2. උච‍්ඡිට‍්ඨභත‍්තජාතකවණ‍්ණනා 212 අට‍්ඨකථා
2. උච‍්ඡිට‍්ඨභත‍්තජාතකවණ‍්ණනා (212)
2. උච්ඡිට්ඨභත්ත ජාතකය (212)
අඤ‍්ඤො උපරිමො වණ‍්ණොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පුරාණදුතියිකාපලොභනං ආරබ‍්භ කථෙසි. සො හි භික‍්ඛු සත්‍ථාරා “සච‍්චං කිර, ත්‍වං භික‍්ඛු, උක‍්කණ‍්ඨිතොසී”ති පුට‍්ඨො “සච‍්ච”න‍්ති වත්‍වා “කො තං උක‍්කණ‍්ඨාපෙසී”ති වුත‍්තෙ “පුරාණදුතියිකා”ති ආහ. අථ නං සත්‍ථා “භික‍්ඛු අයං තෙ ඉත්‍ථී අනත්‍ථකාරිකා, පුබ‍්බෙපි අත‍්තනො ජාරස‍්ස උච‍්ඡිට‍්ඨකං භොජෙසී”ති වත්‍වා අතීතං ආහරි.
අඤ්ඤො උපරිමො වණ්ණො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් පැරණි අඹුවගේ පෙළඹවීමක් මුල් කරගෙන වදාළ සේක. බුදුරජාණන් වහන්සේ විසින් ඇත්තද මහණ! ඔබ පැවිද්දට කලකිරුණෙහිදැයි විමසන ලද ඒ භික්‍ෂුව ඇත්තයි කියා පිළිතුරු දුන්විට, කවරෙක් ඔබ කලකිරීමට පත් කළෙහිදැයි විමසූවිට පැරණි අඹුවයයි කීවේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂුවට මේ ස්ත්‍රිය ඔබට අනර්ථකාරීය. පෙරත් තමන්ගේ සොර සැමියාගේ ඉඳුල් බත් සිය සැමියාට අනුභව කරාවීයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො එකස‍්මිං ඨානෙ භික‍්ඛං චරිත්‍වා ජීවිකකප‍්පකෙ කපණෙ නටකකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො දුග‍්ගතො දුරූපකො හුත්‍වා භික‍්ඛං චරිත්‍වා ජීවිකං කප‍්පෙසි. තදා කාසිරට‍්ඨෙ එකස‍්මිං ගාමකෙ එකස‍්ස බ්‍රාහ‍්මණස‍්ස බ්‍රාහ‍්මණී දුස‍්සීලා පාපධම‍්මා අතිචාරං චරති. අථෙකදිවසං බ්‍රාහ‍්මණෙ කෙනචිදෙව කරණීයෙන බහි ගතෙ තස‍්සා ජාරො තං ඛණං ඔලොකෙත්‍වා තං ගෙහං පාවිසි. සා තෙන සද‍්ධිං අතිචරිත්‍වා “මුහුත‍්තං අච‍්ඡ, භුඤ‍්ජිත්‍වාව ගමිස‍්සසී”ති භත‍්තං සම‍්පාදෙත්‍වා සූපබ්‍යඤ‍්ජනසම‍්පන‍්නං උණ‍්හභත‍්තං වඩ‍්ඪෙත්‍වා “ත්‍වං භුඤ‍්ජා”ති තස‍්ස දත්‍වා සයං බ්‍රාහ‍්මණස‍්ස ආගමනං ඔලොකයමානා ද‍්වාරෙ අට‍්ඨාසි. බොධිසත‍්තො බ්‍රාහ‍්මණියා ජාරස‍්ස භුඤ‍්ජනට‍්ඨානෙ පිණ‍්ඩං පච‍්චාසීසන‍්තො අට‍්ඨාසි.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ එක්තරා දිළිඳු, නටන කුලයක ඉපදී වැඩිවියට පත්ව දුප්පත්ව විරූපීව හිඟමනේ හැසිර දිවි ගෙවූහ. එකල්හි කසීරට එක්තරා ගමක එක් බමුණෙකුගේ බැමිණිය දුසිල්ව පව්කම් කරන්නී දුරාචාරයෙහි හැසිරෙන්නීය. ඉක්බිති එක් දවසක් කිසියම් කටයුත්තක් සඳහා බමුණා පිටතට ගිය කල්හි ඇගේ සොර සැමියා ඒ අවස්ථාව බලා ඒ ගෙට පිවිසියේය. ඈ ඔහු සමග අනාචාරයේ හැසිර මොහොතක් නවතින්න. බත් කා යවයි බත් උයා ව්‍යඤ්ජන සහිතව උණු බත් බෙදා කොට නුඹ අනුභව කරවයි ඔහුට දී තොමෝ බමුණාගේ පැමිණීම බලමින් දොරටුවෙහි සිටියාය. බෝසතාණන් වහන්සේගේ බැමිණියගේ සොර සැමියා අනුභව කරන ස්ථානයේ කෑම ටිකක් බලාපොරොත්තුවෙන් සිටියේය.
