යෙදුමෙන් කියවන්න

5. රුහකවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

5. රුහක වර්‍ගය

233. අම‍්භො රුහක ඡින‍්නාපි ජියා සන්‍ධීයතෙ පුන, සන්‍ධීයස‍්සු පුරාණියා මා කොධස‍්ස වසං ගමි.

233. රුහකය, සිඳී ගිය දුන්නේ ලනුව ද නැවැත සන්‍ධි කරනු ලැබේ. (එපරිද්දෙන්) තා පුරාණී නම් බිරිය හා සමඟි වැ වස. ක්‍රෝධයාගේ වසයට නො යව.

234. විජ‍්ජමානාසු මරුවාසු විජ‍්ජමානෙසු කාරුසු, අඤ‍්ඤං ජියං කරිස‍්සාම අලඤ‍්ඤෙව පුරාණියා’ති.

234. (දුනු දිය තනන) මරුවනම් වැහැරි ඇති කල්හි දුනු දිය කරන්නවුන් ඇති කල්හි අනෙක් දුනුදියක් කරන්නෙමු. පුරාණි බිරිය නො කැමැත්තෙමි.

1. රුහකජාතකං.

1. රුහක ජාතක යි.

235. ඉත්‍ථි සියා රූපවතී සා ච සීලවතී සියා, පුරිසො තං න ඉච‍්ඡෙය්‍ය සද‍්දහාසි මහොසධ.

235. ස්ත්‍රිය රූ ඇත්තී වන්නී ය, ඒ රූමත් ස්ත්‍රිය ආචාරශීලී ද වන්නී ය. පුරුෂයෙක් එබඳු ස්ත්‍රිය ද නො කැමැත්තේ ය. මහෞෂධයෙනි, (මේ කරුණ ඔබ) අදහන්නෙහි දැ යි (රජ විචාළේ ය).

236. සද‍්දහාමි මහාරාජ පුරිසො දුබ‍්භගො සියා, සිරී ච කාලකණ‍්ණි ච න සමෙන‍්ති කුදාචනන‍්ති.

236. මහරජ, එය අදහමි. පුරුෂයා පින් නැත්තේ වී නම් ශ්‍රියත් (වාසනාවත්) කාලකණ්ණියත් අවාසනාවත් කිසි කලෙකත් එකතු නො වේ.

2. සිරිකාලකණ‍්ණි ජාතකං.

2. සිරිකාලකණ්ණි ජාතක යි.

237. අයමෙව සා අහම‍්පි සො අනඤ‍්ඤො අයමෙව සො හත්‍ථච‍්ඡින‍්නො අනඤ‍්ඤො යමාහ කොමාරපතී මමන‍්ති වජ‍්ඣිත්‍ථියො නත්‍ථි ඉත්‍ථිසු සච‍්චං.

237. හෝ (මා විසින් පෝෂණය කරනු ලැබූ) තැනැත්තී මැ ය. මම ද (මෑ පෝෂණය කළ තැනැත්තා විනා) අනෙකෙක් නො වෙමි. අත් සිඳින ලද මේ කොටා ද අනිකෙක් නො වේ. මාගේ කුමාර කලැ හිමියා යි යමක් කී ද ඕ තොමෝ මෑ ය. ස්ත්‍රීහු වධයට සුදුසු ය. ස්ත්‍රීන් කෙරෙහි ඇත්තක් නැත.

238. ඉමඤ‍්ච ජම‍්මං මුසලෙන හන‍්ත්‍වා ලුද‍්දං ඡවං පරදාරූපසෙවිං, ඉමිස‍්සා ච නං පාපපතිබ‍්බතාය ජීවන‍්තියා ඡින්‍දථ කණ‍්ණනාසන‍්ති.

238. රෞද්‍ර වූ නිර්ගුණභාවයෙන් මළකඳක් බඳු වූ පරදාරයන් සෙවුනා ලාමක වූ මේ කොටා ද මොහොලින් තලා (දමවු). නින්‍දිත පතිව්‍රතා ඇති ජීවත් වන්නා වූ මැ මෑගේ කන් නැහැ කපවු.

3. චුල‍්ලපදුමජාතකං.

3. චුල්ලපදුම ජාතක යි.

239. න සන‍්ති දෙවා පවසන‍්ති නූන නහ නූන සන‍්ති ඉධ ලොකපාලා, සහසා කාරොන‍්තානං අසඤ‍්ඤතානං. නහ නූන සන‍්ති පටිසෙධිතාරො.

