යෙදුමෙන් කියවන්න

7. ගූථපාණජාතකවණ‍්ණනා 227 අට‍්ඨකථා

7. ගූථපාණජාතකවණ‍්ණනා (227)

7. ගුථපාණක ජාතකය (227)

සූරො සූරෙන සඞ‍්ගම‍්මාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි. තස‍්මිං කිර කාලෙ ජෙතවනතො තිගාවුතඩ‍්ඪයොජනමත‍්තෙ එකො නිගමගාමො, තත්‍ථ බහූනි සලාකභත‍්තපක‍්ඛියභත‍්තානි අත්‍ථි. තත්‍රෙකො පඤ‍්හපුච‍්ඡකො කොණ‍්ඩො වසති. සො සලාකභත‍්තපක‍්ඛියභත‍්තානං අත්‍ථාය ආගතෙ දහරෙ ච සාමණෙරෙ ච “කෙ ඛාදන‍්ති, කෙ පිවන‍්ති, කෙ භුඤ‍්ජන‍්තී”ති පඤ‍්හං පුච‍්ඡිත්‍වා කථෙතුං අසක‍්කොන‍්තෙ ලජ‍්ජාපෙසි. තෙ තස‍්ස භයෙන සලාකභත‍්තපක‍්ඛියභත‍්තත්‍ථාය තං ගාමං න ගච‍්ඡන‍්ති. අථෙකදිවසං එකො භික‍්ඛු සලාකග‍්ගං ගන‍්ත්‍වා “භන‍්තෙ, අසුකගාමෙ සලාකභත‍්තං වා පක‍්ඛියභත‍්තං වා අත්‍ථී”ති පුච‍්ඡිත්‍වා “අත්‍ථාවුසො, තත්‍ථ පනෙකො කොණ‍්ඩො පඤ‍්හං පුච‍්ඡති, තං කථෙතුං අසක‍්කොන‍්තෙ අක‍්කොසති පරිභාසති, තස‍්ස භයෙන කොචි ගන‍්තුං න සක‍්කොතී”ති වුත‍්තෙ “භන‍්තෙ, තත්‍ථ භත‍්තානි මය‍්හං පාපෙථ, අහං තං දමෙත්‍වා නිබ‍්බිසෙවනං කත්‍වා තතො පට‍්ඨාය තුම‍්හෙ දිස‍්වා පලායනකං කරිස‍්සාමී”ති ආහ. භික‍්ඛූ “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තස‍්ස තත්‍ථ භත‍්තානි පාපෙසුං.

සූරො සූරෙන සංගම්ම යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් එක්තරා භික්‍ෂුවක අරබයා වදාළ සේක. එකල ජේතවනාරාමයේ සිට ගව්වක් හා අඩ යොදුනක් (ගව් 3ක්) පමණ ඈතින් එක් නියම්ගමක් ඇත. එහි බොහෝ සලාක බත් (තැන්පත් ලැබුණු භික්‍ෂූන්ට දෙන දානය) ඇත. ප්‍රශ්න අසන එක්තරා කොට මිනිසෙක් වාසය කරයි. ඔහු සලාක බත පිළිගැනීමට හා පක්ඛික බත හෙවත් පක්‍ෂයකට අයත් (පක්ෂයකට මාස භාගයයි. දින 15 යි. එයින් 5, 8, 14, 15 යන දිනවලදී දෙන) බත පිළිගැනීමට වැඩම කළ නවක භික්‍ෂූන්ගෙන්ද සාමණේර හිමිවරුන්ගෙන්ද කවුරු (කැවිලි) කත්ද කවුරු බොත්ද කවුරු (බත් ආදිය) අනුභව කරත්ද යනුවෙන් ප්‍රශ්න අසා පිළිතුරු දීමට නොහැකි වූ අය ලජ්ජාවට පත් කළේය. ඒ භික්‍ෂු-සාමණේර හිමිවරු ඔහුට බියෙන් සලාක බත් හෝ පක්ඛිත බත් හෝ ලබාගැනීමට ඒ ගමනට නොයත්. ඉක්බිති එක් දිනක් එක් භික්‍ෂුවක් සලාක බෙදන තැනට ගොස් ස්වාමීනි! අසවල් ගමෙහි සලාක බත් හෝ පක්ඛිත බත් හෝ පක්ඛිත බත් හෝ ඇද්දැයි විමසා ඇවැත්නි! ඇත. එහෙත් එහි එක් කොර මිනිසෙක් ප්‍රශ්න අසයි. උත්තර දීමට නොහැකි වූ අයට අක්‍රොස කරයි. අපහාස කරයි. ඒ නිසා ඔහුට බියෙන් කිසිවෙකු එහි යන්නට නොහැකි වෙතියි කී කල්හි, ස්වාමීනි එහි බත මට පවරනු මැනවි. මම ඔහු සමනය කොට එතැන් පටන් ඔබවහන්සේලා දැක පලායන කෙනෙකු බවට පත්කරන්නෙමියි කීය. භික්‍ෂූහු යහපතැයි පිළිගෙන ඔහුට එහි සලාක බත පැවරූහ.

