5. වච්ඡනඛජාතකවණ්ණනා 235 අට්ඨකථා
5. වච්ඡනඛජාතකවණ්ණනා (235)
5. වච්ඡනඛ ජාතකය (235)
සුඛා ඝරා වච්ඡනඛාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො රොජමල්ලං ආරබ්භ කථෙසි. සො කිරායස්මතො ආනන්දස්ස ගිහිසහායො. සො එකදිවසං ආගමනත්ථාය ථෙරස්ස සාසනං පාහෙසි, ථෙරො සත්ථාරං ආපුච්ඡිත්වා අගමාසි. සො ථෙරං නානග්ගරසභොජනං භොජෙත්වා එකමන්තං නිසින්නො ථෙරෙන සද්ධිං පටිසන්ථාරං කත්වා ථෙරං ගිහිභොගෙහි පඤ්චහි කාමගුණෙහි නිමන්තෙන්තො “භන්තෙ ආනන්ද, මම ගෙහෙ පහූතං සවිඤ්ඤාණකඅවිඤ්ඤාණකරතනං, ඉදං මජ්ඣෙ භින්දිත්වා තුය්හං දම්මි, එහි උභො අගාරං අජ්ඣාවසාමා”ති. ථෙරො තස්ස කාමගුණෙසු ආදීනවං කථෙත්වා උට්ඨායාසනා විහාරං ගන්ත්වා “දිට්ඨො තෙ, ආනන්ද, රොජො”ති සත්ථාරා පුච්ඡිතො “ආම, භන්තෙ”ති වත්වා “කිමස්ස කථෙසී”ති වුත්තෙ “භන්තෙ, මං රොජො ඝරාවාසෙන නිමන්තෙසි, අථස්සාහං ඝරාවාසෙ චෙව කාමගුණෙසු ච ආදීනවං කථෙසි”න්ති. සත්ථා “න ඛො, ආනන්ද, රොජො මල්ලො ඉදානෙව පබ්බජිතෙ ඝරාවාසෙන නිමන්තෙසි, පුබ්බෙපි නිමන්තෙසියෙවා”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
සුඛා ඝරා වච්ඡනඛ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් රෝජ මල්ල නම් තැනැත්තා අරබයා වදාළ සේක. ඔහු ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේගේ ගිහි සහායකයෙකි. හෙතෙම එක් දිනක් ආනන්ද තෙරුන්ට තම නිවසට වැඩමවන ලෙස පණිවිඩයක් යැව්වේය. තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසා වැඩි සේක. හෙතෙම තෙරුන් වහන්සේට නොයෙක් ආහාර වළඳවා එකත්පසෙක සිටියේ තෙරුන් වහන්සේ සමග පිළිසඳර කථාකොට ගිහි සැපතින් හා පස්කම් ගුණයෙන් ආරාධනා කරන්නේ ස්වාමීනි! ආනන්ද හිමියනි! මාගේ ගෙයි ඇති මේ චංචල නිශ්චල වස්තු දෙකට බෙදා නුඹවහන්සේට දෙමි. එනු මැනවි! දෙදෙනාම ගිහිගෙයි වසමුයි කීය. තෙරුන් වහන්සේ ඔහුට කාමයන්හි ආදීනව කියා ආසනයෙන් නැගිට විහාරයට වැඩමකොට ආනන්දයෙනි, රෝජ දුටුවාදැයි බුදුරජාණන් වහන්සේ විමසූ සේක. එවිට එසේය ස්වාමීනියි වදාරා ඔබ ඔහුට කුමක් කීවෙහිදැයි වදාළ කල්හි ස්වාමීනි! රෝජ මට ගිහිගෙයි විසීමට ආරාධනා කළේය. එවිට ඔහුට මම ගෘහවාසයෙහි හා පස්කම් සැපයෙහිද ආදීනව කීවෙමියි කීහ. බුදුරජාණන් වහන්සේ, ආනන්දයෙනි, රෝජමල්ල පැවිද්දන්ට ගෘහවාසයට ආරාධනා කළේ දැන් පමණක් නොවේ. පෙරත් ආරාධනා