යෙදුමෙන් කියවන්න

8. කාසාවවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

8. කාසාව වර්‍ගය

297. අනික‍්කසාවො කාසාවං යො වත්‍ථං පරිදහෙස‍්සති, අපෙතො දමසච‍්චෙන න සො කාසාවමරහති.

297. ප්‍රහීණ නො කරන ලද කෙලෙස් කසට ඇති යමෙක් කාෂාය වස්ත්‍රය (සිවුර) හඳනේ පොරෝනේ ද ඉන්‍ද්‍රිය දමනයෙන් හා පරමාර්‍ත්‍ථ සත්‍යයෙන් (චතුස්සත්‍යාවබෝධයෙන්) පහ වූ හෙතෙමේ කසාවතට (සිවුරට) නුසුදුසු යි.

298. යො ච වන‍්තකසාවස‍්ස සීලෙසු සුසමාහිතො, උපෙතො දමසච‍්චෙන ස වෙ කාසාවමරහතී’ති.

298. යමෙක් දුරු කරන ලද කෙලෙස් කසට ඇත්තේ ද හෙවත් කෙලෙස් නසන ලද්දේ ද (ලෝකෝත්තර - මාර්‍ගඵල) ශීලයෙහි මනාකොට පිහිටියේ ද ඉන‍්‍ද්‍රිය දමනයෙන් හා පරමාර්‍ත්‍ථසත්‍යයෙන් යුක්ත ද හෙතෙමේ ඒකාන්තයෙන් කසාවතට (සිවුරට) සුදුසු යි.

1. කාසාවජාතකං.

1. කාසාව ජාතක යි.

299. ඉදං තදාචරියවචො පාරාසරියො යදබ්‍රවි, මා සු ත්‍වං අකරා පාපං යං ත්‍වං පච‍්ඡා කතං තපෙ

299. පාරාසරිය බමුණු තෙමේ, තෝ පාපය නො කරව, යම්බඳු පාපයක් කරන ලද ද තෝ පසුව තැවෙන්නෙහිය කියා යම් වචනයක් එකල්හි කීයේ ද මේ ආචාර්‍ය්‍යවචන යි.

300. යානි කාරොති පුරිසො තානි අත‍්තනි පස‍්සති, කල්‍යාණකාරී කල්‍යාණං පාපකාරී ච පාපකං, යාදිසං වපතෙ ඛිජං තාදිසං හරතෙ ඵලන‍්ති.

300. පුරුෂ තෙමේ යම් ක්‍රියාවක් කෙළේ ද ඒ ක්‍රියාව තමා කෙරෙහි දකී. කල්‍යාණ ක්‍රියා කරන්නේ කල්‍යාණයක් ම දකී. පාපක්‍රියා කරන්නේ පාපයක් ම (අයහපතක් ම) දකී යම්බඳු බිජුවටක් වපුරා ද එබඳු ම ඵලයක් ගෙනයන්නේ ය.

2. චූළනන්‍දියජාතකං.

2. චුල්ලනන්‍දි ජාතක යි.

301. නමෙ නමන‍්තස‍්ස භජෙ භජන‍්තං කිච‍්චානුකුබ‍්බස‍්ස කරෙය්‍ය කිච‍්චං, නානත්‍ථකාමස‍්ස කාරෙය්‍ය අත්‍ථං අසම‍්භජන‍්තම‍්පි න සම‍්භජෙය්‍ය

301. (ආචාර වශයෙන්) නමස්කාර කරන්නාහට නමස්කාර කරන්නේ ය. තමා සෙවුනහු සේවනය කරන්නේ ය. තමාගේ කෘත්‍යයට අනුව කටයුතු කරන්නාහට ප්‍රතිකෘත්‍ය (පෙරළා කටයුතු) කරන්නේ ය. අවැඩ කැමැත්තහුට වැඩක් (අර්‍ත්‍ථයක්) නො කරන්නේ ය. තමා භජනය නො කරන්නහු ද භජනය නො කරන්නේ ය.

302. චජෙ චජන‍්තං වනථං න කයිරා අපෙතචිත‍්තෙන න සම‍්භජෙය්‍ය, දිජො දුමං ඛීණඵලන‍්ති ඤත්‍වා අඤ‍්ඤං සමෙක‍්ඛෙය්‍ය මහා හි ලොකොති.

