6. කොසියජාතකවණ්ණනා 226 අට්ඨකථා
6. කොසියජාතකවණ්ණනා (226)
6. කෝසිය ජාතකය (226)
කාලෙ නික්ඛමනා සාධූති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො කොසලරාජානං ආරබ්භ කථෙසි. කොසලරාජා පච්චන්තවූපසමනත්ථාය අකාලෙ නික්ඛමි. වත්ථු හෙට්ඨා වුත්තනයමෙව.
කාලෙ නික්ඛමණාසාධු යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වෙසෙනා සමයෙහි කොසොල් මහරජතුමා මුල් කරගෙන වදාළ සේක. කොසොල් රජතුමා පසල් දනව්වක් සංසිඳවීම සඳහා නොකල්හි නික්මුණේය. (වත්මන්) කථා පුවත යට (මුලින්) කියන ලද ක්‍රමයට සමානය.
සත්ථා පන අතීතං ආහරිත්වා ආහ – “මහාරාජ, අතීතෙ බාරාණසිරාජා අකාලෙ නික්ඛමිත්වා උය්යානෙ ඛන්ධාවාරං නිවෙසයි. තස්මිං කාලෙ එකො උලූකසකුණො වෙළුගුම්බං පවිසිත්වා නිලීයි. කාකසෙනා ආගන්ත්වා ‘නික්ඛන්තමෙව තං ගණ්හිස්සාමා’”ති පරිවාරෙසි. සො සූරියත්ථඞ්ගමනං අනොලොකෙත්වා අකාලෙයෙව නික්ඛමිත්වා පලායිතුං ආරභි. අථ නං කාකා පරිවාරෙත්වා තුණ්ඩෙහි කොට්ටෙන්තා පරිපාතෙසුං. රාජා බොධිසත්තං ආමන්තෙත්වා “කිං නු ඛො, පණ්ඩිත, ඉමෙ කාකා කොසියං පරිපාතෙන්තී”ති පුච්ඡි. බොධිසත්තො “අකාලෙ, මහාරාජ, අත්තනො වසනට්ඨානා නික්ඛමන්තා එවරූපං දුක්ඛං පටිලභන්තියෙව, තස්මා අකාලෙ අත්තනො වසනට්ඨානා නික්ඛමිතුං න වට්ටතී”ති ඉමමත්ථං පකාසෙන්තො ඉමං ගාථාද්වයමාහ –
බුදුරජාණන් වහන්සේ අතීත කථාව ගෙනහැර දක්වා වදාළ සේක. මහරජ! යටගිය දවස බරණැස් රජතුමා නොකල්හි නික්මී උයනෙහි කඳවුරු පිහිටවීය. එකල එක් බකමුහුණු පක්ෂියෙක් උණ ලැහැබකට පිවිස සැඟවුනේය. කවුඩු පිරිසක් අවුත් ඉන් නික්මෙනවිටම ඌ අල්ලා ගන්නෙමුයි වට කළේය. බකමූණා හිරු බැස යාම ගැන නොසලකාම කල් ඇතිව නික්මී පලායාමට පටන් ගත්තේය. ඉක්බිති කවුඩෝ ඌ වටකරගෙන හොටවලින් අනිමින් බිම හෙළූහ. රජතුමා බෝසතාණන් වහන්සේ අමතා පඬිතුමනි! මේ කවුඩන් බකමූණා බිම හෙළුවේ ඇයිදැයි විචාළේය. බෝසතාණන් වහන්සේ, මහරජ! නොකල්හි සිය වාසස්ථානයෙන් නික්මෙන්නේ මෙබඳු දුක් ලබන්නේමය. ඒ නිසා නොකල්හි තමන් වසන තැනින් නික්මෙන්නට නොවටීයයි මේ කාරණය ප්‍රකාශ කරන
“කාලෙ නික්ඛමනා සාධු, නාකාලෙ සාධු නික්ඛමො; අකාලෙන හි නික්ඛම්ම, එකකම්පි බහුජ්ජනො; න කිඤ්චි අත්ථං ජොතෙති, ධඞ්කසෙනාව කොසියං.
කාලෙ නික්ඛමණා සාධු - න කාලෙ සාධු නික්ඛමො, අකාලෙනහි නික්ඛම්ම - එකකම්පි බහූජනො, න කිඤ්චි අත්ථං ජොතෙති - ධංකසෙනාව කොසියං
“ධීරො ච විධිවිධානඤ්ඤූ, පරෙසං විවරානුගූ; සබ්බාමිත්තෙ වසීකත්වා, කොසියොව සුඛී සියා”ති.