සො තත්‍ථ ගන‍්ත්‍වා ගාමද‍්වාරෙ චීවරං පාරුපි. තං දිස‍්වා කොණ‍්ඩො චණ‍්ඩමෙණ‍්ඩකො විය වෙගෙන උපගන‍්ත්‍වා “පඤ‍්හං මෙ, සමණ, කථෙහී”ති ආහ. “උපාසක, ගාමෙ චරිත්‍වා යාගුං ආදාය ආසනසාලං තාව මෙ ආගන‍්තුං දෙහී”ති. සො යාගුං ආදාය ආසනසාලං ආගතෙපි තස‍්මිං තථෙව ආහ. සොපි නං භික‍්ඛු “යාගුං තාව මෙ පාතුං දෙහි, ආසනසාලං තාව සම‍්මජ‍්ජිතුං දෙහි, සලාකභත‍්තං තාව මෙ ආහරිතුං දෙහී”ති වත්‍වා සලාකභත‍්තං ආහරිත්‍වා තමෙව පත‍්තං ගාහාපෙත්‍වා “එහි, පඤ‍්හං තෙ කථෙස‍්සාමී”ති බහිගාමං නෙත්‍වා චීවරං සංහරිත්‍වා අංසෙ ඨපෙත්‍වා තස‍්ස හත්‍ථතො පත‍්තං ගහෙත්‍වා අට‍්ඨාසි. තත්‍රාපි නං සො “සමණ, පඤ‍්හං මෙ කථෙහී”ති ආහ. අථ නං “කථෙමි තෙ පඤ‍්හ”න‍්ති එකප‍්පහාරෙනෙව පාතෙත්‍වා අට‍්ඨීනි සංචුණ‍්ණෙන‍්තො විය පොථෙත්‍වා ගූථං මුඛෙ පක‍්ඛිපිත්‍වා “ඉතො දානි පට‍්ඨාය ඉමං ගාමං ආගතං කඤ‍්චි භික‍්ඛුං පඤ‍්හං පුච‍්ඡිතකාලෙ ජානිස‍්සාමී”ති සන‍්තජ‍්ජෙත්‍වා පක‍්කාමි. සො තතො පට‍්ඨාය භික‍්ඛූ දිස‍්වාව පලායති. අපරභාගෙ තස‍්ස භික‍්ඛුනො සා කිරියා භික‍්ඛුසඞ‍්ඝෙ පාකටා ජාතා. අථෙකදිවසං ධම‍්මසභායං භික‍්ඛූ කථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො, අසුකභික‍්ඛු කිර කොණ‍්ඩස‍්ස මුඛෙ ගූථං පක‍්ඛිපිත්‍වා ගතො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, සො භික‍්ඛු ඉදානෙව තං මීළ‍්හෙන ආසාදෙති, පුබ‍්බෙපි ආසාදෙසියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

