යෙදුමෙන් කියවන්න

2. කෙළිසීලජාතකවණ‍්ණනා 202 අට‍්ඨකථා

2. කෙළිසීලජාතකවණ‍්ණනා (202)

2. කේළිසීල ජාතකය (202)

හංසා කොඤ‍්චා මයූරා චාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ආයස‍්මන‍්තං ලකුණ‍්ඩකභද‍්දියං ආරබ‍්භ කථෙසි. සො කිරායස‍්මා බුද‍්ධසාසනෙ පාකටො අහොසි පඤ‍්ඤාතො මධුරස‍්සරො මධුරධම‍්මකථිකො පටිසම‍්භිදාප‍්පත‍්තො මහාඛීණාසවො අසීතියා මහාථෙරානං අන‍්තරො පමාණෙන ඔමකො ලකුණ‍්ඩකො සාමණෙරො විය, ඛුද‍්දකො කීළනත්‍ථාය කතො විය. තස‍්මිං එකදිවසං තථාගතං වන්‍දිත්‍වා ජෙතවනකොට‍්ඨකං ගතෙ ජනපදා තිංසමත‍්තා භික‍්ඛූ “දසබලං වන්‍දිස‍්සාමා”ති ජෙතවනං පවිසන‍්තා විහාරකොට‍්ඨකෙ ථෙරං දිස‍්වා “සාමණෙරො එසො”ති සඤ‍්ඤාය ථෙරං චීවරකණ‍්ණෙ ගණ‍්හන‍්තා හත්‍ථෙ ගණ‍්හන‍්තා සීසං ගණ‍්හන‍්තා නාසාය පරාමසන‍්තා කණ‍්ණෙසු ගහෙත්‍වා චාලෙත්‍වා හත්‍ථකුක‍්කුච‍්චං කත්‍වා පත‍්තචීවරං පටිසාමෙත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා නිසීදිත්‍වා සත්‍ථාරා මධුරපටිසන්‍ථාරෙ කතෙ පුච‍්ඡිංසු – “භන‍්තෙ, ලකුණ‍්ඩකභද‍්දියත්‍ථෙරො කිර නාමෙකො තුම‍්හාකං සාවකො මධුරධම‍්මකථිකො අත්‍ථි, කහං සො ඉදානී”ති. “කිං පන, භික‍්ඛවෙ, දට‍්ඨුකාමත්‍ථා”ති? “ආම, භන‍්තෙ”ති. “යං, භික‍්ඛවෙ, තුම‍්හෙ ද‍්වාරකොට‍්ඨකෙ දිස‍්වා චීවරකණ‍්ණාදීසු ගණ‍්හන‍්තා හත්‍ථකුක‍්කුච‍්චං කත්‍වා ආගතා, එස සො”ති. “භන‍්තෙ, එවරූපො පත්‍ථිතපත්‍ථනො අභිනීහාරසම‍්පන‍්නො සාවකො කිංකාරණා අප‍්පෙසක‍්ඛො ජාතො”ති? සත්‍ථා “අත‍්තනා කතපාපකම‍්මං නිස‍්සායා”ති වත්‍වා තෙහි යාචිතො අතීතං ආහරි.