ධීරොව විධිවිධානඤ්ඤු - පෙරසං විවරන්තගු, සබ්බා මිත්තෙ වසී කත්වා - කොසියොව සුඛී සියා
යන මේ ගාථා දෙක කීහ.
සුදුසු කාලයෙහි නික්මීම නොහොත් පරාක්‍රමය යහපත් වේ. අකාලෙහි වාසස්ථානයෙන් නික්මීම නොහොත් පරාක්‍රමය යහපත් නොවේ. අකාලයෙහි නික්ම නොහොත් වීර්යය කොට කිසි දියුණුවක් නොබබළයි නොහොත් නොලබයි. නොකල්හි නික්මුණු බකමූණා නැසූ කපුටු සේනාව මෙන් (නොකල්හි) හුදකලා වූවහු (වීර්ය කළද) බොහෝදෙනා වටකොට විනාශයට පමුණුවන්නාහ.
පැරණි පඬිවරුන් ව්යවස්ථාකොට තබන ලද විධි විධාන දන්නා වූ (විධාන ක්‍රම දන්නා වූ) අන්‍යයන්ගේ සිදුරු දන්නා වූ නුවණ ඇත්තා සියලු සතුරන් වසඟකොට නුවණැති බකමුහුණා මෙන් සුවපත් වූයේ වන්නේයි.
තත්ථ කාලෙ නික්ඛමනා සාධූති, මහාරාජ, නික්ඛමනා නාම නික්ඛමනං වා පරක්කමනං වා යුත්තපයුත්තකාලෙ සාධු. නාකාලෙ සාධු නික්ඛමොති අකාලෙ පන අත්තනො වසනට්ඨානතො අඤ්ඤත්ථ ගන්තුං නික්ඛමො නාම නික්ඛමනං වා පරක්කමනං වා න සාධු. “අකාලෙන හී”තිආදීසු චතූසු පදෙසු පඨමෙන සද්ධිං තතියං, දුතියෙන චතුත්ථං යොජෙත්වා එවං අත්ථො වෙදිතබ්බො. අත්තනො වසනට්ඨානතො හි කොචි පුරිසො අකාලෙන නික්ඛමිත්වා වා පරක්කමිත්වා වා න කිඤ්චි අත්ථං ජොතෙති, අත්තනො අප්පමත්තකම්පි වුඩ්ඪිං උප්පාදෙතුං න සක්කොති, අථ ඛො එකකම්පි බහුජ්ජනො බහුපි සො පච්චත්ථිකජනො එතං අකාලෙ නික්ඛමන්තං වා පරක්කමන්තං වා එකකං පරිවාරෙත්වා මහාවිනාසං පාපෙති. තත්රායං උපමා – ධඞ්කසෙනාව කොසියං, යථා අයං ධඞ්කසෙනා ඉමං අකාලෙ නික්ඛමන්තඤ්ච පරක්කමන්තඤ්ච කොසියං තුණ්ඩෙහි විතුදන්ති මහාවිනාසං පාපෙන්ති, තථා තස්මා තිරච්ඡානගතෙ ආදිං කත්වා කෙනචි අකාලෙ අත්තනො වසනට්ඨානතො න නික්ඛමිතබ්බං න පරක්කමිතබ්බන්ති.
එහි, කාලෙ නික්ඛමණා සාධූ යනු මහරජතුමනි! නික්මීම නම් පිටතට යාම හෝ වීර්ය කිරීම හෝ සුදුසු කාලයේ යහපත්ය. නාකාලෙ සාධු නික්ඛමො යනු නොකල්හි වීර්ය කිරීම හෝ යහපත් නොවේ. අකාලෙනහී යනු මුල් සතර හතරවන පේළියද යොදා මෙසේ අර්ථ දතයුතුයි. තමන් වාසය කරන ස්ථානයෙන් පුරුෂයා නොකල්හි නික්ම හෝ, න කිඤ්චි අත්ථං ජොතෙති තමන්ට ස්වල්පමාත්‍ර වූද අභිවෘද්ධියක් ඇතිකරගන්නට නොහැකි වෙයි. ඉක්බිති, එකකම්පි බහූජනො බොහෝ වූ ඒ සතුරු ජනයා නොකල්හි නික්මෙන හෝ උත්සාහ කරන හුදකලා වූ ඔහුට පහරදී මහා විනාශයකට පමුණුවත්. මේ එහි උපමාවයි. ධංකසෙනාව කොසියං යම්සේ මේ කපුටු රැළ නොකල්හි නික්මෙන උත්සාහ කරන මේ බකමුහුණාට හොටවලින් අනිත්ද, මහා විනාශයකට හෙළත්ද එසේය. ඒ නිසා තිරිසන් සතුන් මුල්කොට ඇති කිසිවෙකු විසින් නොකල්හි තමන්ගේ වාසස්ථානයෙන් නොනික්මිය යුතුයි. උත්සාහද නොකළ යුතුයි.
