2. චූළනන්දියජාතකවණ්ණනා 222 අට්ඨකථා
2. චූළනන්දියජාතකවණ්ණනා (222)
2. චුල්ලනන්‍දි ජාතකය (222)
ඉදං තදාචරියවචොති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො දෙවදත්තං ආරබ්භ කථෙසි. එකදිවසඤ්හි භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, දෙවදත්තො නාම කක්ඛළො ඵරුසො සාහසිකො සම්මාසම්බුද්ධෙ අභිමාරෙ පයොජෙසි, සිලං පවිජ්ඣි, නාළාගිරිං පයොජෙසි, ඛන්තිමෙත්තානුද්දයමත්තම්පිස්ස තථාගතෙ නත්ථී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි දෙවදත්තො කක්ඛළො ඵරුසො නික්කාරුණිකොයෙවා”ති වත්වා අතීතං ආහරි.
ඉදං තදාචරියවචො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක් දෙව්දත් තෙරුන් මුල්කරගෙන වදාළ සේක. එක්දිනක් භික්ෂූහු දම්සභාවෙහි “ඇවැත්නි, දෙව්දත් තෙර කර්කශය, නපුරුය, සැහැසිය. සම්බුදුරජාණන් වහන්සේ මැරවීමට පුද්ගලයන් යෙදවීය. ගල් විද්දේය. නාලාගිරි ඇතා යෙදවීය. ඉවසීම, මෛත්‍රිය, දයානුකම්පා මාත්‍රයක්වත් ඔහුට තථාගතයන් වහන්සේ කෙරෙහි නැත යනුවෙන් කථාවක් මතු කළාහුය. බුදුරජාණන් වහන්සේ වැඩමවා මහණෙනි! මෙහි දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි දැන් පමණක් නොව පෙරත් දෙව්දත් තෙර කර්කශ, රළු, අකාරුණික කෙනෙක් යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො හිමවන්තපදෙසෙ මහානන්දියො නාම වානරො අහොසි, කනිට්ඨභාතිකො පනස්ස චූළනන්දියො නාම. තෙ උභොපි අසීතිසහස්සවානරපරිවාරා හිමවන්තපදෙසෙ අන්ධමාතරං පටිජග්ගන්තා වාසං කප්පෙසුං. තෙ මාතරං සයනගුම්බෙ ඨපෙත්වා අරඤ්ඤං පවිසිත්වා මධුරානි ඵලාඵලානි මාතුයා පෙසෙන්ති. ආහරණකවානරා තස්සා න දෙන්ති, සා ඛුදාපීළිතා අට්ඨිචම්මාවසෙසා කිසා අහොසි. අථ නං බොධිසත්තො ආහ – “මයං, අම්ම, තුම්හාකං මධුරඵලාඵලානි පෙසෙම, තුම්හෙ කස්මා මිලායථා”ති. “තාත, නාහං ලභාමී”ති. බොධිසත්තො චින්තෙසි – “මයි යූථං පරිහරන්තෙ මාතා මෙ නස්සිස්සති, යූථං පහාය මාතරංයෙව පටිජග්ගිස්සාමී”ති. සො චූළනන්දියං පක්කොසිත්‍වා “තාත, ත්වං යූථං පරිහර, අහං මාතරං පටිජග්ගිස්සාමී”ති ආහ. සොපි නං “භාතික, මය්හං යූථපරිහරණෙන කම්මං නත්ථි, අහම්පි මාතරමෙව පටිජග්ගිස්සාමී”ති ආහ. ඉති තෙ උභොපි එකච්ඡන්දා හුත්වා යූථං පහාය මාතරං ගහෙත්වා හිමවන්තා ඔරුය්හ පච්චන්තෙ නිග්රොධරුක්ඛෙ වාසං කප්පෙත්වා මාතරං පටිජග්ගිංසු.