යෙදුමෙන් කියවන්න

4. අසිතාභූජාතකවණ‍්ණනා 234 අට‍්ඨකථා

4. අසිතාභූජාතකවණ‍්ණනා (234)

4. අසිතාභු ජාතකය (234)

ත්‍වමෙව දානිමකරාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං කුමාරිකං ආරබ‍්භ කථෙසි. සාවත්‍ථියං කිරෙකස‍්මිං ද‍්වින‍්නං අග‍්ගසාවකානං උපට‍්ඨාකකුලෙ එකා කුමාරිකා අභිරූපා සොභග‍්ගප‍්පත‍්තා, සා වයප‍්පත‍්තා සමානජාතිකං කුලං අගමාසි. සාමිකො තං කිස‍්මිඤ‍්චි අමඤ‍්ඤමානො අඤ‍්ඤත්‍ථ චිත‍්තවසෙන චරති. සා තස‍්ස තං අත‍්තනි අනාදරතං අගණෙත්‍වා ද‍්වෙ අග‍්ගසාවකෙ නිමන‍්තෙත්‍වා දානං දත්‍වා ධම‍්මං සුණන‍්තී සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. සා තතො පට‍්ඨාය මග‍්ගඵලසුඛෙන වීතිනාමයමානා “සාමිකොපි මං න ඉච‍්ඡති, ඝරාවාසෙන මෙ කම‍්මං නත්‍ථි, පබ‍්බජිස‍්සාමී”ති චින‍්තෙත්‍වා මාතාපිතූනං ආචික‍්ඛිත්‍වා පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණි. තස‍්සා සා කිරියා භික‍්ඛූසු පාකටා ජාතා. අථෙකදිවසං භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො, අසුකකුලස‍්ස ධීතා අත්‍ථගවෙසිකා සාමිකස‍්ස අනිච‍්ඡභාවං ඤත්‍වා අග‍්ගසාවකානං ධම‍්මං සුත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාය පුන මාතාපිතරො ආපුච‍්ඡිත්‍වා පබ‍්බජිත්‍වා අරහත‍්තං පත‍්තා, එවං අත්‍ථගවෙසිකා, ආවුසො සා කුමාරිකා”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙවෙසා කුලධීතා අත්‍ථගවෙසිකා, පුබ‍්බෙපි අත්‍ථගවෙසිකායෙවා”ති වත්‍වා අතීතං ආහරි.

