3. පුටභත්තජාතකවණ්ණනා 223 අට්ඨකථා
3. පුටභත්තජාතකවණ්ණනා (223)
3. පුටභත්ත ජාතකය (223)
නමෙ නමන්තස්ස භජෙ භජන්තන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං කුටුම්බිකං ආරබ්භ කථෙසි. සාවත්ථිනගරවාසී කිරෙකො කුටුම්බිකො එකෙන ජනපදකුටුම්බිකෙන සද්ධිං වොහාරං අකාසි. සො අත්තනො භරියං ආදාය තස්ස ධාරණකස්ස සන්තිකං අගමාසි. ධාරණකො “දාතුං න සක්කොමී”ති න කිඤ්චි අදාසි, ඉතරො කුජ්ඣිත්වා භත්තං අභුඤ්ජිත්වාව නික්ඛමි. අථ නං අන්තරාමග්ගෙ ඡාතජ්ඣත්තං දිස්වා මග්ගපටිපන්නා පුරිසා “භරියායපි දත්වා භුඤ්ජාහී”ති භත්තපුටං අදංසු. සො තං ගහෙත්වා තස්සා අදාතුකාමො හුත්වා “භද්දෙ, ඉදං චොරානං තිට්ඨනට්ඨානං, ත්වං පුරතො යාහී”ති උය්යොජෙත්වා සබ්බං භත්තං භුඤ්ජිත්වා තුච්ඡපුටං දස්සෙත්වා “භද්දෙ, අභත්තකං තුච්ඡපුටමෙව අදංසූ”ති ආහ. සා තෙන එකකෙනෙව භුත්තභාවං ඤත්වා දොමනස්සප්පත්තා අහොසි. තෙ උභොපි ජෙතවනපිට්ඨිවිහාරෙන ගච්ඡන්තා “පානීයං පිවිස්සාමා”ති ජෙතවනං පවිසිංසු.
නමෙ නමන්තස්ස යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක් කෙළඹි පුත්‍රයෙකු අරබයා වදාළ සේක. සැවැත්නුවර වැසි එක් කෙළඹි පුත්‍රයෙක් පිටිසර ගම්වැසි කෙළඹි පුත්‍රයෙකු සමග වෙළඳාම් කෙළේය. හෙතෙම තමන්ගේ බිරිඳ රැගෙන ඒ ණයකරුවා සමීපයට ගියේය. ණයකරුවා ණය දෙන්නට නොහැක්කෙමියි කිසිවක් නුදුන්නේය. අනිත් තැනැත්තා (සැවතින් පැමිණි කෙළෙඹියා) බත් අනුභව නොකරම පිටත් විය. ඉක්බිති අතරමගදී කුසගින්නෙන් පෙළෙන ඔහු දැක මග යන මිනිස්සු බිරිඳත් සමග අනුභව කරවයි කියා බත්මුලක් දුන්නේය. ඔහු එය ගෙන බිරිඳට නොදෙනු කැමති වී සොඳුරිය! මේ සොරුන් සිටින ස්ථානයක්. ඒ නිසා නුඹ ඉදිරියෙන් යවයි පිටත්කරවා සියලු බත් අනුභව කොට හිස් මුල ඈ ඔහු විසින් තනිවම අනුභව කළ බව දැන දොම්නසට පත් වූවාය. ඔවුන් දෙදෙනා දෙව්රම් වෙහෙර පිටුපසින් යන්නාහු පැන් බොන්නෙමුයි දෙව්රමට පිවිසියහ.
