9. පලායිතජාතකවණ්ණනා 229 අට්ඨකථා
9. පලායිතජාතකවණ්ණනා (229)
9. පලාසී ජාතකය (229)
ගජග්ගමෙඝෙහීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො පලායිතපරිබ්බාජකං ආරබ්භ කථෙසි. සො කිර වාදත්ථාය සකලජම්බුදීපං විචරිත්වා කඤ්චි පටිවාදිං අලභිත්වා අනුපුබ්බෙන සාවත්ථිං ගන්ත්වා “අත්ථි නු ඛො කොචි මයා සද්ධිං වාදං කාතුං සමත්ථො”ති මනුස්සෙ පුච්ඡි. මනුස්සා “තාදිසානං සහස්සෙනපි සද්ධිං වාදං කාතුං සමත්ථො සබ්බඤ්ඤූ ද්විපදානං අග්ගො මහාගොතමො ධම්මිස්සරො පරප්පවාදමද්දනො, සකලෙපි ජම්බුදීපෙ උප්පන්නො පරප්පවාදො තං භගවන්තං අතික්කමිතුං සමත්ථො නාම නත්ථි. වෙලන්තං පත්වා සමුද්දඌමියො විය හි සබ්බවාදා තස්ස පාදමූලං පත්වා චුණ්ණවිචුණ්ණා හොන්තී”ති බුද්ධගුණෙ කථෙසුං. පරිබ්බාජකො “කහං පන සො එතරහී”ති පුච්ඡිත්වා “ජෙතවනෙ”ති සුත්වා “ඉදානිස්ස වාදං ආරොපෙස්සාමී”ති මහාජනපරිවුතො ජෙතවනං ගච්ඡන්තො ජෙතෙන රාජකුමාරෙන නවකොටිධනං විස්සජ්ජෙත්වා කාරිතං ජෙතවනද්වාරකොට්ඨකං දිස්වා “අයං සමණස්ස ගොතමස්ස වසනපාසාදො”ති පුච්ඡිත්වා “ද්වාරකොට්ඨකො අය”න්ති සුත්වා “ද්වාරකොට්ඨකො තාව එවරූපො, වසනගෙහං කීදිසං භවිස්සතී”ති වත්වා “ගන්ධකුටි නාම අප්පමෙය්යා”ති වුත්තෙ “එවරූපෙන සමණෙන සද්ධිං කො වාදං කරිස්සතී”ති තතොව පලායි. මනුස්සා උන්නාදිනො හුත්වා ජෙතවනං පවිසිත්වා සත්ථාරා “කිං අකාලෙ ආගතත්ථා”ති වුත්තා තං පවත්තිං කථයිංසු. සත්ථා “න ඛො උපාසකා ඉදානෙව, පුබ්බෙපෙස මම වසනට්ඨානස්ස ද්වාරකොට්ඨකං දිස්වා පලායතෙවා”ති වත්වා තෙහි යාචිතො අතීතං ආහරි.
ගජග්ගමෙඝෙහි යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් ‘පලාසී’ නම් පිරිවැජියා අරබයා වදාළ සේක. ඔහු වනාහි වාද කිරීම සඳහා මුළු දඹදිව පුරා ඇවිද කිසිම ප්‍රතිවාදියෙකු නොලැබ පිළිවෙලින් සැවැත්නුවරට ගොස් මා හා වාද කිරීමට සමත් කෙනෙකු ඇද්දැයි මිනිසුන්ගෙන් විචාළේය. මිනිස්සු, ඔබ වැනි දහසක් දෙනා සමග වුවද වාද කරන්නට සමත් වූ දෙපා ඇත්තවුන්ට අග්‍ර වූ මහාගෞතම වූ ධර්මයට අධිපති වූ පරවාද මඩින්නා වූ සර්වඥයන් වහන්සේ වැඩසිටිති. සියලු දඹදිව උපන්නා වූ පරවාද ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා යන්නට සමත් නොවේ. වෙරළට පැමිණ රළ බිඳෙන්නාක් මෙන් සියලු වාද උන්වහන්සේගේ පාමුවලට පැමිණ සුණු විසුණු වෙතියි