යෙදුමෙන් කියවන්න

8. රාධජාතකවණ‍්ණනා 198 අට‍්ඨකථා

8. රාධජාතකවණ‍්ණනා (198)

8. රාධ ජාතකය (198)

පවාසා ආගතො තාතාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං උක‍්කණ‍්ඨිතභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. සො කිර සත්‍ථාරා “සච‍්චං කිර, ත්‍වං භික‍්ඛු, උක‍්කණ‍්ඨිතො”ති පුට‍්ඨො “සච‍්චං, භන‍්තෙ”ති වත්‍වා “කිංකාරණා”ති වුත‍්තෙ “එකං අලඞ‍්කතඉත්‍ථිං දිස‍්වා කිලෙසවසෙනා”ති ආහ. අථ නං සත්‍ථා “මාතුගාමො නාම භික‍්ඛු න සක‍්කා රක‍්ඛිතුං, පුබ‍්බෙපි දොවාරිකෙ ඨපෙත්‍වා රක‍්ඛන‍්තාපි රක‍්ඛිතුං න සක‍්ඛිංසු, කිං තෙ ඉත්‍ථියා, ලද‍්ධාපි සා රක‍්ඛිතුං න සක‍්කා”ති වත්‍වා අතීතං ආහරි.

පවාසා ආගතො තාතා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් කලකිරුණු භික්‍ෂූන් වහන්සේ නමක් අරබයා වදාළ සේක. ශාස්තෲන් වහන්සේ විසින්, ඇත්තද? මහණ! ඔබ කලකිරුණෙහිදැයි විමසන ලද්දේ, ඇත්තයි ස්වාමීනියි කියා, කුමන කාරණාවක් නිසාදැයි වදාළ කල්හි, එක් සරසන ලද ස්ත්‍රියක් දැක ඇය කෙරෙහි කෙලෙස් වසඟයට පත්වීම නිසායයි කීවේය. ඉක්බිති ඔහුට බුදුරජාණන් වහ්නසේ වදාළේ, මහණ! ස්ත්‍රිය නම් ආරක්ෂා කිරීමට අපහසුය. පෙර දොරටුපාලයන් යොදාත් රක්නේ නමුදු රැකගැනීමට නොහැකි වූහ. ඔබට ස්ත්‍රියගෙන් කුමන ප්‍රයෝජනයක්ද? ලැබුණත් ඇය රකින්න නොහැකියයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සුවයොනියං නිබ‍්බත‍්ති, “රාධො”තිස‍්ස නාමං, කනිට‍්ඨභාතා පනස‍්ස පොට‍්ඨපාදො නාම. තෙ උභොපි තරුණකාලෙයෙව එකො ලුද‍්දකො ගහෙත්‍වා බාරාණසියං අඤ‍්ඤතරස‍්ස බ්‍රාහ‍්මණස‍්ස අදාසි, බ්‍රාහ‍්මණො තෙ පුත‍්තට‍්ඨානෙ ඨපෙත්‍වා පටිජග‍්ගි. බ්‍රාහ‍්මණස‍්ස පන බ්‍රාහ‍්මණී අරක‍්ඛිතා දුස‍්සීලා. සො වොහාරකරණත්‍ථාය ගච‍්ඡන‍්තො තෙ සුවපොතකෙ ආමන‍්තෙත්‍වා “තාතා, අහං වොහාරකරණත්‍ථාය ගච‍්ඡාමි, කාලෙ වා විකාලෙ වා තුම‍්හාකං මාතු කරණකම‍්මං ඔලොකෙය්‍යාථ, අඤ‍්ඤස‍්ස පුරිසස‍්ස ගමනභාවං වා අගමනභාවං වා ජානෙය්‍යාථා”ති බ්‍රාහ‍්මණිං සුවපොතකානං පටිච‍්ඡාපෙත්‍වා අගමාසි. සා තස‍්ස නික‍්ඛන‍්තකාලතො පට‍්ඨාය අනාචාරං චරි, රත‍්තිම‍්පි දිවාපි ආගච‍්ඡන‍්තානඤ‍්ච ගච‍්ඡන‍්තානඤ‍්ච පමාණං නත්‍ථි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහා බෝසතාණන් වහන්සේ ගිරා යෝනියේ උපන් සේක. ඒ ගිරවාගේ නම රාධය. මොහුගේ කණිටු සහෝදරයාගේ නම පොට්ඨපාදය. මේ සතුන් දෙදෙනා තරුණ කාලයේදීම එක් වැද්දෙක් අල්ලා ගෙනවුත් බරණැස් නුවර එක්තරා බමුණෙකුට දුන්නේය. බමුණා ඔවුන් දරු තනතුරෙහි තබා පෝෂණය කළේය. බමුණාගේ බැමිණිය ආරක්‍ෂා කළ නොහැකි දුසිල් තැනැත්තියකි. ඔහු වෙළඳාම් කිරීමට යනවිට ඒ ගිරා පෝතකයා අමතා, දරුවනි! මම වෙළඳාම පිණිස යමි. කාලයේ හෝ අකාලයේ හෝ තොපගේ මව කරන ක්‍රියාවන් (හැසිරීම) පරීක්‍ෂා කර බලව්. අන් පුරුෂයන් කරා යන බව හෝ නොයන බව දැනගනිව් කියා බැමිණිය ගිරා පෝතකයන්ට පවරා දී ගියේය. ඈ බමුණා පිටත් වන කාලයේ පටන් අනාචාරයේ හැසුරුණාය. රෑ දාවල් යන එන පුරුෂයන්ගේ ප්‍රමාණයක් නැත.

