10. ධම්මධජජාතකවණ්ණනා 220 අට්ඨකථා
10. ධම්මධජජාතකවණ්ණනා (220)
10. ධම්මද්ධජ ජාතකය (220)
සුඛං ජීවිතරූපොසීති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො දෙවදත්තස්ස වධාය පරිසක්කනං ආරබ්භ කථෙසි. තදා හි සත්ථා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි දෙවදත්තො මය්හං වධාය පරිසක්කියෙව, සන්තාසමත්තම්පි පන කාතුං නාසක්ඛී”ති වත්වා අතීතං ආහරි.
සුඛං ජීවිතරූපොසි යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක් ඝාතන උත්සාහයක් මුල් කරගෙන දේශනා කළ සේක. එකල්හි වනාහි බුදුරජාණන් වහන්සේ මහණෙනි! දැන් පමණක් නොව දෙව්දත් තෙරුන් වහන්සේ පෙර ආත්මයකත් මාව මැරීමට උත්සාහ ගත්තේ වී නමුත් තැති ගැන්මක්වත් ඇති කරවන්නට නොහැකි වූයේ යයි වදාරා අතීත සිද්ධිය ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං යසපාණි නාම රාජා රජ්ජං කාරෙසි, කාළකො නාමස්ස සෙනාපති අහොසි. තදා බොධිසත්තො තස්සෙව පුරොහිතො අහොසි නාමෙන ධම්මධජො නාම, රඤ්ඤො පන සීසප්පසාධනකප්පකො ඡත්තපාණි නාම. රාජා ධම්මෙන රජ්ජං කාරෙති, සෙනාපති පනස්ස විනිච්ඡයං කරොන්තො ලඤ්ජං ඛාදති පරපිට්ඨිමංසිකො, ලඤ්ජං ගහෙත්වා අස්සාමිකෙ සාමිකෙ කරොති. අථෙකදිවසං විනිච්ඡයෙ පරාජිතො මනුස්සො බාහා පග්ගය්හ කන්දන්තො විනිච්ඡයා නික්ඛන්තො රාජුපට්ඨානං ගච්ඡන්තං බොධිසත්තං දිස්වා තස්ස පාදෙසු පතිත්වා “තුම්හාදිසෙසු නාම, සාමි, රඤ්ඤො අත්ථඤ්ච ධම්මඤ්ච අනුසාසන්තෙසු කාළකසෙනාපති ලඤ්ජං ගහෙත්වා අස්සාමිකෙ සාමිකෙ කරොතී”ති අත්තනො පරාජිතභාවං බොධිසත්තස්ස කථෙසි. බොධිසත්තො කාරුඤ්ඤං උප්පාදෙත්වා “එහි භණෙ, අඩ්ඩං තෙ විනිච්ඡිනිස්සාමී”ති තං ගහෙත්වා විනිච්ඡයට්ඨානං අගමාසි. මහාජනො සන්නිපති, බොධිසත්තො තං අඩ්ඩං පටිවිනිච්ඡිනිත්වා සාමිකඤ්ඤෙව සාමිකං අකාසි.
පෙර බරණැස් නුවර “පායාසි පාණි” නම් රජතුමා රාජ්‍යය කරවීය. “කාලක” නමැත්තා ඔහුගේ සෙන්පතියා විය. එකල නමින් ධම්මද්ධජ වූ බෝසතාණන් වහන්සේ ඔහුගේ පුරෝහිතයා වූ සේක. රජතුමාගේ හිසකෙස් සකසන කපුවා “ඡත්තපාණී” නම් විය. රජතුමා දැහැමින් රජ කරවයි. ඔහුගේ සෙන්පතියා විනිශ්චය කරමින් අල්ලස් කයි. (ගනී.) අසම්මුඛයෙහි (නැති තැන) දොස් කියන මොහු අල්ලස් ගෙන අහිමියන් හිමියන් බවට පත්කරයි. ඉක්බිති එක්දිනක් නඩු විනිශ්චයකින් පැරදුණු මිනිසෙක් දෑත් හිස බදාගෙන හඬමින් විනිශ්චයෙන් (අධිකරණයෙන්) නික්මෙන්නේ රජුට උවටැන් කිරීමට යන්නා වූ බෝසතාණන් වහන්සේ දැක උන්වහන්සේගේ පාමුල වැටී ස්වාමීනි! නුඹවහන්සේ වැනි අය රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරද්දී ‘කාලක’ සෙන්පතියා අල්ලස් ගෙන අහිමියන් හිමියන් බවට පත්කරයි, කියමින් තමාගේ පරාජය කීවේය. බෝසතාණන් වහන්සේ කරුණාව උපදවාගෙන පින්වත! එව, නුඹේ නඩුව මම විසඳන්නෙමියි ඔහු රැගෙන අධිකරණයට ගියේය. මහජනයා රැස් වූහ. බෝසතාණන් වහන්සේ ඒ නඩුව නැවත විසඳා හිමියාම හිමියා කළේය.
මහාජනො සාධුකාරං අදාසි, සො සද්දො මහා අහොසි. රාජා තං සුත්වා “කිං සද්දො නාමෙසො”ති පුච්ඡි. “දෙව, ධම්මධජපණ්ඩිතෙන දුබ්බිනිච්ඡිතො අඩ්ඩො සුවිනිච්ඡිතො, තත්රෙස සාධුකාරසද්දො”ති. රාජා තුට්ඨො බොධිසත්තං පක්කොසාපෙත්වා “අඩ්ඩො කිර තෙ ආචරිය විනිච්ඡිතො”ති පුච්ඡි. “ආම, මහාරාජ, කාළකෙන දුබ්බිනිච්ඡිතං අඩ්ඩං විනිච්ඡිනි”න්ති වුත්තෙ “ඉතො දානි පට්ඨාය තුම්හෙව අඩ්ඩං විනිච්ඡිනථ, මය්හඤ්ච කණ්ණසුඛං භවිස්සති ලොකස්ස ච වුඩ්ඪී”ති වත්වා අනිච්ඡන්තම්පි තං “සත්තානුද්දයාය විනිච්ඡයෙ නිසීදථා”ති යාචිත්වා සම්පටිච්ඡාපෙසි. තතො පට්ඨාය බොධිසත්තො විනිච්ඡයෙ නිසීදති, සාමිකෙයෙව සාමිකෙ කරොති.
මහජනයා සාධුකාර දුන්හ. ඒ ශබ්දය විශාල එකක් විය. රජතුමා එය කිනම් ශබ්දයක්දැයි විචාළේය. දේවයන් වහන්ස! වැරදි තීන්දුවක් දුන් නඩුවක් ධම්මද්ධජ පඬිතුමා විසින් නැවත විනිශ්චය කළේය. මේ එහි සාධුකාර ශබ්දයයි. රජතුමා සතුටු වී බෝසතාණන් වහන්සේ කැඳවා ඇදුරුතුමනි, නුඹ නඩුව විසඳුවෙහිදැයි අසා, එසේය මහරජ “කාලක” විසින් වැරදි තීන්දුවක් දුන් නඩුවක් මා විසින් විසඳන ලදැයි කී කල්හි මෙතැන් පටන් නුඹව නඩු විසඳව, මටද කනට සුවයක් වන්නේය. ලෝකයාටද වැඩක් සිදුවන්නේ යයි කියා අකමැතිවන්නා වූ ඔහුගෙන් සත්ත්වයන්ට අනුකම්පාවෙන් විනිශ්චයාසනයෙහි හිඳුවයි ඉල්ලා සිට කැමතිකරවා ගත්තේය. එතැන් පටන් බෝසතාණන් වහන්සේ අධිකරණයෙහි පෙනී සිටිති. හිමියාම හිමියන් කරති.
කාළකො තතො පට්ඨාය ලඤ්ජං අලභන්තො ලාභතො පරිහායිත්වා බොධිසත්තස්ස ආඝාතං බන්ධිත්වා “මහාරාජ, ධම්මධජපණ්ඩිතො තව රජ්ජං පත්ථෙතී”ති බොධිසත්තං රඤ්ඤො අන්තරෙ පරිභින්දි. රාජා අසද්දහන්තො “මා එවං අවචා”ති පටික්ඛිපිත්වා පුන තෙන “සචෙ මෙ න සද්දහථ, තස්සාගමනකාලෙ වාතපානෙන ඔලොකෙථ. අථානෙන සකලනගරස්ස අත්තනො හත්ථෙ කතභාවං පස්සිස්සථා”ති වුත්තෙ රාජා තස්ස අඩ්ඩකාරකපරිසං දිස්වා “එතස්සෙව පරිසා”ති සඤ්ඤාය භිජ්ජිත්වා “කිං කරොම සෙනාපතී”ති පුච්ඡි. “දෙව, එතං මාරෙතුං වට්ටතී”ති . “ඔළාරිකදොසං අපස්සන්තා කථං මාරෙස්සාමා”ති? “අත්ථෙකො උපායො”ති. “කතරූපායො”ති. “අසය්හමස්ස කම්මං ආරොපෙත්වා තං කාතුං අසක්කොන්තං තං තෙන දොසෙන මාරෙස්සාමා”ති. “කිං පන අසය්හකම්ම”න්ති? “මහාරාජ, උය්යානං නාම සාරභූමියං රොපිතං පටිජග්ගියමානං තීහි චතූහි සංවච්ඡරෙහි ඵලං දෙති. තුම්හෙ තං පක්කොසාපෙත්වා ‘ස්වෙ උය්යානං කීළිස්සාම, උය්යානං මෙ මාපෙහී’ති වදථ, සො මාපෙතුං න සක්ඛිස්සති. අථ නං තස්මිං දොසෙ මාරෙස්සාමා”ති.
