4. වීරකජාතකං
263. අපි වීරක පස්සෙසි සකුණං මඤ්ජුභාණකං, මයූරගීවසඞ්කාසං පතිං මය්හං සවිට්ඨකං.
263. වීරකය, මියුරු කොට හඬන මොණර කරකට බඳු පැහැති මාගේ වල්ලභයා වන සවිට්ඨක නම් පක්ෂියා දක්හිද?
264. උදකථලචරස්ස පක්ඛිනො නිච්චං ආමකමච්ඡභොජිනො, තස්සානුකරං සවිට්ඨකො සෙවාලෙ පළිගුණ්ඨිතො මතො’ති.
264. දියෙහි ද ගොඩ ද හැසිරෙන නිත්‍යයෙන් අමු මස් කන ඒ පක්ෂියාට අනු වැ ක්‍රියා කරන (තී සැමි) සවිට්ඨක නම් කවුඩා සෙවෙලෙහි වෙළී මෙළේ යි.
4. වීරකජාතකං.
4. වීරක ජාතක යි.
265. සොභති මච්ඡො ගඞ්ගෙය්යො අථො සොභතී යාමුනො, චතුප්පදායං පුරිසො නිග්රොධපරිමණ්ඩලො, ඊසකායනගීවො ච සබ්බෙව අතිරොචති.
265. ගංගාවෙහි උපන් මත්ස්‍යයා ද හොබනේ ය. යමුනාවෙහි උපන් මත්ස්‍යයා ද හොබනේ ය. නිග්‍රෝධ පරිමණ්ඩලකාය ඇති රියහිසක් සේ දික් වූ ග්‍රීවා ද ඇති පා සතරක් ඇති මේ සත්ත්ව තෙමේ (මේ ඉදිබුවා) සියල්ලන් මැ (තොප දෙදෙනා මැ) ඉක්මවා බබළ යි.
266. යං පුච්ඡිතො නං තං අක්ඛා අඤ්ඤං අක්ඛාති පුච්ඡිතො, අත්තප්පසංසකො පොසො නායං අස්මාක රුච්චතී’ති.
266. යමක් ඇසී ද එය නො කීයේ ය. විචාරන ලද්දේ අනෙකක් කිය යි. ආත්මප්රශංසා කරන මේ සත්ත්වයා (මේ ඉදිබුවා) අපට නො රුස්නේ ය.
5. ගඞ්ගෙය්යජාතකං.
5. ගඞ්ගෙය්‍ය ජාතක යි.
267. ඉඞ්ඝ වද්ධමයං පාසං ඡින්ද දන්තෙහි කච්ඡප, අහං තථා කරිස්සාමි යථා නෙහිති ලුද්දකො.
267. එබැවින් ඉදිබුවා, (මුවා බැඳුණු) වරපටින් ඇඹරු මලපුඩුව දතින් කපව. වැදි යම් සේ නො ඒ ද මම එසේ කෙරෙමි. (වැද්දාගේ ගමන වළක්වමි.)
268. කච්ඡපො පාවිසී වාරිං කුරුඞ්ගො පාවිසී වනං. සතපත්තො දුමග්ගම්භා දූරෙ පුත්තෙ අපානයීති.
268. ඉදිබුවා දියට පිවිසියේ ය. මුවා වනයට පැවිසියේ ය. ශතපත්රයා (කෑරලා) තමා හුන් අතු අගින් දරුවන් ගෙනැ අඳුරට ගියේ යි.
6. කුරුඞ්ගමිගජාතකං.
6. කුරුඞ්ගමිග ජාතක යි.
269. අයමස්සකරාජෙන දෙසො විචරිතො මයා, අනුකාමයානුකාමෙන පියෙන පතිනා සහ.
269. ඔහු කැමැත්තා වූ මා විසින් කැමැති වූ ප්‍රිය වූ ස්වාමි වූ අස්සක නම් රජු හා පෙරැ මේ ප්‍රදේශය හැසිරෙන ලද.
270. නවෙන සුඛදුක්ඛෙන පොරාණං අපිථීයති, තස්මා අස්සකරඤ්ඤාව කීටො පියතරො මමන්ති.
270. අළුත් වූ සුවදුක් දෙකින් පැරැණි සුවදුක් දෙක මුවහ කරනු ලැබේ. එහෙයින් අස්සක නම් රජුට වඩා මේ ගොම පණුවා මැ මට අතිශයින් ප්‍රිය වේ.
7. අස්සකජාතකං.
7. අස්සක ජාතක යි.
