1. කාසාවජාතකවණ්ණනා 221 අට්ඨකථා
1. කාසාවජාතකවණ්ණනා (221)
1. කාසාව ජාතකය (221)
අනික්කසාවො කාසාවන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො දෙවදත්තං ආරබ්භ කථෙසි. වත්ථු පන රාජගහෙ සමුට්ඨිතං. එකස්මිං සමයෙ ධම්මසෙනාපති පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං වෙළුවනෙ විහරති. දෙවදත්තොපි අත්තනො අනුරූපාය දුස්සීලපරිසාය පරිවුතො ගයාසීසෙ විහරති. තස්මිං සමයෙ රාජගහවාසිනො ඡන්දකං සඞ්ඝරිත්වා දානං සජ්ජයිංසු. අථෙකො වොහාරත්ථාය ආගතවාණිජො ඉමං සාටකං විස්සජ්ජෙත්වා “මම්පි පත්තිකං කරොථා”ති මහග්ඝං ගන්ධකාසාවං අදාසි. නාගරා මහාදානං පවත්තයිංසු, සබ්බං ඡන්දකෙන සඞ්කඩ්ඪිතං කහාපණෙහෙව නිට්ඨාසි. සො සාටකො අතිරෙකො අහොසි. මහාජනො සන්නිපතිත්වා “අයං ගන්ධකාසාවසාටකො අතිරෙකො. කස්ස නං දෙම, කිං සාරිපුත්තත්ථෙරස්ස, උදාහු දෙවදත්තස්සා”ති මන්තයිංසු.
අනික්කසාවො කාසාවං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දෙව්දත් තෙරුන් මුල්කරගෙන දේශනා කළ සේක. කථා වස්තුව වනාහි රජගහ නුවරදී හටගත්තේය. එක් සමයෙක්හි දම්සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේලා සමග වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක. දෙව්දත් තෙරුන් වහන්සේද තමන්ට අනුරූප වූ (ගැළපෙන) දුසිල් භික්ෂු පිරිසක් පිරිවරාගෙන ගයා ශිර්ෂයෙහි වැඩවාසය කරන සේක. එකල්හි රජගහ නුවරවාසීහු සම්මාදම්කොට දානයක් පිළියෙල කළහ. ඉක්බිති වෙළඳාම සඳහා පැමිණි එක් වෙළෙන්දෙක් මේ සළුව (විකුණා මුදල්ගෙන) වියදම්කොට මාද පිංකමට කොටස්කරුවෙකු කරනු මැනවැයි කියා වටිනා සුවඳ කහවතක් දුන්නේය. නුවරවැසියෝ මහදන් පැවැත්වූහ. සියල්ල සම්මාදම්කොට එකතු කරන ලද කහවණුවලින්ම අවසන් විය. ඒ සළුව අතිරේක පූජාවක් විය. මහජනයා රැස්වී මේ සුවඳ කහවත් සළුව අතිරේක එකකි. එය කාට දෙමුද? සැරියුත් තෙරුන් වහන්සේටද නැතිනම් දෙව්දත් තෙරුන් වහන්සේටදැයි සාකච්ඡා කළහ.
තත්ථෙකෙ “සාරිපුත්තත්ථෙරස්සා”ති ආහංසු. අපරෙ “සාරිපුත්තත්ථෙරො කතිපාහං වසිත්වා යථාරුචි පක්කමිස්සති , දෙවදත්තත්ථෙරො පන නිබද්ධං අම්හාකං නගරමෙව උපනිස්සාය විහරති, මඞ්ගලාමඞ්ගලෙසු අයමෙව අම්හාකං අවස්සයො, දෙවදත්තස්ස දස්සාමා”ති ආහංසු. සම්බහුලිකං කරොන්තෙසුපි “දෙවදත්තස්ස දස්සාමා”ති වත්තාරො බහුතරා අහෙසුං, අථ නං දෙවදත්තස්ස අදංසු. දෙවදත්තො තස්ස දසා ඡින්දාපෙත්වා ඔවට්ටිකං සිබ්බාපෙත්වා රජාපෙත්වා සුවණ්ණපට්ටවණ්ණං කත්වා පාරුපි. තස්මිං කාලෙ තිංසමත්තා භික්ඛූ රාජගහා නික්ඛමිත්වා සාවත්ථිං ගන්ත්වා සත්ථාරං වන්දිත්වා කතපටිසන්ථාරා තං පවත්තිං ආරොචෙත්වා “එවං, භන්තෙ, අත්තනො අනනුච්ඡවිකං අරහද්ධජං පාරුපී”ති ආරොචෙසුං. සත්ථා “න, භික්ඛවෙ, දෙවදත්තො ඉදානෙව අත්තනො අනනුරූපං අරහද්ධජං පරිදහති, පුබ්බෙපි පරිදහියෙවා”ති වත්වා අතීතං ආහරි.