ත්‍වමෙවදානිමකර යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක්තරා කුමාරිකාවක අරබයා වදාළ සේක. සැවැත් නුවර වනාහි අගසව් දෙදෙනා වහන්සේලාට උපස්ථාන කරන එක්තරා කුමාරිකාවක් මනා රූ ඇත්තීය. අතිශයින් දැකුම්කලු වූවාය. වැඩිවියට පත්වූ ඈ සමාන ජාතික කුලයකට ගියාය. සැමියා ඇය ගැන කිසියම්ම හැඟීමක් නැතිව අන්තැනක සිත් ඇතිව හැසිරෙයි. ඈ ඔහුගේ ඒ තමා කෙරේ ආදරයක් නොමැති බව, ගණන් නොගෙන අගසව් දෙනමට ආරාධනා කොට මහදන් දී බණ අසන්නී සෝවාන් ඵලයෙහි පිහිටියාය. ඈ එතැන් පටන් මාර්ග හා ඵල සුවයෙන් කල් ගෙවමින්, සැමියා ද මට කැමති නොවේ. ගෙදර වාසයෙන් ද පලක් නැත. පැවිදිවන්නෙමි’යි සිතා මව්පියන්ට කියා පැවිදිව රහත්ඵලයට පත්වූවාය. ඇගේ ඒ ක්‍රියාව භික්‍ෂූන් අතරෙහි ප්‍රකට විය. ඉක්බිති එක් දිනක් භික්‍ෂූන් වහන්සේලා දම්සභාවෙහිදී “ඇවැත්නි! අසවල් කුලයෙහි දියණිය අර්ථය (නිවන) සොයන්නී සැමියාගේ නොකැමැති බව දැන අගසව් දෙදෙනා වහන්සේලාගෙන් බණ අසා සෝවාන් ඵලයෙහි පිහිටා නැවත මව්පියන්ගෙන් විමසා පැවිදිව රහත් ඵලයට පත්වූවාය. ඇවැත්නි, ඒ කුමරිය මෙසේ (නිවන නමැති) අර්ථය සොයන්නීයයි කථාවක් ඉපදවූහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මෙහි දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කතාවෙන් යැයි කී කල්හි මහණෙනි! ඒ කුල දියණිය දැන් පමණක් අර්ථය සොයන්නියක් නොවූවාය. පෙරත් අර්ථ ගවේසිකාවක්ව සිටියායැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා හිමවන‍්තපදෙසෙ වාසං කප‍්පෙසි. තදා බාරාණසිරාජා අත‍්තනො පුත‍්තස‍්ස බ්‍රහ‍්මදත‍්තකුමාරස‍්ස පරිවාරසම‍්පත‍්තිං දිස‍්වා උප‍්පන‍්නාසඞ‍්කො පුත‍්තං රට‍්ඨා පබ‍්බාජෙසි. සො අසිතාභුං නාම අත‍්තනො දෙවිං ආදාය හිමවන‍්තං පවිසිත්‍වා මච‍්ඡමංසඵලාඵලානි ඛාදන‍්තො පණ‍්ණසාලාය නිවාසං කප‍්පෙසි. සො එකං කින‍්නරිං දිස‍්වා පටිබද‍්ධචිත‍්තො “ඉමං පජාපතිං කරිස‍්සාමී”ති අසිතාභුං අගණෙත්‍වා තස‍්සා අනුපදං අගමාසි. සා තං කින‍්නරිං අනුබන්‍ධමානං දිස‍්වා “අයං මං අගණෙත්‍වා කින‍්නරිං අනුබන්‍ධති, කිං මෙ ඉමිනා”ති විරත‍්තචිත‍්තා හුත්‍වා බොධිසත‍්තං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා අත‍්තනො කසිණපරිකම‍්මං කථාපෙත්‍වා කසිණං ඔලොකෙන‍්තී අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා බොධිසත‍්තං වන්‍දිත්‍වා ආගන‍්ත්‍වා අත‍්තනො පණ‍්ණසාලාය ද‍්වාරෙ අට‍්ඨාසි. බ්‍රහ‍්මදත‍්තොපි කින‍්නරිං අනුබන්‍ධන‍්තො විචරිත්‍වා තස‍්සා ගතමග‍්ගම‍්පි අදිස‍්වා ඡින‍්නාසො හුත්‍වා පණ‍්ණසාලාභිමුඛොව ආගතො. අසිතාභූ තං ආගච‍්ඡන‍්තං දිස‍්වා වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා මණිවණ‍්ණෙ ගගනතලෙ ඨිතා “අය්‍යපුත‍්ත, තං නිස‍්සාය මයා ඉදං ඣානසුඛං ලද‍්ධ”න‍්ති වත්‍වා ඉමං ගාථමාහ –

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ සෘෂි පැවිද්දෙන් (තවුස් පැවිද්දෙන්) පැවිදිව, අභිඥා ද, සමාපත්තිද උපදවාගෙන හිමවත් පෙදෙසෙහි වාසය කළ සේක. එකල බරණැස් රජතුමා තමාගේ පුත් බඹදත් කුමාරයාගේ පිරිවර සම්පත් දැක උපන්නා වූ සැක ඇත්තේ පුතා රටින් නෙරපීය. ඔහු අසිතාභු නම් තම දේවියද රැගෙන හිමාල වනයට පිවිස මස්, මාළු හා ලොකු කුඩා පළතුරු ද කමින් පන්සලක වාසය කළේය. කුමරා එහිදී එක්තරා කිඳුරියක දැක පිළිබඳව සිත් ඇතිව මැය බිරිඳ කර ගන්නෙමියි සිතා අසිතාභු දේවිය ගැන නොසලකා කිඳුරියගේ පියවර අනුව ගියේය. ඈ (අසිතාභු) ඔහු කිඳුරිය පසුපස යන බව දැක මොහු මා ගැන නොසලකා කිඳුරිය පසුපස යයි. මොහුගෙන් ඇති ඵලය කුමක්දැයි නොඇලුණු සිත් ඇතිව බෝසතුන් වෙත එළඹ වැඳ තමන්ට කසිණ පරිකර්ම කියවාගෙන කසිණය බලන්නී අභිඤ්ඤාද සමාපත්තිද උපදවාගෙන බෝසතාණන් වහන්සේට වැඳ අවුත් තමන්ගේ පන්සල් දොරටුවෙහි සිටියාය. බඹදත් කුමරාද කිඳුරිය පසුපස ඇවිද ඇය ගියමග ද නොදැක සිඳුණු ආසා ඇතිව පන්සල දෙසට ආවේය. අසිතාභු දේවිය එන්නා වූ ඔහු දැක අහසට පැන නැගී මැණික්වන් (නිල්) අහස් තලයෙහි සිට ආර්ය පුත්‍රයනි! නුඹ නිසා මා විසින් මේ ධ්‍යාන සැපය ලබන ලදීයැයි කියා