සත්ථාපි තෙසඤ්ඤෙව ආගමනං ඔලොකෙන්තො මග්ගං ගහෙත්වා ඨිතලුද්දකො විය ගන්ධකුටිඡායාය නිසීදි, තෙ සත්ථාරං දිස්වා උපසඞ්කමිත්වා වන්දිත්වා නිසීදිංසු. සත්ථා තෙහි සද්ධිං පටිසන්ථාරං කත්වා “කිං, උපාසිකෙ, අයං තෙ භත්තා හිතකාමො සස්නෙහො”ති පුච්ඡි. “භන්තෙ, අහං එතස්ස සස්නෙහා, අයං පන මය්හං නිස්නෙහො, තිට්ඨන්තු අඤ්ඤෙපි දිවසා, අජ්ජෙවෙස අන්තරාමග්ගෙ පුටභත්තං ලභිත්වා මය්හං අදත්වා අත්තනාව භුඤ්ජී”ති. “උපාසිකෙ, නිච්චකාලම්පි ත්වං එතස්ස හිතකාමා සස්නෙහා, අයං පන නිස්නෙහොව. යදා පන පණ්ඩිතෙ නිස්සාය තව ගුණෙ ජානාති, තදා තෙ සබ්බිස්සරියං නිය්යාදෙතී”ති වත්වා තාය යාචිතො අතීතං ආහරි.
බුදුරජාණන් වහන්සේ ද ඔවුන් දෙදෙනාගේ පැමිණීමම බලාපොරොත්තුවෙන් මග රැක සිටින වැද්දෙකු මෙන් ගඳකෙළි සෙවනේ වැඩහුන් සේක. ඔවුහු ශාස්තෲන් වහන්සේ දැක එළඹ වැඳ හිඳගත්තාහුය. උන්වහන්සේ ඔවුන් දෙදෙනා සමග පිළිසඳර කථාකොට උපාසිකාවනි! මේ නුඹේ ස්වාමි පුරුෂයා හිතවත්ද? ස්නේහ ඇත්තේදැයි විචාළ සේක. ස්වාමීනි! මම මොහුට ස්නේහ ඇත්තෙමි. නමුත් මොහු මට ස්නේහ නැත්තෙකි. වෙන දවස් තිබේවා! අදම මොහු එන අතරමගදී බත්මුලක් ලැබී මට නොදී තමා තනියම අනුභව කෙළේයයි කීවාය. උපාසිකාවනි! හැමකල්හි නුඹ මොහුට හිතවත් වූවාය. ස්නේහයෙන් යුක්ත වූවාය. මේ තෙමේ නුඹට ස්නේහ නැත්තෙක්ම විය. යම්කලෙක වනාහි නුවණ ඇති අය නිසා නුඹේ ගුණ දැනගනීද? එකල ඔබට සියලු වස්තුව පවරා දෙන්නේ යයි වදාරා ඇය විසින් ඉල්වන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො අමච්චකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො තස්ස අත්ථධම්මානුසාසකො අහොසි. අථ රාජා “පදුබ්භෙය්යාපි මෙ අය”න්ති අත්තනො පුත්තං ආසඞ්කන්තො නීහරි. සො අත්තනො භරියං ගහෙත්වා නගරා නික්ඛම්ම එකස්මිං කාසිකගාමකෙ වාසං කප්පෙසි. සො අපරභාගෙ පිතු කාලකතභාවං සුත්වා “කුලසන්තකං රජ්ජං ගණ්හිස්සාමී”ති බාරාණසිං පච්චාගච්ඡන්තො අන්තරාමග්ගෙ “භරියායපි දත්වා භුඤ්ජාහී”ති භත්තපුටං ලභිත්වා තස්සා අදත්වා සයමෙව තං භුඤ්ජි. සා “කක්ඛළො වතායං පුරිසො”ති දොමනස්සප්පත්තා අහොසි. සො බාරාණසියං රජ්ජං ගහෙත්වා තං අග්ගමහෙසිට්ඨානෙ ඨපෙත්වා “එත්තකමෙව එතිස්සා අල”න්ති න අඤ්ඤං සක්කාරං වා සම්මානං වා කරොති, “කථං යාපෙසී”තිපි නං න පුච්ඡති.