යෙදුමෙන් කියවන්න

2. වීණාථූණජාතකවණ‍්ණනා 232 අට‍්ඨකථා

2. වීණාථූණජාතකවණ‍්ණනා (232)

2. වීණාථූණ ජාතකය (232)

එකචින‍්තිතොයමත්‍ථොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං කුමාරිකං ආරබ‍්භ කථෙසි. සා කිරෙකා සාවත්‍ථියං සෙට‍්ඨිධීතා අත‍්තනො ගෙහෙ උසභරාජස‍්ස සක‍්කාරං කයිරමානං දිස‍්වා ධාතිං පුච‍්ඡි – “අම‍්ම, කො නාමෙස එවං සක‍්කාරං ලභතී”ති. “උසභරාජා නාම, අම‍්මා”ති. පුන සා එකදිවසං පාසාදෙ ඨත්‍වා අන‍්තරවීථිං ඔලොකෙන‍්තී එකං ඛුජ‍්ජං දිස‍්වා චින‍්තෙසි – “ගුන‍්නං අන‍්තරෙ ජෙට‍්ඨකස‍්ස පිට‍්ඨියං කකුධං හොති, මනුස‍්සජෙට‍්ඨකස‍්සපි තෙන භවිතබ‍්බං, අයං මනුස‍්සෙසු පුරිසූසභො භවිස‍්සති, එතස‍්ස මයා පාදපරිචාරිකාය භවිතුං වට‍්ටතී”ති. සා දාසිං පෙසෙත්‍වා “සෙට‍්ඨිධීතා තයා සද‍්ධිං ගන‍්තුකාමා, අසුකට‍්ඨානං කිර ගන‍්ත්‍වා තිට‍්ඨා”ති තස‍්ස ආරොචෙත්‍වා සාරභණ‍්ඩකං ආදාය අඤ‍්ඤාතකවෙසෙන පාසාදා ඔතරිත්‍වා තෙන සද‍්ධිං පලායි. අපරභාගෙ තං කම‍්මං නගරෙ ච භික‍්ඛුසඞ‍්ඝෙ ච පාකටං ජාතං. ධම‍්මසභායං භික‍්ඛූ කථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො, අසුකා කිර සෙට‍්ඨිධීතා ඛුජ‍්ජෙන සද‍්ධිං පලාතා”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ සත්‍ථා “න, භික‍්ඛවෙ, ඉදානෙවෙසා ඛුජ‍්ජං කාමෙති, පුබ‍්බෙපි කාමෙසියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

එකචින්තිතොව අයමත්‍ථො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක්තරා කුමාරිකාවක අරබයා වදාළ සේක. ඈ වනාහි සැවැත්නුවර එක් සිටුදුවක් වූ ඈ තමන්ගේ ගෙදර ගොන් රජෙකුට සත්කාර කරනු දැක කිරිමවගෙන් මෑණියනි, මේ ආකාරයට සත්කාර ලබන මොහු කවරෙක්දැයි විචාළාය. දේවියනි, මේ වෘෂභ රාජයෙකියි කීවාය. නැවත එක්දිනක් ඈ ප්‍රාසාදයෙහි සිට වීදි දෙස බලන්නී එක් කුදු මිනිසෙකු දැක. ගොනුන් අතර ජ්‍යෙෂ්ඨයාගේ පිටෙහි මොල්ලියක් ඇත. මිනිසුන් අතර ජ්‍යෙෂ්ඨයාගේද මොල්ලියක් තිබිය යුතුය. මොහු මිනිසුන් අතර පුරුෂ වෘෂභයෙක් වන්නේය. මා ඔහුගේ බිරිඳ (පාද පරිචාරිකාව) වීමට සුදුසුයයි සිතුවාය. ඈ දාසියක යවා, සිටුදුව නුඹ සමග යනු කැමැත්තීය. අසවල් තැනට ගොස් සිටින්නැයි ඔහුට දන්වා වටිනා බඩු රැගෙන අඳුනාගත නොහැකි ලෙස වෙස් වලාගෙන ප්‍රාසාදයෙන් බැස ඔහු සමග පලා ගියාය. පසුකලෙක ඒ ක්‍රියාව නගරයෙහිද භික්‍ෂූන් අතරෙහිද ප්‍රකට විය. දම්සභාවෙහි භික්‍ෂූන් වහන්සේලා අතර ඇවැත්නි! අසවල් සිටුදුව කුදු මිනිසෙකු සමග පලා ගියාය යනුවෙන් කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වඩමවා මහණෙනි! මෙහි දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! මැය කුදෙකුට කැමැති වූයේ දැන් පමණක් නොවේ. පෙරත් එසේ කැමති වූයේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො එකස‍්මිං නිගමගාමෙ සෙට‍්ඨිකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො ඝරාවාසං වසන‍්තො පුත‍්තධීතාහි වඩ‍්ඪමානො අත‍්තනො පුත‍්තස‍්ස බාරාණසීසෙට‍්ඨිස‍්ස ධීතරං වාරෙත්‍වා දිවසං ඨපෙසි. සෙට‍්ඨිධීතා අත‍්තනො ගෙහෙ උසභස‍්ස සක‍්කාරසම‍්මානං දිස‍්වා “කො නාමෙසො”ති ධාතිං පුච‍්ඡිත්‍වා “උසභො”ති සුත්‍වා අන‍්තරවීථියා ගච‍්ඡන‍්තං එකං ඛුජ‍්ජං දිස‍්වා “අයං පුරිසූසභො භවිස‍්සතී”ති සාරභණ‍්ඩකං ගහෙත්‍වා තෙන සද‍්ධිං පලායි. බොධිසත‍්තොපි ඛො “සෙට‍්ඨිධීතරං ගෙහං ආනෙස‍්සාමී”ති මහන‍්තෙන පරිවාරෙන බාරාණසිං ගච‍්ඡන‍්තො තමෙව මග‍්ගං පටිපජ‍්ජි. තෙ උභොපි සබ‍්බරත‍්තිං මග‍්ගං අගමංසු. අථ ඛුජ‍්ජස‍්ස සබ‍්බරත‍්තිං සීතාසිහතස‍්ස අරුණොදයෙ සරීරෙ වාතො කුප‍්පි, මහන‍්තා වෙදනා වත‍්තන‍්ති. සො මග‍්ගා ඔක‍්කම‍්ම වෙදනාප‍්පත‍්තො හුත්‍වා වීණාදණ‍්ඩකො විය සංකුටිතො නිපජ‍්ජි, සෙට‍්ඨිධීතාපිස‍්ස පාදමූලෙ නිසීදි. බොධිසත‍්තො සෙට‍්ඨිධීතරං ඛුජ‍්ජස‍්ස පාදමූලෙ නිසින‍්නං දිස‍්වා සඤ‍්ජානිත්‍වා උපසඞ‍්කමිත්‍වා සෙට‍්ඨිධීතාය සද‍්ධිං සල‍්ලපන‍්තො පඨමං ගාථමාහ –