බුදුගුණ කීවාහුය. පිරිවැජියා දැන් උන්වහන්සේ කොහිදැයි විචාරා, දෙව්රම් වෙහෙරේ යයි අසා දැන් උන්වහන්සේට වාදාරෝපනය කරන්නෙමියි මහජනයා පිරිවරන ලද්දේ දෙව්රම් වෙහෙරට යන්නේ, ජේත රාජ කුමාරයා විසින් නවකෝටියක් ධනය වියදම්කොට කරවන ලද ජේතවනාරාම දොර කොටුව දැක මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වාසය කරන ප්රාසාදයදැයි විචාරා මේ දොරටුව ළඟ කොටුව යයි අසා දොර කොටුව මෙසේ නම් වාසය කරන ගෙය කෙසේ විය හැකිවන්නේ දැයි අසා කඳකිළිය ප්‍රමාණ කළ නොහැකි යයි කී කල්හි මෙබඳු වූ ශ්රමණයන් වහන්සේ කෙනෙකු සමග කවරෙක් වාද කරත්දැයි එතැනින්ම පලා ගියේය. මිනිස්සු ඝෝෂා කරන්නෝ වී ජේතවනාරාමයට පිවිස සිටිවිට බුදුරජාණන් වහන්සේ විසින් උපාසකවරුනි! අකාලේ ආවේ ඇයිදැයි විමසන ලද්දේ ඒ ප්‍රවෘත්තිය කීවාහුය. බුදුරජාණන් වහන්සේ උපාසකවරුනි! මොහු දැන් පමණක් නොව පෙරත් මගේ වාසස්ථානයෙහි දොරකොටුව දැක පලා ගියේයයි වදාරා ඔවුන් විසින් ඉල්ලන ලද්දාහු අතීත කතාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ ගන්ධාරරට්ඨෙ තක්කසිලායං බොධිසත්තො රජ්ජං කාරෙසි, බාරාණසියං බ්රහ්මදත්තො. සො “තක්කසිලං ගණ්හිස්සාමී”ති මහන්තෙන බලකායෙන ගන්ත්වා නගරතො අවිදූරෙ ඨත්වා “ඉමිනා නියාමෙන හත්ථී පෙසෙථ, ඉමිනා අස්සෙ, ඉමිනා රථෙ, ඉමිනා පත්තී, එවං ධාවිත්වා ආවුධෙහි පහරථ, එවං ඝනවස්සවලාහකා විය සරවස්සං වස්සථා”ති තෙනං විචාරෙන්තො ඉමං ගාථාද්වයමාහ –
යටගිය දවස ගන්ධාර රටෙහි තක්සලා නුවරෙහි බෝධිසත්ත්වයන් වහන්සේ රාජ්‍යය කරවූ සේක. බරණැස් නුවර බඹදත් රජ තෙමේ රජකම් කරවීය. ඔහු තක්සලා නුවර ගන්නෙමියි මහත් බලසේනාවක් සමග ගොස් නගරයට නුදුරෙහි සිට මේ ක්‍රමයට ඇතුන් යවව්, අශ්වයන් මේ විදියට යවව්, රථ මෙසේ යවව්, පාබල හමුදාව මෙසේ යවව්, මෙසේ දුවගොස් ආයුධවලින් පහර දෙව්. මේ විදියට ඝන වැසි වලාවක් මෙන් ඊතල වර්ෂාවක් වස්සවව්යි කියමින් සේනාවට අණ දෙමින්
“ගජග්ගමෙඝෙහි හයග්ගමාලිභි, රථූමිජාතෙහි සරාභිවස්සෙභි; ථරුග්ගහාවට්ටදළ්හප්පහාරිභි, පරිවාරිතා තක්කසිලා සමන්තතො.
ගජග්ගමෙඝෙහි හයග්ගමාලිහි, රථමිජාතෙහි සරාභි වස්සහි, ථරුග්ගහා වට්ට දළ්හප්පහාරිහි, පරිවාරිතා තක්කසිලා සමන්තතො
“අභිධාවථ චූපධාවථ ච, විවිධා විනාදිතා වදන්තිභි; වත්තතජ්ජ තුමුලො ඝොසො යථා, විජ්ජුලතා ජලධරස්ස ගජ්ජතො”ති.