හංසා කොඤ්චා මයුරා ච යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් මහ වෙහෙරෙහි වැඩවාසය කරන සේක් ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන් මුල්කරගෙන දේශනා කළ සේක. ඒ තෙරුන් වහන්සේ වනාහි බුදු සසුනෙහි ප්‍රඥාවෙන් ප්‍රකට වූහ. මිහිරි කටහඬ ඇති සේක. මධුර ධර්මකථිකයෙක් වූ සේක. සිව් පිළිසිඹියා පත්වූ සේක. අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩසිටි මහා ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ නමක් වූ සේක. මිටි වූ ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ සාමණේර නමක මෙන් කුඩාය. කෙළිසෙල්ලම් පිණිස සිටින කෙනෙකු බඳුය. එක්දිනක් උන්වහන්සේ තථාගතයන් වහන්සේට වැඳ ජේතවනාරාම කොටුවට වැඩම කළවිට ජනපදවාසී තිස්නමක් පමණ භික්‍ෂූහු දසබලධාරීන් වහන්සේ වඳින්නෙමුයි දෙව්රමට පිවිසෙන්නාහු විහාර කොටුවෙහි වැඩසිටි තෙරුන් දැක, එක්තරා සාමණේරයකු යන හැඟීමෙන් තෙරුන් වහන්සේගේ සිවුරු කොන් ගනිමින් අත් අල්ලා ගනිමින් හිස අතගාමින්, නාසය පිරිමදිමින්, කන අල්ලා සොලවා, හස්තවිකාර කොට පාසිවුරු තැන්පත් කොට ශාස්තෲන් වහන්සේ වෙත එළඹ වැඳ හිඳගෙන, බුදුරජාණන් වහන්සේ විසින් මිහිරි ලෙස පිළිසඳර කතාකළ කල්හි, ස්වාමීනි, මිහිරි ලෙස බණ කියන ලකුණ්ටක භද්දිය නම් වූ ශ්‍රාවකයෙක් ඔබවහන්සේට සිටියි. ඒ තෙරුන් වහන්සේ දැන් කොහි සිටිත්දැයි විමසූහ. මහණෙනි, නුඹලා දකිනු කැමැත්තහුද? එසේය ස්වාමීනි. මහණෙනි, නුඹලා දොර කොටුවෙහිදී යමෙකු දැක සිවුරු කොන් ආදියෙන් ගනිමින් හස්තවිකාර කොට ආවාහුද? ඒ ලකුණ්ටක භද්දියයි. ස්වාමීනි! මෙබඳු පැතූ පැතුම් ඇති ශ්‍රාවකයෙකු කුමක් නිසා අල්පේශාක්‍යව උපන්නේද? බුදුරජාණන් වහන්සේ තමා විසින් කරන ලද පෙර පවක් නිසා යයි වදාරා උන්වහන්සේලා විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සක‍්කො දෙවරාජා අහොසි. තදා බ්‍රහ‍්මදත‍්තස‍්ස ජිණ‍්ණං ජරාප‍්පත‍්තං හත්‍ථිං වා අස‍්සං වා ගොණං වා දස‍්සෙතුං න සක‍්කා, කෙළිසීලො හුත්‍වා තථාරූපං දිස‍්වාව අනුබන්‍ධාපෙති, ජිණ‍්ණසකටම‍්පි දිස‍්වා භින්‍දාපෙති, ජිණ‍්ණමාතුගාමෙ දිස‍්වා පක‍්කොසාපෙත්‍වා උදරෙ පහරාපෙත්‍වා පාතාපෙත්‍වා පුන උට‍්ඨාපෙත්‍වා භායාපෙති , ජිණ‍්ණපුරිසෙ දිස‍්වා ලඞ‍්ඝකෙ විය භූමියං සංපරිවත‍්තකාදිකීළං කීළාපෙති, අපස‍්සන‍්තො “අසුකඝරෙ කිර මහල‍්ලකො අත්‍ථී”ති සුත්‍වාපි පක‍්කොසාපෙත්‍වා කීළති. මනුස‍්සා ලජ‍්ජන‍්තා අත‍්තනො මාතාපිතරො තිරොරට‍්ඨානි පෙසෙන‍්ති, මාතුපට‍්ඨානධම‍්මො පිතුපට‍්ඨානධම‍්මො පච‍්ඡිජ‍්ජි, රාජසෙවකාපි කෙළිසීලාව අහෙසුං. මතමතා චත‍්තාරො අපායෙ පූරෙන‍්ති, දෙවපරිසා පරිහායති.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ සක්දෙව් රජව උපන් සේක. එකල බඹදත් රජුට දිරාගිය ජරාවට පත්වූ ඇතෙකු හෝ අශ්වයෙකු හෝ ගොනෙකු හෝ පෙන්වන්නට නොහැකි විය. කෙළිලොල් වී එබඳු සතෙකු දුටුවිට ලුහුබඳවයි. දිරාගිය කරත්තයක් වුවද දැක කඩා බිඳ දම්මවයි. දිරාපත් ස්ත්‍රීන් දැක කැඳවා බඩට ගස්සවා බිම වට්ටවා නැවත නැගිටුවා බිය ගන්වයි. දිරාපත් පුරුෂයන් දැක පිනුම් ගසන්නාක් මෙන් බිම පිනුම් ගැසීම් ආදී ක්‍රීඩා කරවයි. නොදක්නේ නමුදු අසවල් නිවසෙහි මහල්ලෙකු ඇතැයි අසාද කැඳවා ක්‍රීඩා කරයි. මිනිස්සු ලජ්ජාවට පත්ව තමන්ගේ මව්පියන් වෙනත් රටවලට යවත්. මවට උවටැන් කිරීමේ සිරිත, පියාට උවටැන් කිරීමේ සිරිත සිඳී ගියේය. රාජ සේවකයෝද කෙලිලොල් ගතියෙන්ම යුක්ත වූහ. මැරුණු මැරුණු අය සතර අපාය පුරවත්. දෙව් පිරිස පරිහාණියට පත්වෙති.

