යෙදුමෙන් කියවන්න

6. කුරුඞ‍්ගමිගජාතකවණ‍්ණනා 206 අට‍්ඨකථා

6. කුරුඞ‍්ගමිගජාතකවණ‍්ණනා (206)

6. කුරුංගමිග ජාතකය (206)

ඉඞ‍්ඝ වට‍්ටමයං පාසන‍්ති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො දෙවදත‍්තං ආරබ‍්භ කථෙසි. තදා හි සත්‍ථා “දෙවදත‍්තො වධාය පරිසක‍්කතී”ති සුත්‍වා “න, භික‍්ඛවෙ, දෙවදත‍්තො ඉදානෙව මය‍්හං වධාය පරිසක‍්කති, පුබ‍්බෙපි පරිසක‍්කියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

ඉංඝ වද්ධමයං පාසං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දෙව්දත්, තෙරුන් අරබයා වදාළ සේක. එකල්හි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මැරවීමට දෙව්දත් උත්සාහ කරතියි මහණෙනි, මාව මරන්නට දෙව්දත් උත්සාහ කළේ දැන් පමණක් නොවේ. අතීතයේත් උත්සාහ කෙළේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කුරුඞ‍්ගමිගො හුත්‍වා අරඤ‍්ඤෙ එකස‍්ස සරස‍්ස අවිදූරෙ එකස‍්මිං ගුම‍්බෙ වාසං කප‍්පෙසි. තස‍්සෙව සරස‍්ස අවිදූරෙ එකස‍්මිං රුක‍්ඛග‍්ගෙ සතපත‍්තො, සරස‍්මිං පන කච‍්ඡපො වාසං කප‍්පෙසි. එවං තෙ තයොපි සහායකා අඤ‍්ඤමඤ‍්ඤං පියසංවාසං වසිංසු. අථෙකො මිගලුද‍්දකො අරඤ‍්ඤෙ චරන‍්තො පානීයතිත්‍ථෙ බොධිසත‍්තස‍්ස පදවලඤ‍්ජං දිස‍්වා ලොහනිගළසදිසං වට‍්ටමයං පාසං ඔඩ‍්ඩෙත්‍වා අගමාසි. බොධිසත‍්තො පානීයං පාතුං ආගතො පඨමයාමෙයෙව පාසෙ බජ‍්ඣිත්‍වා බද‍්ධරවං රවි. තස‍්ස තෙන සද‍්දෙන රුක‍්ඛග‍්ගතො සතපත‍්තො උදකතො ච කච‍්ඡපො ආගන‍්ත්‍වා “කිං නු ඛො කාතබ‍්බ”න‍්ති මන‍්තයිංසු. අථ සතපත‍්තො කච‍්ඡපං ආමන‍්තෙත්‍වා “සම‍්ම, තව දන‍්තා අත්‍ථි, ත්‍වං ඉමං පාසං ඡින්‍ද, අහං ගන‍්ත්‍වා යථා සො නාගච‍්ඡති, තථා කරිස‍්සාමි, එවං අම‍්හෙහි ද‍්වීහිපි කතපරක‍්කමෙන සහායො නො ජීවිතං ලභිස‍්සතී”ති ඉමමත්‍ථං පකාසෙන‍්තො පඨමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කුරුංග නම් මුවෙකුව වනයෙහි එක් විලක් නුදුරෙහි එක් ලැහැබක වාසය කළ සේක. ඒ විල අසලම එක් ගසෙක කෑරලෙක් ද විලෙහි ඉබ්බෙක් ද වාසය කළහ. මෙසේ මේ තිදෙනාම යහලුව, ඔවුනොවුන් ප්‍රියමනාපයෙන් වාසය කළාහුය. ඉක්බිති එක් මුව වැද්දෙක් වනයෙහි හැසිරෙන්නේ පැන් තොටෙහි (දිය බීමට එන තැන) බෝසතාණන් වහන්සේගේ පාසටහන දැක ලෝහයෙන් තැනූ දම්වැලකට සමාන වූ හම්පටින් තැනූ මරුවැල අටවා ගියෙය්. බෝසතාණන් වහන්සේ දිය බීමට පැමිණි මුල් අවස්ථාවේදීම මලෙහි බැඳී බැගෑ හඬ පැතිරවූහ. මුවාගේ ඒ හඬින් ගස මුදුනේ කෑරලාද දියෙන් ඉබ්බාද අවුත් කුමක් කළ යුතුදැයි සාකච්ඡා කළහ. ඉක්බිති කෑරලා ඉබ්බා අමතා යහලුව, නුඹට දත් ඇත. නුඹ මේ මලපුඩුව කපව. මම ගොස් යම්සේ වැද්දා නොඑයිද එසේ බාධා කරන්නෙමි. මෙසේ අප දෙදෙනාම කරන ලද උත්සාහයෙන් අපගේ යාලුවාගේ ජීවිතය ලබන්නේ යයි කියා මේ කරුණ ප්‍රකාශ කරමින්,

“ඉඞ‍්ඝ වට‍්ටමයං පාසං, ඡින්‍ද දන‍්තෙහි කච‍්ඡප; අහං තථා කරිස‍්සාමි, යථා නෙහිති ලුද‍්දකො”ති.

