යෙදුමෙන් කියවන්න

10. සාධුසීලජාතකවණ‍්ණනා 200 අට‍්ඨකථා

10. සාධුසීලජාතකවණ‍්ණනා (200)

10. සාධුසීල ජාතකය (200)

සරීරදබ්‍යන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං බ්‍රාහ‍්මණං ආරබ‍්භ කථෙසි. තස‍්ස කිර චතස‍්සො ධීතරො අහෙසුං. තා චත‍්තාරො ජනා පත්‍ථෙන‍්ති, තෙසු එකො අභිරූපො සරීරසම‍්පන‍්නො, එකො වයප‍්පත‍්තො මහල‍්ලකො, එකො ජාතිසම‍්පන‍්නො, එකො සීලවා. බ්‍රාහ‍්මණො චින‍්තෙසි – “ධීතරො නිවෙසෙන‍්තෙන පතිට‍්ඨාපෙන‍්තෙන කස‍්ස නු ඛො දාතබ‍්බා, කිං රූපසම‍්පන‍්නස‍්ස, උදාහු වයප‍්පත‍්තස‍්ස, ජාතිසම‍්පන‍්නසීලවන‍්තානං අඤ‍්ඤතරස‍්සා”ති. සො චින‍්තෙන‍්තොපි අජානිත්‍වා “ඉමං කාරණං සම‍්මාසම‍්බුද‍්ධො ජානිස‍්සති, තං පුච‍්ඡිත්‍වා එතෙසං අන‍්තරෙ අනුච‍්ඡවිකස‍්ස දස‍්සාමී”ති ගන්‍ධමාලාදීනි ගාහාපෙත්‍වා විහාරං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො ආදිතො පට‍්ඨාය තමත්‍ථං ආරොචෙත්‍වා “භන‍්තෙ, ඉමෙසු චතූසු ජනෙසු කස‍්ස දාතුං වට‍්ටතී”ති පුච‍්ඡි. සත්‍ථා “පුබ‍්බෙපි පණ‍්ඩිතා එතං පඤ‍්හං කථයිංසු, භවසඞ‍්ඛෙපගතත‍්තා පන සල‍්ලක‍්ඛෙතුං න සක‍්කොසී”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

සරීරදව්‍යං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක්තරා බමුණෙකු අරබයා වදාළ සේක. ඔහුට දූවරු සිව්දෙනෙක් සිටියහ. පිරිමි සිව්දෙනෙක් ඒ තරුණියන් ලබාගැනීමට ප්‍රාර්ථනා කරති. ඔවුන් අතුරෙන් එක් පුරුෂයෙක් මනා රූ ඇත්තේ කඩවසම් සිරුරක් ඇත්තෙකි. එක් අයෙක් වයස්ගත මහල්ලෙකි. එක් අයෙක් උසස් කුල ඇත්තෙකි. එක් අයෙක් සිල්වත්ය. බමුණා තම දූවරු මේ සතර දෙනාගෙන් කවරෙකුට දිය යුතුදැයි සිතුවේය. දූවරු වාසය කරන්නන් විසින් පිහිටුවන්නන් විසින් කවරෙකුට දිය යුතුද? රූප සෝභාවෙන් යුතු තැනැත්තාටද නැතිනම් වයස්ගත තැනැත්තාටද, උසස් කුලවතා හා සිල්වතා යන දෙදෙනාගෙන් එක් අයෙකුටද හෙතෙම ඒ ගැන සිතන්නේ නමුදු නොදැන මේ කරුණ ගැන බුදුරජාණන් වහන්සේ දනිති. උන්වහන්සේ විචාරා ඔවුන් අතුරෙන් සුදුස්සාට දෙන්නෙමියි සිතා සුවඳ, මල් ආදිය ගෙන්වාගෙන විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේ (තමන් පැමිණි) ඒ කාරණය මුල සිට කියා, ස්වාමීනි! ඒ සතර දෙනාගෙන් කවරෙකුට දිය යුතුදැයි විචාළේය. එවිට ශාස්තෲන් වහන්සේ පෙරත් මේ ප්‍රශ්නය නුවණ ඇති අය ඔබට කීවාහුය. භවයෙන් වැසී ඇති බැවින් (ඒ පිළිතුර) සලකා බලන්නට ඔබ අසමත් වන්නෙහි යයි වදාරා ඔහු විසින් ඉල්ලන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං සිප‍්පං උග‍්ගණ‍්හිත්‍වා ආගන‍්ත්‍වා බාරාණසියං දිසාපාමොක‍්ඛො ආචරියො අහොසි. අථෙකස‍්ස බ්‍රාහ‍්මණස‍්ස චතස‍්සො ධීතරො අහෙසුං, තා එවමෙව චත‍්තාරො ජනා පත්‍ථයිංසු. බ්‍රාහ‍්මණො “කස‍්ස නු ඛො දාතබ‍්බා”ති අජානන‍්තො “ආචරියං පුච‍්ඡිත්‍වා දාතබ‍්බයුත‍්තකස‍්ස දස‍්සාමී”ති තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තමත්‍ථං පුච‍්ඡන‍්තො පඨමං ගාථමාහ –