“ත්‍වමෙව දානිමකර, යං කාමො බ්‍යගමා තයි; සොයං අප‍්පටිසන්‍ධිකො, ඛරඡින‍්නංව රෙනුක”න‍්ති.

ත්‍වමෙවදානිමකර යං කාමො ව්‍යගමා තයි, සො යං අප්පටිසන්‍ධිකො ඛරා ඡින්නං රොරුකං

යන පළමු ගාථාව කීවාය.

ඔබ යම් ආකාරයක (මා තුළ තිබූ) කාමාශාව පහවීද ඒ ගුණය ඔබම ඇති කළෙහිය. කියතකින් කපන ලද ඇත්දළක් මෙන් (ධ්‍යානයෙන් ඔබන ලද) ඒ මේ ක්ලේශ කාමය නැවත සම්බන්ධ කළ නොහැක්කක් විය.

තත්‍ථ ත්‍වමෙව දානිමකරාති, අය්‍යපුත‍්ත, මං පහාය කින‍්නරිං අනුබන්‍ධන‍්තො ත්‍වඤ‍්ඤෙව ඉදානි ඉදං අකර. යං කාමො බ්‍යගමා තයීති යං මම තයි කාමො විගතො වික‍්ඛම‍්භනප‍්පහානෙන පහීනො, යස‍්ස පහීනත‍්තා අහං ඉමං විසෙසං පත‍්තාති දීපෙති. සොයං අප‍්පටිසන්‍ධිකොති සො පන කාමො ඉදානි අප‍්පටිසන්‍ධිකො ජාතො, න සක‍්කා පටිසන්‍ධිතුං. ඛරඡින‍්නංව රෙනුකන‍්ති ඛරො වුච‍්චති කකචො, රෙනුකං වුච‍්චති හත්‍ථිදන‍්තො. යථා කකචෙන ඡින‍්නො හත්‍ථිදන‍්තො අප‍්පටිසන්‍ධිකො හොති, න පුන පුරිමනයෙන අල‍්ලීයති, එවං පුන මය‍්හං තයා සද‍්ධිං චිත‍්තස‍්ස ඝටනං නාම නත්‍ථීති වත්‍වා තස‍්ස පස‍්සන‍්තස‍්සෙව උප‍්පතිත්‍වා අඤ‍්ඤත්‍ථ අගමාසි.

එහි, ත්‍වමෙවදානිමකර ආර්ය පුත්‍රය, මා හැර ගොස් කිඳුරිය ලුහුබඳින නුඹම දැන් මෙය කළෙහිය. යං කාමො ව්‍යගමාතයි යනු ඔබ ගැන මා තුළ තිබූ යම් කාමාශාවක් වීද එය පහ වූයේය. විෂ්කම්භන ප්‍රහාණයෙන් ප්‍රහීන වූයේ (ධ්‍යාන බලයෙන් පහවූයේ) ය. යම් කාමාශාවක් පහවූ බැවින් මම මේ විශේෂත්වයට පත්වූයෙමියි දක්වයි. සො යං අප්පටිසන්‍ධි කො යනු ඒ කාමය වනාහි දැන් නැවත නූපදින තත්ත්වයට පත්විය. නැවත එක්කරන්නට නොහැකිය. ඛරා ඡින්නංව රෙරුකං යනු කියතට බර යයි කියනු ලැබේ. ඇත්දළට රෙරුක යයි කියනු ලැබේ. යම් සේ කියතෙන් කපන ලද ඇත්දළය නැවත එක්කළ නොහැකි වේ. නැවත පෙර පරිද්දෙන් නොඇලේ. මෙසේ නැවත නුඹ සමග මගේ සිතේ ගැටීමක් නම් නැතැයි කියා ඔහු බලා සිටිද්දීම අහසට නැගී අන්තැනකට ගියාය.

