යෙදුමෙන් කියවන්න

8. කූටවාණිජජාතකවණ‍්ණනා 218 අට‍්ඨකථා

8. කූටවාණිජජාතකවණ‍්ණනා (218)

8. කූටවාණිජ ජාතකය (218)

සඨස‍්ස සාඨෙය්‍යමිදන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං කූටවාණිජං ආරබ‍්භ කථෙසි. සාවත්‍ථිවාසිනො හි කූටවාණිජො ච පණ‍්ඩිතවාණිජො ච ද‍්වෙ වාණිජා මිත‍්තිකා හුත්‍වා පඤ‍්ච සකටසතානි භණ‍්ඩස‍්ස පූරාපෙත්‍වා පුබ‍්බන‍්තතො අපරන‍්තං විචරමානා වොහාරං කත්‍වා බහුං ලාභං ලභිත්‍වා සාවත්‍ථිං පච‍්චාගමිංසු. පණ‍්ඩිතවාණිජො කූටවාණිජං ආහ – “සම‍්ම, භණ‍්ඩං භාජෙමා”ති. කූටවාණිජො “අයං දීඝරත‍්තං දුක‍්ඛසෙය්‍යාය දුබ‍්භොජනෙන කිලන‍්තො අත‍්තනො ඝරෙ නානග‍්ගරසං භත‍්තං භුඤ‍්ජිත්‍වා අජීරකෙන මරිස‍්සති, අථ සබ‍්බම‍්පෙතං භණ‍්ඩං මය‍්හමෙව භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා “නක‍්ඛත‍්තං න මනාපං, දිවසො න මනාපො, ස‍්වෙ ජානිස‍්සාමි , පුනදිවසෙ ජානිස‍්සාමී”ති කාලං ඛෙපෙති. අථ නං පණ‍්ඩිතවාණිජො නිප‍්පීළෙත්‍වා භාජාපෙත්‍වා ගන්‍ධමාලං ආදාය සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා සත්‍ථාරං පූජෙත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. සත්‍ථා “කදා ආගතොසී”ති පුච‍්ඡිත්‍වා “අඩ‍්ඪමාසමත‍්තො මෙ, භන‍්තෙ, ආගතස‍්සා”ති වත්‍වා “අථ කස‍්මා එවං පපඤ‍්චං කත්‍වා බුද‍්ධුපට‍්ඨානං ආගතොසී”ති පුට‍්ඨො තං පවත‍්තිං ආරොචෙසි. සත්‍ථා “න ඛො, උපාසක, ඉදානෙව, පුබ‍්බෙපෙස කූටවාණිජොයෙවා”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