කාලක එතැන් පටන් අල්ලස් නොලබන්නේ ලාභයෙන් පිරිහී මහරජ! ධම්මද්ධජ පඬිතුමා නුඹවහන්සේගේ රාජ්‍යය පතන්නේ යයි බෝසතාණන් හා රජතුමා අතර භේද කෙළේය. රජතුමා එය නොඅදහන්නේ එසේ නොකියවයි ප්‍රතික්ෂේප කොට නැවතත් ඔහු විසින් ඉදින් මගේ කීම නොපිළිගන්නේ නම් ඔහු පැමිණෙන අවස්ථාවෙහි කවුළුවෙන් බලනු මැනවි. මොහු විසින් සියලු නගරයම තමන් අතට පත් කරගෙන ඇති සැටි බලාගනු මැනවැයි කියන ලදි. රජතුමා ඔහුගේ (ධම්මද්ධජගේ) නඩු කියන පිරිස දැක ඔහුගේම පිරිස යයි හැඟීමෙන් භේදභින්න වී කුමක් කරමුද සෙන්පතියයි ඇසීය. දේවයන් වහන්ස! මොහු මරන්නට වටී යයි කීය. බරපතල දෝසයක් නොදක්නේ කෙසේ මරන්නෙමුදැයි කීවේය. එක් උපායක් ඇතැයි කීය. කිනම් උපායක්දැයි ඇසීය. ඔහුට කළ නොහැකි වැඩක් පවරා එය කළ නොහැකි වූ විට ඒ දෝෂයෙන් මරන්නෙමුයි කීය. කළ නොහැකි ක්‍රියාව කුමක්දැයි ඇසීය. මහරජ, සරුබිමක සිටුවන ලද ගස් ඇති රැකවරණ සලසන උයනක් වසර දෙක තුනකින් ඵල දරයි. නුඹ වහන්සේ ඔහු කැඳවා හෙට උයන් කෙළි කෙළින්නෙමි. මට උයනක් ඉදිකරන්නැයි කියනු මැන. ඔහු උයන ඉදිකිරීමට නොහැකි වන්නේය. එවිට ඒ දෝෂය මුල්කොට ගෙන මරන්නෙමුයි කීවේය.
රාජා බොධිසත්තං ආමන්තෙත්වා “පණ්ඩිත, මය්හං පුරාණඋය්යානෙ චිරං කීළිම්හ, ඉදානි නවඋය්යානෙ කීළිතුකාමම්හ, ස්වෙ කීළිස්සාම, උය්යානං නො මාපෙහි, සචෙ මාපෙතුං න සක්ඛිස්සසි, ජීවිතං තෙ නත්ථී”ති. බොධිසත්තො “කාළකෙන ලඤ්ජං අලභමානෙන රාජා අන්තරෙ පරිභින්නො භවිස්සතී”ති ඤත්වා “සක්කොන්තො ජානිස්සාමි, මහාරාජා”ති වත්වා ගෙහං ගන්ත්වා සුභොජනං භුඤ්ජිත්වා චින්තයමානො සයනෙ නිපජ්ජි, සක්කස්ස භවනං උණ්හාකාරං දස්සෙසි. සක්කො ආවජ්ජෙන්තො බොධිසත්තස්ස චිත්තං ඤත්වා වෙගෙනාගන්ත්වා සිරිගබ්භං පවිසිත්වා ආකාසෙ ඨත්වා “කිං චින්තෙසි පණ්ඩිතා”ති පුච්ඡි. “කොසි ත්ව”න්ති? “සක්කොහමස්මී”ති. “රාජා මං ‘උය්යානං මාපෙහී’ති ආහ, තං චින්තෙමී”ති. “පණ්ඩිත, මා චින්තයි, අහං තෙ නන්දනවනචිත්තලතාවනසදිසං උය්යානං මාපෙස්සාමි, කතරස්මිං ඨානෙ මාපෙමී”ති? “අසුකට්ඨානෙ මාපෙහී”ති. සක්කො මාපෙත්වා දෙවපුරමෙව ගතො.
රජතුමා බෝසතාණන් වහන්සේ අමතා පඬිතුමනි! අපි පැරණි උයනේ බොහෝ කලක් ක්‍රීඩා කළෙමු. දැන් අළුත් උයනක ක්‍රීඩා කරනු කැමැත්තෙමු. හෙට ක්‍රීඩා කරන්නෙමු. අපට උයනක් ඉදිකර දෙව. ඉදින් උයනක් ඉදිකරන්නට නොහැකි වන්නෙහි නම් නුඹගේ ජීවිතය නැතැයි කීය. බෝසතාණන් වහන්සේ අල්ලස් නොලැබෙන කාලක විසින් රජතුමා බිඳවන ලද වන්නේ යයි දැන, පිළිවන් වී නම් කරන්නෙමු මහරජතුමනියි කියා ගෙට ගොස් යහපත් බොජුන් අනුභව කොට සිතමින් සයනෙහි වැතිරුණහ. ශක්‍රයාගේ වාස භවනය උණුසුම් ආකාරයක් දැක්වීය. ශක්‍රයා ඒ ගැන ආවර්ජනා කරන්නේ බෝසතාණන් වහන්සේගේ චිත්ත පීඩාව දැන වහා පැමිණ බෝසතුන්ගේ සිරියහන් ගැබට (නිදන කාමරයට) පිවිස අහසෙහි සිට පඬිතුමනි! කුමක් සිතන්නෙහිදැයි විචාළේය. නුඹ කවරෙක්දැයි ඇසීය. මම ශක්‍රයා වෙමියි කීවේය. රජතුමා මට උයනක් සාදන්නට කීවේය. ඒ ගැන සිතන්නෙමියි කීය. පඬිතුමනි! නොසිතව. මම නුඹට නන්දන වනය චිත්‍රලතා වනය හා සමාන උයනක් මවා දෙන්නෙමි. කවර ස්ථානයක මවම්දැයි ඇසීය. අසවල් ස්ථානයේ මවනු මැනවියි කීහ. ශක්‍රයා උයන මවා දෙව්පුරයටම ගියේය.
පුනදිවසෙ බොධිසත්තො උය්යානං පච්චක්ඛතො දිස්වා ගන්ත්වා රඤ්ඤො ආරොචෙසි – “නිට්ඨිතං තෙ, මහාරාජ, උය්යානං, කීළස්සූ”ති. රාජා ගන්ත්වා අට්ඨාරසහත්ථෙන මනොසිලාවණ්ණෙන පාකාරෙන පරික්ඛිත්තං ද්වාරට්ටාලකසම්පන්නං පුප්ඵඵලභාරභරිතනානාරුක්ඛපටිමණ්ඩිතං උය්යානං දිස්වා කාළකං පුච්ඡි – “පණ්ඩිතෙන අම්හාකං වචනං කතං, ඉදානි කිං කරොමා”ති. “මහාරාජ, එකරත්තෙන උය්යානං මාපෙතුං සක්කොන්තො රජ්ජං ගහෙතුං කිං න සක්කොතී”ති? “ඉදානි කිං කරොමා”ති? “අපරම්පි නං අසය්හකම්මං කාරෙමා”ති. “කිං කම්මං නාමා”ති? “සත්තරතනමයං පොක්ඛරණිං මාපෙමා”ති. රාජා “සාධූ”ති බොධිසත්තං ආමන්තෙත්වා “ආචරිය, උය්යානං තාව තෙ මාපිතං , එතස්ස පන අනුච්ඡවිකං සත්තරතනමයං පොක්ඛරණිං මාපෙහි. සචෙ මාපෙතුං න සක්ඛිස්සසි, ජීවිතං තෙ නත්ථී”ති ආහ. බොධිසත්තො “සාධු, මහාරාජ, සක්කොන්තො මාපෙස්සාමී”ති ආහ. අථස්ස සක්කො පොක්ඛරණිං මාපෙසි සොභග්ගප්පත්තං සතතිත්ථං සහස්සවඞ්කං පඤ්චවණ්ණපදුමසඤ්ඡන්නං නන්දනපොක්ඛරණිසදිසං.