ඉංග වද්ධමයං පාසං ඡින්‍ද දන්තෙහි කච්ඡප, අහං තථා කරිස්සාමි යථා නෙහිති ලුද්දකො.

යන පළමු ගාථාව කීවේය.

“එබැවින් ඉදිබුවාණෙනි! වරපටින් ඇඹරූ පුඩු දත්වලින් කපව. යම්සේ වැද්දා නො එන්නේද, එපරිදි (පමා කිරීම) මම කරන්නෙමි.”

අථ කච‍්ඡපො චම‍්මවරත‍්තං ඛාදිතුං ආරභි, සතපත‍්තො ලුද‍්දකස‍්ස වසනගාමං ගතො අවිදූරෙ රුක‍්ඛෙ නිසීදි. ලුද‍්දකො පච‍්චූසකාලෙයෙව සත‍්තිං ගහෙත්‍වා නික‍්ඛමි. සකුණො තස‍්ස නික‍්ඛමනභාවං ඤත්‍වා වස‍්සිත්‍වා පක‍්ඛෙ පප‍්ඵොටෙත්‍වා තං පුරිමද‍්වාරෙන නික‍්ඛමන‍්තං මුඛෙ පහරි. ලුද‍්දො “කාළකණ‍්ණිනා සකුණෙනම‍්හි පහටො”ති නිවත‍්තිත්‍වා ථොකං සයිත්‍වා පුන සත‍්තිං ගහෙත්‍වා උට‍්ඨාසි. සකුණො “අයං පඨමං පුරිමද‍්වාරෙන නික‍්ඛන‍්තො ඉදානි පච‍්ඡිමද‍්වාරෙන නික‍්ඛමිස‍්සතී”ති ඤත්‍වා ගන‍්ත්‍වා පච‍්ඡිමගෙහෙ නිසීදි. ලුද‍්දොපි “පුරිමද‍්වාරෙන මෙ නික‍්ඛන‍්තෙන කාළකණ‍්ණී සකුණො දිට‍්ඨො, ඉදානි පච‍්ඡිමද‍්වාරෙන නික‍්ඛමිස‍්සාමී”ති පච‍්ඡිමද‍්වාරෙන නික‍්ඛමි, සකුණො පුන වස‍්සිත්‍වා ගන‍්ත්‍වා මුඛෙ පහරි. ලුද‍්දො “පුනපි කාළකණ‍්ණීසකුණෙන පහටො, න දානි මෙ එස නික‍්ඛමිතුං දෙතී”ති නිවත‍්තිත්‍වා යාව අරුණුග‍්ගමනා සයිත්‍වා අරුණුග‍්ගමනවෙලාය සත‍්තිං ගහෙත්‍වා නික‍්ඛමි. සකුණො වෙගෙන ගන‍්ත්‍වා “ලුද‍්දො ආගච‍්ඡතී”ති බොධිසත‍්තස‍්ස කථෙසි.

ඉබ්බා සම්පටිය කන්නට (සිඳලන්නට) පටන් ගත්තේය. කෑරලා වැද්දා වාසය කරන ගමට ගියේය. වැදිපුත්‍රයා ඉතා පාන්දරින්ම උල් අවියක් රැගෙන නික්මුණේය. කෑරලාද ඔහුගේ නික්මෙන වේලාව දැන හඬලා පියාපත් ගසා දමා, ඉදිරිපස දොරටුවෙන් නික්මෙන ඔහුගේ මුහුණෙහි හැප්පුනේය. වැදිපුත්‍රයා, මේ කාලකණ්ණි පක්‍ෂියා මගේ ඇඟේ හැපුනේ යයි නැවතී ටික වේලාවක් නිදාගෙන නැවතත් උල් ආයුධය රැගෙන නැගිට්ටේය. කෑරලා, මොහු පළමුව ඉදිරිපස දොරටුවෙන් නික්මුණු නිසා දැන් පසුපස දොරටුවෙන් නික්මෙන්නේ යයි දැන ගෙයි පසුපස සැඟවී හුන්නේය. වැද්දා ද ඉදිරිපස දොරටුවෙන් නික්මෙන මා විසින් කාලකණ්ණි කුරුල්ලා දක්නා ලදි. දැන් පසුපස දොරෙන් නික්මෙන්නෙමියි පසුපස දොරටුවෙන් නික්මුනේය. කෑරලා නැවතත් හඬාගෙන ගොස් මුහුණෙහි හැප්පුනේය. වැද්දා නැවතත් කාලකණ්ණි කුරුල්ලා විසින් මම පහර ලද්දෙමි. මොහු මට යන්නට නොදෙන්නේ යයි නැවතී අරුණු නැගෙන තෙක් නිදා අරුණු නැගුණු පසු නැගිට ආයුධය රැගෙන නික්මුනේය. කෑරලා වේගයෙන් පියාඹා ගොස් වැද්දා එන්නේ යයි බෝසතාණන් වහන්සේට කීවේය.