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ එක්තරා නියම්ගමෙක සිටුකුලයෙහි ඉපදී වැඩිවියට පත්ව ගෘහවාසයෙහි කටයුතු කරමින් දූපුතුන් සමග වැඩෙමින් තමාගේ පුතු බරණැස් සිටුතුමාගේ දුව ආවාහය පිණිස තෝරාගෙන දවසක් නියම කරගත්තේය. සිටුදුව තමන්ගේ නිවසෙහි ගොනෙකුට කරන සත්කාර සම්මාන දැක මේ කවරෙක්දැයි කිරිමවකගෙන් විචාරා ගොනෙක් යයි අසා වීථියක යන්නා වූ එක් කුදු මිනිසෙකු දැක, මේ තෙමේ ශ්‍රේෂ්ඨ පුරුෂයෙකු වන්නේයයි වටිනා බඩු රැගෙන ඔහු සමග පලා ගියේය. බෝසතාණන් වහන්සේද සිටුදුව ගෙදරට කැඳවා ගෙන එන්නෙමියි මහ පිරිවරින් බරණැස් නුවරට යමින් ඒ මාර්ගයටම පිවිසි සේක. ඒ දෙදෙනා මුළු රැයක්ම මාර්ගයෙහි ගියාහුය. ඉක්බිති අරුණෝදයෙහි මුළු රැයක්ම සීතලෙන් පීඩා විඳින ලද කුදාගේ සිරුරෙහි වාතය කිපුනේය. මහත් වේදනාවක් ඇතිවිය. ඔහු මාර්ගයෙන් අයින් වී වේදනාවෙන් යුක්තව වීණා දණ්ඩක් මෙන් හැකිලී වැතිරුණේය. සිටුදුවද ඔහුගේ දෙපා මුල සිටියාය. බෝසතාණන් වහන්සේ කුදාගේ පාමුල සිටිනු සිටුදුව දැක හැඳිනගෙන ඇය වෙත එළඹ සිටුදුව සමග කථා කරමින්

“එකචින‍්තිතොයමත්‍ථො , බාලො අපරිණායකො; න හි ඛුජ‍්ජෙන වාමෙන, භොති සඞ‍්ගන‍්තුමරහසී”ති.

එකචින්තිතොව අයමත්‍ථො බාලො අපරිනායකො, නහි ඛුජ්ජෙන වාමෙන භොති සංග නතුමරහසි

යන පළමු ගාථාව කීහ.

“මේ කුදා සමග පලාගිය මැනවැයි යන මේ කාරණය හුදකලාව සිතන ලදද? (මේ කුදා නුවණ අඩු බැවින්) බාලය. (ස්වශක්තියෙන් යන්නට අපොහොසත් බැවින්) අපරිනායකය. පින්වතිය, කොර වූ අත් පා ඇති කුදා හා සමාගමයට සුදුසු නොවෙහි.”

