10. දුතියපලායිතජාතකවණ්ණනා 230 අට්ඨකථා
10. දුතියපලායිතජාතකවණ්ණනා (230)
10. දෙවන පලාසි ජාතකය (230)
ධජමපරිමිතන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං පලායිතපරිබ්බාජකමෙව ආරබ්භ කථෙසි. ඉමස්මිං පන වත්ථුස්මිං සො පරිබ්බාජකො ජෙතවනං පාවිසි. තස්මිං ඛණෙ සත්ථා මහාජනපරිවුතො අලඞ්කතධම්මාසනෙ නිසින්නො මනොසිලාතලෙ සීහනාදං නදන්තො සීහපොතකො විය ධම්මං දෙසෙති. පරිබ්බාජකො දසබලස්ස බ්රහ්මසරීරපටිභාගං රූපං පුණ්ණචන්දසස්සිරිකං මුඛං සුවණ්ණපට්ටසදිසං නලාටඤ්ච දිස්වා “කො එවරූපං පුරිසුත්තමං ජිනිතුං සක්ඛිස්සතී”ති නිවත්තිත්වා පරිසන්තරං පවිසිත්වා පලායි. මහාජනො තං අනුබන්‍ධිත්‍වා නිවත්තිත්වා සත්ථුස්ස තං පවත්තිං ආරොචෙසි. සත්ථා “න සො පරිබ්බාජකො ඉදානෙව, පුබ්බෙපි මම සුවණ්ණවණ්ණං මුඛං දිස්වා පලාතොයෙවා”ති වත්වා අතීතං ආහරි.
ධජමං පරිමිතං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක් පලාගිය පිරිවැජියෙකු අරබයා වදාළ සේක. මේ කථා වස්තුවෙහි ඒ පිරිවැජියා දෙව්රමට පිවිසියේය. ඒ අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ මහජනයා විසින් පිරිවරන ලද්දාහු සරසන ලද ධර්මාසනයෙහි වැඩසිටිමින් සිරියල් තලාවක සිංහනාද කරන සිංහ පොව්වෙකු මෙන් ධර්මදේශනා කරන සේක. පරිබ්‍රාජකයා දසබලධාරීන් වහන්සේගේ බ්‍රහ්මයෙකුගේ ශරීරයට සමාන වූ රූපශ්රීයක්ද, පුන්සඳ මඬලේ සෝභාවෙන් යුත් මුහුණද, රන් පටක් හා සමාන වූ නළල්තලයද දැක කවරෙක් මෙබඳු උත්තම පුරුෂයෙකු දිනන්නට සමත් වන්නේදැයි නැවතී පිරිස අතරට පිවිස පලා ගියේය. මහජනයා ඔහු ලුහුබැඳ නවත්වා බුදුරජාණන් වහන්සේට ඒ සිද්ධිය සැලකළහ. බුදුරජාණන් වහන්සේ ඒ පිරිවැජියා දැන් පමණක් නොව පෙරත් මගේ රන්වන් මුහුණ දැක පලා ගියේයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බොධිසත්තො බාරාණසියං රජ්ජං කාරෙසි, තක්කසිලායං එකො ගන්ධාරරාජා. සො “බාරාණසිං ගහෙස්සාමී”ති චතුරඞ්ගිනියා සෙනාය ආගන්ත්වා නගරං පරිවාරෙත්වා නගරද්වාරෙ ඨිතො අත්තනො බලවාහනං ඔලොකෙත්වා “කො එත්තකං බලවාහනං ජිනිතුං සක්ඛිස්සතී”ති අත්තනො සෙනං සංවණ්ණෙත්වා පඨමං ගාථමාහ –
යටගිය දවස බෝසතාණන් වහන්සේ බරණැස් නුවර රාජ්‍යය කරවීය. තක්සලා නුවර එක් ගන්ධාර රටවැසි රජ කෙනෙක් විය. ඔහු බරණැස් රාජ්‍යය ගන්නෙමියි සිව්රඟ සෙනඟ පිරිවරා අවුත්, නුවර වටකොට, නුවර දොරටුව ළඟ සිටියේ තමන්ගේ බල වාහන බලා, මෙතෙක් බල වාහන (පරදවා) දිනන්නට කවරෙකු හට හැකිවන්නේදැයි තමන්ගේ සේනාව වර්ණනා කොට
“ධජමපරිමිතං අනන්තපාරං, දුප්පසහං ධඞ්කෙහි සාගරංව; ගිරිමිව අනිලෙන දුප්පසය්හො, දුප්පසහො අහමජ්ජ තාදිසෙනා”ති.
ධජමපරිමිතං අනන්තපාරං, දුප්පසහං ධංකෙහි සගාරමිව, ගිරිමිව අභිලෙන දුප්පනසහො, දුප්පසහො අහමජ්ජ තාදිසෙන
යන පළමු ගාථාව කීයේය.
