යෙදුමෙන් කියවන්න

3. ඛන්‍ධජාතකවණ‍්ණනා 203 අට‍්ඨකථා

3. ඛන්‍ධජාතකවණ‍්ණනා (203)

3. ඛන්‍ධවත්ත ජාතකය (203)

විරූපක‍්ඛෙහි මෙ මෙත‍්තන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි. තං කිර ජන‍්තාඝරද‍්වාරෙ කට‍්ඨානි ඵාලෙන‍්තං පූතිරුක‍්ඛන‍්තරා නික‍්ඛමිත්‍වා එකො සප‍්පො පාදඞ‍්ගුලියං ඩංසි, සො තත්‍ථෙව මතො. තස‍්ස මතභාවො සකලවිහාරෙ පාකටො අහොසි. ධම‍්මසභායං භික‍්ඛූ කථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො, අසුකො කිර භික‍්ඛු ජන‍්තාඝරද‍්වාරෙ කට‍්ඨානි ඵාලෙන‍්තො සප‍්පෙන දට‍්ඨො තත්‍ථෙව මතො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “සචෙ සො, භික‍්ඛවෙ, භික‍්ඛු චත‍්තාරි අහිරාජකුලානි ආරබ‍්භ මෙත‍්තං අභාවයිස‍්ස, න නං සප‍්පො ඩංසෙය්‍ය. පොරාණකතාපසාපි අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ චතූසු අහිරාජකුලෙසු මෙත‍්තං භාවෙත්‍වා තානි අහිරාජකුලානි නිස‍්සාය උප‍්පජ‍්ජනකභයතො මුච‍්චිංසූ”ති වත්‍වා අතීතං ආහරි.

විරූපක්ඛෙහි මෙ මෙත්තං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක්තරා භික්‍ෂු කෙනෙකුන් අරබයා දේශනා කළ සේක. ඔහු ගිනිහල් ගෙයි දොරටුවෙහි දර පලනවිට දිරූ දරකඩක් තුළින් එක් සර්පයෙක් අවුත් පයේ ඇඟිල්ලකට දෂ්ට කෙළේය. ඒ භික්‍ෂුව සර්ප විෂ වැදී එහිම අපවත් විය. උන්වහන්සේගේ අපවත් වීම විහාරය පුරාම ප්‍රකට විය. දම්සභාවෙහිදී භික්‍ෂූහු ඇවැත්නි! අසවල් භික්‍ෂුව වනාහි ගිනිහල් ගේ ඉදිරිපිට දර පලන්නේ සර්පයෙකු විසින් දෂ්ට කරන ලද්දේ එහිම අපවත් වී යයි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එතැනට වැඩමවා මහණෙනි, මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි ඉදින් මහණෙනි, ඒ භික්‍ෂුව සතර සර්පරාජ කුලයන් අරබයා මෙත් සිත වැඩුවේ නම් ඔහුට සර්පයා දෂ්ට නොකරන්නේය. පැරණි තවුසෝද බුදුවරු නොමැති කාලවලත් සර්පරාජ කුල සතර කෙරෙහි මෙත් සිත වඩා ඒ සර්පරාජ කුලයන් නිසා උපදින බියෙන් මිදුනාහයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කාසිරට‍්ඨෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො කාමෙ පහාය ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා හිමවන‍්තපදෙසෙ එකස‍්මිං ගඞ‍්ගානිවත‍්තනෙ අස‍්සමපදං මාපෙත්‍වා ඣානකීළං කීළන‍්තො ඉසිගණපරිවුතො විහාසි. තදා ගඞ‍්ගාතීරෙ නානප‍්පකාරා දීඝජාතිකා ඉසීනං පරිපන්‍ථං කරොන‍්ති, යෙභුය්‍යෙන ඉසයො ජීවිතක‍්ඛයං පාපුණන‍්ති. තාපසා තමත්‍ථං බොධිසත‍්තස‍්ස ආරොචෙසුං. බොධිසත‍්තො සබ‍්බෙ තාපසෙ සන‍්නිපාතාපෙත්‍වා “සචෙ තුම‍්හෙ චතූසු අහිරාජකුලෙසු මෙත‍්තං භාවෙය්‍යාථ, න වො සප‍්පා ඩංසෙය්‍යුං, තස‍්මා ඉතො පට‍්ඨාය චතූසු අහිරාජකුලෙසු එවං මෙත‍්තං භාවෙථා”ති වත්‍වා ඉමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බඹදත් රජු රජකරන කාලයේදී බෝසතාණන් වහන්සේ කසීරට බමුණු කුලයක ඉපදී වැඩිවියට පත්වූවාහු කම්සුව හැරදමා තවුස් පැවිද්දෙන් පැවිදිව අභිඥා ද සමාපත්තීන්ද උපදවා හිමවත් පෙදෙසෙහි ගඟක් නවතින එක්තරා තැනක පන්සලක් තනවාගෙන ධ්‍යාන සුවයෙන් පසුවන්නේ තාපස පිරිස පිරිවරාගෙන වාසය කළ සේක. එකල්හි ගංඉවුරෙහි නොයෙක් ආකාර සර්පයෝ තාපසවරුන්ට අනතුරු කරත්. බොහෝවිට සෘෂිවරු මරණයට පත්වෙති. තාපසවරු ඒ කරුණ බෝසතාණන් වහන්සේට සැල කළාහුය. බෝසතාණන් වහන්සේ සියලු තාපසවරු රැස්කරවා ඉදින් නුඹලා වනාහි සර්ප කුල හතර කෙරෙහි මෙත් සිත වඩන්නාහු නම් තොපට සර්පයෝ දෂ්ට නොකරන්නාහුය. ඒ නිසා මෙතැන් පටන් සර්පරාජ කුලයන් කෙරෙහි මෙසේ මෙත් වඩව් යයි කීහ.