තස‍්මිං ඛණෙ කච‍්ඡපෙන එකමෙව චම‍්මවද‍්ධං ඨපෙත්‍වා සෙසවරත‍්තා ඛාදිතා හොන‍්ති. දන‍්තා පනස‍්ස පතනාකාරප‍්පත‍්තා ජාතා, මුඛතො ලොහිතං පග‍්ඝරති. බොධිසත‍්තො ලුද‍්දපුත‍්තං සත‍්තිං ගහෙත්‍වා අසනිවෙගෙන ආගච‍්ඡන‍්තං දිස‍්වා තං වද‍්ධං ඡින්‍දිත්‍වා වනං පාවිසි, සකුණො රුක‍්ඛග‍්ගෙ නිසීදි, කච‍්ඡපො පන දුබ‍්බලත‍්තා තත්‍ථෙව නිපජ‍්ජි. ලුද‍්දො කච‍්ඡපං ගහෙත්‍වා පසිබ‍්බකෙ පක‍්ඛිපිත්‍වා එකස‍්මිං ඛාණුකෙ ලග‍්ගෙසි. බොධිසත‍්තො නිවත‍්තිත්‍වා ඔලොකෙන‍්තො කච‍්ඡපස‍්ස ගහිතභාවං ඤත්‍වා “සහායස‍්ස ජීවිතදානං දස‍්සාමී”ති දුබ‍්බලො විය හුත්‍වා ලුද‍්දස‍්ස අත‍්තානං දස‍්සෙසි. සො “දුබ‍්බලො එස භවිස‍්සති, මාරෙස‍්සාමි න”න‍්ති සත‍්තිං ආදාය අනුබන්‍ධි. බොධිසත‍්තො නාතිදූරෙ නාච‍්චාසන‍්නෙ ගච‍්ඡන‍්තො තං ආදාය අරඤ‍්ඤං පාවිසි, දූරං ගතභාවං ඤත්‍වා පදං වඤ‍්චෙත්‍වා අඤ‍්ඤෙන මග‍්ගෙන වාතවෙගෙන ගන‍්ත්‍වා සිඞ‍්ගෙන පසිබ‍්බකං උක‍්ඛිපිත්‍වා භූමියං පාතෙත්‍වා ඵාලෙත්‍වා කච‍්ඡපං නීහරි. සතපත‍්තොපි රුක‍්ඛා ඔතරි. බොධිසත‍්තො ද‍්වින‍්නම‍්පි ඔවාදං දදමානො “අහං තුම‍්හෙ නිස‍්සාය ජීවිතං ලභිං, තුම‍්හෙහි සහායකස‍්ස කත‍්තබ‍්බං මය‍්හං කතං, ඉදානි ලුද‍්දො ආගන‍්ත්‍වා තුම‍්හෙ ගණ‍්හෙය්‍ය, තස‍්මා, සම‍්ම සතපත‍්ත, ත්‍වං අත‍්තනො පුත‍්තකෙ ගහෙත්‍වා අඤ‍්ඤත්‍ථ යාහි, ත්‍වම‍්පි, සම‍්ම කච‍්ඡප, උදකං පවිසාහී”ති ආහ. තෙ තථා අකංසු.

