9. ගරහිතජාතකවණ්ණනා 219 අට්ඨකථා
9. ගරහිතජාතකවණ්ණනා (219)
9. ගරහිත ජාතකය (219)
හිරඤ්ඤං මෙ සුවණ්ණං මෙති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං අනභිරතියා උක්කණ්ඨිතභික්ඛුං ආරබ්භ කථෙසි. එතස්ස හි පච්චෙකං ගහිතං ආරම්මණං නාම නත්ථි, අනභිරතිවාසං වසන්තං පන තං සත්ථු සන්තිකං ආනෙසුං. සො සත්ථාරා “සච්චං කිර ත්වං, භික්ඛු, උක්කණ්ඨිතොසී”ති පුට්ඨො “සච්ච”න්ති වත්වා “කිංකාරණා”ති වුත්තෙ “කිලෙසවසෙනා”ති ආහ. අථ නං සත්ථා “අයං, භික්ඛු, කිලෙසො නාම පුබ්බෙ තිරච්ඡානෙහිපි ගරහිතො, ත්වං එවරූපෙ සාසනෙ පබ්බජිතො කස්මා තිරච්ඡානෙහිපි ගරහිතකිලෙසවසෙන උක්කණ්ඨිතො”ති වත්වා අතීතං ආහරි.
හිරඤ්ඤම්මෙ සුවණ්ණම්මෙ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් සසුනෙහි නොඇළුණු, කළකිරුණු එක්තරා භික්ෂුවක අරබයා දේශනා කළ සේක. මේ භික්ෂුවට (කලකිරීම සඳහා ස්ත්‍රී අරමුණක් ආදී වශයෙන්) වෙන්කොට ගන්නා ලද අරමුණක් නැත. නොඇල්මෙන් යුක්තව වාසය කරන ඒ භික්ෂුව (අන් භික්ෂූහු) බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණවූහ. හෙතෙම බුදුරජාණන් වහන්සේ විසින් ඇත්තද? මහණ! ඔබ ශාසනයෙහි කලකිරුණෙහිදැයි විමසූවිට ඇත්තයි ස්වාමීනි’යි කියා කුමන කරුණක් නිසාදැයි විමසූ කල්හි කෙලෙස් නිසා යයි කීය. ඉක්බිති ඔහුට බුදුරජාණන් වහන්සේ මහණ! මේ කෙලෙස් නම් පෙර තිරිසන්ගත සතුන් විසින් පවා නින්දා කරන ලද්දකි. නුඹ මෙබඳු ශාසනයෙහි පැවිදිව කුමක් නිසා තිරිසන් සතුන් පවා ගරහන ලද කෙලෙස් නිසා කලකිරුණේ දැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො හිමවන්තපදෙසෙ වානරයොනියං නිබ්බත්ති. තමෙනං එකො වනචරකො ගහෙත්වා ආනෙත්වා රඤ්ඤො අදාසි. සො චිරං රාජගෙහෙ වසමානො වත්තසම්පන්නො අහොසි, මනුස්සලොකෙ වත්තමානං කිරියං යෙභුය්යෙන අඤ්ඤාසි. රාජා තස්ස වත්තෙ පසීදිත්වා වනචරකං පක්කොසාපෙත්වා “ඉමං වානරං ගහිතට්ඨානෙයෙව විස්සජ්ජෙහී”ති ආණාපෙසි , සො තථා අකාසි. වානරගණො බොධිසත්තස්ස ආගතභාවං ඤත්වා තස්ස දස්සනත්ථාය මහන්තෙ පාසාණපිට්ඨෙ සන්නිපතිත්වා බොධිසත්තෙන සද්ධිං සම්මොදනීයං කථං කත්වා “සම්ම, කහං එත්තකං කාලං වුත්ථොසී”ති ආහ. “බාරාණසියං රාජනිවෙසනෙ”ති. “අථ කථං මුත්තොසී”ති? “රාජා මං කෙළිමක්කටං කත්වා මම වත්තෙ පසන්නො මං විස්සජ්ජෙසී”ති.