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ඇමති කුලයෙහි ඉපදී වැඩිවියට පැමිණියාහු රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූහ. එකල්හි රජතුමා තමන්ගේ පුත්‍රයා තමන්ට ද්‍රෝහීකම් කරන්නේ යයි සිතා සැක කරමින් නෙරපා හැරියේය. ඔහු තම බිරිඳද රැගෙන නුවරින් නික්මී කසීරට එක් ගමක වාසය කෙළේය. ඔහු පසුකලෙක පියා කලුරිය කළ බව අසා කුලසන්තක රාජ්‍යය ගන්නෙමියි බරණැස් නුවරට ආපසු එන්නේ අතරමගදී බිරිඳට ද දී අනුභව කරවයි බත්මුලක් ලැබ ඇයට නොදී තමන් තනියම එය අනුභව කෙළේය. ඈ ඒකාන්තයෙන් මොහු කර්කශ පුද්ගලයෙක් යයි දොම්නසට පැමිණියාය. ඔහු බරණැස් නුවර රාජ්‍යය ගෙන ඇය අග මෙහෙසුන් තනතුරෙහි තබා මෙපමණක්ම ඇයට ප්‍රමාණවත් යයි වෙනත් සත්කාර සම්මාන කිසිවක් නොකරයි. කෙසේ යැපෙන්නේ දැයි යන්නවත් නොවිචාරයි.
බොධිසත්තො චින්තෙසි – “අයං දෙවී රඤ්ඤො බහූපකාරා සස්නෙහා, රාජා පනෙතං කිස්මිඤ්චි න මඤ්ඤති, සක්කාරසම්මානමස්සා කාරෙස්සාමී”ති තං උපසඞ්කමිත්වා උපචාරං කත්වා එකමන්තං ඨත්වා “කිං, තාතා”ති වුත්තෙ “කථං සමුට්ඨාපෙතුං මයං, දෙවි, තුම්හෙ උපට්ඨහාම, කිං නාම මහල්ලකානං පිතූනං වත්ථඛණ්ඩං වා භත්තපිණ්ඩං වා දාතුං න වට්ටතී”ති ආහ. “තාත, අහං අත්තනාව කිඤ්චි න ලභාමි, තුම්හාකං කිං දස්සාමි, නනු ලභනකාලෙ අදාසිං, ඉදානි පන මෙ රාජා න කිඤ්චි දෙති. තිට්ඨතු අඤ්ඤං දානං, රජ්ජං ගණ්හිතුං ආගච්ඡන්තො අන්තරාමග්ගෙ භත්තපුටං ලභිත්වා භත්තමත්තම්පි මෙ අදත්වා අත්තනාව භුඤ්ජී”ති. “කිං පන, අම්ම, රඤ්ඤො සන්තිකෙ එවං කථෙතුං සක්ඛිස්සථා”ති? “සක්ඛිස්සාමි, තාතා”ති. “තෙන හි අජ්ජෙව මම රඤ්ඤො සන්තිකෙ ඨිතකාලෙ මයි පුච්ඡන්තෙ එවං කථෙථ අජ්ජෙව වො ගුණං ජානාපෙස්සාමී”ති එවං වත්වා බොධිසත්තො පුරිමතරං ගන්ත්වා රඤ්ඤො සන්තිකෙ අට්ඨාසි. සාපි ගන්ත්වා රඤ්ඤො සමීපෙ අට්ඨාසි.
