යෙදුමෙන් කියවන්න

9. උපාහනවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

9. උපාහන වර්‍ගය

317. යථාපි කීතා පුරිසස‍්සුපාහනා සුඛස‍්ස අත්‍ථාය දුඛං උදබ‍්බහෙ, ඝම‍්මාභිතත‍්තා තලසා පපීළිතා තස‍්සෙව පාදෙ පුරිසස‍්ස ඛාදරෙ.

317. පුරුෂයාහට සුව පිණිස යම්සේ මිලදී ගන්නා ලද (නපුරු කොට, කළ) උපාහනයෝ (පාවහන්) දුක් එළවත් ද, ග්‍රීෂ්මයෙන් විශේෂයෙන් තැවුණා වූ පාදයෙන් පීඩිත වූවාහු ඒ පුරුෂයාගේ ම පාදයන් කා වණකරන්නාහ.

318. එවමෙව දුක‍්කුලීනො අනරියො තම‍්හාකවිජ‍්ජඤ‍්ච සුතඤ‍්චමාදිය, තමෙව සො තත්‍ථ සුතෙන ඛාදති අනරියො වුච‍්චති පානදුපමොති.

318. එපරිද්දෙන් යම් මැ හීන කුලයෙක උපන්නා වූ අනාර්‍ය්‍ය පුද්ගලයා අචාර්‍ය්‍යවරයාගෙන් විද්‍යාව හා ශ්‍රැතය ද ගෙන එහි ශ්‍රැතයෙන් හෙතෙමේ එය ම කරන්නේ ය. අනාර්‍ය්‍ය පුරුෂයා උපාහනයක් බඳුයි කියනු ලැබේ.

1. උපාහනජාතකං.

1. උපාහන ජාතක යි.

319. එකචින‍්තිතොව අයමත්‍ථො බාලො අපරිනායකො, න හි ඛුජ‍්ජෙන වාමෙන භොති සඞ‍්ගනතුමරහසි.

319. (මේ කුදු පුරුෂයා සමඟ පලාගිය මැනැවැයි යන) මේ කාරණය හුදෙකලාව සිතන ලද ද (මේ කුදා ඥානවිරහයෙන්) බාලය. (ස්වශක්තියෙන් යන්නට අපොහොසත් හෙයින්) අපරිණායකය. පින්වතිය, කොර වූ අත්පා ඇති කුදා හා සමාගමයට සුදුසු නො වෙහි.

320. පුරිසූසභං මඤ‍්ඤමානා අහං ඛුජ‍්ජමකාමයිං සොයං සඞ‍්කුචිතො සෙති ඡින‍්නතන‍්ති යථා ථුණාති.

320. කුදා පුරුෂයන්හට උතුමෙකැයි සිතන්නා වූ මම කුදු පුරුෂයා කැමැති වීමි. ඒ මා කැමැති කුදා සිඳින ලද තත් ඇති වීණාදණ්ඩක් මෙන් හැකුළුණේ හොවී.

2. වීණාථූණජාතකං

2. වීණාථූණ ජාතක යි.

321. කාමං යහිං ඉච‍්ඡසි තෙන ගච‍්ඡ විද‍්ධොසි මම‍්මම‍්හි විකණ‍්ණකෙන, හතොසි භත‍්තෙන සවාදිතෙන ලොලො ච මච‍්ඡෙ අනුබන්‍ධමානො

321. ඒකාන්තයෙන් (තෝ) යම් තැනෙක්හි කැමැත්තෙහි නම් එහි යව. මර්‍මස්ථානයෙහි හීයෙන් විදුනා ලද්දෙහි ය. මත්ස්‍යයන් අනුව දුවන්නා වූ ලොල් වූ තෝ බෙරවැයුම් සහිත වූ බත කරණ කොටගෙනැ නටුයෙහිය.