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජකරන සමයේ බෝසතාණන් වහන්සේ හිමාලය වන පෙදෙසේ වඳුරු යෝනියේ උපන්හ. එක් වැදි පුත්‍රයෙක් ඒ වඳුරා අල්ලාගෙන අවුත් රජතුමාට දුන්නේය. ඒ වඳුරා බොහෝ කල් රජගෙදර වසමින් වත් සම්පන්න විය. (යහපත් හැසිරීමෙන් යුක්ත විය) මිනිස්ලොව පවතින ක්‍රියාපිළිවෙල වැඩි වශයෙන් දැන ගත්තේය. රජතුමා වඳුරාගේ පැවැත්මෙහි පැහැදී වැද්දා කැඳවා මේ වඳුරා අල්ලාගත් ස්ථානයෙහිදීම මුදාහරින්නැයි අණ කෙළේය. වැදි පුත්‍රයාද එසේ කෙළේය. වඳුරු සමූහයා බෝසතාණන් වහන්සේ පැමිණි බව දැන ඔහු බැලීම පිණිස මහත් ගල්තලාවක් මත රැස්වී බෝසතාණන් වහන්සේ සමග සතුටු සාමීචි කථා පවත්වා යහලුව! මෙපමණ කලක් කිනම් ප්‍රදේශයක වාසය කළෙහිදැයි විමසූහ. බරණැස රජ මාලිගයේ යයි කීහ. ඉක්බිති කෙසේ නිදහස් වූයේදැයි ඇසූහ. රජතුමා මාව සෙල්ලක්කාර වඳුරෙකු කොට මගේ වත් පිළිවෙත් කෙරෙහි පැහැදී මාව මුදා හැරියේය.
අථ නං තෙ වානරා “මනුස්සලොකෙ වත්තමානකිරියං නාම තුම්හෙ ජානිස්සථ , අම්හාකම්පි තාව කථෙථ, සොතුකාමම්හා”ති ආහංසු. “මා මං මනුස්සානං කිරියං පුච්ඡථා”ති. “කථෙථ සොතුකාමම්හා”ති. බොධිසත්තොපි “මනුස්සා නාම ඛත්තියාපි බ්රාහ්මණාපි ‘මය්හං මය්හ’න්ති වදන්ති, හුත්වා අභාවට්ඨෙන අනිච්චතං න ජානන්ති, සුණාථ දානි තෙසං අන්ධබාලානං කාරණ”න්ති වත්වා ඉමා ගාථා අවොච –
ඉක්බිති ඔහුගෙන් ඒ වඳුරෝ මිනිසුන් අතර පවතින ගතිපැවතුම් තෙපි දන්නෙහුය. අපට ඒ ගැන කියව. අපිත් ඒවා අසන්නට කැමැත්තෙමුයි කීහ. මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් නම් මගෙන් ප්‍රශ්න නොකරව්. කියන්න අපි අහන්න කැමැත්තෙමුයි (නැවතත්) කීහ. බෝසතාණන් වහන්සේ මිනිසුන් ක්ෂත්රියයෝ ද බමුණෝ ද මගේ, මගේ යයි කියත්. ඇතිව නැතිවන හෙයින් අනිත්‍ය ස්වභාවය නොදනිත්. දැන් ඒ අන්ධ බාලයන්ගේ ක්‍රියා කලාපය අසවයි කියා
“හිරඤ්ඤං මෙ සුවණ්ණං මෙ, එසා රත්තිං දිවා කථා; දුම්මෙධානං මනුස්සානං, අරියධම්මං අපස්සතං.
හිරඤ්ඤම්මෙ සුවණ්ණම්මෙ එසා රත්තින්දිවං කථා, දුම්මෙධානං මනුස්සානං අරිය ධම්මං අපස්සතං
“ද්වෙ ද්වෙ ගහපතයො ගෙහෙ, එකො තත්ථ අමස්සුකො; ලම්බත්ථනො වෙණිකතො, අථො අඞ්කිතකණ්ණකො; කීතො ධනෙන බහුනා, සො තං විතුදතෙ ජන”න්ති.
ද්වෙ ද්වෙ ගහපතයෝ ගෙහෙ එකො තත්ථ අමස්සුකො, ලම්බත්ථනො වෙණි කතො අථො අංකිත කණ්ණකො, කීතො ධනෙන බහුනා සොතං විතුදතෙ ජනං
යන මේ ගාථා කීහ.
