යෙදුමෙන් කියවන්න

9. ගහපතිජාතකවණ‍්ණනා 199 අට‍්ඨකථා

9. ගහපතිජාතකවණ‍්ණනා (199)

9. ගහපති ජාතකය (199)

උභයං මෙ න ඛමතීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො උක‍්කණ‍්ඨිතමෙව භික‍්ඛුං ආරබ‍්භ කථෙසි. කථෙන‍්තො ච “මාතුගාමො නාම අරක‍්ඛිතො, පාපකම‍්මං කත්‍වා යෙන කෙනචි උපායෙන සාමිකං වඤ‍්චෙතියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

උභයම්මෙ න ඛමතී යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් උකටලී වූම භික්‍ෂු කෙනෙකුන් අරබයා වදාළ සේක. එසේ වදාරණ සේක් ස්ත්‍රිය නම් රැකිය නොහැකිය. වැරැද්දක් කොට යම්කිසි උපායකින් සැමියා රවටන්නේම යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කාසිරට‍්ඨෙ ගහපතිකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො ඝරාවාසං ගණ‍්හි. තස‍්ස භරියා දුස‍්සීලා ගාමභොජකෙන සද‍්ධිං අනාචාරං චරති. බොධිසත‍්තො තං ඤත්‍වා පරිග‍්ගණ‍්හන‍්තො චරති . තදා පන අන‍්තොවස‍්සෙ බීජෙසු නීහටෙසු ඡාතකං අහොසි, සස‍්සානං ගබ‍්භගහණකාලො ජාතො. සකලගාමවාසිනො “ඉතො මාසද‍්වයෙන සස‍්සානි උද‍්ධරිත්‍වා වීහිං දස‍්සාමා”ති එකතො හුත්‍වා ගාමභොජකස‍්ස හත්‍ථතො එකං ජරගොණං ගහෙත්‍වා මංසං ඛාදිංසු.

පෙර බරණැස් නුවර බඹදත් රජු රජකරන කල්හි අපමහ බෝසතාණන් වහන්සේ ගහපති කුලයෙහි ඉපදී වැඩිවියට පත්වූයේ පවුල් දිවියට එළඹි සේක. ඔහුගේ බිරිඳ දුසිල්ය. ගම්මුලාදෑනියා සමග අනාචාරයෙහි හැසිරෙන්නීය. එය දැනගත් බෝසතාණන් වහන්සේ පරීක්‍ෂා කරමින් හැසිරෙති. එකල්හි වනාහි වැසිකාලය තුළ බීජ වැපිරූ කල්හි ආහාර අහේනියක් ඇතිවිය. ගොයම් පූදින කාලය උදාවිය. සියලු ගම්වැසියෝ මෙයින් මාස දෙකක් ගියවිට ගොයම් කපා පාගා වී දෙන්නෙමැයි එක්ව ගම්මුලාදෑණියාගෙන් එක් මහලු ගොනෙක් ලබාගෙන මස්කර කෑවාහුය.

අථෙකදිවසං ගාමභාජකො ඛණං ඔලොකෙත්‍වා බොධිසත‍්තස‍්ස බහිගතවෙලායං ගෙහං පාවිසි. තෙසං සුඛනිපන‍්නක‍්ඛණෙයෙව බොධිසත‍්තො ගාමද‍්වාරෙන පවිසිත්‍වා ගෙහාභිමුඛො පායාසි. සා ඉත්‍ථී ගාමද‍්වාරාභිමුඛී තං දිස‍්වා “කො නු ඛො එසො”ති උම‍්මාරෙ ඨත්‍වා ඔලොකෙන‍්තී “සොයෙවා”ති ඤත්‍වා ගාමභොජකස‍්ස ආචික‍්ඛි, ගාමභොජකො භීතො පකම‍්පි. අථ නං සා “මා භායි, අත්‍ථෙකො උපායො, අම‍්හෙහි තව හත්‍ථතො ගොණමංසං ඛාදිතං, ත්‍වං මංසමූලං සොධෙන‍්තො විය හොහි, අහං කොට‍්ඨං ආරුය‍්හ කොට‍්ඨද‍්වාරෙ ඨත්‍වා ‘වීහි නත්‍ථී’ති වක‍්ඛාමි. ත්‍වං ගෙහමජ‍්ඣෙ ඨත්‍වා ‘අම‍්හාකං ඝරෙ දාරකා ඡාතා, මංසමූලං මෙ දෙහී’ති පුනප‍්පුනං චොදෙය්‍යාසී”ති වත්‍වා කොට‍්ඨං ආරුය‍්හ කොට‍්ඨද‍්වාරෙ නිසීදි. ඉතරො ගෙහමජ‍්ඣෙ ඨත්‍වා “මංසමූලං දෙහී”ති වදති. සා කොට‍්ඨද‍්වාරෙ නිසින‍්නා “කොට‍්ඨෙ වීහි නත්‍ථි, සස‍්සෙ උද‍්ධරන‍්තෙ දස‍්සාමි ගච‍්ඡාහී”ති ආහ.

