8. කාමනීතජාතකවණ්ණනා 228 අට්ඨකථා
8. කාමනීතජාතකවණ්ණනා (228)
8. කාමනීත ජාතකය (228)
තයො ගිරින්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො කාමනීතබ්රාහ්මණං නාම ආරබ්භ කථෙසි. වත්ථු පච්චුප්පන්නඤ්ච අතීතඤ්ච ද්වාදසකනිපාතෙ කාමජාතකෙ (ජා· 1.12.37 ආදයො) ආවිභවිස්සති. තෙසු පන ද්වීසු රාජපුත්තෙසු ජෙට්ඨකො ආගන්ත්වා බාරාණසියං රාජා අහොසි, කනිට්ඨො උපරාජා. තෙසු රාජා වත්ථුකාමකිලෙසකාමෙසු අතිත්තො ධනලොලො අහොසි. තදා බොධිසත්තො සක්කො දෙවරාජා හුත්වා ජම්බුදීපං ඔලොකෙන්තො තස්ස රඤ්ඤො ද්වීසුපි කාමෙසු අතිත්තභාවං ඤත්වා “ඉමං රාජානං නිග්ගණ්හිත්වා ලජ්ජාපෙස්සාමී”ති බ්රාහ්මණමාණවවණ්ණෙන ආගන්ත්වා රාජානං පස්සි, රඤ්ඤා ච “කෙනත්ථෙන ආගතොසි මාණවා”ති වුත්තෙ “අහං, මහාරාජ, තීණි නගරානි පස්සාමි ඛෙමානි සුභික්ඛානි පහූතහත්ථිඅස්සරථපත්තීනි හිරඤ්ඤසුවණ්ණාලඞ්කාරභරිතානි, සක්කා ච පන තානි අප්පකෙනෙව බලෙන ගණ්හිතුං, අහං තෙ තානි ගහෙත්වා දාතුං ආගතො”ති ආහ. “කදා ගච්ඡාම, මාණවා”ති වුත්තෙ “ස්වෙ මහාරාජා”ති. “තෙන හි ගච්ඡ, පාතොව ආගච්ඡෙය්යාසී”ති. “සාධු, මහාරාජ, වෙගෙන බලං සජ්ජෙහී”ති වත්වා සක්කො සකට්ඨානමෙව ගතො.
තයො ගිරිං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් ‘කාමනීත’ නම් බමුණා අරබයා වදාළ සේක. වර්තමාන කථා වස්තුවත් අතීත කථා වස්තුවත් දොළොස්වන නිපාතයෙහි කාම ජාතකයෙහි මතු සඳහන් වන්නේය. ඒ රාජපුත්‍රයන් දෙදෙනා අතුරෙන් වැඩිමහලු පුතා අවුත් බරණැස් නුවර රජවිය. කණිටු පුත්‍රයා යුවරජ විය. ඔවුන් අතුරෙන් රජතුමා වස්තුකාම ක්ලේශ කාමයන්හි තෘප්තියට පත් නොවූයේ ධනයට ලොල් විය. එකල්හි බෝසතාණන් වහන්සේ සක්දෙව් රජවී දඹදිව දෙස බලන්නේ ඒ රජතුමා දෙපරිදි වූ කාමයන්හිම අතෘප්තිමත් බව දැන, මේ රජුට නිග්‍රහ කොට ලජ්ජාවට පමුණුවන්නෙමියි බමුණු මානව වේශයෙන් අවුත් රජතුමා බැහැදුටුවේය. රජතුමාද මානවය! කුමක් සඳහා ආවේදැයි කී කල්හි මහරජතුමනි! මම ආරක්ෂා සහිත වූ ආහාර සුලබ වූ බොහෝ ඇත්, අස්, රිය, පාබල සේනා ඇති රන්, රුවන් අලංකාරයෙන් පිරුණු නගර තුනක් දුටුවෙමි. සුළු බලයකින් ඒ නගර අල්ලාගත හැකිය. ඒවා ලබාදීම සඳහා මම පැමිණියෙමියි කීය. කවදා යමුද? මානවකයයි කී කල්හි, මහරජතුමනි! හෙට යමුයි කීය. එසේනම් යව. උදෙන්ම එන්නැයි කීවේය. යහපත මහරජතුමනි! වහා බලසෙනඟ සූදානම් කරවයි කියා ශක්‍රයා සිය භවනටම ගියේය.