සඨස්ස සාඨෙය්‍යමිදං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක් කපටි වෙළෙන්දෙකු මුල් කරගෙන දේශනා කළ සේක. සැවැත්නුවර වාසී කපටි වෙළෙන්දාය. පණ්ඩිත වෙළෙන්දාය යන දෙදෙනා කොටස්කරුවන් වී පන්සියයක් ගැල්වල බඩු පුරවාගෙන නැගෙනහිරින් බස්නාහිරට යමින් වෙළෙඳාම්කොට බොහෝ ලාභ උපදවාගෙන සැවැත් නුවරට ආපසු ආවාහුය. පණ්ඩිත වෙළෙන්දා කපටි වෙළෙන්දාට යහලුව! වෙළඳ භාණ්ඩ බෙදා ගනිමුයි කීය. එවිට කපටි වෙළෙන්දා, මේ තෙමේ දින ගණනාවක් හරියාකාර නින්දක් නොමැතිව සුදුසු අහරක් නොලැබුණු නිසා ක්ලාන්ත වූයේ තම නිවසේ නොයෙක් රසයෙන් යුත් බත් අනුභවකොට අජීර්ණයෙන් මැරෙන්නේය. මොහු මළ පසු මේ සියලු බඩු මුට්ටු මටම අයත් වන්නේ යයි සිතා නැකත හොඳ නැත, දිනය හොඳ නැත, හෙට දෙන්නෙමි. දෙවන දවසේ දෙන්නෙමියි කල් ගෙවයි. ඉක්බිති පණ්ඩිත වෙළෙන්දා ඔහු පෙළා බඩු බෙදවාගෙන සුවඳ, මල් රැගෙන බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් වැඳ පුදා එකත්පසෙක හුන්නේය. එවිට බුදුරජාණන් වහන්සේ කවදා ආවෙහිදැයි විමසා ස්වාමීනි, පැමිණි මට දැන් අඩමසක් පමණ වේයයි කියා ඉක්බිති කුමක් නිසා මෙසේ පමාවී බුද්ධෝපස්ථානයට ආවෙහිදැයි විමසූවිට ඒ කාරණය සැළ කළේය. උපාසකය! මොහු අද පමණක් නොව පෙරත් කපටි වෙළෙන්දෙක්ම යයි වදාරා ඔහු විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර පෑ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො අමච‍්චකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තස‍්ස විනිච‍්ඡයාමච‍්චො අහොසි. තදා ගාමවාසී ච නගරවාසී ච ද‍්වෙ වාණිජා මිත‍්තා අහෙසුං. ගාමවාසී නගරවාසිස‍්ස සන‍්තිකෙ පඤ‍්ච ඵාලසතානි ඨපෙසි. සො තෙ ඵාලෙ වික‍්කිණිත්‍වා මූලං ගහෙත්‍වා ඵාලානං ඨපිතට‍්ඨානෙ මූසිකවච‍්චං ආකිරිත්‍වා ඨපෙසි. අපරභාගෙ ගාමවාසී ආගන‍්ත්‍වා “ඵාලෙ මෙ දෙහී”ති ආහ. කූටවාණිජො “ඵාලා තෙ මූසිකාහි ඛාදිතා”ති මූසිකවච‍්චං දස‍්සෙසි. ඉතරො “ඛාදිතාව හොන‍්තු, මූසිකාහි ඛාදිතෙ කිං සක‍්කා කාතු”න‍්ති න‍්හානත්‍ථාය තස‍්ස පුත‍්තං ආදාය ගච‍්ඡන‍්තො එකස‍්ස සහායකස‍්ස ගෙහෙ “ඉමස‍්ස කත්‍ථචි ගන‍්තුං මා අදත්‍ථා”ති වත්‍වා අන‍්තොගබ‍්භෙ නිසීදාපෙත්‍වා සයං න‍්හායිත්‍වා කූටවාණිජස‍්ස ගෙහං අගමාසි. සො “පුත‍්තො මෙ කහ”න‍්ති ආහ. “සම‍්ම, තව පුත‍්තං තීරෙ ඨපෙත්‍වා මම උදකෙ නිමුග‍්ගකාලෙ එකො කුලලො ආගන‍්ත්‍වා තව පුත‍්තං නඛපඤ‍්ජරෙන ගහෙත්‍වා ආකාසං පක‍්ඛන‍්තො, අහං පාණිං පහරිත්‍වා විරවිත්‍වා වායමන‍්තොපි මොචෙතුං නාසක‍්ඛි”න‍්ති. “ත්‍වං මුසා භණසි, කුලලා දාරකෙ ගහෙත්‍වා ගන‍්තුං සමත්‍ථා නාම නත්‍ථී”ති. “සම‍්ම, හොතු, අයුත‍්තෙපි හොන‍්තෙ අහං කිං කරොමි, කුලලෙනෙව තෙ පුත‍්තො නීතො”ති. සො තං සන‍්තජ‍්ජෙත්‍වා “අරෙ දුට‍්ඨචොර මනුස‍්සමාරක , ඉදානි තං විනිච‍්ඡයං ගන‍්ත්‍වා කඩ‍්ඪාපෙස‍්සාමී”ති නික‍්ඛමි. සො “මම රුච‍්චනකමෙව කරොසී”ති තෙනෙව සද‍්ධිං විනිච‍්ඡයට‍්ඨානං අගමාසි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ඇමති කුලයෙහි ඉපදී වියපත්ව රජුගේ නඩු විසඳන ඇමති තනතුරට පත් වූ සේක. එකල ගම්වැසි ද නගරවැසි ද වෙළඳුන් දෙදෙනෙක් මිතුරෝ වූහ. ගම්වැසි වෙළෙන්දා නගරවැසි වෙළෙන්දා සමීපයෙහි යකඩ තහඩු (හීවැල්) පන්සියයක් තැබුවේය. නගරවැසි වෙළෙන්දා ඒවා විකුණා මුදල් ගෙන යකඩ තහඩු තැබූ ස්ථානයේ මී වසුරු (මී බෙටි) විසුරුවා තැබුවේය. පසුකලෙක ගම්වැසි වෙළෙන්දා අවුත් මගේ යකඩ තහඩු දෙවයි කීවේය. නගරවැසි කූට වෙළෙන්දා නුඹේ යකඩ තහඩු මීයන් විසින් කන ලදැයි මී බෙටි පෙන්නුවේය. ගම්වැසි වෙළෙන්දා මීයන් කෑවානම් එසේ වේවා! මීයන් විසින් කන ලද්දේ නම් කුමක් කරන්නදැයි කියා ඔහුගේ (කපටි වෙළෙන්දාගේ) පුතා රැගෙන නෑමට යමින් එක් යහලුවෙකුගේ ගෙදර මොහුට කිසිතැනක යන්නට නොදෙන්නැයි කියා ඇතුල් කාමරයක හිඳුවා තමා නා කපටි වෙළෙන්දාගේ ගෙදරට ගියේය. ඔහු මගේ පුතා කොහිදැයි විමසුවේය. යහලුව, නුඹේ පුතා ඉවුරෙහි තබා මම ජලයෙහි ගිලුණු කාලයෙහි එක් උකුස්සෙක් අවුත් නුඹේ පුතා නිය පදුරෙන් ගෙන අහසට පැන්නේ මම අත්පුඩි ගසා කෑගසා උත්සාහ කරන්නේම මුදා ගැනීමට නොහැකි විය. නුඹ බොරු කියන්නෙහිය දරුවන් රැගෙන යන්නට පුළුවන් උකුස්සෙක් නම් නැත. යහළුව එය එසේ වේවා! අයුක්තියක් වුවත්, මම කුමක් කරම්ද? උකුස්සාම නුඹේ පුතා ගෙන ගියේයයි (ගම්වැසි වෙළෙන්දා) කීය. හෙතෙම ඔහු තැති ගන්වා එම්බා දුෂ්ට සොර මිනී මරුව, දැන් නුඹ අධිකරණයට පමුණුවා වනසා දමන්නෙමියි නික්මුනේය. හෙතෙම නුඹට කැමති දෙයක්ම කරවයි ඔහු සමගම අධිකරණය වෙත ගියේය.