කළේයැයි වදාරා ආනන්ද තෙරුන්ගේ ඉල්ලීම පරිදි අතීත කථාව වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො අඤ්ඤතරස්මිං නිගමගාමෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා හිමවන්තපදෙසෙ චිරං වසිත්වා ලොණම්බිලසෙවනත්ථාය බාරාණසිං පත්වා රාජුය්යානෙ වසිත්වා පුනදිවසෙ බාරාණසිං පාවිසි. අථස්ස බාරාණසිසෙට්ඨි ආචාරවිහාරෙ පසීදිත්වා ගෙහං නෙත්වා භොජෙත්වා උය්යානෙ වසනත්ථාය පටිඤ්ඤං ගහෙත්වා තං පටිජග්ගන්තො උය්යානෙ වසාපෙසි. තෙ අඤ්ඤමඤ්ඤං උප්පන්නසිනෙහා අහෙසුං.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ එක්තරා නියම්ගමෙක බමුණු කුලයෙහි ඉපදී වැඩිවියට පත්ව තාපස පැවිද්දෙන් පැවිදිව හිමාලය වන පෙදෙසේ බොහෝ කලක් වාසයකොට ලුනුඇඹුල් සෙවීම පිණිස බරණැස් නුවරට පැමිණ රජ උයනෙහි වාසය කොට දෙවන දවසේ බරණැස් නුවර පිවිසි සේක. ඉක්බිති මුන්වහන්සේගේ යහපත් හැසිරීම් කෙරෙහි බරණැස් සිටුතුමා පැහැදී නිවසට කැඳවාගෙන ගොස් වළඳවා උයනෙහි වාසය පිණිස ප්‍රතිඥා ගෙන පෝෂණය කරන්නේ උයනෙහි වාසය කරවීය. ඔවුහු ඔවුනොවුන් අතර උපන් ස්නේහ ඇත්තෝ වූහ.
අථෙකදිවසං බාරාණසිසෙට්ඨි බොධිසත්තෙ පෙමවිස්සාසවසෙන එවං චින්තෙසි – “පබ්බජ්ජා නාම දුක්ඛා, මම සහායං වච්ඡනඛපරිබ්බාජකං උප්පබ්බාජෙත්වා සබ්බං විභවං මජ්ඣෙ භින්දිත්වා තස්ස දත්වා ද්වෙපි සමග්ගවාසං වසිස්සාමා”ති. සො එකදිවසං භත්තකිච්චපරියොසානෙ තෙන සද්ධිං මධුරපටිසන්ථාරං කත්වා “භන්තෙ වච්ඡනඛ, පබ්බජ්ජා නාම දුක්ඛා, සුඛො ඝරාවාසො, එහි උභො සමග්ගා කාමෙ පරිභුඤ්ජන්තා වසාමා”ති වත්වා පඨමං ගාථමාහ –
ඉක්බිති එක් දවසක් බරණැස් සිටුතුමා බෝසතාණන් වහන්සේ කෙරෙහි ප්‍රේම විශ්වාස ඇතිව පැවිද්ද නම් දුකකි. මාගේ යහලු ‘වච්ඡනඛ’ පිරිවැජියාව උපැවිදි (ගිහියකු) කරවා සියලු වස්තුව දෙකට බෙදා ඔහුටද දී දෙදෙනාම සමගියෙන් වසන්නෙමුයි මෙසේ සිතීය. ඔහු එක්දිනක් දානය වළඳා අවසානයේ ඔහු සමග මිහිරි පිළිසඳරක යෙදී ස්වාමීනි! වච්ඡනඛ, පැවිද්ද දුකකි. ගිහිගෙයි වාසය සැපයකි. ඒ නිසා එනු මැනවි. අප දෙදෙනා සමගියේ කම්සැප විඳිමින් වසමුයි කියා පළමු ගාථාව කීවේය.
“සුඛා ඝරා වච්ඡනඛ, සහිරඤ්ඤා සභොජනා; යත්ථ භුත්වා පිවිත්වා ච, සයෙය්යාථ අනුස්සුකො”ති.
සුඛා ඝරා වච්ඡනඛ සහිරඤ්ඤා සභොජනා, යත්ථ භුත්ථාච පීත්වාච සය්යොථ අනුස්සුකොති
යන පළමු ගාථාව කීවේය.