රාජා පුනදිවසෙ භෙරිං චරාපෙත්වා බලසජ්ජං කාරෙත්වා අමච්චෙ පක්කොසාපෙත්වා හිය්යො එකො බ්‍රාහ්මණමාණවො “උත්තරපඤ්චාලෙ ඉන්දපත්තෙ කෙකකෙති ඉමෙසු තීසු නගරෙසු රජ්ජං ගහෙත්වා දස්සාමී”ති ආහ, තං මාණවං ආදාය තීසු නගරෙසු රජ්ජං ගණ්හිස්සාම, වෙගෙන නං පක්කොසථාති. “කත්ථස්ස, දෙව, නිවාසො දාපිතො”ති? “න මෙ තස්ස නිවාසගෙහං දාපිත”න්ති. “නිවාසපරිබ්බයො පන දින්නො”ති? “සොපි න දින්නො”ති. අථ “කහං නං පස්සිස්සාමා”ති? “නගරවීථීසු ඔලොකෙථා”ති. තෙ ඔලොකෙන්තා අදිස්වා “න පස්සාම, මහාරාජා”ති ආහංසු. රඤ්ඤො මාණවං අපස්සන්තස්ස “එවං මහන්තා නාම ඉස්සරියා පරිහීනොම්හී”ති මහාසොකො උදපාදි, හදයවත්ථු උණ්හං අහොසි, වත්ථුලොහිතං කුප්පි, ලොහිතපක්ඛන්දිකා උදපාදි, වෙජ්ජා තිකිච්ඡිතුං නාසක්ඛිංසු.
රජතුමා දෙවන දවසේ බෙර හසුරුවා බලසෙනඟ රැස්කරවා ඇමතියන් කැඳවා, ඊයේ එක් බමුණු තරුණයෙක් උතුරු පඤ්චාල නුවර, ඉඳිපත් නුවර, කෙකය යන මේ නගර තුනෙහි රාජ්‍යය ගෙන දෙන්නෙමියි කීවේය. ඒ තරුණයා සමග ගොස් නගර තුනෙහි රාජ්‍යය ගන්නෙමු. වහාම ඔහුව කැඳවන්නයි කීවේය. දේවයන් වහන්ස! ඔහුට කොතැනක නිවසක් දෙවන ලද්දේදැයි ඇසූහ. මවිසින් ඔහුට වාසයට ගෙයක් නොදෙවන ලදි. ආහාර සඳහා වියදම් දුන්නේද එයද නොදෙන ලදි. එසේනම් ඔහුව කොතැනක සිටීදැයි සොයන්නෙමුදැයි ඇසූහ. නුවර වීථිවල බලවයි කීවේය. ඔවුහු සොයමින් නොදැක, නුදුටුවෙමු මහරජතුමනියි කීහ. ඔහු නොදකින රජතුමාට මෙසේ මහත් සම්පත්තියකින් පිරිහුණෙමියි මහත් ශෝකයක් උපන්නේය. හදවත උණුසුම් විය. හදවතෙහි ලේ කුපිත විය. ලේ අතීසාරය ඇතිවිය. වෛද්‍යවරු පිළියම් කිරීමට නොහැකි වූහ.
තතො තීහචතූහච්චයෙන සක්කො ආවජ්ජමානො තස්ස තං ආබාධං ඤත්වා “තිකිච්ඡිස්සාමි න”න්ති බ්රාහ්මණවණ්ණෙන ආගන්ත්වා ද්වාරෙ ඨත්වා “වෙජ්ජබ්රාහ්මණො තුම්හාකං තිකිච්ඡනත්ථාය ආගතො”ති ආරොචාපෙසි. රාජා තං සුත්වා “මහන්තමහන්තා රාජවෙජ්ජා මං තිකිච්ඡිතුං නාසක්ඛිංසු, පරිබ්බයමස්ස දාපෙත්වා උය්යොජෙථා”ති ආහ. සක්කො තං සුත්වා “මය්හං නෙව නිවාසපරිබ්බයෙන අත්ථො, වෙජ්ජලාභම්පි න ගණ්හිස්සාමි, තිකිච්ඡිස්සාමි නං, පුන රාජා මං පස්සතූ”ති ආහ. රාජා තං සුත්වා “තෙන හි ආගච්ඡතූ”ති ආහ. සක්කො පවිසිත්වා ජයාපෙත්වා එකමන්තං අට්ඨාසි, රාජා “ත්වං මං තිකිච්ඡසී”ති ආහ. “ආම, දෙවා”ති. “තෙන හි තිකිච්ඡස්සූ”ති. “සාධු, මහාරාජ, බ්යාධිනො