දුතියගාථාය ධීරොති පණ්ඩිතො. විධීති පොරාණකපණ්ඩිතෙහි ඨපිතපවෙණී. විධානන්ති කොට්ඨාසො වා සංවිදහනං වා. විවරානුගූති විවරං අනුගච්ඡන්තො ජානන්තො. සබ්බාමිත්තෙති සබ්බෙ අමිත්තෙ. වසීකත්වාති අත්තනො වසෙ කත්වා. කොසියොවාති ඉමම්හා බාලකොසියා අඤ්ඤො පණ්ඩිතකොසියො විය. ඉදං වුත්තං හොති – යො ච ඛො පණ්ඩිතො “ඉමස්මිං කාලෙ නික්ඛමිතබ්බං පරක්කමිතබ්බං, ඉමස්මිං න නික්ඛමිතබ්බං න පරක්කමිතබ්බ”න්ති පොරාණකපණ්ඩිතෙහි ඨපිතස්ස පවෙණිසඞ්ඛාතස්ස විධිනො කොට්ඨාසසඞ්ඛාතං විධානං වා තස්ස වා විධිනො විධානං සංවිදහනං අනුට්ඨානං ජානාති, සො විධිවිධානඤ්ඤූ පරෙසං අත්තනො පච්චාමිත්තානං විවරං ඤත්වා යථා නාම පණ්ඩිතො කොසියො රත්තිසඞ්ඛාතෙ අත්තනො කාලෙ නික්ඛමිත්වා ච පරක්කමිත්වා ච තත්ථ තත්ථ සයිතානඤ්ඤෙව කාකානං සීසානි ඡින්දමානො තෙ සබ්බෙ අමිත්තෙ වසීකත්වා සුඛී සියා, එවං ධීරොපි කාලෙ නික්ඛමිත්වා පරක්කමිත්වා අත්තනො පච්චාමිත්තෙ වසීකත්වා සුඛී නිද්දුක්ඛො භවෙය්‍යාති. රාජා බොධිසත්තස්ස වචනං සුත්වා නිවත්ති.
දෙවන ගාථාවෙහි, ධීරො යනු නුවණ ඇත්තා, විධි යනු පැරණි නුවණ ඇත්තන් විසින් පිහිටුවන ලද නියමයන්, විධානං යනු කොටසක් හෝ නියම කිරීමක් හෝ, විවරන්තගූ යනු සිදුරක් (වරදින තැනක්) අනුව යමින් (එය) දැනගන්නා තැනැත්තා සබ්බාමිත්තෙ යනු සියලු සතුරන් වසී කත්වා යනු තමන්ගේ වසඟයෙහි තබාගෙන, කොසියොව යනු මේ මෝඩ බකමූණා මෙන් නොව නුවණ ඇති වෙනත් බකමූණෙකු මෙන් මේ අදහස කියන ලදි. යම්කිසි පණ්ඩිතයෙක් මේ කාලයෙහි නික්මිය යුතුය. උත්සාහ කළ යුතුය. මේ කාලයෙහි නොනික්මිය යුතුය. උත්සාහ නොකළ යුතුයයි පැරණි පඬිවරුන් විසින් තබා ඇති ප්රවේණි සංඛ්‍යාත විධි (නියමයන් සම්ප්රදාය) හෝ කොට්ඨාස සංඛ්‍යාත විධානයන් හෝ ඒ විධාන පිළිබඳ නියම කිරීමක් ඒ අනුව පැවතීමක් දනියිද හෙතෙම විධිවිධානඥයෙකි. හෙතෙම තම සතුරන්ගේ දුර්වලකමක් දැක රාත්‍රිය නමැති තමාට අයත් කාලයෙහි නික්ම උත්සාහකොට ඒ ඒ තැන නිදා සිටින කපුටන්ගේ හිස් සිඳිමින් ඒ සියලු සතුරන් වසඟකොට සුඛී සියා සුවපත් වන්නේය. මෙසේ නුවණැත්තා නියම කාලයෙහි නික්ම උත්සාහ කොට තමාගේ සතුරන් වසඟකොට සැප ඇත්තෙක් දුක් නැත්තෙක් වන්නේය. රජතුමා බෝධිසත්ත්වයන් වහන්සේගේ වචනය අසා (යුද්ධයට නොගොස්) නැවතුනේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්දො අහොසි, පණ්ඩිතාමච්චො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල රජතුමා ආනන්දයි. නුවණ ඇති ඇමතියා මම ම වූයෙමි යි වදාළ සේක.
කොසියජාතකවණ්ණනා ඡට්ඨා.