ඒ භික්‍ෂූන් වහන්සේ එහි වැඩමවා ගම් දොරටුවේදී (ගමට ඇතුල්වන තැනදී) සිවුරු පෙරවූ සේක. උන්වහන්සේ දැක ප්‍රශ්න අසන්නා නපුරු බැටළුවෙකු මෙන් වේගයෙන් ළඟට අවුත්, ශ්‍රමණයන් වහන්ස! මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නැයි කීවේය. උපාසකයෙනි! ගමෙහි ඇවිද කැඳ බත් ලබාගෙන ආසන ශාලාවට එන තෙක් මට අවකාශ දෙන්නයි කීහ. ඔහු කැඳ ලබාගෙන ආසන ශාලාවට පැමිණි භික්‍ෂුවට එසේම කීවේය. ඒ භික්‍ෂූන් වහන්සේද ඔහුට මට කැඳ වළඳන තෙක් ඉඩ දෙන්න, ආසන ශාලාව අමදින තෙක් ඉඩ දෙන්න, සලාක බත ලබාගෙන එනතෙක් ඉඩ දෙන්නැයි කියා සලාක ගෙනවුත් ඔහු ලවාම පාත්‍රය ගෙන්වාගෙන, එව නුඹේ ප්‍රශ්නවලට උත්තර දෙන්නෙමියි ගමින් බැහැරට කැඳවාගෙන අවුත් සිවුර ඒකාංශ කරගෙන ඔහුගේ අතින් පාත්‍රය ගෙන සිටි සේක. එහිදීද ඔහු ඒ භික්‍ෂුවට ශ්‍රමණය! මගේ ප්‍රශ්නයට උත්තර කියන්නැයි කීවේය. ඉක්බිති ඔහුට ඔබේ ප්‍රශ්නයට පිළිතුරු කියන්නෙමියි එක් පහරින්ම බිම හෙලා ඇට පොඩිකරමින් තලා මුඛයෙහි අශූචි දමා මෙතැන් පටන් මේ ගමට වඩින කිසිම භික්‍ෂුවකගෙන් ප්‍රශ්න ඇසුවොත් (තට කරන දේ) දැන ගන්නෙමියි තර්ජනය කොට ගිය සේක. ඔහු එතැන් පටන් භික්‍ෂූන් දුටුවිටම පලා යයි. පසුකලෙක ඒ භික්‍ෂුවගේ ක්‍රියාව භික්‍ෂු සංඝයා අතර ප්‍රකට විය. ඉක්බිති එක්දිනක් සම්සභාවෙහිදී ඇවැත්නි! අසවල් භික්‍ෂුව වනාහි ප්‍රශ්න අසා භික්‍ෂූන් පීඩාවට පත්කළ කොටාගේ මුඛයෙහි අසූචි දමා ගියේයයි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! කවර කථාවකින් යුක්තව මෙහි දැන් සිටියාහුදැයි විචාරා, මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! ඒ භික්‍ෂුව ඔහුට අසූචිවලින් හිරිහැර කළේ දැන් පමණක් නොවේ. පෙරත් හිරිහැර කළේයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ අඞ‍්ගමගධවාසිනො අඤ‍්ඤමඤ‍්ඤස‍්ස රට‍්ඨං ගච‍්ඡන‍්තා එකදිවසං ද‍්වින‍්නං රට‍්ඨානං සීමන‍්තරෙ එකං සරං නිස‍්සාය වසිත්‍වා සුරං පිවිත්‍වා මච‍්ඡමංසං ඛාදිත්‍වා පාතොව යානානි යොජෙත්‍වා පක‍්කමිංසු. තෙසං ගතකාලෙ එකො ගූථඛාදකො පාණකො ගූථගන්‍ධෙන ආගන‍්ත්‍වා තෙසං පීතට‍්ඨානෙ ඡඩ‍්ඩිතං සුරං දිස‍්වා පිපාසාය පිවිත්‍වා මත‍්තො හුත්‍වා ගූථපුඤ‍්ජං අභිරුහි, අල‍්ලගූථං තස‍්මිං ආරුළ‍්හෙ ථොකං ඔනමි. සො “පථවී මං ධාරෙතුං න සක‍්කොතී”ති විරවි. තස‍්මිඤ‍්ඤෙව ඛණෙ එකො මත‍්තවරවාරණො තං පදෙසං පත්‍වා ගූථගන්‍ධං ඝායිත්‍වා ජිගුච‍්ඡන‍්තො පටික‍්කමි. සො තං දිස‍්වා “එස මම භයෙන පලායතී”ති සඤ‍්ඤී හුත්‍වා “ඉමිනා මෙ සද‍්ධිං සඞ‍්ගාමං කාතුං වට‍්ටතී”ති තං අව‍්හයන‍්තො පඨමං ගාථමාහ –

යටගිය දවස අංග මගධ වාසීහු ඔවුනොවුන්ගේ රටට යන්නාහු එක් දිනක් දෙරටේ සීමාවෙහි (මායිමේ) එක් විලක් නිසා වාසයකොට සුරා පානය කොට, මස් මාලු අනුභව කොට උදෙන්ම වාහන (කරත්ත) යොදාගෙන ගියාහුය. ඔවුන් ගියකල්හි එක් අසූචි කන පණුවෙක් අසූචි ගඳට අවුත් මගීන් විසින් සුරාපානය කළ ස්ථානයේ ඉවත දමන ලද සුරාව දැක පැන් පිපාස නිසා පානයකොට මත් වී අසූචි පිඩක් මත නැංගේය. තෙත අසූචි පිඩ මත නැංගවිට ටිකක් ඇලවිය. ඒ පණුවා මාව දරා සිටීමට පොළොව අසමත් යයි කෑගැසුවේය. ඒ අවස්ථාවේදී මද වෑහෙන ඇතෙක් ඒ ප්‍රදේශයට පැමිණ අසූචි ගඳ ආඝ්‍රාණය වී පිළිකුල් කරමින් ආපසු හැරුණේය. පණුවා ඒ දැක මොහු මා දැක බියෙන් පලා යන්නේ යයි හැඟීමෙන් මා විසින් මොහු සමග යුද්ධ කරන්නට වටින්නේ යයි ඇතා කැඳවමින්

“සූරො සූරෙන සඞ‍්ගම‍්ම, වික‍්කන‍්තෙන පහාරිනා; එහි නාග නිවත‍්තස‍්සු, කිං නු භීතො පලායසි; පස‍්සන‍්තු අඞ‍්ගමගධා, මම තුය‍්හඤ‍්ච වික‍්කම”න‍්ති.

සූරො සූරෙන සංගම්ම වික්කන්තෙන පහාරිනා, එහි නාග නිවත්තස්සු කින්නු භීතො පලායසි, පස්සන්තු අංග මගධා මම තුය්හඤ්ච වික්කමං

යන පළමු ගාථාව කීවේය.

සූරතාවයෙන් යුක්ත වූ වික්‍රම ස්වභාව ඇති පහර දෙන්නා වූ පුරුෂයා සමග ශූර පුරුෂ තෙමේ එක් තැනකට පැමිණ (ඔවුනොවුන් සටන් නොකොට කුමට යේද?) ඇත්රජුනි! මෙහි එන්න. නවතින්න. කුමට බිය වූයේ පලායෙයිද? මගේද, නුඹේද වික්‍රමය අඟුමගධ දෙරට වැස්සෝ බලත්වා!

තස‍්සත්‍ථො – ත්‍වං සූරො මයා සූරෙන සද‍්ධිං සමාගන‍්ත්‍වා වීරියවික‍්කමෙන වික‍්කන‍්තෙන පහාරදානසමත්‍ථතාය පහාරිනා කිංකාරණා අසඞ‍්ගාමෙත්‍වාව ගච‍්ඡසි, නනු නාම එකසම‍්පහාරොපි දාතබ‍්බො සියා, තස‍්මා එහි නාග නිවත‍්තස‍්සු, එත‍්තකෙනෙව මරණභයතජ‍්ජිතො හුත්‍වා කිං නු භීතො පලායසි, ඉමෙ ඉමං සීමං අන‍්තරං කත්‍වා වසන‍්තා පස‍්සන‍්තු, අඞ‍්ගමගධා මම තුය‍්හඤ‍්ච වික‍්කමං උභින‍්නම‍්පි අම‍්හාකං පරක‍්කමං පස‍්සන‍්තූති.