“රථවල නගන ලද ධ්වජ අපමණය. මාගේ සේනාව කෙළවරක් නැත්තේය. මහමුහුද ඉක්මවා යාමට අසමත් කපුටා මෙන් සතුරන් විසින් මැඩලිය නොහැක්කේය. පර්වත සෙලවීමට අසමත් සුළඟ මෙන් මාගේ සේනාව තා විසිනුත් විනාශ කළ නොහැක්කේය. මම අද ඔබ වැනි අය විසින් මැඩලිය නොහැක්කෙම් වෙමි.”
තත්ථ ධජමපරිමිතන්ති ඉදං තාව මෙ රථෙසු මොරඡදෙ ඨපෙත්වා උස්සාපිතධජමෙව අපරිමිතං බහුං අනෙකසතසඞ්ඛ්යං. අනන්තපාරන්ති බලවාහනම්පි මෙ “එත්තකා හත්ථී එත්තකා අස්සා එත්තකා රථා එත්තකා පත්තී”ති ගණනපරිච්ඡෙදරහිතං අනන්තපාරං. දුප්පසහන්ති න සක්කා පටිසත්තූහි සහිතුං අභිභවිතුං . යථා කිං? ධඞ්කෙහි සාගරංව, යථා සාගරො බහූහි කාකෙහි වෙගවික්ඛම්භනවසෙන වා අතික්කමනවසෙන වා දුප්පසහො, එවං දුප්පසහං. ගිරිමිව අනිලෙන දුප්පසය්හොති අපිච මෙ අයං බලකායො යථා පබ්බතො වාතෙන අකම්පනීයතො දුප්පසහො, තථා අඤ්ඤෙන බලකායෙන දුප්පසහො. දුප්පසහො අහමජ්ජ තාදිසෙනාති ස්වාහං ඉමිනා බලෙන සමන්නාගතො අජ්ජ තාදිසෙන දුප්පසහොති අට්ටාලකෙ ඨිතං බොධිසත්තං සන්ධාය වදති.
එහි ධජමපරිමිතං යනු පළමුකොට මගේ රථවල ඇති මොණර පාදයෙහි (මොණකර පාදයට සමාන අයුරින් සකස්කළ කොටසෙහි) තබා ඔසවන ලද මේ කොඩි අප්‍රමාණය, බොහෝය. සිය ගණනක් ඇත. අනන්තපාරං යනු මගේ බලවාහන ද මෙපමණ ඇතුන්ය. මෙපමණ අසුන්ය යනුවෙන් ගණනෙහි සීමාවක් නැත. අනන්තය. දුප්පසහං යනු සතුරන් විසින් ඉවසන්නට මැඩපවත්වන්නට නොහැකිය. කෙසේද? ධංකෙහි සාගරමිව යනු බොහෝ කපුටන් විසින් මුහුදේ වේගය යටපත් කිරීම් වශයෙන් හෝ මුහුදෙන් එතෙරට යෑමෙන් හෝ මැඩපවත්වන්නට අපහසුය. මෙසේ “දුප්පසහං” නම් වෙයි. ගිරිමිව අගිලෙන දුප්පසභො යනු වාතයෙන් සෙළවිය නොහැකි හෙයින් පර්වතයක් යම්සේ මැඩලිය නොහැකිද, එසේම මගේ මේ බලකාය අනිත් බලකායකින් මැඩලිය නොහැකිය. දුප්පසහො අපමජ්ජ තාදිසෙන යනු මේ බලයෙන් යුක්ත වූ ඒ මම අද ඔබවැන්නකු විසින් මැඩලිය නොහැකිය. අට්ටාලයෙහි සිටි බෝසතුන් වෙනුවෙන් කියයි.
අථස්ස සො පුණ්ණචන්දසස්සිරිකං අත්තනො මුඛං දස්සෙත්වා “බාල, මා විප්පලපසි, ඉදානි තෙ බලවාහනං මත්තවාරණො විය නළවනං විද්ධංසෙස්සාමී”ති සන්තජ්ජෙත්වා දුතියං ගාථමාහ –
ඉක්බිති ඔහු (බරණැස් රජු) පුන්සඳමඬල මෙන් සශ්‍රීක වූ තමන්ගේ මුහුණ පෙන්නා බාලය! නන් දොඩවන්න එපා. දැන් ඔබගේ බලසෙනඟ හා වාහනද මත්වූ උතුම් ඇතෙකු බටවනයක් පොඩි කරන්නාක් මෙන් විනාශ කරන්නෙමියි තැති ගන්වා
“මා බාලියං විලපි න හිස්ස තාදිසං, විඩය්හසෙ න හි ලභසෙ නිසෙධකං; ආසජ්ජසි ගජමිව එකචාරිනං, යො තං පදා නළමිව පොථයිස්සතී”ති.
මාබාලියං විප්පලපි නහිස්ස තාදිසං, විලය්හසෙ නහි ලභසෙ නිසෙධකං, ආසජ්ජසි ගජමිව එකචාරිනං, යො තං පදා නළමිව පොථයිස්සති
යන දෙවන ගාථාව කීවේය.