කූටවාණිජො බොධිසත‍්තං ආහ – “අයං, සාමි, මම පුත‍්තං ගහෙත්‍වා න‍්හායිතුං ගතො, ‘කහං මෙ පුත‍්තො’ති වුත‍්තෙ ‘කුලලෙන හටො’ති ආහ, විනිච‍්ඡිනථ මෙ අඩ‍්ඩ”න‍්ති. බොධිසත‍්තො “සච‍්චං භණෙ”ති ඉතරං පුච‍්ඡි. සො ආහ – “ආම, සාමි, අහං තං ආදාය ගතො, සෙනෙන පහටභාවො සච‍්චමෙව, සාමී”ති. “කිං පන ලොකෙ කුලලා නාම දාරකෙ හරන‍්තී”ති? “සාමි, අහම‍්පි තුම‍්හෙ පුච‍්ඡාමි – “කුලලා දාරකෙ ගහෙත්‍වා ආකාසෙ ගන‍්තුං න සක‍්කොන‍්ති, මූසිකා පන අයඵාලෙ ඛාදන‍්තී”ති. “ඉදං කිං නාමා”ති? “සාමි, මයා එතස‍්ස ඝරෙ පඤ‍්ච ඵාලසතානි ඨපිතානි, ස‍්වායං ‘ඵාලා තෙ මූසිකාහි ඛාදිතා’ති වත්‍වා ‘ඉදං තෙ ඵාලෙ ඛාදිතමූසිකානං වච‍්ච’න‍්ති වච‍්චං දස‍්සෙති, සාමි, මූසිකා චෙ ඵාලෙ ඛාදන‍්ති, කුලලාපි දාරකෙ හරිස‍්සන‍්ති. සචෙ න ඛාදන‍්ති, සෙනාපි තං න හරිස‍්සන‍්ති. එසො පන ‘ඵාලා තෙ මූසිකාහි ඛාදිතා’ති වදති, තෙසං ඛාදිතභාවං වා අඛාදිතභාවං වා ජානාථ, අඩ‍්ඩං මෙ විනිච‍්ඡිනථා”ති. බොධිසත‍්තො “සඨස‍්ස පටිසාඨෙය්‍යං කත්‍වා ජිනිස‍්සාමීති ඉමිනා චින‍්තිතං භවිස‍්සතී”ති ඤත්‍වා “සුට‍්ඨු තෙ චින‍්තිත”න‍්ති වත්‍වා ඉමා ගාථා අවොච –

