5. ගඞ්ගෙය්යජාතකවණ්ණනා 205 අට්ඨකථා
5. ගඞ්ගෙය්යජාතකවණ්ණනා (205)
5. ගංගෙය්‍ය ජාතකය (205)
සොභති මච්ඡො ගඞ්ගෙය්යොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො ද්වෙ දහරභික්ඛූ ආරබ්භ කථෙසි. තෙ කිර සාවත්ථිවාසිනො කුලපුත්තා සාසනෙ පබ්බජිත්වා අසුභභාවනං අනුනුයුඤ්ජිත්වා රූපපසංසකා හුත්වා රූපං උපලාළෙන්තා විචරිංසු. තෙ එකදිවසං “ත්වං න සොභසි, අහං සොභාමී”ති රූපං නිස්සාය උප්පන්නවිවාදා අවිදූරෙ නිසින්නං එකං මහල්ලකත්ථෙරං දිස්වා “එසො අම්හාකං සොභනභාවං වා අසොභනභාවං වා ජානිස්සතී”ති තං උපසඞ්කමිත්වා “භන්තෙ, කො අම්හෙසු සොභනො”ති පුච්ඡිංසු. සො “ආවුසො, තුම්හෙහි අහමෙව සොභනතරො”ති ආහ. දහරා “අයං මහල්ලකො අම්හෙහි පුච්ඡිතං අකථෙත්වා අපුච්ඡිතං කථෙතී”ති තං පරිභාසිත්වා පක්කමිංසු. සා තෙසං කිරියා භික්ඛුසඞ්ඝෙ පාකටා ජාතා. අථෙකදිවසං ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, අසුකො මහල්ලකො ථෙරො කිර තෙ රූපනිස්සිතකෙ දහරෙ ලජ්ජාපෙසී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉමෙ ද්වෙ දහරා ඉදානෙව රූපපසංසකා, පුබ්බෙපෙතෙ රූපමෙව උපලාළෙන්තා විචරිංසූ”ති වත්වා අතීතං ආහරි.
සොභති මච්ඡො ගංගෙය්‍යො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් ලාබාල භික්ෂූන් දෙනමක් මුල්කරගෙන වදාළ සේක. සැවැත් නුවරවාසී ඒ කුලපුත්‍රයෝ දෙදෙනෙක් සසුනෙහි පැවිදිව අසුභ භාවනාවෙහි නොයෙදී රූපයට ප්‍රශංසා කරන්නෝ ව රූපය වර්ණනා කරන්නෝ ව හැසුරුණාහ. ඔවුහු එක්දිනක් නුඹ ලස්සන නැත්තෙහිය. මම ලස්සන වෙමියි රූපය නිසා උපන් විවාදය, නුදුරෙහි සිටි එක් මහලු තෙර නමක් දැක මේ භික්ෂුව අපගේ ලස්සන බව හෝ අවලස්සන බව දන්නේ යයි ඒ තෙරුන් වෙත එළඹ ස්වාමීනි! අප දෙදෙනාගෙන් වඩා ලක්ෂණ කවරෙක්දැයි විචාළහ. ඒ මහළු භික්ෂුව ඇවැත්නි! තොප අතරින් මම ම වඩා ලක්ෂණ වෙමියි කීවේය. ලාබාල දෙනම, මේ මහල්ලා අප විසින් විචාරණ ලද කරුණු නොකියා නොවිමසූ දෙයක් කීවේ යයි ඔහුට අපහාස කොට ගියාහුය. ඔවුන්ගේ මේ ක්‍රියාව භික්ෂු සංඝයා අතරෙහි ප්‍රකට විය. ඉක්බිති එක්දිනක් දම්සභාවෙහි ඇවැත්නි! මහලු තෙරුන් වහන්සේ වනාහි රූපය ගැන සැලකිලිමත් ලාබාල