මෙ ලක්ඛණං කථෙථ, කෙන කාරණෙන උප්පන්නො, කිං ඛාදිතං වා පීතං වා නිස්සාය, උදාහු දිට්ඨං වා සුතං වා”ති? “තාත, මය්හං බ්යාධි සුතං නිස්සාය උප්පන්නො”ති. “කිං තෙ සුත”න්ති. “තාත එකො මාණවො ආගන්ත්වා මය්හං ‘තීසු නගරෙසු රජ්ජං ගණ්හිත්වා දස්සාමී’ති ආහ, අහං තස්ස නිවාසට්ඨානං වා නිවාසපරිබ්බයං වා න දාපෙසිං, සො මය්හං කුජ්ඣිත්වා අඤ්ඤස්ස රඤ්ඤො සන්තිකං ගතො භවිස්සති. අථ මෙ ‘එවං මහන්තා නාම ඉස්සරියා පරිහීනොම්හී’ති චින්තෙන්තස්ස අයං බ්යාධි උප්පන්නො. සචෙ සක්කොසි ත්වං මෙ කාමචිත්තං නිස්සාය උප්පන්නං බ්යාධිං තිකිච්ඡිතුං, තිකිච්ඡාහී”ති එතමත්ථං පකාසෙන්තො පඨමං ගාථමාහ –
එයින් දින තුනහතරකට පසු සක්දෙවිඳු ආවර්ජනා කරමින් ඔහුගේ ඒ රෝගය දැන ඔහුට බෙහෙත් කරන්නෙමියි බමුණු වෙසින් අවුත් දොරටුවෙහි සිට වෛද්‍ය බමුණෙක් නුඹවහන්සේට බෙහෙත් කිරීමට ආවේයයි දැනුම් දෙවීය. රජතුමා ඒ අසා ලොකු ලොකු රාජ වෛද්‍යවරුන්ට පවා මට බෙහෙත් කළ නොහැකි වූහ. ඔහුට මගවියදම් දෙවා පිටත් කරවයි කීවේය. ශක්‍රයා ඒ අසා මට සංග්‍රහ හෝ මගවියදම්වලින් ප්‍රයෝජනයක් නැත. වෙදකමට ලැබෙන ලාභයවත් නොගන්නෙමි. ඔහුට පිළියම් කරන්නෙමි. රජතුමා මට පෙන්වනු මැනවැයි කීවේය. රජතුමා ඒ අසා එසේනම් එවයි කීවේය. ශක්‍රයා පිවිස ජයපතා එකත්පසෙක සිටියේය. රජතුමා, නුඹ මට බෙහෙත් කරන්නෙහිදැයි ඇසීය. එසේය දේවයන් වහන්සයි කීය. එසේනම් පිළියම් කරවයි කීය. යහපති මහරජතුමනි! ආබාධයේ ලක්ෂණ මට කියනු මැනව. කුමන කරුණක් නිසා රෝගය හටගත්තේද? කන ලද බොන ලද කුමකින් උපන්නේද? නැතිනම් දුටු දෙයකින් ඇසූ දෙයකින්දැයි ඇසීය. දරුව! මගේ රෝගය යම්කිසිවක් ඇසීමෙන් උපන්නකියි කීය. ඒ ඇසූ දෙය කුමක්දැයි ඇසීය. දරුව! එක් තරුණයෙක් අවුත් මට නගර තුනක රාජ්‍යයන් රැගෙන දෙන්නෙමියි කීවේය. මම ඔහුට නැවතීමට තැනක් හෝ කෑම වියදම් හෝ නොදෙව්වෙමි. ඒ නිසා ඔහු මා කෙරෙහි කිපී අන් රජ කෙනෙකු සමීපයට ගියේ වන්නේය. ඉක්බිති මම මෙසේ මහත් සම්පත්තියකින් පිරිහුනෙමියි සිතන මට මෙම රෝගය උපන්නේය. ඉදින් ඒ කාම සිතුවිල්ල නිසා උපන් මගේ රෝගයට පිළියම් කරන්නට හැකිවෙහි නම් කරවයි ඒ කාරණය ප්‍රකාශ කරමින්
“තයො ගිරිං අන්තරං කාමයාමි, පඤ්චාලා කුරුයො කෙකකෙ ච; තතුත්තරිං බ්‍රාහ්මණ කාමයාමි, තිකිච්ඡ මං බ්‍රාහ්මණ කාමනීත”න්ති.
