3. විකණ්ණකජාතකවණ්ණනා 233 අට්ඨකථා
3. විකණ්ණකජාතකවණ්ණනා (233)
3. විකිණ්ණක ජාතකය (233)
කාමං යහිං ඉච්ඡසි තෙන ගච්ඡාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං උක්කණ්ඨිතභික්ඛුං ආරබ්භ කථෙසි. සො හි ධම්මසභං ආනීතො “සච්චං කිර, ත්වං භික්ඛු, උක්කණ්ඨිතො”ති සත්ථාරා පුට්ඨො “සච්ච”න්ති වත්වා “කස්මා උක්කණ්ඨිතොසී”ති වුත්තෙ “කාමගුණකාරණා”ති ආහ. අථ නං සත්ථා “කාමගුණා නාමෙතෙ භික්ඛු විකණ්ණකසල්ලසදිසා, සකිං හදයෙ පතිට්ඨං ලභමානා විකණ්ණකං විය විද්ධං සුංසුමාරං මරණමෙව පාපෙන්තී”ති වත්වා අතීතං ආහරි.
කාමං යහිං ඉච්ඡසි තෙන ගච්ඡ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි වැඩවාසය කරන සේක් එක්තරා කලකිරුණු භික්ෂුවක මුල්කරගෙන වදාළ සේක. ඒ භික්ෂුව දම්සභාවට කැඳවන ලදි. ඇත්තද මහණ? ඔබ කලකිරුණෙහිදැයි බුදුරජාණන් වහන්සේ විසින් විමසන ලද ඒ භික්ෂුව ඇත්තයි ස්වාමීනියි කීය. කුමක් නිසා කලකිරුණෙහිදැයි විමසූවිට කාමගුණ නිසායයි කීය. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට මහණ! මේ පස්කම් ගුණ හරියට ඊතලයේ උල හා සමානයි. (ඒ පස්කම් ගුණ) හදවතෙහි පිහිටීමට වරක් අවස්ථාවක් ලබමින් සිරුර තුළට ගිය ඊතලය කිඹුලා මරණයට පත්කරවන්නාක් මෙන් පුද්ගලයා මරණයට පමුණුවතියි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බොධිසත්තො බාරාණසියං ධම්මෙන රජ්ජං කාරෙන්තො එකදිවසං උය්යානං ගන්ත්වා පොක්ඛරණීතීරං සම්පාපුණි. නච්චගීතාසු කුසලා නච්චගීතානි පයොජෙසුං, පොක්ඛරණියං මච්ඡකච්ඡපා ගීතසද්දලොලතාය සන්නිපතිත්වා රඤ්ඤාව සද්ධිං ගච්ඡන්ති. රාජා තාලක්ඛන්ධප්පමාණං මච්ඡඝටං දිස්වා “කිං නු ඛො ඉමෙ මච්ඡා මයා සද්ධිංයෙව චරන්තී”ති අමච්චෙ පුච්ඡි. අමච්චා “එතෙ, දෙව, උපට්ඨහන්තී”ති ආහංසු. රාජා “එතෙ කිර මං උපට්ඨහන්තී”ති තුස්සිත්වා තෙසං නිච්චභත්තං පට්ඨපෙසි. දෙවසිකං තණ්ඩුලම්බණං පාචෙසි. මච්ඡා භත්තවෙලාය එකච්චෙ ආගච්ඡන්ති, එකච්චෙ නාගච්ඡන්ති, භත්තං නස්සති. රඤ්ඤො තමත්ථං ආරොචෙසුං. රාජා “ඉතො පට්ඨාය සත්තවෙලාය භෙරිං පහරිත්වා භෙරිසඤ්ඤාය මච්ඡෙසු සන්නිපතිතෙසු භත්තං දෙථා”ති ආහ. තතො පට්ඨාය භත්තකම්මිකො භෙරිං පහරාපෙත්වා සන්නිපතිතානං මච්ඡානං භත්තං දෙති. තෙපි භෙරිසඤ්ඤාය සන්නිපතිත්වා භුඤ්ජන්ති.
