1. උපාහනජාතකවණ්ණනා 231 අට්ඨකථා
1. උපාහනජාතකවණ්ණනා (231)
1. උපාහන ජාතකය (231)
යථාපි කීතාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො දෙවදත්තං ආරබ්භ කථෙසි. ධම්මසභායඤ්හි භික්ඛූ කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, දෙවදත්තො ආචරියං පච්චක්ඛාය තථාගතස්ස පටිපක්ඛො පටිසත්තු හුත්වා මහාවිනාසං පාපුණී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, දෙවදත්තො ඉදානෙව ආචරියං පච්චක්ඛාය මම පටිපක්ඛො හුත්වා මහාවිනාසං පත්තො, පුබ්බෙපි පත්තොයෙවා”ති වත්වා අතීතං ආහරි.
යථාපි කීනා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දෙව්දත් තෙරුන් වහන්සේ අරබයා වදාළ සේක. දම්සභාවෙහි භික්ෂූන් වහන්සේලා ඇවැත්නි! දෙව්දත් තෙර ගුරුවරයා ප්‍රතික්ෂේප කොට තථාගතයන් වහන්සේට විරුද්ධ වී සතුරු වී මහත් විනාශයට පැමිණියේයයි කථාවක් ඉපදවූහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මෙහි දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි, මහණෙනි! දෙව්දත්, ගුරුවරයා ප්‍රතික්ෂේප කොට මට විරුද්ධ වී මහා විනාශයකට පත්වූයේ දැන් පමණක් නොවෙයි. පෙරත් විනාශයට පත්වූයේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො හත්ථාචරියකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො හත්ථිසිප්පෙ නිප්ඵත්තිං පාපුණි. අථෙකො කාසිගාමකො මාණවකො ආගන්ත්වා තස්ස සන්තිකෙ සිප්පං උග්ගණ්හි. බොධිසත්තා නාම සිප්පං වාචෙන්තා ආචරියමුට්ඨිං න කරොන්ති, අත්තනො ජානනනියාමෙන නිරවසෙසං සික්ඛාපෙන්ති. තස්මා සො මාණවො බොධිසත්තස්ස ජානනසිප්පං නිරවසෙසමුග්ගණ්හිත්වා බොධිසත්තං ආහ – “ආචරිය , අහං රාජානං උපට්ඨහිස්සාමී”ති. බොධිසත්තො “සාධු, තාතා”ති ගන්ත්වා රඤ්ඤො ආරොචෙසි – “මහාරාජ, මම අන්තෙවාසිකො තුම්හෙ උපට්ඨාතුං ඉච්ඡතී”ති. “සාධු, උපට්ඨාතූ”ති. “තෙන හිස්ස පරිබ්බයං ජානාථා”ති? “තුම්හාකං අන්තෙවාසිකො තුම්හෙහි සමකං න ලච්ඡති, තුම්හෙසු සතං ලභන්තෙසු පණ්ණාසං ලච්ඡති, ද්වෙ ලභන්තෙසු එකං ලච්ඡතී”ති. සො ගෙහං ගන්ත්වා තං පවත්තිං අන්තෙවාසිකස්ස ආරොචෙසි. අන්තෙවාසිකො “අහං, ආචරිය, තුම්හෙහි සමං සිප්පං ජානාමි. සචෙ සමකඤ්ඤෙව පරිබ්බයං ලභිස්සාමි, උපට්ඨහිස්සාමි. නො චෙ, න උපට්ඨහිස්සාමී”ති ආහ. බොධිසත්තො තං පවත්තිං රඤ්ඤො ආරොචෙසි. රාජා “සචෙ සො තුම්හෙහි සමප්පකාරො, තුම්හෙහි සමකඤ්ඤෙව සිප්පං දස්සෙතුං සක්කොන්තො සමකං ලභිස්සතී”ති ආහ. බොධිසත්තො තං පවත්තිං තස්ස ආරොචෙත්වා තෙන “සාධු දස්සෙස්සාමී”ති වුත්තෙ රඤ්ඤො ආරොචෙසි. රාජා “තෙන හි ස්වෙ සිප්පං දස්සෙථා”ති. “සාධු, දස්සෙස්සාම, නගරෙ භෙරිං චරාපෙථා”ති. රාජා “ස්වෙ කිර ආචරියො ච අන්තෙවාසිකො ච උභො හත්ථිසිප්පං දස්සෙස්සන්ති, රාජඞ්ගණෙ සන්නිපතිත්වා දට්ඨුකාමා පස්සන්තූ”ති භෙරිං චරාපෙසි.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරද්දී බෝසතාණන් වහන්සේ ඇතුන් පුහුණු කරන කුලයෙහි ඉපදී වැඩිවියට පත්වූවාහු හත්ථි ශිල්පයෙහි නිමාවට පැමිණි සේක. ඉක්බිති එක් කසීරට ගම්වැසි මානවකයෙක් අවුත් ඔහු සමීපයෙහි ශිල්ප ඉගෙන ගත්තේය. බෝසතාණන් වහන්සේලා නම් ශිල්ප උගන්වන්නාහු ගුරුමුෂ්ටි තබා නොගනිති. තමන් දන්නා පරිදි ඉතිරි නොකොට ශිල්පයෙහි හික්මවති. ඒ නිසා ඒ මානවකයා බෝසතාණන් වහන්සේට ගුරුතුමනි! මම රජතුමාට උපස්ථාන කිරීමට කැමැත්තෙමියි කීවේය. බෝසතාණන් වහන්සේ, දරුව! යහපතැයි කියා ගොස් රජතුමාට මහරජතුමනි! උපස්ථාන කිරීමට කැමැත්තෙමියි කීවේය. බෝසතාණන් වහන්සේ, දරුව! යහපතැයි කියා ගොස් රජතුමාට මහරජතුමනි! මගේ අතවැසියා ඔබවහන්සේට උපස්ථාන කිරීමට කැමැත්තේයයි දැන්වූහ. යහපති! උපස්ථාන කරවයි කීවේය. එසේනම් මොහුට වැඩුපක් නියම කරනු මැනවියි කීහ. යහපති, තොපගේ අතවැසියා නුඹට සමාන වැටුප් නොලබයි. තොප සියයක් ලබනවිට ඔහු පනහක් ලබයි. දෙකක් ලබන කල්හි එකක් ලබතියි කීවේය. බෝසතාණෝ ගෙට ගොස් ඒ පුවත අතවැසියාට සැළකළහ. අතවැසියා ගුරුතුමනි! මම නුඹවහන්සේ හා සමානව ශිල්ප දනිමි. ඉදින් සම වැටුප් ලබන්නේ නම් උපස්ථාන කරන්නෙමි. එසේ නොවේ නම් උපස්ථාන නොකරන්නෙමියි කීවේය. බෝසතාණන් වහන්සේ ඒ පුවත රජතුමාට දැනුම් දුන්හ. රජතුමා ඉදින් ඔහු තොප හා සම ආකාර නම් තොප හා සමානව ශිල්ප දක්වන්නට හැකිනම් සමානව වැටුප් ලබන්නේයයි කීවේය. බෝධිසත්ත්වයන් වහන්සේ ඒ පුවත ඔහුට දන්වා ඔහු විසින් යහපති. (ශිල්ප) දක්වන්නෙමු’යි කී කල්හි ඒ බව රජතුමාට දැනුම් දුන්හ. රජතුමා එසේ නම් හෙට ශිල්ප දක්වව්යි කීවේය. යහපති, දක්වන්නෙමි. නගරයෙහි බෙර ගස්සවනු මැනවියි කීවේය. රජතුමා, හෙට ගුරුතුමා හා අතවැස්සා යන දෙදෙනා හස්ති ශිල්ප දක්වත්. හෙට රජමිදුලට රැස්වී දකිනු කැමති අය බලත්වායි බෙර හැසිරෙව්වේය.
