7. සෙග්ගුජාතකවණ්ණනා 217 අට්ඨකථා
7. සෙග්ගුජාතකවණ්ණනා (217)
7. සෙග්ගු ජාතකය (217)
සබ්බො ලොකොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං පණ්ණිකඋපාසකං ආරබ්භ කථෙසි. වත්ථු එකකනිපාතෙ විත්ථාරිතමෙව. ඉධාපි සත්ථා තං “කිං, උපාසක, චිරස්සං ආගතොසී”ති පුච්ඡි. පණ්ණිකඋපාසකො “ධීතා මෙ, භන්තෙ, නිච්චං පහංසිතමුඛී, තමහං වීමංසිත්වා එකස්ස කුලදාරකස්ස අදාසිං, තත්ථ ඉතිකත්තබ්බතාය තුම්හාකං දස්සනාය ආගන්තුං ඔකාසං න ලභි”න්ති ආහ. අථ නං සත්ථා “න ඛො, උපාසක, ඉදානෙවෙසා සීලවතී, පුබ්බෙපි සීලවතී, ත්වඤ්ච න ඉදානෙවෙතං වීමංසසි, පුබ්බෙපි වීමංසියෙවා”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
සබ්බො ලොකො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් පණ්ණික නම් උපාසකයෙක් අරබයා වදාළ සේක. විස්තර කථාව ඒකක නිපාතයෙහි විස්තර කරන ලද්දේමය. මෙහි වනාහි බුදුරජාණන් වහන්සේ උපාසකය, බොහෝ කලකින් ආවෙහිදැයි ඒ උපාසකගෙන් විමසා ස්වාමීනි! මාගේ දියණිය නිතර සිනාසෙන මුහුණින් යුක්ත වූවාය. මම ඇය විමසීමට ලක්කොට එක් කුල දරුවෙකුට පාවා දුන්නෙමි. එහි වැඩකටයුතුව තිබුණු නිසා ඔබවහන්සේ බැහැදැකීමට එන්නට අවකාශය නොලැබුවෙමියි කීවේය. ඉක්බිති ඔහුට බුදුරජාණන් වහන්සේ උපාසකය! මේ තැනැත්තිය දැන් පමණක් සිල්වත් වූයේ නොවේ. පෙරත් සිල්වත් වූවාය. නුඹ දැන් පමණක් ඇය විමසා නොබැලුවෙහිය. පෙරත් විමසුවෙහි යයි වදාරා ඔහු විසින් ඉල්ලන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො රුක්ඛදෙවතා අහොසි. තදා අයමෙව පණ්ණිකඋපාසකො “ධීතරං වීමංසිස්සාමී”ති අරඤ්ඤං නෙත්වා කිලෙසවසෙන ඉච්ඡන්තො විය හත්ථෙ ගණ්හි. අථ නං පරිදෙවමානං පඨමගාථාය අජ්ඣභාසි –
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝධිසත්ත්වයන් වහන්සේ රුක් දෙවියෙක් වී උපන් සේක. එකල මේ පණ්ණක උපාසකයාම දුව විමසා බලන්නෙමියි කැලයට ගෙන ගොස් කෙලෙස් වශයෙන් කැමති වන්නෙකු මෙන් අතින් ගත්තේය. ඉක්බිති හඬා වැළපෙන ඇයට
“සබ්බො ලොකො අත්තමනො අහොසි, අකොවිදා ගාමධම්මස්ස සෙග්ගු; කොමාරි කො නාම තවජ්ජ ධම්මො, යං ත්වං ගහිතා පවනෙ පරොදසී”ති.
සබ්බො ලොකො අත්තමනො අහොසි, අකොවිදා ගාම ධම්මස්ස සෙග්ගු, කොමාරිකො නාම තවජ්ජ ධම්මො, යං තං ගහිතා පවනෙ පරොදසි.
පළමු ගාථාව කීවේය.
සියලු ලෝවැසි තෙමේ කාමසේවනයෙන් සතුටු විය. සෙග්ගු තී ග්‍රාම ධර්මයෙහි (කාමසේවනයෙහි) අදක්ෂ වුව දුව කුමරිය! යම් හෙයකින් මහ වනයෙහි (කාම සේවනය පිණිස) අත ගන්නා ලද තෝ හඬයිද? දැන් තීගේ ස්වභාව කිනම් වීද?