දෙවන දිනයේ බෝසතාණන් වහන්සේ උයන ප්රත්යක්ෂ වශයෙන් දැක ගොස් රජතුමාට මහරජතුමනි, මවිසින් උයනේ වැඩ නිමකරන ලදි. උයන්කෙළි කෙළවයි කීහ. රජතුමා ගොස් දහඅටරියන් ඇති සිරියල් පාටින් යුත් ප්රාකාරයකින් වටකරන ලද දොරටු අට්ටාලවලින් යුතු මල්, ගෙඩිවල බරෙන් බරවූ නොයෙක් ගස්වැල්වලින් අලංකාර කරන ලද උයන දැක “කාලක”ගෙන් විචාළේය. පඬිතුමා විසින් අපගේ වචනය ඉටුකරන ලදි. දැන් කුමක් කරමුදැයි ඇසීය. මහරජතුමනි, එක රැයකින් උයනක් මවන්නට හැකිවන්නේ නම් රජකම ගන්නට හැකිවෙයිද? නොහැකි වෙයිදැයි කීවේය. දැන් කුමක් කරමුදැයි ඇසීය. කළනොහැකි තවත් ක්‍රියාවක් ඔහු ලවා කරවමුයි කීය. කුමන ක්‍රියාවක්දැයි ඇසීය. සත්රුවන්වලින් කරන ලද පොකුණක් නිර්මාණය කරවමුයි කීය. රජතුමා යහපතැයි කියා බෝසතාණන් අමතා ඇදුරුතුමනි! ඔබ පළමුකොට උයන මවන ලදි. ඊට සුදුසු සත්රුවනින් කරන ලද පොකුණක් මවනු මැනවියි කීය. ඉදින් මවා දෙන්නට නොහැකි වන්නේ නම් ඔබගේ ජීවිතය නැතැයි කීය. බෝසතාණන් වහන්සේ යහපති මහරජතුමනි! හැකි වන්නාහු නම් ඉදිකරන්නෙමුයි කීහ. ඉක්බිති ශක්‍රයා ඔහු වෙනුවෙන් සෝභාවෙන් අගතැන් පත්, බසින තොටවල් සියයකින් යුත් වක් වූ තැන් (ආරුක්කු හැඩ) දහසකින් යුත්, පස් පියුමෙන් ගැවසී ගත් නන්දා පොකුණ හා සමාන පොකුණක් මැවීය.
පුනදිවසෙ බොධිසත්තො තම්පි පච්චක්ඛං කත්වා රඤ්ඤො ආරොචෙසි – “මාපිතා, දෙව, පොක්ඛරණී”ති. රාජා තම්පි දිස්වා “ඉදානි කිං කරොමා”ති කාළකං පුච්ඡි. “උය්යානස්ස අනුච්ඡවිකං ගෙහං මාපෙතුං ආණාපෙහි, දෙවා”ති. රාජා බොධිසත්තං ආමන්තෙත්වා “ඉදානි, ආචරිය, ඉමස්ස උය්යානස්ස චෙව පොක්ඛරණියා ච අනුච්ඡවිකං සබ්බදන්තමයං ගෙහං මාපෙහි, නො චෙ මාපෙස්සසි, ජීවිතං තෙ නත්ථී”ති ආහ. අථස්ස සක්කො ගෙහම්පි මාපෙසි. බොධිසත්තො පුනදිවසෙ තම්පි පච්චක්ඛං කත්වා රඤ්ඤො ආරොචෙසි. රාජා තම්පි දිස්වා “ඉදානි කිං කරොමා”ති කාළකං පුච්ඡි. “ගෙහස්ස අනුච්ඡවිකං මණිං මාපෙතුං ආණාපෙහි, මහාරාජා”ති ආහ. රාජා බොධිසත්තං ආමන්තෙත්වා “පණ්ඩිත, ඉමස්ස දන්තමයගෙහස්ස අනුච්ඡවිකං මණිං මාපෙහි, මණිආලොකෙන විචරිස්සාම. සචෙ මාපෙතුං න සක්කොසි, ජීවිතං තෙ නත්ථී”ති ආහ. අථස්ස සක්කො මණිම්පි මාපෙසි.
බෝසතාණන් වහන්සේ එයද ප්රත්යක්ෂ කරගෙන දේවයන් වහන්ස! පොකුණ මවන ලදි යනුවෙන් රජුට දැන්වූහ. රජතුමා එයද දැක දැන් කුමක් කරමුදැයි කාළකගෙන් විචාළේය. උයනට යෝග්‍ය ගෙයක් මවන හැටියට අණකරනු මැනවි දේවයන් වහන්සයි කීය. රජතුමා බෝධිසත්ත්වයන් අමතා දැන් ඇදුරුතුමනි! මේ උයනට ද පොකුණට ද යෝග්‍ය වන සියලු දත්වලින් කරන ලද (දන්තමය) ගෙයක් ඉදිකරව. ඉදින් ඉදි නොකරන්නේ නම් ඔබේ ජීවිතයට නැතැයි කීවේය. ඉක්බිති ඔහු වෙනුවෙන් ශක්‍රයා ගෙයක් ද මැව්වේය. බෝසතාණන් වහන්සේ දෙවන දවසේ එයද ප්රත්යක්ෂ කොට රජුට දැනුම් දුන්හ. රජතුමා එයද දැක කුමක් කළයුතුදැයි කාළකගෙන් විචාළේය. ගෙට යෝග්‍ය වූ මැණිකක් මවන ලෙස අණකරව මහරජතුමනියි කීවේය. රජතුමා බෝධිසත්ත්වයන් වහන්සේ අමතා පඬිතුමනි! මේ දන්තයෙන් කළ ගෙට යෝග්‍ය මැණිකක් සකස් කරන්න. මැණික් එළියෙන් හැසිරෙන්නෙමු. ඉදින් සකසන්නට නොහැකි වන්නේ නම් නුඹේ දිවි නැතැයි කීවේය. ඉක්බිති ඔහු වෙනුවෙන් ශක්‍රයා මැණිකද මැවීය.
බොධිසත්තො පුනදිවසෙ තං පච්චක්ඛං කත්වා රඤ්ඤො ආරොචෙසි . රාජා තම්පි දිස්වා “ඉදානි කිං කරිස්සාමා”ති කාළකං පුච්ඡි. “මහාරාජ, ධම්මධජබ්රාහ්මණස්ස ඉච්ඡිතිච්ඡිතදායිකා දෙවතා අත්ථි මඤ්ඤෙ, ඉදානි යං දෙවතාපි මාපෙතුං න සක්කොති, තං ආණාපෙහි. චතුරඞ්ගසමන්නාගතං නාම මනුස්සං දෙවතාපි මාපෙතුං න සක්කොති, තස්මා ‘චතුරඞ්ගසමන්නාගතං මෙ උය්යානපාලං මාපෙහී’ති තං වදාහී”ති. රාජා බොධිසත්තං ආමන්තෙත්වා “ආචරිය, තයා අම්හාකං උය්යානං, පොක්ඛරණී, දන්තමයපාසාදො, තස්ස ආලොකකරණත්ථාය මණිරතනඤ්ච මාපිතං, ඉදානි මෙ උය්යානරක්ඛකං චතුරඞ්ගසමන්නාගතං උය්යානපාලං මාපෙහි, නො චෙ මාපෙස්සසි, ජීවිතං තෙ නත්ථී”ති ආහ. බොධිසත්තො “හොතු, ලභමානො ජානිස්සාමී”ති ගෙහං ගන්ත්වා සුභොජනං භුඤ්ජිත්වා නිපන්නො පච්චූසකාලෙ පබුජ්ඣිත්වා සයනපීඨෙ නිසින්නො චින්තෙසි – “සක්කො දෙවරාජා යං අත්තනා සක්කා මාපෙතුං, තං මාපෙසි, චතුරඞ්ගසමන්නාගතං පන උය්යානපාලං න සක්කා මාපෙතුං, එවං සන්තෙ පරෙසං හත්ථෙ මරණතො අරඤ්ඤෙ අනාථමරණමෙව වරතර”න්ති. සො කස්සචි අනාරොචෙත්වා පාසාදා ඔතරිත්වා අග්ගද්වාරෙනෙව නගරා නික්ඛමිත්වා අරඤ්ඤං පවිසිත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ සතං ධම්මං ආවජ්ජමානො නිසීදි.
බෝසතාණන් වහන්සේ දෙවන දවසේ එයද ප්රත්යක්ෂ කොට රජතුමාට දැන්වූහ. රජතුමා එය දැක දැන් කුමක් කරන්නෙමුදැයි විචාළේය. මහරජතුමනි! ධම්මද්ධජ බමුණාට කැමති කැමති දේ කරදෙන දෙවියෙකු ඇතැයි සිතමි. දැන් දෙවියෙකුටත් මවන්නට නොහැකි යමක් කරන්නට අණකරනු මැනවි. අංග හතරකින් යුත් මිනිසෙකු දෙවියෙකුටවත් මවන්නට නොහැකිය. ඒ නිසා අංග හතරකින් යුත් උයන් පාලකයෙක් මා වෙනුවෙන් මවන්නැයි කියනු මැනවියි කීය. රජතුමා බෝසතාණන් වහන්සේ අමතා ඇදුරුතුමනි! නුඹ විසින් අපට උයනක්, පොකුණක්, දතින් නිමවන ලද ප්‍රාසාදයක් හා එය ආලෝක කිරීම පිණිස මැණිකක් මවන ලදි. දැන් මගේ උයන රකින අංග හතරකින් යුත් උයන්පල්ලෙකු මවනු මැනවි. ඉදින් නොමවන්නේ නම් නුඹේ ජීවිතය නැතැයි කීවේය. බෝසතාණන් වහන්සේ යහපත සාමීනි! පිළිවන් වී නම් මවන්නෙමි කියා ගෙට ගොස් යහපත් අහර වළඳා සැතපී උදෙන්ම පිබිදී යහන මත හිඳිමින් සක්දෙව් රජ යමක් තමන්ට මවන්නට හැකි නම් ඒ දේ මැව්වේය. අංග හතරකින් යුත් උයන් පාලකයෙකු මැවිය නොහැකිය. මෙසේ ඇතිකල්හි අනුන් අතින් මැරෙනවාට වඩා වනයෙහි අනාථව මරණයට පත්වීම උතුම්යයි සිතූහ. ඔහු කිසිවෙකුට නොකියා පහයෙන් බැස ප්‍රධාන දොරටුවෙන්ම නුවරින් නික්මී වනයට පිවිස එක්තරා ගසක් මුල සත්පුරුෂ ධර්මය සිහිපත් කරමින් හුන්හ.