302. තමා අත්හරින්නහු තෙමේ ද හරන්නේ ය. ඔහු කෙරෙහි තෘෂ්ණාව නො කරන්නේ ය. පහ වූ චිත්තයෙන් (හෙවත් හිතවත්කමින් සිත බැහැර වූ කල්හි ඔහු) නො සෙවුනේ ය. වෘක්‍ෂය ඵලයන්ගෙන් හීන යයි දැනැගත් පක්‍ෂියා අන් රුකක් සොයා යන්නේ ය. ලෝකය මහත් ය, විශාලය. (ලෝකය මිනිසුන්ගෙන් පිරී පවත්නා බැවින් තමා කෙරෙහි ස්නෙහ නො කරන පුරුෂයා හැරැදමා ස්නෙහ කරන පුරුෂයකු සොයා ගතයුතුය යනු කී සේයි.)

3. පුටභත‍්තජාතකං.

3. පුටභත්ත ජාතක යි.

303. යස‍්සෙතෙ චතුරො ධම‍්මා වානරින්‍ද යථා තව, සච‍්චං ධම‍්මො ධිතී චාගො දිට‍්ඨං සො අතිවත‍්තති.

303. වානරේන්‍ද්‍රය, වාක්සත්‍යය ද පරික්‍ෂාඥානය ද ධෛර්‍ය්‍යය ද ත්‍යාගය ද යන මේ ධර්‍මයෝ සතර දෙන තට මෙන් යම් පුද්ගලයකුට විද්‍යාමාන වෙත් ද හෙතෙමේ සතුරා ඉක්මවා පවතී.

304. යස‍්ස චෙතෙ න විජ‍්ජන‍්ති ගුණා පරමභද‍්දකා, සච‍්චං ධම‍්මො ධිතී චාගො දිට‍්ඨිං සො නාතිවත‍්තතී’ති.

304. වාක්සත්‍යයද පරීක්‍ෂාඥානය ද ධෛර්‍ය්‍යය ද ත්‍යාගය ද යන මේ අතිසුන්දර වූ ගුණයෝ යමක්හට විද්‍යාමාන නො වෙත් ද හෙතෙමේ සතුරා ඉක්මවා නො පවතී.

4. කුම‍්භීලජාතකං.

4. කුම්භීල ජාතක යි.

305. අත්‍ථි මෙ පුරිසො දෙව සබ‍්බකිච‍්චෙසු ව්‍යාවටො, තස‍්ස චෙකො පරාධත්‍ථි තත්‍ථ ත්‍වං කින‍්ති මඤ‍්ඤසි.

305. දේවයෙනි, මාගේ සියලු කෘත්‍යයන්හි ව්‍යාවෘත වූ පුරුෂයෙක් ඇත. ඔහුගේ ද එක් අපරාධයෙක් ඇත. ඒ අපරාධයෙහි ලා ඔබ කුමක් සිතන්නෙහි ද? (කවර නම් දඬුවමක් අනුමත කරන්නෙහි ද?)

306. අම‍්හාකම‍්පත්‍ථි පුරිසො එදිසො ඉධ විජ‍්ජති, දුල‍්ලභො අඞ‍්ගසම‍්පන‍්නො ඛන‍්තිරස‍්මාක රුච‍්චතීති.

306. අපගේ ද එබඳු පුරුෂයෙක් ඇත. (හේ) මෙතන්හි ම ඇත. (සිටි) සකලගුණාඞ්ගයෙන් සැදුණු පුද්ගලයෝ දුර්‍ලභයහ (එහෙයින් මෙබඳු අවස්ථාවන්හිදී) අපට ඉවැසීම අභිමත යි (සුදුසුයි).

5. ඛන‍්තිවණ‍්ණනජාතකං.

5. ඛන්තිවණ්ණන ජාතක යි.

307. කාලෙ නික‍්ඛමනා සාධු නාකාලෙ සාධු නික‍්ඛමො, අකාලෙන හි නික‍්ඛම‍්ම එකකම‍්පි බහුජනො, න කිඤ‍්චි අත්‍ථං ජොතෙති ධංකසෙනාව කොසියං.

307. සුදුසු කාලයෙහි නික්මීම නෙහොත් පරාක්‍රමය යහපත් වේ. අකාලයෙහි (තම නිවාසස්ථානයෙන්) නික්මීම නොහොත් පරාක්‍රමය යහපත් නො වේ. අකාලයෙහි නික්ම නොහොත් වීර්‍ය්‍ය කොට කිසි දියුණුවක් නො බබළයි හෙවත් නො ලබයි. (නො කල්හි නික්මුණු) බකමුහුණුවා නැසූ කාකසේනාව මෙන් (නො කල්හි) හුදෙකලා වූවහු (වීර්‍ය්‍ය කළ ද) බොහෝ දෙනා වට කොට විනාශයට පමුණුවන්නාහු ය.