තත්‍ථ එකචින‍්තිතොයමත්‍ථොති අම‍්ම, යං ත්‍වං අත්‍ථං චින‍්තෙත්‍වා ඉමිනා ඛුජ‍්ජෙන සද‍්ධිං පලාතා, අයං තයා එකිකාය එව චින‍්තිතො භවිස‍්සති. බාලො අපරිණායකොති අයං ඛුජ‍්ජො බාලො, දුප‍්පඤ‍්ඤභාවෙන මහල‍්ලකොපි බාලොව, අඤ‍්ඤස‍්මිං ගහෙත්‍වා ගච‍්ඡන‍්තෙ අසති ගන‍්තුං අසමත්‍ථතාය අපරිණායකො. න හි ඛුජ‍්ජෙන වාමෙන, භොති සඞ‍්ගන‍්තුමරහසීති ඉමිනා හි ඛුජ‍්ජෙන වාමනත‍්තා වාමෙන භොති ත්‍වං මහාකුලෙ ජාතා අභිරූපා දස‍්සනීයා සඞ‍්ගන‍්තුං සහ ගන‍්තුං නාරහසීති.

එහි, එකචින්තිනතොව අයමත්‍ථො යනු නැගණිය! ඔබ යමක් සිතා මේ කුදා සමග පලාගියාද, තනිවම ඔබ විසින් මේ අදහස සිතන ලද්දේ වන්නේය. බාලො අපරිනායකො යනු මේ කුදා බාලයෙකි. අනුවණ බැවින් මහල්ලෙක් වුවද, බාලයෙක්මය. රැගෙන (ඔසවාගෙන) යන්නා වූ අනිකකු නැතිකල්හි යන්නට අසමත් බැවින් අපරිනායක වූ නහි ඛුජ්ජෙන වාමෙන භොති සංගන්තුමරහසි යනු පින්වතිය, මහා කුලයෙහි උපන් මනා රූ ඇති දැකුම්කලු වූ ඔබ, මිටි බැවින් වාමන වූ මේ කුදා සමග යන්නට නුසුදුසු වෙහිය.

අථස‍්ස තං වචනං සුත්‍වා සෙට‍්ඨිධීතා දුතියං ගාථමාහ –

එවිට ඔහුගේ ඒ වචනය අසා සිටුදුව,

“පුරිසූසභං මඤ‍්ඤමානා, අහං ඛුජ‍්ජමකාමයිං; සොයං සංකුටිතො සෙති, ඡින‍්නතන‍්ති යථා ථුණා”ති.

පුරිසූසභං මඤ්ඤවානා අහං ඛුජ්ජකාවයිං, සොයං සංකුටිතො සෙති ඡින්නතන්ති යථා ථුණ.

යන දෙවන ගාථාව කීවාය.

තස‍්සත්‍ථො – අහං, අය්‍ය, එකං උසභං දිස‍්වා “ගුන‍්නං ජෙට‍්ඨකස‍්ස පිට‍්ඨියං කකුධං හොති, ඉමස‍්සපි තං අත්‍ථි, ඉමිනාපි පුරිසූසභෙන භවිතබ‍්බ”න‍්ති එවමහං ඛුජ‍්ජං පුරිසූසභං මඤ‍්ඤමානා අකාමයිං. සොයං යථා නාම ඡින‍්නතන‍්ති සදොණිකො වීණාදණ‍්ඩකො, එවං සංකුටිතො සෙතීති.

“මහත්මයාණෙනි! මම එක ගොනෙකු දැක ගවයන්ගෙන් වැඩිහිටි ගවයාගේ පිටෙහි මොල්ලියක් ඇත. මේ තැනැත්තාටත් ඒ මොල්ලිය ඇත. මොහු උතුම් පුරුෂයෙකු විය යුතුයයි මෙසේ මම කුදා උතුම් පුරුෂයෙකුයයි සිතමින් (මොහුට) කැමති වූයෙමි. ඒ මොහු සිඳුණු තත් ඇති වීණාවක් මෙන්, වීණා දණ්ඩක් මෙන් මෙසේ වකුටු වී නිදයි.

බොධිසත‍්තො තස‍්සා අඤ‍්ඤාතකවෙසෙන නික‍්ඛන‍්තභාවමෙව ඤත්‍වා තං න‍්හාපෙත්‍වා අලඞ‍්කරිත්‍වා රථං ආරොපෙත්‍වා ගෙහමෙව අගමාසි.

බෝසතාණන් වහන්සේ ඇගේ මෝඩකම නිසාම නික්ම ගිය බව දැන නහවා සරසා රථයට නංවා ගෙදරටම එකතු කරගෙන ගියහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා අයමෙව සෙට‍්ඨිධීතා අහොසි, බාරාණසීසෙට‍්ඨි පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල මැයම සිටුදියණිය වූවාය. බරණැස් සිටුතුමා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

වීණාථූණජාතකවණ‍්ණනා දුතියා.