යෙදුමෙන් කියවන්න

10. කන්‍දගලකජාතකවණ‍්ණනා 210 අට‍්ඨකථා

10. කන්‍දගලකජාතකවණ‍්ණනා (210)

10. කන්‍දගලක ජාතකය (210)

අම‍්භො කො නාමයං රුක‍්ඛොති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො සුගතාලයං ආරබ‍්භ කථෙසි. තදා හි සත්‍ථා “දෙවදත‍්තො සුගතාලයං අකාසී”ති සුත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙව දෙවදත‍්තො මය‍්හං අනුකිරියං කරොන‍්තො විනාසං පත‍්තො, පුබ‍්බෙපි පාපුණියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

අම්භො කො නාමායං රුක්ඛො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක් බුද්ධ ලීලාවක් මුල් කරගෙන වදාළ සේක. එකල්හි බුදුරජාණන් වහන්සේ දෙව්දත් තෙර බුද්ධ විලාශය කළේයයි අසා, මහණෙනි! දෙව්දත් මාව අනුකරණය කරමින් විනාශයට පත්වූයේ දැන් පමණක් නොවේ. පෙරත් විනාශයට පැමිණියේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො හිමවන‍්තපදෙසෙ රුක‍්ඛකොට‍්ටකසකුණයොනියං නිබ‍්බත‍්ති, “ඛදිරවනියො”තිස‍්ස නාමං අහොසි. සො ඛදිරවනෙයෙව ගොචරං ගණ‍්හි, තස‍්සෙකො කන්‍දගලකො නාම සහායො අහොසි, සො සිම‍්බලිපාලිභද‍්දකවනෙ ගොචරං ගණ‍්හාති. සො එකදිවසං ඛදිරවනියස‍්ස සන‍්තිකං අගමාසි. ඛදිරවනියො “සහායො මෙ ආගතො”ති කන්‍දගලකං ගහෙත්‍වා ඛදිරවනං පවිසිත්‍වා ඛදිරඛන්‍ධං තුණ‍්ඩෙන පහරිත්‍වා රුක‍්ඛතො පාණකෙ නීහරිත්‍වා අදාසි. කන්‍දගලකො දින‍්නෙ දින‍්නෙ මධුරපූවෙ විය ඡින්‍දිත්‍වා ඡින්‍දිත්‍වා ඛාදි. තස‍්ස ඛාදන‍්තස‍්සෙව මානො උප‍්පජ‍්ජි – “අයම‍්පි රුක‍්ඛකොට‍්ටකයොනියං නිබ‍්බත‍්තො, අහම‍්පි, කිං මෙ එතෙන දින‍්නගොචරෙන, සයමෙව ඛදිරවනෙ ගොචරං ගණ‍්හිස‍්සාමී”ති. සො ඛදිරවනියං ආහ – “සම‍්ම, මා ත්‍වං දුක‍්ඛං අනුභවි, අහමෙව ඛදිරවනෙ ගොචරං ගණ‍්හිස‍්සාමී”ති.

පෙර බරණැස් නුවර බඹදත් නම් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ හිමවත් ප්‍රදේශයේ ගස්වලට කොටන කුරුළු යෝනියෙහි (කෑරලෙක්ව) ඉපදී කිහිරි වනයෙහිම ගොදුරු ගත්තේය. මොහු ‘කදිරවනිය’ යයි නමක් විය. ඔහුට එක් කන්දගලක නම් යහලුවෙක් සිටියේය. හෙතෙම පාළිභද්දක (එරමුදු) නම් වනයෙහි ගොදුරු ගනියි. ඌ එක් දවසක් ඛදිරවනියගේ සමීපයට ගියේය. ඛදිරවනිය තම සහායකයා ආවේයයි කන්දගලක රැගෙන කිහිරි වනයට පිවිස කිහිරි කඳකට හොටෙන් පහරදී ගසෙන් පණුවන් පිටතට ගෙන දුන්නේය. කන්දගලක තමාට දුන් දුන් පණුවන් මිහිරි කැවුම් කන්නා සේ කඩ කඩා කෑවේය. මේ කද්දීම කන්දගගලකට මාන්නයක් උපන්නේය. මොහුත් ගස්වලට කොටන යෝනියෙහි උපන්නෙකි. මමත් එසේය. ඒ නිසා මොහු විසින් දෙන ලද ගොදුරුවලින් මට කවර ප්‍රයෝජනයක්ද? තමාම කිහිරි වනයෙහි ගොදුරු සොයා ගන්නෙමියි සිතා හේ කදිරවනියට යහලුව! නුඹ දුක් නොවිඳින්න. මම ම කිහිරි වනයෙහිදී ගොදුරු සොයා ගන්නෙමියි කීවේය.