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරද්දී බෝසතාණන් වහන්සේ හිමාලය වන පෙදෙසේ ‘නන්දික’ නම් වඳුරෙකුව උපන් සේක. ඔහුගේ කණිටු සහෝදරයා චුල්ලනන්දික නම් විය. ඒ දෙදෙනාම අසූදහසක් වඳුරන් පිරිවරාගෙන හිමවත් පෙදෙසෙහි අන්ධ වූ මව පෝෂණය කරමින් වාසය කළාහුය. ඔවුහු මව නිදන ලැහැබෙහි තබා වනයට පිවිස මිහිරි ලොකු කුඩා පළතුරු ලැබ මවට එවති. ඒවා ගෙන එන වඳුරෝ ඇයට නොදෙති. ඈ සාගින්නෙන් පෙළෙන්නී ඇටත්, හමත්, ඉතිරිවූ වැඳිරියක වූවාය. ඉක්බිති ඇයට බෝධිසත්ත්වයන් වහන්සේ මෙසේ කී සේක. මෑණියනි! අපි නුඹවහන්සේට මිහිරි පලාඵල එව්වෙමු. නුඹ කුමක් නිසා වැහැරී ගියාද? දරුව! ඒ එවන ආහාර මම නොලැබුවෙමියි කීවාය. බෝධිසත්ත්වයන් වහන්සේ අප වඳුරු සමූහයා පාලනය කරන්නට ගියොත් අපේ මව නැසෙන්නීය. වඳුරු රැළ හැරදමා මව ම පෝෂණය කරන්නෙමි යනුවෙන් සිතූහ. ඔහු ‘චුල්ල නන්දිය’ කැඳවා දරුව! නුඹ වඳුරු රැළ පාලනය කරව. මම මව පෝෂණය කරන්නෙමියි කීවේය. ඔහු ද නන්දිය අමතා සොයුර! මට වඳුරු රැළ පාලනය කිරීමෙන් ඵලක් නැත. මම ද මව පිළිදැගුම් කරන්නෙමියි කීවේය. මෙසේ ඒ දෙදෙනාම ඒකමතිකව වඳුරු රැළ අතහැර මව රැගෙන හිමාල වනයෙන් බැස පිටිසරක පිහිටි නුගගසක වාසය කරමින් මව පෝෂණය කළාහුය.
අථෙකො බාරාණසිවාසී බ්‍රාහ්මණමාණවො තක්කසිලායං දිසාපාමොක්ඛස්ස ආචරියස්ස සන්තිකෙ සබ්බසිප්පානි උග්ගණ්හිත්වා “ගමිස්සාමී”ති ආචරියං ආපුච්ඡි. ආචරියො අඞ්ගවිජ්ජානුභාවෙන තස්ස කක්ඛළඵරුසසාහසිකභාවං ඤත්වා “තාත, ත්වං කක්ඛළො ඵරුසො සාහසිකො, එවරූපානං න සබ්බකාලං එකසදිසමෙව ඉජ්ඣති, මහාවිනාසං මහාදුක්ඛං පාපුණිස්සසි, මා ත්වං කක්ඛළො හොහි, පච්ඡානුතාපනකාරණං කම්මං මා කරී”ති ඔවදිත්වා උය්යොජෙසි. සො ආචරියං වන්දිත්වා බාරාණසිං ගන්ත්වා ඝරාවාසං ගහෙත්වා අඤ්ඤෙහි සිප්පෙහි ජීවිකං කප්පෙතුං අසක්කොන්තො “ධනුකොටිං නිස්සාය ජීවිස්සාමි, ලුද්දකම්මං කත්වා ජීවිකං කප්පෙස්සාමී”ති බාරාණසිතො නික්ඛමිත්වා පච්චන්තගාමකෙ වසන්තො ධනුකලාපසන්නද්ධො අරඤ්ඤං පවිසිත්වා නානාමිගෙ මාරෙත්වා මංසවික්කයෙන ජීවිකං කප්පෙසි. සො එකදිවසං අරඤ්ඤෙ කිඤ්චි අලභිත්වා ආගච්ඡන්තො අඞ්ගණපරියන්තෙ ඨිතං නිග්රොධරුක්ඛං දිස්වා “අපි නාමෙත්ථ කිඤ්චි භවෙය්යා”ති නිග්රොධරුක්ඛාභිමුඛො පායාසි.
