යෙදුමෙන් කියවන්න

8. සුසුමාරජාතකවණ‍්ණනා 208 අට‍්ඨකථා

8. සුසුමාරජාතකවණ‍්ණනා (208)

8. සුංසුමාර ජාතකය (208)

අලං මෙතෙහි අම‍්බෙහීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො දෙවදත‍්තස‍්ස වධාය පරිසක‍්කනං ආරබ‍්භ කථෙසි. තදා හි සත්‍ථා “දෙවදත‍්තො වධාය පරිසක‍්කතී”ති සුත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙව දෙවදත‍්තො මය‍්හං වධාය පරිසක‍්කති, පුබ‍්බෙපි පරිසක‍්කියෙව, සන‍්තාසමත‍්තම‍්පි පන කාතුං න සක‍්ඛී”ති වත්‍වා අතීතං ආහරි.

අලමෙතෙහි අම්බෙහි යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දේවදත් තෙරුන් බුදුරජුන් මැරීමට ගත් උත්සාහය මුල් කරගෙන වදාළ සේක. එකල්හි බුදුරජාණන් වහන්සේ දෙව්දත් තමන් වහන්සේ මැරිමට උත්සාහ කරන්නේ යයි අසා මහණෙනි! දෙව්දත් මාව මරන්නට උත්සාහ කෙළේ දැන් පමණක් නොවෙයි. පෙරත් උත්සාහ කළේමය. එහෙත් අඩු තරමින් බිය වැද්දීමක්වත් කරන්නට නොහැකි වී යයි වදාරා අතීත සිද්ධියක් ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ හිමවන‍්තපදෙසෙ බොධිසත‍්තො කපියොනියං නිබ‍්බත‍්තිත්‍වා නාගබලො ථාමසම‍්පන‍්නො මහාසරීරො සොභග‍්ගප‍්පත‍්තො හුත්‍වා ගඞ‍්ගානිවත‍්තනෙ අරඤ‍්ඤායතනෙ වාසං කප‍්පෙසි. තදා ගඞ‍්ගාය එකො සුසුමාරො වසි. අථස‍්ස භරියා බොධිසත‍්තස‍්ස සරීරං දිස‍්වා තස‍්ස හදයමංසෙ දොහළං උප‍්පාදෙත්‍වා සුසුමාරං ආහ – “අහං සාමි, එතස‍්ස කපිරාජස‍්ස හදයමංසං ඛාදිතුකාමා”ති. “භද‍්දෙ, මයං ජලගොචරා, එසො ථලගොචරො, කින‍්ති නං ගණ‍්හිතුං සක‍්ඛිස‍්සාමා”ති. “යෙන කෙනචි උපායෙන ගණ‍්හ, සචෙ න ලභිස‍්සාමි, මරිස‍්සාමී”ති. “තෙන හි මා සොචි, අත්‍ථෙකො උපායො, ඛාදාපෙස‍්සාමි තං තස‍්ස හදයමංස”න‍්ති සුසුමාරිං සමස‍්සාසෙත්‍වා බොධිසත‍්තස‍්ස ගඞ‍්ගාය පානීයං පිවිත්‍වා ගඞ‍්ගාතීරෙ නිසින‍්නකාලෙ සන‍්තිකං ගන‍්ත්‍වා එවමාහ – “වානරින්‍ද, ඉමස‍්මිං පදෙසෙ කසායඵලානි ඛාදන‍්තො කිං ත්‍වං නිවිට‍්ඨට‍්ඨානෙයෙව චරසි, පාරගඞ‍්ගාය අම‍්බලබුජාදීනං මධුරඵලානං අන‍්තො නත්‍ථි, කිං තෙ තත්‍ථ ගන‍්ත්‍වා ඵලාඵලං ඛාදිතුං න වට‍්ටතී”ති? “කුම‍්භීලරාජ, ගඞ‍්ගා මහොදකා විත්‍ථිණ‍්ණා, කථං තත්‍ථ ගමිස‍්සාමී”ති? “සචෙ ඉච‍්ඡසි, අහං තං මම පිට‍්ඨිං ආරොපෙත්‍වා නෙස‍්සාමී”ති. සො සද‍්දහිත්‍වා “සාධූ”ති සම‍්පටිච‍්ඡි. “තෙන හි එහි පිට‍්ඨිං මෙ අභිරූහා”ති ච වුත‍්තෙ තං අභිරුහි. සුසුමාරො ථොකං නෙත්‍වා උදකෙ ඔසීදාපෙසි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී හිමාල වන පෙදෙසෙහි බෝසතාණන් වහන්සේ වඳුරු යෝනියෙහි ඉපදී ඇතෙකුට තරම් බලය ඇති ශක්ති සම්පන්න මහත් සිරුරක් ඇති සෝභා සම්පන්න වඳුරෙක් වී ගංගා නැවැත්මක වන රොදක වාසය කළහ. එකල ගඟෙහි කිඹුලෙක්ද විසීය. ඉක්බිති උගේ බිරිඳ බෝසත් වඳුරාගේ සිරුර දැක ඌගේ හදවත කෑමට දොළදුකක් උපදවාගෙන කිඹුලාට ස්වාමීනි! මම ඒ වඳුරු රජුගේ හෘදය මාංශය කනු කැමැත්තෙමියි කීවාය. එවිට කිඹුලා, සොඳුරිය! අපි ජලයෙහි හැසිරෙන්නෝ වෙමු. වඳුරා ගොඩබිම හැසිරෙන්නෙකි. ඒ නිසා ඌ අල්ලා ගන්නට කෙසේ හැකි වන්නෙම්ද? යම්කිසි උපායකින් අල්ලා ගන්න. ඉදින් නොලබන්නෙම්ද මැරෙන්නෙමියි කීවාය. එසේනම් භය නොවන්න. එක් උපායක් ඇත. ඌගේ හෘදය මාංශය ඔබට කන්නෙමියි කිඹුලිය සනසවා, බෝසතාණන් වහන්සේ ගඟින් පැන් බී ගංතෙර සිටින අවස්ථාවක සමීපයට ගොස් මෙසේ කීවේය. වඳුරාණෙනි! මේ පෙදෙසෙහි කසට රස ඇති ගෙඩි කන්නේ කිම? නුඹ පුරුදු තැනම හැසිරෙන්නෙහිද? ගඟින් එගොඩ අඹ දෙල් ආදී මිහිරි පළතුරුවල කෙළවරක් නැත. කිම නුඹට එහි ගොස් ලොකු කුඩා ගෙඩි කන්නට නොවටින්නේද? කිඹුල් රජාණෙනි! ගඟ මහදිය පැතිරී ඇත. කෙසේ එහි යන්නෙම්ද? ඉදින් යන්නෙහි නම් මම නුඹව පිට මත තබාගෙන ගෙන යන්නෙමියි කීය. වඳුරා ඒ කීම අදහමින් යහපතැයි පිළිගත්තේය. එසේ නම් එව, මගේ පිටමතට නගින්නයි කී කල්හි එසේ නැංගේය. කිඹුලා ටිකදුරක් ගෙනගොස් දිය යට ගිල්ලවන්නට විය.