සක‍්කො අභිනවෙ දෙවපුත‍්තෙ අපස‍්සන‍්තො “කිං නු ඛො කාරණ”න‍්ති ආවජ‍්ජෙන‍්තො තං කාරණං ඤත්‍වා “දමෙස‍්සාමි න”න‍්ති මහල‍්ලකවණ‍්ණං අභිනිම‍්මිනිත්‍වා ජිණ‍්ණයානකෙ ද‍්වෙ තක‍්කචාටියො ආරොපෙත්‍වා ද‍්වෙ ජරගොණෙ යොජෙත්‍වා එකස‍්මිං ඡණදිවසෙ අලඞ‍්කතහත්‍ථිං අභිරුහිත්‍වා බ්‍රහ‍්මදත‍්තෙ අලඞ‍්කතනගරං පදක‍්ඛිණං කරොන‍්තෙ පිලොතිකනිවත්‍ථො තං යානකං පාජෙන‍්තො රඤ‍්ඤො අභිමුඛො අගමාසි. රාජා ජිණ‍්ණයානකං දිස‍්වා “එතං යානකං අපනෙථා”ති වදති. මනුස‍්සා “කහං, දෙව, න පස‍්සාමා”ති ආහංසු. සක‍්කො අත‍්තනො ආනුභාවෙන රඤ‍්ඤොයෙව දස‍්සෙසි. අථ නං බහුසම‍්පත‍්තෙ තස‍්මිං තස‍්ස උපරිභාගෙන පාජෙන‍්තො රඤ‍්ඤො මත්‍ථකෙ එකං චාටිං භින්‍දිත්‍වා නිවත‍්තාපෙන‍්තො දුතියං භින්‍දි. අථස‍්ස සීසතො පට‍්ඨාය ඉතො චිතො ච තක‍්කං පග‍්ඝරති, සො තෙන අට‍්ටීයති හරායති ජිගුච‍්ඡති. අථස‍්ස තං උපද‍්දුතභාවං ඤත්‍වා සක‍්කො යානකං අන‍්තරධාපෙත්‍වා සක‍්කත‍්තභාවං මාපෙත්‍වා වජිරහත්‍ථො ආකාසෙ ඨත්‍වා “පාප අධම‍්මිකරාජ, කිං ත්‍වං මහල‍්ලකො න භවිස‍්සසි, තව සරීරං ජරා න පහරිස‍්සති, කෙළිසීලො හුත්‍වා වුඩ‍්ඪෙ විහෙඨනකම‍්මං කරොසි, එකකං තං නිස‍්සාය එතං කම‍්මං කත්‍වා මතමතා අපායෙ පරිපූරෙන‍්ති, මනුස‍්සා මාතාපිතරො පටිජග‍්ගිතුං න ලභන‍්ති. සචෙ ඉමම‍්හා කම‍්මා න විරමිස‍්සසි, වජිරෙන තෙ සීසං පදාලෙස‍්සාමි, මා ඉතො පට‍්ඨායෙතං කම‍්මං අකත්‍ථා”ති සන‍්තජ‍්ජෙත්‍වා මාතාපිතූනං ගුණං කථෙත්‍වා වුඩ‍්ඪාපචායිකකම‍්මස‍්ස ආනිසංසං පකාසෙත්‍වා ඔවදිත්‍වා සකට‍්ඨානමෙව අගමාසි. රාජා තතො පට‍්ඨාය තථාරූපං කම‍්මං කාතුං චිත‍්තම‍්පි න උප‍්පාදෙසි.

