දපරිවාරො අම‍්බො තෙ දධිවාහන, මූලං මූලෙන සංසට‍්ඨං සාඛා සාඛා නිසෙවරෙ අසතං සන‍්නිවාසෙන තෙනම‍්බො කටුකප‍්ඵලො’ති.

224. දධිවාහන රජුනි, ඔබේ අඹරුක කොහොඹ රුක් පිරිවර කොට ඇත්තේ මූලයෝ මුලින් එක් වැ සිටියහ. ශාඛාවෝ ශාඛාවන් හා සෙවුනාහ. ඒ අමධුර වූ කොහොඹ රුක් හා සහවාසයෙන් මිහිරි අඹරුක අමිහිරි පල ඇත්තේ වී ය.

6. දධිවාහනජාතකං.

6. දධිවාහන ජාතක යි.

225. උච‍්චෙවිටහි මාරුය‍්හ මන‍්තයව‍්හො රහොගතා, නීචෙ ඔරුය‍්හ මන‍්තව‍්හො මිගරාජාපි සොස‍්සති.

225. උස් ගසෙකැ වෙළපට නැඟී (තොපි) රහසේ මන්ත්‍රණය කරන්නහු ය. ගසින් බැසැ බිමැ සිට මන්ත්‍රණය කරවු. එවිට මෘගරාජයා ද එය අසයි.

226. යං සුපණ‍්ණො සුපණ‍්ණෙන දෙවො දෙවෙන මන‍්තයෙ, කිං තෙත්‍ථ චතුමට‍්ටස‍්ස ඛිලං පවිස ජම‍්බුකාති.

226. යම් කරුණෙකින් හංසයා හංසයා හා ද දෙවියා දෙවියා හා ද මන්ත්‍රණ කෙරේ ද ඒ මන්ත්‍රණයෙහි ශරීර යැ ජාති යැ ස්‍වර යැ ගුණ යැ යන සතර කරුණෙකින් හීන වූ තට කවර නම් ප්‍රයෝජනයෙක් ද, ජම්බුකය (සිගාලය) බිලයට පිවිසෙව.

7. චතුමට‍්ඨජාතකං.

7. චතුමට්ඨ ජාතක යි.

227. සීහඞ‍්ගුලි සීහනඛො සීහපාදපතිට‍්ඨිතො, සො සීහො සීහසඞ‍්ඝම‍්භි එකො නදති අඤ‍්ඤථා.

227. සිංහයනට බඳු ඇඟිලි ඇති සිංහයනට බඳු නිය ඇති සිංහ පාදයන්ගෙන් පිහිටි මේ සිංහ රැළෙහි හුදෙකලා වැ අනෙක් පරිද්දෙකින් (සිගාල) නාද කෙරේ.

228. මා ත්‍වං නදී රාජපුත‍්ත අප‍්පසද‍්දො වනෙ වස, සරෙන ඛො තං ජානෙය්‍යුං න හි තෙ පෙත‍්තිකො සරො’ති

228. සිංහරාජ පුත්‍රය, තෝ නාද නො කර, නිහඬ වැ වෙනෙහි (සිංහයන් අතරෙහි) වාසය කරව. තා ස්වරයෙන් (සිවල් බව) දැනැගන්නාහු ය. තට පියාගේ ස්වරය නැත.

8. සීහකොත්‍ථුකජාතකං.

8. සීහකොත්‍ථුක ජාතක යි.

229. නෙතං සීහස‍්ස නදිතං න ව්‍යග‍්ඝස‍්ස න දීපිනො, පාරුතො සීහචම‍්මෙන ජම‍්මො නදති ගද්‍රභො.

229. මේ සිංහයකුගේ නාදය නො වෙයි. ව්‍යාඝ්‍රයකුගේ ද දිවියකුගේ ද නාදය නො වෙයි. සිංහහම් පොරවන ලද ලාමක වූ කොටළුවා නාද කෙරේ.

230. චිරම‍්පි ඛො තං ඛාදෙය්‍ය ගද්‍රභො හරිතං යවං, පාරුතො සීහචම‍්මෙන රවමානොව දූසයී’ති.

230. කොටළුවා සිංහහම් පොරවන ලදු වැ බොහෝ කාලයක් නිල්වන් යව කෑවේ ය. තමාගේ කොටළු හඬ නඟන්නේ (ජාතිය ප්‍රකාශ කොට) දූෂණයට (විනාශයට) පැමිණියේ යි.

9. සීහචම‍්මජාතකං.

9. සීහචම්ම ජාතක යි.

231. පස‍්ස සද‍්ධාය සීලස‍්ස චාගස‍්ස ච අයං ඵලං, නාගො නාවාය වණ‍්ණෙන සද‍්ධං වහති උපාසකං.

231. ශ්‍රද්ධාවෙහි ද ශීලයෙහි ද ත්‍යාගයෙහි ද ඵලය (අනුසස්) බලව. දිව්‍යනාගයා නැවක ආකාරයෙන් ශ්‍රද්ධාවත් උපාසකයා උසුලයි.

232. සබ‍්භිරෙව සමාසෙථ සබ‍්භි කුබ‍්බෙථ සන්‍ථවං, සතං හි සන‍්නිවාසෙන සොත්‍ථිං ගච‍්ඡති නහාපිතො’ති.

232. පණ්ඩිතයන් හා එක් වැ වාසය කරවු. සත්පුරුෂයන් හා මිතුරුකම් කරවු. සත්පුරුෂයන් හා සහවාසයෙන් කරනැහැවියා සුවසේ යයි.

10. සීලානිසංසජාතකං.

10. සීලානිසංස ජාතක යි.

අසදිසවග‍්ගො චතුත්‍ථො.

සිවුවැනි අසදෘශ වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

ධනුග‍්ගහකුඤ‍්ජරඅප‍්පරසො ගිරිදත‍්තමනාවිලචිත‍්තවරං, දධිවාහනජම‍්බුකසීහනඛො හරිතයවනාගවරෙන දස.

(ධනුග්ගහ) අසදිස ජාතක යැ, (කුඤ්ජර) සඞ්ගාමාවචර ජාතක යැ, (අප්පරස) වාළොදක ජාතක යැ, ගිරිදත්ත ජාතක යැ, (අනාවිලචිත්ත) අනභිරත ජාතක යැ, දධිවාහන ජාතක යැ, (ජම්බුක) වතුමට්ට ජාතක යැ, (සීහ හඬ) සීහ කොත්‍ථුක ජාතක යැ, (හරිතයව) සීහවම්ම ජාතක යැ, (නාගවරෙන) සීලානිසංස ජාතකය යන මෙයින් ජාතක දසය වේ.