යෙදුමෙන් කියවන්න

3. ඛන්‍ධවත‍්තජාතකං

257. විරූපක‍්ඛෙහි මෙ මෙත‍්තං මෙත‍්තං එරාපථෙහි මෙ, ඡබ‍්බ්‍යාපුත‍්තෙහි මෙ මෙත‍්තං මෙත‍්තං කණ‍්හාගොතමකෙහි ච.

257. විරූපක්ඛ නම් නාකුලය සමඟ ද මාගේ මෛත්‍රිය වේ. එරාපථ නම් නාකුලය සමඟ ද මාගේ මෛත්‍රිය වේ. ඡබ්‍යාපුත්ත නම් නාකුලය සමඟ ද මාගේ මෛත්‍රිය වේ. කණ්හාගෝතමක නම් නාකුලය සමඟ ද මාගේ මෛත්‍රිය වේ.

258. අපාදකෙහි මෙ මෙත‍්තං මෙත‍්තං දිපාදකෙහි මෙ, චතුප‍්පදෙහි මෙ මෙත‍්තං මෙත‍්තං බහුප‍්පදෙහි මෙ.

258. පා නැතියන් හා ද මාගේ මෛත්‍රිය වේ. දෙපාවන් හා ද මාගේ මෛත්‍රිය වේ. සිවු පාවන් හා ද මාගේ මෛත්‍රිය වේ. බහුපාවන් හා ද මාගේ මෛත්‍රිය වේ.

259. මා මං අපාදකො හිංසි මා මං හිංසි දිපාදකො, මා මං චතුප‍්පදො මෙ හිංසි මා මං හිංසි බහුප‍්පදො

259. අපාදක සතෙක් හිංසා නො කෙරේවා. දෙපා සතෙක් මට හිංසා නො කෙරේවා. සිවුපා සතෙක් මට හිංසා නො කෙරේවා. බහුපා සතෙක් මට හිංසා නො කෙරේවා.

260. සබ‍්බෙ සත‍්තා සබ‍්බෙ පාණා සබ‍්බෙ භූතා ච කෙවලා, සබ‍්බෙ භද්‍රානි පස‍්සන‍්තු මා කඤ‍්චි පාපමාගමා.

260. සියලු සත්ත්‍වයෝ ය, සියලු ප්‍රාණීහු ය, සියලු භූතයෝ ය යන සියල්ලෝ මැ, යහපතක් මැ දකිත්වා. කිසිවකු කරා දුකෙක් නො ඒවා.

261. අප‍්පමාණො බුද‍්ධො අප‍්පමාණො ධම‍්මො අප‍්පමාණො සඞ‍්ඝො, පමාණවන‍්තානි සිරිංසපානි අභි විච‍්ඡිකා සතපදී උණ‍්ණානාභි සරබූ මූසිකා.

261. බුදුරද (අනන්ත ගුණැතියෙන්) අප්‍රමාණය. ධර්‍මය අප්‍රමාණය, සඞ්ඝයා අප්‍රමාණය. දීර්‍ඝජාතීහු ද නයි ද ගෝනුස්සෝ ද සියපාවෝ ද (පත්තෑයෝ ද) මකුළුවෝ ද සිකනලු ද මීයෝ ද ප්‍රමාණවත්හ.

262. කතා මෙ රක‍්ඛා කතා මෙ පරිත‍්තා පටික‍්කමන‍්තු භූතානි, සොහං නමො භගවතො නමො සත‍්තන‍්නං සම‍්මාසම‍්බුද‍්ධානන‍්ති.

262. මා විසින් (රුවන්තියා ගුණ බෙලෙන්) ආරක්‍ෂාව කරන ලදු. මා විසින් පරිත්‍රාණ ද කරන ලදු. (මට අහිත වූ) භූතයෝ පහවෙත්වා. හේ මම භාග්‍යවතුනට නමස්කාර කෙරෙමි. (විපස්සී ආදි) සත් බුදුවරුනට මාගේ නමස්කාරය වේවා.

3. ඛන්‍ධවත‍්තජාතකං.

3. ඛන්‍ධවත්ත ජාතක යි.