කපටි වෙළෙන්දා බෝසතාණන් වහන්සේට ස්වාමීනි! මොහු මගේ පුතා රැගෙන නාන්නට ගියෙය්. මගේ පුතා කොහිදැයි ඇසූ කල්හි උකුස්සෙකු විසින් ගෙන ගියේයයි කීවේය. මේ නඩුව විසඳා දෙනු මැනවියි කීවේය. බෝසතාණන් වහන්සේ මෙය ඇත්තදැයි අනිකාගෙන් විචාළේය. එසේය ස්වාමීනි! මම ඒ ළමයා රැගෙන ගියේ උකුස්සෙකු විසින් ඩැහැගත් බව ඇත්තමයි ස්වාමීනියි කීය. කිම! ලොව උකුස්සෝ නම් දරුවන් පැහැර ගනිත්ද? ස්වාමීනි! මමත් නුඹ වහන්සේගෙන් විමසමි. උකුස්සෝ දරුවන් රැගෙන අහසින් යන්නට නොහැකි වෙත්. මීයෝ යකඩ තහඩු කතිද? ඒ කතාව කුමක්ද? ස්වාමීනි මා විසින් මොහුගේ ගෙදර යකඩ පොලු හෙවත් හීවැල් පන්සියයක් තබන ලදි. මේ තෙමේ මීයන් විසින් ඔබේ යකඩපලු කන ලදැයි කියා ඒ යකඩ තහඩු කෑ මීයන්ගේ වර්චස් යයි මී බෙටි පෙන්වයි. ස්වාමීනි! ඒකාන්තයෙන් මීයෝ යකඩ පලු කති. උකුස්සෝද දරුවන් ගෙන යති. ඉදින් නොකන්නාහු නම් උකුස්සෝද දරුවන් නොගෙන යති. මේ තෙමේ වනාහි ඔබේ යකඩ තහඩු මීයන් විසින් කන ලදැයි කියයි. මීයන් කෑ බව හෝ නොකෑ බව හෝ දැනගනු මැනවි. මගේ නඩුව විසඳනු මැනවයි කීවේය. බෝධිසත්ත්වයන් වහන්සේ කපටියාට කපටිකමක්ම කර දිනන්නෙමියි මොහු විසින් සිතන ලද්දේ වන්නේ යයි දැන නුඹේ සිතුවිල්ල යහපත් යයි කියා,

“සඨස‍්ස සාඨෙය්‍යමිංද සුචින‍්තිතං, පච‍්චොඩ‍්ඩිතං පටිකූටස‍්ස කූටං; ඵාලං චෙ ඛාදෙය්‍යුං මූසිකා, කස‍්මා කුමාරං කුලලා න හරෙය්‍යුං.

සඨස්ස සාඨෙය්‍ය මිදං සුචින්තිතං, පච්චොඩ්ඪිතං පති කූටස්ස කූටං, පාලෙඤ්චෙ අදෙය්‍යුං මූසිකා, කස්මා කුමාරං කුළලා නො හරෙය්‍යුං.