ඉක්බිති එක්දිනක් ගම්මුලාදෑණියා කල්යල් බලා සිට බෝසතාණන් වහන්සේ බැහැරගිය අවස්ථාවක ගෙට පිවිසියේය. ඔවුන් දෙදෙනා සැපසේ වැතිර සිටි අවස්ථාවේදීම බෝසතාණන් වහන්සේ ගම් දොරටුවෙන් පිවිස නිවස බලා පිටත්වූ සේක. ගම් දොරටුව දෙස බලා සිටින ඒ ස්ත්‍රිය ඔහු දැක මේ කවරෙක්දැයි එළිපත්ත උඩ සිට බලන්නී ඒ සැමියාම යයි දැන ගම්මුලාදෑණියාට කීවාය. ගම්මුලාදෑණියා බියෙන් තැති ගත්තේය. ඉක්බිති ඈ ඔහුට බිය නොවන්න. එක් උපායක් ඇත. අප විසින් නුඹෙන් ගවමස් කන ලදි. නුඹ මස් මිල ඉල්ලන්නෙකු ලෙස හිඳිව්. මම වී කොටුවට නැග කොටුව දොර ළඟ සිට වී නැතැයි කියමි. නුඹ ගෙයි මැද සිට අපගේ ගෙදර දරුවෝ සාගින්නේ සිටිති. මට මස් මිළ දෙන්නයි පුන පුනා චෝදනා කරවයි කියා කොටුවට නැගී කොටුදොර ළඟ හිඳ ගත්තාය. ගම්මුලාදෑණියා ගෙයි මැද සිට මස් මිළ දෙන්නයි කියයි. ඈ කොටු දොරටුව ළඟ සිටින්නී කොටුවේ වී නැත. ගොයම් කපා පාගා ගත්විට දෙන්නෙමි. ඒ නිසා යන්නයි කීවාය.

බොධිසත‍්තො ගෙහං පවිසිත්‍වා තෙසං කිරියං දිස‍්වා “ඉමාය පාපාය කතඋපායො එස භවිස‍්සතී”ති ඤත්‍වා ගාමභොජකං ආමන‍්තෙත්‍වා “සො ගාමභොජක අම‍්හෙ තව ජරගොණස‍්ස මංසං ඛාදන‍්තා ‘ඉතො මාසද‍්වයෙන වීහිං දස‍්සාමා’ති ඛාදිම‍්හ, ත්‍වං අඩ‍්ඪමාසම‍්පි අනතික‍්කමිත්‍වා ඉදානෙව කස‍්මා ආහරාපෙසි, න ත්‍වං ඉමිනා කාරණෙන ආගතො, අඤ‍්ඤෙන කාරණෙන ආගතො භවිස‍්සසි, මය‍්හං තව කිරියා න රුච‍්චති, අයම‍්පි අනාචාරා පාපධම‍්මා කොට‍්ඨෙ වීහීනං අභාවං ජානාති, සා දානි කොට‍්ඨං ආරුය‍්හ ‘වීහි නත්‍ථී’ති වදති, ත්‍වම‍්පි ‘දෙහී’ති වදති, උභින‍්නම‍්පි වො කරණං මය‍්හං න රුච‍්චතී”ති එතමත්‍ථං පකාසෙන‍්තො ඉමා ගාථා අවොච –