“විරූපක‍්ඛෙහි මෙ මෙත‍්තං, මෙත‍්තං එරාපථෙහි මෙ; ඡබ්‍යාපුත‍්තෙහි මෙ මෙත‍්තං, මෙත‍්තං කණ‍්හාගොතමකෙහි චා”ති.

විරූපක්ඛෙහි මෙ මෙත්තං මෙත්තං එරාපථෙහි මෙ, ජබ්‍යාපුත්තෙහි මෙ මෙත්තං මෙත්තං කණ්හාගොතමකෙහිච.

යන මේ ගාථාව කී සේක.

“මාගේ මෛත්‍රිය විරූපාක්‍ෂ නම් නාරජ කුලයන් සමගද වේ. මාගේ මෛත්‍රිය ඒරාපථ නම් නාරජ කුලයන් සමගද වේ. මාගේ මෛත්‍රිය ඡබ්‍යාපුත්ත නම් නාරජ කුලයන් සමගද වේ. මාගේ මෛත්‍රිය කණ්හා ගෝතමක නම් නාරජ කුලයන් සමගද වේ.”

තත්‍ථ විරූපක‍්ඛෙහි මෙ මෙත‍්තන‍්ති විරූපක‍්ඛනාගරාජකුලෙහි සද‍්ධිං මය‍්හං මෙත‍්තං. එරාපථාදීසුපි එසෙව නයො. එතානිපි හි එරාපථනාගරාජකුලං ඡබ්‍යාපුත‍්තනාගරාජකුලං කණ‍්හාගොතමකනාගරාජකුලන‍්ති නාගරාජකුලානෙව.

එහි, විරූපක්ඛෙහි මෙ මෙත්තං යනු විරූපාක්‍ෂ නම් නාගරාජ කුලයන් සමග මාගේ මෛත්‍රිය වේ. ඒරාපථ ආදි නාකුලයන් පිළිබඳවද මේ ක්‍රමයමයි. ඒරාපථ නාගරාජ කුලය ඡබ්‍යාපුත්ත නාගරාජ කුලය, කණ්හා ගෝතමක නාගරාජ කුලය යනු ඒ නාගරාජ කුලයෝය.