“කූටස‍්ස හි සන‍්ති කූටකූටා, භවති චාපි නිකතිනො නිකත්‍යා; දෙහි පුත‍්තනට‍්ඨ ඵාලනට‍්ඨස‍්ස ඵාලං, මා තෙ පුත‍්තමහාසි ඵාලනට‍්ඨො”ති.

කූටස්ස හි සන්ති කූට කූටා, භවති චාපි නිකතිනො නිකත්‍යා, දෙහි පුත්තනට්ඨ ඵාලනට්ඨස්ස ඵාලං, මා තෙ පුත්තමහාසි ඵාලනට්ඨො.

යන මේ ගාථා කීවේය.

කපටියාට (කළයුතු) කපටි බව මනාව සිතන ලදි. කපටි වූවහුට පෙරළා (කරන) කපටි බව මනාකොට අටවන ලදි. ඉදින් මීයෝ සීවැල් කෑවාහු නම් කුමක් හෙයින් උකුස්සෝ කුමරු නොගෙන ගියාහුද?

කපටියාට අති කපටියෝ ඇත. නැවත වංචකයාට වංචාවෙන් යුක්ත වූයෙක් ඇත්තේමය. පුත්‍රයා නැසුනු තැනැත්ත, හීවැල් නැසුනු තැනැත්තහුට හීවැල් දෙව. හීවැල් නට තැනැත්තේ තාගේ පුතු නොගෙන යේවා.

තත්‍ථ සඨස‍්සාති සඨභාවෙන කෙරාටිකෙන “එකං උපායං කත්‍වා පරසන‍්තකං ඛාදිතුං වට‍්ටතී”ති සඨස‍්ස. සාඨෙය්‍යමිදං සුචින‍්තිතන‍්ති ඉදං පටිසාඨෙය්‍යං චින‍්තෙන‍්තෙන තයා සුට‍්ඨු චින‍්තිතං. පච‍්චොඩ‍්ඩිතං පටිකූටස‍්ස කූටන‍්ති කූටස‍්ස පුග‍්ගලස‍්ස තයා පටිකූටං සුට‍්ඨු පච‍්චොඩ‍්ඩිතං, පටිභාගං කත්‍වා ඔඩ‍්ඩිතසදිසමෙව කතන‍්ති අත්‍ථො. ඵාලං චෙ ඛාදෙය්‍යුං මූසිකාති යදි මූසිකා ඵාලං ඛාදෙය්‍යුං. කස‍්මා කුමාරං කුලලා න හරෙය්‍යුන‍්ති මූසිකාසු ඵාලෙ ඛාදන‍්තීසු කුලලා කිං කාරණා කුමාරං නො හරෙය්‍යුං.

එහි, සඨස්ස යනු කපටි බැවින් කෛරාටික කමින් එක් උපායක් කොට අනුන් සන්තක දේ කන්නට වටින්නේ යයි සිතන කපටියාගේ සාඨෙය්‍ය මිදං සුචින්තිතං යනු (මුලින් කළ කපටිකමට) පිළිතුරු වශයෙන් කළ මේ කපටිකම සිතන්නා වූ ඔබ විසින් මනාව සිතන ලදි. පච්චොඩ්ඪිතං පතිකූටස්ස කූටං යනු කූට පුද්ගලයාට ඔබ විසින් කළ පිළිතුරු කපටිකම (මුලින් අටවන ලද උගුලකට) පිළිතුරු වශයෙන් අටවන ලද උගුලකට සමාන අයුරින්ම කරන ලදි යන අර්ථයි. ඵාලඤ්චෙ අදෙය්‍යුං මූසිකා යනු ඉදින් මීයෝ හීවැල් හෙවත් නඟල් තල කන්නාහු කස්මා කුමාරං කැළලා නොහරෙය්‍යුං යනු මීයන් නඟුල් තල කද්දී උකුස්සෝ කුමක් නිසා කුමරුවන් නොගෙන යන්නහුද?

