7. බීරණත්ථම්භක වග්ගො
7. බීරණථම්භ වර්ගය
277. අකාසි යොග්ගං ධුවමප්පමත්තො සංවච්ඡරං බීරණත්ථම්භකස්මිං, ව්යාකාසි සඤ්ඤං පරිසං විගය්හ න නිය්යමො තායති අප්පපඤ්ඤං.
277. බීරණත්ථම්භක සොහොනෙහි අවුරුද්දක් අප්‍රමාද වැ නිරතුරු පුහුණු කෙළේ ය. පිරිස් අතරට වැද ඒ සංඥාව විකෘත කෙළේ ය. උත්සාහය ප්‍රඥා නැත්තහු නො රකී.
278. ද්වයං යාචනකො තාත සොමදත්ත නිගච්ඡති, අලාභං ධනලාභං වා එවං ධම්මා හි යාචනා’ති.
278. පුත සෝමදන්තය, ඉල්ලන්නේ අලාභයට ද ධනලාභයට දැ යි දෙකකට පැමිණෙයි. යාච්ඤාව නම් මෙබඳු ස්වභාව ඇත් මැ ය.
1. සොමදත්ත ජාතකං.
1. සෝමදත්ත ජාතක යි.
279. අඤ්ඤො උපරිමො වණ්ණො අඤ්ඤො වණ්ණොව හෙට්ඨිමො බ්රාහ්මණිං ත්වෙව පුච්ඡාමි කිං හෙට්ඨා කිච්ච උප්පරි.
279. මතු භාගයෙහි අහර අන් අයුරෙකි. යට භාගයෙහි අහර අන් අයුරෙක් මැ යැ. බැමිණිය තී මැ විචාරමි. යට කවර නම් බතෙක් ද උඩ කවර නම් බතෙක් දැ යි.
280. අහං නටොස්මි භද්දන්තෙ භික්ඛකොස්මි ඉධාගතො, අයං හි කොට්ඨමොතිණ්ණො අයං සො යං ගවෙසසීති.
280. ස්වාමීනි, මම නළුයෙක්මි. අහර සොයන්නෙම් මෙහි ආයෙමි. තෙපි යමකු සොයවු ද ඇගේ සොර සැමි වූ හේ කොටුවට බැසැ ගත්තේ ය.
2. උච්ඡිට්ඨභත්තජාතකං.
2. උච්ඡිට්ඨභත්ත ජාතක යි.
281. ඉසීනමන්තරං කත්වා භරුරාජාති මෙ සුතං, උච්ඡින්නො සහ රට්ඨෙන ස රාජා විභවං ගතො
281. භරු නම් රජ ඍෂිනට අනතුරු කොට රාජ්‍යය හා සමඟ උසුන් වූ ඒ රජ විනාශයට ගියේ ය යි මා විසින් අසන ලදී.
282. තස්මා හි ඡන්දා ගමනං නප්පසංසන්ති පණ්ඩිතා, අදුට්ඨචිත්තො භාසෙය්ය ගිරං සච්චූපසංහිතන්ති.
282. එහෙයින් ඡන්දාගතිය පණ්ඩිතයෝ ප්‍රශංසා නො කෙරෙති. අදුෂ්ට වූ (මෛත්‍රී) සිතැත්තේ සත්‍යයෙන් යුක්ත වූ තෙපුල් බණන්නේ ය.
3. භරුජාතකං.
3. භරු ජාතක යි.
283. පුණ්ණං නදිං යෙන ච පෙය්යමාහු ජාතං යවං යෙන ච ගුය්හමාහු, දූරං ගතං යෙන ච අව්හයන්ති සොත්යාගතො හන්ද ච භුඤ්ජ බ්‍රාහ්මණ
283. පිරුණා වූ නදිය යමකු විසින් පිය යුතු ය යි කියා ද, වැඩුණා වූ යව (සස්‍යයන්) යමකු සැඟවීමට සුදුසු ය යි කියා ද, දුර ගිය ප්‍රියයකු පැමිණීම යමකු කරණ කොටගෙනැ කියා ද, හේ තොපට ගෙනෙන ලදී. එබැවින් බ්‍රාහ්මණය අනුභව කරව.
284. යතො මං සරති රාජා වායසම්පි පහෙතවෙ: හංසා කොඤ්චා මයූරා ච අසතියෙව පාපියාති.
284. රජ තෙමේ කාකමාංශයකු දු එවනු පිණිස යම් කලෙකැ මා සිහි කෙරෙයි ද හංසයෝ කොස් ළිහිණියෝ ය මයූරයෝ ය යන මොවුන් ලද කල්හි කිම සිහි නො කෙරෙයි ද, එසේ සිහි නො කිරීම ම ලාමක ය.
4. පුණ්ණනදීජාතකං.