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ බමුණු කුලයෙහි ඉපදී වැඩිවියට පත්ව තක්සලා නුවරින් ශිල්ප ඉගෙනගෙන අවුත් බරණැස් නුවර දිසාපාමොක් ඇදුරුතුමා විය. ඉක්බිති එක්තරා බමුණෙකුට දූවරු සතරදෙනෙක් සිටියහ. මේ අයුරින්ම ඒ දූවරුන් පුරුෂයෝ සතරදෙනෙක් පැතූහ. බමුණා කවරෙකුට දිය යුතුදැයි නොදන්නේ ඇදුරුතුමාගෙන් විචාරා දිය යුත්තෙකුට දෙන්නෙමියි ඔහු සමීපයට ගොස් ඒ කරුණ විචාරමින්

“සරීරදබ්‍යං වුඩ‍්ඪබ්‍යං, සොජච‍්චං සාධුසීලියං; බ්‍රාහ‍්මණං තෙව පුච‍්ඡාම, කන‍්නු තෙසං වනිම‍්හසෙ”ති.

සරීර දව්‍යං වද්ධව්‍යං සොජච්චං සාධුසීලියං, බ්‍රාහ්මණනෙත්‍වව පුච්ඡාම කන්නු තෙසං වණිම්හසෙ.

යන පළමු ගාථාව කීවේය.

“එකකුගේ ශරීර ශෝභාවද ඇත. එකකුගේ වයස්ගත බව ඇත. එකකුගේ කුලවත් බවද ඇත. එකකුගේ සිල්වත් බව ඇත. බ්‍රාහ්මණය, තොප විචාරමි. මොවුන් අතුරෙන් කවරකු කැමති වෙමුද?”

තත්‍ථ “සරීරදබ්‍ය”න‍්තිආදීහි තෙසං චතුන‍්නං විජ‍්ජමානෙ ගුණෙ පකාසෙති. අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො – ධීතරො මෙ චත‍්තාරො ජනා පත්‍ථෙන‍්ති, තෙසු එකස‍්ස සරීරදබ්‍යමත්‍ථි, සරීරසම‍්පදා අභිරූපභාවො සංවිජ‍්ජති. එකස‍්ස වුඩ‍්ඪබ්‍යං වුඩ‍්ඪිභාවො මහල‍්ලකතා අත්‍ථි. එකස‍්ස සොජච‍්චං සුජාතිතා ජාතිසම‍්පදා අත්‍ථි. “සුජච‍්ච”න‍්තිපි පාඨො. එකස‍්ස සාධුසීලියං සුන්‍දරසීලභාවො සීලසම‍්පදා අත්‍ථි. බ්‍රාහ‍්මණං තෙව පුච‍්ඡාමාති තෙසු අසුකස‍්ස නාමෙතා දාතබ‍්බාති අජානන‍්තා මයං භවන‍්තං බ්‍රාහ‍්මණඤ‍්ඤෙව පුච‍්ඡාම. කන‍්නු තෙසං වනිම‍්හසෙති තෙසං චතුන‍්නං ජනානං කං වනිම‍්හසෙ, කං ඉච‍්ඡාම, කස‍්ස තා කුමාරිකා දදාමාති පුච‍්ඡති.

එහි, සරීරදව්‍යං යනාදියෙන් ඒ හතරදෙනා තුළ පවතින බව ප්‍රකාශ කරයි. මේ එහි අදහසයි. පුරුෂයෝ සතරදෙනෙක් මගේ දූවරුන් ප්‍රාර්ථනා කරත්. ඔවුන්ගෙන් එකෙකුට, සරීරදව්‍යං ශරීර සම්පත්තිය රූපවත් බව සූජච්චන්ති යනුද පාඨයකි. එකෙකුට සාධුසීලියං සදාචාර බව සිල්වත් බව ඇත. බ්‍රාහ්මණනෙත්‍ථව පුච්ඡාම යනු මොවුන් අතුරෙන් අසවලාට මොවුන් දිය යුතුදැයි නොදන්නා වූ අපි භවත් බ්‍රාහ්මණයන්ගෙන්ම විමසමු. කන්නු තෙසං වණිම්හසෙ යනු ඒ සතර දෙනාගෙන් කවරෙකුට කැමැත්තෙමුද? කවරෙකුට ඒ කුමාරිකාවන් දෙමුදැයි විචාරයි.