කූටස‍්ස හි සන‍්ති කූටකූටාති ත්‍වං “අහමෙව මූසිකාහි ඵාලෙ ඛාදාපිතපුරිසො කූටො”ති මඤ‍්ඤසි, තාදිසස‍්ස පන කූටස‍්ස ඉමස‍්මිං ලොකෙ බහූ කූටා සන‍්ති, කූටස‍්ස කූටාති කූටපටිකූටානං එතං නාමං, කූටස‍්ස පටිකූටා නාම සන‍්තීති වුත‍්තං හොති. භවති චාපි නිකතිනො නිකත්‍යාති නිකතිනො නෙකතිකස‍්ස වඤ‍්චනකපුග‍්ගලස‍්ස නිකත්‍යා අපරො නිකතිකාරකො වඤ‍්චනකපුරිසො භවතියෙව. දෙහි පුත‍්තනට‍්ඨ ඵාලනට‍්ඨස‍්ස ඵාලන‍්ති අම‍්භො නට‍්ඨපුත‍්ත පුරිස, එතස‍්ස නට‍්ඨඵාලස‍්ස ඵාලං දෙහි. මා තෙ පුත‍්තමහාසි ඵාලනට‍්ඨොති සචෙ හිස‍්ස ඵාලං න දස‍්සසි, පුත‍්තං තෙ හරිස‍්සති, තං තෙ එස මා හරතු, ඵාලමස‍්ස දෙහීති. “දෙමි, සාමි, සචෙ මෙ පුත‍්තං දෙතී”ති. “දෙමි, සාමි, සචෙ මෙ ඵාලෙ දෙතී”ති. එවං නට‍්ඨපුත‍්තො පුත‍්තං, නට‍්ඨඵාලො ච ඵාලං පටිලභිත්‍වා උභොපි යථාකම‍්මං ගතා.

කූටස්ස හි සන්ති කූටකූටා යනු මීයන් ලවා නගුල්තල කවන ලද පුරුෂයා වන මම ම කපටියා යයි ඔබ සිතන්නෙහිය. එබඳු කපටි පුද්ගලයෙකුට මේ ලෝකයෙහි (තවත්) බොහෝ කපටියෝ සිටිති. කපටියාට කපටියෝ යන මෙය කපටියාට පිළිතුරු වශයෙන් කපටිකම් කරන්නන්ට නමකි. කපටියාට පිළිතුරු වශයෙන් කපටිකම් කරන්නෝ ඇත්තාහ යනුවෙන් කියන ලදි. භවති චාපි නිකතිනො නිකත්‍යා යනු වංචාකාරී පුද්ගලයාගේ වංචාවට (පිළිතුරු වශයෙන් වංචා කරන) වෙනත් වංචාකාරී පුද්ගලයෙක් ඇත්තේමය. දෙහි පුත්තනට්ඨ ඵාලනට්ඨස්ස ඵාලං යනු පුතා නැති වූ පුරුෂය! ඔබ නගුල්තල නැති වූ මොහුට නගුල්තල දෙන්න. මා තෙ පුත්තමහාසි ඵාලනට්ඨො යනු ඉදින් ඔබ ඔහුට නගුල්තල නොදෙන්නෙහි නම් ඔබේ පුතා ගෙන යන්නේය. ඔහුට ඒ දරුවා නොගෙනයාවා. මොහුට නගුල්තල දෙන්න. ස්වාමීනි! මගේ පුතා දෙන්නේ නම් (නගුල්තල) දෙමි. ස්වාමීනි! මගේ නගුල්තල දෙන්නේ නම් (පුතා) දෙමි. මෙසේ පුතා නැතිවූ තැනැත්තා පුතාද නගුල්තල තල නැතිවූ තැනැත්තා නගුල්තල ලබා දෙදෙනාම කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කූටවාණිජො ඉදානි කූටවාණිජොව, පණ‍්ඩිතවාණිජො පණ‍්ඩිතවාණිජොයෙව, විනිච‍්ඡයාමච‍්චො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එදා කපටි වෙළෙන්දා අදත් කපටි වෙළෙන්දාමය. පණ්ඩිත වෙළෙන්දා පණ්ඩිත වෙළෙන්දාමය. විනිශ්චය දුන් ඇමතියා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.

කූටවාණිජජාතකවණ‍්ණනා අට‍්ඨමා.