බොධිසත‍්තො “සම‍්ම, උදකෙ මං ඔසීදාපෙසි, කිං නු ඛො එත”න‍්ති ආහ. “නාහං තං ධම‍්මසුධම‍්මතාය ගහෙත්‍වා ගච‍්ඡාමි, භරියාය පන මෙ තව හදයමංසෙ දොහළො උප‍්පන‍්නො, තමහං තව හදයං ඛාදාපෙතුකාමො”ති. “සම‍්ම, කථෙන‍්තෙන තෙ සුන්‍දරං කතං. සචෙ හි අම‍්හාකං උදරෙ හදයං භවෙය්‍ය, සාඛග‍්ගෙසු චරන‍්තානං චුණ‍්ණවිචුණ‍්ණං භවෙය්‍යා”ති. “කහං පන තුම‍්හෙ ඨපෙථා”ති? බොධිසත‍්තො අවිදූරෙ එකං උදුම‍්බරං පක‍්කඵලපිණ‍්ඩිසඤ‍්ඡන‍්නං දස‍්සෙන‍්තො “පස‍්සෙතානි අම‍්හාකං හදයානි එතස‍්මිං උදුම‍්බරෙ ඔලම‍්බන‍්තී”ති ආහ. “සචෙ මෙ හදයං දස‍්සසි, අහං තං න මාරෙස‍්සාමී”ති. “තෙන හි මං එත්‍ථ නෙහි, අහං තෙ රුක‍්ඛෙ ඔලම‍්බන‍්තං දස‍්සාමී”ති. සො තං ආදාය තත්‍ථ අගමාසි. බොධිසත‍්තො තස‍්ස පිට‍්ඨිතො උප‍්පතිත්‍වා උදුම‍්බරරුක‍්ඛෙ නිසීදිත්‍වා “සම‍්ම, බාල සුසුමාර, ‘ඉමෙසං සත‍්තානං හදයං නාම රුක‍්ඛග‍්ගෙ හොතී’ති සඤ‍්ඤී අහොසි, බාලොසි, අහං තං වඤ‍්චෙසිං, තව ඵලාඵලං තවෙව හොතු, සරීරමෙව පන තෙ මහන‍්තං පඤ‍්ඤා පන නත්‍ථී”ති වත්‍වා ඉමමත්‍ථං පකාසෙන‍්තො ඉමා ගාථා අවොච –