“නුඹේ මෝඩකම් ප්‍රකාශ නොකරන්න. නුඹ වැනි පුරුෂයෝ රාජ්‍යය ගැන්මෙහි සමර්ථයෝ නොවෙත්. හුදෙක් ක්ලේශ දාහයෙන් දවනු ලැබෙහි, මා වලකන්නට නුසුදුස්සෙහිය. තනිව හැසිරෙන ඇත් රජකු සමීපයට මෙන් එන්නෙහිය. පාදයෙන් පොඩිකළ උණ වනයක් මෙන් හෙතෙම තා මැඩ සුණු විසුණු කෙරේ.”
තත්ථ මා බාලියං විලපීති මා අත්තනො බාලභාවං විප්පලපසි. න හිස්ස තාදිසන්ති න හි අස්ස තාදිසො, අයමෙව වා පාඨො. තාදිසො “අනන්තපාරං මෙ බලවාහන”න්ති එවරූපං තක්කෙන්තො රජ්ජඤ්ච ගහෙතුං සමත්ථො නාම න හි අස්ස, න හොතීති අත්ථො. විඩය්හසෙති ත්වං බාල, කෙවලං රාගදොසමොහමානපරිළාහෙන විඩය්හසියෙව. න හි ලභසෙ නිසෙධකන්ති මාදිසං පන පසය්හ අභිභවිත්වා නිසෙධකං න තාව ලභසි, අජ්ජ තං ආගතමග්ගෙනෙව පලාපෙස්සාමි. ආසජ්ජසීති උපගච්ඡසි. ගජමිව එකචාරිනන්ති එකචාරිනං මත්තවරවාරණං විය. යො තං පදා නළමිව පොථයිස්සතීති යො තං යථා නාම මත්තවරවාරණො පාදා නළං පොථෙති සංචුණ්ණෙති, එවං පොථයිස්සති, තං ත්වං ආසජ්ජසීති අත්තානං සන්ධායාහ.
එහි මා බාලියං විප්පලපි යනු තමාගේ බාල බව (මෝඩකම) නොකියන්න. න හිස්ස තාදිසං යනු එබඳු කෙනෙක් නො වන්නේය. මෙයම හෝ පාඨය වෙයි. මගේ බලවාහනං අනන්තයයි මෙලෙස තර්ක කරමින් රාජ්‍යය ගන්නට සමත් වූ එබඳු කෙනෙක් නම් නොවන්නේය. නැත යන අර්ථයයි. විළය්හසෙ යනු ඔබ වනාහි තනිකරම රාග දෝස මෝහ මාන යන කෙලෙස් දාහයෙන් දවනු ලබන්නෙහිමය. නහි ලභසෙ නිසෙධකං යනු මා වැන්නෙකු මැඩපවත්වා අභිභවනය කොට වළක්වන්නට පළමුකොට නොලබහි. අද ඔබ මා මගින්ම පලා යවන්නෙමි. ආසජ්ජසි යනු සමීපයට එන්නෙහිය. ගජමිව එකචාරිනං යනු තනිව හැසිරෙන, මදයෙන් යුක්ත වූ උතුම් ඇතෙකු මෙන්. යො තං පදා නළමිව පොථයිස්සසි යනු මදයෙන් යුක්ත (මත් වූ) යම් ඇතෙක් යම්සේ පාදයෙන් උණගස් පොඩිකර දමයිද, හොඳින් කුඩුකර දමයිද එසේ ඒ ගන්ධාර රජ පෙළන්නේය. ඔබ (ගන්ධාර රජ) ඔහු (බරණැස් රජ) ළඟට එන්නෙහි යයි තමා සඳහා කීහ.
එවං තජ්ජෙන්තස්ස පනස්ස කථං සුත්වා ගන්ධාරරාජා උල්ලොකෙන්තො කඤ්චනපට්ටසදිසං මහානලාටං දිස්වා අත්තනො ගහණභීතො නිවත්තිත්වා පලායන්තො සකනගරමෙව අගමාසි.
මෙසේ තර්ජනය කරන්නා වූ මොහුගේ කථාව අසා ගන්ධාර දේශයේ රජතුමා බලන්නේ රන්පටක් හා සමාන වූ මහ නළල දැක තමන්ගේ ගන්නා ලද්දා වූ බිය ඇත්තේ නැවතී පළායන්නේ සිය නගරයටම ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා ගන්ධාරරාජා පලායිතපරිබ්බාජකො අහොසි, බාරාණසිරාජා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල ගන්ධාර රජ පලාගිය පිරිවැජියා විය. බරණැස් රජ වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
දුතියපලායිතජාතකවණ්ණනා දසමා.
කාසාවවග්ගො අට්ඨමො.
අටවැනි කාසාව වර්ගය නිමියේය.
තස්සුද්දානං –
කාසාවං චූළනන්දියං, පුටභත්තඤ්ච කුම්භිලං; ඛන්තිවණ්ණං කොසියඤ්ච, ගූථපාණං කාමනීතං; පලායිතද්වයම්පි ච.