බෝසතාණන් වහන්සේ ගෙට පිවිස ඔවුන්ගේ ක්‍රියාව දැක මේ පවිටු ස්ත්‍රිය විසින් කළ උපායක් වන්නේ යයි දැන ගම්මුලාදෑණියා අමතා එම්බා ගම්මුලාදෑණිය! අපි නුඹේ මහලු ගොනාගේ මස් කෑවාහු මෙයින් මාස දෙකක් ගියතැන වී දෙන්නෙමුයි කියා නුඹ අඩ මසක්වත් යන්නට කලින් දැන්ම කුමක් නිසා ඉල්ලා පැමිණියේද? නුඹ මේ කාරණය සඳහා පැමිණ නැත. වෙනත් කරුණක් සඳහා ආවෙහිය. මට නුඹේ පවිටු වැඩ රුචි කරන්නේ නැත. මේ අනාචාර පව්කාරියද කොටුවෙහි වී නැති බව දනී. ඈ දැන් කොටුවට නැගී වී නැතැයි කියන්නීය. නුඹත් දෙන්නයි කියන්නෙහිය. නුඹලා දෙදෙනාගේම ක්‍රියා මට රුචි නැතැයි ඒ අර්ථය පැහැදිලි කරමින්

“උභයං මෙ න ඛමති, උභයං මෙ න රුච‍්චති; යාචායං කොට‍්ඨමොතිණ‍්ණා, නදස‍්සං ඉති භාසති.

උභයම්මෙ නඛමති උභයම්මෙ න රුච්චති, යාචායං කොට්ඨමොතිණ්ණා නදස්සං ඉති භාසති.

“තං තං ගාමපති බ්‍රූමි, කදරෙ අප‍්පස‍්මි ජීවිතෙ; ද‍්වෙ මාසෙ සඞ‍්ගරං කත්‍වා, මංසං ජරග‍්ගවං කිසං; අප‍්පත‍්තකාලෙ චොදෙසි, තම‍්පි මය‍්හං න රුච‍්චතී”ති.

තං තං ගාමපති බ්‍රෑමි කදරෙ අප්පස්මිං ජීවිතෙ, ද්වෙ මාසෙ කාරං කත්‍වාන මංසං ජරග්ගවං කිසං, අප්පත්තකාලෙ චොදෙසි තම්පි මය්හං නරුච්ච.

යන මේ ගාථා කීහ.

(දෙදෙනාගේම) දෙබසම මට කැමති නැත. දෙබසම මට රිසි නොවෙයි. මේ තැනැත්තී (වී නැති බව දැන දැනම) කොටුවට බැස වී නොදකිමියි කියයි.

ඒ කරුණින් ගම්පතිය! තොපට මෙය කියමි. කර්කශ වූ අල්ප ජීවිතය පවත්නා කල්හි වී පිණිස මස් දෙන්නේ දෙමසකින් දිය යුතු බවට ගිවිස කෙට්ටු ගොන්මාල්ලා දී දැන් කාලය පැමිණීමට පෙර ඉල්ලයි. එයද මට නොරුස්නේයි.

තත්‍ථ තං තං ගාමපති බ්‍රූමීති, අම‍්භො ගාමජෙට‍්ඨක, තෙන කාරණෙන තං වදාමි. කදරෙ අප‍්පස‍්මි ජීවිතෙති අම‍්හාකං ජීවිතං නාම කදරඤ‍්චෙව ථද‍්ධං ලූඛං කසිරං අප‍්පඤ‍්ච මන්‍දං පරිත‍්තං, තස‍්මිං නො එවරූපෙ ජීවිතෙ වත‍්තමානෙ. ද‍්වෙ මාසෙ සඞ‍්ගරං කත්‍වා, මංසං ජරග‍්ගවං කිසන‍්ති අම‍්හාකං මංසං ගණ‍්හන‍්තානං ජරග‍්ගවං කිසං දුබ‍්බලං ජරගොණං දදමානො ත්‍වං “ද‍්වීහි මාසෙහි මූලං දාතබ‍්බ”න‍්ති එවං ද‍්වෙ මාසෙ සඞ‍්ගරං පරිච‍්ඡෙදං කත්‍වා. අප‍්පත‍්තකාලෙ චොදෙසීති තස‍්මිං කාලෙ අසම‍්පත‍්තෙ අන‍්තරාව චොදෙසි. තම‍්පි මය‍්හං න රුච‍්චතීති යා චායං පාපධම‍්මා දුස‍්සීලා අන‍්තොකොට‍්ඨෙ වීහීනං නත්‍ථිභාවං ජානමානාව අජානන‍්තී විය හුත්‍වා කොට‍්ඨමොතිණ‍්ණා කොට‍්ඨද‍්වාරෙ ඨත්‍වා න දස‍්සං ඉති භාසති, යඤ‍්ච ත්‍වං අකාලෙ චොදෙසි, තම‍්පීති ඉදං උභයම‍්පි මම නෙව ඛමති න රුච‍්චතීති.

