යෙදුමෙන් කියවන්න

7. සාකෙතජාතකවණ‍්ණනා 237 අට‍්ඨකථා

7. සාකෙතජාතකවණ‍්ණනා (237)

7. සාකේත ජාතකය (237)

කො නු ඛො භගවා හෙතූති ඉදං සත්‍ථා සාකෙතං උපනිස‍්සාය විහරන‍්තො සාකෙතං බ්‍රාහ‍්මණං ආරබ‍්භ කථෙසි. වත්‍ථු පනෙත්‍ථ අතීතම‍්පි පච‍්චුප‍්පන‍්නම‍්පි හෙට‍්ඨා එකකනිපාතෙ (ජා· අට‍්ඨ· 1.1.සාකෙතජාතකවණ‍්ණනා) කථිතමෙව. තථාගතස‍්ස පන විහාරං ගතකාලෙ භික‍්ඛූ “සිනෙහො නාමෙස, භන‍්තෙ, කථං පතිට‍්ඨාතී”ති පුච‍්ඡන‍්තා පඨමං ගාථමාහංසු –

කොනු ඛො භගවා හෙතු යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සාකේත නුවර ඇසුරු කොටගෙන වැඩවාසය කරමින් සාකේත බමුණා මුල් කරගෙන වදාළ සේක. මෙහි අතීත කථාවත්, වර්තමාන කථාවත් යට (මුලින්) ඒකක නිපාතයෙහි සාකේත ජාතකයෙහි කියන ලද්දේමය. ආකාරයමයි. තථාගතයන් වහන්සේ විහාරයට වැඩම කළ අවස්ථාවේදී භික්‍ෂූහු, ස්වාමීනි! මේ ස්නේහය නම් කෙසේ පිහිටන්නේදැයි විචාරමින් පළමු ගාථාව වදාළහ.

“කො නු ඛො භගවා හෙතු, එකච‍්චෙ ඉධ පුග‍්ගලෙ; අතීව හදයං නිබ‍්බාති, චිත‍්තඤ‍්චාපි පසීදතී”ති.

කොනු ඛො භගවා හෙතු එකච්චෙ ඉධ පුග්ගලො, අතීව හදවං නිබ්බාති චිත්තඤ්චාපි පසීදති

යන පළමු ගාථාව කීහ.

“භාග්‍යවතුන් වහන්ස! මෙලොව ඇතැම් පුද්ගලයෙකු දුටු පමණින් හදවත නිවී යයි. සිතද පැහැදේ. මීට හේතු කවරේද?”

තස‍්සත්‍ථො – කො නු ඛො හෙතු, යෙන ඉධෙකච‍්චෙ පුග‍්ගලෙ දිට‍්ඨමත‍්තෙයෙව හදයං අතිවිය නිබ‍්බාති, සුවාසිතස‍්ස සීතස‍්ස උදකස‍්ස ඝටසහස‍්සෙන පරිසිත‍්තං විය සීතලං හොති, එකච‍්චෙ න නිබ‍්බාති. එකච‍්චෙ දිට‍්ඨමත‍්තෙයෙව චිත‍්තං පසීදති, මුදු හොති, පෙමවසෙන අල‍්ලීයති, එකච‍්චෙ න අල‍්ලීයතීති.

එහි අර්ථය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයන් දුටු පමණින්ම හදවත අතිශයින් නිවී යයි. මනාව සුවඳ කවන ලද සීතල ජලය කළ දහසකින් තෙමන ලද්දක් මෙන් සීතල වෙයි. ඇතැමෙකු දැකීමෙන් එසේ නොනිමෙයි. ඇතැමෙකු දුටු පමණින්ම සිත පහදියි. මොළොක් වෙයි. ප්‍රේම වශයෙන් ඇලෙයි. සමහරෙක් දැකීමෙන් නොඇලෙයි. මෙයට හේතු කවරේද?

අථ නෙසං සත්‍ථා පෙමකාරණං දස‍්සෙන‍්තො දුතියං ගාථමාහ –

ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂූන්ට ප්‍රේම කාරණය දක්වමින් දෙවන ගාථාව වදාළ සේක.

“පුබ‍්බෙව සන‍්නිවාසෙන, පච‍්චුප‍්පන‍්නහිතෙන වා; එවං තං ජායතෙ පෙමං, උප‍්පලංව යථොදකෙ”ති.