අභිධාවථා ච පතථා ච, විවිධ විනදිතාච දන්තිහි, වත්ත තජ්ජ තුමුලො ඝොසො, යථා විජ්ජුතා ජලධරස්ස ගජ්ජතො
යන ගාථා දෙක කීවේය.
උතුම් ඇතුන් නමැති වළාකුලින්ද (මේඝයෙන් ද), අග්‍ර අශ්වයන් නැමති මල්මාලාවන්ගෙන්ද සර (ඊතල) නැමති වර්ෂාව ඇති රථ නමැති රළ පෙළින්ද කඩු මිටි ඇත්තා වූ වේගයෙන් හැසිර දැඩි පහර දෙන යෝධයන්ගෙන්ද තක්සලා නම් නගර හාත්පසින් වටකරන ලද්දේය.
නොයෙක් ආකාරයෙන් මහා නාද කරන්නා වූ තෙපි ඇතුන් සමග දුවව්, පනිව්. අද මහත් වූ ඝෝෂාවෙන් පවතීවා! ගොරවන්නා වූ (ගර්ජනා කරන්නා වූ) මේඝයාගේ මුඛයෙන් (වළාකුලින්) නික්මෙන විදුලියක් මෙන් දුවන්නාහු (දුවමින්) නුවර වහා වට කරව්.
තත්ථ ගජග්ගමෙඝෙහීති අග්ගගජමෙඝෙහි, කොඤ්චනාදං ගජ්ජන්තෙහි මත්තවරවාරණවලාහකෙහීති අත්ථො. හයග්ගමාලිභීති අග්ගහයමාලීහි, වරසින්ධවවලාහකකුලෙහි අස්සානීකෙහීති අත්ථො. රථූමිජාතෙහීති සඤ්ජාතඌමිවෙගෙහි සාගරසලිලෙහි විය සඤ්ජාතරථූමීහි, රථානීකෙහීති අත්ථො. සරාභිවස්සෙභීති තෙහියෙව රථානීකෙහි ඝනවස්සමෙඝො විය සරවස්සං වස්සන්තෙහි . ථරුග්ගහාවට්ටදළ්හප්පහාරිභීති ථරුග්ගහෙහි ආවට්ටදළ්හප්පහාරීහි, ඉතො චිතො ච ආවත්තිත්වා පරිවත්තිත්වා දළ්හං පහරන්තෙහි ගහිතඛග්ගරතනථරුදණ්ඩෙහි පත්තියොධෙහි චාති අත්ථො. පරිවාරිතා තක්කසිලා සමන්තතොති යථා අයං තක්කසිලා පරිවාරිතා හොති, සීඝං තථා කරොථාති අත්ථො.
එහි, ගජග්ගමෙඝෙහි යනු උතුම් වූ හස්තීන් (ඇතුන්) නමැති මේඝයෙන් (වළාකුලින්). කුඤ්චනාදයෙන් ගර්ජනා කරන මත් වූ උතුම් ඇතුන් නමැති වළාකුලින් යන අර්ථයයි. භයග්ගමාලීහි යනු උතුම් වූ අශ්වයන් නමැති මල්මාලාවන්ගෙන් උතුම් වූ සෛන්ධව අශ්වයන් නමැති මල්මාලාවලින් ගැවසීගත් අශ්ව බලඇණිවලින් යන අර්ථයයි. රථූමිජානෙහි යනු හටගත් රළ වේගයෙන් (උඩට මතුවන) සාගර ජලය මෙන් හටගත් (ඉදිරියට එන) රථ නමැති රළ සමූහයෙන්. රථ ඇණිවලින් (රථ හමුදා ඛණ්ඩවලින්) යන අර්ථයයි. සරාභිවස්සහි යනු ඝන වැහිවළාවක් මහවැසි වස්සන්නාක් මෙන් ඊවැසි (ඊතල නමැති වැසි) වස්සන්නා වූ ඒ රිය ඇණිවලින්. ථරුග්ගහාවට්ට දළ්හකප්පහාරීහි යනු (කඩු ආදී ආයුධවල) මිටවල් අල්ලා ගන්නා ලද පෙරළී දැඩි පහර දෙන ඔබිමොබ හැරී පෙරළී දැඩි සේ පහරදෙන (අතින්) ගන්නා ලද කඩුමිටි නමැති දඬුවලින් යුක්ත වූවන් විසින් පාබල හමුදා භටයන් විසින් යන අර්ථයයි. පරිවාරිතා තක්කසිලා සමන්තනො යනු යම්සේ මේ තක්ෂිලා නුවර පිරිවරන (වටකොට ගන්නා) ලද්දේද ඉතා ඉක්මණින් එසේ කරව් යන අර්ථයයි. (ඉක්මණින් තක්ෂිලා නුවර වටලව් යන්න කී සැටියි.)