322. එවම‍්පි ලොකාමිසං ඔපතන‍්තො, විහඤ‍්ඤති චිත‍්තවසානුවත‍්තී, සො හඤ‍්ඤති ඤාතිසඛානමජ‍්ඣෙ මච‍්ඡානුගො සොරිව සුංසුමාරොති.

322. ලෝකාමිසයැයි කියන ලද පඤ්චකාමයට අනුව දුවන්නා වූ චිත්තවසී වැ පවත්නාවූ පුද්ගලයා එරිද්දෙන් ම වැනැසේ. හේ මත්ස්‍යයන් අනුව දුවන්නා වූ සුංසුමාරයා මෙන් නෑ මිතුරන් මධ්‍යයෙහි වැනසේ.

3. විකණ‍්ණකජාතකං

3. විකණ්ණක ජාතක යි.

323. ත්‍වමෙව දානි මකර යං කාමො ව්‍යගමා තයි, සොයං අප‍්පටිසන්‍ධිකො ඛරාඡින‍්නංව රෙරුකං.

323. තා කෙරෙහි යම්බඳු වූ (මාගේ) කාමයෙක් (ධ්‍යාන බලයෙන්) පහවී ද ගුණවිශේෂය දැන් (මා නො කැමැති වැ කින්නරාව පස්සේ දිවු) තෝ ම කෙළෙහි ය. කියතෙකින් සිඳින ලද අත්දළක් මෙන් (ධ්‍යානයෙන් ඔබන ලද) ඒ මේ ක්ලේශකාමය ප්‍රතිසන්‍ධාන නො කොට හැකි වී.

324. අත්‍රිච‍්ඡා අතිලොභෙන අතිලොහමදෙන ච, එවං හායති අත්‍ථම‍්හා අහංව අසිතාභූයා’ති.

324. ඒ ඒ වස්තුවෙහි ලෝභ කරන තැනැත්තේ අධික ලෝභයෙන් ද අතිලෝභ සඞ්ඛ්‍යාත පුරුෂමදයෙන් ද අසිතාභූ නම් රාජකන්‍යාව කෙරෙන් පිරිහුණු මා මෙන් අභිලාෂිතාර්‍ත්‍ථයෙන් පිරිහේ.

4. අසිතාභූජාතකං.

4. අසිතාභූ ජාතක යි.

325. සුඛා ඝරා වච‍්ඡනඛ සහිරඤ‍්ඤා සභොජනා, යත්‍ථ භුත්‍වා ච පීත්‍වා ච සයෙය්‍යාථ අනුස‍්සුකො.

325. වච්ඡනඛය, මධුරාහාර අනුභව කොට ද මධුර පානයන් පානය කොට ද යම් සිරියහනෙක්හි උකටලී නො ව හෝනයෙහි ය. එසේ හෙයින් හිරණ්‍ය සහිත වූ ද භෝජන සහිත වූ ද ගෘහයෝ සුවයයි ගෘහ වර්‍ණා කළෝ.

326. ඝරා නානීහමානස‍්ස ඝරා නාභණතො මුසා, ඝරා නාදින‍්නදණ‍්ඩස‍්ස පරෙසං අනිකුබ‍්බතො එවං ඡිද‍්දං දුරභිභවං කො ඝරං පටිපජ‍්ජතී’ති.

326. උත්සාහවත් නො වන්නාහට ගෘහයෝ නැත. බොරු කියන්නාහට ගෘහයෝ නැත. නො ගන්නා ලද දඬු ඇති මෙරමාහට දඬුවම් නො කරන්නාහට ගෘහයෝ නැත. මෙකී පරිද්දෙන් ඡිද්‍ර ඇති දුරාරාධ්‍ය වූ ගිහිගෙට කවරෙක් නම් පැමිණේ ද? (නො පැමිණෙන්නේ මැයි)

5. වච‍්ඡනඛජාතකං.