සක්දෙවිඳු අලුත් දේව පුත්‍රයන් නොදක්නේ කාරණය කුමක්දැයි සිහිපත් කරන්නේ ඒ කරුණු දැන මේ රජු දමනය කරන්නෙමියි මහලු පෙනුමක් මවාගෙන දිරාගිය යානක කිරිමෝරු හැලි දෙකක් තබවාගෙන දිරාගිය ගොනුන් දෙදෙනෙකු යොදාගෙන එක්තරා සැණකෙළි දිනයක, සරසන ලද ඇතෙකු පිට නැග බඹදත් රජු සරසන ලද නගරය පැදකුණු කරන කල්හි දිරාගිය වස්ත්‍රයක් ඇඳ ඒ යානය පදවමින් රජුගේ ඉදිරියට ගියේය. බඹදත් රජතුමා දිරාගිය යානය දැක මේ යානය ඉවත් කරවයි කියයි. මිනිස්සු දේවයන් වහන්ස! කොතනදැයි නොදක්නෙමුයි කීවාහුය. ශක්‍රයා තමන්ගේ ආනුභාවයෙන් රජුට පමණක් තමා පෙන්වයි. ඉක්බිති බොහෝදෙනා ඔහු වෙත පැමිණි කල ඔහුගේ හිස මතින් රථය පදවමින් රජුගේ හිසමත එක් කිරි මෝරු සැලියක් බිඳ වත්කර අනෙක් කිරි මෝරු සැලියත් බින්දේය. ඉක්බිති රජුගේ හිසෙන් සිරුර පුරා කිරි මෝරු වැගිරෙයි. රජතුමා එයින් කරදරයට ලැජ්ජාවට පිළිකුලට පත්වෙයි. ඉක්බිති රජතුමාට එයින් කරදරයක් අපහසුවක් ඇති වූ බව දැන ශක්‍රයා, යානය අතුරුදහන්කොට ශක්‍ර ආත්මය මවාගෙන වජ්‍රය, ගත් අත් ඇත්තේ අහසෙහි සිට පව්කාර අදැහැමි රජතුමනි! කිම ඔබ මහල්ලෙක් නොවන්නෙහිද? නුඹේ ශරීරය ජරාවට පත් නොවන්නේද? කෙළිලොල් වී මහල්ලන් වෙහෙසන්නෙහිද? මේ එකකු නිසා මේ පාප කර්මය කොට මැරි මැරී යන අය අපායවල් පුරවති. මිනිස්සු මව්පියන්ට ඇප උපස්ථාන කරන්නට (පෝෂණය කරන්නට) නොලබත්. ඉදින් මේ පාප කර්මයෙන් නොවළකින්නේ නම් වජ්‍රයෙන් නුඹේ හිස පළන්නෙමි. මෙතැන් පටන් මේ පව්කර්මය නොකරවයි තැති ගන්වා මව්පියන්ගේ ගුණ කියා වැඩිහිටියන් පිදීමේ උතුම් අනුසස් පවසා ඔවදන් දී සිය ස්ථානයටම (ශක්‍ර භවනයට) ගියේය. රජතුමා එතැන් පටන් එබඳු ක්‍රියා කරන්නට සිතුවිල්ලක්වත් ඉපදවූයේ නැත.

සත්‍ථා ඉමං අතීතං ආහරිත්‍වා අභිසම‍්බුද‍්ධො හුත්‍වා ඉමා ගාථා අවොච –

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සම්මා සම්බුදුව,

“හංසා කොඤ‍්චා මයූරා ච, හත්‍ථයො පසදා මිගා; සබ‍්බෙ සීහස‍්ස භායන‍්ති, නත්‍ථි කායස‍්මි තුල්‍යතා.

හංසා කොඤ්චා මයූරාච, හත්‍ථියො පසදා මිගා, සබ්බෙ සීහස්ස භායන්ති, නත්‍ථි කායස්මිං තුල්‍යතා

“එවමෙව මනුස‍්සෙසු, දහරො චෙපි පඤ‍්ඤවා; සො හි තත්‍ථ මහා හොති, නෙව බාලො සරීරවා”ති.

එවමෙවං මනුස්සෙසු දහරො චෙපි පඤ්ඤවා, සොහි තත්‍ථ මහාහොති නෙව බාලො සරීරවා.

යන මේ ගාථා වදාළ සේක.