බෝසතාණන් වහන්සේ සිතූ සේක. මේ අපගේ දේවිය රජතුමාට බොහෝ උපකාර කරන ස්නේහ ඇති තැනැත්තියකි. නමුත් රජතුමා ඇය කවර තැනැත්තියකද කියාවත් නොසිතයි. ඇයට සත්කාර සම්මාන කරවන්නෙමියි සිතූ සේක. (එසේ සිතා) ඇය වෙත එළඹ ගරුසරු දක්වා එකත්පසෙක සිට කිම දරුවයි (ඇය) කී කල්හි කථාව පටන් ගැනීම පිණිස දේවීන් වහන්ස! අපි නුඹවහන්සේට උපස්ථාන කරමු. කිම මහලු පියවරුන්ට වස්ත්‍ර කෑල්ලක් හෝ බත්පිඩක් හෝ දෙන්නට නොවටින්නේදැයි කීහ. දරුව! මම මා පිණිසවත් කිසිවක් (රජුගෙන්) නොලබමි. තොපට කුමක් දෙන්නෙම්ද? ලැබුණු කාලයෙහි නුදුන්නෙම් වීද? දැන් මට රජතුමා කිසිවක් නොදෙයි. වෙන දීමනාවක් තිබේවා! රජකම ගන්නට එන අතරමගදී බත්මුලක් ලැබී බත් ස්වල්පයක්වත් මට නොදී තමන් තනියම අනුභව කෙළේයයි කීවාය. කෙසේද මෑණියනි! රජතුමා ළඟදීත් මෙසේ කියන්නට හැකිවන්නේදැයි ඇසීය. හැකිවන්නෙමි, දරුවයි කීවාය. එසේනම් අදම මා රජු සමීපයෙහි සිටින අවස්ථාවේදී මා විසින් ප්‍රශ්න කරන කාලයේදී මෙසේ කියනු මැනවි. අදම තොපගේ ගුණ දැන ගන්නට සලස්වමියි මෙසේ කියා බෝසතාණන් වහන්සේ කල්තියා ගොස් රජතුමා ළඟ සිටියහ. ඈද ගොස් රජතුමා සමීපයේ සිටියාය.
අථ නං බොධිසත්තො “අම්ම, තුම්හෙ අතිවිය කක්ඛළා, කිං නාම පිතූනං වත්ථඛණ්ඩං වා භත්තපිණ්ඩමත්තං වා දාතුං න වට්ටතී”ති ආහ. “තාත, අහමෙව රඤ්ඤො සන්තිකා කිඤ්චි න ලභාමි, තුම්හාකං කිං දස්සාමී”ති? “නනු අග්ගමහෙසිට්ඨානං තෙ ලද්ධ”න්ති? “තාත, කිස්මිඤ්චි සම්මානෙ අසති අග්ගමහෙසිට්ඨානං කිං කරිස්සති, ඉදානි මෙ තුම්හාකං රාජා කිං දස්සති, සො අන්තරාමග්ගෙ භත්තපුටං ලභිත්වා තතො කිඤ්චි අදත්වා සයමෙව භුඤ්ජී”ති. බොධිසත්තො “එවං කිර, මහාරාජා”ති පුච්ඡි. රාජා අධිවාසෙසි. බොධිසත්තො තස්ස අධිවාසනං විදිත්වා “තෙන හි, අම්ම, රඤ්ඤො අප්පියකාලතො පට්ඨාය කිං තුම්හාකං ඉධ වාසෙන. ලොකස්මිඤ්හි අප්පියසම්පයොගො ච දුක්ඛො, තුම්හාකං ඉධ වාසෙ සති රඤ්ඤො අප්පියසම්පයොගොව දුක්ඛං භවිස්සති, ඉමෙ සත්තා නාම භජන්තෙ භජන්ති, අභජනභාවං ඤත්වා අඤ්ඤත්ථ ගන්තබ්බං, මහන්තො ලොකසන්නිවාසො”ති වත්වා ඉමා ගාථා අවොච –