තං දිස‍්වා පොට‍්ඨපාදො රාධං පුච‍්ඡි – “බ්‍රාහ‍්මණො ඉමං බ්‍රාහ‍්මණිං අම‍්හාකං නිය්‍යාදෙත්‍වා ගතො, අයඤ‍්ච පාපකම‍්මං කරොති, වදාමි න”න‍්ති. රාධො “මා වදාහී”ති ආහ. සො තස‍්ස වචනං අග‍්ගහෙත්‍වා “අම‍්ම, කිංකාරණා පාපකම‍්මං කරොසී”ති ආහ. සා තං මාරෙතුකාමා හුත්‍වා “තාත, ත්‍වං නාම මය‍්හං පුත‍්තො, ඉතො පට‍්ඨාය න කරිස‍්සාමි, එහි, තාත, තාවා”ති පියායමානා විය පක‍්කොසිත්‍වා ආගතං ගහෙත්‍වා “ත්‍වං මං ඔවදසි, අත‍්තනො පමාණං න ජානාසී”ති ගීවං පරිවත‍්තෙත්‍වා මාරෙත්‍වා උද‍්ධනන‍්තරෙසු පක‍්ඛිපි. බ්‍රාහ‍්මණො ආගන‍්ත්‍වා විස‍්සමිත්‍වා බොධිසත‍්තං “කිං, තාත රාධ, මාතා තෙ අනාචාරං කරොති, න කරොතී”ති පුච‍්ඡන‍්තො පඨමං ගාථමාහ –

ඒ දැක පොට්ඨපාද රාධගෙන් විචාළේය. බමුණා මේ බැමිණිය අපට පවරා දී ගියේය. ඇයද පාප ක්‍රියා කරන්නීය. ඇයට ඒ ගැන කියමියි කී විට රාධ නොකියන්නයි කීවේය. පොට්ඨපාද රාධගේ කීම නොසලකා මෑණියනි! කුමක් නිසා පව්කම් කරන්නීදැයි කීවේය. බැමිණිය ඒ ගිරවා මරනු කැමතිව දරුව! ඔබ මගේ පුතාය. මෙතැන් පටන් ඒ පව්කාර ක්‍රියා නොකරන්නෙමි. එව දරුවයි ප්‍රියමනාප විදියට ළඟට කැඳවා ආවිට අල්ලාගෙන නුඹ මට අවවාද දෙන්නෙහිද? තමන් ප්‍රමාණය නොදන්නෙහියයි බෙල්ල කරකවා මරා ලිප තුළට දැම්මාය. බමුණා අවුත් විඩාහැර බෝසතුන් අමතා දරුව, රාධ! කිම තොපගේ මව අනාචාරයේ හැසුරුණාද නැද්දයි විමසමින්

“පවාසා ආගතො තාත, ඉදානි නචිරාගතො; කච‍්චින‍්නු තාත තෙ මාතා, න අඤ‍්ඤමුපසෙවතී”ති.

පවාසා ආගතො තාත! ඉදානි න චිරාගතො, කච්චින්නු තාත! තෙ මාතා න අඤ්ඤ මුපසෙවති.

යන පළමු ගාථාව කීවේය.

දරුව! විදේහයෙන් ආවෙමි. (පැමිණ) බොහෝකල් නොවෙමි. කෙසේද? දරුව! තොපගේ මව අන් පුරුෂයකු ඇසුරු කළේද?

තස‍්සත්‍ථො – අහං, තාත රාධ, පවාසා ආගතො, සො චම‍්හි ඉදානෙව ආගතො නචිරාගතො, තෙන පවත‍්තිං අජානන‍්තො තං පුච‍්ඡාමි – “කච‍්චි නු තෙ, තාත, මාතා අඤ‍්ඤං පුරිසං න උපසෙවතී”ති.