එහිදී ඇතැමෙක් සැරියුත් මහතෙරුන් වහන්සේට දෙමුයි කීවාහුය. අනිත් පිරිස සැරියුත් තෙරුන් වහන්සේ ටිකදිනක් වාසයකොට කැමති පරිදි පිටව යති. දෙව්දත් තෙරුන් වහන්සේ නිරතුරුව අපේ නගරය ඇසුරුකොට වාසය කරති. උන්වහන්සේ මංගල අවමංගල කටයුතුවලදී අපට පිහිට වෙති. දෙව්දත් තෙරුන්ට දෙමුයි කීහ. බොහෝ වාරයක් මේ ගැන කතාබහ කළ කල්හිත් දෙව්දත් තෙරුන් වහන්සේට දෙමුයි කියන අය වැඩිවූහ. ඉක්බිති ඒ සළුව වැඩි කැමැත්ත අනුව දෙව්දත් තෙරුන් වහන්සේට දුන්නාහුය. දෙව්දත් තෙරුන් වහන්සේ එහි කඩ කප්පවා වාටි මසා පඬු පොවා රන් පටියක පැහැ ගන්වා පෙරවූ සේක. එකල තිහක් පමණ භික්ෂූහු රජගහ නුවරින් සැවැත්නුවරට වැඩම කර බුදුරජාණන් වහන්සේට වැඳ කරන ලද පිළිසඳර ඇත්තාහු ඒ පුවත ප්‍රකාශකොට ස්වාමීනි! මෙසේ දෙව්දත් තෙරුන් වහන්සේ තමන්ට නුසුදුසු අරහත් ධජය පොරවන ලදැයි දැන්වූහ. බුදුරජාණන් වහන්සේ මහණෙනි! දෙව්දත් තමන්ට යෝග්‍ය නොවන අරහත් ධජය පොරවන ලද්දේ දැන් පමණක් නොව, පෙරත් එසේ පොරවන ලදැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො හිමවන්තපදෙසෙ හත්ථිකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො අසීතිසහස්සමත්තවාරණපරිවාරො යූථපති හුත්වා අරඤ්ඤායතනෙ වසති. අථෙකො දුග්ගතමනුස්සො බාරාණසියං විහරන්තො දන්තකාරවීථියං දන්තකාරෙ දන්තවලයාදීනි කරොන්තෙ දිස්වා “හත්ථිදන්තෙ ලභිත්වා ගණ්හිස්සථා”ති පුච්ඡි. තෙ “ආම ගණ්හිස්සාමා”ති ආහංසු. සො ආවුධං ආදාය කාසාවවත්ථවසනො පච්චෙකබුද්ධවෙසං ගණ්හිත්වා පටිසීසකං පටිමුඤ්චිත්වා හත්ථිවීථියං ඨත්වා ආවුධෙන හත්ථිං මාරෙත්වා දන්තෙ ආදාය බාරාණසියං වික්කිණන්තො ජීවිකං කප්පෙසි. සො අපරභාගෙ බොධිසත්තස්ස පරිවාරහත්ථීනං සබ්බපච්ඡිමං හත්ථිං මාරෙතුං ආරභි. හත්ථිනො දෙවසිකං හත්ථීසු පරිහායන්තෙසු “කෙන නු ඛො කාරණෙන හත්ථිනො පරිහායන්තී”ති බොධිසත්තස්ස ආරොචෙසුං.