271. අලමෙතෙහි අම්බෙහි ජම්බූහි පනසෙහි ච, යානි පාරං සමුද්දස්ස වරං මය්හං උදුම්බරො.
271. ගඞ්ගාවෙන් එතෙර යම් මිහිරි ඵලයෙක් දක්නා ලද ද ඒ අඹ පලයෙන් ද දඹ පලයෙන් ද වැළවරකායෙන් ද මට කම් නැත. මාගේ උදුම්බර වෘක්ෂය මැ (මට) උතුමි.
272. මහතී වත තෙ බොන්දි න ච පඤ්ඤා තදූපිකා, සුංසුමාර වඤ්චිතො මෙසි ගච්ඡදානි යථා සුඛන්ති.
272. සුංසුමාරය, තාගේ සිරුර එකතින් මහත් වේ. ඒ සිරුරු පමණට නුවණ නැත. මා විසින් වංචා කරන ලද්දෙහි ය. දැන් කැමැති පරිදි නැඟී යව.
8. සුංසුමාරජාතකං.
8. සුංසුමාර ජාතක යි.
273. දිට්ඨා මයා වනෙ රුක්ඛා අස්සකණ්ණවිභීටකා, න තානි එවං සක්කන්ති යථා ත්වං රුක්ඛ සක්කසි.
273. වෘක්ෂය, මා විසින් වෙනෙහි දක්නා ලද අශ්වකර්ණ නම් වූ ද බුළු නම් වූ ද වෘක්ෂයෝ වෙති. ඒ රුක්හු තෝ යම් සේ ඔබිනොබ හැසිරෙන්නෙහි ද එසේ නො ඇවිදිත්.
274. පුරාණකක්කරො අයං භෙත්වා පඤ්ජරමාගතො, කුසලො වාළපාසානං අපක්කමති භාසතී’ති.
274. මැදිරිය බිඳැ ගෙනැ ආ මේ පුරාණ කක්කරයා (සේවටුවා) වාලයෙන් ඇඹරූ පාසයෙන් ගැළැවීමෙහි දක්ෂ වූයේ පලා යයි. (මිනිස් බසින්) බණන්නේ ය.
9. කක්කරජාතකං.
9. කක්කර ජාතක යි.
275. අම්භො කො නාමයං රුක්ඛො සීනපත්තො සකණ්ටකො, යත්ථ එකප්පහාරෙන උත්තමඞ්ගං විඝාටිතං.
275. පින්වත, යම් රුකෙක්හි එක් පහරින් මුදුන බිඳින ලද ද කුඩා පත් ඇති කටු සහිත වූ මේ කවර නම් ඇති රුකෙක් වේ ද?
276. ආචරිතායං විතුදං වනානි කට්ඨඞ්ගරුක්ඛෙසු අසාරකෙසු, අථාසදා ඛදිරං ජාතසාරං යත්ථබ්හිදා ගරුළො උත්තමඞ්ගන්ති.
276. (ඉඹුල් ආදි) හර නැති කාෂ්ට අවයව ඇති වෘක්ෂයන් විඳිමින් මේ කන්දගලකයා ඇවිදින ලද්දේ ය. පසුව පක්ෂියා යම් රුකෙක්හි ඇන හිස පළා ගත්තේ ද එසේ වූ හර ඇති කිහිරි රුකට පැමිණියේ යි.
10 කන්දගළකජාතකං.
10. කන්දගලක ජාතක යි.
නතංදළ්හවග්ගො ඡට්ඨො
සවැනි නතංදළ්හ වර්ග යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
දළ්හබන්ධනහංසවරො ච පුන විරූපක්ඛ සවිට්ඨකමච්ඡවරො සකුරුඞ්ගසඅස්සකඅම්බවරො පුන කක්කරකො ගරුළෙන දස.
දළ්හබන්ධන-බන්ධනාගාර ජාතක යැ’ හංසාදීන් පවසන කෙළිසීල ජාතකය ද යළි විරූපක්ඛාදි නම් ඇති ඛන්ධවත්ත ජාතක යැ සවිට්ඨක නම් කවුඩා පවසන වීරක ජාතක යැ, (මච්ඡවර) ගඞ්ගෙය්‍ය ජාතක යැ, කුරුඞ්ගමිග ජාතකය හා අස්සක ජාතකය සහිත අඹපල සඳහන් දරන සුංසුමාර ජාතකය කක්කර ජාතක යැ. (ගරුළ) කන්දගල ජාතකය යන මෙයින් දසය වේ.