ආචරියො “න මෙ අන්තෙවාසිකො උපායකොසල්ලං ජානාතී”ති එකං හත්ථිං ගහෙත්වා එකරත්තෙනෙව විලොමං සික්ඛාපෙසි. සො තං “ගච්ඡා”ති වුත්තෙ ඔසක්කිතුං, “ඔසක්කා”ති වුත්තෙ ගන්තුං, “තිට්ඨා”ති වුත්තෙ නිපජ්ජිතුං, “නිපජ්ජා”ති වුත්තෙ ඨාතුං, “ගණ්හා”ති වුත්තෙ ඨපෙතුං, “ඨපෙහී”ති වුත්තෙ ගණ්හිතුං සික්ඛාපෙත්වා පුනදිවසෙ තං හත්ථිං අභිරුහිත්වා රාජඞ්ගණං අගමාසි. අන්තෙවාසිකොපි එකං මනාපං හත්ථිං අභිරුහි. මහාජනො සන්නිපති. උභොපි සමකං සිප්පං දස්සෙසුං. පුන බොධිසත්තො අත්තනො හත්ථිං විලොමං කාරෙසි, සො “ගච්ඡා”ති වුත්තෙ ඔසක්කි, “ඔසක්කා”ති වුත්තෙ පුරතො ධාවි, “තිට්ඨා”ති වුත්තෙ නිපජ්ජි, “නිපජ්ජා”ති වුත්තෙ අට්ඨාසි, “ගණ්හා”ති වුත්තෙ නික්ඛිපි, “නික්ඛිපා”ති වුත්තෙ ගණ්හි. මහාජනො “අරෙ දුට්ඨඅන්තෙවාසික, ත්වං ආචරියෙන සද්ධිං සාරම්භං කරොසි, අත්තනො පමාණං න ජානාසි, ‘ආචරියෙන සමකං ජානාමී’ති එවංසඤ්ඤී හොසී”ති ලෙඩ්ඩුදණ්ඩාදීහි පහරිත්වා තත්ථෙව ජීවිතක්ඛයං පාපෙසි.
ගුරුතුමා, මගේ අතවැසියා උපාය කෞශල්‍ය (උපක්‍රම දක්ෂතාවක් ගැන) නොදනිතියි සිතා එක් ඇතෙක් ගෙන එක රැයකින්ම විලෝම ලෙස කියන ලෙසට හෙතෙමේ ඇතාට යන්නැයි කීවිට නවතින්නටද නවතින්නැයි කීවිට යන්නටද සිටගන්නැයි කීවිට වැතිරෙන්නටද වැතිරෙන්නයි කීවිට සිටගන්නටද ගන්නැයි කීවිට තබන්නටද තබන්නැයි කී විට ගන්නටද පුහුණු කරවා දෙවන දවසේ ඒ ඇතා පිට නැගී රජ මිදුලට ගියේය. අතවැසියාද එක් මනාප ඇතෙකු පිට නැංගේය. මහජනයා රැස්වූහ. දෙදෙනාම සමාන ශිල්ප දැක්වූහ. නැවත බෝසතාණන් වහන්සේ තමන්ගේ ඇතු ලවා විලෝම ලෙස කරවීය. ඇතා යන්නයි කීවිට පසුබැස්සේය. පසුබසින්නැයි කීවිට ඉදිරියට දිව්වේය. සිටගෙන ඉන්න කීවිට වැතිරුණේය. වැතිරෙන්නැයි කී කල්හි සිටගත්තේය. ගන්නැයි කී කල්හි තැබුවේය. තබන්නැයි කී කල්හි ගත්තේය. මහජනයා එම්බා දුෂ්ට අතවැසිය! නුඹ ගුරුවරයා සමග එකට කරහිද? තමන්ගේ තරම නොදනිහිද? ගුරුවරයා හා සමානව දන්නේ යයි හැඟීම් ඇත්තෙහිද? ගල්කැට දඬු මුගුරුවලින් පහරදී එහිදීම මරණයට පත් කළහ.
බොධිසත්තො හත්ථිම්හා ඔරුය්හ රාජානං උපසඞ්කමිත්වා “මහාරාජ, සිප්පං නාම අත්තනො සුඛත්ථාය ගණ්හන්ති, එකච්චස්ස පන ගහිතසිප්පං දුක්කටඋපාහනා විය විනාසමෙව ආවහතී”ති වත්වා ඉදං ගාථාද්වයමාහ –
බෝසතාණන් වහන්සේ ඇතුපිටින් බැස රජු වෙත එළඹ මහරජතුමනි! ශිල්පය නම් තමන්ගේ සැප පිණිස ගනිති. ඇතැමෙකුට ගන්නා ලද ශිල්පය වැරදි ලෙස සකස් කළ පාවහන් මෙන් විනාශයක්ම ගෙන දෙන්නේ යයි කියා,
“යථාපි කීතා පුරිසස්සුපාහනා, සුඛස්ස අත්ථාය දුඛං උදබ්බහෙ; ඝම්මාභිතත්තා තලසා පපීළිතා, තස්සෙව පාදෙ පුරිසස්ස ඛාදරෙ.
යථාපි කීතා පුරිසස්සුපාහනා, සුඛස්ස අත්ථාය දුඛං උදබ්බහෙ, ඝම්මාභිතත්තා තලසා පපීළිතා, තස්සෙව පාදෙ පුරිසස්ස ඛාදරෙ
“එවමෙව යො දුක්කුලීනො අනරියො, තම්මාක විජ්ජඤ්ච සුතඤ්ච ආදිය; තමෙව සො තත්ථ සුතෙන ඛාදති, අනරියො වුච්චති පානදූපමො”ති.