4. පුණ්ණනදී ජාතක යි.
285. අවධි වත අත්තානං කච්ඡපො ව්යාහරං ගිරං, සුග්ගහිතස්මිං කට්ඨස්මිං වාචාය සකියාවධි.
285. කැසුබු තෙමේ බස් තෙපලනුයේ ඒකාන්තයෙන් තමා නැසීය. මුවින් මනාකොට ඩැහැගත් දඬුකඩ ඇති කල්හි තමාගේ තෙපුලෙන් තෙමේ මැ තමා නැසී.
286. එතම්පි දිස්වා නරවිරියසෙට්ඨ වාචං පමුඤ්චෙ කුසලං නාතිවෙලං පස්සසි බහුභාණෙන කච්ඡපං ව්යසනං ගතන්ති.
286. මිනිසුන් කෙරෙහි වීර්‍ය්‍යයෙන් ශ්‍රේෂ්ඨ වූ මහරජ, තෙල කරුණ සැක (පණ්ඩිත පුරුෂ) සත්‍යාදීන් ප්‍රතිසංයුක්ත හෙයින් කුශල වූ තෙපුල කල්යල් නො ඉක්මවා බණන්නේ යැ, බොහෝ කොට බිණීමෙන් වනසට පැමිණි කසුබුවා දක්නෙහි යයි.
5. කච්ඡපජාතකං
5. කච්ඡප ජාතක යි.
287. න චායමග්ගි තපති න සූලො සාදු තච්ඡිතො, යඤ්ච මං මඤ්ඤති මච්ඡි අඤ්ඤං සො රතියා ගතො.
287. මේ ගින්න මා නො තවයි, මැනැවින් සස්නා ලද හුල ද නො තවයි, මැසිනි ‘හේ කාම රති හේතුයෙන් අන් මැසින්නක වෙත ගියේ වනැ’ යි මා ගෙන සිතා නම්- (එය මා තවයි.)
288. සො මං දහති රාගග්ගි චිත්තං චුපතපෙති මං, ජාලිනො මුඤ්චථයිරා මං න කාමෙ හඤ්ඤතෙ කච්චීති.
288. ඒ රාග නැමැති ගින්න මා දවයි, ඒ රාගසම්ප්‍රයුක්ත සිත ද මා තවයි, ස්වාමී වූ කෙවුලෙනි, මා මුදාපියව, කාම විෂයෙහි සිටි නොහොත් කාම හේතුයෙන් හැසිරෙන කිසිවෙක් (තොප වැනියන් විසින්) නො නසනු ලැබේ.
6. මච්ඡජාතකං.
6. මච්ඡ ජාතක යි.
289. සබ්බො ලොකො අත්තමනො අහොසි අකොවිදා ගාමධම්මස්ස සෙග්ගු, කොමාරිකො නාම තවජ්ජධම්මො යං ත්වං ගහිතා පවනෙ පරොදසි.
289. සියලු ලෝවැසි තෙම කාමසේවන හේතුයෙන් සතුටු වීය. සෙග්ගු, තෝ ග්රාමධර්මයෙහි අදක්ෂ වුව, දුව කුමරිය, යම් හෙයෙකින් මහවෙනෙහි (කාම සේවන පිණිස) අත ගන්නා ලද තෝ හඬයි ද දැන් තීගේ ස්වභාවය කෙ නම් වී ද?
290. යො දුක්ඛඵුට්ඨාය භවෙය්ය තාණං සො මෙ පිතා දූභි වනෙ කරොති, සා කස්ස කන්දාමි වනස්ස මජ්ඣෙ යො තායිතා සො සහසා කරොතී’ති.
290. යමෙක් දුකින් පහස්නා ලද්දියට පිහිට වන්නේ ද, ඒ මාගේ පියෙ වෙනෙහි ද්‍රෝහිකම් කෙරෙයි. ඒ මම වනමැද කවරක්හට හඬම් ද, යමෙක් රක්ෂා කරනුයේ වී නම් හේ සැහැසිකම් කෙරේ යයි.
7. සෙග්ගුජාතකං.
7. සෙග්ගු ජාතක යි.
291. සඨස්ස සාඨෙය්යමිදං සුචින්තිතං පච්චොඩ්ඩිතං පතිකූටස්ස කූටං, ඵාලඤ්චෙ අදෙය්යුං මූසිකා කස්මා කුමාරං කුලලා නො හරෙය්යුං
291. ශඨ (කෛරාටික) වූවහුට මේ ශඨබව මොනවට සිතන ලද, කූට (කපටි) වූවහුට පෙරළා කපටි බව මනාකොට අටවන ලද ඉදින් මීයෝ සීවැල් කෑවාහු නම් කුමක් හෙයින් උකුස්සෝ කුමරු නො ගෙන ගියාහු ද?