සක්කො තං කාරණං ඤත්වා වනචරකො විය හුත්වා බොධිසත්තං උපසඞ්කමිත්වා “බ්‍රාහ්මණ, ත්වං සුඛුමාලො, අදිට්ඨපුබ්බදුක්ඛරූපො විය ඉමං අරඤ්ඤං පවිසිත්වා කිං කරොන්තො නිසින්නොසී”ති ඉමමත්ථං පුච්ඡන්තො පඨමං ගාථමාහ –
සක්දෙවිඳු ඒ කාරණය දැක වැද්දෙකු මෙන් වෙස් වළාගෙන බෝසතුන් වෙත එළඹ බමුණාණෙනි! සියුමැලි වූ, දුකක් දැක නැත්තා වූ කෙනෙකු මෙන් නුඹ මේ අරණට පිවිස කුමක් කරමින් සිටින්නෙහිදැයි කියා ඒ කරුණ විචාරමින්,
“සුඛං ජීවිතරූපොසි, රට්ඨා විවනමාගතො; සො එකකො රුක්ඛමූලෙ, කපණො විය ඣායසී”ති.
සුඛං ජීවිතරූපොසි රට්ඨා විවනමාගතො, සො එකකො අරඤ්ඤස්මිං රුක්ඛමූලෙ කපණො විය ඣායසී
යන පළමු ගාථාව කීවේය.
“සැපසේ දිවියක් ඇති ස්වභාවයකින් යුත්, සිය රටින් නික්ම ජලය නැති වනයට ආවෙහිය. ඒ නුඹ හුදකලාව කැලේ ගසක් මුල දිළින්දෙකු මෙන් සිතන්නෙහිය.”
තත්ථ සුඛං ජීවිතරූපොසීති ත්වං සුඛෙන ජීවිතසදිසො සුඛෙධිතො සුඛපරිහතො විය. රට්ඨාති ආකිණ්ණමනුස්සට්ඨානා. විවනමාගතොති නිරුදකට්ඨානං අරඤ්ඤං පවිට්ඨො. රුක්ඛමූලෙති රුක්ඛසමීපෙ. කපණො විය ඣායසීති කපණො විය එකකො නිසින්නො ඣායසි පජ්ඣායසි, කිං නාමෙතං චින්තෙසීති පුච්ඡි.
එහි, සුඛං ජීවිත රූපොසි යනු නුඹ සැපසේ ජීවත් වූවෙකුට සමානව සැපසේ වැඩී ඒ සැප විනාශ වූවෙකු මෙන්. රට්ඨා යනු ජනාකීර්ණ ස්ථානයෙන්. විවන මාගතො යනු ජලය නැති ස්ථානයට වනයට පිවිසියේ. රුක්ඛ මූලෙ යනු ගස ළඟ, කපණො විය ඣායසි යනු දිළින්දෙකු මෙන් තනිව හිඳිමින් සිතහි ගැඹුරෙන් සිතති. මේ කුමක් සිතහිදැයි විචාළේය.
තං සුත්වා බොධිසත්තො දුතියං ගාථමාහ –
ඒ අසා බෝසතාණන් වහන්සේ
“සුඛං ජීවිතරූපොස්මි, රට්ඨා විවනමාගතො; සො එකකො රුක්ඛමූලෙ, කපණො විය ඣායාමි; සතං ධම්මං අනුස්සර”න්ති.
සුඛං ජීවිතං රූපොස්මි රට්ඨා විවනමාගතො, සො එකකො අරඤ්ඤස්මිං රුක්ඛමූලෙ, කපණො විය ඣායාමි, සතං ධම්මං අනුස්සරං
යන දෙවන ගාථාව කීයේය.
ඒ මම සැපසේ ජීවත් වූ ස්වභාව ඇත්තෙමි. තම රටින් නික්ම ජලය නැති වනයට ආයෙමි. තනිව දිළින්දෙකු මෙන් බුද්ධාදී සත්පුරුෂයන්ගේ (අටලෝ දහම) දහම් සිහි කරමින් ධ්‍යාන කෙරෙමි.
තත්ථ සතං ධම්මං අනුස්සරන්ති, සම්ම, සච්චමෙතං, අහං සුඛං ජීවිතරූපො රට්ඨා ච විවනමාගතො, සොහං එකකොව ඉමස්මිං රුක්ඛමූලෙ නිසීදිත්වා කපණො විය ඣායාමි. යං පන වදෙසි “කිං නාමෙතං චින්තෙසී”ති, තං තෙ පවෙදෙමි “සතං ධම්ම”න්ති. අහඤ්හි සතං ධම්මං අනුස්සරන්තො ඉධ නිසින්නො. සතං ධම්මන්ති බුද්ධපච්චෙකබුද්ධබුද්ධසාවකානං සතං සප්පුරිසානං පණ්ඩිතානං ධම්මං. ලාභො අලාභො යසො අයසො නින්දා පසංසා සුඛං දුක්ඛන්ති අයඤ්හි අට්ඨවිධො ලොකධම්මො. ඉමිනා පන අබ්භාහතා සන්තො න කම්පන්ති න පවෙධෙන්ති, අයමෙත්ථ අකම්පනසඞ්ඛාතො සතං ධම්මො ඉමං අනුස්සරන්තො නිසින්නොම්හීති දීපෙති.
එහි, සතං ධම්මං අනුස්සරං යනු යහලුව, එය සත්‍යයකි. මම සැපවත් දිවියක් ඇත්තේ සිය රටින් වනයට පැමිණියෙමි. ඒ මම තනිව මේ කැලයෙහි ගස් මුලක හිඳගෙන දිළින්දෙකු මෙන් ධ්‍යාන කරමි. මේ කුමක් සිතහිද යනුවෙන් ඔබ යමක් කියහිද එය ඔබට කියා දෙමි. මම වනාහි සත්පුරුෂ ධර්මය සිහි කරමින් මෙහි සිටින්නෙමි. සතං ධම්මං යනු බුදු, පසේ බුදු, ශ්‍රාවකයන්ගේ සත්පුරුෂයන්ගේ නුවණැතියන්ගේ ධර්මයයි. ලාභ, අලාභ, අයස, යස, නින්දා, ප්‍රශංසා, සැප දුක් යනු මේ අටවැදෑරුම් වූ ලෝකධර්මයයි. මේ අටලෝ දහමින් මඩනා ලද සත්පුරුෂයෝ කම්පා නොවෙති. නොසැලෙති. මේ මෙහි කම්පා නොවන ස්වභාවයෙන් යුත් සත්පුරුෂයන්ගේ ධර්මයයි. මේ සත්පුරුෂ ධර්මය සිහි කරමින් හිඳින්නෙමියි දක්වයි.
අථ නං සක්කො “එවං සන්තෙ, බ්‍රාහ්මණ, ඉමස්මිං ඨානෙ කස්මා නිසින්නොසී”ති. “රාජා චතුරඞ්ගසමන්නාගතං උය්යානපාලං ආහරාපෙති, තාදිසං න සක්කොමි ලද්ධුං, සොහං ‘කිං මෙ පරස්ස හත්ථෙ මරණෙන, අරඤ්ඤං පවිසිත්වා අනාථමරණං මරිස්සාමී’ති චින්තෙත්වා ඉධාගන්ත්වා නිසින්නො”ති. “බ්‍රාහ්මණ, අහං සක්කො දෙවරාජා, මයා තෙ උය්යානාදීනි මාපිතානි, චතුරඞ්ගසමන්නාගතං උය්යානපාලං මාපෙතුං න සක්කා, තුම්හාකං රඤ්ඤො සීසප්පසාධනකප්පකො ඡත්තපාණි නාම, සො චතුරඞ්ගසමන්නාගතො, චතුරඞ්ගසමන්නාගතෙන උය්යානපාලෙන අත්ථෙ සති එතං කප්පකං උය්යානපාලං කාතුං වදෙහී”ති. ඉති සක්කො බොධිසත්තස්ස ඔවාදං දත්වා “මා භායී”ති සමස්සාසෙත්‍වා අත්තනො දෙවපුරමෙව ගතො.
ඉක්බිති ඔහුට ශක්‍රයා බමුණාණෙනි! මෙසේ ඇතිකල්හි මේ ස්ථානයෙහි කුමක් හෙයින් හිඳින්නෙහිදැයි කීය. රජතුමා අංග හතරකින් සමන්විත උයන් පාලකයෙකු ගෙන්වයි’ මට නියම කරයි. එවැන්නෙකු ලැබිය නොහැකිය. අනුන් අතින් සිදුවන මරණයෙන් මට පලක් නැත. කැලයට පිවිස අනාථව මැරෙන්නෙමියි සිතා මෙහි පැමිණ හුන්නෙමියි කීහ. බමුණ! මම සක්දෙව් රජය. මවිසින් නුඹට උයන් ආදිය මවන ලදි. අංග සතරකින් යුත් උයන් පල්ලෙකු මැවීමට නොහැකිය. තොපගේ රජතුමාගේ හිසකෙස් සරසන කපුවා ඡන්නපාණි නම් වෙයි. ඒ කපුවා උයන් පල්ලා කරන ලෙස කියවයි කීය. මෙසේ ශක්‍රයා බෝසතාණන් වහන්සේට ඔවදන් දී බිය නොවන්නයි සනසා තමන්ගේ දෙව්ලොවටම ගියේය.