තස‍්මිං ඛණෙ බ්‍රාහ‍්මණො ගෙහාභිමුඛො ආගච‍්ඡති. බ්‍රාහ‍්මණී තං ආගච‍්ඡන‍්තං දිස‍්වා වෙගෙන පවිසිත්‍වා “උට‍්ඨෙහි, බ්‍රාහ‍්මණො ආගච‍්ඡතී”ති ජාරං කොට‍්ඨෙ ඔතාරෙත්‍වා බ්‍රාහ‍්මණස‍්ස පවිසිත්‍වා නිසින‍්නකාලෙ ඵලකං උපනෙත්‍වා හත්‍ථධොවනං දත්‍වා ඉතරෙන භුත‍්තාවසිට‍්ඨස‍්ස සීතභත‍්තස‍්ස උපරි උණ‍්හභත‍්තං වඩ‍්ඪෙත්‍වා බ්‍රාහ‍්මණස‍්ස අදාසි. සො භත‍්තෙ හත්‍ථං ඔතාරෙත්‍වා උපරි උණ‍්හං හෙට‍්ඨා ච භත‍්තං සීතලං දිස‍්වා චින‍්තෙසි – “ඉමිනා අඤ‍්ඤස‍්ස භුත‍්තාධිකෙන උච‍්ඡිට‍්ඨභත‍්තෙන භවිතබ‍්බ”න‍්ති. සො බ්‍රාහ‍්මණිං පුච‍්ඡන‍්තො පඨමං ගාථමාහ –
ඒ අවස්ථාවෙහි බමුණා ගෙදර බලා එයි. බැමිණිය එන්නා වූ ඒ බමුණා දැක වේගයෙන් ගෙට පිවිස නැගිටිනු, බමුණා එන්නේ යයි සොර සැමියා කොටුවට බස්සවා, බමුණා ඇතුල්වී හුන් කල්හි බත් කන මේසය ළඟට කර අත සෝදන පැන් දී හොර සැමියා අනුභවකොට ඉතිරි වූ සීතල වූ ඉඳුල් බත්වලට උඩින් උණු බත් බෙදා බමුණාට දුන්නීය. හෙතෙම බතෙහි අත දමා උඩින් උණුසුම්වත් යට බත් සීතලටත් තිබෙනු දැක මේ අනිකෙකු විසින් අනුභව කර ඉතිරි වූ බත් විය යුතුයයි සිතා ඔහු බැමිණියගෙන් විමසන්නේ
“අඤ‍්ඤො උපරිමො වණ්ණො, අඤ්ඤො වණ‍්ණො ච හෙට‍්ඨිමො; බ්‍රාහ‍්මණී ත්‍වෙව පුච‍්ඡාමි, කිං හෙට්ඨා කිඤ්ච උප‍්පරී”ති.
අඤ්ඤො උපරිමො වණ්ණො අඤ්ඤො වණ්ණො ව හෙට්ඨිමො, බ්‍රාහ්මණිං ත්‍ථෙව පුච්ඡාමි කිං හෙට්ඨා කිංච උප්පරී
යන පළමු ගාථාව කීවේය.
“(බත් පිඟානේ) උඩ කොටස එක් ආකාරයකි. යට කොටස තවත් ආකාරයකි. බැමිණිය, ඔබගෙන්ම විමසමි. යට බත කුමක්ද? උඩ බත කුමක්ද?”