තත්ථ සබ්බො ලොකො අත්තමනො අහොසීති, අම්ම, සකලොපි සත්තලොකො එතිස්සා කාමසෙවනාය අත්තමනො ජාතො. අකොවිදා ගාමධම්මස්ස සෙග්ගූති සෙග්ගූති තස්සා නාමං. තෙන ත්වං පන, අම්ම, සෙග්ගු අකොවිදා ගාමධම්මස්ස, ඉමස්මිං ගාමධම්මෙ වසලධම්මෙ අකුසලාසීති වුත්තං හොති. කොමාරි කො නාම තවජ්ජ ධම්මොති, අම්ම, කුමාරි කො නාමෙස තව අජ්ජ සභාවො. යං ත්වං ගහිතා පවනෙ පරොදසීති ත්වං මයා ඉමස්මිං පවනෙ සන්ථවවසෙන හත්ථෙ ගහිතා පරොදසි න සම්පටිච්ඡසි, කො එස තව සභාවො, කිං කුමාරිකායෙව ත්වන්ති පුච්ඡති.
එහි, සබ්බො ලොකො අත්තමනො අහොසි යනු දරුව! සියලු සෙසු සත්ත්ව ලෝකයා ඒ කාමසේවනයෙන් සතුටු විය. අකොවිදා ගාම ධම්මස්ස සෙග්ගු යනු ‘සෙග්ග’ යනු ඇගේ නමයි. දරුව සෙග්ගු නුඹ වනාහි මේ ග්‍රාම ධර්මයෙහි අදක්ෂ වූවා ග්‍රාම්‍ය වූ, වසල වූ, අකුශල ධර්මයෙහි අදක්ෂ වූවෙහිය යි කියන ලද්දේ වෙයි. කොමාරිකො නාම තවජ්ජ ධම්මො යනු දරුව! කුමරිය! අද නුඹේ ස්වභාවය කුමක්ද? යං ත්වං ගහිතා පවනෙ පරොදසී යනු යම්හෙයකින් මේ මහ වනයෙහිදී කාම සේවනය සඳහා අතින් ගත් කල්හි හඬන්නෙහිය. නොපිළිගන්නීය. ඔබේ ස්වභාවය කුමක්දැ ඔබ කුමාරිකාවක්දැයි විමසයි.
තං සුත්වා කුමාරිකා “ආම, තාත, කුමාරිකායෙවාහං, නාහං මෙථුනධම්මං නාම ජානාමී”ති වත්වා පරිදෙවමානා දුතියං ගාථමාහ –
ඒ අසා කුමරිය එසේය පියාණෙනි! මම කුමරි බඹසර ඇත්තියක්මි. මම මෙවුම්දම් සේවනය නොදන්නෙමි කියා වැළපෙමින්
“යො දුක්ඛඵුට්ඨාය භවෙය්ය තාණං, සො මෙ පිතා දුබ්භි වනෙ කරොති; සා කස්ස කන්දාමි වනස්ස මජ්ඣෙ, යො තායිතා සො සහසං කරොතී”ති.
යො දුක්ඛ ඵුට්ඨාය භවෙය්ය තාණං, සො මෙ පිතා දූභි වනෙ කරොති, සා කස්ස කන්දාමි වනස්ස මජ්ඣෙ, යො තායිතා සො සහසා කරොති.
යන දෙවන ගාථාව කීවාය.
“යමෙක් දුකින් පීඩිත වූ තැනැත්තියට පිහිට වන්නේද ඒ මාගේ පියතුමා මහ වනයේදී ද්‍රෝහිකම් කෙරෙයි. ඒ මම් වන මැද කවරෙක් හට ඇසෙන්න හඬම්ද? යමෙක් රකින්නේ නම් ඔහු සැහැසිකම් කෙරේ යයි.”
සා හෙට්ඨා කථිතායෙව.
අටුවාව යට සඳහන් කළ පරිදිමය. (ඒකක නිපාතය - පරෝසන වර්ගය II පණ්ණික ජාතකය 2)
ඉති සො පණ්ණිකො තදා ධීතරං වීමංසිත්වා ගෙහං නෙත්වා කුලදාරකස්ස දත්වා යථාකම්මං ගතො.
මෙසේ ඒ පණ්ණික එකල දුව විමසා ගෙදර කැඳවා ගෙන ගොස් කුල කුමරෙකුට විවාහ කරදී කම් වූ පරිද්දෙන් පරලොව ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ පණ්ණිකඋපාසකො සොතාපත්තිඵලෙ පතිට්ඨහි. “තදා ධීතා ධීතායෙව, පිතා පිතායෙව අහොසි, තස්ස කාරණස්ස පච්චක්ඛකාරිකා රුක්ඛදෙවතා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර පණ්ණක උපාසක තෙමේ සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල දුව මේ දුවමයි. පියා මේ පියාමයි. ඒ කාරණය ප්රත්යක්ෂ කරගත් රුක් දේවතාවා මම ම වූවෙමි යි වදාළ සේක.
සෙග්ගුජාතකවණ්ණනා සත්තමා.