යෙදුමෙන් කියවන්න

1. සොමදත‍්තජාතකවණ‍්ණනා 211 අට‍්ඨකථා

1. සොමදත‍්තජාතකවණ‍්ණනා (211)

1. සෝමදත්ත ජාතකය (211)

අකාසි යොග‍්ගන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ලාළුදායිත්‍ථෙරං ආරබ‍්භ කථෙසි. සො හි ද‍්වින‍්නං තිණ‍්ණං ජනානං අන‍්තරෙ එකවචනම‍්පි සම‍්පාදෙත්‍වා කථෙසුං න සක‍්කොති, සාරජ‍්ජබහුලො “අඤ‍්ඤං කථෙස‍්සාමී”ති අඤ‍්ඤමෙව කථෙසි. තස‍්ස තං පවත‍්තිං භික‍්ඛූ ධම‍්මසභායං කථෙන‍්තා නිසීදිංසු. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ , භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ලාළුදායී ඉදානෙව සාරජ‍්ජබහුලො, පුබ‍්බෙපි සාරජ‍්ජබහුලොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

අකාසි යොග්ගං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් කාළුදායි තෙරුන් වහන්සේ අරබයා වදාළ සේක. ඒ තෙරුන් වහන්සේ වනාහි මිනිසුන් දෙතුන් දෙනෙකු ඉදිරියේ එක් වචනයක්වත් ගළපා කියන්නට නොහැකි වෙයි. ඇලීම් බහුල නිසා අනෙකක් කියන්නෙමියි, අනිකක්ම කියයි. ඔහුගේ ඒ සිද්ධිය භික්‍ෂූහු දම්සභාවෙහි කියමින් හුන්නාහුය. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! දැන් මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි, මහණෙනි! කාළුදායි ලජ්ජාබහුල වූයේ දැන් පමණක් නොවේ. පෙරත් ලජ්ජාබහුල වූයේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කාසිරට‍්ඨෙ අඤ‍්ඤතරස‍්මිං බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං සිප‍්පං උග‍්ගණ‍්හිත්‍වා පුන ගෙහං ආගන‍්ත්‍වා මාතාපිතූනං දුග‍්ගතභාවං ඤත්‍වා “පරිහීනකුලතො සෙට‍්ඨිකුලං පතිට‍්ඨපෙස‍්සාමී”ති මාතාපිතරො ආපුච‍්ඡිත්‍වා බාරාණසිං ගන‍්ත්‍වා රාජානං උපට‍්ඨාසි. සො රඤ‍්ඤා පියො අහොසි මනාපො. අථස‍්ස පිතුනො “ද‍්වීහියෙව ගොණෙහි කසිං කත්‍වා ජීවිකං කප‍්පෙන‍්තස‍්ස එකො ගොණො මතො. සො බොධිසත‍්තං උපසඞ‍්කමිත්‍වා “තාත, එකො ගොණො මතො, කසිකම‍්මං න පවත‍්තති, රාජානං එකං ගොණං යාචාහී”ති ආහ. “තාත, නචිරස‍්සෙව මෙ රාජා දිට‍්ඨො, ඉදානෙව ගොණං යාචිතුං න යුත‍්තං, තුම‍්හෙ යාචථා”ති. “තාත, ත්‍වං මය‍්හං සාරජ‍්ජබහුලභාවං න ජානාසි, අහඤ‍්හි ද‍්වින‍්නං තිණ‍්ණං සම‍්මුඛෙ කථං සම‍්පාදෙතුං න සක‍්කොමි. සචෙ අහං රඤ‍්ඤො සන‍්තිකං ගොණං යාචිතුං ගමිස‍්සාමි, ඉමම‍්පි දත්‍වා ආගමිස‍්සාමී”ති. “තාත, යං හොති, තං හොතු, න සක‍්කා මයා රාජානං යාචිතුං, අපිච ඛො පනාහං තුම‍්හෙ යොග‍්ගං කාරෙස‍්සාමී”ති. “තෙන හි සාධු මං යොග‍්ගං කාරෙහී”ති.