අථ නං සො “හන්‍ද ත්‍වං සම‍්ම, සිම‍්බලිපාලිභද‍්දකාදිවනෙ නිස‍්සාරෙ ගොචරග‍්ගහණකුලෙ ජාතො, ඛදිරා නාම ජාතසාරා ථද‍්ධා, මා තෙ එතං රුච‍්චී”ති ආහ. කන්‍දගලකො “කිං දානාහං න රුක‍්ඛකොට‍්ටකයොනියං නිබ‍්බත‍්තො”ති තස‍්ස වචනං අනාදියිත්‍වා වෙගෙන ගන‍්ත්‍වා ඛදිරරුක‍්ඛං තුණ‍්ඩෙන පහරි. තාවදෙවස‍්ස තුණ‍්ඩං භිජ‍්ජි, අක‍්ඛීනි නික‍්ඛමනාකාරප‍්පත‍්තානි ජාතානි, සීසං ඵලිතං. සො ඛන්‍ධෙ පතිට‍්ඨාතුං අසක‍්කොන‍්තො භූමියං පතිත්‍වා පඨමං ගාථමාහ –

ඉක්බිති කදිරවනිය, කන්දගලකට යහලුව! නුඹ ඉඹුල්, ඉරමුදු ආදී වනයෙහි නිසරු ගොදුරු (ආහාර) ගන්නා කුලයෙහි උපන්නෙකි. කිහිරි නම් ගස් හටගත් අරටු ඇත්තේය. තදය එය ඔබට රුචි නොවේවායි කීවේය. කන්දගලක දැන් මම ගස්වලට කොටන යෝනියෙහි උපන්නේ වෙමියි ඔහුගේ වචනය නොසලකා වේගයෙන් ගොස් කිහිරි ගසකට හොටෙන් පහර දුන්නේය. ඒ අවස්ථාවේදීම කන්දගලකගේ හොට බිඳුනේය. ඇස් පිටතට නෙරා ගිය ආකාරයක් ඇතිවිය. හිස පැලුනේය. කන්දගලක ගසෙහි සිටින්නට නොහැකි වූයේ බිම වැටී

“අම‍්භො කො නාමයං රුක‍්ඛො, සින‍්නපත‍්තො සකණ‍්ටකො; යත්‍ථ එකප‍්පහාරෙන, උත‍්තමඞ‍්ගං විභිජ‍්ජිත”න‍්ති.

අම්භො කො නාමායං රුක්ඛො සීන පත්තො සකණ්ඨකො, යත්‍ථ එකප්පහාරෙන උත්තමංගං විඝාටිතං.

යන පළමු ගාථාව කීවේය.

“පින්වත, යම් ගසකට ගසන ලද එක පාරින්ම හිස බිඳින ලදද සියුම් කොළ ඇති කටු සහිත මේ ගස කුමක්ද?”

තත්‍ථ අම‍්භො කො නාමයං රුක‍්ඛොති, භො ඛදිරවනිය, කො නාම අයං රුක‍්ඛො. “කො නාම සො”තිපි පාඨො. සින‍්නපත‍්තොති සුඛුමපත‍්තො. යත්‍ථ එකප‍්පහාරෙනාති යස‍්මිං රුක‍්ඛෙ එකෙනෙව පහාරෙන. උත‍්තමඞ‍්ගං විභිජ‍්ජිතන‍්ති සීසං භින‍්නං, න කෙවලඤ‍්ච සීසං, තුණ‍්ඩම‍්පි භින‍්නං. සො වෙදනාප‍්පත‍්තතාය ඛදිරරුක‍්ඛං “කිං රුක‍්ඛො නාමෙසො”ති ජානිතුං අසක‍්කොන‍්තො වෙදනාප‍්පත‍්තො හුත්‍වා ඉමාය ගාථාය විප‍්පලපි.

එහි, අම්භො කො නාමායං රුක්ඛො යනු එම්බා කදිරවනිය! මේ කිනම් ගසක්ද? කොනාම සො යනුද පාඨයකි. සීනපත්තො යනු සියුම් කොළ. යත්‍ථ එකප්පහාරෙනා යනු යම් ගසකට දුන් එක පහරින්ම, උත්තමංගං විඝාටිතං යනු හිස බිඳින ලදි. හිස පමණක් නොව හොටයද කැඩුනේය. හෙතෙම වේදනාවෙන් මත්ව කිහිරි ගස කිනම් ගසක්දැයි දැන ගැනීමට නොහැකි වන්නේ වේදනාවෙන් මත්වී මේ ගාථාවෙන් දෙඩවීය.