එවමෙව යො දුක්කුලීනො අනරියො, තම්හාක විජ්ජඤ්ච සුතඤ්ච මාදිය, තමෙව සො තත්ථ සුතෙන ඛාදති, අනරියො වුච්චති පානදූපමො
යන ගාථා දෙක කීහ.
පුරුෂයාට සුව පිණිස යම්සේ මිළදී ගන්නා ලද (වැරදි ලෙස කළ) උපාහන (පාවහන්) දුකට ඇද දමයිද, (දුක් ගෙන දේද) එසේම විශේෂයෙන් ග්‍රීෂ්මයෙන් තැවුණා වූද පාදයෙන් පීඩිත වූද පාවහන් ඒ පුරුෂයාගේම පාදයන් කා වණ කරන්නේය.
(අව්වෙන් රත්වී ඇවිදිනවිට පයට තැලී ගිය නරක සෙරෙප්පුව මිනිසාගේම පාදය තුවාල කරයි.)
එපරිද්දෙන්ම යම්කිසි හීන කුලයක උපන්නා වූ අනාර්ය පුද්ගලයා ආචාර්යවරයාගෙන් විද්‍යාව හා ශ්‍රැතයද උගනියි. එහි ඇසූ දෙයින් පුද්ගලයා තමාම කා දමයි. ඇසූ දෙයින් පුද්ගලයා විනාශයට පත්වේ. අනාර්ය පුරුෂයා උපාහනයක් බඳුයි කියනු ලැබේ.
තත්ථ උදබ්බහෙති උදබ්බහෙය්ය. ඝම්මාභිතත්තා තලසා පපීළිතාති ඝම්මෙන අභිතත්තා පාදතලෙන ච පීළිතා. තස්සෙවාති යෙන තා සුඛත්ථාය කිණිත්වා පාදෙසු පටිමුක්කා දුක්කටූපාහනා, තස්සෙව. ඛාදරෙති වණං කරොන්තා පාදෙ ඛාදන්ති.
එහි, උදබ්බහෙ යනු ඇද දමන්නේය. ඝම්මාභිතත්තා තලසා පපීලිතා යනු ග්‍රීෂ්මයෙන් තැවුනා වූද පාදයෙන් තැලීමට පීඩාවට පත් වූද තස්සෙව යනු යමෙකු විසින් සැපය පිණිස මිළයට ගෙන පාවල පැළඳ ගන්නා ලද නොමනාව කළ ඒ පාවහන් ඔහුගේම ඛාදරෙ යනු (පාදයෙහි) වණයක් ඇතිකරයි. (සීරිම් තුවාලවීම් ආදියෙන්) පාද කා දමයි.
දුක්කුලීනොති දුජ්ජාතිකො අකුලපුත්තො. අනරියොති හිරොත්තප්පවජ්ජිතො අසප්පුරිසො. තම්මාක විජ්ජඤ්ච සුතඤ්ච ආදියාති එත්ථ තං තං මනතීති “තම්මො”ති වත්තබ්බෙ තම්මාකො, තං තං සිප්පං ආසෙවති පරිවත්තෙතීති අත්ථො, ආචරියස්සෙතං නාමං. තස්මා තම්මාකා, ගාථාබන්ධසුඛත්ථං පනස්ස රස්සභාවො කතො. විජ්ජන්ති අට්ඨාරසසු විජ්ජාට්ඨානෙසු යංකිඤ්චි. සුතන්ති යංකිඤ්චි සුතපරියත්ති. ආදියාතිආදියිත්වා. තමෙව සො තත්ථ සුතෙන ඛාදතීති තමෙවාති අත්තානමෙව. සොති යො දුක්කුලීනො අනරියො ආචරියම්හා විජ්ජඤ්ච සුතඤ්ච ආදියති, සො. තත්ථ සුතෙන ඛාදතීති තස්ස සන්තිකෙ සුතෙන සො අත්තානමෙව ඛාදතීති අත්ථො. අට්ඨකථායං පන “තෙනෙව සො තත්ථ සුතෙන ඛාදතී”තිපි පාඨො. තස්සාපි සො තෙන තත්ථ සුතෙන අත්තානමෙව ඛාදතීති අයමෙව අත්ථො. අනරියො වුච්චති පානදූපමොති ඉති අනරියො දුපාහනූපමො දුක්කටූපාහනූපමො වුච්චති. යථා හි දුක්කටූපාහනා පුරිසං ඛාදන්ති, එවමෙස සුතෙන ඛාදන්තො අත්තනාව අත්තානං ඛාදති. අථ වා පානාය දුතොති පානදු, උපාහනූපතාපිතස්ස උපාහනාය ඛාදිතපාදස්සෙතං නාමං. තස්මා යො සො අත්තානං සුතෙන ඛාදති, සො තෙන සුතෙන ඛාදිතත්තා “අනරියො”ති වුච්චති පානදූපමො, උපාහනූපතාපිතපාදසදිසොති වුච්චතීති අයමෙත්ථ අත්ථො. රාජා තුට්ඨො බොධිසත්තස්ස මහන්තං යසං අදාසි.