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ හිමාලය වන පෙදෙසෙහි ඇත් කුලයෙහි ඉපදී වැඩිවියට පත්ව අසූදහසක් පමණ හස්ති සමූහයා පිරිවරාගෙන ඇත් රැළේ නායකයා වී වනයෙහි වාසය කරති. ඉක්බිති එක් දිළිඳු මිනිසෙක් බරණැස් නගරයෙහි හැසිරෙන්නේ ඇත් දත්වලින් වැඩකරන මිනිසුන් සිටින වීථියක කැටයම් කපා වළලු ආදිය කරන අය දැක ඇත් දළ ලැබුණොත් ගන්නාහුදැයි විචාළේය. ඔවුහු එසේය ගන්නෙමුයි කීවාහුය. ඔහු ආයුධයක් රැගෙන කහවතක් හැඳගෙන පසේබුදුවරයෙකුගේ වේසය ගෙන ආයුධය සඟවාගෙන හිස්මුදුන බැඳගෙන ඇතුන් ගමන් කරන මාර්ගය අසල සිට ආයුධයෙන් ඇතුන් මරා දළ රැගෙන බරණැස් නුවරට විකුණමින් දිවි ගෙවීය. හෙතෙම පසුකලෙක බෝසතාණන් වහන්සේගේ පිරිවර ඇතුන්ගෙන් සියල්ලට පසුව යන ඇතා මරන්නට පටන් ගත්තේය. ඇත්තු දිනපතා එකිනෙකා අඩු වන්නට වූ කල්හි කිසියම් කාරණාවක් නිසා ඇතුන් අඩුවෙතියි බෝසතාණන් වහන්සේට සැලකළාහ.
බොධිසත්තො පරිග්ගණ්හන්තො “පච්චෙකබුද්ධවෙසං ගහෙත්වා හත්ථිවීථිපරියන්තෙ එකො පුරිසො තිට්ඨති, කච්චි නු ඛො සො මාරෙති, පරිග්ගණ්හිස්සාමි න”න්ති එකදිවසං හත්ථී පුරතො කත්වා සයං පච්ඡතො අහොසි. සො බොධිසත්තං දිස්වා ආවුධං ආදාය පක්ඛන්දි. බොධිසත්තො නිවත්තිත්වා ඨිතො “භූමියං පොථෙත්වා මාරෙස්සාමි න”න්ති සොණ්ඩං පසාරෙත්වා තෙන පරිදහිතානි කාසාවානි දිස්වා “ඉමං අරහද්ධජං මයා ගරුං කාතුං වට්ටතී”ති සොණ්ඩං පටිසංහරිත්වා “අම්භො පුරිස, නනු එස අරහද්ධජො අනනුච්ඡවිකො තුය්හං, කස්මා එතං පරිදහසී”ති ඉමා ගාථා අවොච –
බෝසතාණන් වහන්සේ පරීක්ෂා කරන්නාහු පසේ බුදුවරයෙකුගේ වෙස්ගෙන ඇතුන් ගමන කරන මාර්ගයෙහි කෙළවරක එක් පුරුෂයෙක් සිටියි. ඔහු ඇතුන් මරයිද නොමරයිදැයි පරීක්ෂා කරන්නෙමියි දිනක් ඇතුන් පෙරටු කොට තමන් පසුපසට විය. හත්ථි ඝාතකයා බෝසත් ඇතා දැක ආයුධය ගෙන ඉදිරියට පැන්නේය. බෝධිසත්ත්වයන් වහන්සේ නැවතී සිටියේ පොළොවේ ගසා මරන්නෙමියි හොඬවැළ දිගුකොටත් ඔහු පොරවාගෙන සිටි කහවත දැක මේ අරහත් ධජයට මා විසින් ගරුකළ යුතුයි සිතා සොඬවැල හකුලා එම්බා පුරුෂය! මේ අරහත් ධජයක් නොවේද? නුඹට නුසුදුසුයි. නුඹ කුමක් නිසා මේ සිවුර පොරවහිද?
“අනික්කසාවො කාසාවං, යො වත්ථං පරිදහිස්සති; අපෙතො දමසච්චෙන, න සො කාසාවමරහති.