මේ මාගේ මසුරන්ය. මේ මාගේ රන්ය යනුවෙන් ආර්ය ධර්මයන් නොදන්නා නුවණ නැති මිනිසුන්ගේ දිවා රාත්‍රී කථාව වෙයි.
නිවෙස්වල ගෘහපතිවරු දෙදෙනා බැගින් සිටිති. ඔවුන් අතරෙහි එකෙක් දැළිරැවුල් නැත්තේය. එල්ලෙන තන ඇත්තේය. සකස් කළ කෙස්කළඹ ඇත්තේය. කන් විද ඇත්තේය. බොහෝ ධනය දී මිළට ගන්නා ලද්දේය. ඔහු (ඒ ගෘහපතියා) නිවැසි ජනයාට වචන නමැති ආයුධයෙන් අනියි.
තත්ථ හිරඤ්ඤං මෙ සුවණ්ණං මෙති දෙසනාසීසමත්තමෙතං, ඉමිනා පන පදද්වයෙන දසවිධම්පි රතනං සබ්බං, පුබ්බණ්ණාපරණ්ණං ඛෙත්තවත්ථුං ද්විපදචතුප්පදඤ්ච සබ්බං දස්සෙන්තො “ඉදං මෙ ඉදං මෙ”ති ආහ. එසා රත්තිං දිවා කථාති එසා මනුස්සානං රත්තිඤ්ච දිවා ච නිච්චකාලං කථා. අඤ්ඤං පන තෙ “පඤ්චක්ඛන්ධා අනිච්චා”ති වා “හුත්වා න භවන්තී”ති වා න ජානන්ති, එවමෙව පරිදෙවන්තා විචරන්ති. දුම්මෙධානන්ති අප්පපඤ්ඤානං. අරියධම්මං අපස්සතන්ති අරියානං බුද්ධාදීනං ධම්මං, අරියං වා නිද්දොසං නවවිධං ලොකුත්තරධම්මං අපස්සන්තානං එසාව කථා. අඤ්ඤා පන “අනිච්චං වා දුක්ඛං වා”ති තෙසං කථා නාම නත්ථි.
එහි, හිරඤ්ඤම්මෙ සුවණ්ණම්මෙ යනු මෙය දේශනා ශීර්ෂයක් (මාතෘකාවක්) පමණයි. මේ පද දෙකින් දසවිධ රත්නයත්, හැල්වී, යව ආදී පුබ්බණ්ණ කෙත්වතුද, මුං මෑ, තල ආදී අපරණ්ණ කෙත්වතුද දෙපා සිව්පා සතුන්ද සියල්ල දක්වමින් මේවා මගේය. මේවා මගේයයි කීවේය. එසා රත්තින්දිවා කථා යනු මෙය මිනිසුන්ගේ දිවා රෑ දෙකෙහි නිතර වන කථාවයි. පංචස්කන්ධය අනිත්‍යයි කියා හෝ ඇතිව නැතිවේ කියා හෝ ඔවුහු නොදනිති. (මගේ මගේ ආදී වශයෙන්) මෙසේ වැලපෙමින් හැසිරෙති. දුම්මෙධානං යනු අනුවණයන්ගේ අරියධම්මං අපස්සතං යනු බුද්ධාදී ආර්යයන් වහන්සේලාගේ ආර්ය වූ ධර්මය හෝ නිදොස් නවලෝකෝත්තර ධර්මය හෝ නොදකින්නවුන්ට ඇත්තේ මේ කථාවමය. අනිත්‍යය කියා හෝ දුක්ඛෙ කියා හෝ වෙනත් කථාවක් ඔවුන්ට ඇත්තේම නැත.