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ තක්ෂිලාවෙහි ශිල්ප හදාරා නැවත නිවසට අවුත් මව්පියන්ගේ දිළිඳු බව දැන පිරිහී ගිය කුලය (පවුල) නගාසිටුවන්නෙමියි මව්පියන්ගෙන් විචාරා බරණැසට ගොස් රජුට උපස්ථාන කෙළේය. ඔහු රජතුමාට ප්‍රියමනාප විය. ඉක්බිති මොහුගේ පියා ගොනුන් දෙදෙනෙකුගෙන් ගොවිතැන්කොට දිවි ගෙවයි. ඔහුගේ එක් ගොනෙකු මළේය. ඔහු බෝසත්තුමා වෙත ගොස් පුත! එක් ගොනෙක් මළේය. ගොවිතැන් නොපවතියි. රජතුමාගෙන් එක් ගවයෙකු ඉල්ලා දෙන්නැයි කීවේය. පියාණෙනි! මා විසින් රජතුමා දක්නා ලද්දේ මෑතදීය. (මා රජු ළඟට පැමිණියේ මේ ළඟදීය) දැන්මම ගොනුන් ඉල්ලීම යුතු නැති නිසා නුඹම ඉල්ලව. පුත! නුඹ මගේ ඇලීම් බහුල බව නොදන්නෙහිද? මම වනාහි දෙතුන් දෙනෙකු ඉදිරියේ කථාවක් කිරීමට නොහැක්කෙමි. ඉදින් මම රජු සමීපයෙන් ගොනෙකු ඉල්ලන්නට යන්නෙම්ද මේ ගොනාත් දී එන්නෙමියි කීවේය. පියාණෙනි! වෙන දෙයක් වේවා! මවිසින් රජුගෙන් ඉල්ලන්නට නොහැක්කේය. එසේ වුවත් මම ඔබ ලවා සුදුස්සක් කරවන්නෙමියි කීහ. හොඳයි. එසේනම් මා ලවා සුදුස්සක් කරවන්නැයි කීය.

බොධිසත‍්තො පිතරං ආදාය බීරණත්‍ථම‍්භකසුසානං ගන‍්ත්‍වා තත්‍ථ තත්‍ථ තිණකලාපෙ බන්‍ධිත්‍වා “අයං රාජා, අයං උපරාජා, අයං සෙනාපතී”ති නාමානි කත්‍වා පටිපාටියා පිතු දස‍්සෙත්‍වා “තාත, ත්‍වං රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා ‘ජයතු, මහාරාජා’ති එවං ඉමං ගාථං වත්‍වා ගොණං යාචෙය්‍යාසී”ති ගාථං උග‍්ගණ‍්හාපෙසි –

බෝසතාණන් වහන්සේ පියා රැගෙන බීරණත්ථම්භක නම් සොහොනට ගොස් ඒ ඒ තැන තණමිටි කීපයක් බැඳ මේ රජය, මේ යුව රජය, මේ සේනාපතියා යයි නම්කොට පිළිවෙලින් පියාට දක්වා පියාණෙනි! නුඹ රජ සමීපයට ගොස් මහරජතුමනි! ඔබට ජයවේවායි ශුභ පතා මෙසේ මේ ගාථාව කියා ගොනෙකු ඉල්ලන්නෙහි යයි,

“ද‍්වෙ මෙ ගොණා මහාරාජ, යෙහි ඛෙත‍්තං කසාමසෙ; තෙසු එකො මතො දෙව, දුතියං දෙහි ඛත‍්තියා”ති.

ද්වෙ මෙ ගොනා මහා රාජ යෙහි ඛෙත්තං කසාමසෙ, තෙසු එකො මතො දෙව! දුතියං දෙහි ඛත්තියා.

යන ගාථාව ඉගැන්වීය.

“මහරජතුමනි! මට කෙත සීසෑමට යොදාගන්නා ගොනුන් දෙදෙනෙක් සිටියහ. ඔවුන්ගෙන් එකෙකු මළේය. ක්‍ෂත්‍රිය රජතුමනි! දෙවැන්නෙකු දෙනු මැනවි.”

බ්‍රාහ‍්මණො එකෙන සංවච‍්ඡරෙන ඉමං ගාථං පගුණං කත්‍වා බොධිසත‍්තං ආහ – “තාත, සොමදත‍්ත, ගාථා මෙ පගුණා ජාතා, ඉදානි අහං යස‍්ස කස‍්සචි සන‍්තිකෙ වත‍්තුං සක‍්කොමි, මං රඤ‍්ඤො සන‍්තිකං නෙහී”ති. සො “සාධු, තාතා”ති තථාරූපං පණ‍්ණාකාරං ගාහාපෙත්‍වා පිතරං රඤ‍්ඤො සන‍්තිකං නෙසි. බ්‍රාහ‍්මණො “ජයතු, මහාරාජා”ති වත්‍වා පණ‍්ණාකාරං අදාසි. රාජා “අයං තෙ සොමදත‍්ත බ්‍රාහ‍්මණො කිං හොතී”ති ආහ. “පිතා මෙ, මහාරාජා”ති. “කෙනට‍්ඨෙනාගතො”ති? තස‍්මිං ඛණෙ බ්‍රාහ‍්මණො ගොණයාචනත්‍ථාය ගාථං වදන‍්තො –

