යෙදුමෙන් කියවන්න

7. අස‍්සකජාතකවණ‍්ණනා 207 අට‍්ඨකථා

7. අස‍්සකජාතකවණ‍්ණනා (207)

7. අස්සක ජාතකය (207)

අයමස‍්සකරාජෙනාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පුරාණදුතියිකාපලොභනං ආරබ‍්භ කථෙසි. සො හි භික‍්ඛු සත්‍ථාරා “සච‍්චං කිර, ත්‍වං භික‍්ඛු, උක‍්කණ‍්ඨිතොසී”ති පුට‍්ඨො “සච‍්ච”න‍්ති වත්‍වා “කෙන උක‍්කණ‍්ඨාපිතොසී”ති වුත‍්තෙ “පුරාණදුතියිකායා”ති ආහ. අථ නං සත්‍ථා “න ඉදානෙව තස‍්සා භික‍්ඛු ඉත්‍ථියා තයි සිනෙහො අත්‍ථි, පුබ‍්බෙපි ත්‍වං තං නිස‍්සාය මහාදුක‍්ඛං පත‍්තො”ති වත්‍වා අතීතං ආහරි.

අයමස්සක රාජෙන යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් පැරණි බිරිඳගේ පෙළඹවීමක් මුල් කරගෙන වදාළ සේක. බුදුරජාණන් වහන්සේ විසින් මහණ! නුඹ කලකිරුණේ සත්‍යදැයි විමසන ලද ඒ භික්‍ෂුව එසේය ස්වාමීනියි කී කල්හි කවුරුන් විසින් කලකිරුවන ලදදැයි විමසූවිට පෙර අඹුව විසින් යයි කීවේය. ඉක්බිති ඔහුට බුදුරජාණන් වහන්සේ මහණ! ඒ ස්ත්‍රියගේ ඔබ ගැන ආදරයක් නැත. පෙරත් ඔබ ඇය නිසා මහත් දුකට පැමිණියේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ කාසිරට‍්ඨෙ පාටලිනගරෙ අස‍්සකො නාම රාජා රජ‍්ජං කාරෙසි. තස‍්ස උපරී නාම අග‍්ගමහෙසී පියා අහොසි මනාපා අභිරූපා දස‍්සනීයා පාසාදිකා අතික‍්කන‍්තා මානුසවණ‍්ණං, අපත‍්තා දිබ‍්බවණ‍්ණං. සා කාලමකාසි, තස‍්සා කාලකිරියාය රාජා සොකාභිභූතො අහොසි දුක‍්ඛී දුම‍්මනො. සො තස‍්සා සරීරං දොණියං නිපජ‍්ජාපෙත්‍වා තෙලකලලං පක‍්ඛිපාපෙත්‍වා හෙට‍්ඨාමඤ‍්චෙ ඨපාපෙත්‍වා නිරාහාරො රොදමානො පරිදෙවමානො නිපජ‍්ජි. මාතාපිතරො අවසෙසඤාතකා මිත‍්තාමච‍්චබ්‍රාහ‍්මණගහපතිකාදයොපි “මා සොචි, මහාරාජ, අනිච‍්චා සඞ‍්ඛාරා”තිආදීනි වදන‍්තා සඤ‍්ඤාපෙතුං නාසක‍්ඛිංසු. තස‍්ස විලපන‍්තස‍්සෙව සත‍්ත දිවසා අතික‍්කන‍්තා. තදා බොධිසත‍්තො පඤ‍්චාභිඤ‍්ඤඅට‍්ඨසමාපත‍්තිලාභී තාපසො හුත්‍වා හිමවන‍්තපදෙසෙ විහරන‍්තො ආලොකං වඩ‍්ඪෙත්‍වා දිබ‍්බෙන චක‍්ඛුනා ජම‍්බුදීපං ඔලොකෙන‍්තො තං රාජානං තථා පරිදෙවමානං දිස‍්වා “එතස‍්ස මයා අවස‍්සයෙන භවිතබ‍්බ”න‍්ති ඉද‍්ධානුභාවෙන ආකාසෙ උප‍්පතිත්‍වා රඤ‍්ඤො උය්‍යානෙ ඔතරිත්‍වා මඞ‍්ගලසිලාපට‍්ටෙ කඤ‍්චනපටිමා විය නිසීදි.