308. ධීරො ච විධිවිධානඤ‍්ඤූ පරෙසං විවරන‍්තගු, සබ‍්බාමිත‍්තෙ වසීකත්‍වා කොසියොව සුඛී සියා’ති.

308. (පැරැණි පඬිවරුන් ව්‍යවස්ථා කොට තබන ලද) විධියගේ විධාන දන්නා වූ නොහොත් විධාන ක්‍රම දන්නා වූ අන්‍යයන්ගේ සිදුරු දන්නා වූ ප්‍රාඥයා සියලු සතුරන් වසඟ කොට නුවණැති බකමුහුණා මෙන් සුවපත් වූයේ වන්නේ යි.

6. කොසියජාතකං.

6. කෝසිය ජාතක යි.

309. සූරො සූරෙන සඞ‍්ගම‍්ම වික‍්කන‍්තෙන පහාරිනා, එහි නාග නිවත‍්තස‍්සු කින‍්නු භීතො පලායසි? පස‍්සන‍්තු අඞ‍්ගමගධා මම තුය‍්හඤ‍්ච වික‍්කමං.

309. ශූර ගුණයෙන් යුක්ත වූ වික්‍රම ස්වභාව ඇති පහර දෙන්නා වූ පුරුෂයා හා ශූර පුරුෂ තෙමේ එක්තැනට පැමිණ (ඔවුනොවුන් සටන් නො කොට කුමට යේ ද?) හස්තිය, මෙහි එව නවතුව. කුමට බිය වූයේ පළා යෙයි ද? මාගේ ද තාගේ ද වික්‍රමය අඟුමගධ දෙරට වැස්සෝ බලත්වා.

310. න තං පාදා වධිස‍්සාමි න දන‍්තෙහි න සොණ‍්ඩියා, මීළ‍්හෙන තං වධිස‍්සාමි පූති හඤ‍්ඤතු පූතිනා’ති.

310. තා පාදයෙන් නො මරමි, දළ සඟළෙන් නො මරමි, සොඬිනුත් නො මරමි. අශුචියෙන් ම තා මරමි, අශුචියෙන් අශුචිය නසනු ලැබේවා. (කුරුවැණියක් ඇතකු දැකැ සටනට කැඳවූ අවස්ථාවෙහි ඇතුවර්චස් පිණ්ඩයක් හෙළා කුරුවැණියා මැරූ සැටි දැක්වේ.)

7. ගූථපාණකජාතකං.

7. ගුථපාණක ජාතක යි.

311. තයො ගිරිං අන‍්තරං කාමයාමි පඤ‍්චාලා කුරුයො කෙකකෙ ච, තතුත‍්තරිං බ්‍රාහ‍්මණ කාමයාමි තිකිච‍්ඡ මං බ්‍රාහ‍්මණ කාමනීතං.

311. බ්‍රාහ්මණය, උත්තරපඤ්චාලය ද කුරුරට ද කෙකක නම් රට ද යන මේ තුන් රාජ්‍යයන්ගේ අන්තරය ද ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමි. (මා අනුභව කෙරෙමින් සිටි) බරණැස් රජයට වඩා වැඩියක් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමි. බමුණ, කාමයෙන් විනාශයට පමුණුවන ලද මා (මට) පිළියම් කරව.

312. කණ‍්හාහි දට‍්ඨස‍්ස කරොන‍්ති හෙකෙ අමනුස‍්සවද‍්ධස‍්ස කරොන‍්ති පණ‍්ඩිතා, න කාමනීතස‍්ස කාරොති කොචි ඔක‍්කන‍්තසුක‍්කස‍්ස හි කා තිකිච‍්ඡා’ති.

312. කෘෂ්ණ සර්‍පයන් විසින් දෂ්ට කරන ලද්දහුට සමහර කෙනෙක් පිළියම් කෙරෙති. පඬිවරු අමනුෂ්‍යයන් විසින් මඬනා ලද්දහුට පිළියම් කෙරෙති. කාමයෙන් හානියට පමුණුවන ලද්දහුට කිසිවෙක් පිළියම් නො කෙරෙති. (ඒ එසේ මැයි) කුශලධර්‍ම දුරු කොට අකුශලධර්‍මයෙහි පිහිටියාහට පිළියම් කවරේ ද?

8. කාමනීතජාතකං

8. කාමනීත ජාතක යි.