එවං චත‍්තාරි නාගරාජකුලානි දස‍්සෙත්‍වා “සචෙ තුම‍්හෙ එතෙසු මෙත‍්තං භාවෙතුං සක‍්ඛිස‍්සථ, දීඝජාතිකා වො න ඩංසිස‍්සන‍්ති න විහෙඨෙස‍්සන‍්තී”ති වත්‍වා දුතියං ගාථමාහ –

මෙසේ නාගරාජ කුල සතර දක්වා ඉදින් තෙපි මොවුන් කෙරෙහි මෛත්‍රිය වඩන්න හැකිවන්නාහු නම් දීර්ඝ ජාතික සත්තු තොපට දෂ්ට නොකරන්නාහුය. වෙහෙසට පත් නොකරන්නාහුයයි කියා දෙවන ගාථාව කී සේක.

“අපාදකෙහි මෙ මෙත‍්තං, මෙත‍්තං ද‍්විපාදකෙහි මෙ; චතුප‍්පදෙහි මෙ මෙත‍්තං, මෙත‍්තං බහුප‍්පදෙහි මෙ”ති.

අපාදකෙහි මෙ මෙත්තං මෙත්තං දිපාදකෙහි මෙ, චතුප්පදෙහි මෙ මෙත්තං මෙත්තං බහුප්පදෙහි මෙති

“පා නැතියන් සමගද මාගේ මෛත්‍රිය වේ. දෙපා ඇත්තන් සමගද මගේ මෛත්‍රිය වේ. සිවුපාවුන් සමගද මගේ මෛත්‍රිය වේ. බහුපා ඇති සතුන් සමග මගේ මෛත්‍රිය වේ.”

තත්‍ථ පඨමපදෙන ඔදිස‍්සකං කත්‍වා සබ‍්බෙසු අපාදකෙසු දීඝජාතිකෙසු චෙව මච‍්ඡෙසු ච මෙත‍්තාභාවනා දස‍්සිතා, දුතියපදෙන මනුස‍්සෙසු චෙව පක‍්ඛිජාතෙසු ච, තතියපදෙන හත්‍ථිඅස‍්සාදීසු සබ‍්බචතුප‍්පදෙසු, චතුත්‍ථපදෙන විච‍්ඡිකසතපදිඋච‍්චාලිඞ‍්ගපාණකමක‍්කටකාදීසු.

එහි පළමු පාදයෙන් (මෛත්‍රියෙහි) සීමාව දක්වා පා නැති සියලු දීර්ඝ ජාතික (බඩගා යන සර්ප ආදීන්) සතුන් කෙරෙහිද මසුන් කෙරෙහිද මෛත්‍රී භාවනාව දක්වන ලදි. දෙවන පාදයෙන් මිනිසුන් කෙරෙහිද කුරුළු ජාතීන් කෙරෙහිද, තුන්වන පාදයෙන් ඇත්, අස් ආදී සියලු සිවුපාවුන් කෙරෙහිද හතරවන පාදයෙන් ගෝණුස්සන්, පත්තෑයන්, දළඹුවන්, මකුණු, මකුළු ආදීන් කෙරෙහිද දක්වන ලදි.

එවං සරූපෙන මෙත‍්තාභාවනං දස‍්සෙත්‍වා ඉදානි ආයාචනවසෙන දස‍්සෙන‍්තො ඉමං ගාථමාහ –

මෙසේ ස්වරූප වශයෙන් මෛත්‍රී භාවනාව දක්වා දැන් ඉල්ලීම් (ආයාචනා) වශයෙන් දක්වමින්

“මා මං අපාදකො හිංසි, මා මං හිංසි ද‍්විපාදකො; මා මං චතුප‍්පදො හිංසි, මා මං හිංසි බහුප‍්පදො”ති.

මා මං අපාදකො හිංසි මා මං හිංසි දිපාදකො, මා මං චතුප්පදො හිංසි මා මං හිංසි බහුප්පදො.

යන මේ ගාථාව කීහ.

“අපාදක සතෙක් මට හිංසා නොකෙරේවා. දෙපා සතෙක් මට හිංසා නොකෙරේවා. සිව්පා සතෙක් මට හිංසා නොකෙරේවා. බහුපා ඇති සතෙක් මට හිංසා නොකෙරේවා.”

තත්‍ථ මා මන‍්ති එතෙසු අපාදකාදීසු කොචි එකොපි මා මං හිංසතු, මා විහෙඨෙතූති එවං ආයාචන‍්තා මෙත‍්තං භාවෙථාති අත්‍ථො.