බොධිසත්තො ගෙහං ගන්ත්වා භුත්තපාතරාසො රාජද්වාරං ගන්ත්වා ඡත්තපාණිම්පි තත්ථෙව දිස්වා හත්ථෙ ගහෙත්වා “ත්වං කිර, සම්ම ඡත්තපාණි, චතුරඞ්ගසමන්නාගතොසී”ති පුච්ඡිත්වා “කො තෙ මය්හං චතුරඞ්ගසමන්නාගතභාවං ආචික්ඛී”ති වුත්තෙ “සක්කො, දෙවරාජා”ති වත්වා “කිංකාරණා ආචික්ඛී”ති පුට්ඨො “ඉමිනා නාම කාරණෙනා”ති සබ්බං ආචික්ඛි. සො “ආම, අහං චතුරඞ්ගසමන්නාගතො”ති ආහ. අථ නං බොධිසත්තො හත්ථෙ ගහෙත්වාව රඤ්ඤො සන්තිකං ගන්ත්වා “අයං, මහාරාජ, ඡත්තපාණි, චතුරඞ්ගසමන්නාගතො, චතුරඞ්ගසමන්නාගතෙන උය්යානපාලෙන අත්ථෙ සති ඉමං උය්යානපාලං කරොථා”ති ආහ. අථ නං රාජා “ත්වං කිර චතුරඞ්ගසමන්නාගතොසී”ති පුච්ඡි. “ආම, මහාරාජා”ති. “කතමෙහි චතුරඞ්ගෙහි සමන්නාගතොසී”ති?
බෝසතාණන් වහන්සේ ගෙට ගොස් අනුභව කළ උදේ ආහාර ඇත්තේ, රජ ගෙට ගොස් “ඡත්තපාණි” ද එහිදීම දැක අතින් අල්ලාගෙන යහලුව, ඡත්තපාණි! නුඹ අංග සතරකින් සමන්විත වූවෙක්දැයි විචාළහ. කවරෙක් නුඹට මගේ අංග හතරකින් යුත් බව කීවහුදැයි කී කල්හි සක්දෙව් රජයයි කියා කුමක් සඳහා කීවාදැයි විමසන ලද්දාහු මේ කාරණය සඳහායයි සියල්ල කීහ. හෙතෙම එසේය මම අංග සතරකින් යුක්ත වෙමියි කීවේය. ඉක්බිති බෝසතාණන් වහන්සේ ඔහු අතින් අල්ලාගෙනම රජු සමීපයට ගොස් මහරජතුමනි! මේ ඡත්තපාණි අංග සතරකින් සමන්විතයි. උයන් පාලකයෙකුගෙන් ප්‍රයෝජනයක් ඇති කැමති මොහු උයන් පාලකයා කරනු මැනවයි කීහ. ඉක්බිති රජතුමා නුඹ චතුරංග සමන්නාගතදැයි ඔහුගෙන් විචාළේය. ඔහු එසේය මහරජතුමනියි කීහ. කවර අංග සතරකින් යුක්ත වූවෙහිදැයි ඇසීය.
“අනුසූයකො අහං දෙව, අමජ්ජපායකො අහං; නිස්නෙහකො අහං දෙව, අක්කොධනං අධිට්ඨිතො”ති.
අනුසුය්‍යකො අහං දෙව අමජ්ජපායකො අහං, නිස්නෙහකො අහං දෙව අක්කොධනං අධිට්ඨිතො
“දේවයන් වහන්ස! මම ඊර්ෂ්‍යා නොකරන්නෙක් වෙමි. මත්පැන් පානය නොකරන්නෙක් වෙමි. මම ඇලුම් නැත්තෙක් වෙමි. අක්රෝධයෙහි පිහිටියේ වෙමි යන හතරින් යුක්ත වෙමි.”
“මය්හඤ්හි, මහාරාජ, උසූයා නාම නත්ථි, මජ්ජං මෙ න පිවිතපුබ්බං, පරෙසු මෙ ස්නෙහො වා කොධො වා න භූතපූබ්බො. ඉමෙහි චතූහි අඞ්ගෙහි සමන්නාගතොම්හී”ති.
මහරජතුමනි! මා තුළ ඊර්ෂ්‍යාව නැත. මවිසින් මත්පැන් පානය නොකරන ලදි. අනුන් කෙරෙහි මට ඇල්මක් හෝ ක්‍රෝධයක් නැත. මේ සතර අංගයන්ගෙන් යුක්ත වෙමියි කීය.
අථ නං රාජා, භො ඡත්තපාණි, “අනුසූයකොස්මී”ති වදසීති. “ආම, දෙව, අනුසූයකොම්හී”ති. “කිං ආරම්මණං දිස්වා අනුසූයකො ජාතොසී”ති? “සුණාහි දෙවා”ති අත්තනො අනුසූයකකාරණං කථෙන්තො ඉමං ගාථමාහ –
ඉක්බිති රජතුමා එම්බා “ඡත්තපාණි” ඊර්ෂ්‍යා නොකරන්නෙක් වෙමියි කියන්නෙහිදැයි ඔහුගෙන් ඇසීය. එසේය දේවයන් වහන්ස! ඊර්ෂ්‍යා නොකරන්නෙක්මි. කිනම් අරමුණක් දැක ඊර්ෂ්‍යා නොකරන්නෙක් වූවෙහිද? දේවයන් වහන්ස! අසන සේක්වා! තම ඊර්ෂ්‍යා නොකරන කාරණය කියමින්
“ඉත්ථියා කාරණා රාජ, බන්ධාපෙසිං පුරොහිතං; සො මං අත්ථෙ නිවෙදෙසි, තස්මාහං අනුසූයකො”ති.
ඉත්ථියා කාරණං රාජ බන්ධාපෙසිං පුරොහිතං, සො මං අත්ථෙ නිවෙසෙසි තස්මාහං අනසුය්යකො
යන මේ ගාථාව කීවේය.
රජතුමනි! බිසවුගේ කීමට පුරෝහිත බමුණා බන්ධනයට පැමිණවීමි. හෙතෙම මාව යහපතෙහි පිහිටවීය. ඒ නිසා මම ඊර්ෂ්‍යා නොකරන්නෙක් වෙමි.
තස්සත්ථො – අහං, දෙව, පුබ්බෙ ඉමස්මිංයෙව බාරාණසිනගරෙ තාදිසොව රාජා හුත්වා ඉත්ථියා කාරණා පුරොහිතං බන්ධාපෙසිං.
එහි අර්ථය දේවයන් වහන්ස! මම පෙර මෙම බරණැස් නගරයෙහිම නුඹ වැනිම රජකෙනෙක් වී බිසවගේ කීමට පෙරවි බමුණා බන්ධනයට පැමිණ වූයෙමි.
“අබද්ධා තත්ථ බජ්ඣන්ති, යත්ථ බාලා පභාසරෙ; බද්ධාපි තත්ථ මුච්චන්ති, යත්ථ ධීරා පභාසරෙ”ති. (ජා· 1.1.120) –
අබද්ධා බජ්ඣන්ති යත්ථ බාලා පභාසරෙ, බද්ධාපි තත්ථ මුච්චන්ති යත්ථ ධීරා පභාසරෙ
බාලයෝ (මෝඩයෝ) බැබළෙන (බලවත්) තැන නො බැඳුණු අය බඳිනු ලැබෙත්. නුවණැත්තෝ බැබලෙන තැන බැඳුණු අයද මුදනු ලැබෙත්.
ඉමස්මිඤ්හි ජාතකෙ ආගතනයෙනෙව එකස්මිං කාලෙ අයං ඡත්තපාණි රාජා හුත්වා චතුසට්ඨියා පාදමූලිකෙහි සද්ධිං සම්පදුස්සිත්වා බොධිසත්තං අත්තනො මනොරථං අපූරෙන්තං නාසෙතුකාමාය දෙවියා පරිභින්නො බන්ධාපෙසි. තදා නං බන්ධිත්වා ආනීතො බොධිසත්තො යථාභූතං දෙවියා දොසං ආරොපෙත්වා සයං මුත්තො රඤ්ඤා බන්ධාපිතෙ සබ්බෙපි තෙ පාදමූලිකෙ මොචෙත්වා “එතෙසඤ්ච දෙවියා ච අපරාධං ඛමථ, මහාරාජා”ති ඔවදි. සබ්බං හෙට්ඨා වුත්තනයෙනෙව විත්ථාරතො වෙදිතබ්බං. තං සන්ධායාහ –
මේ ජාතකයෙහි ආවා වූ ක්‍රමයටම එක් කලෙක මොහු ඡත්තපාණී රජ වී සේවකයන් හැටහතර දෙනෙකු සමග කිපී (ඔවුහුද) තමාගේ මනදොළ නොපුරන බෝසතුන් නසනු කැමති දේවිය විසින් සිදුවන ලද්දේ ඔහුද බැන්දවූහ. එකල බැඳ ගෙනෙන ලද බෝසතාණන් වහන්සේ දේවියගේ දොස් සිදුවූ පරිදි කියා තමා මිදුනාහු රජතුමා විසින් හිරකරන ලද ඒ සියලුම සේවකයන් ද නිදහස් කරවා ඔවුන්ගේද දේවියගේද අපරාධය ඉවසනු මහරජතුමනියි අවවාද කළහ. සියල්ලම යට කියන ලද ආකාරයටම විස්තර වශයෙන් දතයුතුයි. ඒ සඳහා
“ඉත්ථියා කාරණා රාජ, බන්ධාපෙසිං පුරොහිතං; සො මං අත්ථෙ නිවෙදෙසි, තස්මාහං අනුසූයකො”ති.