තං වචනං සුත්‍වා ඛදිරවනියො දුතියං ගාථමාහ –

ඒ අසා කදිරවනිය

“අචාරි වතායං විතුදං වනානි, කට‍්ඨඞ‍්ගරුක‍්ඛෙසු අසාරකෙසු; අථාසදා ඛදිරං ජාතසාරං, යත්‍ථබ‍්භිදා ගරුළො උත‍්තමඞ‍්ග”න‍්ති.

අචාරිතායං විතුදං වනානි. කට්ඨංග රුක්ඛෙසු අසාරකෙසු, අථාසදා ඛදිරං ජාතසාරං යත්‍ථබ්භි ගරුළො උත්තමංගං

යන දෙවන ගාථාව කීවේය.

“අරටු නැති නිසරු ලී ඇති ගස්වලට අනිමින් (විදිමින්) මේ වනයෙහි කන්දගලකයා ඇවිදින ලද්දේය. පසුව පක්‍ෂියා යම් රුකෙක්හි (ගසකට) ඇන හිස පලා ගත්තේය එසේ වූ හර ඇති කිහිරි රුකට පැමිණියේයි.”

තත්‍ථ අචාරි වතායන‍්ති අචරි වත අයං. විතුදං වනානීති නිස‍්සාරසිම‍්බලිපාලිභද‍්දකවනානි විතුදන‍්තො විජ‍්ඣන‍්තො. කට‍්ඨඞ‍්ගරුක‍්ඛෙසූති වනකට‍්ඨකොට‍්ඨාසෙසු රුක‍්ඛෙසු. අසාරකෙසූති නිස‍්සාරෙසු පාලිභද‍්දකසිම‍්බලිආදීසු. අථාසදා ඛදිරං ජාතසාරන‍්ති අථ පොතකකාලතො පට‍්ඨාය ජාතසාරං ඛදිරං සම‍්පාපුණි. යත්‍ථබ‍්භිදා ගරුළො උත‍්තමඞ‍්ගන‍්ති යත්‍ථබ‍්භිදාති යස‍්මිං ඛදිරෙ අභින්‍දි පදාලයි. ගරුළොති සකුණො. සබ‍්බසකුණානඤ‍්හෙතං සගාරවසප‍්පතිස‍්ස වචනං.

එහි, අචාරිතායං යනු ඒකාන්තයෙන් මේ තෙමේ හැසිරුණේය. විතුදං වනානි යනු නිසරු ඉඹුල්, එරබුදු ගස් ඇති කැලෑ ආදිය (ගස්වලට) විදිමින් කට්ඨංග රුක්ඛෙසු අසාර කෙසු යනු අරටු නැති නිසරු දැව ඇති ගස්වල, අථාසදා ඛදිරං ජාතසාරං යනු පැල කාලයේ සිට අරටු සහිත කිහිරි ගස් ළඟට පැමිණියේය. යත්‍ථබ්භිදා ගරුළො උත්තමංගං යන තනි යත්‍ථබ්භිදා යනු යම් කිහිරි ගසක බින්දේය. පැලුවේය. ගුරුළො යනු පක්‍ෂියා. සියලු කුරුල්ලන්ට මෙය ගරුසහිත ආදර සහිත වචනයකි.

ඉති නං ඛදිරවනියො වත්‍වා “භො කන්‍දගලක, යත්‍ථ ත්‍වං උත‍්තමඞ‍්ගං අභින්‍දි, ඛදිරො නාමෙසො සාරරුක‍්ඛො”ති ආහ. සො තත්‍ථෙව ජීවිතක‍්ඛයං පාපුණි.

මෙසේ ඛදිරවනිය ඌට කියා එම්බා කන්දගලක! යම්තැනක නුඹේ හිස බිඳගත්තේද එය කිහිරි නම් අරටු ගස යයි කීවේය. ඔහු එහිම මරණයට පැමිණියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කන්‍දගලකො දෙවදත‍්තො අහොසි, ඛදිරවනියො පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල කන්‍දගලක නම් දේවදත්ත විය. කදිරවනිය වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.

කන්‍දගලකජාතකවණ‍්ණනා දසමා.

නතංදළ‍්හවග‍්ගො ඡට‍්ඨො.

සයවැනි නතං දළ්හ වර්ගය නිමියේය.

තස‍්සුද‍්දානං –

බන්‍ධනාගාරං කෙළිසීලං, ඛණ‍්ඩං වීරකගඞ‍්ගෙය්‍යං; කුරුඞ‍්ගමස‍්සකඤ‍්චෙව, සුසුමාරඤ‍්ච කුක‍්කුටං; කන්‍දගලකන‍්ති තෙ දස.