යෙදුමෙන් කියවන්න

1. බන්‍ධනාගාරජාතකවණ‍්ණනා 201 අට‍්ඨකථා

1. බන්‍ධනාගාරජාතකවණ‍්ණනා (201)

1. බන්‍ධනාගාර ජාතකය (201)

න තං දළ‍්හං බන්‍ධනමාහු ධීරාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො බන්‍ධනාගාරං ආරබ‍්භ කථෙසි. තස‍්මිං කිර කාලෙ බහූ සන්‍ධිච‍්ඡෙදකපන්‍ථඝාතකචොරෙ ආනෙත්‍වා කොසලරඤ‍්ඤො දස‍්සෙසුං. තෙ රාජා අද‍්දුබන්‍ධනරජ‍්ජුබන්‍ධනසඞ‍්ඛලිකබන්‍ධනෙහි බන්‍ධාපෙසි. තිංසමත‍්තා ජානපදා භික‍්ඛූ සත්‍ථාරං දට‍්ඨුකාමා ආගන‍්ත්‍වා දිස‍්වා වන්‍දිත්‍වා පුනදිවසෙ පිණ‍්ඩාය චරන‍්තා බන්‍ධනාගාරං ගන‍්ත්‍වා තෙ චොරෙ දිස‍්වා පිණ‍්ඩපාතපටික‍්කන‍්තා සායන‍්හසමයෙ තථාගතං උපසඞ‍්කමිත්‍වා “භන‍්තෙ, අජ‍්ජ අම‍්හෙහි පිණ‍්ඩාය චරන‍්තෙහි බන්‍ධනාගාරෙ බහූ චොරා අද‍්දුබන්‍ධනාදීහි බද‍්ධා මහාදුක‍්ඛං අනුභවන‍්තා දිට‍්ඨා, තෙ තානි බන්‍ධනානි ඡින්‍දිත්‍වා පලායිතුං න සක‍්කොන‍්ති, අත්‍ථි නු ඛො තෙහි බන්‍ධනෙහි ථිරතරං නාම අඤ‍්ඤං බන්‍ධන”න‍්ති පුච‍්ඡිංසු. සත්‍ථා “භික‍්ඛවෙ, කිං බන්‍ධනානි නාමෙතානි, යං පනෙතං ධනධඤ‍්ඤපුත‍්තදාරාදීසු තණ‍්හාසඞ‍්ඛාතං කිලෙසබන්‍ධනං, එතං එතෙහි බන්‍ධනෙහි සතගුණෙන සහස‍්සගුණෙන ථිරතරං, එවං මහන‍්තම‍්පි පනෙතං දුච‍්ඡින්‍දනියං බන්‍ධනං පොරාණකපණ‍්ඩිතා ඡින්‍දිත්‍වා හිමවන‍්තං පවිසිත්‍වා පබ‍්බජිංසූ”ති වත්‍වා අතීතං ආහරි.