පෙර කසී රට පෝතල නම් නුවර අස්සක නම් රජ කෙනෙක් රජය කරවීය. ඒ රජතුමාට උබ්බරී නම් අගමෙහෙසියක් වූවාය. ඈ ප්‍රියමනාපය. මනා රූ ඇත්තීය. දැකුම්කලුය. මිනිස් රූප සම්පත්තිය ඉක්මවා සිටියාය. දිව්‍ය රූපශෝභාවට නො පැමිණියාය. ඈ මියගියාය. ඇගේ අභාවයෙන් රජතුමා ශෝකයෙන් මැඩුනේ දුක් දොම්නස් ඇත්තේ විය. රජතුමා ඇගේ මෘත දේහය ඔරුවක තැන්පත් කරවා තෙල් ආදිය දම්මවා ඇඳයට තබ්බවා නිරාහාරව හඬමින් වැළපෙමින් හොත්තේය. මව්පියෝ, සෙසු නෑයෝ, ඇමතිවරු, බමුණු ගහපති ආදීහුද මහරජ සෝක නොකරන්න. සංස්කාර ධර්ම අනිත්‍යයයි යනාදිය කියන්නාහු කරුණු හඟවන්නට නොහැකි වූහ. වැලපෙන ඔහුට හත්දින ගතවිය. එකල්හි අප මහබෝසතාණන් වහන්සේ පඤ්ච අභිඥා, අට්ඨ සමාපත්තිලාභී තවුසෙක්ව හිමාල වනයෙහි වාසය කරන්නාහු ආලෝකය වඩා දිවැසින් දඹදිව ලෙස බලන්නාහු එසේ වැළපෙන ඒ රජු දැක මොහුට මා විසින් පිහිටවිය යුතුයයි සිතා සෘද්ධි බලයෙන් අහසට පැන නැගී රජුගේ උයනෙහි බැස මඟුල් ගල්තලාව මතුවෙහි රන්පිළිමයක් මෙන් හුන්නාහුය.

අථෙකො පාටලිනගරවාසී බ්‍රාහ‍්මණමාණවො උය්‍යානං ගතො බොධිසත‍්තං දිස‍්වා වන්‍දිත්‍වා නිසීදි. බොධිසත‍්තො තෙන සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා “කිං, මාණව, රාජා ධම‍්මිකො”ති පුච‍්ඡි. “ආම, භන‍්තෙ, ධම‍්මිකො රාජා, භරියා පනස‍්ස කාලකතා, සො තස‍්සා සරීරං දොණියං පක‍්ඛිපාපෙත්‍වා විලපමානො නිපන‍්නො, අජ‍්ජ සත‍්තමො දිවසො, කිස‍්ස තුම‍්හෙ රාජානං එවරූපා දුක‍්ඛා න මොචෙථ, යුත‍්තං නු ඛො තුම‍්හාදිසෙසු සීලවන‍්තෙසු සංවිජ‍්ජමානෙසු රඤ‍්ඤො එවරූපං දුක‍්ඛං අනුභවිතු”න‍්ති. “න ඛො අහං , මාණව, රාජානං ජානාමි, සචෙ පන සො ආගන‍්ත්‍වා මං පුච‍්ඡෙය්‍ය, අහමෙවස‍්ස තස‍්සා නිබ‍්බත‍්තට‍්ඨානං ආචික‍්ඛිත්‍වා රඤ‍්ඤො සන‍්තිකෙයෙව තං කථාපෙය්‍ය”න‍්ති. “තෙන හි, භන‍්තෙ, යාව රාජානං ආනෙමි, තාව ඉමෙව නිසීදථා”ති මාණවො බොධිසත‍්තස‍්ස පටිඤ‍්ඤං ගහෙත්‍වා රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා තමත්‍ථං ආරොචෙත්‍වා “තස‍්ස දිබ‍්බචක‍්ඛුකස‍්ස සන‍්තිකං ගන‍්තුං වට‍්ටතී”ති ආහ.