313. ගජග‍්ගමෙඝෙහි හයග‍්ගමාලිහි රථූමිජාතෙහි සරාහිවස‍්සහි, ථරුග‍්ගහාවට‍්ටදළ‍්හප‍්පහාරිහි පරිවාරිතා තක‍්කසිලා සමන‍්තතො.

313. උත්තම හස්ති නැමැති මේඝයෙන් ද අග්‍ර වූ තුරඞ්ග මාලාවන්ගෙන් ද සර (ඊතල) නමැති වර්‍ෂාවන් ඇති රථ තරඞ්ග මාලාවන්ගෙන් ද කඩුමිටි ඇත්තා වූ වේගයෙන් පරිභ්‍රමණය කොට දැඩි පහර දෙන යෝධයන්ගෙන් ද හාත්පසින් තක්සලා නම් නගරය වටකරන ලද්දේ ය.

314. අභිධාවථා ච පතථා ව විවිධවිනදිතා ච දන‍්තිහි, වත‍්තතජ‍්ජ තුමුලො ඝොසො යථා විජ‍්ජුතා ජලධරස‍්ස ගජ‍්ජතොති.

314. නානාප්‍රකාරයෙන් මහානාද කරන්නා වූ තෙපි හස්තීන් හා සමඟ දුවවු පනිවු. අද මහත් වූ ඝෝෂාවෙක් පවතීවා. ගර්‍ජනා කරන්නා වූ මේඝයාගේ මුඛයෙන් නික්මෙන විදුලියක් මෙන් දුවන්නාහු නුවර වහා වට කරව.

9. පලාසිජාතකං.

9. පලාසී ජාතක යි.

315. ධජමපරිමිතං අනන‍්තපාරං. දුප‍්පසහං ධඞ‍්කෙහි සාගරමිව, ගිරිමිව අනිලෙන දුප‍්පසහො දුප‍්පසහො අහමජ‍්ජ තාදිසෙන

315. රථයෙහි මයූරපාදයෙහි නගන ලද ධ්වජ අපමණය. මාගේ සේනාව කෙළවර නැත්තේ ය. සමුද්‍රොල්ලඞ්ඝනයෙහි අසමත් කාකයා මෙන් සතුරන් විසින් මැඩපිය නො හැක්කේ ය. පර්‍වතචලනයෙහි අසමත් වාතය මෙන් මාගේ සේනාව තා විසිනුත් විනාශ කොට නො හැක්කේ ය. මම අද තාසේ වූවන් විසින් මැඩපිය නො හැක්කෙම් වෙමි.

316. මා බාලියං විප‍්පලපි න හිස‍්ස තාදිසං විළය‍්හසෙ න හි ලභසෙ නිසෙධකං, ආසජ‍්ජසි ගජමිව එකචාරිනං යො තං පාදා නළමිව පොථයිස‍්සතී’ති,

316. (තාගේ) බාලභාවය ප්‍රකාශ නො කරව. තාසේ වූ පුරුෂයෝ රාජ්‍යය ගැන්මෙහි සමර්‍ත්‍ථයෝ නො වෙත්. හුදෙක් ක්ලේශ දාහයෙන් දවනු ලැබෙහි මා වළකන්නට නුසුදුස්සෙහි ය. හුදෙකලා ව හැසිරෙන ඇත් රජක්හු සමීපයට මෙන් එන්නෙහි ය. පාදයෙන් සුණු කළ හුණනළක් මෙන් හෙතෙමේ තා මැඩසුණු කෙරේ.

10. දුතියපලාසිජාතකං.

10. දුතිය පලාසි ජාතක යි.

කාසාවවග‍්ගො අට‍්ඨමො.

අටවැනි කාසාව වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

වරවත්‍ථචොදුමඛීණාඵලං චතුරො ධම‍්මවරංපුරිසුත‍්තම, ධඞ‍්කමගධා ච තයො ගිරිනාම ගජග‍්ගවරොධජවරෙන දස.

උතුම් වස්ත්‍ර ඇති කාසාව ජාතක යැ, ආචාර්‍ය්‍යවචනය දක්වන චූළනන්‍දිය ජාතක යැ, ක්‍ෂීණඵලවෘක්‍ෂය දක්වන පුටහත්ත ජාතක යැ, (චතුරෝධම්ම) කුම්භීල ජාතක යැ, උතුම් පුරුෂයා දක්වන ඛන්තිවණ්ණන ජාතක යැ, (වඞ්ක) කෝසිය ජාතක ය හා (මගධ) ගුථපාණ ජාතක යැ, (තයෝගිරි) කාමනීත ජාතක යැ, පාලාසි ජාතකය හා දුතියපාලාසි ජාතකයෙන් දසය වේ.