යෙදුමෙන් කියවන්න

6. මච‍්ඡජාතකවණ‍්ණනා 216 අට‍්ඨකථා

6. මච‍්ඡජාතකවණ‍්ණනා (216)

6. මච්ඡ ජාතකය (216)

න මායමග‍්ගි තපතීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පුරාණදුතියිකාපලොභනං ආරබ‍්භ කථෙසි. තඤ‍්හි භික‍්ඛුං සත්‍ථා “සච‍්චං කිර ත්‍වං, භික‍්ඛු, උක‍්කණ‍්ඨිතොසී”ති පුච‍්ඡි. “සච‍්චං, භන‍්තෙ”ති වුත‍්තෙ “කෙන උක‍්කණ‍්ඨාපිතොසී”ති පුට‍්ඨො “පුරාණදුතියිකායා”ති ආහ. අථ නං සත්‍ථා “අයං තෙ භික‍්ඛු ඉත්‍ථී අනත්‍ථකාරිකා, පුබ‍්බෙපි ත්‍වං එතං නිස‍්සාය සූලෙන විජ‍්ඣිත්‍වා අඞ‍්ගාරෙසු පචිත්‍වා ඛාදිතබ‍්බතං පත‍්තො පණ‍්ඩිතෙ නිස‍්සාය ජීවිතං අලත්‍ථා”ති වත්‍වා අතීතං ආහරි.

න මායමග්ගි තපති යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් පැරණි බිරිඳගේ පෙළඹවීමක් අරබයා වදාළ සේක. ශාස්තෲන් වහන්සේ ඒ භික්‍ෂුවගෙන් ඇත්තද මහණ! නුඹ කලකිරුණේදැයි විචාරා, ඇත්තයි ස්වාමීනි’යි කී කල්හි කවුරුන් විසින් කලකිරවන ලද්දේදැයි විමසූ විට පුරාණ බිරිඳ විසින් යයි කීවේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මහණ! මේ ස්ත්‍රිය තොපට අනර්ථ කරන්නියකි. පෙරත් නුඹ මේ තැනැත්තිය නිසා උලෙහි විද අඟුරු මත පිස කෑ යුතු බවට පැමිණියේ පණ්ඩිතයන් නිසා දිවි ලැබුවේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස පුරොහිතො අහොසි. අථෙකදිවසං කෙවට‍්ටා ජාලෙ ලග‍්ගං මච‍්ඡං උද‍්ධරිත්‍වා උණ‍්හවාලුකාපිට‍්ඨෙ ඨපෙත්‍වා “අඞ‍්ගාරෙසු නං පචිත්‍වා ඛාදිස‍්සාමා”ති සූලං තච‍්ඡිංසු. මච‍්ඡො මච‍්ඡිං ආරබ‍්භ පරිදෙවමානො ඉමා ගාථා අවොච –

පෙර බරණැස් නුවර බඹදත් රජ රජ කරද්දී බෝසතාණන් වහන්සේ ඔහුගේ පෙරවි බමුණා වූ සේක. ඉක්බිති එක්දිනක් මසුන් මරන්නෝ දැලෙහි පැටලුණු මාළුවෙක් උඩට ගෙන උණු වැලිපිට තබා ගිනි අඟුරුවලින් පිස කන්නෙමුයි උලක් සැසූහ. මාලුවා මාලු දෙන ගැන වැලපෙමින්,

“න මායමග‍්ගි තපති, න සූලො සාධුතච‍්ඡිතො; යඤ‍්ච මං මඤ‍්ඤතෙ මච‍්ඡී, අඤ‍්ඤං සො රතියා ගතො.

නමායමග්ගි තපති භසූලො සාධු තච්ඡිතො, යඤ්ච මං මඤ්ඤති මච්ඡී අඤ්ඤං සො රතියා ගතො

“සො මං දහති රාගග‍්ගි, චිත‍්තං චූපතපෙති මං; ජාලිනො මුඤ‍්චථායිරා මං, න කාමෙ හඤ‍්ඤතෙ ක්‍වචී”ති.

සොමං දහති රාගග්ගි චිත්තං වූපතපෙති මං, ජාලිනො මුඤ්චථයිරා මං න කාමෙ හඤ්ඤතො ක්‍වචි

යන මේ ගාථා කීවේය.

මේ ගින්න මා නොතවයි. මනාකොට සසින ලද හුලද මා නොතවයි. කම්සුව විඳීමට ඔහු (මගේ සැමියා) අන් මාලු දෙනක වෙත යන්නට ඇතැයි මාලුදෙන මා ගැන සිතයි නම්

ඒ රාග නමැති ගින්න මා දවයි. ඒ රාගයෙන් යුත් සිතද මා තවයි. ස්වාමී වූ මසුන් මරන්නනි! මා නිදහස් කරව. කාම හේතුවෙන් හැසිරෙන කිසිවෙක් මසුන් මරන්නන් විසින් නොනසනු ලැබේවා!