එහි අර්ථය නුඹ, සූරො සූර වූයේ සූරෙන සද්ධිං සූර වූ මා සමග එක්ව, වීර්යයෙන් වික්‍රමයෙන් වික්කන්තෙන පහරදීමට සමත් බැවින් පහාරිනා කුමක් නිසා යුද නොකරම යන්නෙහිද? එක පහරක් හෝ දිය නොවේද? ඒ නිසා එහි නාග නිවත්තස්සු ඇතුනි! එන්න, නවතින්න, මෙපමණකින්ම මරණ බියෙන් තැති ගත්තේ වී කින්නු භීතො පලායසි කිම? බියෙන් පලා යන්නෙහිද? පස්සන්තු අංගමගධා මම තුය්හඤ්ච වික්කමං අංග මගධ දෙකේම අය අපගේ පරාක්‍රමය බලත්වායි,

සො හත්‍ථී කණ‍්ණං දත්‍වා තස‍්ස වචනං සුත්‍වා නිවත‍්තිත්‍වා තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තං අපසාදෙන‍්තො දුතියං ගාථමාහ –

ඒ ඇතා කන් දී පණුවාගේ වචන අසා නැවතී ඌ ළඟ ගොස් ඌට දොස් කියමින්,

“න තං පාදා වධිස‍්සාමි, න දන‍්තෙහි න සොණ‍්ඩියා; මීළ‍්හෙන තං වධිස‍්සාමි, පූති හඤ‍්ඤතු පූතිනා”ති.

න තං පාදා වධිස්සාමි නදන්තෙහි න සොණ්ඩියා, මීළ්හෙන තං වධිස්සාමි පූති හඤ්ඤතු පූතිනාං

යන දෙවන ගාථාව කීවේය.

“නුඹ පාදයෙන් නොමරමි. දළවලින්ද නොමරමි. සොඬිනුත් නොමරමි. අසූචියෙන්ම තා මරමි. අසූචියෙන් අසූචිය නසනු ලැබේවා.”

තස‍්සත්‍ථො – න තං පාදාදීහි වධිස‍්සාමි, තුය‍්හං පන අනුච‍්ඡවිකෙන මීළ‍්හෙන තං වධිස‍්සාමීති.

එහි අර්ථය නුඹ පා ආදියෙන් නොමරමි. නුඹට සුදුසු අසූචිවලින් නුඹ මරන්නෙමි යනුයි.

එවඤ‍්ච පන වත්‍වා “පූතිගූථපාණකො පූතිනාව හඤ‍්ඤතූ”ති තස‍්ස මත්‍ථකෙ මහන‍්තං ලණ‍්ඩං පාතෙත්‍වා උදකං විස‍්සජ‍්ජෙත්‍වා තත්‍ථෙව තං ජීවිතක‍්ඛයං පාපෙත්‍වා කොඤ‍්චනාදං නදන‍්තො අරඤ‍්ඤමෙව පාවිසි.

මෙසේද කියා කුණු අසූචි පණුවා අසූචියෙන්ම මරනු ලැබේවායි කියා පණුවා මත මහත් වසුරුපිඩක් හෙලා මුත්‍රා විසුරුවා ඌ එහිම මරණයට පත් කොට කුංචනාද පවත්වමින් කැලයටම පිවිසියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා ගූථපාණකො කොණ‍්ඩො අහොසි, වාරණො සො භික‍්ඛු, තං කාරණං පච‍්චක‍්ඛතො දිස‍්වා තස‍්මිං වනසණ‍්ඩෙ නිවුත්‍ථදෙවතා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහ්නසේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එදා අසූචි පණුවා කොරා විය. ඇතා ඒ භික්‍ෂුවයි. ඒ කරුණ ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැක ඒ වනලැහැබෙහි නැවතී සිටි දෙවියා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.

ගූථපාණජාතකවණ‍්ණනා සත‍්තමා.