බෝසතාණන් වහන්සේ යහලුව! මා වතුරෙහි ගිල්වන්නෙහිද? මේ කිමදැයි කීවේය. මම නුඹව ධර්මයෙහි යහපත් බව සලකා රැගෙන නොයන්නෙමි. මාගේ බිරිඳට නුඹේ හදවත කෑමට දොළක් උපන්නේය. මම නුඹේ ඒ හදවත කවනු කැමැත්තෙමියි කීය. යහලුව! නුඹ විසින් මෙය කීමෙන් යහපතක් කරන ලදි. ඉදින් අපගේ බඩෙහි හදවත ඇතිනම් අතුඅග හැසිරෙන අපගේ එය සුණු විසුණු වන්නේයයි කීය. බෝසතාණන් වහන්සේ නුදුරෙහි තොපි එය කොතැනක තැබුවාහුද? තිබූ පොකුරු පිටින් ඉදී ඇති එක් දිඹුල් ගසක් පෙන්වමින් බලව ඒ අපගේ හදවත. ඒ දිඹුල් ගසේ එල්ලෙතියි කීහ. ඉදින් මට හදවතක් දෙන්නෙහි නම් මම නුඹව නොමරන්නෙමියි කීය. එසේනම් එහි පමුණුවනු මම නුඹට ගසෙහි එල්ලෙන දෙකක් දෙන්නෙමියි කීහ. කිඹුලා වඳුරාව ගෙන එහි ගියේය. බෝසතාණන් වහන්සේ කිඹුලා පිටින් පැන තිඹිරි ගසෙහි හිඳ යහලු මෝඩ කිඹුලො! මේ සතුන්ගේ හදවත නම් ගසේ අතුඅග තිබේයි හැඟීමක් වීද? නුඹ බාලයෙකි. මම ඔබ රැවට්ටුවෙමි. නුඹේ පළතුරු නුඹටම වේවා! නුඹේ ශරීරය මහත් වූවාට නුවණ නැතැයි කියා මේ කරුණු පැහැදිලි කරමින්

“අලං මෙතෙහි අම‍්බෙහි, ජම‍්බූහි පනසෙහි ච; යානි පාරං සමුද‍්දස‍්ස, වරං මය‍්හං උදුම‍්බරො.

අලමෙතෙහි අම්බෙහි ජම්බූහි පනසෙහිච, යාති පාරං සමුද්දස්ස වරං මග්ගං උදුම්බරො.

“මහතී වත තෙ බොන්‍දි, න ච පඤ‍්ඤා තදූපිකා; සුසුමාර වඤ‍්චිතො මෙසි, ගච‍්ඡ දානි යථාසුඛ”න‍්ති.

මහතී වත තෙ බොන්‍දි නච පඤ්ඤා තදූපිකා, සුංසුමාර වඤ්චිතො මෙසි ගච්ඡදානි යථා සුඛං

යන මේ ගාථා කීහ.

ගඟෙන් එතෙර ඇති යම් අඹ, ජම්බු, කොස් ආදියක් දක්නා ලදද ඒවායින් මට කම් නැත. මගේ දිඹුල් ගසම (මට) උතුම්ය.

නුඹේ ශරීරය මහත්ය. ඊට යෝග්‍ය පරිදි නුවණ නැත. මා විසින් ඔබ රවටන ලද්දෙහිය.

තත්‍ථ අලං මෙතෙහීති යානි තයා දීපකෙ නිද‍්දිට‍්ඨානි, එතෙහි මය‍්හං අලං. වරං මය‍්හං උදුම‍්බරොති මය‍්හං අයමෙව උදුම‍්බරරුක‍්ඛො වරං. බොන්‍දීති සරීරං. තදූපිකාති පඤ‍්ඤා පන තෙ තදූපිකා තස‍්ස සරීරස‍්ස අනුච‍්ඡවිකා නත්‍ථි. ගච‍්ඡ දානි යථාසුඛන‍්ති ඉදානි යථාසුඛං ගච‍්ඡ, නත්‍ථි තෙ හදයමංසගහණූපායොති අත්‍ථො. සුසුමාරො සහස‍්සං පරාජිතො විය දුක‍්ඛී දුම‍්මනො පජ‍්ඣායන‍්තොව අත‍්තනො නිවාසට‍්ඨානමෙව ගතො.

එහි, අලමෙතෙහි යනු නුඹ විසින් පෙන්වන ලද ඒ පළතුරු දක්නා ලදි. එයින් මට කම් නැත. වරං මය්හං උදුම්බරො යනු මට මේ දිඹුල් ගසම උතුම්ය. බොන්‍දි යනු සිරුරයි. තදූපිකා යනු ඔබේ නුවණ වනාහි ශරීරයට යෝග්‍ය පරිදි ප්‍රමාණවත්ව නැත. ගච්ඡදානි යථා සුඛං යනු දැන් සැපසේ යව. නුඹට හදවතක් ලැබෙන්නේ නැත. කිඹුලක් දහසින් පරාජිතයෙකු සේ දුක් දොම්නස් ඇතිව ශෝකයෙන් ලතවෙමින් තමන්ගේ වාසස්ථානයටම ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සුසුමාරො දෙවදත‍්තො අහොසි, සුසුමාරී චිඤ‍්චමාණවිකා, කපිරාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල කිඹුලා දෙව්දත්ය. කිඹුලිය චිංචි මානවිකාවයි. වඳුරු රජා මම ම වූවෙමි යි වදාළ සේක.

සුසුමාරජාතකවණ‍්ණනා අට‍්ඨමා.