තත්‍ථ න මායමග‍්ගි තපතීති න මං අයං අග‍්ගි තපති, න තාපං ජනෙති, න සොචයතීති අත්‍ථො. න සූලොති අයං සූලොපි සාධුතච‍්ඡිතො මං න තපති, න මෙ සොකං උප‍්පාදෙති. යඤ‍්ච මං මඤ‍්ඤතෙති යං පන මං මච‍්ඡී එවං මඤ‍්ඤති “අඤ‍්ඤං මච‍්ඡිං සො පඤ‍්චකාමගුණරතියා ගතො”ති, තදෙව මං තපති සොචයති. සො මං දහතීති යො පනෙස රාගග‍්ගි, සො මං දහති ඣාපෙති. චිත‍්තං චූපතපෙති මන‍්ති රාගසම‍්පයුත‍්තකං මම චිත‍්තමෙව ච මං උපතාපෙති කිලමෙති විහෙඨෙති. ජාලිනොති කෙවට‍්ටෙ ආලපති. තෙ හි ජාලස‍්ස අත්‍ථිතාය “ජාලිනො”ති වුච‍්චන‍්ති. මුඤ‍්චථායිරා මන‍්ති මුඤ‍්චථ මං සාමිනොති යාචති. න කාමෙ හඤ‍්ඤතෙ ක්‍වචීති කාමෙ පතිට‍්ඨිතො කාමෙන නීයමානො සත‍්තො න ක්‍වචි හඤ‍්ඤති. න හි තං තුම‍්හාදිසා හනිතුං අනුච‍්ඡවිකාති පරිදෙවති. අථ වා කාමෙති හෙතුවචනෙ භුම‍්මං, කාමහෙතු මච‍්ඡිං අනුබන්‍ධමානො නාම න ක්‍වචි තුම‍්හාදිසෙහි හඤ‍්ඤතීති පරිදෙවති. තස‍්මිං ඛණෙ බොධිසත‍්තො නදීතීරං ගතො තස‍්ස මච‍්ඡස‍්ස පරිදෙවිතසද‍්දං සුත්‍වා කෙවට‍්ටෙ උපසඞ‍්කමිත්‍වා තං මච‍්ඡං මොචෙසි.

එහි, න මායමග්ගි තපති යනු මේ ගින්න මා නොතවයි. තැවීමක් නූපදවයි. සෝක නොකරන්නේය, යන අර්ථයි. න සූලො යනු මේ උලද, සාධු තච්ඡිතො මනාව සසින ලද්දේ මා නොතවයි. මට සෝකයක් නූපදවයි. යඤ්චමං මඤ්ඤති යනු ඔහු (මගේ සැමියා) පංචකාමයට ඇති ඇල්මෙන් වෙනත් මාලුදෙනක වෙත ගියේයයි මා ගැන මගේ මාලුදෙන යමක් කියයි නම් එයම මා තවයි. සෝක කරයි. සො මං දහති යනු යම් මේ රාග ගින්නක් ඇද්ද, ඒ ගින්න මා දවයි. චිත්තං වූප තපෙති මං යනු රාග සම්ප්‍රයුක්ත වූ මගේ හිතම මා තවයි. ක්ලාන්ත කරයි. වෙහෙසට පත් කරයි. ජාලිනො යනු මසුන් මරන්නන් අමතයි. ඔවුහු දැල් ඇති නිසා ‘ජාලිනො’ යයි කියනු ලැබෙත්. මුඤ්ච ථයිරා මං යනු ස්වාමීනි, කාමයෙහි පිහිටි, කාමයෙන් මෙහෙයවනු ලබන සත්ත්වයා කිසිවෙක් නොනසනු ලැබේ. නුඹලා වැනි අය මා වැනි සතෙකු මරන්නට නුසුදුස්සෝ යයි වැළපෙයි. නැතහොත්, කාමෙ යනු හේතු වචනයෙහි සත්තමී විභක්තියයි. (භුම්මං) කාම හේතුවෙන් (ලිංගික සුව හේතුවෙන්) මැසිනිය (මාලුදෙන) ලුහුබැඳ යන කිසි මාලුවෙක් නොනිවැනියන් විසින් නො නසනු ලැබේයි වැලපෙයි. එකල්හි බෝසතාණන් වහන්සේ ගංතෙරට ගියාහු ඒ මාලුවාගේ වැළපීම අසා මසුන් මරන්නන් (කේවට්ටයන්) වෙත එළඹ ඒ මාළුවා නිදහස් කෙළේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි . “තදා මච‍්ඡී පුරාණදුතියිකා අහොසි, මච‍්ඡො උක‍්කණ‍්ඨිතභික‍්ඛු, පුරොහිතො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍ය ප්‍රකාශකොට ජාතක කථාව නිමාවට පත්කළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර කලකිරුණු භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල මැසිනි (මාලු ගැහැණු සතා) පැරණි අඹුවයි. කලකිරුණු භික්‍ෂුව මාළුවාය. පෙරවි බමුණා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.

මච‍්ඡජාතකවණ‍්ණනා ඡට‍්ඨා.