9. කුක්කුටජාතකවණ්ණනා 209 අට්ඨකථා
9. කුක්කුටජාතකවණ්ණනා (209)
9. කක්කර ජාතකය (209)
දිට්ඨා මයා වනෙ රුක්ඛාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො ධම්මසෙනාපතිසාරිපුත්තත්ථෙරස්ස සද්ධිවිහාරිකං දහරභික්ඛුං ආරබ්භ කථෙසි. සො කිර අත්තනො සරීරස්ස ගුත්තිකම්මෙ ඡෙකො අහොසි. “සරීරස්ස මෙ න සුඛං භවෙය්යා”ති භයෙන අතිසීතං අච්චුණ්හං පරිභොගං න කරොති, “සීතුණ්හෙහි සරීරං කිලමෙය්යා”ති භයෙන බහි න නික්ඛමති, අතිකිලින්නඋත්තණ්ඩුලාදීනි න භුඤ්ජති. තස්ස සා සරීරගුත්තිකුසලතා සඞ්ඝමජ්ඣෙ පාකටා ජාතා. භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, අසුකො දහරො කිර භික්ඛු සරීරගුත්තිකම්මෙ ඡෙකො”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, අයං දහරො ඉදානෙව සරීරගුත්තිකම්මෙ ඡෙකො, පුබ්බෙපි ඡෙකොව අහොසී”ති වත්වා අතීතං ආහරි.
දිට්ඨා මයා වනෙ රුක්ඛා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේගේ අතවැසි ලාබාල භික්ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්ෂුව වනාහි තමන්ගේ සිරුර ආරක්ෂා කර ගැනීම් ක්රියාවෙහි දක්ෂ විය. මගේ ශරීරයට සැපයක් නොවන්නේ යයි බියෙන් ඉතා සීත දේවල් හෝ ඉතා උෂ්ණ දේවල් පරිහරණය සීත උෂ්ණ දෙකින් සිරුර වෙහෙසෙන්නේ යයි බියෙන් බැහැර නොනික්මෙයි. ඉතා තෙත් වූ නොතැම්බුණු ආහාර නොවළඳයි. ඒ භික්ෂුවගේ සිරුර ආරක්ෂා කිරීමේ දක්ෂ බව සංඝයා අතර ප්රකට විය. දම්සභාවෙහි භික්ෂූහු ඇවැත්නි! අසවල් ලාබාල භික්ෂුව වනාහි සිරුර ආරක්ෂා කිරීමේ කටයුතුවල දක්ෂයෙකි යනුවෙන් කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා, මහණෙනි! මෙහි දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා, මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! මේ ලාබාල භික්ෂුව සිරුර ආරක්ෂා කිරීමෙහි දක්ෂයෙක් වූයේ දැන් පමණක් නොවේ. පෙරත් දක්ෂයෙක්ව සිටියේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො අරඤ්ඤායතනෙ රුක්ඛදෙවතා අහොසි. අථෙකො සකුණලුද්දකො එකං දීපකකුක්කුටමාදාය වාලරජ්ජුඤ්ච යට්ඨිඤ්ච ගහෙත්වා අරඤ්ඤෙ කුක්කුටෙ බන්ධන්තො එකං පලායිත්වා අරඤ්ඤං පවිට්ඨං පොරාණකුක්කුටං බන්ධිතුං ආරභි. සො වාලපාසෙ කුසලතාය අත්තානං බන්ධිතුං න දෙති, උට්ඨායුට්ඨාය නිලීයති. ලුද්දකො අත්තානං සාඛාපල්ලවෙහි පටිච්ඡාදෙත්වා පුනප්පුනං යට්ඨිඤ්ච පාසඤ්ච ඔඩ්ඩෙති. කුක්කුටො තං ලජ්ජාපෙතුකාමො මානුසිං වාචං නිච්ඡාරෙත්වා පඨමං ගාථමාහ –
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහ බෝසතාණන් වහන්සේ වනගත ප්රදේශයක රුක් දෙවියෙක් වී උපන්නෝය. ඉක්බිති කුරුළු වැද්දෙක් එක් කොරවක් දෙනක් රැගෙන අශ්ව කෙඳිවලින් කළ රැහැණ ද (වාළපාසය) යෂ්ටියද ගෙන කැලයෙහි කොරවකුන් බඳින්නේ පලාගොස් කැලයට පිවිසි එක් පරණ කොරවක්කෙකු බැඳගැනීමට පටන් ගත්තේය. ඒ කොරවකා වාළහිසයෙහි දක්ෂ නිසා තමන් බඳින්නට නොදෙයි. උඟුල් උඩින් පැන පැන සැඟවෙයි. වැද්දා තම කය කොළ අතුවලින් වසාගෙන නැවත නැවතත් යෂ්ටිය ද උගුල ද අටවයි. කොරවකා වැද්දාට ලජ්ජා කරවනු කැමැත්තේ මිනිස් වචන පිටකරමින්
“දිට්ඨා මයා වනෙ රුක්ඛා, අස්සකණ්ණා විභීටකා; න තානි එවං සක්කන්ති, යථා ත්වං රුක්ඛ සක්කසී”ති.