සො තස‍්සා ගතකාලෙ පරිදෙවමානො දුතියං ගාථමාහ –

හෙතෙම ඇය ගියකල්හි වැළපෙමින්,

“අත්‍රිච‍්ඡං අතිලොභෙන , අතිලොභමදෙන ච; එවං හායති අත්‍ථම‍්හා, අහංව අසිතාභුයා”ති.

අත්‍රිච්ඡා අතිලොභෙන අතිලොභමදෙන ච, එවං හායති අත්‍ථම්හා අහංව අසිතාභුයා

යනුවෙන් දෙවන ගාථාව කීවේය.

අත්‍රිච්ඡතාවද අතිලෝභයද අතිලෝභ මදයද යන කරුණු නිසා මා අසිතාභු දේවියගෙන් පිරිහුණාක් මෙන් මෙසේ අර්ථයෙන් පිරිහෙයි.

තත්‍ථ අත්‍රිච‍්ඡං අතිලොභෙනාති අත්‍රිච‍්ඡා වුච‍්චති අත්‍ර අත්‍ර ඉච‍්ඡාසඞ‍්ඛාතා අපරියන‍්තතණ‍්හා, අතිලොභො වුච‍්චති අතික‍්කමිත්‍වා පවත‍්තලොභො. අතිලොභමදෙන චාති පුරිසමදං උප‍්පාදනතො අතිලොභමදො නාම ජායති. ඉදං වුත‍්තං හොති – අත්‍රිච‍්ඡාවසෙන අත්‍රිච‍්ඡමානො පුග‍්ගලො අතිලොභෙන ච අතිලොභමදෙන ච යථා අහං අසිතාභුයා රාජධීතාය පරිහීනො, එවං අත්‍ථා හායතීති.

එහි, අත්‍රිච්ඡා අති ලොභෙනා යනු මේ මේ අයට, මේ මේ දෙයට ඇති කැමැත්ත නමැති ජීවිත තණ්හාවට අත්‍රිච්ඡා යයි කියනු ලැබේ. (සීමාව) ඉක්මවා පවතින ලෝභයට අතිලෝභ යයි කියනු ලැබේ. අතිලොභමදෙනච යනු පුරුෂමදය ඉපදීම් වශයෙන් අතිලෝභ මදය උපන්නේය. අසීමිත ආසාව ඇතිවීම් වශයෙන් අසීමිත ආසාව ඇති පුද්ගලයා අතිලෝභයෙන්ද අතිලෝභ මදයෙන්ද යන මේ අදහස කියන ලදි. අහංව අසිතාභුයා යනු මා අසිතාභු රජදුවගෙන් (රජදුව අහිමිවීමෙන්) පිරිහුනාක් මෙන් මෙසේ අර්ථයෙන් පිරිහෙයි.

ඉති සො ඉමාය ගාථාය පරිදෙවිත්‍වා අරඤ‍්ඤෙ එකකොව වසිත්‍වා පිතු අච‍්චයෙන ගන‍්ත්‍වා රජ‍්ජං ගණ‍්හි.

මෙසේ ඔහු (බ්‍රහ්මදත්ත කුමාරයා) මේ ගාථාව කියා වැලපී කැලයෙහි තනිවට වාසය කොට පියාගේ ඇවෑමෙන් ගොස් රාජ්‍යය බාර ගත්තේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා රාජපුත‍්තො ච රාජධීතා ච ඉමෙ ද‍්වෙ ජනා අහෙසුං, තාපසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල රජපුතුද රජදුවද මේ දෙදෙනා වූහ. තාපසයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

අසිතාභූජාතකවණ‍්ණනා චතුත්‍ථා.