5. වච්ඡනඛ ජාතක යි

327. භද‍්දකො වත යං පක‍්ඛි ද‍්විජො කුමුදසන‍්නිභො වූපසන‍්තෙහි පක‍්ඛෙහි මන්‍දමන්‍දොව ඣායති.

327. හෙළැඹුල පෙති බඳු පියාපත් ඇති මේ පක්‍ෂියා ඉතා යහපත් ය. සන්හුන් පියාපත් ඇතිව (මසුන් දෙස බලමින්) මඳින් මඳ ඉතා දුබල එකකුමෙන් සිතයි.

328. නාස‍්ස සීලං විජානාථ අනඤ‍්ඤාය පසංසථ, අම‍්හෙ දිජො න පාලෙති තෙන පක‍්ඛී න ඵන්‍දතී’ති.

328. මොහුගේ ආචාරසීලයක් නො ම දනුව නො දැන ප්‍රශංසා කරව. පක්‍ෂියා අප නො රකී (මසුන්ගෙන් කවරකු අල්ලා ගනිම් දැ යි සිතන හෙයින්) පියා පත් නො සොලවයි.

6. බකජාතකං.

6. බක ජාතක යි.

329. කො නු ඛො භගවා හෙතු එකච‍්චෙ ඉධ පුග‍්ගලෙ, අතීව හදයං නිබ‍්බාති චිත‍්තඤ‍්චාපි පසීදති.

329. භාග්‍යවත්නි, මෙලොවැ ඇතැම් පුඟුලකු දුටුමතින් හදවත ඉතා නිවී යයි. සිත ද පැහැදේ. මීට හේතු කවරේ ද?

330. පුබ‍්බෙව සන‍්නිවාසෙන පච‍්චුප‍්පන‍්නහිතෙන වා, එවං තං ජායතෙ පෙමං උප‍්පලංව යථොදකෙ’ති.

330. පෙරැ භවයෙහි එක් වැ විසීමෙන් වේවයි මේ භවයෙහි කළ හිතයෙන් වේවයි, මෙසේ ඒ ප්‍රේමය හටගනී. (මඩත් දියත් නිසා) දියේ උපුල් හටගන්නා මෙනි.

7. සාකෙතජාතකං.

7. සාකේත ජාතක යි.

331. ඉඞ‍්ඝ එකපදං තාත අනෙකත්‍ථපදනිස‍්සිතං, කිඤ‍්චි සඞ‍්ගාහිකං බ්‍රූහි යෙනත්‍ථෙ සාවයාමසෙ.

331. පියාණෙනි, අයදිමි යම් පදයකින් දියුණුව අස්වන්නමෝ ද එබඳු අරුතැති පද සංග්‍රහ වූ එක පදයක් කිව මැනැව.

332. දක‍්ඛෙය්‍යෙකපදං තාත අනෙකත්‍ථ පදස‍්සිතං, තඤ‍්ච සීලෙන සංයුත‍්තං ඛන‍්තියා උපපාදිතං. අලං මිත‍්තෙ සුඛාපෙතුං අමිත‍්තානං දුඛාය චාති.

332. දරුව (ඒ) ලාභොත්පාදක ඥාන සම්ප්‍රයුක්ත වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත අනේකාර්‍ත්‍ථනිංශ්‍රිත පදය යි එද සීලයෙන් සංයුක්ත වූයේ ක්‍ෂාන්තියෙන් සමුපේත වූයේ මිතුරන් සැපවත් කරන්නටත් සතුරන් දුක් පත් කරන්නටත් සමර්‍ත්‍ථ වේ.

8. එකපදජාතකං.

8. ඒකපද ජාතක යි.

333. ආසීවිසං මමං සන‍්තං පවිට‍්ඨං කුමිනාමුඛං, රුච‍්චතෙ හරිතා මාතා යං මං ඛාදන‍්ති මච‍්ඡකා

333. විෂදළ ඇති මැ කෙමිනමුවට (කෙමිනෙහි කටට) පිවිසි කලැ යම්බඳු මා මාලුවෝ කත් ද, නිල්මැඩිදෙන මව කොට ඇතිය, තොපට එය රුස්නේ ද?