එහි, තංතං ගාමපති බ්‍රෑමි යනු එම්බා ගම් දෙටුවාණෙනි! ඒ කාරණයෙන් ඔබට කියමි. කදරෙ අප්පස්මිං ජීවිතෙ යනු අපගේ ජීවිතය නම් කරදරය. හැඩිදැඩිය. ගොරෝසුය. දුක් සහිතය. අල්පය. මඳය. ස්වල්පය. ඒ අපට එබඳු ජීවිතයක් පවතිද්දී, ද්වෙ මාසෙ කාරං කත්‍වාන මංසං ජරග්ගවං කිසං යනු මස් ගන්නා වූ අපට මහලු කෙට්ටු, දුර්වල, ජරාවට පත් ගවයා දෙමින් නුඹ මාස දෙකකින් මුදල් දිය යුතුයයි මෙසේ දෙමසකින් දෙන පොරොන්දුව කොට, අප්පත්තකාලෙ චොදෙසි යනු ඒ කාලය නොපැමිණි කල්හි අතරතුරේ චෝදනා කළෙහිය. තම්පි මය්හං නරුච්චති යනු යම් මේ පව්කාර දුස්සීල ස්ත්‍රිය ඇතුල්කොටුවෙහි වී නැති බව දැනගෙනම නොදන්නියක මෙන් වී කොට්ඨමොතිණ්ණා වී කොටු දොරටුවෙහි සිට නදස්සං ඉතිභාසති වී නොදකියි කියයිද ඇයද නුඹ නොකල්හි යම් චෝදනාවක් කෙළෙහිද තම්පි යනු ඔබද යන මේ දෙදෙනාටම මගේ කැමැත්තක් නැත. (මට) රුචි කරන්නේද නැත.

එවං සො කථෙන‍්තොව ගාමභොජකං චූළාය ගහෙත්‍වා කඩ‍්ඪිත්‍වා ගෙහමජ‍්ඣෙ පාතෙත්‍වා “ගාමභොජකොම‍්හීති පරස‍්ස රක‍්ඛිතගොපිතභණ‍්ඩෙ අපරජ‍්ඣසී”තිආදීහි පරිභාසිත්‍වා පොථෙත්‍වා දුබ‍්බලං කත්‍වා ගීවාය ගහෙත්‍වා ගෙහා නික‍්කඩ‍්ඪිත්‍වා තම‍්පි දුට‍්ඨඉත්‍ථිං කෙසෙසු ගහෙත්‍වා කොට‍්ඨා ඔතාරෙත්‍වා නිප‍්පොථෙත්‍වා “සචෙ පුන එවරූපං කරොසි, ජානිස‍්සසී”ති සන‍්තජ‍්ජෙසි. තතො පට‍්ඨාය ගාමභොජකො තං ගෙහං ඔලොකෙතුම‍්පි න විසහි, සාපි පාපා පුන මනසාපි අතිචරිතුං නාසක‍්ඛි.

හෙතෙම මෙසේ කිය කියාම ගම්මුලාදෑණියා කෙස් මුදුනෙන් අල්ලා ඇදගෙන ගේ මැද හෙළා “මම ගම්මුලාදෑණියා වෙමි” යි කියද්දී අනුන් රැකබලා ගන්නා භාණ්ඩවලට අපරාධ කරන්නෙහිදැයි ආදී වශයෙන් අපහාස කර තලා දුර්වලකොට බෙල්ලෙන් අල්ලා ගෙයින් නෙරපා, ඒ දුෂ්ට ස්ත්‍රියද කෙස්වැටියෙන් අල්ලා වී කොටුවෙන් බස්සවා තලා ඉදින් මෙවැන්නක් නැවත කරන්නෙහි නම් (මා තිට කරන දේ) දැන ගන්නෙහියයි තර්ජනය කෙළේය. එතැන් පටන් ගම්මුලාදෑණියා ඒ ගේ දෙස බලන්නටවත් අසමත් විය. ඒ පව්කාර ස්ත්‍රියද මනසින්වත් පරපුරුෂ සේවනයක් කරන්න අසමත් වූවාය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. “තදා ගාමභොජකො දෙවදත‍්තො, නිග‍්ගහකාරකො ගහපති පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍ය දේශනාකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර කලකිරුණු භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටි සේක. එකල ගම්මුලාදෑණියාට නිගාකළ ගහපතියා මම ම වූයෙමි යි වදාළ සේක.

ගහපතිජාතකවණ‍්ණනා නවමා.