“වච්ඡනඛ තවුසාණෙනි, මිහිරි ආහාර අනුභවකොට මිහිරි පානයක් පානය කොටද යම් සිරි යහනක නොකලකිරී (උකටලී නොව) නිදන්නෙහිය. එම නිසා රන් ඇති බොජුන් ඇති ගිහිගේ සැපයයි ගුණ කීය.”
තත්ථ සහිරඤ්ඤාති සත්තරතනසම්පන්නා. සභොජනාති බහුඛාදනීයභොජනීයා. යත්ථ භුත්වා පිවිත්වා චාති යෙසු සහිරඤ්ඤභොජනෙසු ඝරෙසු නානග්ගරසානි භොජනානි පරිභුඤ්ජිත්වා නානාපානානි ච පිවිත්වා. සයෙය්යාථ අනුස්සුකොති යෙසු අලඞ්කතසිරිසයනපිට්ඨෙ අනුස්සුකො හුත්වා සයෙය්යාසි, තෙ ඝරා නාම අතිවිය සුඛාති.
එහි, සහිරඤ්ඤා යනු සත්රුවන්වලින් යුක්ත වූ. සභොජනා යනු බොහෝ කෑයුතු අනුභව කළයුතු ආහාර, යත්ථ භූත්වාච පීත්වාච යනු හිරණ්‍ය සහිත බොජුන් සහිත ගෙවල්වල නොයෙක් රසයෙන් යුත් බොජුන් වළඳා නොයෙක් බීම වර්ගද පානයකොට. සයෙය්යාථ අනුස්සුකො යනු සරසන ලද යම් සිරියහනක් මත නොකලකිරී නිදන්නෙහිද, ඒ නිසා ගෘහවාසය නම් අතිශයින්ම සැපයකි.
අථස්ස තං සුත්වා බොධිසත්තො “මහාසෙට්ඨි, ත්වං අඤ්ඤාණතාය කාමගිද්ධො හුත්වා ඝරාවාසස්ස ගුණං, පබ්බජ්ජාය ච අගුණං කථෙසි, ඝරාවාසස්ස තෙ අගුණං කථෙස්සාමි, සුණාහි දානී”ති වත්වා දුතියං ගාථමාහ –
ඉක්බිති මොහුගේ කථාව අසා බෝසතාණන් වහන්සේ මහසිටුතුමනි! නුඹ මෝඩකම නිසා කාමයෙහි ගිජුවූයේ ගිහිගේ ගුණත්, පැවිද්දෙහි අගුණත් කීවෙහිය. ගිහිගේ අගුණ ඔබට කියන්නෙමි. දැන් එය අසන්නැයි කියා කීවේය.
“ඝරා නානීහමානස්ස, ඝරා නාභණතො මුසා; ඝරා නාදින්නදණ්ඩස්ස, පරෙසං අනිකුබ්බතො; එවං ඡිද්දං දුරභිසම්භවං, කො ඝරං පටිපජ්ජතී”ති.
ඝරා නානී හමානස්ස ඝරා නාභණතො මුසා, ඝරා නාදින්න දණ්ඩස්ස පරෙසං අනිකුබ්බතො, එවං ඡිද්දං දුරභිභවං කො ඝරං පටිපජ්ජති
යන දෙවන ගාථාව කීවේය.
උත්සාහවත් නොවන්නා හට ගෙවල් නැත. බොරු කියන්නා හට ගෘහයෝ නැත. නොගන්නා ලද දඬු ඇති මෙරමා හට දඬුවම් නොකරන්නා හට ගෘහයෝ නැත. මෙකී පරිද්දෙන් ඡිද්‍ර ඇති දුරාරධ්ය වූ ගිහිගෙට කවරෙක් නම් පැමිණේද? (නොපැමිණේමය.)