අනික්කසාවො කාසාවං යො වත්ථං පරිදහෙස්සති, අපෙතො දමසච්චෙන නසො කාසාව මරහති
“යො ච වන්තකසාවස්ස, සීලෙසු සුසමාහිතො; උපෙතො දමසච්චෙන, ස වෙ කාසාවමරහතී”ති.
යොච වන්තකසා වස්ස සීලෙසු සුසමාහිතො, උපෙතො දම සච්චෙන සවෙ කාසාව මරහති
යන මේ ගාථාව කීවේය.
පහ නොකළ කෙළෙස් කසට ඇති යමෙක් කහවත් (සිවුරු) දරයිද, ඉන්ද්රිය දමනයෙන් හා සත්‍යාවබෝධයෙන් පහවූ ඒ පුද්ගලයා කහවත් දැරීමට සුදුසු නැත.
යමෙක් දුරුකරන ලද කෙලෙස් කසට ඇත්තේද හෙවත් කෙලෙස් නසන ලද්දේද සීලයෙහි මනාකොට පිහිටියේද ඉන්ද්රිය දමනයෙන් හා පරමාර්ථ සත්‍යයෙන් යුක්තද හෙතෙමේ ඒකාන්තයෙන් කසාවතට (සිවුරට) සුදුසුයි.
තත්ථ අනික්කසාවොති කසාවො වුච්චති රාගො දොසො මොහො මක්ඛො පළාසො ඉස්සා මච්ඡරියං මායා සාඨෙය්යං ථම්භො සාරම්භො මානො අතිමානො මදො පමාදො, සබ්බෙ අකුසලා ධම්මා සබ්බෙ දුච්චරිතා සබ්බං භවගාමිකම්මං දියඩ්ඪකිලෙසසහස්සං, එසො කසාවො නාම. සො යස්ස පුග්ගලස්ස අප්පහීනො සන්තානතො අනිස්සට්ඨො අනික්ඛන්තො, සො අනික්කසාවො නාම. කාසාවන්ති කසායරසපීතං අරහද්ධජභූතං. යො වත්ථං පරිදහිස්සතීති යො එවරූපො හුත්වා එවරූපං වත්ථං පරිදහිස්සති නිවාසෙති චෙව පාරුපති ච. අපෙතො දමසච්චෙනාති ඉන්ද්රියදමසඞ්ඛාතෙන දමෙන ච නිබ්බානසඞ්ඛාතෙන ච පරමත්ථසච්චෙන අපෙතො පරිවජ්ජිතො. නිස්සක්කත්ථෙ වා කරණවචනං, එතස්මා දමසච්චා අපෙතොති අත්ථො. “සච්ච”න්ති චෙත්ථ වචීසච්චං චතුසච්චම්පි වට්ටතියෙව. න සො කාසාවමරහතීති සො පුග්ගලො අනික්කසාවත්තා අරහද්ධජං කාසාවං න අරහති අනනුච්ඡවිකො එතස්ස.