එහි, මා මං යනු මෙසේ අපාදක ආදී ඒ සතුන් අතුරෙන් කිසියම් එක් සතෙක් හෝ මට හිංසා නොකෙරේවා. මා නොපෙලාවායි මෙසේ ආයාචනා කරමින් මෛත්‍රිය වඩව් යන අර්ථයි.

ඉදානි අනොදිස‍්සකවසෙන මෙත‍්තාභාවනං දස‍්සෙන‍්තො ඉමං ගාථමාහ –

දැන් (මෛත්‍රියෙහි) සීමාවක් නොදැක්වීම් වශයෙන් භාවනාව දක්වන්නාහු

“සබ‍්බෙ සත‍්තා සබ‍්බෙ පාණා, සබ‍්බෙ භූතා ච කෙවලා; සබ‍්බෙ භද්‍රානි පස‍්සන‍්තු, මා කඤ‍්චි පාපමාගමා”ති.

සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතාච කෙවලා, සබ්බෙ භද්‍රාණි පස්සන්තු මා කඤ්චි පාප මාගමා.

යන මේ ගාථාව කීහ.

“සියලු සත්හුද, සියලු ප්‍රාණීහුද සියලු භූතයෝද යන සියල්ලෝම යහපතක්ම දකිත්වා. කිසිවෙකු කරා දුකක් නොපැමිණේවා!”

තත්‍ථ තණ‍්හාදිට‍්ඨිවසෙන වට‍්ටෙ පඤ‍්චසු ඛන්‍ධෙසු ආසත‍්තා විසත‍්තා ලග‍්ගා ලග‍්ගිතාති සත‍්තා, අස‍්සාසපස‍්සාසපවත‍්තනසඞ‍්ඛාතෙන පාණනවසෙන පාණා, භූතභාවිතනිබ‍්බත‍්තනවසෙන භූතාති එවං වචනමත‍්තවිසෙසො වෙදිතබ‍්බො. අවිසෙසෙන පන සබ‍්බානිපෙතානි පදානි සබ‍්බසත‍්තසඞ‍්ගාහකානෙව. කෙවලාති සකලා. ඉදං සබ‍්බසද‍්දස‍්සෙව හි පරියායවචනං. භද්‍රානි පස‍්සන‍්තූති සබ‍්බෙපෙතෙ සත‍්තා භද්‍රානි සාධූනි කල්‍යාණානෙව පස‍්සන‍්තු. මා කඤ‍්චි පාපමාගමාති එතෙසු කඤ‍්චි එකං සත‍්තම‍්පි පාපං ලාමකං දුක‍්ඛං මා ආගමා, මා ආගච‍්ඡතු මා පාපුණාතු, සබ‍්බෙ අවෙරා අබ්‍යාපජ‍්ජා සුඛී නිද‍්දුක‍්ඛා හොන‍්තූති.

එහි, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සසරෙහි පඤ්චස්කන්ධයන්හි ඇලුණු, පැටලුණු යන අර්ථයෙන් සත්තා නම් වේ. ආශ්වාස ප්‍රශ්වාස පැවතීම් සංඛ්‍යාත පාණන (හුස්ම ගැනීම) වශයෙන් පාණා නම් වේ. මෙසේ වචනවල විශේෂය දතයුතුය. ඉපදීම් වැඩීම් වශයෙන් භූතා නම් වේ. මෙසේ අවිශේෂයෙන් (සාමාන්‍යයෙන්) ඒ සියලු පද සියලු සත්ත්වයන් ඇතුළත් වන පදයයි දතයුතුය. කෙවලා යනු සියලු. මෙය ‘සබ්බ’ ශබ්දයට පරියාය (සමාන) වචනයකි. භද්‍රානි පස්සන්තු යනු ඒ සියලු සත්ත්වයෝ සුන්දර වූවක්ම යහපත් වූවක්ම හොඳ දෙයක්ම දකිත්වා! මාකඤ්චි පාප මාගමා යනු මොවුන් අතුරෙන් කිසියම් එකම සත්ත්වයෙකුවත් පාපී ලාමක දුකක් නොඒවා, නොපැමිණේවා. සියල්ලෝම තරහ නැති, සතුටු සිත් ඇති, සැප ඇති, දුක් නැති අය වෙත්වායි,