බමුණා එක් අවුරුද්දකින් ගාථාව ප්‍රගුණ (පුහුණු) කොට බෝසතාණන්ට කීවේය. දරුව! සෝමදත්ත මට ගාථාව ප්‍රගුණ විය. මම දැන් එය යම්කිසිවෙකු ඉදිරියේ කීමට හැක්කෙමි. මා රජතුමා හමුවට පමුණුවන්නෙමියි කීය. ඔහු යහපති පියාණෙනියි කියා සුදුසු පඬුරු (තෑගි) ගන්වාගෙන පියා රජු ඉදිරියට පැමිණවීය. බමුණා ජයවේවා! මහරජතුමනියි කියා පඬුරු දුන්නේය. රජතුමා, සෝමදත්තයෙනි! මේ බමුණා ඔබේ කවරෙක්දැයි ඇසීය. මහරජ, මගේ පියාය. කුමක් සඳහා ආවේදැයි විමසීය. ඒ අවස්ථාවෙහි බමුණා ගොනෙකු ඉල්ලීම පිණිස ගාථාව කියන්නේ

“ද‍්වෙ මෙ ගොණා මහාරාජ, යෙහි ඛෙත‍්තං කසාමසෙ; තෙසු එකො මතො දෙව, දුතියං ගණ‍්හ ඛත‍්තියා”ති. – ආහ;

ද්වෙ මෙ ගොනා මහාරාජ යෙහි ඛෙත්තං කසාමසෙ, තෙසු එකො ම තො දෙව දුතියං ගණ්හ ඛත්තිය.

“මහරජතුමනි, මට කෙත සීසෑමට ගන්නා ගොනුන් දෙදෙනෙක් සිටියහ. ඉන් එකෙක් මළේය. ක්‍ෂත්‍රිය රජතුමනි! දෙවැන්නෙක් ගන්න”යි කීය.

රාජා බ්‍රාහ‍්මණෙන විරජ‍්ඣිත්‍වා කථිතභාවං ඤත්‍වා සිතං කත්‍වා “සොමදත‍්ත, තුම‍්හාකං ගෙහෙ බහූ මඤ‍්ඤෙ ගොණා”ති ආහ. “තුම‍්හෙහි දින‍්නා භවිස‍්සන‍්ති, මහාරාජා”ති. රාජා බොධිසත‍්තස‍්ස තුස‍්සිත්‍වා බ්‍රාහ‍්මණස‍්ස සොළස ගොණෙ අලඞ‍්කාරභණ‍්ඩකෙ නිවාසනගාමඤ‍්චස‍්ස බ්‍රහ‍්මදෙය්‍යං දත්‍වා මහන‍්තෙන යසෙන බ්‍රාහ‍්මණං උය්‍යොජෙසි. බ්‍රාහ‍්මණො සබ‍්බසෙතසින්‍ධවයුත‍්තං රථං අභිරුය‍්හ මහන‍්තෙන පරිවාරෙන ගාමං අගමාසි. බොධිසත‍්තො පිතරා සද‍්ධිං රථෙ නිසීදිත්‍වා ගච‍්ඡන‍්තො “තාත, අහං තුම‍්හෙ සකලසංවච‍්ඡරං යොග‍්ගං කාරෙසිං, සන‍්නිට‍්ඨානකාලෙ පන තුම‍්හාකං ගොණං රඤ‍්ඤො අදත්‍ථා”ති වත්‍වා පඨමං ගාථමාහ –

රජතුමා බමුණා විසින් වරදවා කී බව දැන සිනාසී සෝමදත්තයෙනි, තොපගේ ගෙදර බොහෝ ගොනුන් ඇතැයි සිතමියි කීවේය. මහරජතුමනි, ඔබවහන්සේ විසින් දෙන ලද ගොනුන් විය හැකිය බෝසත්හු කීහ. රජතුමා බෝසතාණන් වහන්සේට සතුටුවී බමුණාට ගොනුන් දහසයක්ද විසිතුරු බඩුද, වාසයට ගමක්දැයි යනුවෙන් ඔහුට රජකු විසින් කළයුතු පරිත්‍යාගකොට මහත් යසසින් යුතුව බමුණා යැවීය. බමුණා සියලු සුදු අසුන් යෙදූ රථයකට නැගී ගමට ගියේය. බෝසතාණන් වහන්සේ රියෙහි වාඩිවී පියා සමග යමින් පියාණෙනි! මුලු අවුරුද්දක්ම මම ඔබව සුදුස්සෙකු කරවූයෙමි. එහෙත් කළයුත්තට කාලය පැමිණි කල්හි ඔබ (ඔබට ඉතිරිව සිටි) ගොනාද රජතුමාට දුන්නෙහි යයි කියා

“අකාසි යොග‍්ගං ධුවමප‍්පමත‍්තො, සංවච‍්ඡරං බීරණථම‍්භකස‍්මිං; බ්‍යාකාසි සඤ‍්ඤං පරිසං විගය‍්හ, න නිය්‍යමො තායති අප‍්පපඤ‍්ඤ”න‍්ති.