න තං දළ්හං බන්‍ධනමාහු ‘ධීරා’ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් බන්ධනාගාරයක් මුල් කරගෙන දේශනා කළ සේක. ඒ කාලයේ බොහෝ ගෙවල් බිඳින, මං පහරණ, මිනිස් ඝාතන සිදුකරන සොරුන් අල්ලාගෙන අවුත් කොසොල් රජතුමාට දැක්වූහ. රජතුමා දම්වැලෙන් බැඳීම, රැහැන්වලින් බැඳීම, හැකිල්ලෙන් මාංචු ලෑම යන බන්‍ධනවලින් ඔවුන් බැන්දවීය. තිහක් පමණ ජනපද භික්‍ෂූහු බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට කැමතිව අවුත් දැක වැඳ දෙවන දවසේ පිඬු පිණිස හැසිරෙන්නාහු රජුගේ හිරගෙදරට ගොස් ඒ සොරුන් දැක පිණ්ඩපාතය නිමවා දන් වළඳා පැමිණ හවස් කාලයෙහි තථාගතයන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි! අද පිඬු පිණිස හැසිරෙන අප විසින් හිරගෙදර බොහෝ සොරු යදම් බැදුම් ආදියෙන් බඳින ලද්දාහු මහ දුකක් විඳිනු දක්නා ලදහ. ඔවුහු ඒ බැමි සිඳ පලායන්නට අපොහොසත් වෙති. මේ බන්‍ධනවලට වඩා දැඩිවූ වෙනත් බන්ධනයක් ඇත්දැයි විමසූහ. එවිට ශාස්තෲන් වහන්සේ මහණෙනි! මේවා කිනම් බන්ධනද? යම් ඒ ධන ධාන්‍ය අඹුදරු ආදීන් කෙරෙහි තෘෂ්ණා සංඛ්‍යාත කෙළෙස් බන්ධනයක් වේද එය මේ බන්ධනවලට වඩා සියදහස් ගුණයකින් දැඩිය. මෙසේ ඒ මහත් වූද ඒ සිඳලිය නොහැකි බන්ධනය පෙර සිටි පඬිවරු සිඳ දමා හිමාල වනයට පිවිස පැවිදි වූවාහු යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො එකස‍්මිං දුග‍්ගතගහපතිකුලෙ නිබ‍්බත‍්ති, තස‍්ස වයප‍්පත‍්තස‍්ස පිතා කාලමකාසි. සො භතිං කත්‍වා මාතරං පොසෙසි, අථස‍්ස මාතා අනිච‍්ඡමානස‍්සෙව එකං කුලධීතරං ගෙහෙ කත්‍වා අපරභාගෙ කාලමකාසි. භරියායපිස‍්ස කුච‍්ඡියං ගබ‍්භො පතිට‍්ඨාසි. සො ගබ‍්භස‍්ස පතිට‍්ඨිතභාවං අජානන‍්තො “භද‍්දෙ, ත්‍වං භතිං කත්‍වා ජීවාහි, අහං පබ‍්බජිස‍්සාමී”ති ආහ . සාපි “ගබ‍්භො මෙ පතිට‍්ඨිතො, මයි විජාතාය දාරකං දිස‍්වා පබ‍්බජිස‍්සසී”ති ආහ. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තස‍්සා විජාතකාලෙ “භද‍්දෙ, ත්‍වං සොත්‍ථිනා විජාතා, ඉදානාහං පබ‍්බජිස‍්සාමී”ති ආපුච‍්ඡි. අථ නං සා “පුත‍්තකස‍්ස තාව ථනපානතො අපගමනකාලං ආගමෙහී”ති වත්‍වා පුන ගබ‍්භං ගණ‍්හි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ එක් දුප්පත් ගෘහපති කුලයක උපන්හ. වැඩිවියට පත් ඔහුගේ පියා කලුරිය කෙළේය. ඔහු බැලමෙහෙර කර මව පෝෂණය කෙළේය. ඉක්බිති මව ආවාහයකට අකමැත්තා වූම ඔහුට එක් කුලදුවක ගෙදරට කැඳවා පසුකලෙක කලුරිය කළාය. ඔහුගේ බිරිඳගේ කුසෙහි දරුගැබක් පිහිටියේය. ඔහු ගැබ පිහිටි බව නොදන්නේ ඇය අමතා සොඳුරිය, නුඹ කුලියක් මලියක් කර ජීවත් වෙව. මම පැවිදි වන්නෙමියි කීවේය. ඈ ද මට දරුගැබක් පිහිටියේය. දරුවා බිහිවූවාට පසුව දරුවා දැක පැවිදි වන්නෙහියයි කීවාය. ඔහු යහපතැයි පිළිගෙන ඇගේ දරු ප්‍රසූතියෙන් පසුව සොඳුරිය, නුඹ සුවසේ දරුවා බිහි කළෙහිය. දැන් මම පැවිදි වන්නෙම්දැයි විචාළේය. ඉක්බිති ඈ පුතාගේ කිරිබොන කාලය නිම වනතුරු නවතින්නැයි ඔහුට කියා නැවතත් ගැබ් ගත්තීය.

සො චින‍්තෙසි – “ඉමං සම‍්පටිච‍්ඡාපෙත්‍වා ගන‍්තුං න සක‍්කා, ඉමිස‍්සා අනාචික‍්ඛිත්‍වාව පලායිත්‍වා පබ‍්බජිස‍්සාමී”ති. සො තස‍්සා අනාචික‍්ඛිත්‍වා රත්‍ථිභාගෙ උට‍්ඨාය පලායි. අථ නං නගරගුත‍්තිකා අග‍්ගහෙසුං. සො “අහං, සාමි, මාතුපොසකො නාම, විස‍්සජ‍්ජෙථ ම”න‍්ති තෙහි අත‍්තානං විස‍්සජ‍්ජාපෙත්‍වා එකස‍්මිං ඨානෙ වසිත්‍වා අග‍්ගද‍්වාරෙනෙව නික‍්ඛමිත්‍වා හිමවන‍්තං පවිසිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා ඣානකීළං කීළන‍්තො විහාසි. සො තත්‍ථ වසන‍්තො “එවරූපම‍්පි නාම මෙ දුච‍්ඡින්‍දනියං පුත‍්තදාරබන්‍ධනං කිලෙසබන්‍ධනං ඡින්‍දිත”න‍්ති උදානං උදානෙන‍්තො ඉමා ගාථා අවොච –