ඉක්බිති බෝසතාණන් වහන්සේ මෑණියනි! නුඹවහන්සේ අතිශයින් කර්කශයි. කිම පියවරුන්ට වස්ත්‍ර කෑල්ලක් හෝ බත් පිඩක් හෝ දෙන්නට නොවටියිදැයි ඇයට කීහ. දරුව! රජතුමාගෙන් මමවත් කිසිවක් නොලබමි. නුඹවහන්සේට කුමක් දෙන්නෙම්දැයි කීවාය. ඇයි අගමෙහෙසි තනතුර ඔබට ලැබුණා නේද? දරුව! කිසිම වරප්‍රසාදයක් නොමැති කල අගමෙහෙසි තනතුර කුමක් කරන්නේද? දැන් මට තොපගේ රජතුමා කුමක් දෙන්නේද? ඔහු අතරමගදී බත්මුලක් ලැබී එයින් කිසිවක් නොදී තමන්ම අනුභව කළේයයි කීවාය. බෝසතාණන් වහන්සේ ඇත්තද මහරජතුමනි?යි විචාළහ. රජතුමා එය පිළිගත්තේය. බෝසතාණන් වහන්සේ ඔහු පිළිගත් බව දැන එසේනම් මෑණියනි, රජු අප්‍රිය කාලයේ සිට නුඹට මෙහි විසීමෙන් ඇති ඵලය කුමක්ද? ලෝකයේ අප්‍රියයන් හා එක්වීම දුකක්මය. නුඹ මෙහි වසන කල්හි රජතුමාට අප්‍රියයන් හා එක්වීම සිදුවන්නේමය. දුකක් වන්නේමය. මේ සත්ත්වයෝ නම් භජනය කරන කෙනෙකු භජනය කරත්, භජනය නොකරන කෙනෙකු භජනය නොකරන කෙනෙකු බව දැන අන් තැනකට යා යුතුයි. ලෝකයෙහි ජීවත්වන්නෝ බොහෝ වෙතියි කියා
“නමෙ නමන්තස්ස භජෙ භජන්තං, කිච්චානුකුබ්බස්ස කරෙය්ය කිච්චං; නානත්ථකාමස්ස කරෙය්ය අත්ථං, අසම්භජන්තම්පි න සම්භජෙය්ය.
නමෙ නමන්තස්ස භජෙ භජන්තං, කිච්චානුකුබ්බස්ස කරෙය්ය කිච්චං, නානත්ථ කාමස්ස කරෙය්ය අත්ථං, අසම්භ ජනතම්පි නසම්භජෙය්ය
“චජෙ චජන්තං වනථං න කයිරා, අපෙතචිත්තෙන න සම්භජෙය්ය; දිජො දුමං ඛීණඵලන්ති ඤත්වා, අඤ්ඤං සමෙක්ඛෙය්ය මහා හි ලොකො”ති.
චජෙ චජන්තං වනථං නකයිරා, අපෙත චිත්තෙන නසම්භජෙය්ය, ද්විජො දුමං ඛීණඵලන්ති ඤත්වා, අඤ්ඤං සමෙක්ඛෙය්ය මහාහි ලොකො
යන මේ ගාථා කීහ.
නමස්කාර කරන්නාට, නමස්කාර කරන්නේය. තමා ඇසුරට එන තැනැත්තා ඇසුරු කරන්නේය. තමාගේ ක්‍රියාවට අනුව කටයුතු කරන්නාට පෙරළා කටයුතු කරන්නේය. අවැඩ කැමැත්තහුට වැඩක් නොකරන්නේය. තමා භජනය නොකරන්නාහුද භජනය නොකරන්නේය.
තමා අත්හරින තැනැත්තා තෙමේද හරින්නෝය. ඔහු කෙරෙහි තෘෂ්ණාව නොකරන්නේය. හිතවත්කමින් සිත බැහැර වූ කල්හි ඔහු සේවනය නොකරන්නේය. ගස ඵල රහිත බව දැනගත් පක්ෂියා අන් ගසක් සොයා යන්නේය. ලෝකය මහත්ය. විශාලය. (ලෝකය මිනිසුන්ගෙන් පිරී පවත්නා බැවින් තමා කෙරෙහි ස්නේහ නොකරන පුරුෂයා හැරදමා ස්නේහ කරන පුරුෂයකු සොයාගත යුතුය යනුවෙන් කියන ලද අයුරුය.)