තෙරුන් දෙනම ලජ්ජාවට පත් කළහ යනුවෙන් කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විමසා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! මේ ලාබාල භික්ෂූන් දෙනම රූපයට ප්‍රශංසා කරන්නාහු දැන් පමණක් නොවේ. පෙරත් රූපයම නළවමින් හෙවත් අගයමින් හැසිරුණාහයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො ගඞ්ගාතීරෙ රුක්ඛදෙවතා අහොසි. තදා ගඞ්ගායමුනානං සමාගමට්ඨානෙ ගඞ්ගෙය්යො ච යාමුනෙය්යො ච ද්වෙ මච්ඡා “අහං සොභාමි, ත්වං න සොභසී”ති රූපං නිස්සාය විවදමානා අවිදූරෙ ගඞ්ගාතීරෙ කච්ඡපං නිපන්නං දිස්වා “එසො අම්හාකං සොභනභාවං වා අසොභනභාවං වා ජානිස්සතී”ති තං උපසඞ්කමිත්වා “කිං නු ඛො, සම්ම කච්ඡප, ගඞ්ගෙය්යො සොභති, උදාහු යාමුනෙය්යො”ති පුච්ඡිංසු. කච්ඡපො “ගඞ්ගෙය්යොපි සොභති , යාමුනෙය්යොපි සොභති, තුම්හෙහි පන ද්වීහි අහමෙව අතිරෙකතරං සොභාමී”ති ඉමමත්ථං පකාසෙන්තො පඨමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන සමයෙහි බෝසතාණන් වහන්සේ ගංගානම් ගං තීරයේ රුක්දෙවියෙක් වී සිටියෝය. එකල ගංගා, යමුනා නදී දෙක එක්වන ස්ථානයෙහි ගංගෙය්‍ය ද යාමුන්යෙයද යන මසුන් දෙදෙනා මම ශෝභාමත් වෙමි. නුඹ ශෝභාවත් නොවෙහි යයි නුඹේ රූපය නිසා තර්ක කරමින් නුදුරෙහි ගංඉවුරෙහි කැස්බෙකු සිටිනු දැක, මොහු අපගේ ලස්සන බව හෝ අවලක්ෂණ බව හෝ දන්නේ යයි කැස්බෑවා වෙත ගොස් යහලු කැස්බෑවාණෙනි! ගංගෙය්‍ය ලස්සන ද නැතිනම් යාමුන්යෙය ලස්සනදැයි විචාළහ. එවිට කැස්බෑවා ගංගෙය්යද යාමුනෙය්යද දෙදෙනාම ශෝභමාන වෙති. එහෙත් නුඹලා දෙදෙනාටත් වැඩියෙන් මම ලස්සන වෙමියි යන මේ අර්ථය ප්‍රකාශ කරමින්
“සොභති මච්ඡො ගඞ්ගෙය්යො, අථො සොභති යාමුනො; චතුප්පදොයං පුරිසො, නිග්රොධපරිමණ්ඩලො; ඊසකායතගීවො ච, සබ්බෙව අතිරොචතී”ති.
සොභති මච්ඡො ගංගෙය්‍යො අථො සොභති යාමුනා, චතුප්පදායං පුරිසො නිග්‍රෝධ පරිමණ්ඩලො, ඊසකායක ගීවො ච සබ්බෙව අතිරොචති.
යන පළමු ගාථාව කීවේය.
“ගංගාවෙහි මත්ස්‍යයාද බබළයි. යමුනාවෙහි උපන් මත්ස්‍යයාද බබළයි. නුගරුකක් මෙන් වටවූ කයක් ඇති ඒරියා කඳක් වැනි දිග බෙල්ලක් ඇති පා සතරක් ඇති මේ සතා හැමදෙනාටම වඩා බබළයි.”