අකාසි යොග්ගං ධුවමප්ප මත්තො, සංවච්ඡරං බීරණත්‍ථම්භ කස්මිං, ව්‍යාකාසි සඤ්ඤං පරිසං විගය්හ, න නිය්‍යමො තායති අප්ප පඤ්ඤං

යන පළමු ගාථාව කීහ.

ඛීරණත්ථම්භක සොහොනෙහි අවුරුද්දක් අප්‍රමාදව නිරතුරු පුහුණු කෙළේය. පිරිස් අතරට වැද ඒ සංඥාව විකෘත කෙළේය. උත්සාහය ප්‍රඥා නැත්තහු නො රකී.

තත්‍ථ අකාසි යොග‍්ගං ධුවමප‍්පමත‍්තො, සංවච‍්ඡරං බීරණථම‍්භකස‍්මින‍්ති, තාත, ත්‍වං නිච‍්චං අප‍්පමත‍්තො බීරණත්‍ථම‍්භමයෙ සුසානෙ යොග‍්ගං අකාසි . බ්‍යාකාසි සඤ‍්ඤං පරිසං විගය‍්හාති අථ ච පන පරිසං විගාහිත්‍වා තං සඤ‍්ඤං විඅකාසි විකාරං ආපාදෙසි, පරිවත‍්තෙසීති අත්‍ථො. න නිය්‍යමො තායති අප‍්පපඤ‍්ඤන‍්ති අප‍්පහඤ‍්ඤං නාම පුග‍්ගලං නිය්‍යමො යොග‍්ගාචිණ‍්ණං චරණං න තායති න රක‍්ඛතීති.

එහි, අකාසි යොග්ගං ධුව මප්ප මත්තො සංවච්ඡරං ඛීරණත්‍ථම්භ කස්මිං යනු නුඹ නිරන්තරයෙන් නොපමා වූයේ ඛීරණත්‍ථම්භක නම් සොහොනේදී යෝග්‍ය දේ (පුහුණුව) කෙළේය. ව්‍යාකාසි සඤ්ඤං පරිසං විගය්හ යනු එහෙත් පිරිස අතරට බැසගෙන (පුහුණුවෙන් ලත්) ඒ දැනීම විකාරයට පැමිණවීය. කණපිට පෙරළුවේය යන අර්ථයි. න නිය්‍යමො තායති අප්පපඤ්ඤං යනු උත්සාහය පුහුණුව බහුලව කරන ලද දෙයි. ප්‍රඥාව නැති තැනැත්තා නොරකියි. (උත්සාහය ආදී කරුණුවලට මෝඩයා රැකියා නොහැකිය.)

අථස‍්ස වචනං සුත්‍වා බ්‍රාහ‍්මණො දුතියං ගාථමාහ –

ඉක්බිති මොහුගේ කීම අසා බමුණා

“ද‍්වයං යාචනකො තාත, සොමදත‍්ත නිගච‍්ඡති; අලාභං ධනලාභං වා, එවංධම‍්මා හි යාචනා”ති.

ද්වයං යාචනකො තාත සොමදත්ත නිගච්ඡති, අලාභං ධනලාභංඤ්ච එවං ධම්මාහි යාචනා.

යන දෙවන ගාථාව කීවේය.

“පුත සෝමදත්තය, ඉල්ලන්නේ අලාභයටද ධන ලාභයටදැයි දෙකකට පැමිණෙයි. යාච්ඤාව නම් මෙබඳු ස්වභාව ඇත්තේයි. (ඉල්ලීමෙන් ලාභයත් අලාභයත් දෙකම සිදුවිය හැකිය. ඉල්ලීමේ හැටි එසේය.)

තත්‍ථ එවංධම‍්මා හි යාචනාති යාචනා හි එවංසභාවාති.

එහි, එවං ධම්මොහි යාචනා යනු ඉල්ලීමේ ස්වභාවය මෙසේය.

සත්‍ථා “න, භික‍්ඛවෙ, ලාළුදායී ඉදානෙව සාරජ‍්ජබහුලො, පුබ‍්බෙපි සාරජ‍්ජබහුලොයෙවා”ති වත්‍වා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්‍දො, සොමදත‍්තස‍්ස පිතා ලාළුදායී අහොසි, සොමදත‍්තො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මහණෙනි! කාළුදායී ලජ්ජා බහුල වූයේ දැන් පමණක් නොවේ. පෙරත් ලජ්ජා බහුලව සිටියේ යයි වදාරා මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල සෝමදත්තගේ පියා කාළුදායී විය. සෝමදත්ත වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.

සොමදත‍්තජාතකවණ‍්ණනා පඨමා.