දුක්කුලීනො යනු පහත් කුලයෙහි උපන් කුලපුත්‍රයෙකු නොවූ. අනරියො යනු (පාපයට) ලජ්ජා බිය නැති අසත්පුරුෂයා. තම්හාක විජ්ජඤ්ච සුතඤ්ච මාදියා යන මෙහි ඒ ඒ දෙය සිතයි යන අර්ථයෙන් “තංමාකො” යනුවෙන් කිවයුතු දෙය “තම්හාකො” වී ඇත. ඒ ඒ ශිල්පය පුරුදු කරයි, නැවත නැවත සිහිකරයි යන අර්ථයයි. ආචාර්යවරයාට මෙය නමකි. එහෙයින් “තම්හාකා” නම් වේ. ගාථා බන්ධනයේ පහසුව පිණිස හ්‍රස්ව කරන ලදි. (තම්හාකා යන්නෙහි ඇති ‘කා’ යන අකුර ‘ක’ යනුවෙන් කෙටිකරන ලදි.) විජ්ජං යනු විද්‍යා දහඅට අතුරින් යම් කිසිවක්. සුතං යනු ගෙන (ඉගෙන ගෙන) තමෙව සො තත්ථ සුතෙන ඛාදනි මෙහි ‘තමෙව’ යනු ‘තමාම’ය. ‘සො’ යනු යම් කුලහීනයෙක්, අනාර්යයෙන් ගුරුවරයාගෙන් විද්‍යාවද ශ්‍රැතය (ඇසීම) ද ගනී. (උගනී) ද හෙතෙම එහිදී ඇසීමෙන් කා දමයි. ගුරුවරයා සමීපයෙන් අසා ගත් දෙයින් හෙතෙම තමාම කයි යන අර්ථයයි. (ඇසූ දෙයින් තමාම විනාශයට පත්වෙයි.) අටුවාවෙහි තෙනෙව සො තත්ථ සුතෙන ඛාදති යනුවෙන්ද පාඨයක් ඇත. හෙතෙම එහිදී එම ඇසීමෙන් තමාම කා දමයි යනු මෙයම (මෙහි) අර්ථයයි. අනරියො වුච්චති පානදූපමො මෙසේ අනාර්ය පුද්ගලයා නරක පාවහනකට උපමා කරයි. නොමනා ලෙස කරන ලද පාවහනකට උපමා ඇත්තේ යයි කියනු ලැබේ. වැරදි ලෙස සකස් කළ පාවහන් පුරුෂයා කයිද (විනාශ කරයිද) එසේම මේ පුද්ගලයා ඇසීමෙන් කමින් තමා විසින්ම තමා කා දමයි. පාවහනෙන් තුවාල වූ යන අර්ථයෙන් ‘පාන දූ’ නම් වේ. පාවහනෙන් තුවාල වූ පාදයට නමකි. ඒ නිසා යම් පුද්ගලයෙක් ඇසීමෙන් (ඇසීම කරණකොට) තමා කයිද හෙතෙම ඒ ඇසීමෙන් කන ලද දෙයින් අනාර්ය යයි කියනු ලැබේ. පාවහනෙන් තුවාල වූ පාදයට උපමා වූ, පාවහනෙන් තැවුණු පාදයට සමානයයි කියනු ලැබේ යන මෙය මෙහි අර්ථයයි. රජතුමා සතුටුව බෝසතුන්ට මහත් වූ සම්පත් දුන්නේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා අන්තෙවාසිකො දෙවදත්තො අහොසි, ආචරියො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල අතවැසියා දෙව්දත්ය. හස්ති ඇදුරුතුමා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
උපාහනජාතකවණ්ණනා පඨමා.