තත්ථ ඝරා නානීහමානස්සාති නිච්චකාලං කසිගොරක්ඛාදිකරණෙන අනීහමානස්ස අවායමන්තස්ස ඝරා නාම නත්ථි, ඝරාවාසො න පතිට්ඨාතීති අත්ථො. ඝරා නාභණතො මුසාති ඛෙත්තවත්ථුහිරඤ්ඤසුවණ්ණාදීනං අත්ථාය අමුසාභණතොපි ඝරා නාම නත්ථි. ඝරා නාදින්නදණ්ඩස්ස, පරෙසං අනිකුබ්බතොති නාදින්නදණ්ඩස්සාති අග්ගහිතදණ්ඩස්ස, නික්ඛිත්තදණ්ඩස්ස පරෙසං අනිකුබ්බතො ඝරා නාම නත්ථි. යො පන ආදින්නදණ්ඩො හුත්වා පරෙසං දාසකම්මකරාදීනං තස්මිං තස්මිං අපරාධෙ අපරාධානුරූපං වධබන්ධනඡෙදනතාළනාදිවසෙන කරොති, තස්සෙව ඝරාවාසො සණ්ඨහතීති අත්ථො. එවං ඡිද්දං දුරභිසම්භවං, කො ඝරං පටිපජ්ජතීති තං දානි එවං එතෙසං ඊහනාදීනං අකරණෙ සති තාය තාය පරිහානියා ඡිද්දං කරණෙපි සති නිච්චමෙව කාතබ්බතො දුරභිසම්භවං දුරාරාධනීයං, නිච්චං කරොන්තස්සපි වා දුරභිසම්භවමෙව දුප්පූරං ඝරාවාසං “අහං නිප්පරිතස්සො හුත්වා අජ්ඣාවසිස්සාමී”ති කො පටිපජ්ජතීති.
එහි, ඝරා නානීහමානස්ස යනු නිතරම ගොවිතැන් හා ගවයන් රැකබලා ගැනීම් කිරීම් වශයෙන් උත්සාහ නොකරන තැනැත්තාට ගෙවල් නැත. ගෘහවාසය සරු නොවේ. (නොපිහිටන්නේය) යන අර්ථයි. ඝරා නාභණතො මුසා යනු කෙත් වත් රන් රුවන් ආදිය ලබාගැනීම පිණිස බොරු කියන්නාටද ගෙවල් නැත. ඝරා නාදින්න දණ්ඩස්ස පරෙසං අනිකුබ්බතො යනු (පහරදීමට ගන්නා වේවැල් ආදී දඬු නොගත් තැනැත්තාට ද දඬු ඉවත දැමූ තැනැත්තාටද අනුන්ට දඬුවම් නොකරන තැනැත්තාටද ගෙවල් නැත. (ගිහි ජීවිතයක් නැත) දඬු අතට ගත් කෙනෙක් වී දාසයන් කම්කරුවන් ආදී අන් අයට කරන කරන වරදට ගැළපෙන වදදීම්, බැඳතැබීම් (අත් පා ආදිය) කැපීම් තැළීම් ආදී වශයෙන් දඬුවම් කරන තැනැත්තාටම ගිහි ජීවිතය පිහිටයි. (සරුවෙයි) යන අර්ථයයි. එවං ඡිද්දං දුරභිභවං කො ඝරං පටිපජ්ජති යනු මෙසේ වංචා කිරීම් ආදිය නොකරන කල්හිද පිරිහීම පිණිස පවතින ඒ ඒ වැරදි කරන කල්හිද නිතරම කටයුතු කළ යුතු බැවින් දුෂ්කර වූද, (ගිහි ජීවිතයට අවශ්‍ය දේ) ලබාගැනීම අපහසු හෙයින්ද ඒ ගිහිගෙයි වාසය කිරීම දුෂ්කරය. සම්පූර්ණ කිරීමට අපහසුය. මම දැන් තැති ගැනීම් නැති කෙනෙක් වී නිතර වාසය කරන්නෙමි. කවර පුද්ගලයේක ගිහි ජීවිතයට ඇතුල් වේද?
එවං මහාසත්තො ඝරාවාසස්ස දොසං කථෙත්වා උය්යානමෙව අගමාසි.
මෙසේ මහා සත්ත්වයන් වහන්සේ ගිහිගෙයි වාසය කිරීමෙහි දොස් කියා උයනටම වැඩියහ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා බාරාණසිසෙට්ඨි රොජො මල්ලො අහොසි, වච්ඡනඛපරිබ්බාජකො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල බරණැස් සිටුවරයා රෝජමල්ල විය. වච්ඡනඛ පිරිවැජියා මම ම වූයෙමි යි වදාළ සේක.
වච්ඡනඛජාතකවණ්ණනා පඤ්චමා.