තත්‍ථ වණ‍්ණොති ආකාරො. අයඤ‍්හි උපරිමස‍්ස උණ‍්හභාවං හෙට‍්ඨිමස‍්ස ච සීතභාවං පුච‍්ඡන‍්තො එවමාහ. කිං හෙට්ඨා කිඤ‍්ච උප‍්පරීති වුඩ‍්ඪිතභත‍්තෙන නාම උපරි සීතලෙන, හෙට‍්ඨා උණ‍්හෙන භවිතබ‍්බං, ඉදඤ‍්ච පන න තාදිසං, තෙන තං පුච‍්ඡාමි – “කෙන කාරණෙන උපරි භත‍්තං උණ‍්හං, හෙට‍්ඨිමං සීතල”න‍්ති.
එහි, වණ්ණො යනු ආකාරයකි. මොහු උඩ කොටස උණුසුම් බවත්, යට කොටස සීතල බවත් විමසමින් මෙසේ කීවේය. කිං හෙට්ඨා කිඤ්ච උප්පරී යනු බෙදා තිබුණු බතක් නම් උඩ සිසිල්වත් යට උණුසුම්වත් තිබිය යුතුයි. නමුත් මෙය එසේ නොවේ. ඒ නිසා උඩ බත උණුසුම්වත් යට බත සිසිල්වත් තිබෙන්නේ ඇයිදැයි ඔබෙන් විමසමි.
බ්‍රාහ‍්මණී අත‍්තනා කතකම‍්මස‍්ස උත‍්තානභාවභයෙන බ්‍රාහ‍්මණෙ පුනප‍්පුනං කථෙන‍්තෙපි තුණ‍්හීයෙව අහොසි. තස‍්මිං ඛණෙ නටපුත‍්තස‍්ස එතදහොසි – “කොට‍්ඨෙ නිසීදාපිතපාපපුරිසෙන ජාරෙන භවිතබ‍්බං, ඉමිනා ගෙහස‍්සාමිකෙන, බ්‍රාහ‍්මණී පන අත‍්තනා කතකම‍්මස‍්ස පාකටභාවභයෙන කිඤ‍්චි න කථෙති, හන්‍දාහං ඉමිස‍්සා කතකම‍්මං පකාසෙත්‍වා ජාරස‍්ස කොට‍්ඨකෙ නිසීදාපිතභාවං බ්‍රාහ‍්මණස‍්ස කථෙමී”ති. සො බ්‍රාහ‍්මණස‍්ස ගෙහා නික‍්ඛන‍්තකාලතො පට‍්ඨාය ඉතරස‍්ස ගෙහපවෙසනං අතිචරණං අග‍්ගභත‍්තභුඤ‍්ජනං බ්‍රාහ‍්මණියා ද‍්වාරෙ ඨත්‍වා මග‍්ගං ඔලොකනං ඉතරස‍්ස කොට‍්ඨෙ ඔතාරිතභාවන‍්ති සබ‍්බං තං පවත‍්තිං ආචික‍්ඛිත්‍වා දුතියං ගාථමාහ –
බැමිණිය තමා කළ ක්‍රියාව හෙළිවන බිය නිසා බමුණා නැවත නැවතත් ඒ ගැන කියද්දීත් නිහඬ වූවාය. ඒ අවස්ථාවෙහි බෝසතාණන් වහන්සේට මේ අදහස ඇතිවිය. කොටුවෙහි රඳවන ලද පුරුෂයා සොර සැමියා විය යුතුයි. මේ ගෘහ ස්වාමියා විය යුතුයි. බැමිණිය කළ වැරදි ක්‍රියාව හෙළිවන බිය නිසා කිසිවක් නොකියන්නීය. ඉදින් මම මැගේ ක්‍රියාව ප්‍රකාශකොට සොර සැමියා කොටුවෙහි සිටින බව බමුණාට කියන්නේ නම් මැනවි. හෙතෙම බමුණා ගෙදරින් නික්මුණු කාලයේ පටන් සොර සැමියා ගෙට ඇතුල්වීම අනාචාරයේ හැසිරීම, සොර සැමියා විසින් බතෙහි අග්‍ර කොටස අනුභව කිරීම, බැමිණිය දොර ළඟ සිට මග බලාගෙන සිටීම, අනිකා වී කොටුවෙහි බැස සැඟවී ඇති බව යන ඒ සියලු පුවත් කියා
“අහං නටොස්මි භද්දන්තෙ, භික්ඛකොස්මි ඉධාගතො; අයඤ‍්හි කොට‍්ඨමොතිණ‍්ණො, අයං සො යං ගවෙසසී”ති.