තං සුත්‍වා ආචරියො “රූපසම‍්පදාදීසු විජ‍්ජමානාසුපි විපන‍්නසීලො ගාරය‍්හො, තස‍්මා තං නප‍්පමාණං, අම‍්හාකං සීලවන‍්තභාවො රුච‍්චතී”ති ඉමමත්‍ථං පකාසෙන‍්තො දුතියං ගාථමාහ –

ඒ අසා ඇදුරුතුමා රූප සම්පත්ති ආදිය විද්‍යමාන කල්හිද දුසිල්වත්කම ගැරහිය යුතු බවට පත්වෙයි. ඒ නිසා ඔහු දියණිය දීමට නුසුදුසුය. සිල්වත් බව අපට රුචි වෙයි යනුවෙන් මේ අර්ථ ප්‍රකාශ කරමින්

“අත්‍ථො අත්‍ථි සරීරස‍්මිං, වුඩ‍්ඪබ්‍යස‍්ස නමො කරෙ; අත්‍ථො අත්‍ථි සුජාතස‍්මිං, සීලං අස‍්මාක රුච‍්චතී”ති.

අත්‍ථො අත්‍ථි සරීරස්මිං වද්ධව්‍යස්ස නමොකරෙ, අත්‍ථො අත්‍ථි සුජාතස්මිං සීලං අස්මාකරුච්චති.

යන දෙවන ගාථාව කීහ.

“රූපත් සිරුරෙහිද අර්ථයක් ඇත. වැඩිහිටි බවට නමස්කාර කරමි. උසස් කුලයෙහි උපන් තැනැත්තා කෙරෙහිද වැඩක් නැත. එහෙත් සිල්වත් කමම අපට රුචි කරයි.”

තත්‍ථ අත්‍ථො අත්‍ථි සරීරස‍්මින‍්ති රූපසම‍්පන‍්නෙ සරීරෙපි අත්‍ථො විසෙසො වුද‍්ධි අත්‍ථියෙව, “නත්‍ථී”ති න වදාමි. වුඩ‍්ඪබ්‍යස‍්ස නමො කරෙති වුඩ‍්ඪභාවස‍්ස පන නමක‍්කාරමෙව කරොමි. වුඩ‍්ඪභාවො හි වන්‍දනමානනං ලභති. අත්‍ථො අත්‍ථි සුජාතස‍්මින‍්ති සුජාතෙපි පුරිසෙ වුඩ‍්ඪි අත්‍ථි, ජාතිසම‍්පත‍්තිපි ඉච‍්ඡිතබ‍්බායෙව. සීලං අස‍්මාක රුච‍්චතීති අම‍්හාකං පන සීලමෙව රුච‍්චති. සීලවා හි ආචාරසම‍්පන‍්නො සරීරදබ්‍යවිරහිතොපි පුජ‍්ජො පාසංසොති. බ්‍රාහ‍්මණො තස‍්ස වචනං සුත්‍වා සීලවන‍්තස‍්සෙව ධීතරො අදාසි.

එහි, අත්‍ථො අත්‍ථි සරීරස්මිං යනු රූපත් සිරුරුවලද අර්ථයක් ඇත. විශේෂයක්, වැඩීමක් ඇත්තේමය. අගයක් නැතැයි නොකියමි. වද්ධව්‍යස්ස නමො කරොති වෘද්ධ භාවයට නමස්කාර කරමි. වෘද්භවාදය ඇති තැනැත්තා වැඳුම් පිදුම් ලබයි. අත්‍ථො අත්‍ථි සුජාතස්මිං උසස් ජන්මයක් ඇති පුරුෂයා කෙරෙහි වැඩීමක් ඇත. ජාති සම්පත්තියද කැමතිවිය යුතුමය. සීලං අස්මාකරුච්චති යනු අපට සීලයම රුචි වෙයි. සිල්වතා ආචාර සම්පන්නය. ශරීර ශෝභාවෙන් නැති වුවද පිදිය යුත්තෙකි. ප්‍රශංසා කළ යුත්තෙකි. බමුණා ඔහුගේ කීම අසා සිල්වතාටම දූවරුන් දුන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි – සච‍්චපරියොසානෙ බ්‍රාහ‍්මණො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. “තදා බ්‍රාහ‍්මණො අයමෙව බ්‍රාහ‍්මණො අහොසි, දිසාපාමොක‍්ඛො ආචරියො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවෙන් කෙළවර බමුණා සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල බමුණා මේ බමුණාම විය. දිසාපාමොක් ඇදුරුතුමා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.

සාධුසීලජාතකවණ‍්ණනා දසමා.

රුහකවග‍්ගො පඤ‍්චමො.

පස්වෙනි රූහක වර්ගය නිමියේය.

තස‍්සුද‍්දානං –

රුහකං සිරිකාළකං, පදුමං මණිචොරකං; පබ‍්බතූපත්‍ථරවලාහං, මිත‍්තාමිත‍්තඤ‍්ච රාධඤ‍්ච; ගහපති සාධුසීලං.