ඉක්බිති පෝතාලි නුවර වැසි එක් බමුණු මානවයෙක් උයනට ගියේ බෝසතාණන් වහන්සේ දැක වැඳ හුන්නේය. බෝසතාණන් වහන්සේ ඔහු සමග පිළිසඳර කථාකොට මානවය! කෙසේද? රජතුමා දැහැමිදැයි විචාළ සේක. එසේය ස්වාමීනි! රජතුමා දැහැමිය. නමුත් රජතුමාගේ බිසව කලුරිය කළාය. එතුමා ඇගේ මෘතදේහය ඔරුවක තැන්පත් කරවා වැළපෙමින් වැතිරී සිටියි. අද ඔහුගේ හත්වෙනි දවසයි. නුඹවහන්සේ රජතුමා මෙබඳු දුකින් නොමුදවන්නේ ඇයි? නුඹවහන්සේලා වැනි සිල්වතුන් සිටිද්දී රජතුමා මෙබඳු දුකක් විඳීම යුත්තියක් තිබේද? මානව! මම රජතුමා නොහඳුනමි. ඉදින් වනාහි හෙතෙම අවුත් මගෙන් විමසන්නේ නම් මම මොහුට බිසව උපන් තැන කියා රජතුමාගේ ඉදිරිපිටදීම ඇය ලවා කථා කරනවන්නෙමි. එසේනම් ස්වාමීනි! රජතුමා මෙහි කැඳවාගෙන එනතෙක්, නුඹවහන්සේ මෙහිම හිඳුවයි කියා බෝසතාණන් වහන්සේගේ ප්‍රතිඥාව ගෙන රජතුමා සමීපයට ගොස් ඒ කාරණාව කියා ඒ දිවැස් ඇත්තාගේ සමීපයට යන්නට වටීයයි කීවේය.

රාජා “උපරිං කිර දට‍්ඨුං ලභිස‍්සාමී”ති තුට‍්ඨමානසො රථං අභිරුහිත්‍වා තත්‍ථ ගන‍්ත්‍වා බොධිසත‍්තං වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො – “සච‍්චං කිර තුම‍්හෙ දෙවියා නිබ‍්බත‍්තට‍්ඨානං ජානාථා”ති පුච‍්ඡි. “ආම, මහාරාජා”ති. “කත්‍ථ නිබ‍්බත‍්තා”ති? “සා ඛො, මහාරාජ, රූපස‍්මිංයෙව මත‍්තා පමාදමාගම‍්ම කල්‍යාණකම‍්මං අකත්‍වා ඉමස‍්මිංයෙව උය්‍යානෙ ගොමයපාණකයොනියං නිබ‍්බත‍්තා”ති . “නාහං සද‍්දහාමී”ති. “තෙන හි තෙ දස‍්සෙත්‍වා කථාපෙමී”ති. “සාධු කථාපෙථා”ති. බොධිසත‍්තො අත‍්තනො ආනුභාවෙන “උභොපි ගොමයපිණ‍්ඩං වට‍්ටයමානා රඤ‍්ඤො පුරතො ආගච‍්ඡන‍්තූ”ති තෙසං ආගමනං අකාසි. තෙ තථෙව ආගමිංසු. බොධිසත‍්තො තං දස‍්සෙන‍්තො “අයං තෙ , මහාරාජ, උපරිදෙවී, තං ජහිත්‍වා ගොමයපාණකස‍්ස පච‍්ඡතො පච‍්ඡතො ගච‍්ඡති, පස‍්සථ න”න‍්ති ආහ. භන‍්තෙ “‘උපරී නාම ගොමයපාණකයොනියං නිබ‍්බත‍්තිස‍්සතී’ති න සද‍්දහාමහ”න‍්ති. “කථාපෙමි නං, මහාරාජා”ති. “කථාපෙථ, භන‍්තෙ”ති.

රජතුමා උබ්බරී බිසව දකින්නට ලැබෙන්නේ යයි සතුටු සිත් ඇත්තේ රථයට නැගී එහි ගොස් බෝසතාණන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. ඇත්තද, ඔබතුමා දේවීන් වහන්සේ උපන් තැන දන්නෙහුදැයි විචාළේය. එසේම මහරජතුමනියි කී සේක. කොහි උපන්නීද? මහරජ, ඇය වනාහි රූපශ්‍රීයෙන් මත්ව ප්‍රමාදයට පැමිණ යහපත් ක්‍රියා නොකොට මේ රජ උයනෙහිම ගොම කෘමි යෝනියෙහි උපන්නේ යයි කීහ. මම එය නොඅදහමියි කීය. එසේනම් ඔබට පෙන්වා කථා කරවන්නෙමියි කීහ. හොඳයි කථා කරවනු මැනවි කීය. බෝසතාණන් වහන්සේ තමන්ගේ ආනුභාවයෙන් ගොම කෘමියන් දෙදෙනා ගොම පිඩු දෙකක් පෙරළ පෙරළා රජුගේ ඉදිරියට එත්වායි ඔවුන්ගේ පැමිණීම සිදුකළහ. ඔවුහු එසේම ආවාහුය. බෝසතාණන් වහන්සේ ඌ පෙන්වමින් මහරජතුමනි! මේ ඔබතුමාගේ උබ්බරී දේවියයි. ඔබ අතහැර දමා ගොම පණුවාගේ පසුපස එයි. ඇය බලවයි කීහ. ස්වාමීනි! උබ්බරී ගොම කෘමි යෝනියෙහි උපන්නීයයි කීම නම් මම නොපිළිගමියි කීය. මහරජතුමනි! ඇය ලවා කථා කරවන්නෙමි. ස්වාමීනි! කථා කරවනු මැනවි.