ඒ අවස්ථාවෙහි ඉබ්බා විසින් එක වරපටක් හැර සෙසු වරපටවල් හපා සිඳින ලදි. ඉබ්බාගේ දත් වැටෙන තරමට පත්ව මුඛය ලෙයින් තෙත් විය. බෝසතාණන් වහන්සේ වැදිපුත්‍රයා උල් ආයුධය රැගෙන හෙණ වේගයෙන් එනු දැක ඒ වරපටත් සිඳගෙන වනයට පිවිසියේය. කෑරලා ගස මුදුනේ ඉඳගත්තේය. ඉබ්බා වනාහි මහන්සි වැඩිකමට ඒ අසලම සිටියේය. වැදිපුත්‍රයා ඉබ්බා පසිම්බුවක දමා එක් කණුවක එල්ලුවේය. බෝසතාණන් වහන්සේ නැවතී බලන්නේ ඉබ්බා අල්ලා ගත් බව දැන සහායකයාට ජීවිතය රැක දෙන්නෙමියි දුර්වලයෙකු මෙන් අඟවා වැද්දාට පෙනෙන්නට සැලැස්වීය. වැද්දා මේ මුවා දුර්වලයෙකු වන්නේ යයි ඌ මරන්නෙමියි සිතා ආයුධය ගෙන ලුහුබැන්දේය. බෝසතාණන් වහන්සේත් ඉතා ළං වන්නේත් නැතිව දුර වන්නේත් නැතිව යන්නේ වැද්දා රැගෙන කැලයට පිවිසියේය. දුරට ගිය බව දැන පා වංචාකොට අන් කෙටි මගකින් පවනට බඳු වේගයෙන් ගොස් අඟින් පසිම්බුව ඔසවා බිම දමා පලා ඉබ්බා එළියට දැම්මේය. කෑරලාද ගසින් බැස්සේය. බෝසතාණන් වහන්සේ දෙදෙනාටම අවවාද දෙමින් මම නුඹලා නිසා පණ රැකගතිමි. තොප විසින් යහලු වූ මට කළයුතු දේ කරන ලදි. දැන් වැද්දා අවුත් තොප අල්ලා ගත්තේය. ඒ නිසා යහලු කෑරලා නුඹ තමන්ගේ දරුවන් රැගෙන අන් තැනකට යව. යහලු ඉබ්බාණනි, නුඹද දියට පිවිසෙන්නයි කීවේය. ඔවුහු එසේ කළාහුය.

සත්‍ථා අභිසම‍්බුද‍්ධො හුත්‍වා දුතියං ගාථමාහ –

බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව,

“කච‍්ඡපො පාවිසී වාරිං, කුරුඞ‍්ගො පාවිසී වනං; සතපත‍්තො දුමග‍්ගම‍්හා, දූරෙ පුත‍්තෙ අපානයී”ති.

කච්ඡපො පාවිසි වාරිං කුරුංගො පාවිසි වනං, සතපත්තො දුමග්ගම්හා දූරෙ පුත්තෙ අපානයි.

යනු දෙවන ගාථාව වදාළ සේක.

“ඉබ්බා ජලයට පිවිසියේය. කුරුංග මුවා වනයට පිවිසියේය. කෑරලා දුෂ්කර මගින් දරුවන් ඈතට රැගෙන ගියේය.”

තත්‍ථ අපානයීති ආනයි, ගහෙත්‍වා අගමාසීති අත්‍ථො;

එහි, අපානයී යනු ඉවත්කර ගත්තේය. රැගෙන ගියේය යන අර්ථයි.

ලුද‍්දොපි තං ඨානං ආගන‍්ත්‍වා කඤ‍්චි අපස‍්සිත්‍වා ඡින‍්නපසිබ‍්බකං ගහෙත්‍වා දොමනස‍්සප‍්පත‍්තො අත‍්තනො ගෙහං අගමාසි. තෙ තයොපි සහායා යාවජීවං විස‍්සාසං අච‍්ඡින්‍දිත්‍වා යථාකම‍්මං ගතා.

වැද්දා ඒ ස්ථානයට අවුත් කිසිවක් නොදැක ඉරුණු පසිම්බුව රැගෙන දොම්නසට පත්වූයේ තම ගෙදරට ගියේය. මේ තුන් යාලුවෝ දිවි ඇති තෙක් විශ්වාසය කඩ නොකර වාසය කර කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා ලුද‍්දකො දෙවදත‍්තො අහොසි, සතපත‍්තො සාරිපුත‍්තො, කච‍්ඡපො මොග‍්ගල‍්ලානො, කුරුඞ‍්ගමිගො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල වැදිපුත්‍රයා දෙව්දත්ය. කෑරලා සැරියුත්ය. ඉබ්බා මුගලන්ය. කුරුංග මුවා නම් ලොව්තුරා බුදුවූ මම ම වූවෙමි යි වදාළ සේක.

කුරුඞ‍්ගමිගජාතකවණ‍්ණනා ඡට‍්ඨා.