239. (සිල්වතුන් රක්නා) දෙවියෝ නැතැ යි සිතමි. (එබඳු කටයුතුවලින්) බැහැර යෙති යි සිතමි. මෙලොව ලෝකපාලක දෙවියෝ ද නැතැ යි සිතමි. අපරික්‍ෂාකාරී වැ දරුණු කම් කරන්නා වූ දුශ්ශීලයන්ගේ දරුණු ක්‍රියා වළකන්නෝ ද නැතැ යි සිතමි.

240. අකාලෙ වස‍්සති තස‍්ස කාලෙ තස‍්ස න වස‍්සති, සග‍්ගා ච චවතිට‍්ඨානා නනු සො තාවතා හතො’ති

240. (නො දැහැමි රජුගේ විජිතයෙහි) නො කල් වැසි වසී, ඒ රටෙහි කාලයෙහි නො වසී. ඒ නො දැහැමි රජ දෙව්ලොවින් මිදෙ යි. (අපායයෙහි ඉපිද) ඒකාන්තයෙන් විනාශයට පත්වී ය.

4. මණිචොරජාතකං.

4. මණිචෝර ජාතක යි.

241. පබ‍්බතූපත්‍ථරෙ රම‍්මෙ ජාතා පොක‍්ඛරණී සිවා, තං සිගාලො අපාපායි ජානං සීහෙන රක‍්ඛිතං.

241. සිත්කලු වූ හිමාලය පර්‍වත සමීපයෙහි සිහිල් දියැති පොකුණෙක් වී ය. ඒ පොකුණ සිංහයකු විසින් රක්‍ෂා කරන ලද බව සිවලෙක් බැසැ පැන් බී ගියේ ය.

242. පිවන‍්ති වෙ මහාරාජ සාපදානි මහානදිං න තෙන අනදී හොති ඛමස‍්සු යදි තෙ පියා’ති.

242. මහරජ, ඒකාන්තයෙන් මැ සිවුපාවෝ මහානදියෙහි දිය බොත් මැ ය. එයින් (ඒ නදී) අනදී වූයේ නො වේ. ඉදින් තොපට ඒ අඩුව ප්‍රිය වී නම් (ඇමැතිත් ප්‍රිය වී නම් දෙදෙනාට මැ) කමා කරව.

5. පබ‍්බතූපත්‍ථරජාතකං.

5. පබ්බතූපත්‍ථර ජාතක යි.

243. යෙ න කාහන‍්ති ඔවාදං නරා බුද‍්ධෙන දෙසිතං, ව්‍යසනං තෙ ගමිස‍්සන‍්ති රක‍්ඛසීහීව වාණිජා.

243. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අවවාද නො කෙරෙත් ද ඔවුහු රාක්‍ෂසීන්ගෙන් විනාශයට පැමිණි වෙළෙඳුන් මෙන් වනසට පැමිණෙත්.

244. යෙ ච කාහන‍්ති ඔවාදං නරා බුද‍්ධෙන දෙසිතං, සොත්‍ථිං පාරං ගමිස‍්සන‍්ති වලාහෙනෙව වාණිජා’ති.

244. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අවවාද කෙරෙත් ද ඔවුහු වලාහක කුලයෙහි උපන් අශ්වරජායා නිසා කැමැති තැනට පැමිණි වෙළෙඳුන් මෙන් සුවසේ පරතෙරට (නිවනට) පැමිණෙත්.

6. වලාහස‍්සජාතකං.

6. වලාහස්ස ජාතක යි

245. න නං උම‍්භයතෙ දිස‍්වා න ච නං පටිනන්‍දති, චක‍්ඛූනි චස‍්ස න දදාති පටිලොමඤ‍්ච වත‍්තති.

245. ඔහු දැකැ සිනහ පහළ නො කෙරේ නම් වචනයට සතුටු නො වේ නම් ඔහු දෙස ඍජුව නො බලා නම් ඔහුට විරුද්ධ වැ පවතී.

246. එතෙ භවන‍්ති ආකාරා අමිත‍්තස‍්සමිං පතිට‍්ඨිතා, යෙහි අමිත‍්තං ජානෙය්‍ය දිස‍්වා සුත්‍වා ච පණ‍්ඩිතො’ති.

246. යම් ආකාරයෙකින් පණ්ඩිතයා දැකැ ද අසා ද අමිත්‍රයා (හතුරා) දැනැගනී ද මේ ආකාරයෝ සතුරා කෙරෙහි පිහිටියාහු වෙති.

7. මිත‍්තාමිත‍්තජාතකං.

7. මිත්තාමිත්ත ජාතක යි.

247. පවාසා ආගතො තාත ඉදානි න චිරාගතො, නච‍්චින‍්නු තාත තෙ මාතා න අඤ‍්ඤමුපසෙවති.

247. දරුව, විදේශයෙන් ආයෙම් බොහෝ කල් නො වෙමි. කිමෙක් ද තොපගේ මව අනිකකු සේවනය නො කරා ද?