බොධිසත‍්තො අත‍්තනො ආනුභාවෙන තං කථාපෙන‍්තො “උපරී”ති ආහ. සා මනුස‍්සභාසාය “කිං, භන‍්තෙ”ති ආහ. “ත්‍වං අතීතභවෙ කා නාම අහොසී”ති? “භන‍්තෙ, අස‍්සකරඤ‍්ඤො අග‍්ගමහෙසී උපරී නාම අහොසි”න‍්ති. “කිං පන තෙ ඉදානි අස‍්සකරාජා පියො, උදාහු ගොමයපාණකො”ති? “භන‍්තෙ, සො මය‍්හං පුරිමජාතියා සාමිකො, තදා අහං ඉමස‍්මිං උය්‍යානෙ තෙන සද‍්ධිං රූපසද‍්දගන්‍ධරසඵොට‍්ඨබ‍්බෙ අනුභවමානා විචරිං. ඉදානි පන මෙ භවසඞ‍්ඛෙපගතකාලතො පට‍්ඨාය සො කිං හොති, අහඤ‍්හි ඉදානි අස‍්සකරාජානං මාරෙත්‍වා තස‍්ස ගලලොහිතෙන මය‍්හං සාමිකස‍්ස ගොමයපාණකස‍්ස පාදෙ මක‍්ඛෙය්‍ය”න‍්ති වත්‍වා පරිසමජ‍්ඣෙ මනුස‍්සභාසාය ඉමා ගාථා අවොච –

බෝසතාණන් වහන්සේ තමන්ගේ ආනුභාවයෙන් ඇය ලවා කථා කරවමින් උබ්බරී යයි කීහ. ඈ මිනිස් බසින් ඇයි ස්වාමීනියි කීවාය. තී අතීත ආත්ම භාවයේදී කවරනම් තැනැත්තියක් වූවාද? ස්වාමීනි අස්සක රජුගේ උබ්බරී නම් අගමෙහෙසිය වූයෙමි. දැන් ඔබට ප්‍රිය අස්සක රජද නැතිනම් ගොම කෘමියාද? ස්වාමීනි, ඒ මගේ පෙර ජාතියයි. එකල මම මේ උයනේ අස්සක රජු සමග රූප-ශබ්ද-ගන්ධ-රස-පොට්ඨබ්බයන් (පස්කම් සැප) අනුභව කරමින් හැසුරුනෙමි. දැන් වනාහි භවයෙන් වැසීගිය කාලයේ පටන් ඒ රජතුමා මට කවරෙක් වේද? මම වනාහි දැන් අස්සක රජ මරා ඔහුගේ ගෙල සිඳි ලේ මගේ සැමියා වන ගොම කෘමියාගේ පාවල තවරන්නේ යයි කියා පිරිස මැද මිනිස් බවින්

“අයමස‍්සකරාජෙන , දෙසො විචරිතො මයා; අනුකාමය කාමෙන, පියෙන පතිනා සහ.

අයමස්සක රාජෙන දෙසො විචරිතො මයා, අනුකාමයානුකාමෙන පියෙන පතිනා සහ.

“නවෙන සුඛදුක‍්ඛෙන, පොරාණං අපිධීයති; තස‍්මා අස‍්සකරඤ‍්ඤාව, කීටො පියතරො මමා”ති.

නවෙන සුඛ දුක්ඛෙන පොරාණං අපිථීයති, තස්මා අස්සක රඤ්ඤාව කීටො පියතරො මමං.

යන මේ ගාථා කීවාය.

ඔහු මට කැමතිය. ඒ මා විසින් කැමති වන ලද ප්‍රිය සැමියා වූ අස්සක නම් රජු සමග පෙර මේ පෙදෙසෙහි හැසිරෙන ලදි.

අළුතින් ඇති වූ සැප දුක් දෙකින් පැරණි (කල තිබූ) සුව දුක් දෙක වසනු ලැබේ. එහෙයින් අස්සක නම් රජුට වඩා මේ ගොම පණුවාම මට අතිශයින් ප්‍රිය වේ.