අභිධාවථ චූපධාවථ චාති වෙගෙන ධාවථ චෙව උපධාවථ ච. විවිධා විනාදිතා වදන්තිභීති වරවාරණෙහි සද්ධිං විවිධා විනදිතා භවථ, සෙලිතගජ්ජිතවාදිතෙහි නානාවිරවා හොථාති අත්ථො. වත්තතජ්ජ තුමුලො ඝොසොති වත්තතු අජ්ජ තුමුලො මහන්තො අසනිසද්දසදිසො ඝොසො. යථා විජ්ජුලතා ජලධරස්ස ගජ්ජතොති යථා ගජ්ජන්තස්ස ජලධරස්ස මුඛතො නිග්ගතා විජ්ජුලතා චරන්ති, එවං විචරන්තා නගරං පරිවාරෙත්වා රජ්ජං ගණ්හථාති වදති.
අභිධාවථා ච පතථා ච යනු වේගයෙන් දුවව්, උඩපනිව්. විවිධවිනදිතා ච දාතීහි යනු උතුම් ඇතුන් සමග විවිධ ශබ්ද නගන්නෝ වව්. යෝධයන්ගේ හඬ, කෑගැසීම්, වාදනය කිරීම් ආදියෙන් නොයෙක් ශබ්ද ඝෝෂා ඇත්තෝ වව් යන අර්ථයයි. වත්තනජ්ජතුමුලොඝොසො යනු අද විශාල වූ මහත් වූ හෙණහඬ සමාන ඝෝෂාව. යථා විජ්ජුතා ජලධරස්ස ගජ්ජතො යනු ගොරවන වැහිවළාවෙන් නික්මෙන විදුලිය හැසිරෙන්නාක් මෙන් හැසිරෙමින් නුවර පිරිවරා රාජ්‍යය ගනිව් යයි කියයි.
ඉති සො රාජා ගජ්ජිත්වා සෙනං විචාරෙත්වා නගරද්වාරසමීපං ගන්ත්වා ද්වාරකොට්ඨකං දිස්වා “ඉදං රඤ්ඤො වසනගෙහ”න්ති පුච්ඡිත්වා “අයං නගරද්වාරකොට්ඨකො”ති වුත්තෙ “නගරද්වාරකොට්ඨකො තාව එවරූපො, රඤ්ඤො නිවෙසනං කීදිසං භවිස්සතී”ති වත්වා “වෙජයන්තපාසාදසදිස”න්ති සුත්වා “එවං යසසම්පන්නෙන රඤ්ඤා සද්ධිං යුජ්ඣිතුං න සක්ඛිස්සාමා”ති ද්වාරකොට්ඨකං දිස්වාව නිවත්තිත්වා පලායිත්වා බාරාණසිමෙව අගමාසි.
මෙසේ ඒ රජතුමා ගර්ජනා කොට සේනාවට විධාන කොට නුවර දොරටුව සමීපයට ගොස් දොරකොටුව දැක මේ රජතුමා වසන ගෙයදැයි විමසා මේ නුවර දොරකොටුව යයි කී කල්හි නුවර දොරකොටුව මෙසේ නම්, රජුගේ මාලිගාව කෙබඳු වන්නේදැයි කියා, වෛජයන්ත ප්‍රාසාදය වැනි යයි අසා මෙබඳු යසස් ඇති රජු සමග යුද කරන්න නොහැකි වන්නෙමියි දොරටුකොටුවට දුටු පමණින්ම නැවතී බරණැසටම පලා ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා බාරාණසිරාජා පලායිතපරිබ්බාජකො අහොසි, තක්කසිලරාජා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතක කථාව නිමවා වදාළ සේක. එකල බරණැස් රජු පලාගිය පිරිවැජියා විය. තක්සලා නුවර රජු වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
පලායිතජාතකවණ්ණනා නවමා.