එවං “සබ‍්බසත‍්තෙසු අනොදිස‍්සකවසෙන මෙත‍්තං භාවෙථා”ති වත්‍වා පුන තිණ‍්ණං රතනානං ගුණෙ අනුස‍්සරාපෙතුං –

මෙසේ සියලු සත්ත්වයන් කෙරෙහි සීමාවක් නැතිව මෙත් වඩව්යි කියා නැවත තෙරුවන් ගුණ මෙහෙනි කරවන්නට,

“අප‍්පමාණො බුද‍්ධො, අප‍්පමාණො ධම‍්මො; අප‍්පමාණො සඞ‍්ඝො”ති ආහ.

අප්පමාණො බුද්ධො, අප්පමාණො ධම්මො, අප්පමාණො සංඝොති ආහ.

බුදුගුණ අනන්තය. දහම් ගුණ අනන්තය. සඟ ගුණ අනන්තයයි කීහ.

තත්‍ථ පමාණකරානං කිලෙසානං අභාවෙන ගුණානඤ‍්ච පමාණාභාවෙන බුද‍්ධරතනං අප‍්පමාණං. ධම‍්මොති නවවිධො ලොකුත‍්තරධම‍්මො. තස‍්සපි පමාණං කාතුං න සක‍්කාති අප‍්පමාණො. තෙන අප‍්පමාණෙන ධම‍්මෙන සමන‍්නාගතත‍්තා සඞ‍්ඝොපි අප‍්පමාණො.

එහි, ප්‍රමාණයක් ඇති කෙලෙස් නැති හෙයින්ද ගුණවලින් ප්‍රමාණයක් නැති හෙයින්ද බුද්ධ රත්නය අප්‍රමාණය. ධම්මො යනු නවවිධ ලොව්තුරා දහම එහිද ප්‍රමාණයක් කළ නොහැකි නිසා අප්‍රමාණයි. ඒ අප්‍රමාණ ධර්මයෙන් යුතු බැවින් සංඝයා ද අප්‍රමාණය.

ඉති බොධිසත‍්තො “ඉමෙසං තිණ‍්ණං රතනානං ගුණෙ අනුස‍්සරථා”ති වත්‍වා තිණ‍්ණං රතනානං අප‍්පමාණගුණතං දස‍්සෙත්‍වා සප‍්පමාණෙ සත‍්තෙ දස‍්සෙතුං –

මෙසේ බෝසතාණන් වහන්සේ මේ තෙරුවන් ගුණ සිහි කරවයි කියා, තෙරුවන්හි අප්‍රමාණ ගුණ දක්වා ප්‍රමාණ සහිත සත්ත්වයන් දැක්වීමට

“පමාණවන‍්තානි සරීසපානි, අහි විච‍්ඡික සතපදී; උණ‍්ණනාභි සරබූ මූසිකා”ති ආහ.

පමාණ වන්තානි සිරිංසපානි අහිවිච්ඡිකා, සතපදී උණ්ණානොභි සරබූමූසිකා

යන මේ ගාථාව කීහ.

“සිරින් සප හෙවත් දීර්ඝ ජාතීහුද, සර්පයෝද ගෝණුස්සෝද, පත්තෑයෝද, මකුළුවෝද, සිකනල්ලුද, මීයෝද ප්‍රමාණවත් ගුණ ඇත්තෝය.” කීහ.

තත්‍ථ සරීසපානීති සප‍්පදීඝජාතිකානං නාමං. තෙ හි සරන‍්තා ගච‍්ඡන‍්ති, සිරෙන වා සපන‍්තීති සරීසපා. “අහී”තිආදි තෙසං සරූපතො නිදස‍්සනං. තත්‍ථ උණ‍්ණනාභීති මක‍්කටකො. තස‍්ස හි නාභිතො උණ‍්ණාසදිසං සුත‍්තං නික‍්ඛමති, තස‍්මා “උණ‍්ණනාභී”ති වුච‍්චති. සරබූති ඝරගොළිකා.