ඉක්බිති බරණැස් නුවර වැසි එක් බමුණු මානවයෙක් තක්සලා නුවර දිසාපාමොක් ඇදුරුතුමා වෙත සියලු ශිල්ප ඉගෙනගෙන ආපසු යන්නෙමියි ගුරුතුමාගෙන් විචාළේය. ඇදුරුතුමා විද්‍යා බලයෙන් ඔහුගේ කර්කශ, ඵරුෂය, සැහැසි බව දැන මෙසේ කීවේය. දරුව! නුඹ කර්කශය. ඵරුෂය. සැහැසිය. මෙබඳු ස්වරූප ඇති අයට හැමකල්හිම එක වගේම සමෘද්ධියක් වන්නේ නැත. මහා විනාශයකට, දුකකට පැමිණෙන්නේය. එම නිසා නුඹ කර්කශ නොවන්න. පසුතැවෙන දේ නොකරවයි අවවාද දී යැව්වේය. හෙතෙම ඇදුරුතුමා වැද බරණැසට ගොස් ගෘහවාසයට පැමිණ (විවාහ වී) වෙනත් ශිල්පයකින් දිවි ගෙවන්නට නොහැකි වන්නේ දුන්නෙන් ජීවත් වන්නෙමි. වැදිකම් කොට ජීවිකාව කරන්නෙමියි බරණැසින් නික්ම ප්‍රත්‍යන්ත (නගරයෙන් ඈත) ගමක වසමින් දුනු හියවුරෙන් සන්නද්ධව වනයට පිවිස නොයෙක් වන සතුන් මරා මස් විකිණීමෙන් දිවි ගෙව්වේය. ඔහු එක්දිනක් වනයෙහිදී කිසිවක් නොලබා එන්නේ පිට්ටනිය කෙළවර පිහිටි නුගගසක් දැක මෙහි යම් කිසිවක්, ඇතැයි සිතා නුගගස දෙසට පිටත්විය.
තස්මිං ඛණෙ උභොපි තෙ භාතරො මාතරං ඵලානි ඛාදාපෙත්වා පුරතො කත්වා විටපබ්භන්තරෙ නිසින්නා තං ආගච්ඡන්තං දිස්වා “කිං නො මාතරං කරිස්සතී”ති සාඛන්තරෙ නිලීයිංසු. සොපි ඛො සාහසිකපුරිසො රුක්ඛමූලං ආගන්ත්වා තං තෙසං මාතරං ජරාදුබ්බලං අන්ධං දිස්වා චින්තෙසි – “කිං මෙ තුච්ඡහත්ථගමනෙන ඉමං මක්කටිං විජ්ඣිත්වා ගහෙත්වා ගමිස්සාමී”ති. සො තස්සා විජ්ඣනත්ථාය ධනුං ගණ්හි. තං දිස්වා බොධිසත්තො “තාත චූළනන්‍දිය, එසො මෙ පුරිසො මාතරං විජ්ඣිතුකාමො, අහමස්සා ජීවිතදානං දස්සාමි, ත්වං මමච්චයෙන මාතරං පටිජග්ගෙය්යාසී”ති වත්වා සාඛන්තරා නික්ඛමිත්වා “භො පුරිස, මා මෙ මාතරං විජ්ඣි, එසා අන්ධා ජරාදුබ්බලා, අහමස්සා ජීවිතදානං දෙමි, ත්වං එතං අමාරෙත්වා මං මාරෙහී”ති තස්ස පටිඤ්ඤං ගහෙත්වා සරස්ස ආසන්නට්ඨානෙ නිසීදි. සො නික්කරුණො බොධිසත්තං විජ්ඣිත්වා පාතෙත්වා මාතරම්පිස්ස විජ්ඣිතුං පුන ධනුං සන්නය්හි. තං දිස්වා චූළනන්දියො “අයං මෙ මාතරං