එහි අර්ථය මම තාත පවාස ආගතො දරුව විදේහයෙන් පැමිණියෙමි. ඔහු නොදන්නේ රාධගෙන් විචාරමි. කච්චිනු තාත තෙ මාතා අඤ්ඤං පුරිසං න උපසෙවති යනු දරුව, ඔබේ මව අන් පුරුෂයකු සේවනය කෙළේද?

රාධො “තාත, පණ‍්ඩිතා නාම භූතං වා අභූතං වා අනිය්‍යානිකං නාම න කථෙසු”න‍්ති ඤාපෙන‍්තො දුතියං ගාථමාහ –

බෝසත් රාධ පියාණනි! නුවණ ඇති අය සිදුවූ හෝ සිදු නොවූ හෝ සසර රඳවන දේ නොකියතියි දන්වමින්

“න ඛො පනෙතං සුභණං, ගිරං සච‍්චුපසංහිතං; සයෙථ පොට‍්ඨපාදොව, මුම‍්මුරෙ උපකූථිතො”ති.

නඛො පනෙතං සුභණං ගිරං සච්චුපසංහිතං, පයෙථ පොට්ඨපාදොච මුම්මුරෙ උපකූසිතො

යන දෙවන ගාථාව කීවේය.

“සත්‍යයෙන් යුක්ත වූ මේ වචනය ඇති සැටියෙන් කිවයුතු නොවේ. (ඉදින් ඇති සැටියෙන් ප්‍රකාශ කළ කෙනෙක් වෙත්නම්) ගිනි මුසු අළුයෙහි දමා හොවන ලද පොට්ඨපාදයා මෙන් හෝනේමයි.

තත්‍ථ ගිරන‍්ති වචනං. තඤ‍්හි යථා ඉදානි ගිරා, එවං තදා “ගිර”න‍්ති වුච‍්චති, සො සුවපොතකො ලිඞ‍්ගං අනාදියිත්‍වා එවමාහ. අයං පනෙත්‍ථ අත්‍ථො – තාත, පණ‍්ඩිතෙන නාම සච‍්චුපසංහිතං යථාභූතං අත්‍ථයුත‍්තං සභාවවචනම‍්පි අනිය්‍යානිකං න සුභණං. අනිය්‍යානිකඤ‍්ච සච‍්චං භණන‍්තො සයෙථ පොට‍්ඨපාදොව, මුම‍්මුරෙ උපකූථිතො, යථා පොට‍්ඨපාදො කුක‍්කුළෙ ඣාමො සයති, එවං සයෙය්‍යාති. “උපකූධිතො”තිපි පාඨො, අයමෙවත්‍ථො.

එහි, ගිරං යනු වචනයයි. දැන් ‘වචනය’ යනුවෙන් කියන්නා සේ එකල (වචනය වෙනුවට) ‘ගිරං’ යනුවෙන් කියනු ලැබීය. ඒ ගිරා පොව්වා වෙනස නොසලකා මෙසේ කීවේය. මේ එහි අර්ථයයි. දරුව! නුවණ ඇත්තා විසින් සච්චූප සංහිතං සිදුවූ පරිදි, සත්‍යයෙන් යුක්ත ස්වභාව වචනය වුවද සසරින් මිදීම පිණිස නොවේනම් නසුභණං නොකියන්නේය. සසරින් මිදීම පිණිස පවතින ඇත්ත වුවද කියන පුද්ගලයා සයෙථ පොට්ඨපාදොව මුම්මුරෙ උපකුසිතො යම්සේ පොට්ඨපාද උණු අලුවල පිළිස්සුනේ නිදයිද එසේම නිදන්නේය. උපකුජිතො යනුද පාඨයකි. මේ අර්ථයමයි.

එවං බොධිසත‍්තො බ්‍රාහ‍්මණස‍්ස ධම‍්මං දෙසෙත්‍වා “මයාපි ඉමස‍්මිං ඨානෙ වසිතුං න සක‍්කා”ති බ්‍රාහ‍්මණං ආපුච‍්ඡිත්‍වා අරඤ‍්ඤමෙව පාවිසි.

මෙසේ බෝසතාණන් වහන්සේ බමුණාට බණ දෙසා අපටද මෙහි විසීමට නොහැකියයි කියා බමුණාගෙන් විමසා වනයටම පිවිසියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. “තදා පොට‍්ඨපාදො ආනන්‍දො අහොසි, රාධො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය දේශනාකොට ජාතක කථාව නිමවා වදාළහ. සත්‍ය දේශනාවගේ කෙළවර කලකිරුණු භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල පොට්ඨපාද ගිරවා ආනන්දය. රාධ වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.

රාධජාතකවණ‍්ණනා අට‍්ඨමා.