ඔහු මැය කැමති කරවාගෙන නම් යන්නට නොහැකිය. මැයට නොකියාම පලාගොස් පැවිදි වන්නෙමියි සිතුවේය. ඔහු ඇයට නොකියාම රාත්‍රී කාලයේ නැගිට පලා ගියේය. එසේ යනවිට නගර ආරක්ෂකයෝ ඔහු අල්ලා ගත්තාහුය. හෙතෙම ස්වාමීනි, මම මවට උපස්ථාන කරන්නෙක්මි. මා නිදහස් කරවයි කියා ඔවුන් අතින් තමන් නිදහස් කරවාගෙන එක්තරා ස්ථානයක නතර වී සිට ප්‍රධාන දොරටුවෙන්ම නික්මී හිමාල වනයට ගොස් තාපස පැවිද්දෙන් පැවිදිව අභිඥා සහ සමාපත්ති උපදවාගෙන, ධ්‍යාන ක්‍රීඩාවෙන් ක්‍රීඩා කරමින් (ධ්‍යානසුව විඳිමින්) විසීය. ඔහු එහි වාසය කරමින් මෙබඳු සිඳලීමට අපහසු අඹුදරු බන්‍ධනය කෙලෙස් බන්‍ධනය කපා දැමුවෙමියි උදන් අනමින්,

“න තං දළ‍්හං බන්‍ධනමාහු ධීරා, යදායසං දාරුජපබ‍්බජඤ‍්ච; සාරත‍්තරත‍්තා මණිකුණ‍්ඩලෙසු, පුත‍්තෙසු දාරෙසු ච යා අපෙක‍්ඛා.

නතං දළ්හං බන්‍ධනමාහු ධීරා, යදා යසං දාරුජං බබ්බජඤ්ච, සාරත්ත රත්තා මණිකුණ්ඩලෙසු, පුත්තෙසු දාරෙසුච යා අපෙක්ඛා.

“එතං දළ‍්හං බන්‍ධනමාහු ධීරා, ඔහාරිනං සීථිලං දුප‍්පමුඤ‍්චං; එතම‍්පි ඡෙත්‍වාන වජන‍්ති ධීරා, අනපෙක‍්ඛිනො කාමසුඛං පහායා”ති.

එතං දළ්හං බන්‍ධනමාහු ධීරා, ඔලාරිනං සිථිලං දුප්පමුඤ්චං, එතම්පි ජෙත්‍වාන වජන්ති ධීරා, අනපෙක්ඛිනො කාමසුඛං පහායා.

යන මේ ගාථා කීවේය.

යකඩයෙන් කළ බන්ධනයද, දැවයෙන් කළ බන්ධනයද, වැහැරි ආදියෙන් කළ බන්ධනයද දැඩි බන්ධනය යයි නුවණැත්තෝ නොකියත්. මණිකුණ්ඩලයන්හි (ආභරණවලට) දැඩි ඇල්මක් ඇත්ද? අඹුදරුවන් කෙරෙහි යම් අපේක්ෂාවක් ඇද්ද?

(මුලින් කී) මේ බන්ධනය දැඩි යයි නුවණ ඇත්තෝ කියත්. ඔබිනොබ ඇදහෙළන්නා වූ සිථිල වූ (සිනිඳු වූ) මුදාලිය නොහැක්කා වූ යම් ක්ලේශ බන්ධනයක් ඇද්ද එයද සිඳ කාමයන්හි අපේක්ෂා නැති නුවණැත්තෝ කම්සුව හැරපියා තපසට යෙති.

