යෙදුමෙන් කියවන්න

6. බකජාතකවණ‍්ණනා 236 අට‍්ඨකථා

6. බකජාතකවණ‍්ණනා (236)

6. බක ජාතකය (236)

භද‍්දකො වතයං පක‍්ඛීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං කුහකභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. තඤ‍්හි සත්‍ථා ආනෙත්‍වා දස‍්සිතං දිස‍්වා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙස කුහකොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

භද්දකො වනයං පක්ඛී යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක වංචාකාරී කුහක භික්‍ෂුවක අරබයා වදාළ සේක. බුදුරජාණන් වහන්සේ (තමන් වහන්සේ වෙත) පමුණුවා පෙන්වන ලද ඔහු දැක මහණෙනි! දැන් පමණක් නොවේ. මේ භික්‍ෂුව පෙරත් කුහක පුද්ගලයෙක්ම යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො හිමවන‍්තපදෙසෙ එකස‍්මිං සරෙ මච‍්ඡො හුත්‍වා මහාපරිවාරො වසි. අථෙකො බකො “මච‍්ඡෙ ඛාදිස‍්සාමී”ති සරස‍්ස ආසන‍්නට‍්ඨානෙ සීසං පාතෙත්‍වා පක‍්ඛෙ පසාරෙත්‍වා මන්‍දමන්‍දො මච‍්ඡෙ ඔලොකෙන‍්තො අට‍්ඨාසි තෙසං පමාදං ආගමයමානො. තස‍්මිං ඛණෙ බොධිසත‍්තො මච‍්ඡගණපරිවුතො ගොචරං ගණ‍්හන‍්තො තං ඨානං පාපුණි. මච‍්ඡගණො තං බකං පස‍්සිත්‍වා පඨමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බඹදත් රජතුමා රජ කරද්දී අප මහ බෝසතාණන් වහන්සේ හිමාල වන ප්‍රදේශයේ එක් විලක මත්ස්‍යයෙකු වී මහා පිරිවර ඇතිව වාසය කළ සේක. ඉක්බිති එක් කොකෙක් මසුන් කන්නෙමියි විලට ආසන්න තැනක හිස නමාගෙන පියාපත් දෙක විදහාගෙන මද මද වශයෙන් මාලු දෙස බලමින් ඔවුන්ගේ ප්‍රමාදයක් ඇතිවන තෙක් බලා සිටියේය. ඒ අවස්ථාවේදී බෝසතාණන් වහන්සේ මාලු සමූහයා පිරිවරන ලද්දාහු ගොදුරු ගනිමින් ඒ ස්ථානයට පැමිණියහ. මත්ස්‍ය සමූහයා ඒ කොකා දැක

“භද‍්දකො වතයං පක‍්ඛී, දිජො කුමුදසන‍්නිභො; වූපසන‍්තෙහි පක‍්ඛෙහි, මන්‍දමන්‍දොව ඣායතී”ති.

භද්දකො වතයං පක්ඛී ද්විජො කුමද සන්නිභො, වුපසන්තෙහි පක්ඛෙහි මන්‍ද මන්‍දොව ඣායති

යන පළමු ගාථාව කීහ.

හෙළැඹුල් මල් පෙති බඳු පියාපත් ඇති මේ පක්‍ෂියා ඉතා යහපත්ය. සන්සුන් පියාපත් ඇතිව (මසුන් දෙස බලමින්) මදින් මද ඉතා දුබල එකකු මෙන් සිතයි. (භාවනා කරයි.)

තත්‍ථ මන්‍දමන්‍දොව ඣායතීති අබලබලො විය හුත්‍වා කිඤ‍්චි අජානන‍්තො විය එකකොව ඣායතීති.

එහි, මන්‍ද මන්‍දොව ඣායති යනු ඉතා දුබලයෙකු මෙන් වී කිසිවක් නොදත්තෙකු මෙන් තනිවම භාවනා කරයි.

අථ නං බොධිසත‍්තො ඔලොකෙත්‍වා දුතියං ගාථමාහ –

ඉක්බිති බෝසතාණන් වහන්සේ කොකා දෙස බලා,

“නාස‍්ස සීලං විජානාථ, අනඤ‍්ඤාය පසංසථ; අම‍්හෙ දිජො න පාලෙති, තෙන පක‍්ඛී න ඵන්‍දතී”ති.

නාස්ස සීලං විජානාථ අනඤ්ඤාය පසංසථ, අම්හෙ ද්විජො න පාලෙති තෙන පක්ඛී න ඵන්‍දති

යන දෙවන ගාථාව කී සේක.

(තොපි) මොහුගේ සිල්වත් බවක් නොදන්නෙහුය. නොදැන ප්‍රශංසා කරන්නෙහුය. පක්‍ෂියා අප නොරකියි. (අල්ලා ගන්නේ කුමන මාලුවාදැයි සිතන) නිසා පියාපත් නොසොල්වයි.

තත්‍ථ අනඤ‍්ඤායාති අජානිත්‍වා. අම‍්හෙ දිජො න පාලෙතීති එස දිජො අම‍්හෙ න රක‍්ඛති න ගොපායති, “කතරං නු ඛො එතෙසු කබළං කරිස‍්සාමී”ති උපධාරෙති. තෙන පක‍්ඛී න ඵන්‍දතීති තෙනායං සකුණො න ඵන්‍දති න චලතීති. එවං වුත‍්තෙ මච‍්ඡගණො උදකං ඛොභෙත්‍වා බකං පලාපෙසි.

එහි, අනඤ්ඤාය යනු නොදැන, අම්හෙ ද්විජො න පාලෙති යනු මේ පක්‍ෂියා අප නොරකියි. පාලනය නොකරයි. මොවුන් අතුරෙන් කුමන මාලුවෙක් ආහාරයට ගන්නෙම්දැයි විමසා බලයි. තෙන පක්ඛී න ඵන්‍දති යනු ඒ නිසා මේ පක්‍ෂියා නොසෙල්වෙයි. කම්පා නොවෙයි. මෙසේ කී කල්හි මාලු සමූහයා ජලය කළඹා කොකා පලවා හැරියහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා බකො කුහකො භික‍්ඛු අහොසි, මච‍්ඡරාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල කොකා මේ කපටි භික්‍ෂුවයි. මත්ස්‍ය රජතුමා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

බකජාතකවණ‍්ණනා ඡට‍්ඨා.