අහං නටොස්මි භද්දන්තෙ භික්ඛකොස්මි ඉධාගතො, අයං හි කොට්ඨ මොතිණ්ණො අයං සො යං ගවෙසසී
යන දෙවන ගාථාව කීවේය.
“ස්වාමීනි! මම නළුවෙක්මි. අහර සොයමින් මෙහි ආවෙමි. ඔබ යමෙකු සොයහිද? ඇගේ සොර සැමියා වූ ඔහු කොටුවට බැස ගත්තේය.”
තත්‍ථ අහං නටොස‍්මි, භද‍්දන‍්තෙති, සාමි, අහං නටජාතිකො. භික‍්ඛකොස‍්මි ඉධාගතොති ස‍්වාහං ඉමං ඨානං භික‍්ඛකො භික‍්ඛං පරියෙසමානො ආගතොස‍්මි. අයඤ‍්හි කොට‍්ඨමොතිණ‍්ණොති අයං පන එතිස‍්සා ජාරො ඉමං භත‍්තං භුඤ‍්ජන‍්තො තව භයෙන කොට‍්ඨං ඔතිණ‍්ණො. අයං සො යං ගවෙසසීති යං ත්‍වං කස‍්ස නු ඛො ඉමිනා උච‍්ඡිට‍්ඨකෙන භවිතබ‍්බන‍්ති ගවෙසසි, අයං සො. චූළාය නං ගහෙත්‍වා කොට‍්ඨා නීහරිත්‍වා යථා න පුනෙවරූපං පාපං කරොති, තථා අස‍්ස සතිං ජනෙහීති වත්‍වා පක‍්කාමි. බ්‍රාහ‍්මණො උභොපි තෙ යථා නං න පුනෙවරූපං පාපං කරොන‍්ති, තජ‍්ජනපොථනෙහි තථා සික‍්ඛාපෙත්‍වා යථාකම‍්මං ගතො.
එහි, අහං නටොස්මි භද්දන්තෙ යනු ස්වාමීනි! මම නළුවෙක්මි. භික්ඛකොස්මි ඉධාගතො යනු ඒ මම සිඟන්නෙක්ව සිඟමන් සොයමින් මෙතැනට ආවෙමි. අයංහි කොට්ඨමොතිණ්ණො යනු ඇගේ සොර සැමියා වන මොහු මේ බත අනුභව කරමින් ඔබට බියෙන් කොටුවට බැස්සේය. අයං සොයං ගවෙසසි යනු මේ ඉඳුල් බත කවරෙකුගේ විය යුතුදැයි සිතමින් ඔබ යමෙකු සොයයිද මේ ඔහුය. කෙස් වැටියෙන් අල්ලාගෙන කොටුවෙන් ඔහු ඉවත් කරවා නැවත මෙබඳු පාපයක් නොකරන ලෙසට භීතිය ඇතිකරවන්නැයි (මතක හිටින ලෙස දඬුවම් කරන්නැයි) කියා සිඟන්නා ගියේය. බමුණාද ඒ දෙදෙනාට නැවත එබඳු පාපයක් නොකරන අයුරින් තර්ජනය කිරීම් තැළීම් පෙළීම් ආදියෙන් හික්මවා කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියේය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතො භික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. “තදා බ්‍රාහ‍්මණී පුරාණදුතියිකා අහොසි, බ්‍රාහ‍්මණො උක‍්කණ‍්ඨිතො භික‍්ඛු, නටපුත‍්තො පන අහමෙව අහොසි”න‍්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍ය ප්‍රකාශකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර කලකිරුණු භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටි සේක. එකල බැමිණිය (දැන්) පැරණි බිරිඳ වූවාය. බමුණා කලකිරුණු භික්‍ෂුවයි. නළුවා වනාහි ලොව්තුරා බුදු වූ මම ම වූවෙමි යි වදාළ සේක.
උච‍්ඡිට‍්ඨභත‍්තජාතකවණ‍්ණනා දුතියා.