තත්‍ථ ධීරාති ධිතිමන‍්තා, ධික‍්කතපාපාති ධීරා. අථ වා ධී වුච‍්චති පඤ‍්ඤා, තාය පඤ‍්ඤාය සමන‍්නාගතාති ධීරා, බුද‍්ධා පච‍්චෙකබුද‍්ධා බුද‍්ධසාවකා බොධිසත‍්තා ච ඉමෙ ධීරා නාම. යදායසන‍්තිආදීසු යං සඞ‍්ඛලිකසඞ‍්ඛාතං අයසා නිබ‍්බත‍්තං ආයසං, යං අද‍්දුබන්‍ධනසඞ‍්ඛාතං දාරුජං, යඤ‍්ච පබ‍්බජතිණෙහි වා අඤ‍්ඤෙහි වා වාකාදීහි රජ‍්ජුං කත්‍වා කතරජ‍්ජුබන්‍ධනං, තං ආයසාදිං ඡින්‍දිතුං සක‍්කුණෙය්‍යභාවෙන ධීරා දළ‍්හං ථිරන‍්ති නාහු න කථෙන‍්ති. සාරත‍්තරත‍්තාති සාරත‍්තා හුත්‍වා රත‍්තා, බලවරාගරත‍්තාති අත්‍ථො. මණිකුණ‍්ඩලෙසූති මණීසු ච කුණ‍්ඩලෙසු ච, මණියුත‍්තෙසු වා කුණ‍්ඩලෙසු.

එහි දිරිය ඇති අය යන අර්ථයෙන් ධීරා නම් වේ. නින්දා කරන ලද පව් ඇත්තෝය යන අර්ථයෙන් ධීරා නම් වේ. නැතහොත් ප්‍රඥාවට ‘ධී’ යයි කියනු ලැබේ. ඒ ප්‍රඥාවෙන් යුක්ත වූවාහු ‘ධීරා’ නම් වෙයි. බුදු, පසේබුදු, බුදුසව්, බෝසත් යන මේ අය ධීරයෝ නම් වෙති. යදායසං යන ආදියෙහි යං සංඛලික සංඛ්‍යාත යකඩින් කරන ලද ආයසං දම්වැලින් බැඳීම නම් වූ දාරුජං බබ්බජඤ්ච යනු බබ්බජ නම් වූ තණවලින් හෝ සෙසු වැහැරි පට්ටා ආදියෙන් යම් ලණුවක් තනා කරන ලද රැහැන් බැඳුම (රජ්ජු බන්ධනය) තං ධීරා දළ්හං ධීරයෝ ඒ බන්‍ධනය දැඩියයි නාහු නො කියති. සාරත්ත රත්තා යනු දැඩි ඇලීමෙන් යුතුව ඇලුණු, බහුල වූ රාගයෙන් ඇලුණු යන අර්ථයි. මණිකුණ්ඩලෙසු යනු මැණික් කෙරෙහිද ආභරණ කෙරෙහිද නැතහොත් මැණික් යෙදූ ආභරණ කෙරෙහි

එතං දළ‍්හන‍්ති යෙ මණිකුණ‍්ඩලෙසු සාරත‍්තරත‍්තා, තෙසං යො ච සාරාගො, යා ච තෙසං පුත‍්තදාරෙසු අපෙක‍්ඛා තණ‍්හා, එතං කිලෙසමයං බන්‍ධනං දළ‍්හං ථිරන‍්ති ධීරා ආහු. ඔහාරිනන‍්ති ආකඩ‍්ඪිත්‍වා චතූසු අපායෙසු පාතනතො අවහරති හෙට‍්ඨා හරතීති ඔහාරිනං. සිථිලන‍්ති බන්‍ධනට‍්ඨානෙ ඡවිචම‍්මමංසානි න ඡින්‍දති, ලොහිතං න නීහරති, බන්‍ධනභාවම‍්පි න ජානාපෙති, ථලපථජලපථාදීසු කම‍්මානි කාතුං දෙතීති සිථිලං. දුප‍්පමුඤ‍්චන‍්ති තණ‍්හාලොභවසෙන හි එකවාරම‍්පි උප‍්පන‍්නං කිලෙසබන්‍ධනං දට‍්ඨට‍්ඨානතො කච‍්ඡපො විය දුම‍්මොචයං හොතීති දුප‍්පමුඤ‍්චං. එතම‍්පි ඡෙත්‍වානාති එතං එවං දළ‍්හම‍්පි කිලෙසබන්‍ධනං ඤාණඛග‍්ගෙන ඡින්‍දිත්‍වා අයදාමානි ඡින්‍දිත්‍වා මත‍්තවරවාරණා විය පඤ‍්ජරෙ ඡින්‍දිත්‍වා සීහපොතකා විය ච ධීරා වත්‍ථුකාමකිලෙසකාමෙ උක‍්කාරභූමිං විය ජිගුච‍්ඡමානා අනපෙක‍්ඛිනො හුත්‍වා කාමසුඛං පහාය වජන‍්ති පක‍්කමන‍්ති, පක‍්කමිත්‍වා ච පන හිමවන‍්තං පවිසිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා ඣානසුඛෙන වීතිනාමෙන‍්තීති.