තයො ගිරිං අන්තරං කාමයාමි, පඤ්චාලා කුරයො කෙකයෙච, තතුත්තරිං බ්‍රාහ්මණ කාමයාමි, තිකිච්ඡ මං බ්‍රාහ්මණ කාමනීතං
යන පළමු ගාථාව කීවේය.
“බමුණානෙනි! උත්තර පඤ්චාලය ද කුරු රටද කෙකක නම් රටද යන මේ රාජ්‍ය තුනේ අන්තරයද පතමි. බරණැස් රාජ්‍යයට වඩා වැඩියමක් පතමි. බමුණ! කාමයෙන් පීඩාවට පත්ව සිටින මට පිළියම් කරව.”
තත්ථ තයො ගිරින්ති තයො ගිරී, අයමෙව වා පාඨො. යථා “සුදස්සනස්ස ගිරිනො, ද්වාරඤ්හෙතං පකාසතී”ති එත්ථ සුදස්සනං දෙවනගරං යුජ්ඣිත්‍වා දුග්ගණ්හතාය දුච්චලනතාය “සුදස්සනගිරී”ති වුත්තං, එවමිධාපි තීණි නගරානි “තයො ගිරි”න්ති අධිප්පෙතානි. තස්මා අයමෙත්ථ අත්ථො – තීණි ච නගරානි තෙසඤ්ච අන්තරං තිවිධම්පි රට්ඨං කාමයාමි. “පඤ්චාලා කුරුයො කෙකකෙ චා”ති ඉමානි තෙසං රට්ඨානං නාමානි. තෙසු පඤ්චාලාති උත්තරපඤ්චාලා, තත්ථ කපිලං නාම නගරං. කුරුයොති කුරුරට්ඨං, තත්ථ ඉන්දපත්තං නාම නගරං. කෙකකෙ චාති පච්චත්තෙ උපයොගවචනං, තෙන කෙකකරට්ඨං දස්සෙති. තත්ථ කෙකකරාජධානීයෙව නගරං. තතුත්තරින්ති තං අහං ඉතො පටිලද්ධා බාරාණසිරජ්ජා තතුත්තරිං තිවිධං රජ්ජං කාමයාමි. තිකිච්ඡ මං, බ්‍රාහ්මණ, කාමනීතන්ති ඉමෙහි වත්ථුකාමෙහි ච කිලෙසකාමෙහි ච නීතං හතං පහතං සචෙ සක්කොසි, තිකිච්ඡ මං බ්රාහ්මණාති.
එහි, තයොගිරිං යනු ගිරි තුනයි. නැතහොත් “තයොගිරි” යන්නම පාඨයයි. මෙය සුදර්ශන ගිරියේ ද්වාරයයි ප්‍රකාශ කරයි. මෙහි සුදර්ශන දිව්‍ය නගරය යුදකොට ගැනීම දුෂ්කර නිසාද සෙලවීමට අපහසු නිසාද සුදර්ශන ගිරියයි යම්සේ කියන ලදද මෙසේ මෙහිදීද නගර තුන ‘තයො ගිරි’ නමින් අදහස් කරන ලදි. නගර තුන ද ඒ නගර අතර රටවල් තුනද කැමති වෙමි යනු මෙය මෙහි අර්ථයයි. පඤ්චාලා කුරයො කෙකයෙච යනු මේ ඒ රටවල්වල නම්ය. එයින් පඤ්චාලය යනු උත්තර පඤ්චාල දේශයයි. එහි කම්පිල්ල නම් නගරයකි. කුරයෝ යනු කුරු රටයි. එහි ඉදිපත් නම් නගරයකි. කෙකයෙ යනු ප්‍රථමා විභක්ති අර්ථයෙහි දුතියා විභක්ති වචනයයි. එයින් කේකය රට දක්වයි. එහි කේකය රාජධානියම නගරයයි. තත්තුතකරිං යනු මම මෙයින් ලබන ලද බරණැස් රාජ්‍යයට වඩා මත්තෙහි වූ රාජ්‍යයන් තුනක්, කාමයාමි කැමතිවෙමි. තිකිච්ඡං මං බ්‍රාහ්මණ කාමනීතං බමුණ! මෙසේ මේ වස්තු කාමයෙන්ද ක්ලේශ කාමයෙන්ද (පීඩාවට) පමුණුවන ලද, නසන ලද මට හැකිනම් පිළියම් කරව.