විජ්ඣිතුකාමො, එකදිවසම්පි ඛො මෙ මාතා ජීවමානා ලද්ධජීවිතායෙව නාම හොති, ජීවිතදානමස්සා දස්සාමී”ති සාඛන්තරා නික්ඛමිත්වා “භො පුරිස, මා මෙ මාතරං විජ්ඣි, අහමස්සා ජීවිතදානං දම්මි, ත්වං මං විජ්ඣිත්වා අම්හෙ ද්වෙ භාතිකෙ ගහෙත්වා අම්හාකං මාතු ජීවිතදානං දෙහී”ති තස්ස පටිඤ්ඤං ගහෙත්වා සරස්ස ආසන්නට්ඨානෙ නිසීදි. සො තම්පි විජ්ඣිත්වා පාතෙත්වා “අයං මක්කටී ඝරෙ දාරකානං භවිස්සතී”ති මාතරම්පි තෙසං විජ්ඣිත්වා පාතෙත්වා තයොපි කාජෙනාදාය ගෙහාභිමුඛො පායාසි.
ඒ අවස්ථාවේ ඒ සහෝදරයෝ දෙදෙනා මවට පළතුරු කවා යුතුකම් කොට අතුවල හුන්නාහු එන්නා වූ ඒ පුරුෂයා දැක අපේ මව දැක මොහු කුමක් කරන්නේදැයි සිතා අතු අතර සැඟවුනාහුය. ඒ සැහැසි පුරුෂයාද ගස මුලට අවුත් ඔවුන්ගේ ජරා දුර්වල වූ මව දැක හිස් අතින් යාමෙන් ඇති ඵලය කුමක්ද? මේ වැඳරිය විද මරාගෙන යන්නෙමියි සිතීය. ඔහු ඇයට විදීම පිණිස දුන්න ගත්තේය. ඒ දැක බෝසතාණෝ දරුව චුල්ලනන්දිය! මේ පුරුෂයා මගේ මව විදිනු කැමැත්තේය. මම ඇයට ජීවිතය දෙන්නෙමි. නුඹ මගෙන් පසුව මව පෝෂණය කරවයි කියා අතු අතරින් නික්මී එම්බා පුරුෂය! මගේ මවට විදින්න එපා. ඈ අන්ධයි. ජරාවෙන් දුර්වලයි. මම ඈට දිවි දෙන්නෙමි. නුඹ ඇය නොමරා මා මරවයි ඔහුගෙන් පොරොන්දුවක් ගෙන ඊතලය ආසන්නයෙහි හිඳ ගත්තේය. ඒ අකාරුණික පුරුෂයා බෝසතාණන්ට විද හෙළා ඔහුගේ මවටද විදින්නට නැවත දුන්න සන්නද්ධ කළේය. (ඊතලය යොදා ගත්තේය.) එය දැක චුල්ලනන්දිය මොහු මගේ මවට විදිනු කැමැත්තේය. එකදිනක් හෝ මගේ මව ජීවත් වන්නී නම් ලබන ලද ජීවිත ඇත්තියකම වෙයි. ඇයට ජීවිත දානය දෙන්නෙමියි අතු අතරින් නික්මුණේය. එම්බා පුරුෂය, මගේ මවට විදින්න එපා. මම ඇයට ජීවිත දානය දෙමි. ඔබ මට විද සහෝදරයන් දෙදෙනා වන අප මරාගෙන අපගේ මවට ජීවිතදානය දෙන්නැයි ඔහුගෙන් පොරොන්දුවක් ගෙන ඊයට ආසන්නයේ හිඳගත්තේය. ඔහු ඌටද විද මරා, ගෙදර දරුවන් පිණිස වන්නේ යයි ඔවුන්ගේ මව් වැඳිරියටද විද හෙළා තිදෙනාම කදක දමාගෙන ගෙදර දිසාවට නික්මුණි.