334. විලුම‍්පතෙව පුරිසො යාවස‍්ස උපකප‍්පති. යදා චඤ‍්ඤෙ විලුම‍්පන‍්ති සො විලුත‍්තො විලුප‍්පතී’ති.

334. යම්තාක් ඔහුට ඓශ්චර්‍ය්‍ය සමෘද්ධිය ඇත් ද ඒ තාක් පුරුෂයා (මෙරමා) පහරනේ මැයැ. යම් කලෙකැ සෙස්සෝ ඓශ්චර්‍ය්‍යයෙහි සිට පහරිත් ද, (එකලැ) පහරන ලද හේ පහරනා ලැබේ.

9. හරිතමාතුජාතකං.

9. හරිතමාතු ජාතක යි.

335. සබ‍්බො ජනො හිංසිතො පිඞ‍්ගලෙන තස‍්මිං මතෙ පච‍්චයං වෙදයන‍්ති, පියො නු තෙ ආසි අකණ‍්හනෙත‍්තො කස‍්මා නු ත්‍වං රොදසි ද‍්වාරපාල.

335. පිංගල රජු විසින් සියලුදෙනා හිංසා කරනු ලැබීය. ඔහු මළ කලැ (ජනයා) ප්‍රීත වෙත්. දොරටුපාලය, පිඟුවන් ඇස් ඇත්තා තට ප්‍රිය වී ද? කවරහෙයින් තෝ හඬන්නෙහි ද?

336. න මෙ පියො ආසි අකණ‍්හනෙත‍්තො භායාමි පච‍්චාගමනාය තස‍්ස ඉතො ගතො හිංසෙය්‍ය මච‍්චුරාජං සො හිංසිතො ආනෙය්‍ය පුන ඉධ.

336. පිඟුවන් ඇස් ඇති රජ මට ප්‍රිය නො වේ. ආපසු ඔහුගේ පෙරළා පැමිණීමට බිය වෙමි. මෙලොවින් ගියේ මෘත්‍යුරාජයාට (යමරජුට) හිංසා කරන්නේ යැ පීඩිත වූ ඒ මෘත්‍යුරාජ යළි මෙහි ගෙනෙන්නේය.

337. දඩ‍්ඪො වාහසහස‍්සෙහි සිත‍්තො ඝටසතෙහි සො, පරික‍්ඛතා ච සා භූමි මා භායි නාගමිස‍්සතී’ති.

337. හේ දර ගැල් දහසකින් දවන ලද්දේය. දිය කළ සියයකින් තෙමන ලද ඒ බිම ද සාරා දමන ලද, නො බව හේ පෙරළා නො එන්නේ යි.

10. මහාපිඞ‍්ගලජාතකං.

10. මහාපිංගල ජාතක යි.

උපාහනවග‍්ගො නවමො.

නවවැනි උපාහන වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

වරුපාහනඛුජ‍්ජවිකණ‍්ණකකො අසිතාභූයා පඤ‍්චම වච‍්ඡනඛො, දිප‍්පෙමවරුත‍්තම එකපදං. කුමිනාමුඛපිඞ‍්ගලකෙන දසාති.

උපාහනය ජාතක යැ, කුදා උතුමැයි සිතූ විණාථුන ජාතක යැ, විකණ්ණක ජාතක යැ, අසිතාභූ ජාතක යැ, පස්වැනි වච්ඡනඛ ජාතක යැ, (දිප්) බක ජාතක යැ, උත්තම ප්‍රේමය පවසන සාකේත ජාතක යැ, ඒකපද ජාතක යැ, (කුමිනාමුඛ) හරිතමාතු ජාතකය හා මහාපිඞ්ගල ජාතකයෙන් දසය වේ.