තත්ථ චතුප්පදොයන්ති චතුප්පදො අයං. පුරිසොති අත්තානං සන්ධාය වදති. නිග්රොධපරිමණ්ඩලොති සුජාතො නිග්රොධො විය පරිමණ්ඩලො. ඊසකායතගීවොති රථීසා විය ආයතගීවො . සබ්බෙව අතිරොචතීති එවං සණ්ඨානසම්පන්නො කච්ඡපො සබ්බෙව අතිරොචති, අහමෙව සබ්බෙ තුම්හෙ අතික්කමිත්වා සොභාමීති වදති.
එහි, චතුප්පාදායං යනු පා සතරක් ඇති මේ තෙමේ පුරිසො යනු තමන් සඳහා කියයි. නිග්‍රෝධ පරිමණ්ඩලො යනු මනාව වැඩුණු නුගගසක් මෙන් වටවූ ඊසකායතගීවො යනු රථයක ඒරියා කඳ මෙන් දිග බෙල්ලක් ඇති, සබ්බෙව අතිරොචති යනු මෙසේ සටහන්වලින් (ලකුණ) යුත් කැස්බෑවා සියල්ලන්ටම වඩා බබළයි. මම ම තෙපි සියල්ල ඉක්මවා බබළන්නෙමියි කියයි.
මච්ඡා තස්ස කථං හුත්වා “අම්භො! පාපකච්ඡප අම්හෙහි පුච්ඡිතං අකථෙත්වා අඤ්ඤමෙව කථෙසී”ති වත්වා දුතියං ගාථමාහ –
මාලුවෝ කැස්බෑවාගේ කථාව අසා එම්බා පව්කාර කැස්බෑවෙනි, අප විසින් ඇසූ ප්‍රශ්නයට උත්තර නොදී අනිකක්ම කීවේයයි කියා
“යං පුච්ඡිතො න තං අක්ඛාසි, අඤ්ඤං අක්ඛාසි පුච්ඡිතො; අත්ථප්පසංසකො පොසො, නායං අස්මාක රුච්චතී”ති.
යං පුච්ඡිතො නතං අක්ඛා අඤ්ඤං අක්ඛාසි පුච්ඡිතො, අත්තප්පසංසකො පොසො නායං අසමාක රුච්චති.
යන දෙවන ගාථාව කීවාහුය.
“යමක් ඇසීද එයට උත්තර නොකීයේය. ඇසූවිට අනිකක් කීවේය. තමන් වර්ණනා කරගන්නා මේ පුද්ගලයා (කැස්බෑවා) අපට රුචි නොකරයි.”
තත්ථ අත්තප්පසංසකොති අත්තානං පසංසනසීලො අත්තුක්කංසකො පොසො. නායං අස්මාක රුච්චතීති අයං පාපකච්ඡපො අම්හාකං න රුච්චති න ඛමතීති කච්ඡපස්ස උපරි උදකං ඛිපිත්වා සකට්ඨානමෙව ගමිංසු.
එහි, අත්තප්පසංසකො යනු තමන් ප්‍රශංසා කරගන්නා සුලු තමා උසස්කොට කථාකරන පුද්ගලයා, නායං අස්මාක රුච්චති යනු මේ පව්කාර කැස්බෑවා අපට රුචි නොවෙයි. නොඉවසයි. කැස්බෑවාගේ මතුපිටට ජලය විසිකොට සිය ස්ථානවලටම ගියාහුය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා ද්වෙ මච්ඡා ද්වෙ දහරභික්ඛූ අහෙසුං, කච්ඡපො මහල්ලකො, ඉමස්ස කාරණස්ස පච්චක්ඛකාරිකා ගඞ්ගාතීරෙ නිබ්බත්තරුක්ඛදෙවතා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල්හි මාලුවෝ දෙදෙනා මේ ලාබාල භික්ෂූන් දෙදෙනා වූහ. කැස්බෑවා මහලු භික්ෂුවය. මෙම කරුණ ප්රත්යක්ෂ කරගත් (ඇසින් දුටු) ගංතෙර උපන් රුක්දෙවියා මම ම වූවෙමි යි වදාළ සේක.
ගඞ්ගෙය්යජාතකවණ්ණනා පඤ්චමා.