එහි, අනික්කසාවො යනු කහවත යයි කියයි. රාගය, ද්වේශය, මෝහය, මක්ඛය (ගුණමකු බව), පලාස (අනුන්ගේ දොස් කීම), ඉස්සා (ඊර්ෂ්‍යාව), මච්ඡරිය (මසුරුකම), මායා (කළ වැරදි සඟවන ස්වභාවය) සාඨෙය්‍ය (නැති ගුණ පෙන්වන ස්වභාවය), ථම්භ (තද ගතිය), සාරම්හ (එකට එක කිරීම), අභිමානය, මදය (තරුණ මද ආදිය) ප්‍රමාදය යනාදී සියලු අකුසල ධර්මයෝ සියලු දුසිරිත්, භවගාමී එක්දාස් පන්සියයක් සියලු කෙලෙස් මේ කාසාව නමි. එය (කෙලෙස්) යම් පුද්ගලයෙකුගේ අප්‍රහීණ ද ස්වකීය සන්තානයෙන් අත් නොහරින ලදද, නොහික්මුනේද ඒ පුද්ගලයා අනික්කසාව නම් වේ. කාසාවං යනු කසට රස පොවන ලද අරහත් ධජයයි. යො වත්ථං පරිදහෙස්සති යනු යමෙක් මෙබඳු ස්වරූප ඇතිව මෙබඳු වස්ත්‍රයක් වැළඳ ගත්තේද, අඳින්නේද, පොරවන්නේද. අපෙතො දමසච්චෙන යනු ඉන්ද්රියයන් දමනය කිරීම් සංඛ්‍යාත වූ දමනයෙන්ද, නිර්වාණ සංඛ්‍යාත වූ පරම සත්‍යයෙන්ද පහවූයේ, වැළකුණේ නිස්සක්ක අර්ථයෙහි කරණ විභක්ති වචනය. අත්හරින ලද මේ ඉන්ද්රිය දමනයෙන් හා චතුරාර්ය සත්‍යයෙන් වෙන්වූයේ යන අර්ථයි. මෙහි සත්‍ය යන්නෙන් වාග් සත්‍යය හා චතුරාර්ය සත්‍යයද කියන ලද්දේමය. නසො කාසාව මරහති යනු ඒ පුද්ගලයා කෙලෙස් කසටින් වෙන් නොවූ නිසා අරහත් ධජ නම් වූ කහවත් දැරීමට නුසුදුසුය. ඒ සිවුර ඔහුට යෝග්‍ය නොවේමයි.
යො ච වන්තකසාවස්සාති යො පන පුග්ගලො යථාවුත්තස්සෙව කසාවස්ස වන්තත්තා වන්තකසාවො අස්ස. සීලෙසු සුසමාහිතොති මග්ගසීලෙසු චෙව ඵලසීලෙසු ච සම්මා ආහිතො, ආනෙත්වා ඨපිතො විය තෙසු පතිට්ඨිතො. තෙහි සීලෙහි සමඞ්ගීභූතස්සෙතං අධිවචනං. උපෙතොති සමන්නාගතො. දමසච්චෙනාති වුත්තප්පකාරෙන දමෙන ච සච්චෙන ච. ස වෙ කාසාවමරහතීති සො එවරූපො පුග්ගලො ඉමං අරහද්ධජං කාසාවං අරහති.
කසාවස්සා යනු යම් පුද්ගලයෙක් කියන ලද පරිදි ඒ කෙලෙස් නැතිවීමෙන් වමාරන ලද කෙලෙස් ඇත්තෙක් වේද, ඒ පුද්ගලයා සීලෙසු සුසමාහිතො යනු මාර්ග සීලයන් මෙන්ම ඵල සීලයන්හිද මනාව සන්සුන් වූයේද ගෙනවුත් තබන ලද්දක් මෙන් ඒවායෙහි පිහිටියේද ඒ සීලයෙන් යුක්ත වූ ඔහුට මෙය නාමයකි. උපෙතො යනු ඇත්තේ, යුක්ත වූයේ, දම සච්චෙනා යනු කියන ලද ආකාර ඇති ඉන්ද්රිය දමනයෙන් හා චතුරාර්ය සත්‍යයෙන්, සවෙකාසාව මරහති යනු එබඳු මේ පුද්ගලයා මේ අරහත් ධජයට කහවතට සුදුසුයි.
එවං බොධිසත්තො තස්ස පුරිසස්ස ඉමං කාරණං කථෙත්වා “ඉතො පට්ඨාය මා ඉධ ආගමි, ආගච්ඡසි චෙ, ජීවිතං තෙ නත්ථී’”ති තජ්ජෙත්වා පලාපෙසි.
මෙසේ බෝසතාණන් වහන්සේ ඒ පුරුෂයාට මේ කරුණ දේශනාකොට මෙතැන් පටන් මෙහි නොඑව. ඉදින් ආවෙහි නම් නුඹේ ජීවිතය නැතැයි තර්ජනයකොට පළවා හැරියහ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා හත්ථිමාරකපුරිසො දෙවදත්තො අහොසි, යූථපති පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එදා ඇතුන් මැරූ පුරුෂයා දෙව්දත්ය. ඇත් රැළේ නායකයා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
කාසාවජාතකවණ්ණනා පඨමා.