අථ නං සක්කො “මහාරාජ, ත්වං මූලොසධාදීහි අතෙකිච්ඡො. ඤාණොසධෙනෙව තිකිච්ඡිතබ්බො”ති වත්වා දුතියං ගාථමාහ –
ඉක්බිති ඔහුට ශක්‍රයා මහරජ! නුඹව මුල් බෙහෙත් ඖෂධ ආදියෙන් සුවකළ නොහැකිය. ඤාණ නමැති බෙහෙතින්ම පිළියම් කළ යුතුයයි කියා
“කණ්හාහිදට්ඨස්ස කරොන්ති හෙකෙ, අමනුස්සපවිට්ඨස්ස කරොන්ති පණ්ඩිතා; න කාමනීතස්ස කරොති කොචි, ඔක්කන්තසුක්කස්ස හි කා තිකිච්ඡා”ති.
කණ්හා හි දට්ඨස්ස කරොන්ති හෙකෙ, අමනුස්ස වද්ධස්ස කරොන්ති පණ්ඩිතා, නකාම නීතස්ස කරොති කොචි, ඔක්කන්ත සුක්කස්ස හි කා තිකිච්ඡා
යන දෙවන ගාථාව කීය.
“කළු සර්පයන් විසින් දෂ්ට කරන ලද්දහුට සමහරෙක් පිළියම් කෙරෙති. පඬිවරු අමනුෂ්‍යයන් විසින් මඩනා ලද්දහුට පිළියම් කෙරෙති. කාමයෙන් හානියට පමුණුවන ලද්දහුට කිසිවෙක් පිළියම් නොකරති. (ඒ එසේමයි) කුසල් නොකොට අකුසල්හි පිහිටියා හට පිළියම් කවරේද?”
තත්ථ කණ්හාහිදට්ඨස්ස කරොන්ති හෙකෙති එකච්චෙ හි තිකිච්ඡකා ඝොරවිසෙන කාළසප්පෙන දට්ඨස්ස මන්තෙහි චෙව ඔසධෙහි ච තිකිච්ඡං කරොන්ති. අමනුස්සපවිට්ඨස්ස කරොන්ති පණ්ඩිතාති අපරෙ පණ්ඩිතා භූතවෙජ්ජා භූතයක්ඛාදීහි අමනුස්සෙහි පවිට්ඨස්ස අභිභූතස්ස ගහිතස්ස බලිකම්මපරිත්තකරණඔසධපරිභාවිතාදීහි තිකිච්ඡං කරොන්ති. න කාමනීතස්ස කරොති කොචීති කාමෙහි පන නීතස්ස කාමවසිකස්ස පුග්ගලස්ස අඤ්ඤත්ර පණ්ඩිතෙහි අඤ්ඤො කොචි තිකිච්ඡං න කරොති, කරොන්තොපි කාතුං සමත්ථො නාම නත්ථි. කිංකාරණා? ඔක්කන්තසුක්කස්ස හි කා තිකිච්ඡාති, ඔක්කන්තසුක්කස්ස අවක්කන්තස්ස කුසලධම්මමරියාදං අතික්කන්තස්ස අකුසලධම්මෙ පතිට්ඨිතස්ස පුග්ගලස්ස මන්තොසධාදීහි කා නාම තිකිච්ඡා, න සක්කා ඔසධෙහි තිකිච්ඡිතුන්ති.
එහි කණ්හාහිදට්ඨස්ස කරොන්ති හෙකෙ යනු ඇතැම් වෛද්‍යවරු ඝෝර විෂ ඇති කළු සර්පයකු විසින් දෂ්ට කරන ලද තැනැත්තාට මන්ත්‍රවලින් මෙන්ම ඖෂධවලින්ද පිළියම් කරති. අමනුස්සවද්ධස්ස කරොන්ති පණ්ඩිතා යනු භූත වෛද්‍ය අනිත් පඬිවරු භූත, යක්ෂ ආදී අමනුෂ්‍යයන් විසින් හිංසාවට පැමිණවූ වධයට පැමිණවූ මැඩගන්නා වූ ගන්නා ලද්දා වූ තැනැත්තාට බලිකර්ම, (මන්ත්‍ර, පිරිත් ආදියෙන්) ආරක්ෂා කිරීම, ඖෂධ යෙදීම ආදියෙන් පිළියම් කරත්. න කාමනීතස්ස කරොති කොචි යනු කාමයන්ගෙන් හානියට පමුණුවන ලද කාමයම වශී වූ පුද්ගලයාට පණ්ඩිතයන් හැර අන් කිසිවෙක් පිළියම් නොකරයි. කළත් කරන්නට සමත් කෙනෙක් නම් නැත. කරුණු මොනවාද? ඔක්කන්ත සුක්කන්ත හි කා තිකිච්ඡා යනු ශුක්ල (සුදු) ධර්මයට බැසගත් කුශල ධර්මයට බැසගත් තැනැත්තාගේ සීමාව ඉක්මවන්නා වූ අකුශල ධර්මයෙහි පිහිටියා වූ පුද්ගලයාට මන්ත්‍ර, ඖෂධ ආදියෙන් කවර පිළියම් කිරීමක්ද? මේ බාලයා (දුර්ජන පුද්ගලයා) ඖෂධවලින් පිළියම් කරන්නට නොහැක්කේය.