292. කූටස්ස හි සන්ති කූටකූටා භවති චාපි නිකතිනො නිකත්යා, දෙහි පුත්තනට්ඨ ඵාලනට්ඨස්ස ඵාලං මා තෙ පුත්තමහාසි ඵාලනට්ඨො’ති.
292. කූට (කපටි) වූවහුට කූටාතිකූටයෝ ඇත, නැවත වංචකයා හට වංචාවෙන් යුක්ත වූයෙක් වේ මැය, පුත්‍රයා නට තැනැත්ත, සීවැල් නට තැනැත්තවුට සීවැල් දෙව, සීවැල් නට තැනැත්තේ තාගේ පුතු නහමක් ගෙනයේවා.
8. කූටවාණිජජාතකං.
8. කූටවාණිජ ජාතක යි.
293. හිරඤ්ඤං මෙ සුවණ්ණං මෙ එසා රත්තිං දිවා කථා, දුම්මෙධානං මනුස්සානං අරියධම්මං අපස්සතං.
293. මාගේ මසුරනැ මාගේ රත්රනැ යි ආර්‍ය්‍යයධර්‍මය නො දක්නා ප්‍රඥා රහිත මිනිසුන්ගේ රෑ දාවලැ පැවැති තෙල කථාව වෙයි.
294. ද්වෙ ද්වෙ ගහපතයො ගෙහෙ එකො තත්ථ අමස්සුකො, ලම්බත්ථනො වෙණිකතො අථො අඞ්කීතකණ්ණකො කීතො ධනෙන බහුනා සො තං විතුදතෙ ජනන්ති.
294. ගෘහයෙහි ගැහැවියෝ දෙදෙනෙක් වෙති. ඔවුන් කෙරෙහි එකෙක් දැළිරවුළු නැත්තේ යැ. එල්බෙන තන ඇත්තේ යැ, සකස් කළ කෙස්කලබ ඇත්තේ යැ, යළි විදුනා ලද කන් ඇත්තේ යැ, බොහෝ ධනයෙන් විකිණි ගන්නා ලද්දේ යැ, හේ ඒ (දස්කම්කරු ආදි) ජනයා මුව සැතින් විදුනේ යි.
9. ගරහිතජාතකං.
9. ගරහිත ජාතක යි.
295. සුඛං ජීවිතරූපොසි රට්ඨා විවනමාගතො, සො එකකො අරඤ්ඤස්මිං රුක්ඛමූලෙ කපණො විය ඣායසි
295. සුවසේ ජීවත් වූ ස්වභාව ඇතියෙහි රටින් නික්මැ නිර්ජල වනයට ආයෙහි ඒ තෝ එකලා වූයෙහි වනයෙහි ගස්මුලෙක කෘපණයක්හු සෙයින් (සිතිවිලි) සිතහි. ඒ කුමක් හෙයිනැයි?)
296. සුඛං ජිවිතරූපොස්මි රට්ඨා විවනමාගතො, සො එකකො අරඤ්ඤස්මිං රුක්ඛමූලෙ කපණො විය ඣායාමි සතං ධම්මං අනුස්සරන්ති
296. ඒ මම් සුවසේ ජීවත් වූ පියවි ඇතියෙමි, සිය රටින් නික්මැ නිරුදක වනයට ආයෙම් එකලා වැ බැගෑපත් වූවකු සෙයින් බුද්ධාදි සත්පුරුෂයන්ගේ (අටලෝ) දහම් සිහි කෙරෙමින් ධ්‍යාන කෙරෙමි යි.
10. ධම්මද්ධජජාතකං.
10. ධම්මද්ධජ ජාතක යි.
බීරණත්ථම්භකවග්ගො සත්තමො.
සත්වැනි බීරණත්‍ථම්භකවර්‍ග යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
අථ බීරණත්ථම්භවරො ච නටො භරුරාජවරුත්තමපුණ්ණනදී, බහුභාණී අග්ගි පවනෙ මූසිකා සහලම්බත්ථනො කපණෙන දස.
බීරණත්‍ථම්භයෙහි සිට පුහුණු කළ සෝමදත්ත ජාතක යැ, නළුවකු ඇති උච්ඡිට්ඨහත්ත ජාතක යැ, භරු ජාතකයැ, පුණ්ණනදි ජාතක යැ, (බහුභාණී) කච්ඡප ජාතක යැ, ගිනි සඳහන් කළ මච්ඡ ජාතක යැ, (පවනෙ) සෙග්ගු ජාතක යැ, සීවැල් මීයන් කෑ කූටවාණිජ ජාතක යැ, ලම්බත්‍ථන පැවැසු ගරහිත ජාතක ය සමඟ (කපණෙන) ධම්මද්ධජ ජාතකයෙන් දසය වේ.