පුබ්බෙව සන්නිවාසෙන පච්චුප්පන්න හිතෙන වා, එවං තං ජායතෙ පෙමං උප්පලංව යථොදකෙ

යන දෙවන ගාථාව කී සේක.

“පෙර භවයෙහි එක්ව විසීමෙන් හෝ මේ භවයෙහි කළ හිතවත් කමක් නිසා හෝ මෙසේ ඒ ප්‍රේමය හටගනී. (මඩත් දියත් නිසා) දියේ උපුල් හටගන්නාක් මෙනි.”

තස‍්සත්‍ථො – භික‍්ඛවෙ, පෙමං නාමෙතං ද‍්වීහි කාරණෙහි ජායති, පුරිමභවෙ මාතා වා පිතා වා පුත‍්තො වා ධීතා වා භාතා වා භගිනී වා පති වා භරියා වා සහායො වා මිත‍්තො වා හුත්‍වා යො යෙන සද‍්ධිං එකට‍්ඨානෙ වුත්‍ථපුබ‍්බො, තස‍්ස ඉමිනා පුබ‍්බෙව සන‍්නිවාසෙන භවන‍්තරෙපි අනුබන්‍ධන‍්තො සො සිනෙහො න විජහති. ඉමස‍්මිං අත‍්තභාවෙ කතෙන පච‍්චුප‍්පන‍්නහිතෙන වා එවං තං ජායතෙ පෙමං, ඉමෙහි ද‍්වීහි කාරණෙහි පෙමං නාම ජායති. යථා කිං? උප‍්පලංව යථොදකෙති. වා-කාරස‍්ස රස‍්සත‍්තං කතං. සමුච‍්චයත්‍ථෙ චෙස වුත‍්තො, තස‍්මා උප‍්පලඤ‍්ච සෙසං ජලජපුප‍්ඵඤ‍්ච යථා උදකෙ ජායමානං ද‍්වෙ කාරණානි නිස‍්සාය ජායති උදකඤ‍්චෙව කලලඤ‍්ච, තථා එතෙහි ද‍්වීහි කාරණෙහි පෙමං ජායතීති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො.

එහි අර්ථය, මහණෙනි! මේ ප්‍රේමය නම් කරුණු දෙකක් මුල් කරගෙන උපදියි. පෙර ආත්මයේදී මව හෝ පියා හෝ දුව හෝ පුතා හෝ සහෝදරයා හෝ සහෝදරී හෝ ස්වාමියා හෝ බිරිඳ හෝ සහායකයා හෝ මිත්‍රයා හෝ වී යමෙක් යමක් සමග එක්තැනක වසන ලදද ඔහුට වේ. පුබ්බෙව සන්නිවාසෙන වා පෙර භවයෙහි එක්ව විසීමෙන් හෝ භවාන්තරයෙහිද ලුහුබඳිමින් හෙතෙම ස්නේහය (ලෙන්ගතුකම) අත් නොහරියි. මේ ආත්මභාවයේදී කරන දෙයින්, පච්චුප්පන්න හිතෙන වා එවං නං ජායතෙ පෙමං මේ ජීවිතයේදී ඇතිකරගත් හිතවත්කමින් හෝ මෙසේ ඒ ප්‍රේමය උපදී. මේ කරුණු දෙකින් ඒ ප්‍රේමය උපදියි. කෙසේද යත් උප්පලංව යථොදකෙ යනු ‘ව’ කාරයට කෙටි ස්වරය (වා ව වීම) යොදන ලදි. මෙය එක් කිරීමේ අර්ථයෙහි කියන ලදි. ඒ නිසා උපුල්ද ජලයෙහි හටගන්නා සෙසු මල්ද යම්සේ ජලයෙහි හටගන්නේ ජලය මෙන් මඩද යන කරුණු දෙක නිසා හටගනියි. එසේම ඒ කාරණ දෙකින් ප්‍රේමය හටගනියි. මෙසේ මෙහි අර්ථය දතයුතුයි.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා බ්‍රාහ‍්මණො ච බ්‍රාහ‍්මණී ච ඉමෙ ද‍්වෙ ජනා අහෙසුං, පුත‍්තො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව වදාළ සේක. එකල බමුණා සහ බැමිණිය මේ දෙදෙනාම වූහ. පුතා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.

සාකෙතජාතකවණ‍්ණනා සත‍්තමා.