තත්‍ථ අයමස‍්සකරාජෙන, දෙසො විචරිතො මයාති අයං රමණීයො උය්‍යානපදෙසො පුබ‍්බෙ මයා අස‍්සකරාජෙන සද‍්ධිං විචරිතො. අනුකාමය කාමෙනාති අනූති නිපාතමත‍්තං, මයා තං කාමයමානාය තෙන මං කාමයමානෙන සහාති අත්‍ථො. පියෙනාති තස‍්මිං අත‍්තභාවෙ පියෙන. නවෙන සුඛදුක‍්ඛෙන, පොරාණං අපිධීයතීති, භන‍්තෙ, නවෙන හි සුඛෙන පොරාණං සුඛං, නවෙන ච දුක‍්ඛෙන පොරාණං දුක‍්ඛං පිධීයති පටිච‍්ඡාදීයති, එසා ලොකස‍්ස ධම‍්මතාති දීපෙති. තස‍්මා අස‍්සකරඤ‍්ඤාව, කීටො පියතරො මමාති යස‍්මා නවෙන පොරාණං පිධීයති, තස‍්මා මම අස‍්සකරාජතො සතගුණෙන සහස‍්සගුණෙන කීටොව පියතරොති.

අයමස්සකරාජෙ දෙසො විචරිතො මයා යනු මේ රමණීය උයන් පෙදෙස පෙර කල්හි මා විසින් අස්සක රජු සමග හැසිරෙන ලදි. (පෙර කල්හි මම මේ රමණීය උයන් පෙදෙසෙහි අස්සක රජු සමග හැසිරුනෙමි.) අනුකාමයානුකාමෙන යන තැන අනු යනු නිපාත මාත්‍රයකි. මා විසින් කැමති වන ලද ඔහුද ඔහු විසින් කැමති වන ලද මම ද සමග යන අර්ථයි. පියෙන යනු ඒ ආත්ම භාවයෙහි ප්‍රිය වූ. නවෙන සුඛදුක්ඛෙන පොරාණං අපිථීයති යනු ස්වාමීනි, අලුත් සැපයෙන් පරණ සැපයද අලුත් දුකෙන් පැරණි දුකද වසනු ලැබේ. මෙය ලෝකයේ ධර්මතාවයයි දක්වයි. තස්මා අස්සකරඤ්ඤාව කීටො පියතරො මමං යනු අලුත් සැප දුක්වලින් පැරණි සැපදුක් වැසෙන හෙයින් අස්සක රජතුමාට වඩා සිය ගුණයකින් මට ගොම කෘමියා ප්‍රියය.

තං සුත්‍වා අස‍්සකරාජා විප‍්පටිසාරී හුත්‍වා තත්‍ථ ඨිතොව කුණපං නීහරාපෙත්‍වා සීසං න‍්හත්‍වා බොධිසත‍්තං වන්‍දිත්‍වා නගරං පවිසිත්‍වා අඤ‍්ඤං අග‍්ගමහෙසිං කත්‍වා ධම‍්මෙන රජ‍්ජං කාරෙසි. බොධිසත‍්තොපි රාජානං ඔවදිත්‍වා නිස‍්සොකං කත්‍වා හිමවන‍්තමෙව අගමාසි.

ඒ නිසා අස්සක රජතුමා පසුතැවිලි වී උයනෙහි සිටිමින්ම උබබ්රීගේ කුණපය බැහැර කරවා ඉස් සෝදා නා බෝසතුන්ට වැඳ නගරයට පිවිස අනිත් තැනැත්තියක අග මෙහෙසිය කොට දැහැමෙන් රාජ්‍යය කරවීය. බෝසතාණන් වහන්සේද රජුට අවවාද දී ශෝකය දුරුකොට හිමාල වනයට ගිය සේක.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. “තදා උපරී පුරාණදුතියිකා අහොසි, අස‍්සකරාජා උක‍්කණ‍්ඨිතො භික‍්ඛු, මාණවො සාරිපුත‍්තො, තාපසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහ්නසේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය පවසා ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර කලකිරුණු භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල උබ්බරී (මෙකල) පැරණි බිරිඳ වූවාය. අස්සක රජ කලකිරුණු භික්‍ෂුවයි. මානවයා සැරියුත්ය. තාපසයා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.

අස‍්සකජාතකවණ‍්ණනා සත‍්තමා.