එහි, සිරිංසපානි යනු සියලු දීර්ඝ ජාතික සත්තුන්ට නමකි. සැරිසරන්නා වූ ඔවුහු හිසෙන් (හිස බිම තබවා) යති යන අර්ථයෙන් සිරිංසප නම් වෙති. අහි යන ආදිය ඔවුන්ගේ ස්වරූප (හැඩරුව) වශයෙන් පෙන්වයි. එහි උණ්ණානාභි යනු මකුළුවෝය. උන්ගේ පෙකණියෙන් සිහින් ලොම්ගසක් වැනි නූලක් නික්මෙයි. ඒ නිසා උණ්ණානාභි යයි කියනු ලැබේ. සරබූ යනු හූනෝ ය.

ඉති බොධිසත‍්තො “යස‍්මා එතෙසං අන‍්තොරාගාදයො පමාණකරා ධම‍්මා අත්‍ථි, තස‍්මා තානි සරීසපාදීනි පමාණවන‍්තානී”ති දස‍්සෙත්‍වා “අප‍්පමාණානං තිණ‍්ණං රතනානං ආනුභාවෙන ඉමෙ පමාණවන‍්තා සත‍්තා රත‍්තින්‍දිවං පරිත‍්තකම‍්මං කරොන‍්තූති එවං තිණ‍්ණං රතනානං ගුණෙ අනුස‍්සරථා”ති වත්‍වා තතො උත‍්තරි කත‍්තබ‍්බං දස‍්සෙතුං ඉමං ගාථමාහ –

මෙසේ බෝසතාණන් වහන්සේ යම් හෙයකින් මොවුන්ගේ සිත් ඇතුළත රාගාදී ප්‍රමාණකර ධර්ම ඇද්ද. ඒ නිසා මේ දීර්ඝ ජාතික සත්තු ප්‍රමාණවත්හු යයි දක්වා අප්‍රමාණ වූ තෙරුවන්ගේ බලයෙන් මේ ප්‍රමාණවත් (දෙපා ඇති) සතුන්ට දිවා රෑ ආරක්‍ෂාව සලසව් යනුවෙන් මෙසේ තෙරුවන් ගුණ සිහිකරව් යයි කියා එයින් මත්තෙහි කළයුතු දේවල් දැක්වීමට

“කතා මෙ රක‍්ඛා කතා මෙ පරිත‍්තා, පටික‍්කමන‍්තු භූතානි; සොහං නමො භගවතො, නමො සත‍්තන‍්නං සම‍්මාසම‍්බුද‍්ධාන”න‍්ති.

කථා මෙ රක්ඛා කථා මෙ පරිත්තා, පටික්කමන්තු භූතානි, සොහං නමො භගවතො, නමො සත්තන්නං සම්මා සම්බුද්ධා නං.

යන මේ ගාථාව කීවේය.

“මා විසින් (තෙරුවන් බලෙන්) ආරක්‍ෂා කරන ලදි. මා විසින් පරිත්‍රාණය (රැකවරණය) සලසන ලදි. මට අහිතවත් සත්ත්වයෝ ඉවත් වෙත්වා. ඒ මම බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. සත් බුදුවරයන් වහන්සේලාට ද නමස්කාර කරමි.”

තත්‍ථ කතා මෙ රක‍්ඛාති මයා රතනත‍්තයගුණෙ අනුස‍්සරන‍්තෙන අත‍්තනො රක‍්ඛා ගුත‍්ති කතා. කතා මෙ පරිත‍්තාති පරිත‍්තාණම‍්පි මෙ අත‍්තනො කතං. පටික‍්කමන‍්තු භූතානීති මයි අහිතජ‍්ඣාසයානි භූතානි පටික‍්කමන‍්තු අපගච‍්ඡන‍්තු. සොහං නමො භගවතොති සො අහං එවං කතපරිත‍්තො අතීතස‍්ස පරිනිබ‍්බුතස‍්ස සබ‍්බස‍්සපි බුද‍්ධස‍්ස භගවතො නමො කරොමි. නමො සත‍්තන‍්නං සම‍්මාසම‍්බුද‍්ධානන‍්ති විසෙසෙන පන අතීතෙ පටිපාටියා පරිනිබ‍්බුතානං සත‍්තන‍්නං සම‍්මාසම‍්බුද‍්ධානං නමො කරොමීති.