අථස්ස පාපපුරිසස්ස ගෙහෙ අසනි පතිත්වා භරියඤ්ච ද්වෙ දාරකෙ ච ගෙහෙනෙව සද්ධිං ඣාපෙසි, පිට්ඨිවංසථූණමත්තං අවසිස්සි. අථස්ස නං ගාමද්වාරෙයෙව එකො පුරිසො දිස්වා තං පවත්තිං ආරොචෙසි. සො පුත්තදාරසොකෙන අභිභූතො තස්මිංයෙව ඨානෙ මංසකාජඤ්ජ ධනුඤ්ච ඡඩ්ඩෙත්වා වත්ථං පහාය නග්ගො බාහා පග්ගය්හ පරිදෙවමානො ගන්ත්වා ඝරං පාවිසි. අථස්ස සා ථූණා භිජ්ජිත්වා සීසෙ පතිත්වා සීසං භින්දි, පථවී විවරං අදාසි, අවීචිතො ජාලා උට්ඨහි. සො පථවියා ගිලියමානො ආචරියස්ස ඔවාදං සරිත්වා “ඉමං වත කාරණං දිස්වා පාරාසරියබ්රාහ්මණො මය්හං ඔවාදමදාසී”ති පරිදෙවමානො ඉමං ගාථාද්වයමාහ –
ඉක්බිති ඒ පවිටු පුරුෂයාගේ ගෙට හෙණයක් වැටී බිරිඳ ද දරුවන් දෙදෙනා ද ගෙය සමග දැවීය. ගෙය මැද කණුව පමණක් ඉතිරි විය. ඉක්බිති එක් පුරුෂයෙක් ගම මැදදී ඔහු දැක ඒ පුවත දැන්වීය. ඔහු අඹුදරුවන් පිළිබඳ සොවින් මඩනා ලද්දේ ඒ ස්ථානයේම මස් කදත් දුන්නත් ඉවත දමා ඇඳිවත ගලවා නග්නව දෑත් හිස බැඳ වැළපෙමින් ගොස් ගෙට පිවිසියේය. ඉක්බිති ඒ කණුව බිඳී ඔහුගේ හිස මත වැටී හිස පැලුනේය. පොළොව විවරයක් (සකස්කර) දුන්නේය. අවීචිමහා නරකයෙන් ගිනිදැල් පැන නැග්ගේය. ඔහු පොළොවේ ගිලෙමින් ගුරුවරයාගේ අවවාද සිහිකර ඒකාන්තයෙන් මේ කාරණය දැක පාරාපරිය බමුණා මට අවවාද දුන්නේ යයි වැළපෙමින්
“ඉදං තදාචරියවචො, පාරාසරියො යදබ්රවි; මාසු ත්වං අකරි පාපං, යං ත්වං පච්ඡා කතං තපෙ.
ඉදාං තදාචරියවචො පාරාසරියො යදබ්රවී, මා සුත්වා අකරා පාපං යං ත්වං පච්ඡා කතං තපෙ
“යානි කරොති පුරිසො, තානි අත්තනි පස්සති; කල්‍යාණකාරී කල්‍යාණං, පාපකාරී ච පාපකං; යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵල”න්ති.
යානි කරොති පුරිසො තානි අත්තනි පස්සති, කල්‍යාණ කාරී කල්‍යාණං පාපකාරීච පාපකං, යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං,
යන මේ ගාථා දෙක කීවේය.
පාරාපරිය බමුණු තෙමේ, තෝ පව් නොකරව. යම්බඳු පවක් කරන ලදද, තෝ පසුව තැවෙන්නෙහිය කියා යම් වචනයක් එකල්හි කීයේද මේ ආචාර්ය වචනයයි.