248. න ඛො පනෙතං සුභණං ගිරං සච‍්චූපසංහිතං, සයෙථ පොට‍්ඨපාදොව මුම‍්මුරෙ උපකූසිතො’ති.

248. සත්‍යයෙන් යුක්ත වූ මේ වචනය ඇති සැටියෙන් කිව යුතු නො වේ. (ඉදින් ඇති සිටියෙන් ප්‍රකාශ කළ කෙනෙක් වෙත් නම්) ගිනි මුසු අලුයෙහි දවා හොවන ලද පොට්ඨපාදයා මෙන් හෝනේ මැ යි.

8. රාධජාතකං.

8. රාධ ජාතක යි.

249. උභයං මෙ න ඛමති උභයං මෙ න රුච‍්චති, යා චායං කොට‍්ඨමොතිණ‍්ණා න දස‍්සං ඉති භාසති,

249-250. දෙබස මැ මට සිහිය නො හෙයි. දෙබස මැ මට රිසි නො වෙයි. මේ තැනැත්තී (වි නැති බව කැලැ මැ දන්නී) කොටුවට බටුවා වී නො දක්මි යි (නැතැ යි) කිය යි. එකරුණින් ගම්පතිය, තොපට මෙය කියමි: කෂ්ටතර වූ අල්ප ජීවිතය පවත්නා කල්හි වී පිණිස මස් දෙන්නේ දෙමසකට සත්‍යකාර කොට (ගිවිසැ) කෘශ වූ ගොන්මාල්ලා දී දැන් නො පත් කල්හි ඉල්ලයි එ ද මට නො රුස්නේ යි. (තොප දෙදෙනාගේ වඤ්චා ප්‍රයෝග දනිමි’යි සේ යි.)

250. තං තං ගාමපති බ්‍රූමි කදරෙ අප‍්පස‍්මිං ජීවිතෙ, ද‍්වෙ මාසෙ කාරං කත්‍වාන මංසං ජරග‍්ගගවං කිසං, අප‍්පත‍්තකාලෙ චොදෙසි තම‍්පි මය‍්හං න රුච‍්චති.

9. ගහපතිජාතකං.

9. ගහපති ජාතක යි.

251. සරීරදව්‍යං වද‍්ධව්‍යං සොජච‍්චං සාධුසීලියං, බ්‍රාහ‍්මණන‍්ත්‍වෙව පුච‍්ඡාම කං නු තෙසං වණිම‍්භසෙ.

251. එකකුගේ සුරූපී බව ඇත. එකකුගේ වෘද්ධ භාවය ඇත. එකකුගේ කුලවත් බව ඇත. එකකුගේ ආචාරශීලී බව ඇත. බ්‍රාහ්මණය තොප විචාරමි. මොවුනතුරෙන් කවරක්හු කැමැති වමෝ ද?

252. අත්‍ථො අත්‍ථි සරීරස‍්මිං වද‍්ධව්‍යස‍්ස නමො කරෙ, අත්‍ථො අත්‍ථි සුජාතස‍්මිං සීලං අස‍්මාක රුච‍්චතීති.

252. මනෝඥ ශරීරයෙහි ද අභිවෘද්ධියෙක් ඇත් මැ ය. වෘද්ධ භාවයට නමස්කාර කෙරෙමි. උසස් කුලයෙහි උපන්නහු කෙරෙහි ද වැඩෙක් ඇත. (එහෙත්) ආචාරශීලය මැ අපට රුස්නේ යි.

10. සාධුසීලජාතකං.

10. සාධුසීල ජාතක යි.

රුහකවග‍්ගො පඤ‍්චමො.

පස්වැනි රුහක වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

අම‍්භොරුහකරූපවතීමුසලො පවසන‍්ති සපඤ‍්චමපොක‍්ඛරණි, අථ මුත‍්තිමවාණිජ උම‍්භයතෙ චිරආගත කොට‍්ඨ සරීර දස.

රුහක ජාතක යැ (රූපවතී) සිරිකාලකන්නි ජාතක යැ, මොහොලින් තැළීම පනවන චුල්ලපදුම ජාතක යැ, ප්‍රවාසය සිතන මණිචෝර ජාතක යැ පස්වැනි පොක්‍ඛරණින් යුත් පබ්බතුපත්‍ථර ජාතක යැ යළි වෙළඳුන් ගේ මිදීම දක්වන වලාහස්ස ජාතක යැ, උම්භයතෙ යනු පවසන මිත්තා මිත්ත ජාතක යැ, (චිරාගත) රාධ ජාතක යැ, (කොට්ඨ) ගහපති ජාතක යැ, අභිරූප ශරීරය පවසන සාධුසීල ජාතක යැ යන දසය යි.