ගහපතයොති ගෙහෙ අධිපතිභූතා. එකො තත්ථාති තෙසු ද්වීසු ඝරසාමිකෙසු “එකො”ති මාතුගාමං සන්ධාය වදති. තත්ථ වෙණිකතොති කතවෙණී, නානප්පකාරෙන සණ්ඨාපිතකෙසකලාපොති අත්ථො. අථො අඞ්කිතකණ්ණකොති අථ ස්වෙව විද්ධකණ්ණො ඡිද්දකණ්ණොති ලම්බකණ්ණතං සන්ධායාහ. කීතො ධනෙන බහුනාති සො පනෙස අමස්සුකො ලම්බත්ථනො වෙණිකතො අඞ්කිතකණ්ණො මාතාපිතූනං බහුං ධනං දත්වා කීතො, මණ්ඩෙත්වා පසාධෙත්වා යානං ආරොපෙත්වා මහන්තෙන පරිවාරෙන ඝරං ආනීතො. සො තං විතුදතෙ ජනන්ති සො ගහපති ආගතකාලතො පට්ඨාය තස්මිං ගෙහෙ දාසකම්මකරාදිභෙදං ජනං “අරෙ දුට්ඨදාස දුට්ඨදාසි, ඉමං න කරොසී”ති මුඛසත්තීහි විතුදති, සාමිකො විය හුත්වා මහාජනං විචාරෙති. එවං තාව “මනුස්සලොකෙ අතිවිය අයුත්ත”න්ති මනුස්සලොකං ගරහි.
ගහපතයො යනු නිවසෙහි අධිපති වූ එකො කත්ථ යු නිවසෙහි අධිපති වූ මේ දෙදෙනා අතරින් එකෙක් යනු කාන්තාව සඳහා කියයි. එහි, වෙණිකතො යනු ගෙතූ කොණ්ඩා ඇති, නොයෙක් ආකාරයෙන් සකස් කරන ලද කෙස් කළඹ ඇති යන අර්ථයි. අථො අංකිත කණ්ණ කො යනු ඒ විදින ලද කන් ඇති තැනැත්තාම සිදුරු කළ කන් ඇති තැනැත්තාට එල්ලෙන කන් ඇති බව ගලපා කීය. කීතො ධනෙන බහුනා යනු රැවුල නැති, එල්ලෙන තන ඇති, ගෙතූ කොණ්ඩය ඇති, විදින ලද කන් ඇති, මව්පියන්ට බොහෝ ධනය දී මිළට ගත්, සරසා, ආභරණ පළඳවා යානයකට නංවා මහත් පිරිවරින් ගෙදරට ගෙනෙන ලද ඒ මේ තැනැත්තා සො තං විතූදතෙ ජනං යනු ඒ ගෘහපතියා ආ දවසේ පටන් ඒ ගෙයි දැසි දස් ආදී ජනයාට එම්බා දුෂ්ට දාසය, දුෂ්ට දාසිය, මෙය නොකරව, මෙය නොකරවයි කියමින් වචන නැමති ආයුධයෙන් පහර දෙයි. අනියි. ස්වාමියා මෙන් වී කටයුතු විමසයි. මෙසේ මිනිස්ලොව අතිශයින්ම අයුක්ති සහගතය යනුවෙන් මිනිස්ලොවට ගැරහීය.
තං සුත්වා සබ්බෙ වානරා “මා කථෙථ, මා කථෙථ, අසොතබ්බයුත්තකං අස්සුම්හා”ති උභොහි හත්ථෙහි කණ්ණෙ දළ්හං පිදහිංසු. “ඉමස්මිං ඨානෙ අම්හෙහි ඉදං අයුත්තං සුත”න්ති තං ඨානම්පි ගරහිත්වා අඤ්ඤත්ථ අගමංසු. සො පිට්ඨිපාසාණො ගරහිතපිට්ඨිපාසාණොයෙව කිර නාම ජාතො.
ඒ අසා සියලුම වඳුරෝ නොකියව, නොකියවයි කියා නොඇසිය යුත්තක් ඇසුවෙමුයි කියා අත් දෙකින් කන් තදින් වැසූහ. මෙතැනදී අප විසින් මේ අයුක්ති සහගත දේ අසන ලදැයි ඒ කරුණටත් ගරහා අන් තැනකට ගියාහුය. ඒ ගල්තලාවද “ගරහන ලද ගල්තලාව” යනුවෙන් ප්‍රකට විය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ සො භික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි. “තදා වානරගණො බුද්ධපරිසා අහොසි, වානරින්දො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය වදාරා ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර ඒ භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල වඳුරු සමූහයා බුදු පිරිස විය. වඳුරු නායකයා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
ගරහිතජාතකවණ්ණනා නවමා.