එතං දළ්හං යනු යමෙක් මැණික් කුණ්ඩලාභරණ කෙරෙහි දැඩි ඇලීමෙන් යුතුව ඇලුණාහු ද ඔවුන්ගේම යම් රාගයක් වේද යා ඔවුන්ගේ අඹුදරුවන් කෙරෙහි යම් අපෙක්ඛා තෘෂ්ණාවක් වේද, කෙලෙස්වලින් හටගත් බැම්ම දැඩියයි ස්ථිරයයි නුවණ ඇති අය කීවාහුය. ඔහාරිනං යනු ඇදගෙන ගොස් සතර අපායවල හෙළන බැවින්, පහතට ගෙනයයි, යටට ගෙනයයි යන අර්ථයෙන් ‘ඔහාරිතං’ වේ. සිථිලං යනු බඳින තැන සිවිය, මස්, හම නොසිඳියි, ලේ පිටතට නොගනියි. බැඳපු බවක්වත් නොදන්වයි යන අර්ථයෙන් ‘සිථිල’ නම් වේ. දුප්පමුඤ්චං යනු තෘෂ්ණා ලෝභ වශයෙන් එක්වරක් හෝ උපන් කෙලෙස් බැම්ම, දෂ්ට කළ තැනින් මුදාහැරීමට අපහසු කැස්බෑවකු මෙන් මුදාහැරීමට අපහසු වෙයි යන අර්ථයෙන් ‘දුප්පමුඤ්චං’ නම් වේ. එතම්පි ඡෙත්‍වාන කෙසේ මෙසේ දැඩි වූද ඒ කෙලෙස් බන්‍ධනය නුවණ නමැති කඩුවෙන් සිඳ යකඩ දම්වැල් කඩා දමා යන මත් ඇතුන් මෙන්ද කූඩු කඩාගෙන ඉවත්ව යන සිංහ පෝතකයන් මෙන්ද අශූචි දමන භූමියක ජීවත්වීම පිළිකුල් කරන්නාක් මෙන් අනපෙක්ඛිනො තෘෂ්ණාව නැති අය වී කාමසුඛං පහාය වජන්ති කම්සුව හැර යත්, හැරගොසින් නොනැවතී හිමවතට පිවිස තවුස් පැවිද්දෙන් පැවිදිව ධ්‍යාන සුවයෙන් කල්ගෙවති යන අර්ථයි.

එවං බොධිසත‍්තො ඉමං උදානං උදානෙත්‍වා අපරිහීනජ‍්ඣානො බ්‍රහ‍්මලොකපරායණො අහොසි.

මෙසේ බෝසතාණන් වහන්සේ මේ උදානය ප්‍රකාශකොට නොපිරිහුණු ධ්‍යාන ඇත්තාහු බඹලොව උපන් සේක.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ කෙචි සොතාපන‍්නා, කෙචි සකදාගාමිනො, කෙචි අනාගාමිනො, කෙචි අරහන‍්තො අහෙසුං. “තදා මාතා මහාමායා අහොසි, පිතා සුද‍්ධොදනමහාරාජා, භරියා රාහුලමාතා, පුත‍්තො රාහුලො, පුත‍්තදාරං පහාය නික‍්ඛමිත්‍වා පබ‍්බජිතො පුරිසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍ය දේශනා කළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර සමහරෙක් සෝවාන් වූහ. සමහරෙක් සකෘදාගාමී වූහ. සමහරෙක් අනාගාමී වූහ. සමහරෙක් රහත් වූහ. එකල මව මහාමායා දේවිය වූවාය. පියා සුද්ධෝදන මහරජය. භාර්යාව රාහුල මාතාවය. පුතා රාහුලය. අඹුදරුවන් හැරදමා නික්මී පැවිදි වූ තැනැත්තා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.

බන්‍ධනාගාරජාතකවණ‍්ණනා පඨමා.