එහි, කථා මෙ රක්ඛා යනු තෙරුවන් ගුණ සිහිකරන මා විසින් තමන්ගේ රැකවරණය ගෝපනය කරන ලදි. කථා මෙ පරිත්තා යනු මා විසින් තමන්ගේ පරිත්‍රාණය කරන ලදි. පටික්කමන්තු භූතානි යනු මා කෙරෙහි අහිත අදහස් ඇති භූතයෝ (සත්ත්වයෝ) ඉවත් වෙත්වා. බැහැරට යෙත්වා. සොහං නමො භගවතො යනු ඒ මම මෙසේ කරන ලද පරිත්‍රාණ (රැකවරණය) ඇත්තේ, අතීතයේ සිට පිරිනිවි සියලු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාට නමස්කාර කරමි. නමො සත්තන්නං සම්මා සම්බුද්ධානං යනු විශේෂයෙන් අතීතයේදී පිළිවෙලින් පිරිනිවියා වූ සත් බුදුවරයන් වහන්සේලාට නමස්කාර කරමි යනුයි.

එවං “නමක‍්කාරං කරොන‍්තාපි සත‍්ත බුද‍්ධෙ අනුස‍්සරථා”ති බොධිසත‍්තො ඉසිගණස‍්ස ඉමං පරිත‍්තං බන්‍ධිත්‍වා අදාසි. ආදිතො පන පට‍්ඨාය ද‍්වීහි ගාථාහි චතූසු අහිරාජකුලෙසු මෙත‍්තාය දීපිතත‍්තා ඔදිස‍්සකානොදිස‍්සකවසෙන වා ද‍්වින‍්නං මෙත‍්තාභාවනානං දීපිතත‍්තා ඉදං පරිත‍්තං ඉධ වුත‍්තන‍්ති වෙදිතබ‍්බං, අඤ‍්ඤං වා කාරණං පරියෙසිතබ‍්බං. තතො පට‍්ඨාය ඉසිගණො බොධිසත‍්තස‍්ස ඔවාදෙ ඨත්‍වා මෙත‍්තං භාවෙසි, බුද‍්ධගුණෙ අනුස‍්සරි. එවමෙතෙසු බුද‍්ධගුණෙ අනුස‍්සරන‍්තෙසුයෙව සබ‍්බෙ දීඝජාතිකා පටික‍්කමිංසු. බොධිසත‍්තොපි බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණො අහොසි.

මෙසේ නමස්කාර කරමින් සත් බුදුවරයන් වහන්සේලා සිහිපත් කරව් යයි කියා බෝසතාණන් වහන්සේ තවුස් පිරිසට මේ පිරිත (මේ ආරක්‍ෂක ගාථා) බැඳ දුන් සේක. මුල පටන් ඇති ගාථා දෙකෙන් සතර සර්පරාජ කුලයන් කෙරෙහි මෙත් වැඩීම විස්තර කළ බැවින් සීමා ඇති නැති වශයෙන් හෝ දෙවැදෑරුම් මෛත්‍රී භාවනා විස්තර කළ බැවින් මේ පිරිත මෙහි කියන ලදැයි දතයුතුයි. වෙනත් කරුණක් හෝ සෙවිය යුතුයි. එතැන් පටන් සෘෂි සමූහයා බෝසතාණන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා මෙත් වැඩූහ. බුදුගුණ මෙනෙහි කළහ. මෙසේ ඒ තාපසවරු බුදුගුණ මෙනෙහි කරනවිට සියලුම දීර්ඝ ජාති සත්ත්වයෝ ඉවත් වූහ. බෝසතාණන් වහන්සේද සිව්බඹ විහරණ වඩා බඹලොව උපන් සේක.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා ඉසිගණො බුද‍්ධපරිසා අහොසි, ගණසත්‍ථා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල සෘෂි සමූහයා නම් අද බුදුපිරිසයි. තවුස් නායකයා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.

ඛන්‍ධජාතකවණ‍්ණනා තතියා.