යටගිය දවස අපමහ බෝසතාණන් වහන්සේ බරණැස් නුවර දැහැමින් රජය කරවමින් එක්දිනක් රජ උයනට ගොස් පොකුණු තෙරට පැමිණියේය. නැටුම් ගැයුම් ආදියෙහි දක්ෂ අය නැටුම් ගැයුම් ඉදිරිපත් කළහ. පොකුණෙහි සිටි මාළුවෝ ඉබ්බෝ ගී හඬට ලොල් බැවින් රැස්වී රජු සමගම යති. රජතුමා තල්කඳක් හා සමාන වූ මත්ස්‍ය සමූහයක් දැක මේ මත්ස්‍යයෝ කුමක් නිසා මා සමග හැසිරෙන්නාහුදැයි ඇමතියන්ගෙන් විචාළේය. ඇමතියෝ දේවයන් වහන්ස! ඔවුන් ඔබවහන්සේට උපස්ථාන කරතියි කීවාහුය. රජතුමා මොවුන් උවටැන් කරතියි සතුටුවී මාලුවන්ට දිනපතා නිති බත් පැනවීයි (දිනපතා බත් දෙන ලෙසට නියෝග කළේය.) දිනපතා සහල් අමුණක් පිසයි. බත් වේලාවට ඇතැම් මාලුවෝ එති. සමහරු නොඑති. උයන බත් අපතේ යයි. රජතුමාට ඒ බව දැනුම් දුන්හ. රජතුමා මෙතැන් පටන් බත්දෙන වේලාවට බෙර ගස්වා බෙරහඬට මසුන් රැස්වූ විට බත් දෙවයි කීවේය. එතැන් පටන් බත් සපයන්නා බෙරයක් ගස්වා රැස්වූ මසුන්ට බත් දෙයි. ඔවුහුද බෙර සංඥාවට පොකුණ අසලට රැස්වී අනුභව කරත්.
තෙසු එවං සන්නිපතිත්වා භුඤ්ජන්තෙසු එකො සුංසුමාරො ආගන්ත්වා මච්ඡෙ ඛාදි. භත්තකම්මිකො රඤ්ඤො ආරොචෙසි. රාජා තං සුත්වා “සුංසුමාරං මච්ඡානං ඛාදනකාලෙ විකණ්ණකෙන විජ්ඣිත්වා ගණ්හා”ති ආහ . සො “සාධූ”ති ගන්ත්වා නාවාය ඨත්වා මච්ඡෙ ඛාදිතුං ආගතං සුංසුමාරං විකණ්ණකෙන පහරි, තං තස්ස අන්තොපිට්ඨිං පාවිසි. සො වෙදනාප්පත්තො හුත්වා තං ගහෙත්වාව පලායි. භත්තකම්මිකො තස්ස විද්ධභාවං ඤත්වා තං ආලපන්තො පඨමං ගාථමාහ –
ඔවුන් මෙසේ රැස්වී අනුභව කරන කල්හි එක් කිඹුලෙක් අවුත් මසුන් කෑවේය. බත් සපයන්නා ඒ බව රජතුමාට සැල කළේය. රජතුමා ඒ අසා කිඹුලා මසුන් කන අවස්ථාවෙහිදී ඊතලයකින් විද ගනුවයි කීවේය. ඔහු යහපතැයි කියා ගොස් නැවක සිට මසුන් කෑමට ආවා වූ කිඹුලාට හී උලෙන් පහර දුන්නේය. එය කිඹුලාගේ පිට පසා කරගෙන ගියේය. ඌ වේදනාවට පත්ව ඒ ඊය රැගෙනම පලා ගියේය. බත් පිස දෙන්නා කිඹුලාට විදුණු බව දැන කිඹුලා අමතමින් පළමු ගාථාව කීවේය.
“කාමං යහිං ඉච්ඡසි තෙන ගච්ඡ, විද්ධොසි මම්මම්හි විකණ්ණකෙන; හතොසි භත්තෙන සුවාදිතෙන, ලොලො ච මච්ඡෙ අනුබන්ධමානො”ති.
කාමං යහිං ඉච්ඡසි තෙන ගච්ඡ, විද්දොසි මම්මම්හි විකණ්ණකෙන, හතොසි භත්තෙන සවාදිතෙන, ලොලොච මච්ඡෙ අනුබන්ධ මානො
යන පළමු ගාථාව කීවේය.
ඒකාන්තයෙන් (නුඹ) යම්තැනකට යාමට කැමතිනම් එහි යව. නපුරු තැනට (මර්මස්ථානයට) හීයෙන් විදුනා ලද්දෙහිය. මත්ස්‍යයන් අනුව දුවන්නා වූ ලොල් වූ තෝ බෙර වැයුම් සහිත වූ බත කරණ කොටගෙන නැසුනෙහිය.
තත්ථ කාමන්ති එකංසෙන. යහිං ඉච්ඡසි තෙන ගච්ඡාති යස්මිං ඉච්ඡසි, තස්මිං ගච්ඡ. මම්මම්හීති මම්මට්ඨානෙ. විකණ්ණකෙනාති විකණ්ණකසල්ලෙන. හතොසි භත්තෙන සුවාදිතෙන, ලොලො ච මච්ඡෙ අනුබන්ධමානොති ත්වං භෙරිවාදිතසඤ්ඤාය භත්තෙ දීයමානෙ ලොලො හුත්වා ඛාදනත්ථාය මච්ඡෙ අනුබන්ධමානො තෙන සවාදිතෙන භත්තෙන හතො, ගතට්ඨානෙපි තෙ ජීවිතං නත්ථීති අත්ථො. සො අත්තනො වසනට්ඨානං ගන්ත්වා ජීවිතක්ඛයං පත්තො.