ඉත්ථියා කාරණා රාජ බන්ධාපෙසිං පුරොහිතං, සො මං අත්ථෙ නිවෙසෙසි - තස්මාහං අනුසුය්යකොයි
කීය.
තදා පන සොහං චින්තෙසිං – “අහං සොළස සහස්සඉත්ථියො පහාය එතං එකමෙව කිලෙසවසෙන සඞ්ගණ්හන්තොපි සන්තප්පෙතුං නාසක්ඛිං, එවං දුප්පූරණීයානං ඉත්ථීනං කුජ්ඣනං නාම නිවත්ථවත්ථෙ කිලිස්සන්තෙ ‘කස්මා කිලිස්සසී’ති කුජ්ඣනසදිසං හොති, භුත්තභත්තෙ ගූථභාවං ආපජ්ජන්තෙ ‘කස්මා එතං සභාවං ආපජ්ජසී’ති කුජ්ඣනසදිසං හොති. ‘ඉතො දානි පට්ඨාය යාව අරහත්තං න පාපුණාමි, තාව කිලෙසං නිස්සාය මයි උසූයා මා උප්පජ්ජතූ’”ති අධිට්ඨහිං. තතො පට්ඨාය අනුසූයකො ජාතො. ඉදං සන්ධාය – “තස්මාහං අනුසූයකො”ති ආහ.
එකල්හි වනාහි ඒ මම සිතුවෙමි. මම සොළොස් දහසක් ස්ත්‍රීන් හැර මේ එකම තැනැත්තියට කෙලෙස් වශයෙන් සංග්‍රහ කරන්නේ නමුදු තෘප්තියට (සෑහීමට) පත් කරන්නට නොහැකි වීමි. මෙසේ (ආසාව) පුරවන්නට අපහසු ස්ත්රීන්ගේ කිපීම නම් ඇඳිවත කිළිටිවන කල්හි කුමක් නිසා වස්ත්‍රය කිලිටි වන්නෙහිදැයි කියා කිපීමට සමානය. අනුභව කළ බත අසූචි බවට පත්වන කල්හි කුමක් නිසා මේ ස්වභාවයට පත් වූයෙහිදැයි කියා කීමට සමාන වෙයි. මෙතැන් පටන් යම්තාක් රහත් බටව නොපැමිණෙම්ද ඒ තාක් කෙලෙස් නිසා මට ඊර්ෂ්‍යාව නූපදීවායි අධිෂ්ඨාන කෙළෙමි. එතැන් පටන් ඊර්ෂ්‍යාව නැත්තෙක් වෙමි. මේ සඳහා තස්මාහං අනුසුය්‍යකො යි කීය.
අථ නං රාජා “සම්ම ඡත්තපාණි, කිං ආරම්මණං දිස්වා අමජ්ජපො ජාතොසී”ති පුච්ඡි. සො තං කාරණං ආචික්ඛන්තො ඉමං ගාථමාහ –
ඉක්බිති රජතුමා ඔහුට යහලු “ඡත්තපාණිය! කිනම් අරමුණක් දැක මත්පැන් නොබොන්නෙක් වූයෙහිදැයි විචාළේය. ඔහු ඒ කරුණ ප්‍රකාශ කරමින්
“මත්තො අහං මහාරාජ, පුත්තමංසානි ඛාදයිං; තස්ස සොකෙනහං ඵුට්ඨො, මජ්ජපානං විවජ්ජයි”න්ති.
මත්තො අහං මහාරාජ පුත්තමංසානි ඛාදයිං, තස්ස සොකෙනහං පුට්ඨො මජ්ජපාණං විවජ්ජයිං
යන මේ ගාථාව කීවේය.
“මහරජ! සුරාවෙන් මත්වූ මම පුතුගේ මස් කෑවෙමි. ඒ ශෝකයෙන් මඩනා ලද මම, මත්පැන් බීමෙන් වැළකුණෙමි.”
අහං, මහාරාජ, පුබ්බෙ තාදිසො බාරාණසිරාජා හුත්වා මජ්ජෙන විනා වත්තිතුං නාසක්ඛිං, අමංසකභත්තම්පි භුඤ්ජිතුං නාසක්ඛිං. නගරෙ උපොසථදිවසෙසු මාඝාතො හොති, භත්තකාරකො පක්ඛස්ස තෙරසියඤ්ඤෙව මංසං ගහෙත්වා ඨපෙසි, තං දුන්නික්ඛිත්තං සුනඛා ඛාදිංසු. භත්තකාරකො උපොසථදිවසෙ මංසං අලභිත්වා රඤ්ඤො නානග්ගරසභොජනං පචිත්වා පාසාදං ආරොපෙත්වා උපනාමෙතුං අසක්කොන්තො දෙවිං උපසඞ්කමිත්වා “දෙවි, අජ්ජ මෙ මංසං න ලද්ධං, අමංසකභොජනං නාම උපනාමෙතුං න සක්කොමි, කින්ති කරොමී”ති ආහ. “තාත, මය්හං පුත්තො රඤ්ඤා පියො මනාපො, පුත්තං මෙ දිස්වා රාජා තමෙව චුම්බන්තො පරිස්සජන්තො අත්තනො අත්ථිභාවම්පි න ජානාති, අහං පුත්තං මණ්ඩෙත්වා රඤ්ඤො ඌරුම්හි නිසීදාපෙය්යං, රඤ්ඤො පුත්තෙන සද්ධිං කීළනකාලෙ ත්වං භත්තං උපනෙය්යාසී”ති. සා එවං වත්වා අත්තනො පුත්තං අලඞ්කතාභරණං මණ්ඩෙත්වා රඤ්ඤො ඌරුම්හි නිසීදාපෙසි. රඤ්ඤො පුත්තෙන සද්ධිං කීළනකාලෙ භත්තකාරකො භත්තං උපනාමෙසි. රාජා සුරාමදමත්තො පාතියං මංසං අදිස්වා “මංසං කහ”න්ති පුච්ඡිත්වා “අජ්ජ, දෙව, උපොසථදිවසං මාඝාතතාය මංසං න ලද්ධ”න්ති වුත්තෙ “මය්හං මංසං නාම දුල්ලභ”න්ති වත්වා ඌරුම්හි නිසින්නස්ස පියපුත්තස්ස ගීවං වට්ටෙත්වා ජීවිතක්ඛයං පාපෙත්වා භත්තකාරකස්ස පුරතො ඛිපිත්වා “වෙගෙන සම්පාදෙත්වා ආහරා”ති ආහ. භත්තකාරකො තථා අකාසි, රාජා පුත්තමංසෙන භත්තං භුඤ්ජි. රඤ්ඤො භයෙන එකොපි කන්දිතුං වා රොදිතුං වා කථෙතුං වා සමත්ථො නාම නාහොසි.
මහරජතුමනි! මම පෙර නුඹ වගේම බරණැස් රජ වී මත්පැනින් තොරව පැවතීමට නොහැකි වීමි. මස් නැතිව බත් බුදින්නට නොහැකි වීමි. නගරයෙහි පොහෝ දිනයන්හි සතුන් මරන්නේ නැත. අරක්කැමියා පක්ෂයෙහි (දින 15 ක කාලය) දහතුන්වන දිනයෙහිම මස් ගෙනවිත් තැබුවේය. අපිළිවෙලට අනාරක්ෂිතව තැබූ ඒ මස් බල්ලෝ කෑවාහුය. අරක්කැමියා පොහෝ දිනයේ මස් නොලැබ රජතුමා නොයෙක් රසයෙන් යුත් බොජුන් පිස ප්‍රාසාදයට ගෙන ගොස් පිළිගන්වන්නට නොහැකි වන්නේ බිසවුන් වෙත එළඹ දේවීන් වහන්ස! අද මා විසින් මස් නොලබන ලදි. නිර්මාංස ආහාර ගෙනවිත් තැබීමට නොහැක්කෙමි. කුමක් කරම්දැයි කීවේය. දරුව! මගේ පුතා රජතුමාට ප්‍රියමනාපයි. මගේ පුතා දැක රජතුමා දරුවා සිඹිමින් වැළඳගනිමින් තමන් (බිසව) සිටින බවක්වත් නොදනියි. මමම පුතා සරසා රජතුමාගේ උකුලෙහි හිඳුවන්නෙමි. ඔහු පුතා සමග සෙල්ලම් කරන අවස්ථාවෙහි නුඹ බත් ගෙනවිත් තබවයි කීවාය. ඈ මෙසේ කියා තම සුරතල් පුතු සරසා රජතුමාගේ උකුලෙහි හිඳවූවාය. රජතුමා පුතා සමග සෙල්ලම් කරන අවස්ථාවෙහි අරක්කැමියා බත් පිළිගැන්වීය. රජතුමා සුරාමදයෙන් මත් වූයේ බඳුනෙහි මස් නොදැක මස් කොහිදැයි විචාරා, දේවයන් වහන්ස! අද පෝය නිසා සතුන් නොමරන බැවින් මස් නොලැබුණේ යයි කී කල්හි මට නම් මස් හිඟ නැතැයි කියා උකුලෙහි හුන් ආදරණීය පුතුගේ ගෙල කරකවා මරණයට පත්කොට අරක්කැමියා ඉදිරියට දමා වහා සකසාගෙන එවයි කීවේය. අරක්කැමියා එසේ කෙළේය. රජතුමා පුතුගේ මස් සමග බත් අනුභව කෙළේය. රජතුමාට බියෙන් හැඬීමට හෝ වැළපීමට හෝ කථා කිරීමට හෝ සමත් කෙනෙක්නම් නොවූහ.