පුරුෂ තෙමේ යම් ක්‍රියාවක් කෙළේද ඒ ක්‍රියාව තමා කෙරෙහි දනී. යහපත් ක්‍රියා කරන්නේ යහපතක් දකී. පාප ක්‍රියා කරන්නේ අයහපතක්ම දකී. යම්බඳු බීජයක් වැපුරුවාද එබඳුම ඵලයක් ගෙන යන්නේය.
තස්සත්ථො – යං පාරාසරියො බ්රාහ්මණො අබ්‍රවි – “මාසු ත්වං පාපං අකරී, යං කතං පච්ඡා ත්වඤ්ඤෙව තපෙය්යා”ති, ඉදං තං ආචරියස්ස වචනං. යානි කායවචීමනොද්වාරෙහි කම්මානි පුරිසො කරොති, තෙසං විපාකං පටිලභන්තො තානියෙව අත්තනි පස්සති. කල්යාණකම්මකාරී කල්‍යාණං ඵලමනුභොති, පාපකාරී ච පාපකමෙව හීනං ලාමකං අනිට්ඨඵලං අනුභොති. ලොකස්මිම්පි හි යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵලං, බීජානුරූපං බීජානුච්ඡවිකමෙව ඵලං හරති ගණ්හාති අනුභවතීති. ඉති සො පරිදෙවන්තො පථවිං පවිසිත්වා අවීචිමහානිරයෙ නිබ්බත්ති.
එහි අර්ථය පරාපරිය බමුණ, “නුඹ පව් නොකරන්න යම් පවක් කරන ලද්දේ නම් පසුව ඒ පාපයම තවන්නේය. අපි යමක් කීවේද එය ගුරුවරයාගේ වචනයයි. හිත, කය, වචන යන තුන්දොරෙන් පුරුෂයා යම් යම් කර්ම කරයිද එහි විපාක ලබමින් ඒ විපාකම තමා කෙරෙහි දැක්වේ. යහපත් ක්‍රියා කරන්නා යහපත් ප්‍රතිඵල අනුභව කරයි. පාපී ක්‍රියා කරන්නා පාපකාරී වූ ලාමක වූ අනිටු ඵල අනුභව කරයි. ලෝකයෙහිද යම් ආකාර බීජයක් වපුරයි නම් එබඳු ඵලයක් ගෙන යයි. බීජයට ගැළපෙන, බීජයට සුදුසුම ඵලයන් ගෙන යයි. ගනියි. අනුභව කරයි යනුයි. මෙසේ ඔහු වැළපෙමින් පොළොවට ඇතුල්වී අවීචිමහා නරකයෙහි උපන්නේය.
සත්ථා “න, භික්ඛවෙ, දෙවදත්තො ඉදානෙව, පුබ්බෙපි කක්ඛළො ඵරුසො නික්කාරුණිකොයෙවා”ති වත්වා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා ලුද්දකපුරිසො දෙවදත්තො අහොසි, දිසාපාමොක්ඛො ආචරියො සාරිපුත්තො, චූළනන්දියො ආනන්දො, මාතා මහාපජාපතිගොතමී, මහානන්දියො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මහණෙනි! දෙව්දත් දැන් පමණක් කර්කශ වූයේ, රළුපරුෂ වූයේ, අකාරුණික වූයේ නොවේ. පෙරත් කර්කශ, පරුෂ, අකාරුණික පුද්ගලයෙක් වූයේ යයි වදාරා මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල්හි වැදි පුරුෂයා දෙව්දත් තෙරය. දිසාපාමොක් ඇදුරුතුමා සැරියුත්ය. චුල්ල නන්දිය වඳුරා ආනන්දය. වඳුරු මව මහා ප්‍රජාපතී ගෝතමියයි. මහා නන්දිය වඳුරා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
චූළනන්දියජාතකවණ්ණනා දුතියා.