එහි, කාමං යනු ඒකාන්තයෙන්. යහිං ඉච්ඡසි තෙන ගච්ඡ යනු යම් තැනකට කැමතිනම් එතැනට යන්න. මම්ම මහි යනුමර්මස්ථානයෙහි. විකිණ්ණ කෙන යනු ඊතලයේ උලෙන්, හතොසි භත්තෙන සවාදිතෙන ලොලොච මච්ඡෙ අනුබන්ධ මානො යනු නුඹ බෙර වැයීම් සංඥාවෙන් බත් දෙනු ලබද්දී ලොල් වී මසුන් කෑමට ඔවුන් පසුපස ලුහුබඳිමින් ඒ වාදනය සහිත බතෙන් නැසුනෙහිය. ගිය තැනකදී වුවත් තට ජීවිතයක් නැත. කිඹුලා තමන්ගේ වාසස්ථානයට පත්ව මරණයට පත්විය.
සත්ථා ඉමං කාරණං දස්සෙත්වා අභිසම්බුද්ධො හුත්වා දුතියං ගාථමාහ –
බුදුරජාණන් වහන්සේ මේ කරුණ දක්වා අභිසම්බෝධියට පත්ව
“එවම්පි ලොකාමිසං ඔපතන්තො, විහඤ්ඤතී චිත්තවසානුවත්තී; සො හඤ්ඤතී ඤාතිසඛාන මජ්ඣෙ, මච්ඡානුගො සොරිව සුංසුමාරො”ති.
එවම්පි ලොකාමිසං ඔපතන්තො, විහඤ්ඤති චිත්ත වසානුවත්තී, සො හඤ්ඤති ඤාති සඛාන මජ්ඣෙ, මච්ඡානුගො සොරිව සුංසුමාරො
යන දෙවන ගාථාව වදාළ සේක.
“ලෝකාමිස යයි කියන ලද පස්කම් සැපයට අනුව දුවන්නා වූ සිතට වසඟව ක්‍රියාකරන පුද්ගලයා එපරිද්දෙන්ම වැනසේ. ඔහු මසුන් අනුව පසුපස දුවන්නා වූ කිඹුලා මෙන් නෑ මිතුරන් මධ්‍යයෙහි වැනසේ.”
තත්ථ ලොකාමිසන්ති පඤ්ච කාමගුණා. තෙ හි ලොකො ඉට්ඨතො කන්තතො මනාපතො ගණ්හාති, තස්මා “ලොකාමිස”න්ති වුච්චති. ඔපතන්තොති තං ලොකාමිසං අනුපතන්තො කිලෙසවසෙන චිත්තවසානුවත්තී පුග්ගලො විහඤ්ඤති කිලමති, සො හඤ්ඤතීති සො එවරූපො පුග්ගලො ඤාතීනඤ්ච සඛානඤ්ච මජ්ඣෙ සො විකණ්ණකෙන විද්ධො මච්ඡානුගො සුංසුමාරො විය පඤ්ච කාමගුණෙ මනාපාති ගහෙත්වා හඤ්ඤති කිලමති මහාවිනාසං පාපුණාතියෙවාති.
එහි, ලොකාමිසං යනු පස්කම් ගුණයයි. ඒවා ලෝවැසියා මනොඥ ලෙසින්, ප්‍රිය ලෙසින්, මනාප ලෙසින් ගනියි. එහෙයින් ලෝකාමිස යයි කියනු ලැබේ. ඔපතන්තො යනු ඒ ලෝකාමිසය අනුව වැටෙන්නේ කෙලෙස් වශයෙන්. චිත්තාවසානුවත්ති සිතට වසඟව ක්‍රියාකරන පුද්ගලයා, විහඤ්ඤති යනු වෙහෙසෙයි. සොහඤ්ඤති යනු එබඳු වූ පුද්ගලයා නෑයන්ගේද යනාදී වශයෙන් මැදදී සො ඔහු හී උලෙන් විදින ලද්දේ, මච්ඡානුගො සුංසුමාරෝ විය. මසුන් අනුව ගිය කිඹුලා මෙන් පස්කම් සැප මනාපයයි ගෙන, හඤ්ඤති වෙහෙසෙයි. මහත් විනාශයකට පැමිණෙන්නේමය.
එවං සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ උක්කණ්ඨිතභික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි. “තදා සුංසුමාරො දෙවදත්තො, මච්ඡා බුද්ධපරිසා, බාරාණසිරාජා පන අහමෙව අහොසි”න්ති.
මෙසේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර කලකිරුණු භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල බරණැස් රජ මම ම වූවෙමි යි වදාළ සේක.
විකණ්ණකජාතකවණ්ණනා තතියා.