රාජා භුඤ්ජිත්වා සයනපිට්ඨෙ නිද්දං උපගන්ත්වා පච්චූසකාලෙ පබුජ්ඣිත්වා විගතමදො “පුත්තං මෙ ආනෙථා”ති ආහ. තස්මිං කාලෙ දෙවී කන්දමානා පාදමූලෙ පති. “කිං, භද්දෙ”ති ච වුත්තෙ , “දෙව, හිය්යො තෙ පුත්තං මාරෙත්වා පුත්තමංසෙන භත්තං භුත්ත”න්ති ආහ. රාජා පුත්තසොකෙන රොදිත්වා කන්දිත්වා “ඉදං මෙ දුක්ඛං සුරාපානං නිස්සාය උප්පන්න”න්ති සුරාපානෙ දොසං දිස්වා “ඉතො පට්ඨාය යාව අරහත්තං න පාපුණාමි, තාව එවරූපං විනාසකාරකං සුරං නාම න පිවිස්සාමී”ති පංසුං ගහෙත්වා මුඛං පුඤ්ඡිත්වා අධිට්ඨාසි. තතො පට්ඨාය මජ්ජං නාම න පිවිං. ඉමමත්ථං සන්ධාය – “මත්තො අහං, මහාරාජා”ති ඉමං ගාථමාහ.
රජතුමා අනුභව කොට යහන් මතුයෙහි නින්දට එළඹ අළුයම් කාලයෙහි පිබිදී පහවූ මත් ගතිය ඇත්තේ මගේ පුතා ගෙනවයි කීවේය. ඒ අවස්ථාවෙහි දේවීන් වහන්සේ අඬමින් රජ පාමුල වැටුණාය. කිම සොඳුරියයි! කී කල්හි දේවයන් වහන්ස, ඊයේ නුඹ වහන්සේ විසින් පුතා මරා පුතාගේ මස් සමග බත් අනුභව කරන ලදීයයි කීවාය. රජතුමා පුත්‍ර ශෝකයෙන් අඬා වැළපී මට මේ දුක සුරාපානය නිසා උපන්නක් යයි සිතා සුරාපානයෙහි දොස් දැක මෙතැන් පටන් යම්තාක් රහත් බවට නොපැමිණෙම්ද ඒ තාක් මෙබඳු විනාශකාරී සුරාව නම් නොබොන්නෙමියි පස්ගෙන මුඛය පිසදමා අධිෂ්ඨාන කෙළේය. එතැන් පටන් මත්පැන් නම් නොබීවෙමි. මේ කරුණු පැහැදිලි කිරීම සඳහා මත්තො අහං මහාරාජා යන මේ ගාථාව කීවේය.
අථ නං රාජා “කිං පන, සම්ම ඡත්තපාණි, ආරම්මණං දිස්වා නිස්නෙහො ජාතොසී”ති පුච්ඡි. සො තං කාරණං ආචික්ඛන්තො ඉමං ගාථමාහ –
ඉක්බිති රජතුමා ඔහුට යහලුව! කිනම් අරමුණක් දැක ඇලුම් නැත්තෙක් වූයේදැයි විචාළේය. ඔහු ඒ කරුණ කියමින්
“කිතවාසො නාමහං රාජ, පුත්තො පච්චෙකබොධි මෙ; පත්තං භින්දිත්වා චවිතො, නිස්නෙහො තස්ස කාරණා”ති.
කිතවාසො නාමහං රාජා පුත්තො පච්චෙක බොධිමෙ, පත්තං භින්දිත්වා චවිතො නිසෙනහෙ තස්ස කාරණා
යන මේ ගාථාව කීවේය.
“රජතුමනි! මම කිතවාස නම් රජුගේ පුතා වූයෙමි. පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය බිඳ දමා අපාගත වූයෙමි. කිසිවක් කෙරෙහි ඇල්මක් නැත්තේ ඒ කාරණය නිසාය.”
මහාරාජ, පුබ්බෙ අහං බාරාණසියංයෙව කිතවාසො නාම රාජා. තස්ස මෙ පුත්තො විජායි. ලක්ඛණපාඨකා තං දිස්වා “මහාරාජ, අයං කුමාරො පානීයං අලභිත්වා මරිස්සතී”ති ආහංසු. “දුට්ඨකුමාරො”තිස්ස නාමං අහොසි. සො විඤ්ඤුතං පත්තො ඔපරජ්ජං කාරෙසි, රාජා කුමාරං පුරතො වා පච්ඡතො වා කත්වා විචරි, පානීයං අලභිත්වා මරණභයෙන චස්ස චතූසු ද්වාරෙසු අන්තොනගරෙසු ච තත්ථ තත්ථ පොක්ඛරණියො කාරෙසි, චතුක්කාදීසු මණ්ඩපෙ කාරෙත්වා පානීයචාටියො ඨපාපෙසි. සො එකදිවසෙ අලඞ්කතපටියත්තො පාතොව උය්යානං ගච්ඡන්තො අන්තරාමග්ගෙ පච්චෙකබුද්ධං පස්සි. මහාජනොපි පච්චෙකබුද්ධං දිස්වා තමෙව වන්දති පසංසති, අඤ්ජලිඤ්චස්ස පග්ගණ්හාති.
මහරජතුමනි! පෙර මම බරණැස් නුවර කිතවාස නම් රජ වීමි. ඒ මට පුතෙක් උපන්නේය. දේහ ලක්ෂණ පාඨකයෝ කුමරු දැක මහරජතුමනි! මේ කුමාරයා පැන් නොලබා මැරෙන්නේ යයි කීවාහුය. දුෂ්ට කුමාරයා යයි ඔහුට නම් තැබීය. ඔහු වැඩිවියට පත්වූයේ යුවරජකම කරවීය. රජතුමා දුෂ්ට කුමාරයා පසුපස හෝ ඉදිරිපස හෝ තබාගෙන හැසිරෙයි. පැන් නොලැබ මැරෙන්නේය යන බියෙන් සතර දොරටුවෙහිද නගරය ඇතුළතද ඒ ඒ තැන ඔහු වෙනුවෙන් පොකුණු කරවීය. සතර මංසන්ධිවල මණ්ඩප කරවා පැන්තාලි තැබ්බවීය. හෙතෙම (කුමරා) එක් දිනක් අලංකාරයෙන් සැරසී තමන්ම උයනට යන්නේ අතරමගදී පසේ බුදුවරයෙකු දුටුවේය. මහජනයා පසේ බුදුරජුන් දැක උන්වහන්සේටම වඳිති. පසසති. ඇඳිලි බඳිති.
කුමාරො චින්තෙසි – “මාදිසෙන සද්ධිං ගච්ඡන්තා ඉමං මුණ්ඩකං වන්දන්ති පසංසන්ති, අඤ්ජලිඤ්චස්ස පග්ගණ්හන්තී”ති. සො කුපිතො හත්ථික්ඛන්ධතො ඔරුය්හ පච්චෙකබුද්ධං උපසඞ්කමිත්වා “ලද්ධං තෙ, සමණ, භත්ත”න්ති වත්වා “ආම, කුමාරා”ති වුත්තෙ තස්ස හත්ථතො පත්තං ගහෙත්වා භූමියං පාතෙත්වා සද්ධිං භත්තෙන මද්දිත්වා පාදප්පහාරෙන චුණ්ණවිචුණ්ණං අකාසි. පච්චෙකබුද්ධො “නට්ඨො වතායං සත්තො”ති තස්ස මුඛං ඔලොකෙසි. කුමාරො “අහං, සමණ, කිතවාසරඤ්ඤො පුත්තො, නාමෙන දුට්ඨකුමාරො නාම, ත්වං මෙ කුද්ධො අක්ඛීනි උම්මීලෙත්වා ඔලොකෙන්තො කිං කරිස්සසී”ති ආහ.