හංසයෝද, කොස්වා ලිහිණියෝද, මොණරුද, ඇත්තුද, පසද මුවෝද අනිත් මුවෝද යන සියලු සත්තු සිංහයාට බිය වෙති. ශරීරයේ සමාන බවක් නැත. (ශරීරයෙහි ලොකු කුඩා බව කරුණක් නොවේ.)

මෙසේම මිනිසුන් අතරෙහි දහරයෙකු (කුඩා කෙනෙකු) වුවද නුවණ ඇති නම් ඔහු වනාහි එහි ලොකු කෙනා වේ. බාලයා, මෝඩයා ලොකු ශරීරයක් තිබුණත් මහත් නොවේ.

තත්‍ථ පසදා මිගාති පසදසඞ‍්ඛාතා මිගා, පසදා මිගා ච අවසෙසා මිගා චාතිපි අත්‍ථො. “පසදමිගා”තිපි පාඨො, පසදා මිගාති අත්‍ථො. නත්‍ථි කායස‍්මි තුල්‍යතාති සරීරෙ පමාණං නාම නත්‍ථි. යදි භවෙය්‍ය, මහාසරීරා හත්‍ථිනො චෙව පසදමිගා ච සීහං මාරෙය්‍යුං, සීහො හංසාදයො ඛුද‍්දකසරීරෙයෙව මාරෙය්‍ය, ඛුද‍්දකායෙව සීහස‍්ස භායෙය්‍යුං, න මහන‍්තා. යස‍්මා පනෙතං නත්‍ථි, තස‍්මා සබ‍්බෙපි තෙ සීහස‍්ස භායන‍්ති. සරීරවාති බාලො මහාසරීරොපි මහා නාම න හොති, තස‍්මා ලකුණ‍්ඩකභද‍්දියො සරීරෙන ඛුද‍්දකොපි මා තං ඤාණෙනපි ඛුද‍්දකොති මඤ‍්ඤිත්‍ථාති අත්‍ථො.

එහි, පසදමිගා යනු පසද නම් මුවෝ, පසද මුවෝද සෙසු මුවෝද යන අදහසයි. පසදමිගාතී යනුද පාඨයකි. පසද මුවෝ යන අර්ථයි. නත්‍ථි කායස්මිං තුල්‍යතා යනු සිරුරෙහි ප්‍රමාණයක් නම් නැත. ඉදින් මහත් ශරීර ඇත්තෝ (මෙහි අදහස් කරනු ලැබෙත් නම්) ඇත්තුද පසද මුවෝද සිංහයා මරන්නාහුය. සිංහයා හංසාදී කුඩා ශරීර ඇති සතුන් මරන්නේය. කුඩා ශරීර ඇති සත්තුම සිංහයාට බිය වෙති. ලොකු ශරීර ඇත්තෝ බිය නොවෙති. ශරීර ප්‍රමාණය පිළිබඳ සැලකීමක් නැති හෙයින් සියලු සත්තු සිංහයාට බිය වෙති. සරීරවා යනු බාලයා මහ සිරුරක් ඇත්තෙක් වුවද මහත් නම් නොවේ. ඒ නිසා ලකුණ්ටක භද්දිය ශරීරයෙන් කුඩා කෙනෙකැයි සිතා ඤාණයෙන්ද ඔහු කුඩා කෙනෙකැයි නොසිතව්.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ තෙසු භික‍්ඛූසු කෙචි සොතාපන‍්නා, කෙචි සකදාගාමිනො, කෙචි අනාගාමිනො, කෙචි අරහන‍්තො අහෙසුං. “තදා රාජා ලකුණ‍්ඩකභද‍්දියො අහොසි, සො තාය කෙළිසීලතාය පරෙසං කෙළිනිස‍්සයො ජාතො, සක‍්කො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය දේශනාකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර ඒ භික්‍ෂූන් අතුරෙන් කිසිවෙක් සෝවාන් වූහ. කිසිවෙක් සකදාගාමි වූහ. කිසිවෙක් අනාගාමි වූහ. කිසිවෙක් රහත් වූහ. එකල රජතුමා වූයේ මේ ලකුණ්ටක භද්දියය. ඒ කෙළිලොල් බව අන් අයටද කෙළිලොල් වීමට හේතුවිය. ශක්‍රයා වූයේ ලොව්තුරා බුදුවූ මම ම වූවෙමි යි වදාළ සේක.

කෙළිසීලජාතකවණ‍්ණනා දුතියා.