තත්ථ නමෙ නමන්තස්ස භජෙ භජන්තන්ති යො අත්තනො නමති, තස්සෙව පටිනමෙය්ය. යො ච භජති, තමෙව භජෙය්ය. කිච්චානුකුබ්බස්ස කරෙය්ය කිච්චන්ති අත්තනො උප්පන්නකිච්චං අනුකුබ්බන්තස්සෙව තස්සපි උප්පන්නකිච්චං පටිකරෙය්ය. චජෙ චජන්තං වනථං න කයිරාති අත්තානං ජහන්තං ජහෙය්යෙව, තස්මිං තණ්හාසඞ්ඛාතං වනථං න කරෙය්ය. අපෙතචිත්තෙනාති විගතචිත්තෙන විපල්ලත්ථචිත්තෙන. න සම්භජෙය්යාති තථාරූපෙන සද්ධිං න සමාගච්ඡෙය්ය. දිජො දුමන්ති යථා සකුණො පුබ්බෙ ඵලිතම්පි රුක්ඛං ඵලෙ ඛීණෙ “ඛීණඵලො අය”න්ති ඤත්වා තං ඡඩ්ඩෙත්වා අඤ්ඤං සමෙක්ඛති පරියෙසති, එවං අඤ්ඤං සමෙක්ඛෙය්ය. මහා හි එස ලොකො, අථ තුම්හෙ සස්නෙහං එකං පුරිසං ලභිස්සථාති.
එහි, නමෙ නමන්තස්ස භජෙ භජන්තං යනු යමෙක් තමන්ට වඳියිද ඔහුටම වැඳිය යුතුයි. යමෙක් භජනය කරයිද ඔහුම භජනය කළයුතුයි. කිච්චානුකුබ්බස්ස කරෙය්ය කිච්චං යනු තමන්ට ඇති වූ කටයුත්තක් අනුව ක්‍රියා කරන්නාට උපන් ක්‍රියාද (තමාගේ වැඩට උදව් කරන තැනැත්තාටද උදව් කරන්නේය.) චජෙ චජන්තං වණථං නකයිරා යනු තමා අතහැර යන තැනැත්තා අතහරින්නේය. අතහැර යන තැනැත්තා කෙරෙහි කෘෂ්ණා නොකරන්නේය. අපෙත චිත්තෙන යනු හිතවත්කමින් පහවූ වෙනස් වූ සිත් ඇති. නසම්භජෙය්ය යනු එබඳු තැනැත්තා සමග ඇසුරක් නොකරන්නේය. ද්විජො දුමං යනු යම්සේ කුරුල්ලා කලින් ගෙඩි හටගත් ගසක ගෙඩි ක්ෂය වූ විට මේ ගෙඩි නැති ගසකැයි දැන එය හැරදමා වෙනත් ගසක් දෙස බලයි. සොයයි. මෙසේ අඤ්ඤං සමෙක්ඛෙය්ය මහා හි එස ලොකෙ ලෝකය විශාලය. එවිට තොපට සෙනෙහස ඇති එක් පුරුෂයකු ලැබෙන්නේ යයි කීහ.
තං සුත්වා බාරාණසිරාජා දෙවියා සබ්බිස්සරියං අදාසි. තතො පට්ඨාය සමග්ගා සම්මොදමානා වසිංසු.
ඒ අසා බරණැස් රජතුමා දේවියට සියලු ඉසුරු දුන්නේය. එතැන් පටන් සමගියෙන් විනෝද වෙමින් විසූහ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ ද්වෙ ජයම්පතිකා සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසු. “තදා ජයම්පතිකා ඉමෙ ද්වෙ ජයම්පතිකා අහෙසුං, පණ්ඩිතාමච්චො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍ය දේශනාකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර අඹුසැමි යුවල සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. එකල අඹුසැමි යුවල මේ අඹුසැමි යුවලම වූහ. පණ්ඩිත ඇමතියා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
පුටභත්තජාතකවණ්ණනා තතියා.