ඉතිස්ස මහාසත්තො ඉමං කාරණං දස්සෙත්වා උත්තරි එවමාහ – “මහාරාජ, සචෙ ත්වං තානි තීණි රජ්ජානි ලච්ඡසි, අපි නු ඛො ඉමෙසු චතූසු නගරෙසු රජ්ජං කරොන්තො එකප්පහාරෙනෙව චත්තාරි සාටකයුගානි පරිදහෙය්යාසි, චතූසු වා සුවණ්ණපාතීසු භුඤ්ජෙය්යාසි, චතූසු වා සයනෙසු සයෙය්යාසි, මහාරාජ, තණ්හාවසිකෙන නාම භවිතුං න වට්ටති, තණ්හා හි නාමෙසා විපත්තිමූලා. සා වඩ්ඪමානා යො තං වඩ්ඪෙති, තං පුග්ගලං අට්ඨසු මහානිරයෙසු සොළසසු උස්සදනිරයෙසු නානප්පකාරභෙදෙසු ච අවසෙසෙසු අපායෙසු ඛිපතී”ති. එවං රාජානං නිරයාදිභයෙන තජ්ජෙත්වා මහාසත්තො ධම්මං දෙසෙසි. රාජාපිස්ස ධම්මං සුත්වා විගතසොකො හුත්වා තාවදෙව නිබ්යාධිතං පාපුණි . සක්කොපිස්ස ඔවාදං දත්වා සීලෙසු පතිට්ඨාපෙත්වා දෙවලොකමෙව ගතො. සොපි තතො පට්ඨාය දානාදීනි පුඤ්ඤානි කත්වා යථාකම්මං ගතො.
මෙසේ ඔහුට මහසත් තෙමේ මේ කාරණය දක්වා තවදුරටත් මෙසේ කීවේය. මහරජතුමනි! ඉදින් නුඹ ඒ රාජ්‍ය තුන ලබන්නේ නම් මේ නගර සතරේ රාජ්‍යය කරමින් එකවරම සාටක යුගල සතරක් අඳින්නෙහිද? රන්බඳුන් සතරක අනුභව කරන්නෙහිද? සිරියහන් සතරක නිදන්නෙහිද? මහරජතුමනි! තෘෂ්ණා වසඟයෙකු වීමට නම් නො වටියි. (මේ සියලු) විපත්වලට මුල මේ තෘෂ්ණාවයි. යමෙක් එය (තෘෂ්ණාව) වැඩිදියුණු කරයිද ඒ පුද්ගලයා අටමහා නිරයටද සොළොස් ඔසුපත් නිරයවලටද නොයෙක් ආකාර ප්‍රභේද ඇති සෙසු අපායවලටද හෙළයි. මෙසේ නරකාදී බියෙන් රජතුමා බියගන්වා මහා සත්ත්වයන් වහන්සේ ධර්මදේශනා කළ සේක. රජතුමා ද ඔහුගේ ධර්මය අසා පහවූ ශෝක ඇත්තේ වී එකෙණෙහිම නිරෝගී භාවයට පැමිණියේය. ශක්‍රයා ද ඔහුට අවවාද දී සීලයෙහි පිහිටුවා දෙව්ලොවටම ගියේය. ඒ රජතුමාද එතැන් පටන් දානාදී පිංකොට කම් වූ පරිද්දෙන් මියපරළොව ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි – “තදා රාජා කාමනීතබ්රාහ්මණො අහොසි, සක්කො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල රජතුමා කාමනීත බමුණා විය. ශක්‍රයා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
කාමනීතජාතකවණ්ණනා අට්ඨමා.