රජකුමරා, මා වැන්නෙකු සමග යන්නෝ මේ මුඩු මහණාට වඳිත්. පසසත්. ඇඟිලි බඳිත් යයි සිතුවේය. ඔහු කිපුනේ ඇතා පිටින් බැස පසේබුදුන් වෙත එළඹ ශ්‍රමණය, ඔබ විසින් බත් ලබන ලදීදැයි අසා එසේය කුමාරයෙනියි වදාළ කල්හි උන්වහන්සේගේ අතින් පාත්‍රය ගෙන බිම හෙළා බත් සමග පොඩි කර පා පහරින් සුණු විසුණු කෙළේය. පසේබුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් මේ සත්ත්වයා විනාශ වීයයි සිතා ඔහුගේ මුහුණ බැලූ සේක. කුමාරයා ශ්‍රමණය! මම කිතවාස රජුගේ පුත්‍රයාය. නමින් දුෂ්ට කුමාරයාය. නුඹ මා කෙරෙහි කිපී ඇස් ඇර (ඔරවා) බලන්නේ කුමක් කරන්නෙහිදැයි ඇසීය.
පච්චෙකබුද්ධො ඡින්නභත්තො හුත්වා වෙහාසං අබ්භුග්ගන්ත්වා උත්තරහිමවන්තෙ නන්දනමූලපබ්භාරමෙව ගතො. කුමාරස්සාපි තඞ්ඛණඤ්ඤෙව පාපකම්මං පරිපච්චි. සො “ඩය්හාමි ඩය්හාමී”ති සමුග්ගතසරීරඩාහො තත්ථෙව පති. තත්ථ තත්ථෙව යත්තකං පානීයං, තත්තකං පානීයං සබ්බං ඡිජ්ජි, මාතිකා සුස්සිංසු, තත්ථෙව ජීවිතක්ඛයං පත්වා අවීචිම්හි නිබ්බත්ති. රාජා තං පවත්තිං සුත්වා පුත්තසොකෙන අභිභූතො චින්තෙසි – “අයං මෙ සොකො පියවත්ථුතො උප්පජ්ජි, සචෙ මෙ ස්නෙහො නාභවිස්ස, සොකො න උප්පජ්ජිස්ස, ඉතො දානි මෙ පට්ඨාය සවිඤ්ඤාණකෙ වා අවිඤ්ඤාණකෙ වා කිස්මිඤ්චි වත්ථුස්මිං ස්නෙහො නාම මා උප්පජ්ජතූ”ති අධිට්ඨාසි, තතො පට්ඨාය ස්නෙහො නාම නත්ථි. තං සන්ධාය “කිතවාසො නාමාහ”න්ති ගාථමාහ.
පසේ බුදුරජාණන් වහන්සේ සිඳුණු බත් ඇතිව (දානය නොලැබ) අහසට පැන නැගී උතුරු හිමාලයෙහි පිහිටි ගන්ධමූල පර්වත පෙදෙසටම වැඩි සේක. කුමාරයාටද ඒ අවස්ථාවෙහිදීම කළා වූ පව විපාක දුන්නේය. හෙතෙම දැවෙන්නෙමියි හටගත් ශරීර දාහයෙන් එහි වැටුනේය. තිබූතාක් සියලු පැන් සිඳුනේය. සැලිවල ජලයද සිඳී ගියේය. ඔහු එතනම මරණයට පත්ව අපායෙහි උපන්නේය. රජතුමා ඒ පුවත අසා පුත්‍ර ශෝකයෙන් මඬනා ලද්දේ මෙසේ සිතුවේය. මට මේ ශෝකය ප්‍රිය වස්තුවක් නිසා උපන්නේය. ඉදින් මට ස්නේහයක් නොතිබුණා නම් ශෝකයක්ද නොවන්නේය. මෙතැන් පටන් මට සිත් ඇති නැති කිසිම වස්තුවක් කෙරෙහි ආදරයක් නම් නූපදීවායි අධිෂ්ඨාන කෙළේය. එතැන් පටන් මොහුට ස්නේහයක් නම් නැත. ඒ සඳහා “කිතවාසො නාම හං” යන ගාථාව කීවේය.
තත්ථ පුත්තො පච්චෙකබොධි මෙ. පත්තං භින්දිත්වා චවිතොති මම පුත්තො පච්චෙකබොධිපත්තං භින්දිත්වා චවිතොති අත්ථො. නිස්නෙහො තස්ස කාරණාති තදා උප්පන්නස්නෙහවත්ථුස්ස කාරණා අහං නිස්නෙහො ජාතොති අත්ථො.
එහි, පුත්තො පච්චෙකබොධිමෙ පත්තං භින්දිත්වා චවිතො යනු මගේ පුතා පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය බිඳ චුත වුණේය යන අර්ථයි. නිස්නෙහො තස්ස කාරණා යනු එදා උපන්නා වූ ස්නේහ වස්තුව පිළිබඳ කාරණයෙන් ස්නේහ නැත්තෙක් වූයේය යන අර්ථයි.
අථ නං රාජා “කිං පන, සම්ම, ආරම්මණං දිස්වා නික්කොධො ජාතොසී”ති පුච්ඡි. සො තං කාරණං ආචික්ඛන්තො ඉමං ගාථමාහ –
ඉක්බිති රජතුමා යහලුව, කුමන අරමුණක් දැක ක්‍රෝධ නැත්තෙක් වූයේදැයි ඔහුගෙන් විචාළේය. ඔහු ඒ කරුණ ප්‍රකාශ කරමින්
“අරකො හුත්වා මෙත්තචිත්තං, සත්ත වස්සානි භාවයිං; සත්ත කප්පෙ බ්රහ්මලොකෙ, තස්මා අක්කොධනො අහ”න්ති.
අරකො හුත්වා මෙත්ත චිත්තං සත්ත වස්සානි භාවයිං, සත්ත කප්පෙ බ්රහ්මලෝකෙ තස්මා අක්කොධනො අහන්ති
යන මේ ගාථාව කීවේය.
තස්සත්ථො – අහං, මහාරාජ, අරකො නාම තාපසො හුත්වා සත්ත වස්සානි මෙත්තචිත්තං භාවෙත්වා සත්ත සංවට්ටවිවට්ටකප්පෙ බ්රහ්මලොකෙ වසිං, තස්මා අහං දීඝරත්තං මෙත්තාභාවනාය ආචිණ්ණපරිචිණ්ණත්තා අක්කොධනො ජාතොති.
එහි අර්ථය, මහරජතුමනි! මම අරක නම් තාපසව සත්වසක් මෛත්‍රී සිත වඩා සංවට්ට-විවට්ට (ලොව වැනසෙන හා යලි වැඩෙන) කල්ප හතක් බඹලොව විසුවෙමි. ඒ නිසා මම දිගුකලක් මෛත්‍රී භාවනාව පුරුදු කළ බැවින් ක්‍රෝධ නොකරන්නෙක් වුණෙමි.
එවං ඡත්තපාණිනා අත්තනො චතූසු අඞ්ගෙසු කථිතෙසු රාජා පරිසාය ඉඞ්ගිතසඤ්ඤං අදාසි. තඞ්ඛණඤ්ඤෙව අමච්චා ච බ්රාහ්මණගහපතිකාදයො ච උට්ඨහිත්වා “අරෙ ලඤ්ජඛාදක දුට්ඨචොර, ත්වං ලඤ්ජං අලභිත්වා පණ්ඩිතං උපවදිත්වා මාරෙතුකාමො ජාතො”ති කාළකං සෙනාපතිං හත්ථපාදෙසු ගහෙත්වා රාජනිවෙසනා ඔතාරෙත්වා ගහිතගහිතෙහෙව පාසාණමුග්ගරෙහි සීසං භින්දිත්වා ජීවිතක්ඛයං පාපෙත්වා පාදෙසු ගහෙත්වා කඩ්ඪන්තා සඞ්කාරට්ඨානෙ ඡඩ්ඩෙසුං. තතො පට්ඨාය රාජා ධම්මෙන රජ්ජං කාරෙන්තො යථාකම්මං ගතො.
මෙසේ “ඡත්තපාණි” විසින් තමන්ගේ සිව් අංගය කී කල්හි රජතුමා පිරිසට ඉඟියක් දුන්නේය. ඒ අවස්ථාවේදීම අමාත්‍යවරුද බමුණු ගහපතිවරුද නැගිට එම්බා අල්ලස් කන දුෂ්ට සොර, නුඹ අල්ලස් නොලැබ පඬිතුමාට දොස් කියා මරවනු කැමැත්තේ වීයයි කාළකගේ අත්පාවලින් ගෙන රජ මාලිගයෙන් බස්වා ගත් ගල් මුගුරුවලින් හිස පලා මරණයට පත්කොට පාවලින් ගෙන අදින්නේ කසල ගොඩට ඇද දැමූහ. එතැන් පටන් රජතුමා දැහැමින් රජකොට කම් වූ පරිද්දෙන් මියපරළොව ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා කාළකසෙනාපති දෙවදත්තො අහොසි, ඡත්තපාණිකප්පකො සාරිපුත්තො, සක්කො අනුරුද්ධො, ධම්මධජො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල්හි ‘කාළක’ සේනාපති වූයේ දෙව්දත්ය. ‘ඡත්තපාණි’ නම් කපුවා සැරියුත්ය. ‘ධම්මද්ධජ’ පඬිතුමා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
ධම්මධජජාතකවණ්ණනා දසමා.
බීරණථම්භවග්ගො සත්තමො.
සත්වන බීරණත්ථම්භක වර්ගය නිමියේය.
තස්සුද්දානං –
සොමදත්තඤ්ච උච්ඡිට්ඨං, කුරු පුණ්ණනදීපි ච; කච්ඡපමච්ඡසෙග්ගු ච, කූටවාණිජගරහි; ධම්මධජන්ති තෙ දස.