දිට්ඨා මයා වනෙ රුක්ඛා අස්සකණණ විභීටකා, නතානි එවං සක්කන්ති යථා ත්වං රුක්ඛ සක්කසී
යන පළමු ගාථාව කීවේය.
“වෘක්ෂය! මා විසින් වනයෙහි දක්නා ලද අශ්වකර්ණ (සල්) නම් වූද බුළු නම් වූද වෘක්ෂයෝ වෙති. ඒ ගස් ඔබ හැසිරෙන අයුරින් නො ඇවිදියි.”
තස්සත්ථො – සම්ම ලුද්දක, මයා ඉමස්මිං වනෙ ජාතා බහූ අස්සකණ්ණා ච විභීටකා ච රුක්ඛා දිට්ඨපුබ්බා, තානි පන රුක්ඛානි යථා ත්වං සක්කසි සඞ්කමසි ඉතො චිතො ච විචරසි, එවං න සක්කන්ති න සඞ්කමන්ති න විචරන්තීති.
එහි අර්ථය, යහලු වැද්දාණනි! මයා මා විසින් මේ වනෙ වනයෙහි හටගත් බොහෝ සල් ගස්ද බුළු ගස් ද පෙර දැක ඇත. තානි ඒ ගස්, යථා තං සක්කසි ඔබ එහා මෙහා හැසිරෙන්නේ යම්සේද එවං නසක්කන්ති එසේ නොහැරෙන්නේය යනුයි.
එවං වත්වා ච පන සො කුක්කුටො පලායිත්වා අඤ්ඤත්ථ අගමාසි. තස්ස පලායිත්වා ගතකාලෙ ලුද්දකො දුතියං ගාථමාහ –
මෙසේ කියා ඒ කොරවකා පලාගොස් වෙන තැනකට ගියේය. ඌ පලාගිය අවස්ථාවේදී වැද්දා
“පොරාණකුක්කුටො අයං, භෙත්වා පඤ්ජරමාගතො; කුසලො වාලපාසානං, අපක්කමති භාසතී”ති.
පුරාණ කක්කරො අයං හෙත්වා පඤ්ජරමාගතො, කුසලො වාළපාසානං අපක්කමති භාසති.
යන දෙවන ගාථාව කීවේය.
“මැදිරිය බිඳගෙන ආ මේ පුරාණ කොරවක්කා (සේවටුවා) වාලයෙන් ඇඹරූ පාසයෙන් ගැළවීමෙහි දක්ෂ වූයේ පලා යයි. (මිනිස් බසින්) කියන්නේය.”
තත්ථ කුසලො වාලපාසානන්ති වාලමයෙසු පාසෙසු කුසලො අත්තානං බන්ධිතුං අදත්වා අපක්කමති චෙව භාසති ච, භාසිත්වා ච පන පලාතොති එවං වත්වා ලුද්දකො අරඤ්ඤෙ චරිත්වා යථාලද්ධමාදාය ගෙහමෙව ගතො.
එහි, කුසලො වාළපාසානං යනු අස්ලොමින් කළ මරුවැල් (තොණ්ඩු) ආදියෙහි දක්ෂව තමා බඳින්න ඉඩ නොදී, අපක්කමති ඉවත් වේ. භාසතිච ප්රකාශකොට පලා යයි. මෙසේ කියා වැද්දා වනයෙහි හැසිර ලද දේ ගෙන ගෙදරම ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා ලුද්දකො දෙවදත්තො අහොසි, කුක්කුටො කායගුත්තිකුසලො දහරභික්ඛු, තස්ස පන කාරණස්ස පච්චක්ඛකාරිකා රුක්ඛදෙවතා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක නිමවා වදාළ සේක. එකල වැද්දා දෙව්දත්ය. කොරවකා වූයේ සිරුර ආරක්ෂා කරගැනීමට දක්ෂ වූ ලාබාල භික්ෂුවයි. ඒ කරුණ ප්රත්යක්ෂ වශයෙන් දුටු රුක්දෙවියා වනාහි ලොව්තුරා බුදුවූ මම ම වූවෙමි යි වදාළ සේක.
කුක්කුටජාතකවණ්ණනා නවමා.